Tuesday, December 2, 2014

වස්සාන සිහිනය...




සීතල.....අම්මෝ....පහුගිය මාස ටිකේ ඔළුවේ ඉරි ඇදෙන්න පායපු අනුරාධපුරේමද මේ...,,?නුවර එළිය පරාදයි කිවුවළු.
දැන්ම නැගිටින්න බෑ...අද ඉරිද....අද නිවාඩු....නිවාඩු දවසේ කවුද වේලස්සන නැගිටින්නේ...?
පොරවගත්ත රෙද්ද ආපහු බෙල්ල ගාවටම...මොකද්ද දැකදැක හිටපු හීනේ...?ෂික්....මතක නෑනේ...හ්ම්ම්...කමක් නෑ...ආපහු වෙන එකක් බලමු."දාන්න මල්ලීවෙන DVD එකක්...හීන පිරිච්ච එකක්.."
"දාන්නද හොරර් එකක්...?"
"මොකක්...?හොරර් එකක්?එපා...එපා..ඕක බැලුවොත් දවසම අන්දමන් දූපතෙන් ආවා වගේ තියෙයි."
"එහෙනම් ඇක්ශන් එකක්...?"
"පිස්සුද මිනිහෝ....මේ වැස්සේ ගහ ගන්න මට බෑ...කෝ මෙතන වෙනද වැඩකරපු එකා..?මිනිහනම් දන්නව මට ඕන හීන.අහ අහ ඉන්නේ නෑ.ඒකම තෝරල දානවා සුපිරි ඒවා.කොහේද ගියේ මේකා...?"
"මිනිහ විශ්මලන්තෙට ගියා සර්...."
"විශ්මලන්තේ...ඒක කොහේද තියෙන්නේ...?"
"අර ඇලිස් එහෙම ගියේ...අන්න ඒකට."
"ඒ මොන මගුලකටද?"
"අර ලොකු හාවව අරන් එන්න.හවසට පොඩ්ඩක් සෙට් වෙන්න".
"ඒමොකටද ඌව..?අප්පට සිරි...තොපි ඌව බයිට් එකට ගන්නද යන්නේ...?"
"නෑ...නෑ...ඌ සිරා බුවා...අරක්කු ටිකක් කටේ ගා ගත්ත ගමන් ඌ සිරා කතා කියවන්න ගන්නව.බොන්න සෙට් වෙන්න සිරා මිනිහ.බයිට් එකට උදුපියලිය කකා මුළු දවසම උනත් කියවයි..."
"බයිට් එකට උදුපියලිය....?මෙලෝ රහක් නෑනේ මල්ලී...මේ දවස් වල තියෙන්න එපැයි සෙක්සි පෝර්ක් වගේ එකක් බයිට් එකට....හරි හරි...දැන් දාපන්කො නියම හීනයක්...පොඩි ආතල් එකක් ගන්න.මේ දවස් වල වැඩ කරල හෙන මහන්සියි...".
"මූ මේක කොහොම කැටගරයිස් කරල තියනවද කියල තේරෙන්නේ නෑ සර්....සර්ට දෙන්නද මේ දවස් වල ගොඩක් හිට් හීන සෙට් එකෙන් එකක්....මේ දවස් වල ගොඩක්ම මාර්කට් මේ ජාතියේ ඒවා තමයි..."
"දාන්න ඉස්සල්ල බැරිද පොඩි ටේලර් එකක් බලන්න.හරි නැත්නම් වෙන එකක් දාගන්න පුළුවන්නේ...."
