මතකයිද ඒ කාලේ....
වෙලාවක් කලාවක් කිසිවිටක නොම තිබුන
නුඹට රිසි හැමවෙලේ මන පුරා නුඹ රැඟුව
ඒ රැඟුම් දරණුබැරි සිතක් කවි පද බැන්ඳ
කියවමින් ඒ කවිත් ලිවුවේ කාටද ඇසුව
මතකයිද ඒ කාලේ....
මා වෙතට කිසිදිනක එන්නේම නෑ කියපු
යන්න හැදු විට පිටව පරලවී මට බැනපු
ජීවිතය වී මගේ දිවිය විසිතුරු කරපු
ගෙවෙන හැම තප්පරෙම මට තුරුලු වී හිටපු
මතකයිද ඊයේ ඔබ....
අසන්නට දෙයක් ඇත තරහවෙනු බෑ හොඳද
තරහාවුනොතින් ඔන්න මරනවා හපලා මම
ලියපු හැම අකුරකම පෙර දිනක මා සිටිය
දැන් කොහිද ඒ අකුරු ආදරය මදිවීද
දන්නවද....
හරිම බර ජීවිතය වරාමල සේ කෙරුව
නුඹම විය මල මගුලි මට මාව අහිමිකල
හිත විඳින ආදරය ලියනු බැරි අසරණව
අකුරු බැරි කවියා වෙමි නුඹ ලඟදි ගොලුව ගිය
තේරුම්ගන්නවද....
ජීවිතය තරමටම ආදරය දැනෙනවිට
විඳිනු මිස ආදරය කුමට පද පෙරළමිද
ඒ කාලේ මට පෙන්වූ ලොකු කමට දඬුවම් ය
ඉවසපන් තව ටිකක් ඔහොම වී මදි උඹට
කටුස්සා....
++++
ReplyDelete:)
Deleteදන්නවද?
ReplyDeleteදිවි සයුර වෙත ආව නුඹත් හරි පෙම්බරයි
කවි කියා පද බැඳපු අතීතය සුන්දරයි
තැවි තැවී ළඟ ඉන්න තවත් බෑ දුක්බරයි
කවි පදම දැන් මොකට හිත තවත් පාරවයි....
...ආදර යස්සනී...
ලස්සනයි කටුසු.
ජයවේවා!!!
යස්සනී එහෙම කියන්නේ නෑ බං. මරාගන කන්නමයි හදන්නේ.
Deleteඉවසපන් තව ටිකක් ඔහොම වී මදි උඹට
ReplyDeleteකීව පලියට කොහොම ඉවසගෙන ඉන්නෙ මම
කවි හිතක් තියාගෙන හංගාන ඉන්න තොට
කොහොමහරි ලියවනා යස්සනිය තමයි මම......
ආදරේ පණු බෙහෙත් සෙනෙහසින් ගෙනැත් තොට
පොවනවා කවි ගොඩම බඩ යන්න ඉඳන් හෙට
මතක් කරනට යමක් මටත් ඇත මේ ලෙසට
නුඹ පමණි විමානේ මගේ වුණු සදහටම........
කියල යස්සනී ඔයාට කියන්න කිව්වා හලෝ.....බෑ කියල ඒ ඇත්තිගේ හිත රිද්දන්ට බැරි නිසා ඔන්න ඔහේ කියන්ට කියපු විදිහටම කිව්වා මෙයා...අපි අපිනෙ අනේ...අනික පුරුදු වෙන්න ලැජ්ජ වෙන්නෙත් නෑනේ....එහෙනම් ශේප් නෙහ්?😂
හම්බුන දා ඉඳලා පැනලා යන්න ප්ලෑන් කරන අපි දෙන්නට මොන ලැජ්ජාවක්ද චූටි...
Deleteයස්සනීව ඩිවෝස් කරන්න කේස් එක ෆයිල් කරලා අපි දෙන්නා පැනලා යමුද?
මල මගුල කියලනම් අහලා තියෙනවා ඒකේ ස්ත්‍රීලිංග පදේ අදමයි ඇහුවෙ.. මල මගුලි.. හි හී මරු
ReplyDeleteඔය වචනේ සත්තලං කොච්චරනම් කියනවා ඇද්ද, ඉස්සරහට තව තව විශේෂන පද දාලා....
Deleteලස්සන පිංතූරයක් මචන් ...
ReplyDeleteමචං ප්ලීස්, වෙන කමෙන්ට් එකක් කරපන
Deleteමචං මල්ලියේ...
ReplyDeleteඉඳලා හිටලා සීපද ලියන
අපි වගේ බං කොලොත් එවුනට
කවිය මොනතරම් දිගද යන වග
පෙන්නුවේ ඇයි මෙතරම්ම සොඳුරුව.....!
අයියන්ඩිගේ පළවෙනි ගොඩවැදුමට වල්කම් කිවුවා.
Delete///ඉවසපන් තව ටිකක් ඔහොම වී මදි උඹට///
ReplyDeleteමරු මරු:D
කසුනට කියන්නෙත් ඔහොම්මමද?
Delete++++++
ReplyDelete++++
ReplyDelete++++
ReplyDelete
ReplyDelete//මා වෙතට කිසිදිනක එන්නේම නෑ කියපු
යන්න හැදු විට පිටව පරලවී මට බැනපු
ජීවිතය වී මගේ දිවිය විසිතුරු කරපු
ගෙවෙන හැම තප්පරෙම මට තුරුලු වී හිටපු//
සතුටු හිතුනා... ලස්සනයි
අලුත් ජීවිතයක් නේද.... අපිටත් සතුටුයි.
Delete"ජීවිතය තරමටම ආදරය දැනෙනවිට
ReplyDeleteවිඳිනු මිස ආදරය කුමට පද පෙරළමිද
ඒ කාලේ මට පෙන්වූ ලොකු කමට දඬුවම් ය
ඉවසපන් තව ටිකක් ඔහොම වී මදි උඹට"
මං කැමතිම කොටස
මමත් කැමතිම ඕකට තමයි. ඒ කාලේ පෙන්නපු ගෑස් වලට ඔහොම කරලා මදි
Deleteහරිම සොඳුරුයි.
ReplyDelete:)
Deleteලස්සනයි
ReplyDeleteදන්නවද
පද පෙළක
යටි අරුත
මේකෙනම් කිසිම යටි අරුතක් නෑ බං . ඔක්කොම ගල්වෙලා . අකුරක්වත් ලියවෙන්නේ නෑ මේ දවස්වල.
Deleteබෝදිලියා ....
ReplyDeleteයක්කු ගැනමයි ලියන්නේ
කාපිය මාව...
Deleteයස්සනියකට මුවාවූ ප්‍රේමය
ReplyDeleteවිචාරක දියණිය
ජීවිතේද මන්දා...
Deleteපව් යකෝ දඩුවම් දෙන්න එපා.වැරදි තේරිලනෙ ඇත්තෙ
ReplyDeleteපිස්සුද බං...ඕකිව උස්සලා පොලේ ගහලා ආපහු උස්සලා ආපහු පොලේ ගහලා අවුවේ වේලෙන්න දාන්න ඉන්නේ කරවල වෙන්න
Deleteකවි කුමරියද, පෙම් කුමරියද??
ReplyDeleteඒ කාලේ ලියපුවට ඇරියස් අල්ලනවා
Delete