Friday, November 7, 2014

ගබ්සාව.......





"මට බෑ...මට බෑ...මට බෑ....මට මේක කරන්න බෑමයි..."
"බෑ කියල බෑ...මම ඔයාව දාල ගියාට පස්සේ ඔයා කොහොමද තනියම ළමයෙක් හදන්නේ....?ඒ නිසා ඔයා මේක කරන්නම ඕනෙ"
"එහෙමයි කියල අවුරුදු ගානක් ආදරෙන් හදපු ළමයව මරන්නද ඔයා හදන්නේ?.....එහෙනම් ඔයා නොයා ඉන්න.අපි දෙන්නම මේ ළමයව හදාගමු"
"මට නොයා ඉන්න බෑ.පිස්සු කෙළින්නැතුව ලෑස්ති වෙනව හෙට මාත් එක්ක යන්න.ඕක එච්චර අමාරු දෙයක් නෙමෙයි.වැඩිම වුනොත් සතියක් අමාරුව තියෙයි තමුසෙට.ඊට පස්සෙ ගානක් නැතුව යයි.ඕනෙමනම් තමුසෙට බැරියැයි තව ළමයෙක් හදාගන්න ,වෙන කාට හරි කියල පස්සෙ..."
"දෙවියනේ ඇයි ඔයා තේරුම් ගන්නෙ නැත්තෙ.....මම කොහොමද මේ ළමයව නැතිකරගන්නෙ?මෙච්චර ආසාවෙන් බඩට දා ගත්ත....අනික ඔයා මම ගැන කොහොමද හිතන් ඉන්නෙ....වෙන එකෙක්ට කියල තව ළමයෙක් හදාගන්න.....ඒකටද අපි මෙහෙම ලන්වෙලා හිටියෙ අවුරුදු ගානක් තිස්සෙ....?"
"තමුසෙට පිස්සුද ඕයි....මට පුලුවන්නම් ඇයි තමුසෙට බැරි?වෙන එකෙක්ගෙ ආදරේ තමුසෙට හම්බෙන කොට මේ වුන දේවල් අමතකවෙලා යයි.අනික තමුසෙටත් කවුරු හරි ඉන්න එපැයි".
"මට එපා වෙන කවුරුත්.මට ඕන ඔයාවම විතරයි...ඔයා මට ආදරේ කලේ මේ විදිහට මාව අතරමන් කරල දාන්නද?ඔයාට හිතක් පපුවක් කියල දෙයක් නැද්ද?"
"ඔය කදුළු පිහිද ගන්නව.මෙතන මළ ගෙයක් වෙලා නෑනේ.මට තමුසෙත් එක්ක ඉන්න බෑ.ඒ නිසා මම යනව.මොකද්ද මෙතන තියන ප්‍රශ්නේ?"
"එතකොට මේ ළමය මම විතරක් හදාගත්තු එකෙක්ද?"
"ඕකද ප්‍රශ්නෙ?හෙට ඕකාව නැතිකලාට පස්සෙ තමුසෙගෙ ඒ ප්‍රශ්නෙත් ඉවරයිනෙ"
"ඇයි ඔයා නරුමයෙක් වගේ හැසිරෙන්නෙ?මේ ඔයාගෙ ලෙයින් හැදුන ඔයාගෙත් ළමයෙක්"
ඔයා කට කොනකින් හිනා වෙනව මම කදුළු මැද්දෙන් දැක්ක.
"ඔය බයිල වැඩක් නෑ.හෙට උදේ 10 වෙනකොට ලෑස්ති වෙලා ඉන්නව.මම එනව තමුසෙව අරගන යන්න."
එහෙම කියල ඔයා දොර ඇරගන යන්න ගියා.



