Tuesday, July 7, 2015

සොයන නුඹ...





ලඟ නොයිඳ පිටව ගිය බව නොදැන
සොයන නුඹ.... දුර ඈත
ක්ෂිතිජයක
මැවෙනවිට හද මඩල....
යන දිනයේ කියන්නට නොහැකිවුන
කතාවක.... පදපේළි අතර මැද
නැවත හිනහේවි අද....

අදත් නුඹ එනතෙක්ම හැරතිබූ
දොර දෙසම... අයා නිරුවත් දෙනෙත
බලා සිටි හැම පැයම.... කල්පයක් උනේ ඇයි
සිතනවා මම තවම
ගිය නොගිය මග දෙපස රැදෙන
පෙම්වතුන් ලඟ.... නවතිනා දෙනෙත් අග
මැවෙනවා අප දෙදෙන
සංසාර ආදරය ඉකිබිඳින මුළු රැයම
අමතකව යහන මත සොයනවා
නුඹ කොහිද....

කොහොම කෙළසද වුනේ වරද
කා අතද වග.... සොයන්නට ඉඩ නොදෙන
ගතු කියන ආදරය.... මානයෙන් තෙමුන සිත
මත රැදී විලිබරව.... පතන්නේ
නුඹේ සුවඳ මගේ මත නොමගැටුන....
නුඹ කොහොද සුව ඇතිද දහස් පැන
නගන සිත
ගොළු වන්නේ ඇයිද අද
රොන් සොයන බඹරු ලඟ....
අනේ මට හැකිවුනොත් වෙසඟනක්
වෙන්න හෙට.... මට හැකිය
සැනසෙන්න මකා සිහිවටන ලොව
නොමකෙන්න නුඹ ඇන්ඳ
මගේ හදවත පතුල....


කටුස්සා....

ගිය අවුරුද්දේ දෙසැම්බර් 27 පෝස්ට් කරපු බලා සිටිමි මග.... කවියේ දෙවනි කොටස කියලා හිතුවට කමක්නෑළු ඕං....

22 comments:

  1. මාරු කවිය .
    ඒ වගේම මාරු ෆොටෝව

    ReplyDelete
    Replies
    1. කවිය මරු උනාට ඇත්තම සිද්දියක්.ඒකනම් හෙන කැතයි.අද ඇය ගෙයින් එළියටවත් බහින්නේ නැතුව මුළු ගැන්විලා ලැජ්ජාවට.

      Delete
  2. පලවෙනි කොටසේ කමෙන්ට් එකේ ගල් බෝතලයක ඇරියස් එකකුත් තියනවා..
    කෙල්ලෙක් දාල ගිය කොල්ලට නේද කියන්නෙ?
    එල ද බ්‍රා
    තවමත් බ්‍රෑන්ඩ එක ගල්

    ReplyDelete
    Replies
    1. ඔවු ඉතින් උඹ අවුරුද්දට ආවහම නිකමටවත් කිවුවේ නෑනේ, ඇරියස් කවර් කරන්න.
      ඔවු බං.ගිය පාර ලියන කොටනම් රණ්ඩුවෙවී එක වහලක් යට.මේ පාර එනකොට උසාවි ගානේ බඩ ගානවා.

      Delete
    2. උඔගේ පිලිතුරේ දෙවැනි කොටස වැදුනා බොක්කට..බෝතලයක් ගහලා කතා කරමු වෙලාවක.

      Delete
  3. ලස්සන යි කවිය...
    කටුස්ස දැං වැඩිය පෙන්න නැත්තෙ මොකෝ... ඉදලාම දකිනව හාව හද දැක්ක වගේ
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මයියා....

      මේ දවස් වල හම්බකරන් කන රස්සාවේ ඇතිවෙලා තියන අවුල් ටිකක් විසදගන්න කොළඹ-අ'පුරේ අතර හක්කලං කරනවා ඇරෙන්න වෙන වැඩක් කරන්න වෙලාවක් නැතිවෙලා.කොළඹදී කම්පියුටරය අතින්වත් අල්ලන්නේ නෑ.පුරේට ආවහම තමයි මොනව හරි සෙල්ලමක් දාන්නේ.ඒ නිසා ගොඩක් දේවල් 'මිස්' වෙලා ජීවිතේ....

      Delete
    2. කටුස්සෝ
      පුරේදි කෙනෙක් ඡිවිතය පරදින්නෙ බොහොම අඩුවෙන්..මම ඒක අත්දැකිමෙන් කියන්නෙ..
      ඡය ශ්‍රි මහා බෝ හාමුදුරැවන්ගෙ පිහිටෙන් උඔ Back to normal වෙයි.

