Tuesday, April 5, 2016

හද ලෙන් දොර වසනු මැනවි මා එහි සිර කරලා.....



"මේ කවි කතා ඔක්කොම ලියන්නේ මට නේද....?"

"ආපෝ නෑ...මට වෙන වැඩක් නෑ කියලා හිතුවද?"

"යනවා යන්න මෝඩයා....මම දන්නවා...මේවා ලියන්නේ මට තමයි"

"කවුද කිවුවේ....?"

"කවුරුත් කියන්න ඕනේ නෑ...මම ඔයාව දන්නවනේ"

"කවද ඉදන්ද..."

"දන්න දවසේ ඉදන්..."

"ඒ වුනාට මිනිස්සුන්ව විශ්වාස කරන්න එපා"

"ඇයි...?"

"පිටට පෙන්නන තරම් මිනිස්සු ලස්සන නෑ ඇතුලට"

"ඒ මිනිස්සුනේ...මේ ඔයා"

"ඇයි....මම මනුස්සයෙක් නෙමෙයිද?"

"නෑ...ඔයා මගේ මිනිහනේ"

"එතකොට ඔයා මගේ ගෑනිද....?"

"ඇයි...එහෙම නෙමෙයිද? මරනවා තෝව...."

"ඒත් එපා...ඔයාට මට වඩා හොඳ කෙනෙක් හම්බවෙයි...."

"ඔවු....සමහරවිට...ඒත් මට හොද ඔයාවනම්....?"

"මාව දැනට හොදවුනාට පස්සේ කාලෙක නරකට පෙනෙයි ඔයාට"

"ඇයි එහෙම හිතන්නේ....?"

"මම ආදරේදී හරි ඊරිසියාවයි....මට ඕනේ ඔයාව මගේම විතරක් කරගන්න...."

"ඉතින් මෝඩයෝ මටත් ඕනේ ඔයාගෙම විතරක් වෙන්න තමයි..."

"ඔයාට තේරෙන්නේ නෑ මම කියන දේ...."

"තේරෙන විදිහට කියන්නකෝ එහෙනම්....හබැයි මම ඔය ඔඩොක්කුවේ ඔළුව තියාගත්තට පස්සේ...."

"හම්ම්ම්..."

"හරි...දැන් කියන්න...මේ ඔළුව ටිකක් අතගානවකෝ බුම්මට්ටාවගේ ඉන්නැතුව...අන්න එහෙම...කියන්නකෝ ඉතින්"

"මට ඕනේ ඔයා මගේ ගාවටම වෙලා ඉන්න...හැම තිස්සෙම මගේ ඇගේ ගෑවි ගෑවි ඉන්න...මොන වැඩේ තිබුනත් මගේ අස්සටම වෙලා ඉන්න....ඉතින් මට බයයි,මම බලාපොරොත්තුවෙන ඒ දේ ඔයාට වදයක් වෙයි කියලා.එහෙමවුනොත් ඔයාට මාව එපාවෙයි.දන්නවද....මම පාළුවෙන් ඉන්නකොට ඔයා තමයි මගේ පාළුව මැකුවේ.මුලදී එච්චරටම නොදැනුනත් පස්සේ පස්සේ මම ඔයා එනකම් බලන් හිටියා.ඔයා ආපුනැති සමහර දවස්වල මම රෑ වෙනකම් පාර දිහා බලන් හිටියා ඔයා එයි කියලා හිතාගන.ඒත් පහුවෙනිදට කතාකරනකොට ඒ මොනවත් මම ඔයාට කිවුවේ නෑ.සමහරවෙලාවට මම ,මගෙන්ම ඇහුවා මම ඔයාට ආදරේ කරනවද කියලා...ඔවු...මම ඔයාට ආදරේකලා.දැනුත් කරනවා.ඒත් ඒක කියන්න මම කැමති නෑ.මම බයයි ඔයා මට අකමැතිවෙයි කියලා...මේ විදිහට ඉන්නකොට අඩුමගානේ මට ඔයා එක්ක කතාකරන්න හරි පුළුවන්.ඒත් ඔයා මට අකමැතිවෙලා මාත් එක්ක තරහවුනොත් මට ඒකත් නැතුව යනවා.එතකොට ආපහු මට ඉන්නවෙන්නේ තනියම පාළුවෙන්.මම දැන් ඒ පාළුවට බයයි.අපි දවසකට හම්බවෙලා මහ ලොකු වෙලාවක්, මහලොකු දෙයක් කතාකරන්නේ නෑ තමයි.ඒ වුනාට ඒ ටික මට මහමෙරක් වෙලා.ඉස්සර ඉදලම මම ආදරේට හරි පෙරේතයි.දැන්නම් ආදරේට බඩජහරියෙක් වෙලා.මට එහෙමකලේ ඔයයි.ඉතින් මට ඕනේ නෑ මේ ආදරේ, ලෙංගතුකම නැතිකරගන්න.අපි මේ විදිහට හිටියොත් අඩුමගානේ ඔයා වෙන කොල්ලෙක් එක්ක යාළුවෙනකම් හරි මට ඔයා එක්ක මේ විදිහට ඉන්න පුළුවන්.හදිස්සියේ හරි ඔයා තරහවුනොත් මට ඒකත් නෑ."

