දත් තිස්දෙක හිමින්සැරේ නොතේරෙන්න ගැලෙවුවාට
හෙන ගහපන් උඹ යන එන හැමතැනදිම උඹෙ ඔළුවට
සැළුන් එකට ගිහින් උලන ක්‍රීම් ජාති විසවී තොට
කොස්ගෙඩි මෙන් ගෙඩි දාපන් උඹේ මූණේ හැමතැනකම
උඹට හොඳක්වෙන්න එපා..... උඹට නින්ද යන්න එපා.....
කිසි දවසක කිසි කොල්ලෙක් උබව පතන්නෙපා......
ඇස්කරකන් කොල්ලන්වෙත මෝල් බැල්ම දානකොටම
කෙල ගහපන් උඹේ මූණට හැම එකාම එක විදිහට
කෙල්ලන්ගෙන් දත් ගලවන කොල්ලෙකු ලඟ වී කෑල්ල
හම්බකරන හැම සතයම නැතිවී පලයන් නුඹහට
උඹට හොඳක්වෙන්න එපා..... උඹට නින්ද යන්න එපා.....
කිසි දවසක කිසි කොල්ලෙක් උබව පතන්නෙපා.....
උඹේ නමින් ගලපු කඳුළු මගේ ඇසින් කොට්ටෙ උඩට
සුනාමියක් වී ඇවිදින් ගහගන පලයන් නුඹ හෙට
මගෙ අත අල්ලන් ඇවිදපු පාරදිගේ වැතිරීහිඳ
අත දික්කරගන හිටපන් හිගාකන්න රුපියල දෙක
උඹට හොඳක්වෙන්න එපා..... උඹට නින්ද යන්න එපා.....
කිසි දවසක කිසි කොල්ලෙක් උබව පතන්නෙපා.....
මේක කියවලා "මුගේ අම්මට....."කියලා කියන්න කලින් යට ටිකත් කියවපියෝ.......
පහුගිය දවසක හදිස්සියේ මොණරාගල යන්නවුනා බස් එකේ.ඉස්සරහ සීට් එකට තදවුන දණහිසත් එක්ක එහෙට මෙහෙට ඇඹරි ඇඹරි පැය 7-8ක් තිස්සේ සැපට ගිය ගමනට කන්සැපක් දෙන්න ඩ්‍රයිවර් අයියයි කොන්දොස්තර අයියයි පොඩ්ඩක්වත් ලෝභවුනේ නෑ.ටෙක්නිකල් හන්දියට යන්නත් කලින්ම "ඔබට සතුටුයිද දැන්" කියලා පටන්ගත්තු කන්සැප ; හුළංදාවෙන් බහිනකොට සතුට වැඩිකමට දෝරේ ගිහින්.එහෙන් මෙහෙන් අසන්නට ප්‍රියකරන සිංදුවක් දෙකක් ඇහුන්නැත්තෙමත් නෑ.ඒත් ඒවත් "ඩිශුම් බිශුම්" සංගීතෙත් එක්ක.ඇහිච්ච සිංදුවලින් 99% ම හොටු පෙරාගන කබ කඩාගන බිජ්ජ හපාගන කියපු ලතෝනි.ගෙදරදිවත් ,වැඩකරන තැනදිවත් වැරදිලාවත් අහලනැති සිංදු ගොඩක් මේ ගමනට පිංසිද්දවෙන්න අහන්න ලැබුනා.ඒවා ලියන,කියන කොල්ලොනේ කොල්ලෝ.ගෑණු ළමයෙක්ට ඒවගේ කොල්ලෙක් කසාද බැඳගන්න බැරිනම් දරුකමට හරි හදාගන්න යුතුකමක් තියනවා."උඹ එනකම් මම ජීවිතකාලෙම තනියෙන් බලාගන ඉන්නවා" ,"එකෙක් එක්ක බැරිනම් 10ක් එක්ක හරි ගිහින් වරෙන්.එතකන් මම තනියෙන් ඉන්නවා" , "අනේ ඉක්මනට එන්නකෝ.මට හරි තනියි.සීතලයි ", "උඹ මට වැරදි කලාට මම රහසින්වත් උඹට වැරද්දක් කරන්නේ නෑ" , "ඔයා ආපහු එනකම් මම ස්වයංවින්දනේවත් කරන්නේ නෑ" වගේ ඒවා හිතන පතන කියන කොල්ලෙක්ව බැඳගන්න තියනවනම් කෙල්ලෙක්ගේ මොනතරම් පිණක්ද?.
ඔය අතරේ හිතුන දේ තමයි ඔයවගේ සත්ගුණවත් අනේ මට ඇරලම පලයන් කියලා අඬන කොල්ලෝ මැද්දේ තමන්ව රවට්ටලා දත ගලවලා ගියපු කෙල්ලට "තොට හෙන ගහපන්" කියලා ප්‍රාර්ථනා කරන එකම කොල්ලෙක්වත් නැද්ද කියන එක.අඩුමගානේ එහෙම එකෙක් හරි නැතිවෙන්න විදිහක්නෑනේ.මොකද ඔය ප්‍රභුද්ධයි කියන ඈයොත් දාලාගිය එකීට කිරි උතුරපන් කියලා සිංදු කියල තිබ්බට "අනේ උඹට කෙළවියන්" කියලා සිංදුවක් කියල තියන එකක්'යැයි. අන්න ඒ ඉන්න කොල්ලා හදිස්සියෙන් හරි සංගීතයක් බලන්න ගියොත් ඌ පවුනේ.උගේ චොයිස් එකට එක සිංදුවක්වත් නෑනේ ඒවගේ.ඒ නිසා ඒ කොල්ලා ගැන ඇතිවුන අනුකම්පාවට ඩිශුම් බිශුම් සංගීතෙට ගැලපෙන්න ලියපු අහිංසක උත්සාහයක් විතරයි මේක.මේක කියවන කාන්තා පාර්ශවේ මේක ගැන විස්සෝප වෙන්න දෙයක් නෑ.ඕකේ පද ටිකක් එහෙ මෙහෙ කරලා පිළිතුරු ගීයක් කියන්න බැරිකමකුත් නෑනේ ඉතින්..
කටුස්සා....