      Delete
  4. //ගිය නොගිය මග දෙපස රැදෙන
    පෙම්වතුන් ලඟ.... නවතිනා දෙනෙත් අග
    මැවෙනවා අප දෙදෙන//
    මේ ටික හොඳටම ඇති.....

    ReplyDelete
    Replies
    1. ඕනෙම නෑ කියල ලොකුවට හිතලා අයින්කලාට මොකද සමහර ආදරණීය මතක සටහන් මැරෙනකොටත් මතක්වෙනවා බං

      Delete
  5. ගැහැණියක් වෙලා එකට එක කරන්න හිතන එකත් හොඳ නිර්මානාත්මක සිතිවිල්ලක්. කවි ටික මල් මසුරං මචෝ!
    අරකනං අර අවතාර චිත්තරපටියෙ පැන්ඩෝරා ග්‍රහලෝකෙ පිංතූරුවක්ද කොහෙද.

    ReplyDelete
    Replies
    1. //ගැහැණියක් වෙලා එකට එක කරන්න හිතන එකත් හොඳ නිර්මානාත්මක සිතිවිල්ලක්.///

      කියහන් මේ කමෙන්ට් එක දැම්මේ කොයි මධාවියද

      Delete
  6. ඊයේ රෑ කියෙවුවා කීප සැරයක් ෆෝන් එකෙන් නිසා කමීන්ට් එක වැටුනේ නෑ,, ලස්සනයි

    ReplyDelete
  7. විරහා දුකින් වෙළී
    ඔබගේ නුවන් පෙඟී
    කළ කී කතා මැකී
    මා පෙළා...

    තහනම් සෙනේ බැඳී
    දඬුවම් ලබා ඉමී
    ගිය දේ ගියා වැනී
    නොලැබිලා...

    ඔබෙ රූ නෙතේ ඇඳී
    කිසිදා නොයයි මැකී
    අහිමී සෙනේ පතා
    සැමදා බලා ඉමී...

    සෙනෙහේ ලැගුම් සොයා
    කොහෙදෝ ගියේ අපී
    සසරේ පතා නැතී
    ගමනේ මුළා වුණී...


    ගී පද : දයා ද අල්විස්
    සංගීතය : ස්ටැන්ලි පීරිස්
    ගායනය : ලතා වල්පොල සහ සරත් තිසේරා

    ReplyDelete
  8. කොහොම කෙළසද වුනේ වරද
    කා අතද වග.... සොයන්නට ඉඩ නොදෙන
    ගතු කියන ආදරය.


    නිහඩ වූ පමනින්ම
    වැරදිකරු මම වෙම්ද
    නුඹට පෙම් කළ සිතට
    කඳුල සින්නක්කරද


    ලස්සනයි කසුට්ටෝ

    ReplyDelete
    Replies
    1. අා................... සබරේ සහෝ............

      කසුට්ටා කියන වචනය ඉස්සුවා නේද??????? අපේ සබරේ අැනෝත් නිර්මාණ කාර්යක් පටං ගන්න හිතාන ඉන්නවැයි...........?????

      Delete
    2. ඇයි වදේ වර්ණකුලකයේ මිත්‍ර වර්ණ මම නොවැ

      Delete
  9. කවි ටික මරු කටුසසෝ. උඹගෙ ප්‍රශ්න ටිකත් ඉක්මණට විසඳෙන්න කියල ප්‍රර්ථනා කරනවා.
    ජය වේවා!!!

    ReplyDelete
  10. "මුතු ඇටයක් බවට පත්වන්නෙ බෙල්ලෙක්ගෙ බෙලිකටුව තුල සිරවුන වැලි කැටයේ වේදනාවයි.."

    උපරිමයි කටුස්සෝ..

    ReplyDelete
  11. //"මුතු ඇටයක් බවට පත්වන්නෙ බෙල්ලෙක්ගෙ බෙලිකටුව තුල සිරවුන වැලි කැටයේ වේදනාවයි.."

    උපරිමයි කටුස්සෝ..//

    ReplyDelete
  12. අගෙයි කසුට්ටෝ.................. නියමයි

    ReplyDelete
  13. කසුට්ටෝ මෙන්න ගිහින් බලන්න වටිනා තැන් දෙකක්..........

    http://katusuhadawatha.blogspot.com/2014/10/blog-post_5.html?showComment=1436707914470#c2152907113493480650

    http://kurutugegeepawra1.blogspot.com/

    බලලම අදහස් කියමුකෝ බලන්න............

    ReplyDelete