Wednesday, November 5, 2014

අහින්සකයි.....පුහ්හ්.....



                 



සමුගන්නා විට මාගේ
දෙකකුල් වැද නොඉම්බාට
ලඟින් ඉදන් හිස අතගා
ඔයා මගෙයි නොමිමිණුවට
අයර්න් කරන් එන කොණ්ඩය
කරල් දෙකට නොගෙතුවාට
නුඹේ ආලය දැනෙනව මට
සිත ඇඳි රුව නුඹ නොවුනට....


පායා එන හිරු මා යැයි
කිසිදා ඔබ නොකීවාට
රැ අහසේ සඳ මා යැයි
බටර් පාර නොගෑවාට
දිවියෙ පහන් තරුව ලෙසට
කවදාවත් සම නොකලට
නුඹේ ආලය දැනෙනව මට
මල සවිවුන නටුව සේම....



ඉන මැද්දේ කොටපු පච්චේ
පේන්න කලිසම ඇන්දට
බුරිය විදපු කරාබුවක්
වල මැද්දේ දිලිසුනාට
සිරිස් බිරිස් කියලා මට
කඩ්ඩෙන් ඇන ගන ගියාට
නුඹෙ ආලය දැනෙනව මට
සීගිරි බිතු සිතුම් සේම....


කිස් කරද්දි වට පිට සිටි
සෙනග දිහා නොබැළුවාට
විළුඹ දක්වා දිග ගවුමෙන්
නුඹේ කකුල් නොවැසුනාට
දත් තිස් දෙක පෙන්වා ඔබ
මහ හයියෙන් හිනහුනාට
නුඹෙ ආලය දැනෙනව මට
බොරු සන්වර නැති වුනාට....





                                      කටුස්සා........
                               



25 comments:

  1. මට කියන්නෙ නැති උනාට
    සිතට ආව ඔක්කොම ටික
    කිව්වොත් මට බය හිතෙනව
    ඩබල් එක්ස් වේද මේක
    පච්ච කොටල බුරිය ඇරල
    තිබුනත් මම බලපු දාක
    පැයක සැපක් ගත්ත නෙවෙයි
    ෆුල් සිරාම ලවක් මේක :D

    ReplyDelete
    Replies
    1. උඹ බය නැතුව කියපන්.මේක මේ නින්ද යන්නෙ නැති කමට ඉන්න කොට "කුරුටු ගෑ ගී පවුරෙ" ගිය කවියක දැකපු 'කමෙන්ට් වලියක් මතක්වෙලා ලියපු එකක්. මගේ ලවක් නෙමෙයි.කොලේක ලියන්නෙ නැතුව හිතන ගමන් ටයිප් කරපු පලවෙනි පෝස්ට් එක.
      උඹටත් මට වගේම නින්ද යන්නෙ නැති ලෙඩේ තියනව වගේ නේද?

      Delete
    2. මටත් තියනව ඒක අවුලක්ද

      Delete
    3. පිස්සුද බන්..මොන අවුල්ද?කාලක් ක්‍රියා කරගන ඇස්දෙක වහන් හිටපන් නිදි වගේ

      Delete
    4. යෝග ව්‍යායාම කොරන්න.. නැත්නම් හොඳ හස්ත ප්‍රහාරයක් එල්ල කරලා නිර්වස්ත්‍රයෙන් ඇලවෙන්න..

      Delete
    5. හවස ව්‍යායාම කරල වොෂ් එකක් දාන ගමන් හස්ත ප්‍රහාරයකුත් දියත් කරල කාලකුත් ක්‍රියා කරල තමයි ඉන්නේ.. හෙට පෝයනෙ උදෙන්ම නැගිටින්න ඕනි නෑනෙ කියල හිතෙනකොට නින්ද පලා යනව මචං.. හෙහ් හෙහ්..

      Delete
    6. කසුට්ටා......................