"හරි සර්...මම දාල දෙන්නම්...."
=======================================================================
මහින්ද ප්ලේන් එකෙන් බහින්නයි යන්නේ....                        
කට්ටිය වටවෙලා...කැමරා...ලයිට්...රෙකෝඩර්...ස්ටෑන්ඩ්බයි....වටේ ඉන්න හැමෝම තමන්ගේ යට ඇදුම් ගලවල වනනව දාගන.මල්මල් ඒවා,බෝල බෝල ඒවා,ඉරි ඉරි ඒවා,හිල් පිරුණ ඒවා,රතු ඒවා,නිල් ඒවා,රෝස ඒවා,බොක්ස් ඒවා,පටි ඒවා,ජී ස්ට්‍රින්ග් ඒවා,බිකිණි ඒවා හතර වටේම ලෙල දෙනවා.මහින්ද ප්ලේන් එකෙන් බහිනවා.කට්ටියම කැමරා බිමට අල්ලනවා,ගියපාර පුරුද්දට පොළව ඉබියි කියල.ඒත් මෑන්ස් කිසි කල්පනාවක් නැතුව ත්‍රයිලෝක විජය පත්‍ර සුවඳ බලල වගේ එනවා,උඩ බලාගන.ඔන්න එතකොට අස්සක ඉඳන් සුදු සරමයි නැශනල් එකයි ගහගන පොරක් එනවා අනිත් එවුන්ව තල්ලු කරගන.හුටා..........my3.මේ යකා සූසයිඩ් කරගන්න එනවද?මෙන්න මේකා මහින්දව බදා ගන්නවා....මූ ආපහු සන්ධානෙට ඇවිත්.මහින්ද මූව බදාගන ලිප්කිස් එකක් දෙනවා.my3 එහාට මෙහාට ඇඹරෙනවා.මම හිතන්නේ රැවුල ඇනිලද කොහේද.කැමරා කාරයෝ එහාට මෙහාට පැන පැන පොටෝ ගන්නවා.ලයිට් අල්ලන එවුන් ප්ලේන් එකේ තට්ටේ නැගගන ලයිට් අල්ලනවා.මුන් දෙන්නා මෙතනම හනිමූන් යයි වගේ.....
වටවෙලා ඉන්න සෙනගගේ කකුල් අස්සෙන් රින්ඟල කොට පොරක් එනවා මහින්ද ගාවට.ඩලස්.ඌ උඩ පැන පැන මහින්දට මොනවද කියනවා.හුටා...බැසිළුයි නාමලුයි පක්ශේ අතැරලා ගිහින්ළු.මහින්ද my3ව තල්ලු කරල දානවා.මිනිහට කේන්ති ගිහින්.කකුළ උස්සල ඩලස්ට පයින්  ගහන්න යන කොටම මිනිහව ඇදගන වැටෙනවා,කොන්ඳ බිම ඇනෙන්නම."මුගේ අම්මට හුරුල්ලෝ කවන්න ........"කියලා ජනාධිපති වරුන්න්ට ආවේනික වචන ටිකක් කටින් පිට වෙනවා.වටේ ඉන්න එවුන් අතර ඉන්න කන්ණාඩි දාගත්තු රැවුලෙක් ඉස්සරහට එනවා.මිනිහගේ කට කනේ.ඇවිත් මහින්දට නැගිටින්න අත දෙනවා.දෙන ගමන් "අපි රජයේ සේවකයෝ...අපි ආණ්ඩුව ආරක්ශා කරන්නේ නෑ.ඒත් රජය ආරක්ශා කරනවා...."කියලා මහින්දව උස්සනවා,හිනා වෙවීම.