"ඉතින් මෝඩයෝ මාත් කැමතියිනම් ඔයත් එක්ක එහෙම ඉන්න....?" 

"ඔයා තාම පොඩි එකෙක්.මම තරම් ජීවිතේ අත්විඳලා තියන එකෙක් නෙමෙයි.ඒ නිසා ඔහොම කියයි.ඒත් ඔයා ජීවිතේ අත්විඳිද්දී ඔයාටම හිතෙයි මේ මිනිහා මාව හිරකරන්න හදනවා කියලා.මට ඔයාව හිරකරන්න ඕනේ කමක් නෑ.ඒ වුනාට මේ ජීවිතේ හැම විනාඩියකටම, හැම තප්පරේකටම මට ඔයාව ඕනේ.මම රස්සාවකට යන්න එපා කිවුවොත් ඔයා දැන් ඒක පිළිගනියි.ඒත් පහුවෙනකොට ඔයාට හිතෙයි මේ මිනිහා මාව එයාගේ යටතේ තියාගන්න මේ දේවල් කලා කියලා.මට ඔයාව යටත් කරගන්න ඕනේ නෑ.ජීවිතේ හැමදාම එකවගේ නෑ. අගහිග අඩුපාඩුකම් ඕනේ තරම් එයි.ඒ වෙලාවට ඔයාට හිතෙයි මේ මිනිහා මට රස්සාවකට යන්න දුන්නනම් මෙහෙම වෙන්නේ නෑනේ කියලා.එහෙමවෙනවට මම කැමති නෑ.අපි දෙන්නගේ හිතේ අපි දෙන්න ගැන තියන ආදරේ හැමදාම මේ විදිහටම තියනවට මම කැමතියි.අපි දෙන්නා මේ විදිහටම හිටියොත් අඩුමගානේ ඒ ආදරේ කිළුටුනොවී තියේවි හැමදාම...."

