Sunday, November 20, 2016

සැලෙන්නේ සිත අවදිවේයැ'යි බියටයි......

මේ දුකම කොයිතරම් මිහිරක්ද හිතවතිය... වෑයමෙන් පපුතුරේ සඟවගත් ආදරය විළිබරව වේදනා විඳිද්දී සිහිනයෙන් සිහිනයට මගේ නෙතු පියන් මත නුඹ ඇවිත් තරු රටා මවද්දී බිම වැටුන මල් පෙත්ත මතවුවත් කවි සිංදු සිය ගණන් ලියන්නට හිතෙද්දී වේදනා නොවිඳින්න නුඹ දිනක ඔය හිතත් රැගෙන යන බව මමත් දනිද්දී දැනගනත් හැමදේම නොදන්නා සේ නුඹත් මා එක්ක වල් පල්ම කියද්දී නොදැනේවියැ'යි සිතා සඟවගන වෑයමෙන් නුඹ එක්ක වල්පල්ම ගොතද්දී ඉපිදගත නොහැකි පෙම ආත්මය ඉරාගන හදවතේ ගැඹුරටම ඇදෙද්දී වේදනා නොපෙන්වා හිනාවීගන ලොවට හිතාගනු බැරි චරිත මවද්දී ඇත්තටම දැනෙන දුක කොයි තරම් සුමිහිරිද ඔබ නිසා හිතවතිය....

-කටුස්සා-

28 comments:

  1. අයියේ අාදෙර් ගැන කවි ලියද්දී ලස්සනම බ්ෙලාග් ඒක මේක ...
    ලස්සනයි ගොඩාක්

    ReplyDelete
    Replies
    1. මාත් එකඟයි

      ජයවේවා!!!

      Delete
    2. ජීවිතේට කවියක් නොලියාපු එකෙක්ගේ කවි ලස්සන වෙන්න විදිහක් නෑ බං. මට වඩා කවියෝ ගොඩක් මේකේ ඉන්නවා. අපි හින්නෝ.....

      ජයවේව....

      Delete
  2. දන්න දෙසිතක පපු කුහර මත ආලේ දළු දා වැඩෙද්දී
    ඉන්න බෑ වැළපේවි හදවත වියෝ දුක සිහි කරද්දී
    දෙන්න මිමිණූ සොඳුරු වල්පල් දෙසවනේ නිති ඇසෙද්දී
    යන්න හිත නෑ යන්න වූවත් කඳුල සිනහව දවද්දී...........

    කටුසු. හරි අපූරු සංවේදී කවියක්නේ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ආලේ බිඳුන දා කුමකට හඬනවාද සකී
      ආල වඩන යන තේරුම බෝසත්කම සකී

      Delete
  3. ආදරෙයි කැස්සයි හංගන්න බෑ කියනවානෙ බං.. (බෑ තමයි.)
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. කැස්සටනම් මොනවා හරි කරන්න පුලුවන්.මේ මගුලට මක්ක කරන්නද?

      Delete
  4. ආදරෙයි මම ආදරෙයි.. සුගත් තවමත් ආදරෙයි ...

    ReplyDelete
    Replies
    1. වෙරලු ගෙඩියක් දැක්ක කාලයක් මතක නෑ

      Delete
  5. මම දිනක මේ හිතත්
    රැගෙන යන බව නුඹ දනිද්දී
    දැනගනත් හැමදේම නොදන්නා සේ මමත්
    නුඹ එක්ක වල් පල්ම කියද්දී
    නොදැනේවියැ'යි සිතා සඟවගන වෑයමෙන්
    මා එක්ක වල්පල්ම ගොතද්දී.......

    දැනෙන දුක
    සුමිහිරි වුනේ කොහොමද​?

    කන පැලෙන්න බොන්න වෙනවා....බොන්නම වෙනවා 😵



    ReplyDelete
    Replies
    1. හැක් මේකා කොහොමත් බොනව බොසො ..