එතකොට කැමරා ඈන්ගල් එක වෙනස් වෙලා ලඟ තිබුන ලොකු ගේකට ෆෝකස් වෙනවා.තට්ටු 10ක ගෙයක්.ඒ ගෙදර රූෆ් ටොප් එකේ ජාතික ඇදුම ඇදගත්තු ,කොණ්ඩේ ජෙල් ගාල පීරන් ඉන්න ඩයල් එකක් කැමරා ෆෝන් එකකින් හතර වටේ රෙකෝඩ් කරනවා.එතුමගේ බිරිය ඇත් ගමනින් එතනට එනවා,බිකිණියක් ඇදගන.
"බලන්න විමල්....මම නිසානේ ඔයාට මේ ගේයි කෝටි 60 හම්බුනේ...මම නැත්තම් ඔයාට කොහෙන්ද මේවා..."
"මගේ කටයි,විජාතික කුමණ්ත්‍රන කියන වචනෙයි නැත්තම් හම්බවෙයි ලබ්බක්.....ඒවා නැත්තම් ඔයාට වෙන්නේ අර පෝස්ට් ඔෆිස් එකේ දිව එළියට දාගන ඉන්න තමයි,මුද්දර අලවන්න."
"ඒක නෙමෙයි විමල්...යමුකෝ පල්ලෙහාට...පූල් එකේ නාමුකෝ.මේ ස්විමින් ට්‍රන්ක් එක ඇද ගන යමු පල්ලෙහාට..."
"මොකටද පල්ලෙහාට යන්නේ....මෙතන ඉදන් පනිමු පූල් එකට.මම පැනපු පැනිලි වල හැටියට මේකත් වැඩක්ද?"
"එහෙනම් මේක ඇදගන්නකෝ"
"මොන ස්විමින් ට්‍රන්ක්ද ශශී මට....පක්ශේ මාරුකරපු දා ඉදන් මම හෙළුවෙන්නේ හිටියේ" කියපු මේකා සරම ගලවල දාලා තට්ටු 10 උඩ ඉදන් පැන්නා පූල් එකට.
"දඩස්...."
මලා....පූල් එකේ වතුර නෑ....
කැමරා ඈන්ගල් එක ආපහු වෙනස් වුනා.නානසාරයි හකීමුයි කරට අත දාගන විස්කි ගහනවා.චයිනීස්,රශියන්,මොන්ගෝලියන් කෑළි 10-15 ක් දෙන්නා වටේ ඉදගන සෙල්ලම් පෙන්නනවා.එකෙක් නානසාරගේ තුන්පොට ගලවනවා.අනිකා හකීම්ගේ රැවුල අතගානවා.තව එකියෙක් නානෙට මිදි කවනවා.වැඩ ගොඩයි.ඔන්න එතකොට වේටර් මල්ලි බිරියානි පිගානක් ගේනවා.
"මල්ලී....මේ කුකුළා හලාල්ද..."නානේ අහනවා.
"උඹට කියන්න හකීමා...හලාල්නෙමෙයිනම් මම කටේ තියන්නෙ නෑ..."නානේ හකීම්ට කියනවා
කැමරා ඈන්ගල් ආපහු වෙනස් වුනා.
හුටා....රාවණා බලේ තිස්ස TNA එකේ සම්බන්ධන් එක්ක තෝසේකනවා.