 'ගොන් බූරු මීහරක් මීමිනි වස්සෝ....ඔච්චර දේවල් තේරුම්ගන්න පුළුවන්, ඔච්චරදේවල් හිතන්න පුළුවන් එකාට හිතාගන්න බැරිද මම රස්සාවක් කලා කියලා තොට තියන ආදරේ වෙනසක් වෙන්නේ නෑ කියන එක....මගේ ආදරේ ගැන එච්චර අඩු තක්සේරුවකින් හිතන්නේ ඇයි...?අහපිය මේකත්...මමත් ආසයි රස්සාවක් කරන්න.මම ඉගනගත්තු දේකින් ප්‍රයෝජනයක් ගන්න.මගේ මහන්සියෙන් කීයක් හරි හම්බකරගන්න.පඩි අරන් එන ගමන් ගෙදරට බඩු මල්ලක් උස්සන් එන්න.මගේ සල්ලිවලින් ඔයාට ඇදුමක් අරන් දෙන්න.ඔයාට සල්ලි ප්‍රශ්නයක් ආවහම මගේ අතේ තියන සල්ලි ඔක්කොම දීලා ඔයාගේ ප්‍රශ්නේ බර හෑල්ලුකරන්න.ඒ ඔක්කොටම වඩා මැරෙනකම්ම ඔයාට ආදරේ කරන්න.ඔයාට මාව තුරුල්කරගන්න හිතෙන හිතෙන වෙලාවට මම ඔයා ලග නැතිවෙයි.ඒ වුනාට මම පොරොන්දුවෙන්නම් ගෙදර ආපු වෙලාවේ ඉදලා ඔයා මාව එලවනකම් ඔයාගේ ඇගේ ගෑවි ගෑවි ඉන්නවා කියලා.නිවාඩු දවස්වලදී ලගින් හෙල්ලෙන්නේ නෑ කියලා.ජීවිතේ තියනකම් ඔය කළු අත්දෙක අතාරින්නේ නෑ කියලා.දැන්වත් මාව ඔයාගේ කරගන්නවද...? කියනවකෝ  වදේ....කවුද වගේ බලන් ඉන්නේ නැතුව"

"හැමදාටම ලගට ගත්තොත් මට මොනවද දෙන්නේ.....?"

"ම්ම්ම්....දවසකට උම්මා 24ක්...පැයකට එක ගානේ...."

"මදි...72 ඕනේ.පැයකට 3 ගානේ...."

"ආපෝ...වැඩියි වැඩියි....48ක්...?"

"බෑ...බෑ....72 තමයි අවම....ඊටවඩා අඩුවෙන්නම් බෑ....මොකද කියන්නේ....?"

"අනේ ඉතින්....අපි දෙන්නා යාළුයිනේ....48ක් ඇති..."

"නෑ...නෑ...උම්ම එක්ක කිසි යාළුකමක් නෑ.72ක'කට වැඩේ කරනවනම් කරමු...."

"හම්ම්...මොනව කරන්නද ඉතින්....මේ උණහපුළුවව දාලා යන්නත් බෑනේ....

"හරි...දාන්න 5ක්....මේ අහන්නකෝ...ඇඩ්වාන්ස් එකක් විදිහට ඔය උම්මා වලින් 3-4ක් දැන් ගන්න බැරිද?"

"3-4ක්....?ඇද්ද දන්නේ නෑ 3-4ක්?බෑ...බෑ...ඕනෙමනම් 1ක් දෙන්නම්...."

"අනේ ඉතින්...."

"අනේ පනේ නෑ උම්ම වලට.ඕනෙමනම් එකක් දෙන්නම්.යාළුවුන පළවෙනි දවසෙම 3-4ක්....ඒවා වානා.අපි සිංහළ කුල සිරිතට අනූව හැදිච්ච වැදගත් ගෑණු ළමයි...."

"අනේ පල යන්න බැල්ලි....හා එහෙනම්...ඒකවත් දෙනවකෝ...."

"හම්ම්...අන්න එහෙම එන්න ...කෝ..ඇස් පියාගන්න..."

"ඒ මොකටද....?"

"උම්මා එක දෙන්න...."

"ඇයි ඇස් ඇරගන බැරිද.....?"

"බෑ...බෑ...උම්මා ඔනෙනම් ඇස් පියාගන්න.අපිට ලැජ්ජයි..."

"ඉතින් මායි උඹයි විතරනේ ඉන්නේ...."