"කොහේද මේ...?මේ ගෙයක්නෙ"
"කොහේ උනහම තමුසෙට මොකද?මෙතන ඉදගන ඉන්නව.මම ඇතුලට ගිහින් එන්නම්".
ඉදගන ඉන්න තැන ඔළුවට උඩින් සිවිලින් ෆෑන් එක දඩ...දඩ...ගගා කැරකෙනව.මගේ හිත ඊට වඩා හයියෙන් කැරකෙනව.ඔයාගෙ ලෙයින් හැදුන මගේ පණ පයින් ගගහ දගලනව,හරියට තව ටිකකින් වෙනදේ එයාට තේරිල වගේ.අනේ..අපි දෙන්නට එකට එකතුවෙලා මේ පැටියව හදාගන්න පුළුවන්නම්....
ඔයා තව කවුද ගෑනියෙක් එක්ක කතා කරකර ආව.එයා එතන තිබුන කාමරේට රින්ග ගත්තු නිසා මට එයාගෙ මූණ පෙනුනෙ නෑ.
"යනව අර කාමරේට"
"ඒ මොකටද"
"තමුසෙ හිතුවද සාලෙ මැද්දෙ තියාගන ඔය වැඩ කරනව කියල?පවු නොදී කාමරේට ගිහින් ඇදේ හාන්සි වෙනව."
"අනේ...අඩුමගානෙ ඔයා මගේ ලඟට වෙලා ඉන්න මේ වෙලාවෙදි හරි"
"බබා වෙන්න හදනවද?මට ලඟට වෙලා ඉන්න බෑ.මම කාමරේ ඇතුලෙ ඉන්නව.බය නැතුව වැඩේ කරනව"
කකුල් අද්ද අද්ද මම කාමරේට ගියා.ඉස්සල්ල කාමරේට ආපු ගෑණි හිටියෙ අඬු,කතුරු ලෑස්ති කර කර.මම ආපු සද්දෙට ඒ ගෑණුකෙනා ඔලුව උස්සල බැළුව.
දෙයියනේ...ඔයාගේ අම්ම...
"මේ ඔයාගෙ අම්මනෙ..."පුදුම වුන මම ඔයාගෙන් ඇහුව.
"ඉතින් මොකෝ...එයාට මේ දේවල් හොදට පුරුදුයි.එයා  A/L ගුරුවරයෙක්නෙ මට මතක ඇති කාලෙ ඉදන්.එයාගෙ ඉස්කෝලෙ ගොඩක් ළමයින්ව ඇබෝශන් කරල එයාට ගොඩක් අත්දැකීම් තියනව".
ඔයාගෙ අම්ම රකුසු මූනෙන් මගේ දිහා බලන් හිටියෙ මස් කඩේ ලෙබ්බෙ වගේ.එයා එහෙම බලන් ඉන්න කොට අනිත් දොරෙන් ඇතුලට ආවෙ ඔයාගෙ තාත්තා.
"ඔයාගෙ තාත්තත් මේව කරනවද?ඔයා මට කියල තියෙන්නෙ එයා අම්ම වගේ නෙමෙයි.හරි හොඳයි කියලනෙ"
"හොඳයි තමයි.එයා W.B. ...තිස්ස.අවුරුදු ගානක්ම මාතර සෙන්ට්...කොලීජියේ ප්‍රින්සිපල්.ඒ අවුරුදු ගානට එයා ඔය ඉස්කෝලෙ කී දෙනෙක්ට මේ කරන වැඩේ කරල ඇද්ද?බය නැතුව ඉන්නව.එයා ඇස් පියාගන හරි මේ වැඩේ කරයි.ඒ තරමට experience.
එහෙම කියල ඔයා ඇද ලගින් ගියා.ඔයාගෙ අම්මයි තාත්තයි උල් දත් විලිස්සගන මගේ ඇද දෙපැත්තට ආව.
"හ්ම්..ගලවනව කලිසම...ඒකත් අපිද කරන්න ඕන...කලිසම ගලවන්න බැරි එකා කොහොමද ගෑනියෙක්ට කන්න දෙන්නෙ...?".එහෙම කියන ගමන් අම්ම මගේ කලිසම ගැලෙවුව.
"කකුල් දෙක ඈත් කරනව....දෙවියනේ...."ඔයාගෙ අම්ම එහෙම කියාගන බයෙන් වගේ මගේ පුරුෂ නිමිත්ත දිහා බලන් හිටිය.මමත් හිමින් ඔළුව උස්සල ඒ දිහා බැළුවා.