තිස්ස උළුඳු වඩේ එකක හිලට ඇඟිල්ල ගහගන සම්බන්ධන්ගෙන් හිල හදන හැටි ගැන අහන්වා.සම්බන්ධන් මෑන්ස්ට හිල හදන හැටි උගන්නනවා.දැකල පුරුදු පොරක් ඇවිත් මුන් දෙන්නගේ කෙසල් කොළ වලට සාම්බාරු බෙදාගන බෙදාගන යනවා.ගෝඨා....තිස්සට සාම්බාරු බෙදන ගමන් කනට ලන්වෙන ගෝඨා කියනවා "කොළේ ඉරානොගෙන ෂේප් එකේ කාපන්" කියලා.
මෙන්න කැමරාව අල්ලනවා උසාවියකට.ඩිවෝස් කේස් එකක්.බලද්දි රනිල්ගෙයි,රනිල්ගේ ඇත්ත මෛත්‍රිගෙයි.ජජ් පුටුවේ N සිල්වා.බුවා තීන්දුව දෙනවා.රනිල්ට දික්කසාදේ හම්බෙනවා.මිනිහට ලොකු හිනාවක් යනවා,කළු කෝපි බීපු දවසෙ වගේම.රනිල් Nසිල්වාට ඇහක් ගහගන උසාවියෙන් එළියට යනවා.උසාවියෙන් එළියේ හිටපු චන්ද්‍රිකා ඇවිත් රනිල්ව බදාගන්නවා.දෙන්නත් එක්ක අත් අල්ලන් සින්දුවක් කියාගන යනවා ,විවාහ රෙජිස්ට්‍රාර් කෙනෙක් හොයාගන.ජජ් පුටුවෙන් නැගිටපු Nසිල්වා කෑල්ලක් එක්ක කාර් එකේ නැගල යනවා දියවන්නාව පැත්තට.ඊට පස්සේ වෙන දේ බලන්න මාත් කට ඇරගන බලන් ඉන්නවා.කොහේද...ඒ සීන් එක ඉවරයි.දැන් වෙන එකක්.
දෑකැත්තයි,මිටියයි,කුළු ගෙඩියකුයි අතේ තියාගත්තු වයසක මෑන්ස්ලා තුන්දෙනෙක් කොටා පාරේ ඉදන් ඩාර්ලි රෝඩ් එකට පයින් යනවා,හෙළුවෙන්.තුන්දෙනාගේම යට පාර්ට්ස් පැහැදිලි නෑ.බෝල්ස් වලටම ඇළිල,රැළි වැටිලා.හැබැයි මිනිස්සු කවුරුත් මුන් තුන්දෙනාව ගනන් ගන්නෙවත් නෑ.නොදැක්ක වගේ යනවා.මුන් තුන්දෙනත් එහෙමයි.පවු අප්පා.ට්‍රැෆික් හිටපු පොලිස් මාමා බලාගන ඉන්නව හෙන දුකින්.
"ඇයි මෙහෙම නිරුවතින් පාරේ යන්න දෙන්නේ?දෙනෝ දාහක් යන එන පාරක්නේ?"
"මොනවා කරන්නද මල්ලී....තුන්දෙනාටම දැන් වයස නිසාම ටිකක් නුහුගුනේවගේ...අනිකඔහොම කියව කියව ගියාට කාටවත් කරදරයක්නැති අහින්සකයෝ...ඔය ඇලිල තියන ඒවා කෙලින් කරන්න රත්නපුරේ පවිත්‍රාව ගෙනාවත් බෑ.ඒ නිසා මැස්සෙකුටවත් අතවරයක් වෙන්නේ නෑ කියල අපිට ෂුවර්....."
උන් තුන්දෙනා පයින් යන්න ගියා,කා දිහාවත් බලන්නේ නැතුව.
තවත් එවුන් තුන්දෙනෙක් හොටු පෙරාගන අඩනවා.කැමරාව මූණු තුන ලන්කලා.බදුල්ලේ සිරා,රෝදේ දිනේශ් එක්ක කඩුවෙල සුසිල්.
"අපිමොනවද මචෝ කරන්නේ?"
"මොනව කරන්නද කියල හිතා ගන්න බෑ බන්"
"තොට මේ පාරවත් අගමැතිකම හම්බ වෙයිද?"
"මේ පාර හම්බ වුනේ නැත්තම් වහ කන්නයි වෙන්නේ....සෙකට්‍රි එක්ක ඉදන් ගෑණිට අහුවුනාට වඩා හපන්...බදුල්ල පැත්තේ පස් පාගල ඉවරයි...."
"දැන් එහාට හිම වැටෙන නිසා සීතලයි කියල උඹට ශේප් වෙන්න පුළුවන් එහාට නොයා".
"ඌට එහෙම හරිකරන්න පුළුවන්.මම කල්පනා කරන්නේ මම කොස්ගම පහුකරන් යන්නේ කොහොමද කියල"
"ඒමොකෝ...?"
"නෑ බන්...එහෙන් යනකොට අර හම්බෙන සොහොන් කොත්වල ඉන්න සීයල,මාමලා,බාප්පල වලෙන් නැගිටල මට ගහයි කියල බයයි බන්..."
උන් තුන්දෙනාට හොටු පෙරන්න දීලා කැමරාව වෙනස්වුනා.