      මොනවා වුණත් අපේ අඩවියේ ලියැවෙන වචනයකින් හරි තවත් කෙනෙක් මොනම හරි දෙයක් ගන්නවා කියන දේ ගැන සතුටක් දැනෙනවා... විශේෂයෙන් ම කසුට්ටා මේ නිර්මාණයට අපිටත් යමක් දෙන්න පුළුවන් වුණා කියන දේ අපිට දැනගන්න ලියුවාට ස්තූතියි... ඔබේ නිහතමානී කමට අපේ ප්‍රණාමය.........

      වැදගත් මේක තමයි මචං... එක නිර්මාණයක් හුදෙකලා වචන ටිකක් නොවී තවත් නිර්මාණයන් වලට උදව්වක් වෙන එකයි වැදගත්..... ස්තූතියි ඒකට සහයවුණාට...........

      Delete
  2. මේ කවිය තුල, පුරුෂාධිපත්‍යයෙන් පිරි ගල් යුගයේ කවියකු සිටී...

    ReplyDelete
    Replies
    1. එහෙම එකෙක්......?අනේ මන්දා......

      Delete
    2. මටනම් පේන්නෙ ඒකෙ විරුද්ධ පැත්ත.

      Delete
  3. මේක කියවනකොට මතක් උනෙත් කුගෑගීපවුරේ මෙව්වා එක...

    අගෙයි ඈ...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. අඩේ විදානයා..........................

      මෙව්වා එක කිව්වේ මොකක්ද???//
      හොද වෙලාවට වෙන කවුරුත් මේ කතාව දකින්න කලින් අපි ආවේ.... නැත්තං ඉතින් මේවා ලෝකයා දකිනවානේ...

      මොකක්ද ඇත්තට ම මෙව්වා එක...

      Delete
    2. මදැයි කොලා.විදානය පළවෙනියට කටුසු හදවතට ආවමද කොහෙද.දැන් ඔක්කොම නවත්තල "මෙවුව" එක මොකද්ද කියල හොයල කියපන්කො.

      Delete
  4. කසුටු....................

    කවිය නම් පට්ටයි..... ඕක තමයි නිර්මාණශීලීත්වය කියන්නේ.. මොකද ඔය විදිහේ ගැහැණු ළමයෙක් පාරේ දැක්කා ම හැමෝම එකපාර නොබලා හොරෙන් බලනවා... ඒ ගමන් ළග ඉන්න කෙනාට කියනවා ‘ලැජ්ජා නැති කම‘ කියලා... හැබැයි එළි පිට නොපෙන්වා සිතින් ඒ රූපය විදිනවා...

    නමුත් ඔබ ඇත්ත කියන එකයි මේ කවියේ විශේෂත්වය... ඔබ හොයන කිසිත් එහි නැතුවට එහි ඇති යමකුත් ඔබ දකිනවා....... නියමයි... සුපිරියි.................

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් දෙකටම මෙතනින් උත්තර දෙන්නම්.ඇත්තම සිද්දියනම් ඒ දැකපු කමෙන්ට් වලියෙන් ,මම කැමති වෙන්න ඕන මේ අයගෙන් මොන චරිතෙටද කියල හිතාගන්න බැරිවුනා.ඒත් ඒ සන්වාදේ හිතේ තිබුන.කල්පනාකරන්න වෙන දෙයක් නැති වෙලාවක ඕක හිතට ආව.පෞද්ගලිකව ඔය කියන ජාතියේ කෙල්ලන්ට කැමති නැති උනත් ඔය අහින්සකයි කියල කියන අය තමන්ගෙ සහකරුවන් රවට්ටන්නෙ නැති අවන්කකම උතුරන කට්ටියක්ම විතරක්ම වෙන්නෙත් නෑනෙ.(අත්දැකීම් සහිතයි....D)ඒක නිසා ඒ වෙස්මූණු කට්ටිය ගැන පිළිකුලකුත් තියෙන්න ඇති හිතේ.අහින්සකයි කියන අයත් ඒ විදිහට වෙනස් වෙනවනම් ;ඔය පොෂ් කියන කට්ටිය ගාව තමන්ට ගැලපෙන ආදරය නැති වෙන්න විදිහක් නෑනේ.බලන විදිහෙයි දකින විදිහෙයි වෙනස විතරමයි. ඕක ගැන හිතන කොටයි ඕක ටයිප් වුනේ.

