Monday, December 19, 2016

පාරමිතාවෙන් යලි උපදින... බැස යන්නද ජීවන පිය ගැට පෙළ...


සමන් මල් පැතු දිවිය අබියස පිපුණ කඩුපුල සුවඳ නැතිමුත් පෙතිමතත් ලේ තිබුනා මල වට රොන් සොයන සමනලුන් සිටියත් මලේ කටු මත පටලැවුනු තටු දරා නෙක නෙක පාට මැවුනත් පැන් වඩන්නට පිරිකරක් නැති හිතක් එක්කලා කෙලෙස ඉන්නෙම් ඇඹරිලාගිය ඉඳුසරක් මත නුඹ තැනුව පා ලකුණු ඉවකර ගතු කියනවා සුළඟ තාමත් පිපෙන්නට පෙර නෙලා ගත්තට නිබ්බුතා පද කියපු සියොතුන් ගොළුකරපු උන සන්නිපාතෙට කෝඳුරුවෝ සැම තෙල් සොයනවලු සඳේ ගිරවිගේ ගුණම කිය කිය කීතුකරගන හිතේ බිත්තිත් මුල් ඇදුන පෙම පිරුව වරදට රැයේ පෙරදුටු හීන ඔක්කොම වීසිකෙරුවලු දොරේ මුල්ලට සොහොන්කොත් බැඳි හිතක් මත්තේ සුරඟනක් විත් ලැගුම්ගත්තට හැඟීමක් මිස ඉඩතිබුනේ නෑ සුරකුමරියන් තියාගන්නට

කටුස්සා....

31 comments:

  1. මොනාද බං මේ පල් හෑලි ...??

    ReplyDelete
    Replies
    1. පල හාල්පාරුවා යන්න.තෝනම් යාලුවෙක් නෙමෙයි.මගේ කරුමෙට හම්බවුනු වෛරක්කාරයෙක්.
      බැන බැන හරි ලියලා දෙන ඒවා පබ්ලිශ් කරන නිසාම කටවහන් ඉන්නම්.

      Delete
  2. Replies
    1. මූ බීල කියවන්නෙත් මෙහෙම නේද බං..?? ස්පේස්, කොමා, විරාම ලක්ෂණ මුකුත් නෑ ... මුලක් නෑ අගක් නෑ ... ඔහේ එක හුස්මට පල් හෑලි කියවනවා ...

      Delete
    2. ඔයා බබා වෙන්න හදනවනේ.

      Delete
  3. කිසිත් නෑ නොවැ ලැබු දේ ලොව
    හෙටත් නොලැබෙයි පැතු මුත් ජය..
    සෙනහසින් වුව හාදු ලැබ කග පතින්
    දෙදා වු සිත පිරිද්දන්මැයි
    අයදින්නේ ඇයි ඔය ලෙසින්

    ReplyDelete
    Replies
    1. ඒ මන්න පාරත් සැපයි බං. ඒ නිසාම අර එලුවගේ මොකද්ද එකක් වැටෙනකන් පස්සෙන් ගිය බල්ලා වගේ පස්සෙන් යනවා.

      Delete
  4. දැන් උඹ මේකෙ නිධාන කතාවත් ලියපං

    ReplyDelete
    Replies
    1. මේකත් උඹේ අන්තිම පෝස්ට් එක වගේම මතක අච්චාරුවක් විතරයි බං. 11වසරට වෙනකම්ම අම්මගේ තුරෙල්ලේ නිදියගත්තු , පස්සේ කරපු හැම දේකදීම දෙමවුපිය හෙවනැල්ල නිරන්තරයෙන්ම වැටුන ,පවුල එක්ක පුදුමවිදිහට බැඳීමක් තිබුන එකෙක් ,එකපාරටම අඳුරන කිසිම එකෙක් නැති රටක තනිවෙලා.ඒ ලබ්බ රස්සාවෙත් පාන්දර 2-6 වෙනකන් කරන්න කිසිම දෙයක් නෑ. ඉතින් ඒ වෙලාවට ලෝකේ නැති ජාති ඔළුවට එනවා. කුරුටු ගෑවෙනවා.මේ මාස දෙකට මුළු අවුරුද්ද පුරාවටම බ්ලොග් එකේ දාන්න තරම් දේවල් ලියවිලා ඇති. මේ විදිහේ අච්චාරූ ඕනේ තරම් ලියලා විසිකරලා ඇති.  මේකත් ඒ වගේ කල්පනාවකදී ලිවුව එකක්. ඒත් මේක විසිකරන්න හිතුනේ නෑ. ජීවිතයේ වැඩිම කාලයක් ලඟින් හිටපු කෙල්ල සහ මේ කාලයේදී ජීවිතයේ පාලුව මකන හිතවතිය ගැන කලවමේ ඇතිවුන අදහස් ටිකක් විතරමයි.

      නිර්මාණකරුවෙක්ට තමන්ගේ නිර්මාණය කැමති ආකාරයට ඉදිරිපත්කරන්න පුළුවන් වුනත් මේ වගේ නිර්මාණ ඉදිරිපත්කරන එක හරි අසාධාරනයි කියලා තේරුම්ගියා අද. සමාවියන් මට. ලියපු දෙයක් ගැන සමාවගත්තු දෙවනි පාර.අරූ අයියේ මතකද මේක.

      Delete
    2. http://tharuwehi.blogspot.com/2014/11/blog-post_12.html

      Delete
    3. නැහැ ...මට නම් මේකෙ උඹ කරපු අසාධාරණයක් පේන්නෙ නැහැ ..උඹ ලියන්න ඕනෙ උඹේ කික් එකට මිසක් මේක කියෝන උන්ට ආතල් එකට නෙවෙයි. මට උඹ ලියපු දේ රහයි..නිධාන කතාව කියපන් කිව්වෙ රහ උඹේ angle එකෙන් විඳින්න මිසක අඩුපාඩුවක් නිසා නෙවෙයි.

