මේ දුකම කොයිතරම්
මිහිරක්ද හිතවතිය...
වෑයමෙන් පපුතුරේ සඟවගත් ආදරය
විළිබරව වේදනා විඳිද්දී
සිහිනයෙන් සිහිනයට මගේ නෙතු පියන් මත
නුඹ ඇවිත් තරු රටා මවද්දී
බිම වැටුන මල් පෙත්ත මතවුවත් කවි සිංදු
සිය ගණන් ලියන්නට හිතෙද්දී
වේදනා නොවිඳින්න නුඹ දිනක ඔය හිතත්
රැගෙන යන බව මමත් දනිද්දී
දැනගනත් හැමදේම නොදන්නා සේ නුඹත්
මා එක්ක වල් පල්ම කියද්දී
නොදැනේවියැ'යි සිතා සඟවගන වෑයමෙන්
නුඹ එක්ක වල්පල්ම ගොතද්දී
ඉපිදගත නොහැකි පෙම ආත්මය ඉරාගන
හදවතේ ගැඹුරටම ඇදෙද්දී
වේදනා නොපෙන්වා හිනාවීගන ලොවට
හිතාගනු බැරි චරිත මවද්දී
ඇත්තටම දැනෙන දුක
කොයි තරම් සුමිහිරිද
ඔබ නිසා හිතවතිය....
-කටුස්සා-
අයියේ අාදෙර් ගැන කවි ලියද්දී ලස්සනම බ්ෙලාග් ඒක මේක ...
ReplyDeleteලස්සනයි ගොඩාක්
මාත් එකඟයි
Deleteජයවේවා!!!
ජීවිතේට කවියක් නොලියාපු එකෙක්ගේ කවි ලස්සන වෙන්න විදිහක් නෑ බං. මට වඩා කවියෝ ගොඩක් මේකේ ඉන්නවා. අපි හින්නෝ.....
Deleteජයවේව....
දන්න දෙසිතක පපු කුහර මත ආලේ දළු දා වැඩෙද්දී
ReplyDeleteඉන්න බෑ වැළපේවි හදවත වියෝ දුක සිහි කරද්දී
දෙන්න මිමිණූ සොඳුරු වල්පල් දෙසවනේ නිති ඇසෙද්දී
යන්න හිත නෑ යන්න වූවත් කඳුල සිනහව දවද්දී...........
කටුසු. හරි අපූරු සංවේදී කවියක්නේ.
ජයවේවා!!!
ආලේ බිඳුන දා කුමකට හඬනවාද සකී
Deleteආල වඩන යන තේරුම බෝසත්කම සකී
ආදරෙයි කැස්සයි හංගන්න බෑ කියනවානෙ බං.. (බෑ තමයි.)
ReplyDeleteජයවේවා..!!
කැස්සටනම් මොනවා හරි කරන්න පුලුවන්.මේ මගුලට මක්ක කරන්නද?
Deleteආදරෙයි මම ආදරෙයි.. සුගත් තවමත් ආදරෙයි ...
ReplyDeleteවෙරලු ගෙඩියක් දැක්ක කාලයක් මතක නෑ
Deleteමම දිනක මේ හිතත්
ReplyDeleteරැගෙන යන බව නුඹ දනිද්දී
දැනගනත් හැමදේම නොදන්නා සේ මමත්
නුඹ එක්ක වල් පල්ම කියද්දී
නොදැනේවියැ'යි සිතා සඟවගන වෑයමෙන්
මා එක්ක වල්පල්ම ගොතද්දී.......
දැනෙන දුක
සුමිහිරි වුනේ කොහොමද?
කන පැලෙන්න බොන්න වෙනවා....බොන්නම වෙනවා 😵
හැක් මේකා කොහොමත් බොනව බොසො ..
Deleteආ.... එයා නෙදර්ලන්තේ යන්න වෙන්නඇති.... කඩනවා කකුල් ගිහින් තිබුනොත්.
Deleteමම ඉතින් පොරොන්දුවෙලානේ තියෙන්නේ බොන්න දෙනවා කියලා.ඔයා බෝතල් එකහාමාරයි.මම එකයි.ෆිට් එකේ බොමු හොඳේ.අර යටින් කමෙන්ට් කරලා තියන ඒවා ගනන්ගන්න එපා.ඕවා ජාත්‍යන්තර කුමන්ත්රන.
ගෙම්බී-
පල පල... එයා බොන අයට කැමති නෑලු.ඒ නිසා මම දැන් බොන්නේ නෑලු.
This comment has been removed by the author.
Deleteදුක ම රසයක් වූ කලෙක
ReplyDeleteදුකම විඳින්නට දුක උහුලන්නට
Deleteදුකින් උපන් දරුවෝ
දුකට වරම් ලද
මිහිමවගේ දරුවෝ...
නුඹ කතා නොකලත් හිතවති
ReplyDeleteමේ නිහඬ ප්‍රේමය මිහිරැති...
ලස්සනයි බොහොම...
කතා කර කර තියන නිහඬකම කොහොමද තේරුම්ගන්නේ...
Deleteකතා කරන ගමන්ම හිතේ තියන දේත් කියල දැම්ම නම් ඉවරනෙ මල්ලියේ...එතකොට නිහඬ කම නැති වෙලා යාවි...
Deleteවැදි රජ සමගින් අවසැඟ
Deleteමනමේ කුමරිට රැවටුන
මනමේ කුමරා මමයි "සොයුරියේ"
ධනුධර උනාට ඉහත සන්දියේ
මම සින්හයාට බයයි "සොයුරියේ'
නුඹේ ඔය සැලෙන සිත මා ළඟදි
ReplyDeleteනොසැලෙන්න පතද්දි..
ඉවරයක් නැති වල්පල්ම නුඹ
මං ළගදි ගොතද්දි...
සුමිහිරිව විදින නුඹ මගේ නම
තිබු දුක් ගීත වයද්දි...
හෙමි හෙමින් පාවයමි ඈතටම
අහේතුක හේතුවට සැලෙන
මගේ හිත අඬද්දි...
දැන් බොරුවට කවි ලියනවා ඉතින් ඉන්න කියද්දී ගිහින්...ඔය අහේතුක හේතුවම නේන්නන් අවුලවුනේ.
Deleteලස්සනයි...
ReplyDeleteවිස්කෝතුයි මචෝ....
Deleteදිවිය මොනතරම් සුන්දරදෝ
ReplyDeleteදුකම කොයි තරම් සතුටක්දෝ/////////
අම්මේ ඔවු... හරි රහයි තමයි...මට මේ එපාවෙලා ඉන්නේ.ඕවා ඔහොම රහයි කියලා හිතෙන්නනම් ඉතින් ඔය වයසටම එන්න වෙනවා.
Deleteමම කිව්වනේ දාල යන්න එපා කියල. දැන් ඉතින් අඬපන්.
ReplyDeleteවේදනා නොවිඳින්න නුඹ දිනක ඔය හිතත්
රැගෙන යන බව මම වුනත් දනිද්දී
වේදනා නොපෙන්වා හිනාවීගන ලොවට
හිතාගනු බැරි චරිතයන් මවද්දී
ඈත දුරු රටකටම ඇදන් ගිය ඔය හිතත්
අනේ මන්දා ඉතින් බෝතලේ සොයද්දී
ඒ අනිත් බොරු කාරයා... යනවා කියද්දී පලයන් පලයන් මල්ලී කියලා දැන් බොරුවට කියනවා.
Deleteදුක මිහිරක් තමා ආදරේදී.. හැමදාම වගේ වචන ටික රොමැන්ටික්.. ඉස්තරම්..!
ReplyDelete