Wednesday, July 26, 2017

මගේ ආදර යස්සනී



මතකයිද ඒ කාලේ....

වෙලාවක් කලාවක් කිසිවිටක නොම තිබුන
නුඹට රිසි හැමවෙලේ මන පුරා නුඹ රැඟුව
ඒ රැඟුම් දරණුබැරි සිතක් කවි පද බැන්ඳ
කියවමින් ඒ කවිත් ලිවුවේ කාටද ඇසුව

මතකයිද ඒ කාලේ....

මා වෙතට කිසිදිනක එන්නේම නෑ කියපු
යන්න හැදු විට පිටව පරලවී මට බැනපු
ජීවිතය වී මගේ දිවිය විසිතුරු කරපු
ගෙවෙන හැම තප්පරෙම මට තුරුලු වී හිටපු

මතකයිද ඊයේ ඔබ....

අසන්නට දෙයක් ඇත තරහවෙනු බෑ හොඳද
තරහාවුනොතින් ඔන්න මරනවා හපලා මම
ලියපු හැම අකුරකම පෙර දිනක මා සිටිය
දැන් කොහිද ඒ අකුරු ආදරය මදිවීද

දන්නවද....

හරිම බර ජීවිතය වරාමල සේ කෙරුව
නුඹම විය මල මගුලි මට මාව අහිමිකල
හිත විඳින ආදරය ලියනු බැරි අසරණව
අකුරු බැරි කවියා වෙමි නුඹ ලඟදි ගොලුව ගිය

තේරුම්ගන්නවද....

ජීවිතය තරමටම ආදරය දැනෙනවිට
විඳිනු මිස ආදරය කුමට පද පෙරළමිද
ඒ කාලේ මට පෙන්වූ ලොකු කමට දඬුවම්‍ ය
ඉවසපන් තව ටිකක් ඔහොම වී මදි උඹට


කටුස්සා....

33 comments:

  1. දන්නවද?
    දිවි සයුර වෙත ආව නුඹත් හරි පෙම්බරයි
    කවි කියා පද බැඳපු අතීතය සුන්දරයි
    තැවි තැවී ළඟ ඉන්න තවත් බෑ දුක්බරයි
    කවි පදම දැන් මොකට හිත තවත් පාරවයි....
    ...ආදර යස්සනී...

    ලස්සනයි කටුසු.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. යස්සනී එහෙම කියන්නේ නෑ බං. මරාගන කන්නමයි හදන්නේ.

      Delete
  2. ඉවසපන් තව ටිකක් ඔහොම වී මදි උඹට
    කීව පලියට කොහොම ඉවසගෙන ඉන්නෙ මම​
    කවි හිතක් තියාගෙන හංගාන ඉන්න තොට​
    කොහොමහරි ලියවනා යස්සනිය තමයි මම​......



    ආදරේ පණු බෙහෙත් සෙනෙහසින් ගෙනැත් තොට
    පොවනවා කවි ගොඩම බඩ යන්න ඉඳන් හෙට
    මතක් කරනට යමක් මටත් ඇත මේ ලෙසට​
    නුඹ පමණි විමානේ මගේ වුණු සදහටම​........

    කියල යස්සනී ඔයාට කියන්න කිව්වා හලෝ.....බෑ කියල ඒ ඇත්තිගේ හිත රිද්දන්ට බැරි නිසා ඔන්න ඔහේ කියන්ට කියපු විදිහටම කිව්වා මෙයා...අපි අපිනෙ අනේ...අනික පුරුදු වෙන්න ලැජ්ජ වෙන්නෙත් නෑනේ....එහෙනම් ශේප් නෙහ්?😂

    ReplyDelete
    Replies
    1. හම්බුන දා ඉඳලා පැනලා යන්න ප්ලෑන් කරන අපි දෙන්නට මොන ලැජ්ජාවක්ද චූටි...

      යස්සනීව ඩිවෝස් කරන්න කේස් එක ෆයිල් කරලා අපි දෙන්නා පැනලා යමුද?

      Delete
  3. මල මගුල කියලනම් අහලා තියෙනවා ඒකේ ස්ත්‍රීලිංග පදේ අදමයි ඇහුවෙ.. මල මගුලි.. හි හී මරු

    ReplyDelete
    Replies
    1. ඔය වචනේ සත්තලං කොච්චරනම් කියනවා ඇද්ද, ඉස්සරහට තව තව විශේෂන පද දාලා....

      Delete
  4. ලස්සන පිංතූරයක් මචන් ...

    ReplyDelete
    Replies
    1. මචං ප්ලීස්, වෙන කමෙන්ට් එකක් කරපන

      Delete
  5. මචං මල්ලියේ...
    ඉඳලා හිටලා සීපද ලියන
    අපි වගේ බං කොලොත් එවුනට
    කවිය මොනතරම් දිගද යන වග
    පෙන්නුවේ ඇයි මෙතරම්ම සොඳුරුව.....!

    ReplyDelete
    Replies
    1. අයියන්ඩිගේ පළවෙනි ගොඩවැදුමට වල්කම් කිවුවා.

      Delete
  6. ///ඉවසපන් තව ටිකක් ඔහොම වී මදි උඹට///

    මරු මරු:D

    ReplyDelete
    Replies
    1. කසුනට කියන්නෙත් ඔහොම්මමද?

      Delete

  7. //මා වෙතට කිසිදිනක එන්නේම නෑ කියපු
    යන්න හැදු විට පිටව පරලවී මට බැනපු
    ජීවිතය වී මගේ දිවිය විසිතුරු කරපු
    ගෙවෙන හැම තප්පරෙම මට තුරුලු වී හිටපු//

    සතුටු හිතුනා... ලස්සනයි

    ReplyDelete
    Replies
    1. අලුත් ජීවිතයක් නේද.... අපිටත් සතුටුයි.

      Delete
  8. "ජීවිතය තරමටම ආදරය දැනෙනවිට
    විඳිනු මිස ආදරය කුමට පද පෙරළමිද
    ඒ කාලේ මට පෙන්වූ ලොකු කමට දඬුවම්‍ ය
    ඉවසපන් තව ටිකක් ඔහොම වී මදි උඹට"

    මං කැමතිම කොටස

    ReplyDelete
    Replies
    1. මමත් කැමතිම ඕකට තමයි. ඒ කාලේ පෙන්නපු ගෑස් වලට ඔහොම කරලා මදි

      Delete
  9. හරිම සොඳුරුයි.

    ReplyDelete
  10. ලස්සනයි
    දන්නවද
    පද පෙළක
    යටි අරුත

    ReplyDelete
    Replies
    1. මේකෙනම් කිසිම යටි අරුතක් නෑ බං . ඔක්කොම ගල්වෙලා . අකුරක්වත් ලියවෙන්නේ නෑ මේ දවස්වල.

      Delete
  11. බෝදිලියා ....
    යක්කු ගැනමයි ලියන්නේ

    ReplyDelete
  12. යස්සනියකට මුවාවූ ප්‍රේමය
    විචාරක දියණිය

    ReplyDelete
  13. පව් යකෝ දඩුවම් දෙන්න එපා.වැරදි තේරිලනෙ ඇත්තෙ

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං...ඕකිව උස්සලා පොලේ ගහලා ආපහු උස්සලා ආපහු පොලේ ගහලා අවුවේ වේලෙන්න දාන්න ඉන්නේ කරවල වෙන්න

      Delete
  14. කවි කුමරියද, පෙම් කුමරියද??

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ ලියපුවට ඇරියස් අල්ලනවා

      Delete