"මේ...උම්මා ඕනෙද එපාද...?ඕනෙනම් කටවහගන ඇස් පියාගන්නවා..."

"නොදකින් මුන්ගේ ගනන්....හරි පියා ගත්තා...."

...........................
...........................

"චූටි පුතා.....චූටි පුතා...නැගිටිනවා....බලනවා වෙලාව කීයද කියලා....අද යන්නේ නැද්ද....?"


-නිමි-


කටුස්සා....

64 comments:

  1. ගහක අත්තක කටුසු පවුලක කතාවක කරදරයක තරමක්.

    ReplyDelete
    Replies
    1. මමනම් ඒ ඇත්තිව ගඟෙන් එගොඩදී කරෙන් බිමින් තිබ්බා.පොඩි නම තාම කරේ තියාගන ඉන්නවා....

      Delete
  2. ලස්සන කටුසු කතාවක්....
    ලස්සන කටුසු හීනයක්.....

    ReplyDelete
    Replies
    1. බොහොමත් ස්තූතියි නිර්මාණි ඇගයීමට.

      Delete
  3. කටුස්සොයි බස්සොයි නෑයොද?

    ReplyDelete
    Replies
    1. නෑදෑකම කොච්චරද කියනවනම් දුටුතැන බඩු බනිස්.

      Delete
  4. අඩෝ කසුට්ටෝ............. ගණන් කරන කොටස දැක්කාම අතීතය මතක් වූනා බං.... උඹේ කතා ගොඩක් අපිව අතීතයට අරන් යනවා බං..... ඔය ගණන් කෙරිලි කරනවා බොරු...... බලහංකෝ කොරලාම........ හැක්

    ReplyDelete
    Replies
    1. අඩේ...ඒ කියන්නේ දැන් රික්වෙස්ට් කරලා දවස් ගානකින්ද බඩු ඩිලිවරි කරන්නේ...?වෙලාවට උඹලා අර ගැටුම් නිරාකරනයද මොකද්ද ඉගනගත්තේ...

      Delete
  5. ගොන් බූරු මීහරක් මීමිනි වස්සෝ.. මේක හීනයක්ද එතකොට

    ReplyDelete
    Replies
    1. අම්මප... මමත් රහට කියවන් ගියා. බැලින්නං හීනයක්

      Delete
    2. අම්මප බං.....

      Delete
    3. ඕකට ඔච්චර බනින්න ඕනෙද ඉතින්....මම හිතලා දකිනවා කියලැයි .

      Delete
  6. උඹේ මේ සොඳුරු සිහිනය සැබෑ වේවා කටුස්සෝ !

    ReplyDelete
    Replies
    1. උදය අයියා මේ ප්‍රාර්තනා කරන කිරිල්ලට කෙල්ලෙක් හම්බුන දවසට දවස් 7 උදය අයියට විතරක් වෙනම පාර්ටියක් ඇරේන්ජ් කරනවා....අම්මපා

      Delete
  7. අපරාදේ තවටිකක් වෙලා හීනෙම හිටියානම්....

    ReplyDelete
    Replies
    1. අම්මගෙන් කොසු පාර තමයි.

      Delete
  8. කතාව කියවගෙන යද්දි හිතුනා මනුස්ස බැඳීම්, හැඟීම් කොයිතරම් සංකීර්ණද කියල. ලස්සනට ලියලා තියෙනවා. ආදරයේ ආත්මාර්ථය, ආදරය නිසාම ඒ ආත්මාර්ථයට කැමැත්තෙන් යටවීම, ආදරයේ බොළඳබව.. යථාර්තය අස්සේ ආදරයට අකමැත්තෙන් වුනත් නැමෙන්න සිද්ධ වෙන එක, ආදරයේ අවංක හැඟීම් අස්සට සංස්කෘතික සීමා යන්තන් හරි හොම්බ දාන හැටි.. මේ ඔක්කෝම.. දැනුනා.. මේ ලිවිල්ල කියවද්දි.