      වෙන මහලොකු දෙයක් මෙතන නෑ මචන්ල.මෙතන්ට ඇවිත් මේ විදිහට අදහස් දක්වපු එකට ස්තූතියි.

      Delete
    2. /වැදගත් මේක තමයි මචං... එක නිර්මාණයක් හුදෙකලා වචන ටිකක් නොවී තවත් නිර්මාණයන් වලට උදව්වක් වෙන එකයි වැදගත්/
      පොර මානසිකත්වයෙන් නැතුව අවන්කව උඹලගේ හිතින් එන මේ හැඟීමට ගොඩක් ස්තූතියි මචන්ල...

      Delete
  5. සිරාම කතාව මචං....
    කොටට ඇන්දම ඇතුල කෙහොමද කියලා අපි දන්නවා උනාට...ළුැහෙන්ඩ ඇන්දම අපි දන්නේ නෑනේ මුකුත්???

    ReplyDelete
    Replies
    1. ඒවුනාට අපේ සනුහරේ කැමති වහල තියන ඒව ඇරගන පාවිච්චි කරන්නනෙ මචෝ.අනික අපේ සනුහරේ උන් ඇස්වලින් ඇදුම් ගලවන්නත් කැමතියි ගොඩක්.ඒකනෙ අපේ උන් දිගට අදින කෙල්ලන්ට කැමති......D

      Delete
  6. ආතල් කවියක්....වහෙන් ඔරෝ නැහැ.

    //////රැ අහසේ සඳ මා යැයි
    බටර් පාර නොගෑවාට//////////

    ReplyDelete
    Replies
    1. රෙන _කට මොන කැටයන්ද අරූ අයියේ....

      Delete
  7. පට්ට කෑල්ලකගේ දයාබර සෙනෙහස සරල කෙල්ලෙකුගේ සෙනෙහස තරම්ම වෙලා.

    ReplyDelete
  8. මම හිතන විදිහට පට්ට කෑල්ලක් වුනත් අහින්සක කෑල්ලක් වුනත් ඒ ආදරේ හිතට දැනෙනවනම් එතන වෙන දෙයක් නෑ මනෝශ්.වැදගත් වෙන්නෙ ආදරේ විතරයි.

    ReplyDelete
  9. හ්ම්ම් හ්ම්ම්ම්...
    කතාව ඇත්ත..අපේ සමහර මිනිස්සු හිතන් ඉන්නේ කොටට ඇන්ඳොත් ඒ කියන්නේ චරිතේ ගන්න දෙයක් නෑ කියලා..ඒ වුණාට සමහර කෙල්ලෝ ඉන්නවා බුර්කා අස්සේ ඉඳලත් සාටර් වැඩ කරන..ඔය විලාසිතාවෙන් ගෑණු මැනිල්ලට මගේ නම් කිසිම කැමැත්තක් නෑ ඕං!

    ReplyDelete
    Replies
    1. බටහිරින් නැග පෙරඹරින් බැස ගියත් හිරුගේ එළිය අඩුවෙද
      රෑ කුමාරි දවල් පිපුනත් සුවඳ බිඳකුදු ඉන් ගිලිහේවිද
      බොරළු දිලිසී මැණික් අව වී ගියද මැණිකෙහි අගය අඩුවෙද
      ළඳක් මොනයම් රුවක් පෑවත් සිතෙහි ආලය ඉන් කියවේවිද

      Delete
    2. දැන් තමා හරිම උත්තරේ එලිපත්ත පැන්නේ....දුහුනෙකි මං ඔව්වට කියන්න ඔනි උට්ටර එක සැරට එනවා හොරයි..ඉතිං.....මට....මොකටද වැල්වටාරම් දැං තමා නියම වදන් ටික ආවෙ...පැදිලියි...සුන්දරයි..

      Delete