කෝ....මගේ පුරුෂ නිමිත්ත නෑ...එතන ලොකුම ලොකු කළු කුහරයක්.
"දැන් කොහොමද අපි මේ වැඩේ කරන්නෙ?මම මෙහෙම එකක් දැක්ක පළවෙනිවතාව."ඔයාගෙ අම්ම තාත්තට කිවුව.
'මේ වැඩේ කොච්චර දෙනෙක්ට කරල තිබුනත් මටත් හිතාගන්න බෑ".
ඔයාගෙ තාත්ත.
"ඔතන නෙමෙයි...ඔතන නෙමෙයි...එහෙම කියාගන ඔයා කළබෙලයෙන් ආව.
"ඕකගෙ ළමය ඉන්නෙ ඔතන නෙමෙයි,මෙතන.."ඔයා මගේ පපුවට ඇඟිල්ල තිබ්බ.
"මෙතන...?වෙන්න බෑ...මම මේ දැක්කමයි.."තාත්ත.
"නෑ නෑ මට ෂුවර්...මෙතන කපන්න..."ඔයා කිවුව.
"එහෙනන් මේවයින් බෑ.පොඩ්ඩක් ඉන්න"එහෙම ගිහින් ඔයාගෙ අම්ම කුස්සියට ගිහින් මාලු කපන ලොකු මන්නයක් අරගන ආව.
තාත්ත හිනා වෙවී ඒ මන්නෙ අරගන මගේ පපුව පැළුව.හැම තැනම රතුපාට ලේ ගලාගන ගියා.
"හ්ම්ම්...ඇත්තම තමයි.මේ ඉන්නෙ"ඔයාගෙ තාත්ත මගේ පපුව ඇතුලට අත දාගන කිවුව.
"ඒත් මේකගෙ අඬු පඬු ඇගේ හැමතැනම පැතිරිල.මුලු ඇගම කපන්න වේයි."එහෙම කියල එයා මන්නෙ මගේ ඇග පුරාම අරගන ගියා.මම වේදනාවෙන් කෑගැහුව.
"ඉවසන් ඉන්නව.සතියක් යනකොට කැළලක්වත් ඉතුරු වෙන එකක් නෑ"ඔයා මගේ කන ලඟට ඇවිත් කිවුව.
කෙළවල්ලෙක්ගෙ බඩ බොකු අදිනව වගේ මගේ ඇඟ ඇතුලට අතදාපු තාත්ත ඒ කළලෙ,අපි දෙන්නගෙ ලේ වලින් හැදුන අපේ පැටියව එළියට ඇදල ගත්ත.ඔවු...ඒ නොදරුව තාමත් පණ ගහනව මම හොඳටම දැක්ක.
"ඕක නිකම්ම විසිකරන්න බෑ.අපේ එකාත් ඕකට ගෑවිලනෙ.කවුරුහරි මේක දැනගත්තොත් පාරෙ බැහැල ගිහිනුත් ඉවරයි"අම්ම කිවුව.
"එහෙනම් අපි මේකව බ්ලෙන්ඩර් කරල කොමඩ් එකට දාමු" ඔයාගෙ තාත්ත බැරෑරුම් හඬින් කිවුව.
මම ලේ පෙරාගන නැගිට ගන්නවත් බැරුව ඉද්දි ඔය තුන්දෙනා මගේ ළමයව බ්ලෙන්ඩර් කප් එකට දාල බ්ලෙන්ඩරය වටේ බලාගන හිටිය.
බර්ර්‍......බ්ලෙන්ඩරේ මහ හයියෙන් කෑ ගහන්න පටන් ගත්ත.
අපේ ආදරේ....ඔවු...අවුරුදු 6ක් තිස්සෙ කවල,පොවල පෝශනය කරල  රැකබලාගත්තු අපේ ආදරේ ඔයාලගෙ බ්ලෙන්ඩර් එකඇතුලෙ කීතු කීතු වුනා.ඔය තුන්දෙනා හිනාවෙවී ඒකදිහා බලන් හිටිය.එකපාරටම බ්ලෙන්ඩර් කප් එකේ මූඩිය ගැලවිල කීතු කීතු වුන මගේ ආදරය ඔයාලගෙ මූණු පුරා ඉහිරුනා ;රතු පාටට.ඔය තුන්දෙනා ඔයගොල්ලන්ගෙ මූණු දිහා බලාගන මහ හයියෙන් හිනාවුනා.