    ඒත් අන්තිමට මේක කොල්ලෙක්ගේ හීනයක් විදියට ඉවර වුනාම මුළු කතාවෙම තිබ්බ ඒ 'බර' නැතුව ගිහින් ලපටි බවක් ආවා කතාවට. මම කැමතියි එහෙම නොවුනා නම්. ඒත් ලියන කෙනාට කොන්දේසි දාන්න කියවන මට බැහැ. මොනව වුනත්, කතාව ආසාවෙන් කියෙව්වා. කියවන්නෙක් විදියට, අන්තිම පේළිය අත ඇරියම.. කාලෙකින් මම ආසාවෙන් කියවපු කතාවක්.

    ReplyDelete
    Replies
    1. පෙන්වන්න ඕනේකලේ ආදරය තුල තිබෙන ආත්මාර්ථය කොච්චර සුන්දරද කියලා විතරයි.ඒ වෙනුවෙන් අත්දැකීම් ටිකකුත් එකතුකරගත්තා.ඒ නිසාමයි කතාව හීනයක් කලේ.

      Delete
  9. දන්නවද....?
    හීනයක් නෙවෙයි...
    මෙහෙම හැබෑ වුන අතීතයක් මට තිබුණා...

    ReplyDelete
    Replies
    1. අතෑරපන්.යන දේවල්වලට යන්න දීපන්.අත්දැකීම් විතරක් එකතුකරගනින්. මුතු ඇටයක් බවට පත්වන්නේ බෙල්ලෙකුගේ පියන් අතර සිරවුන වැලිකැටයක වේදනාවයි කියනවනේ. ලිවීම තුලින් ඒ මුතු ඇටය එළියට දාපන්.

      Delete
  10. දැන්නම් පිළිවෙලක් වෙන්න කාලේ හරි වගේ...

    ReplyDelete
    Replies
    1. මාත් කියනවා පුතේ...කොහේද මේකා අහන්නෙම නෑනේ....අපිවම කන්න බලන් ඉන්නවා.
      -කටුස්සාගේ මව-

      Delete
  11. "මම ආදරේදී හරි ඊරිසියාවයි....මට ඕනේ ඔයාව මගේම විතරක් කරගන්න...."

    https://www.youtube.com/watch?v=My6diuzyRug

    ReplyDelete
    Replies
    1. සඟවාගනු මැන ඔබැ රුව සොඳුරියෙ
      අනිකෙකු නෙත් ඔබැ මුව මත ගැටෙතැයි
      මා හද බිය වී සැලී සැලී යයි

      මහ වන පියසෙක අදුරු ගුහාවෙක
      යම් දිනයෙක ඔබ සඟවා තබනෙම්
      හිරු ‍රැස් බිඳකුදු ඔබැ රුව දු‍ටු සඳ
      ඉරිසියාවෙන් පිරැවේ මා හද

      සොමි සඳ වත ලෙස රුසිරු නොවිණි නම්
      දහසක් නෙත් ඔබ දු‍ටුවද කම් නැත
      එනමුදු ඊයේ මට පෙන් වූ රුව
      තව නෙත් දෙකකට හිමි විය යුතු නැත

      ගේය පද - බණ්ඩාර කේ. වි‍ජේතුංග
      ගායනය හා සංගීතය - ආචාර්ය වික්‌ටර් රත්නායක

      Delete
  12. මටනන් ඔය හුරතලේ හුරුනෑ.......බං...හුරු නැද්ද මතක නැද්ද මන්ද...නෑ එක්කො හුරතලේ නොතියෙන්ඩ ඇති..

    ReplyDelete
    Replies
    1. අම්මා ගාව හුරතල් වෙන්න ඕනේ එවුන් කෙල්ලෝ ගාව හුරතල් වෙන්න ගියහම ඔහොම වෙනවා.ඉවසපන්.හරි කාලේ ආවහම ඉබේම හුරතල් වෙයි.

