Sunday, December 11, 2016

මම එවන්නම් ..........



නෙතු අගින් සිනාසී අඬන නෙතු දරාගන නිල් රෝස සිහිනයක් හිත් මත්තේ පුරෝගන නියඟලා මල් සුවඳ රැඳි සුසුම් හොවාගන එපා දුක්වනු සොඳුර සිහිනයන් මවාගන නුඹේ නෙරියත් අඬනවා ඇති වෙරළු ගෙඩියක පහස ඉල්ලා නුඹේ ලයෙනුත් එරෙනවා ඇති ක්ෂීර ගංගා මුට්ටි පුරවා අනවතත් විල සීත දියකඳ ගලනවා ඇති කොට්ට මිරිකා ධවල ඇත්‍ රජු සොයනවා ඇති නුඹේ ගැබ සුදු නෙළුම රන්දා බාර හාර පුද පඬුරු යාතිකා නුඹේ බරටත් වැඩි ඇති තනිව හිඳ ඔබ හෙලන සුසුමින් පඬුපුලත් සෙලවෙන්නැති සප්ත පත්තිනි දේව බලයට නුඹේ සිත නොපෙනෙන්නැති නුඹේ නැඹ පිරිමදින්නට ඹඹු පයට අමතක වෙන්නැති නුඹට මට නොව දහස්ගුණයක් ගැටළුවකි වෙන අයට දැන් "නැද්ද වෙනසක්"අසන පදයෙන් තැලිලා ඇති සිත සියවරක් රෝහලේ කොරිඩෝව මත අපි ඉඳලා ඇති පැය බරගණන් නුඹ අඬනවා බලන් ඉඳලා මම අඬලා ඇති වරුගණන් අයාලේ ගිය සිතක් සුරැකිව තුරුල්ලට ගෙන ලයහොවා කරන පෙළහර බිම හොවන්නද කිරි සිහින නොපෙනෙන නිසා සසර කෙළවර එකට ඉන්නට පැතූ පැතුමන් හිතවසා ගෙවමු දෙන්නම සසරේ තැනකදි කරපු පවු සමසේ දරා
කටුස්සා....

23 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. කතර දුකම විඳගමි මම කඳුලු වැලක අමුණාලා
    අතර සසරෙ පවකට නැත දරු සම්පත හිමිවීලා
    හතර වරිගෙ දොස් කියාවි රිදෙන හිතට දුක් දීලා
    නිතර නුඹගෙ සැනසුම් පද මගේ හිතම සනසාලා ......

    අපූරුයි කටුසු. අන්තිම කවිය හොඳින්ම දැණුනා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමියා....
      සමහර වෙලාවට උත්තර දෙන්නේ නෑ.සමහර වෙලාවට උඹේ බ්ලොග් එකට තියා වෙන කාගෙවත් බ්ලොග් එකක් බලන්නේ නෑ වැඩ නිසා.ඒ උනාට මම දාන හැම පෝස්ට් එකටම උඹලා කමෙන්ට් කරනවා.සමාව ඉල්ලන ගමන්ම ගොඩක් ස්තූතියි හැමදේකටම.

      Delete
  3. කියල වැඩක් නෑ.. හරිම ලස්සනයි කටුසු...
    උරේෂා රවීහාරිගේ මිදුලට උඩින් පායන හඳ සිංදුව අහල බලන්න පුලුවන්නම්...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි නිර්මාණී.
      අහලම බලන්නම් ඒ සිංදුවත්.

      Delete
  4. ඈ බං අන්තිමට හැම එකක්ම පින්/පව් එකවුන්ට් එකටම තමයි වැටෙන්නේ නේද...

    ReplyDelete
    Replies
    1. ඔයවගේ ප්‍රශ්නෙකදී වෙන කාට වරද පටවන්නද අයියන්ඩිය....

      Delete
  5. හරිම අගෙයි මල්ලි...හතර වෙනි පද පෙළ හරිම ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. මේක පබ්ලිශ් කරන්න බාරදුන්න එකා කියපුවිදිහටනම් මෙලෝ රහක්නැති කවියක්.උගෙන් මම බැනුම් අහපු තරමක්.

      Delete
    2. මේකේ පිළසිඳගැනීමත් ඔයාගේ කවියක් තමයි මීට ටිකකාලෙකට ඉස්සර මූණුපොතේ දැක්ක.මටඅතක විදිහට කමෙන්ට් එකට මම දැම්මෙත් කවියක්මද කොහේද.

      Delete
    3. මේකේ පිළසිඳගැනීමත් ඔයාගේ කවියක් තමයි මීට ටිකකාලෙකට ඉස්සර මූණුපොතේ දැක්ක.මටඅතක විදිහට කමෙන්ට් එකට මම දැම්මෙත් කවියක්මද කොහේද.

      Delete
    4. සුදු ඇත්තු කවිය...මට ඒක මතක් වුනා මේක දැක්කම...

      මේ දේ නිසා ගොඩක් දෙනා හිතෙන් විඳවනවා...මට සමහර ගැහැණු ළමයි පුද්ගලික පණිවුඩ තිබ්බා, ඒ කවිය කියවලා...ඒ නිසා ඒ මාතෘකාව මට හිතට දැනෙනවා...

      මිනිස්සු ඒ නිසා දුක් විඳින තරම ඔයාගේ කවියෙත් හොඳට මතු වෙලා තියෙනවා...

      Delete
  6. Replies
    1. ස්තූතියි වර්ණ. අර දුමියට කියපුදේම තමයි උඹට කියන්න තියෙන්නෙත්

      Delete
    2. ගනු දෙනු නෙවී අයියණ්ඩි හදවතයි කොමෙන්ට් කොටන්නේ

      Delete
  7. Replies
    1. ඉස්සරවගේ අන්තප්පුරේ නැති හින්දා නිකන් ඉන්න ගමනුත් උඹට ඇඬෙනවා ඇතිනේද දැන්.

      Delete
  8. Replies
    1. ස්තූතියි මචෝ.... පළමු ගොඩවැදුමට වල්කම් කිවුවා

      Delete
  9. //නුඹේ නෙරියත් අඬනවා ඇති වෙරළු ගෙඩියක පහස ඉල්ලා
    නුඹේ ලයෙනුත් එරෙනවා ඇති ක්ෂීර ගංගා මුට්ටි පුරවා
    අනවතත් විල සීත දියකඳ ගලනවා ඇති කොට්ට මිරිකා
    ධවල ඇත්‍ රජු සොයනවා ඇති නුඹේ ගැබ සුදු නෙළුම රන්දා
    // කොහොම හිතට ආවත් අගේ ඇති කවි පෙළ.

    ReplyDelete