Saturday, December 27, 2014

බලා සිටිමි මග......




බලාපොරොත්තුව
හද මැද්දේ හිඳ කොනිති ගහන විට
මතකය ඔබ ගැන
සීතල රෑ යාමේ
වාවනු නොහැකිව කඳුළු නැගෙන සඳ
බලා සිටිමි මග නෙත් දල්වාගන
වල්මත් හිමි සඳුනි.....
ඔබ රුව ඉඳිකඩ පනින තුරා.....

පෙර එක දවසක
ආදරයෙන් සිඹ ඔබ රස ගැන්වූ
මුදු දෙකොපුල් තල
රතු කල ඔබ සුරතේ සිරවී
පියමැන ඇවිදපු මාවත අභියස
ඔබේ සෙනෙහෙ සුවඳින්.....
පිපුන මල් සුවඳට සිත දුවයයි.....

මදු සුවඳින්
වියකුණු පෙම් සුවඳට ඉව කරනාවිට
අන් බඹරුන් ලොව
සිරවුන පතිනි සිතුම්....
මතකය ඉවකර ජීවත් කෙරුමට 

වෙර දැරුවත් අද
අවසන කොතනද වටහා දෙනුමැන
සලෙළ කිඳුරු සඳුනී....
ඔබ පෙන්වූ මග අතරමන්ව සිටිනා
ඔබේ වෙසඟනයි  මා......



කටුස්සා.....

21 comments:

  1. අම්මේ කසුට්ටාගේ කවියේ බර........................

    නියමෙට පද ගලපලා තියෙනවා... නියම නිර්මාණයක්....

    //සලෙළ කිඳුරු සඳුනී....
    ඔබ පෙන්වූ මග අතරමන්ව සිටිනා
    ඔබේ වෙසඟනයි මා......//

    අාදරය හිමි වීම සහ අහිමිවීම විසින් අැති කරන්නා වූ තත්වයන් ඒකිනෙකට හරි වෙනස්..... සමහර විට හිමිවුණ අාදරය වුණත් අහිමි අාදරයට වඩා සාහසික වෙනවා...........

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල වැස්සට තෙමුනා ගොඩක්.ඒ නිසා කවියත් පෙඟිල බරවෙලා ඇති......
      කට්ට කාගන මහාලොකු බලාපොරොත්තු ගොඩක් තියාගන අයිතිකරගන්න ආදරේ එපාවෙන්නේ,බාල්දුකරන්නේ කොහොමද කියල මට තේරෙන්නෙත් නෑ කුරුට්ටෝ.....සමහර වෙලාවල් වලදී මමත් එහෙම කරල තියනවා....පිස්සු තමයි......
      ජය වේවා......

      Delete
  2. මං කියන්න හිටි ටික කුරුටු කියලා. සභාවෙන් අවරසයි, ඒ යෝජනාව මම ස්ථිර කරනවා. කවිය ලස්සනයි. ඒ වගේම බරයි තමා.

    ReplyDelete
    Replies
    1. මාධවීටත් අපි හිතන ඒකම හිතිලා තියෙන විදිහ බලන්නකෝ...............

      Delete
    2. අඩෝ මදාවි,ඕක හිමින් සැරේ බිමින් තියල ලබන පාර සභාවාර්තාව කියවන කොට ඇවිත් හිටපන්.
      ජය වේවා......

      Delete
  3. අම්මෝ ඒක කියවලා ඔලුවත් මොකක්ද උනා!
    පට්ටම පට්ටයි!

    ReplyDelete
    Replies
    1. පට්ටනම් එච්චරයි......
      ජය වේවා.....

      Delete
  4. කුරැටු නියම විචාරයක් දිලා..
    ඇත්තටම උඔ අතින් ලියවුන නියම නිසදැසක්
    එල ද බ්‍රා
    බෑන්ඩ් එක ගල්

    ReplyDelete
    Replies
    1. දැන් ඉන්නෙත් උඹගෙ ඒරියා එකේ මාකට් ටවුම මැද්දේ බාර් එකක ගල්බෝතල් 3ක් ඉවර කරල ,4වෙනි එකත් එක්ක.මෙහෙ ආවහම කියපන්.සෙට් වෙමු ගල් බෝතල් 2-3ක් එක්ක

      Delete
    2. අනිවා..මම එනකොට උඔට කියන්නම්

      Delete
  5. දෙතුන් පාරක්ම කියෙව්වා.. ඒ වෙන මොකකටවත් නෙවෙයි මේ කවියේ තේරුම වෙනස් විදියකට ගන්න පුළුවන්ද කියල බලන්න කරපු අසාර්ථක වෑයමක්.. බාගෙට කියවනකොටම හිත කීරි ගැහුනා මචන්..