      Delete
  13. ඒයි මේ.. කසුට්ටො ඔය කොට්ට උරේ මාරුකරගං අද නිදියන්න ඉස්සෙල්ල. බොලා හීනෙං කොස්කිරල කුනුකෙල නෑවිලා ඇති.

    ReplyDelete
    Replies
    1. හැක්...අම්මා එනකොට කොට්ටේ කකාද දන්නේ නෑ හිටියේ....

      Delete
  14. //ගොන් බූරු මීහරක් මීමිනි වස්සෝ.... හී ... //ගොන් බූරු මීහරක් මීමිනි වස්සෝ කසුට්ටෝ ඩයිනොසරයෝ :P :P
    ලියවිල්ල ගොඩක් රහයි.. මුල් කොටස් කියවද්දී නම් හිත හිරඋනා වගේ ..

    ReplyDelete
    Replies
    1. ඒකෙන් මේකෙන් මගේ අරකු මටම ගැහුවා නේද? අහුවියන්කෝ ආපහු දවසක.දැන් හාර්ට් බීට් නෝර්මල් නේ?

      Delete
  15. ආදර නිල් දෑසේ... ආදර නිල් දෑසේ...

    ReplyDelete
    Replies
    1. හද ලෙන් දොර වසනු මැනවි මා එහි සිර කරලා....

      මේ මනුස්සයාට (ධර්මසිරි ගමගේ ශූරීන්ට )මේ වචන කොහෙන් ආවද මන්දා....

      Delete
  16. කටුස්සට මේ දවස්වල මේ වගේ දේවල් හිතෙනවා වැඩි. මොකක් ද හේතුව

    ReplyDelete
    Replies
    1. අබුද්ධස්ස කාලේන කජ්ජේන පුහුලං කියනවනේ....

      Delete
  17. අපිත් ඔහොම කිව්වා මතකයි - අපි දෙන්නට මතකයි.

    ReplyDelete
    Replies
    1. එතකොට දැන් කියන්නේ කාත් එක්කද? එකෙක් කියලා නැද්ද?

      Delete
  18. තෝ හීනයක්ද දැක්කේ.

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල නින්ද යනවා බං සැරට.

      Delete
  19. නෙද්දකින් ඇහැරුනා නෙ...
    පෝස්ට් එකෙන් පෝස්ට් එක කාට හරි මොනව හරි කියනවා කියලමයි මට හිතෙන්නෙ බං.. උඹ කතාවකුත් ලියන්න පටං අරන් ඉන්නෙ ... මතකද?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. \\පෝස්ට් එකෙන් පෝස්ට් එක කාට හරි මොනව හරි කියනවා කියලමයි මට හිතෙන්නෙ බං\\

      මටත් ඕකම හිතුනා.....

      Delete
    2. හා...හා...දෙන්නම කටවහන් හිටපන්.හිතෙන හිතෙන දේවල් තැන තැන කියවන්න එපා කියලා උඹලගේ වැඩිහිටියෝ කියලදීලා නැද්ද?

      කතාව ලියනවා මේ දවස්වල පොතක.ඒක ලියලා ඉවරවුනගමන් දාන්නම්.ඒක ලේසියි.නැත්තන් ඕක මේ කපේට ලියන්න වෙන්නේ නෑ බං.

      Delete
  20. අතීතය මතක්වුනා.....
    අන්තිම පේලිය නැතිව කතාව ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ආයි අතීතයක් මොකට්ද? ඔන්න ඔහේ දැනුත් ගනන්කර කර උම්මා දෙන්න.අපි අන්තිම පේලිය මකමු.....

      Delete
  21. තව ටිකක් කල් නොබැද හිටියොත් උඹ ඇද පොලු ටිකත් නින්දෙම්ම හපල දානව.