      Delete
    2. ආ.... එයා නෙදර්ලන්තේ යන්න වෙන්නඇති.... කඩනවා කකුල් ගිහින් තිබුනොත්.

      මම ඉතින් පොරොන්දුවෙලානේ තියෙන්නේ බොන්න දෙනවා කියලා.ඔයා බෝතල් එකහාමාරයි.මම එකයි.ෆිට් එකේ බොමු හොඳේ.අර යටින් කමෙන්ට් කරලා තියන ඒවා ගනන්ගන්න එපා.ඕවා ජාත්‍යන්තර කුමන්ත්‍රන.

      ගෙම්බී-
      පල පල... එයා බොන අයට කැමති නෑලු.ඒ නිසා මම දැන් බොන්නේ නෑලු.

      Delete
    3. This comment has been removed by the author.

      Delete
  6. Replies
    1. දුකම විඳින්නට දුක උහුලන්නට
      දුකින් උපන් දරුවෝ
      දුකට වරම් ලද
      මිහිමවගේ දරුවෝ...

      Delete
  7. නුඹ කතා නොකලත් හිතවති
    මේ නිහඬ ප්‍රේමය මිහිරැති...

    ලස්සනයි බොහොම...




    ReplyDelete
    Replies
    1. කතා කර කර තියන නිහඬකම කොහොමද තේරුම්ගන්නේ...

      Delete
    2. කතා කරන ගමන්ම හිතේ තියන දේත් කියල දැම්ම නම් ඉවරනෙ මල්ලියේ...එතකොට නිහඬ කම නැති වෙලා යාවි...

      Delete
    3. වැදි රජ සමගින් අවසැඟ
      මනමේ කුමරිට රැවටුන
      මනමේ කුමරා මමයි "සොයුරියේ"
      ධනුධර උනාට ඉහත සන්දියේ
      මම සින්හයාට බයයි "සොයුරියේ'

      Delete
  8. නුඹේ ඔය සැලෙන සිත මා ළඟදි
    නොසැලෙන්න පතද්දි..
    ඉවරයක් නැති වල්පල්ම නුඹ
    මං ළගදි ගොතද්දි...
    සුමිහිරිව විදින නුඹ මගේ නම
    තිබු දුක් ගීත වයද්දි...
    හෙමි හෙමින් පාවයමි ඈතටම
    අහේතුක හේතුවට සැලෙන
    මගේ හිත අඬද්දි...

    ReplyDelete
    Replies
    1. දැන් බොරුවට කවි ලියනවා ඉතින් ඉන්න කියද්දී ගිහින්...ඔය අහේතුක හේතුවම නේන්නන් අවුලවුනේ.

      Delete
  9. දිවිය මොනතරම් සුන්දරදෝ
    දුකම කොයි තරම් සතුටක්‌දෝ/////////

    ReplyDelete
    Replies
    1. අම්මේ ඔවු... හරි රහයි තමයි...මට මේ එපාවෙලා ඉන්නේ.ඕවා ඔහොම රහයි කියලා හිතෙන්නනම් ඉතින් ඔය වයසටම එන්න වෙනවා.

      Delete
  10. මම කිව්වනේ දාල යන්න එපා කියල. දැන් ඉතින් අඬපන්.

    වේදනා නොවිඳින්න නුඹ දිනක ඔය හිතත්
    රැගෙන යන බව මම වුනත් දනිද්දී
    වේදනා නොපෙන්වා හිනාවීගන ලොවට
    හිතාගනු බැරි චරිතයන් මවද්දී

    ඈත දුරු රටකටම ඇදන් ගිය ඔය හිතත්
    අනේ මන්දා ඉතින් බෝතලේ සොයද්දී

    ReplyDelete
    Replies
    1. ඒ අනිත් බොරු කාරයා... යනවා කියද්දී පලයන් පලයන් මල්ලී කියලා දැන් බොරුවට කියනවා.

      Delete
  11. දුක මිහිරක් තමා ආදරේදී.. හැමදාම වගේ වචන ටික රොමැන්ටික්.. ඉස්තරම්..!

    ReplyDelete