 එක පාරටම මම බය වෙලා ඇහැරුනා....අම්මෝ...ඇති යන්තන්.මම දැකලතියෙන්නෙ හීනයක්.මගේ ඇග දාඩියෙන් තෙත් වෙලා.පපුව හයියෙන් ගැහෙනව.මම පපුවට අත තියා ගත්ත.
ඔවු....අපේ අදරේ මැරිල නෑ.තාමත් ඒක මගේ පපුව ඇතුලෙ පනගහනව.මට ඒක දැනෙනව.
මම හයියෙන් හුස්මක් ගත්ත.....





                     කටුස්සා....

25 comments:

  1. ඒ කසුට්ටා......................

    මාර කතාවක්නේ....... හරියට රෝන්ග් ටර්න් ෆිල්ම් එකක් වගේ.. ලියලා තියෙනවා නම් එළස්... රූපක මැවෙනවා.... ෆිල්ම් එකක් බැලුවා වගේ. යකෝ ඒත් මාර හීනයක්නේ....

    ආ තව දෙයක් තියෙනවා උඩ රූපයේ පොඩි අවුලක් තියෙනවා... ඒකෝ කොල්ලාගේ හදවත ගලවලා තියෙන්නේ දකුණු පැත්තෙන්.. ඒත් ඒක තියෙන්නේ වමේ නේද?? ඒත් ඒ රූපය උඹේ කතාවේ හැටියට නම් අවුලක් නැහැ නේද?????

    මොනවා වුණත් නියම කතාවක්...........

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල සීතලට පේන හීනනෙ බන්....
      උඹත් කෙල්ලො ගැන දන්නෙ නෑ වගේනෙ පින්තුරෙ ගැන අහන්නෙ.කෙල්ලො ඔහොම තමයි බන්...කොල්ලෙක්ගෙ හරි පැත්තෙ තියන එක උන් ගලවගන්නෙ වැරදි පැත්තෙන් අත දාලම තමයි....D

      Delete
  2. අඩෝ සුපුරි බන්!! මම හිතුවේ ම මිනීමැරුමක් කියලා!!

    ReplyDelete
    Replies
    1. ඕකත් එක විදිහක මිනිමැරුමක් තමයි....

      Delete
  3. ආදරයක් ඇබෝට් කරන එකත්, කළලයක් ඇබෝට් කරන තරමටම දරුණුයි. උඹ අමුතු ආරකින් මාතෘකාවට බැහැලා.

    ReplyDelete
    Replies
    1. ඔවු අරූ අයියෙ...ඒක ගොඩක් වෙන්නේ අපි නූගත් කියන අය අතින් නෙමෙයි.උගත් කියන සමාජයේ පිළිගත්තු බොහොම අමාරුවෙන් ඒ තත්වෙට ආපු අය අතින්.තමන්ගෙ හීන ළමයින්ගෙන් දකින්නෙ ඒ අය තමයි ගොඩක්.එහෙම උනහම ළමයින්වත් අසරණ කරල ඒ හීන පොඩිකරල දාන එක ඒ අයට මහලොකු දෙයක් නෙමෙයි.

      Delete
  4. ඉස්තරං කටුසු..
    එක පාරක් කියවල. මංඥං ෙවලා අායෙත් කියෙව්වා.. කියන්න දෙයක් නෑ සුපිරි..

    ජ ය වේ වා !!!!

    ReplyDelete
    Replies
    1. එළනම් එළ..අන්න කු.ගෑ.ගී.පොතේ උන් උඹ එනකන් රැකල ඉන්නව.

      Delete
  5. නියමයි කටුස්සා.. මොන ඇබෝර්ට් එකත් නරකයි..

    ReplyDelete
    Replies
    1. ඔවු බන්.ඒත් මේ ඇබෝර්ට් එක ලීගල්ලු....

      Delete
  6. අම්මෝ පිස්සු වගේ යකූ...
    හැබැයි අපූරුවට කතාය නං ලියල තියෙනව... හීනයක් වුණත් හැබෑවක් නං වෙන්න නරකයි ඇෙඉා්ෂන් ඕන මගුලක්ඇත්තමයි මේ

    ReplyDelete
    Replies
    1. නරක උනාට මේ දෙකම ඕනතරම් වෙනව මචන්.සමහරවිට උඹේ අතිනුත්....?

      Delete
  7. කියාගන්න දෙයක් හිතාගන්න බැරුව ගොඩක් වෙලා කල්පනා කලා. ගබ්සාවට ඇඳ උඩට ගත්තට පස්සෙයි වැඩේ තේරුණේ. එතනට එනකල් මේ කතාව මෙච්චර සරලව, කුරිරු විදියට ලිව්වෙ ඇයි කියල හිතුවා. කතාවන්ම් ඉස්තරම්.

