Sunday, January 24, 2016

To Mr.President.



පාලනය යස පාලකයා සුභ
සිතම්භරම් පට මාරුවෙයි අද
වසන නිරුවත අමුඩපොට යට
පුක සමග නැත දිය ලණුව වට

පක්ෂ රජකම වැළඳ ලොභ සිත
හිස පැළඳගත් කටු ඔටුණු මැද
ගලන රුධිරය තෙමන දෙතොලග
දියව වැගිරෙයි සුභ සිහින ගඟ

හොරුන් මෙහි නැත සිටියේද නැත
ඇල්ළුවොත් හෙට තුනෙන් දෙක නැත
හුජ්ජකරමින් දුවනු රිසිවෙන
පක්ශයක් ලඟ රටම බලුවිය

දුන්න ඡන්දය වටින්නේ නැත
පැරදුනත් එය රජ පිහිට ඇත
රටේ ජනයගෙ ඔළුව මතහිඳ
ගනියි පිල් දෙක ඔළු ගණන අද

හිඟන්නොත් ඇත උණු බතුත් ඇත
බෙදාගන්නට කොළපතක් නැත
පතෙත් පහරන අමන රැල මැද
කරන එකෙකුත් කරන්නෙත් නැත

කන්න දුන් අත හපන'වුන් මැද
මාරපන් යන කළුවන්ද ඇත
දිය යටින් යන ගින්න දැක දැක
ලොවන මීපැණි රස දැනේවිද

ලක්ෂ හැටදෙක එක්කෝ පක්ශය
මිසක නුඹහට විසඳුමක් නැත
රැවුල මුඩුකර බිවුවොතින් කැඳ
නැගිටගන්නට පිරෙයි නුඹෙ කුස

කටුස්සා....

19 comments:

  1. සුදු වෑන් එකක යනවද.. ඩිෆෙන්ඩර් එකක යනවද...?
    නියමයි කසුට්ටෝ.. ඔය ටික තැලෙන මිනිසුන්ගෙ හිත් වල කාටවත් කියාගන්න බැරුව තියෙනවා බං.. ඒත් මොනා කියලා කරන්නද..

    ReplyDelete
    Replies
    1. මුන්ද පිස්සෝ...අපිද පිස්සෝ....?

      Delete
  2. මමනම් දැක්කෙත් නෑ.. කියෙව්වෙත් නෑ..

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට ෆොටෝඑක ගත්තනේ....?

      Delete
  3. මෙහෙමයි කසුට්ටා........ උඹ මේ කතා කරන්නේ මාර වැදගත් මාතෘකාවක්... ලංකාවේ අද සැබෑ ජනතා මතය වහන්නට රනිල් වික්‍රමසිංහ විසින් භාවිතා කරන්නා වූ පලිහ ගැන කතාවයි... මේක ලෝක දේශපාලනයේ මාර ටැක්ටික් ඒකක්.... මේ තරම් උපක්‍රමිකව ජනතා මතය පාලනය කිරීමක් ගැන හිතන්නවත් අමාරුයි..... ඒත් ලංකාවේ ජනතාව මේ සිද්ධ වෙන ජනතා මතවාදය හොරා ගැනීම ඉදිරියේ නිහඩයි....... ඒක නීත්‍යානුකූලයි.. ඒත් වැරදියි.... පේනවානේද පක්ෂ ව්‍යවස්ථාවන් වුනත් මෝඩ අාකාරයට නිර්මාණය වීමේ විපාකය...... මේක මාර දේශපාලනය උපක්‍රමයක් කියලා තමා කියන්න තියෙන්නේ......

    අැත්තට ම කිව්වොත් මේ ඉත්තෙක් විතරයි....... ඒක ස්ථිරයි....

    (මේ සිද්ධිය නීත්‍යානුකූලව හරි.... ඒත් ප්‍රජාතන්ත්‍රවාදය තුළ පැහැදිලි ජනතාව මතය ඉදිරිපත් වීම වැලැක්වීම අතින් ගත්තාම වැරදියි...... )

    ReplyDelete
    Replies
    1. කවුරු කොහොම කොයිවිදිහකට ඉත්තෙක් කරගන්න හැදුවත් විධායකය එච්චර බාල්දුවෙන්න ඕනෙද?

      Delete
  4. අදනම් ඔන්න කියවන්න පුළුවන් කයියක්...
    එළ මචං...

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ...මෙච්චරකල් මම ලිවුවේ ග්‍රීක් වලින්ද?

      Delete
  5. ලස්සන කයියක් කසුට්ටෝ..

    ReplyDelete
  6. බොහෝම සැරයි.... සුනිල් ආරියරත්නලටත් වඩා ඉහලයි...

    ReplyDelete
    Replies
    1. මුනුත් බොහොම සැරයි....අපිට

      Delete
  7. පව් නේ? අහිංසකයා!

    ReplyDelete
    Replies
    1. පොටෝවේ විදිහට අලයක් වවාගන හිටියනම් නිදහසේ නින්දවත් යනවා රෑට....

      Delete
  8. කොයි රජාත් එකයි බං අන්තිමේ.

    ReplyDelete
    Replies
    1. උනුත් එකයි...මුනුත් එකයි...මෙදාපාර අපි......?????

      Delete
  9. උං දිනුම් හැමදාම අපි පරාදය
    අදින්නේ අපිය විකටයාට
    ලණුව වෙන උන් අතය
    ඒ මුත් රූකඩය
    නටන්නේ අපය හිතුවට
    නැටවෙන්නේ අපය

    ReplyDelete
    Replies
    1. එක්කෝ උන් හති වැටෙන්න ඕනේ.නැත්තන් අපි හති වටෙන්න ඕනේ..

      Delete
  10. ++++++++++++++++

    ලස්සන අල

    ReplyDelete