    ReplyDelete
    Replies
    1. දැනටමත් පොලු නැද්ද කොහේද...

      Delete
  22. හ්ම්ම්..පුදුම හිතෙනවා...ඇත්තටම මෙහෙම ලියනකොට පුදුම හිතෙනවා....මෙයා ලියනවා අපි පිස්සො වගේ කියවනවා..හැක් හැක්....

    ReplyDelete
    Replies
    1. උඹගේ බ්ලොග් එක දිහා බැලුවහම මටත් පුදුම හිතෙනවා.....
      #$%# %%^^ $%%%^^

      Delete
  23. හුටා අම්මා එනකොට උඹ හයියෙන් කියෙව්වද දන්නෑ.

    ReplyDelete
    Replies
    1. නැතුව ඇති.එහෙම උනානම් අද මේ වෙනකොට වැඩේ වෙලා අම්මම මැදිහත්වෙලා.

      Delete
  24. කෙලියා තාප්පෙට. ඈ බොල කටුස්සා! මොකක්ද ඒ කරපු ජරා වැඩේ ???? එච්චර ආසාවෙන් කියෙව්වා . එතකොට ඒක හීනයක්ද?????

    ReplyDelete
  25. තව කි දෙනෙක් රික්වෙස්ට් එවාවිද මංදා..

    ReplyDelete
    Replies
    1. විහිලූ කෙරුවොත් තාත්තාට මා කියන්නම්.....

      Delete
  26. මේ හීනෙ නම් ලස්සනයි. හැබැයි ඇත්ත ජීවිතේ හීන තරම් ලස්සන නෑලු..

    හීනෙ හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඕං...

    ReplyDelete
    Replies
    1. ඒකනේ මම හැමදාම හීන දකින්නේ.හීනේ ජොලි ජීවිතේට වඩා.

      Delete
  27. //ගොන් බූරු මීහරක් මීමිනි වස්සෝ// මේ කෑල්ල නං හීනෙන් කෙල්ල කියපු එකක් නෙමේ අම්මා කසුට්ටේව නැගිට්ටවන්න කියපු එකක්...බලනවා ආසාවෙන් කියවගෙන කියවගෙන ආව...චක්..හීනයක් කිව්වනේ ඉතින්...මේකා නං ඔහොම්මමයි...

    ReplyDelete
    Replies
    1. හීනේ ඔයාලඟ තියනකොට තව කතා මොකටද රත්තරං?

      Delete
  28. උඹට මතකද එදා මම උඹේ ඇදේ වාඩි උනේ බෙඩ් ශීට් එක අයින් කරල ......
    මොකද මම දැක්ක ඒකෙ ඇට්ලස් ලෝක සිතියම දෙතුං පාරක්ම වැදිල තියනව .....
    දැං දන්නව මොකද ඒ කියල .....

    ReplyDelete
    Replies
    1. හැක් හැක් කටුස්සෝ......

      Delete
    2. පල වනචරයා යන්න.හිතුවද මට ක්ෂනික මෝචනය කියලා....

      Delete
  29. කියවද්දි කල්පනා කළළේ මගේ කතාව මේ කටුස්ස කොහොමද ලියන්නෙ කියලා..ආදරේ කරද්දි ගොඩක් අයගෙ කතා එක වගේමයි කියල හිතෙනව..

    ReplyDelete
    Replies
    1. ආදරය වෙනස් නොවෙති.වෙනස් වන්නේ ආදරය කරන්න්නෝ පමනකි කියලා ඕශෝද කොහේද කියලා තියනවනේ.ඒ නිසා මේ ලෝකේ තියන හැම ආදර කතාවකම මොකක් හරි කෑල්ලක් අපේ ජීවිත වලටත් සම්බන්ධ වෙනවා ඇති.

      පලමු ගොඩ වැදීමට වෙල්කම් කිවුවා හෙන්රි අයියේ....

      Delete