Wednesday, November 26, 2014

කඳුළ, නුඹ......



කඳුළ,
නුඹ පිස්සෙක්ය
ඇගේ නෙතු නුඹ දරා හිඳි කල
මගේ හදවත නුඹට වෙර කල
එළව දැමුවෙමි පා පහර දී
යළිඳු ඇගෙ නෙතු නොරදනා ලෙස......


කඳුළ,
නුඹ වියරුවෙනි
ඇගේ නෙතු මත ඉඩ නොමැති කල
එයට හේතුව සොයාගත් නුඹ
නැවත පැමිනුනි මා වෙතට යළි
මුවා වී ඇගෙ හේමලය පිටුපස.....



කඳුළ,
නුඹ සැනසුමෙනි
තවත් මා ලඟ ඇය නොමැති කල
මගේ තනිකම වටහගත් නුඹ
වහා දෙනෙතට ඔබ පැමිනි සඳ
වෙන්ව යන්නට නොහැකි ලෙස අද
මොන මගුලකටද ඉන්නෙ මගෙ ලඟ
මගේ සැනසුම නුඹ තුරුළුකර......



                                         කටුස්සා.....

19 comments:

  1. හපොයි
    බලං ගියාම ඒකත් මාර කේස් එකක් තමයි...
    අපි මේම කරමුද

    කදුල ඉතිං සමා වෙයන්
    අපි වෙනුවෙමු අද හවහට

    කියල ජොලියෙ ඉම්මු අලේ

    ReplyDelete
    Replies
    1. කඳුල ඉතින් සමාවෙයන්
      අපි වෙන්වෙමු අද හවසට
      ගල් බෝතලෙ මග එනවා
      සෝඩා බයිට් අත දරාන"

      ඔයා හිතුවද අලේ කටුස්සා හොටු පෙරාගන ඉන්නවා කියල....පිස්සු හැදෙයි කිවුවලු.අපි හෙන ජොලියේ ඉන්න ඩයල්

      Delete
  2. කඳුලත් හරියට පාට වෙනස් කරන කටුස්සෙක් වගේ..

    ReplyDelete
  3. පිලේ පහන නිව්වා මං ගොම්මං අඳුරේ
    තනිකම වරෙං ඉදිකඩ පැන මං නිදි පැදුරේ //

    පෑල වියේ හීතල හඳ ඇවිත් මගේ තනි රකින්න
    දොලේ හඞට උණ පඳුරේ වැනියං මට බලා ඉන්න
    කාගෙත් දුකට හූමිටි ලන උලලේනෝ පලා යන්න
    මගේ තනිය ළඟට වරෙං තුරුළු වෙලා නිදාගන්න

    කාටත් එකට උණුහුම දෙන ඉර පිපුණේ ඉරිමාවක
    මගේ සතුට පෑල දොරින් යන්න ගියේ හැන්දෑවක
    බොල් ඉපනැලි පුසුඹ ඉහෙයි පිපී සුසුම් මල් යායක
    හිතේ දුකට දෑස හඬයි...


    කඳුළු හලා ගංගාවක..... :'(

    ගීපද උපුටා ගත්තේ ගී පැදුරෙනි...

    ReplyDelete
    Replies
    1. සමණළිය නෙත ලැගුම් ගෙන වුන්
      නුඹව පලවා හැරිය දා මන්
      උන් හිටිය තැන් අහිමි වීමෙන්....//
      මවෙත වෙර බැඳ පිටව ගිය නුඹ
      කඳුලු බින්දුව.....

      Delete
  4. කඳුලු ලුණු රසයි.

    ReplyDelete
    Replies
    1. අන්න ...රස දන්න තවත් එකෙක්

      Delete
  5. කඳුළු නැති ජීවිත ....සංස්ථා ගල් නැති බාර් වගේ. එහෙමත් නැත්නම් හොඳට ඔතපු නැති සූස්තියක් වගේ. කිසි ගතියක් නැහැ :

    ReplyDelete
  6. හ්ම්ම්....කඳුලු කියන එක තියෙන්නේ ඇහේ ආරක්ශාවටළු.ඒ වුනාට ඕක මගේ ඇහෙන් ලේසියට එලියට එන්නේ නෑ අරූ අයියේ.හිතන විදිහට ඇහේ ලෙඩක්...D
    සූස්තිය ගැන. කොච්චර එතුවත් වැඩක් නෑ.උගුරු 3-4 ට පාරක් පට පට ගාල පිපිරුවේ නැත්නම්.මටනම් ඒකෙන් මහ අමුතුම ජොලියක් එනවා....

    ReplyDelete
  7. ලස්සනයි කටුසු....මම හිතන්නේ මම ආපු පලවෙනි පාර...ඒත් දිගටම එනවා අයෙත් ඔන්න....

    ReplyDelete
    Replies
    1. ආවට ගොඩක් ස්තූතියි මචෝ....මේ තැන උඹල සේරටම දොර ඇරල තියෙන්නේ.ඕන වෙලාවක ඇවිත් පලයන්...

      Delete
  8. කඳුල අමතක කරන්න එපා... එලවන්නත් එපා කටුස්සො...

    ReplyDelete
    Replies
    1. එහෙම කරන්නේ නෑ තනුවො....මේකා හෙන සිරා පොරක්.මතකය කියන එකත් එක්ක එකතු වෙලා මේකා ලස්සනට සෙල්ලම් කරනව හිටපු ගමන්.....

      Delete
    2. ඒ සෙල්ලම වෙලාවකට මුලු ජීවිතේම බලාපොරොත්තු එක මොහොතින් දියකරනව නේද කටුසු..

      Delete
    3. කොච්චර හයියයි කියල හිතුවත් මුන් දෙන්න එකතු වුන වෙලාවට අපිව නටවනව එපා වෙනකන්.එතකොට දිය කරන්න තරම් බලාපොරොත්තු ඉතුරුවෙන්නෙත් නෑ තනුවො..

      Delete
  9. සතුටට දුකට දෙකටම වැටෙන කඳුළු කෙනෙක්ගෙ ජීවිතය ලස්සන කරන්නත් පුළුවන් එපා කරවන්නත් පුළුවන්.

    ReplyDelete
    Replies
    1. කඳුලු වලත් මහ අමුතුම ගතියක් තියනවා....

      Delete
  10. කඳුළු කියන්නේ තෑග්ගක්...හිතේ තියෙන දුක් කඳුළු වල දිය කරලා දාපන් බන්....ආයේ ඉතින් තියන් ඉන්නේ මක්කටැයි...!

    ReplyDelete