      Delete
    4. කොච්චි මිරිස් කියන කතාව හරි. උඹ ලියනවා. කියවන අය කියවනවා. පොඩි පැහැදිලි කිරීමක් කරගන්නවා මිසක් වෙන මුකුත් නෙමේ අවශ්‍යය. අපි අදහස් හුවමාරු කරගන්නවා. උඹ ලියහන් කොල්ලෝ.

      Delete
  5. මං මෝඩ මගුලි නිසා තේරුනේ නෑ කියහන්කො දත විකාගෙන කියෙව්වත්....

    "සොහොන්කොත් බැඳි හිතක් මත්තේ සුරඟනක් විත් ලැගුම්ගත්තට
    හැඟීමක් මිස ඉඩතිබුනේ නෑ සුරකුමරියන් තියාගන්නට "

    ඒක ගැන නම් මට හිතුන විදිහ හරිද මන් දා..... 🐶

    ReplyDelete
    Replies
    1. ඔයාගේ ඔය සුට්ටං මොලේ ගැන මම නොදන්නවද සුදූ...

      හිතෙන දේවල් ගොඩයි නිසා ඒවා ඔක්කොම පොතක ලියලා තියාගන්න. කවදා හරි හම්බවුනොත් එහෙම අහන්නවත් මතක තියෙන්න ඕනෙනේ

      Delete
  6. තත්තේ බයානකයි වගේ අඩේ අප්පා.....

    ReplyDelete
    Replies
    1. භයානක කම කොච්චරද කියනවනම් දැන් ගිනි නිවන හමුදාවටත් කතාකරලයි තියෙන්නේ

      පළමු ගොඩවැදුමට වල්කම් කිවුවා ලිඛිතා....

      Delete
  7. /// සොහොන්කොත් බැඳි හිතක් මත්තේ සුරඟනක් විත් ලැගුම්ගත්තට
    හැඟීමක් මිස ඉඩතිබුනේ නෑ සුරකුමරියන් තියාගන්නට///


    එන්න එන්න ම තත්ත්වෙ නරක්වෙනවා... ලියවෙන කවි ලස්සන වෙනවා...

    ReplyDelete
    Replies
    1. ලෙඩා මලත් බඩ සුද්දයි වගේ එහෙම වෙන එකම මදැයි....

      Delete
  8. පෙමක් දළුලා වැඩෙන මොහොතක සතුට වළලන්නට බැරී
    හදක් පැතු මල් සමන් නැතිවිට කඩුපුලෙන් තුටු වෙනු බැරී
    හොඳක් නරකක් අතර හිතකට වෙනස වටහාගනු බැරී
    හිතක් ගිය තැන මාළිගාවකි කිසි කලෙක බිඳලනු බැරී......

    කටුසුගේ මෙදා කවිය බර වැඩිද මන්දා. කොහොම වුණත් අපූරු නිර්මාණයක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බරක්නම් මන්දා.... ඒ වුනාට කොයිල් වගේ නේද.ගණන් ගන්න එපා මචං.මටත් දැන් කොයිල් වෙලා ගොඩක් කල්

      Delete
  9. කවියේ නම් තියෙන්නේ බොහොම ගැඹුරු තේරුමක් වගේ....කොහොම වුනත් ලස්සනයි....සුරංගනාවියෝ එක්ක දීග කන්න බැහැනේ මල්ලියේ...ඒ නිසා හිත හදාගෙන, පොළොවේ පය ගහල ඉන්න ගැහැණු ළමයෙක් හොයා ගත්ත නම් හරි....

    ReplyDelete
    Replies
    1. ඕනෑවට වඩා පොලවේ පයගහලා හිටියත් වෙන හේතුවක් නිසා යන්නම වෙනවා.

      මංගල කිංකිණි පිහිට තමා ඉතින්.... හිටපු විදිහට කවුද හිතුවේ මෙහෙම කලක් යයි කියලා.

      Delete
  10. මට නම් අල්ලලා ගියා කටුසු.
    //නිබ්බුතා පද කියපු සියොතුන් ගොළුකරපු උන සන්නිපාතෙට
    කෝඳුරුවෝ සැම තෙල් සොයනවලු සඳේ ගිරවිගේ ගුණම කිය කිය// මේ කෑල්ල තමයි නියමම.
    ගුණ හොයන්න බැරි ගිරවියන් එක්ක ආලකම් පාන්න උන සන්නිපාතේ හැදිලා බේරුනම මදෑ

    ReplyDelete
    Replies
    1. කෙල්ලෙක්ගේ තිබුන සම්බන්ධයක් නැතිවුනහම මගේවටේ හිටපු එවුන්ම වෙන වෙන ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් වටේ එකතුවෙන හැටි දැක්කට පස්සේ වෙන මොනවා කියන්නද ඉතින්. පරිස්සන් කරන්න බැරිතරම් දුරක ගියාට පස්සේ මමත් ඉතින් ආතල් එකේ බලාගන හිටියා. කිරිත් එක්ක සමහන් බොන නිසා හෙම්බිරිස්සාවක්වත් හැදෙන්නේ නැතුව බේරුන.

      Delete
  11. මේකනන් දැනුනා හොදටම..කීතුකරගන හිතේ බිත්තිත් මුල් ඇදුන පෙම පිරුව වරදට... මේ ටික කියවද්දී මගේ හිතත් කීතු වෙලා ගියා

    ReplyDelete