පාර්ලිමේන්තුව මැද්දේ හෙන ලිපක් බැදලා,ඒක ඇවිලෙනවා ඕසෙට.ලිප උඩ හෙන බැරල් එකක්,කට සීල් කරල බටයක් එළියට දාලා.ඒක වටේට හෙන සෙට් එකක් එක එක විදි වලට ඉදගන බැරල් එක දිහා බලාගන ඉන්නවා.හිටපු ගමන් එක එක උපදෙස් දෙනවා.
"කට වහන් හිටපන් බන්....මේක පුරුදු වෙන්න කරන දෙයක්ද....මෙතන ඉන්න එවුන්ගෙන් බාගයක්ම මේක තමයි කලේ මෙතන්ට එන්න කලින්...."
කළුතර පැත්තේ එකෙක් රත්තරන් දතක් එළියේ දාගන කියනවා.හොරණ පැත්තේ ජොලි සීයා බයිට් හදනවා.උගේ ගානේ බයිට් එකට හරක්මස්...ගාත් පිටින්....
"බලන්න හසන්ත....පක්ශ විපක්ශ ඔක්කොම එකතු වෙලා මේ වැඩේ කරන කොට කොච්චර ලස්සනද....කොච්චර ආඩම්බරද....මේක තමයි වෙන්න ඕන.....අනික මේ හදන දේ වුනත් අපේම දෙයක්නේ.....සියරට දේ සිරි සැප දේ කිවුවළු...."
සූරි මාමා වීදුරුවක් අතේ තියාගන කියවනවා.....
මාලනී,රෝසි,පබා ගැලරියේ ඉදන් නටනවා...රන්ජන්,ජීවන්,කැටගොඩ සහය නර්තනය.
"අඩෝ...මේකට ගින්දර මදි...දර හොයාගන වරෙන්..."ලිපට දර දම දම හිටපු පුත්තලම් පැත්තේ එකා කෑ ගහනවා.එතකොට ආචාරිතුමා දුවගන ඇවිත් සෙන්කෝලේ උස්සල ලිපට දානවා.දෙපැත්තෙම කට්ටියගෙන් හෙන චියර් එක.
මට ඇහැරුනා...අම්මෝ...මොලේ ඇතුලේ හැකරැල්ලෙක් යනවා වගෙයි.....අරූ DVD එක අතේ තියාගන හිනා වෙවී ඉන්නවා.
"කොහොමද සර්....හීනේ හොඳද?"
"අනේ මන්දා....අමුතු ගතියක් තියනවා.සිරාවට ඔය හීනේ කට්ටිය ඉල්ලනවද?"
"මොනවා කියනවද බොස්...දැන් වැඩියෙන්ම මාර්කට් මේක තමයි.කට්ටිය ඉල්ලන්නෙම මේක".
"ඒත් හීනේ එකම කෑල්ලකවත් ජහමනතාව හීටියේ නෑනේ බන්..?"
"මොන මගුලකටද සර් උන්ව දාන්නේ....?උන් හම්බ කලොත් උන් කනවා,නැත්තන් ලෙව කනවා.ඒ වගේද මේ උත්තමයෝ....රට වෙනුවෙන් හම්බකරල සොච්චමකින් පවුල රකිනවා".
"හ්ම්ම්....ඒකත් ඇත්ත".
"මොකද කියන්නේ සර්....දාන්නද full version එකම,සර්ට පැයක් විතර බල බල ඉන්න...?"
"එක්කෝ ඕන නෑ බන්....මම නැගිටිනවා..."
මම නැගිටල බාත් රූම් එකට ගිහින් කොමර්ඩ් එකේ වාඩිවුනා ,ඇදුම් පිටින්ම......