    ReplyDelete
    Replies
    1. හැමදාම හම්බෙන ඔය වචන වලට ස්තුතියි මචන්...ඒක ටිකක් දරුණු වැඩියි කියල මටත් හිතුන.

      Delete
  8. මාර කතාවක්නේ කටුස්සෝ..!
    මටත් හිතාගන්න බැරිවුණා ඉස්සෙල්ලා...උඹ වෙනමම පාරක ගිහිං එක සැරේම අනික් පාරට ටර්න් වෙන හැටි නම් සිරා!
    මේ ඒක නෙවෙයි මට තාම කටුස්සෝ ෆලෝ කරන්න තහනම් ලු ඔන්න! :/

    ReplyDelete
    Replies
    1. අම්මෝ...මේ පැත්තට එන්න මතක් වුනාට ටැන්කුලු.කතාව හොඳට ළියවුනාට ටිකක් දරුනු වැඩියි වගේ කියල කටුස්සටත් තේරුනාලු.දැන් කරන්න දෙයක් නෑලු.පබ්ලිස් කරල ඉවරයිලු.
      ෆලොවින් ගැජට්ටුව පිස්සු නටනවලු.ඒ වුනාට පස්සෙන් එන විදිහ මම (කරෝලයගෙ ) මූණු පොතට මැසේජයකින් එවුවලු.ගිහින් බලන්නලු.

      Delete
    2. නෑ නෑ එහෙම දරුණුවක් නම් මට පේන්නේ නෑ..මම දැක්කා පණිවිඩයක් තියෙනවා..හරියට කියවගන්න වෙලාවක් තිබ්බේ නෑ මචං..මම බලන්නම්..:)

      Delete
  9. කියන්න වචන නෑ කසුට්ටො. නියමයි. කරකවල අතෑරිය වගේ දෙතුන් පාරක්ම කියෙව්ව. මුලින් හිතෙන විදියට වඩා වෙනස්ම කතාවක් ලස්සනට ලියලා.

    සුභපැතුම් පොකුරක්ම මගෙන්. ජය!!!

    ReplyDelete
    Replies
    1. ඔය වචන වලින් ලබාදෙන දිරියට ස්තූතියි තනූ.....
      මේක හරියන්නෙ නෑ යකුනෙ.....කටුස්සා කටුසු අධිකරණයෙ නඩුවක් දානව සාපරාධි අයුරින් කටුස්සාගේ නම වෙනස්කිරීමට විරුද්ධව....

      Delete
    2. අනේ අප්පා එහෙම නොකර ඔය සමාවයි කියන එක බාජනේකට දාල දෙන්න බැරුවැයි...
      (දැන් ඉතින් ඕක කසුට්ටගෙ ඉහල බලධාරීන් ලවා වත් වෙනස් කරන්ඩ බෑ ඕං)

      Delete
    3. වැඩක් නෑ තනුවෝ....මේ අලි තාම කටුස්සගෙ හැටි දන්නෙ නෑ....හිටපියකො මම පාඩමක් උගන්නන්න අලි සේරටම.....

      Delete
  10. නියමයි කටුස්සො. මාරයි. මට මේක කියවල ඉවර වේගෙන එද්දී ඇඟත් එක්ක සිතල වේගෙන ආව :D මේක ඉවර කරපු හැටි නම් සුපිරි. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මේක තමයි ඇත්ත සන්ගීතකන්නො..අනිත් ඇබෝර්ට් වලට විරුද්දව කෑගහන්න කට්ටිය හිටියට මේ ඇබෝර්ට් එකට විරුද්ද වෙන්න කවුරුත් නෑ.හිටියත් උන් දෙමාපියන් වුන දවසට උනුත් ඒ දේම කරනව.

      Delete
  11. පණ අදින සිත යදින
    ස්නේහය නොඑන කල
    නොමදමා ලඟ හිටිය
    නොමදැනුණ නුඹෙ සුවඳ
    දනෙනවා ගොඩක් මට
    හිත බරයි ගොඩක් අද......

    ReplyDelete
  12. පණ අදින සිත යදින
    ස්නේහය නොඑන කල
    නොමදමා ලඟ හිටිය
    නොමදැනුණ නුඹෙ සුවඳ
    දනෙනවා ගොඩක් මට
    හිත බරයි ගොඩක් අද......

    ReplyDelete