    අපේ පන්තිවල හිටපු ලස්සන සුන්දර සල්ලිකාර පවුලක කෙල්ලෙකුට මේ දේම උනා කුඩ්ඩෙකුට ලවු කරල ඌත් එක්ක පැනල ගිහින්.. අද මුලු ලෝකෙන්ම වගේ වහන් වෙලා ලස්සන පොඩි කොලු පැටියෙකුත් එක්ක තනිකඩ ජීවිතයක් ආයෙම ගෙවනවා.. මට කාලෙකට පස්සෙ අහම්බෙන් හම්බුනාම මටම හිතා ගන්න බැරිඋනා.. මේ කවිය නැවත නැවත කියෙව්වේ ඊට වෙනස් තෙරුමක් හොයාගන්න.. ඒ තරම් අමාරුයි ඒ වගේ අපරාදයක් බලන් ඉන්න..

    ReplyDelete
    Replies
    1. මේකත් එහෙම එකක් නිසා ලියපු එකක් මචෝ.පහුගියකාලේ ගෙදර ගිහින්නේ හිටියේ.එහා ගෙදර හිටියේ මට වඩා අවුරුද්දක් වැඩිමල් කෙල්ලෙක්.අපි දෙන්න තමයි එදා ඉදන් එකට හිටියේ.සෙල්ලම් කලේ.ඒකී බැන්දා දැනට අවුරුදු 3ට කලින්.මමයි බෙස්ට් මන්ට්.ඌත් මාත් එක්ක හෙන ෆිට්.ඌ හෙන කට්ටක් කාල තමයි මේකිත් එක්ක යාළු වුනෙත්.ඒත් මේ පාර ගියහම ඒකි මට වැඩිය මූණ දුන්නේ නෑ.ගෙදරින් කියන විදිහට ඌ හෙන නරුමයෙක්.ඒකිට ගහනවත් එක්කලු.හේතුවකුත් නැතිළු.
      මම රෑ පොතක් කියවන කොට මට ඇහුන ඌ "වේසි" කියල මූට බනිනව.මම හොදටම දන්නව ඒකි එහෙම චරිතයක් නෙමෙයි කියල.ඒකට මුළු ගමම සාක්ශි කියයි.මම දැනගන හිටපු ඌත් එහෙමයි.ඌත් මේකි වෙනුවෙන් ගොඩ කැපකිරීම්කරපු එකෙක්.ඕක ඇහුනු දවසට පහුවදා තමයි මේක ලිවුවේ.ඉස්සර වගේ ඒකිත් එක්ක කතා කරන්න,හේතු අහන්න බෑ දැන්.මම ඒකට බයයි,ඒකත් ඒකිට නරකට හිටියි කියල.ඒත් මෙහෙමයි කියල හිතුන ඒකිගෙ හැගීම් තමා මෙහෙම අකුරු උනේ.සින්හළෙන් කිවුවොත් බොක්කෙන්ම හිතල ලියපු එකම කවිය මගේ.ඒ හැගීම් ගොඩක් ලඟින් තේරුම් ගත්ත එකාත් උඹයි.

      Delete
    2. හේතුව දැනගත්තහම කවියේ ලස්සන වැඩි වුණා.

      Delete
    3. උඔලා දෙන්නාගෙම කතාවල් කියවපුවාම අඡිත් එක්ක එකගයි

      Delete
  6. මචං ලියන්න ඕන මොනවද කියලා හිතාගන්න බෑ...:(
    බැඳලා ඔහොම නොවී තියෙයිද බං සමහර කෙල්ලෝ යාළුවෙලා ඉන්න කාලෙත් විඳවන එකේ...

    ReplyDelete
    Replies
    1. සිරාවට....මමනම් ඒක දකින්නේ හෙන පිස්සුවක් විදිහට.යාළු වෙලා ඉන්න කාලේත් එහෙමනම් මොන මගුලට ඉන්නවද මන්ද එල්ලීගන.
      කුරුට්ටට කියපු විදිහට මගේ අතිනුත් එහෙම වැරදි වේලා තියනවා.පස්සේ තමයි ඒවට විඳවන්නේ....(

      Delete
  7. නියමයි කටුස්සො. මාර ලස්සනට ලියල. වචන සෙට් එකත් පට්ට. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. උබලට කියවන්න පුළුවන් තරමට ලස්සන උනානම් එච්චරයි.....ජය වේවා....

      Delete
  8. හැමදාම වගේ අදත් පට්ටි කටුස්සෝ
    අපූරුයි
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies

    1. අඩෝ...මම පට්ටි කටුස්සෙක් නෙමෙයි....D

      Delete