      කටුස්සා......

Saturday, November 29, 2014

සුවඳ.....



පණ අදින සිත යදින
ස්නේහය නොඑන කල
නොමදමා ලඟ හිටිය
නොමදැනුණ නුඹෙ සුවඳ
දනෙනවා ගොඩක් මට
හිත බරයි ගොඩක් අද......


                   කටුස්සා......

Wednesday, November 26, 2014

කඳුළ, නුඹ......



කඳුළ,
නුඹ පිස්සෙක්ය
ඇගේ නෙතු නුඹ දරා හිඳි කල
මගේ හදවත නුඹට වෙර කල
එළව දැමුවෙමි පා පහර දී
යළිඳු ඇගෙ නෙතු නොරදනා ලෙස......


කඳුළ,
නුඹ වියරුවෙනි
ඇගේ නෙතු මත ඉඩ නොමැති කල
එයට හේතුව සොයාගත් නුඹ
නැවත පැමිනුනි මා වෙතට යළි
මුවා වී ඇගෙ හේමලය පිටුපස.....



කඳුළ,
නුඹ සැනසුමෙනි
තවත් මා ලඟ ඇය නොමැති කල
මගේ තනිකම වටහගත් නුඹ
වහා දෙනෙතට ඔබ පැමිනි සඳ
වෙන්ව යන්නට නොහැකි ලෙස අද
මොන මගුලකටද ඉන්නෙ මගෙ ලඟ
මගේ සැනසුම නුඹ තුරුළුකර......



                                         කටුස්සා.....

Monday, November 24, 2014

සුභ උපන්දිනයක් වේවා......





පුරා සය වසක් නුඹේ පැතුම් හා
එක්ව ආ සුභ පැතුම මතකද...
තරුත් නිදනා නිහඬ මැදියම
නුඹ සවන් ඇඳි පැතුම මතකද...
"නිදියමුයි" යැයි මවෙත පවසා
නොනිද මග බැළු පැතුම මතකද...
"මමත් නිදි" යැයි පවසලා මම
නොනිද පැවසූ පැතුම මතකද...

පැතුම් නිදිගත් සිතුම් වල් වැද
යුගය නුඹ මා පසුකරන් යන...
මෙතෙක් කල් මා පැතූ පැතුමන්
නුඹට කියන්නට වරම් නැතිවුන...
නිහඬ සීතල සිත් තුරුල්ලේ
සෙමින් වැලපෙන පැතුම අද දින...
නොකිය ඉන්නට සිත් නොදෙයි මට
නුඹ පුරුදු කල පුරුදු වදදෙන...

තබන පියවර කටු කොහොල් පිරි
වාලුකාවක නොම රැදීයන්...
නුඹ යනෙන මග පහන් දැල්වී
නුඹේ දිවි මග එළිය වීයන්...
නුඹේ සිත රැදි මවුවත් සෙනෙහස
ඔහුගේ ලෝකය හා රැදීයන්...
පතන පැතුමන් සඵල වී අද
නුඹේ ලෝකය මල් පිපීයන්...


සියොත් කැළ අද ගයන ගීතය
නුඹේ දෙසවන සදා ඇසියන්...
මල් පිපුණ නිම්නයේ සුවඳ පොද
නුඹෙ සුවඳ හා එක්ව තිබියන්...
හිරු සඳු තරු මුතු නුඹේ දෙනෙතේ
මැකී නොයන සේ සදා ඇඳියන්...
නුඹේ සිහිනය සැබෑවී හෙට
තටු ලබා අහසෙම රැදීයන්...
 


සුභ උපන්දිනයක් වේවා......
   

                                    කටුස්සා....

Thursday, November 20, 2014

වැව......




වැවු රළ පෙළ ඉස්සි ඉස්සි
හමන සුළන් පහස විඳින
කණු දෙකක් මත රජයන
අකුරු කළ පුවරුවක
ලියා තිබුනත් සෑදුවේ මෙය
ශ්‍රේෂ්ඨ නරපති .......බව
දනිමි මම ඉඳුරාම
පතුලේ සිට බැම්ම තෙක්ම
බිසෝ කොටුත් වැවු කණ්ඩිත් තාවුලෙත්ම
නිධාන වී ඇත්තේ
ඒ රජුගේ අහවල නොව
බඩගින්නට අපේම වුන්
හෙළු කඳුළු දහඩිය බව...





                                   කටුස්සා....