Tuesday, June 2, 2015

හීනය -1.5




කඳුළු අරණක තනිවෙලා අද ඉකිබිඳින්නේ ලොවට රහසින්
එදා මා ලඟ රෑදී හුන් කල සප්ත සාගර පරදවාලන
ඔබ ලබාදුන් ආදරයමද මේ...
කිසිදා මා අත්හැර නොයනබව නීල නෙත්යුග දිවුරලා මට
කඳුලු ගලනා දෙනෙත පිසදා නුඹේ නලලත දෙතොල තැවරූ
ඔබ ලබාදුන් ආදරයමද මේ...

අනග සිත් ගැබ පුරා කදිමට පාට තැවරූ ඇගිලි තුඩුමත
රදවලන්නට හීන මැවු ඒ මල් පොකුර මැද නොකිය ගොළුවුනේ
ඔබ ලබාදුන් ආදරයමද මේ...
සිහින අහසේ උදා හිරු සේ එකලු කරමින් අදුරු විජිතය
දෙනෙත් බැමි පුපුරා මැවෙන දිය දහරේ මුසුවී ගලායන්නේ
ඔබ ලබාදුන් ආදරයමද මේ...

සීත දෙකොපුල තනිය මකනට යන්තමින් ඇඳි සිනහවක් මැද
තාරුකා සේ දිළුන නෙතු යට සැගව රහසින් මියැදුනේ අද
ඔබ ලබාදුන් ආදරයමද මේ...
සෙමින් රැදවූ නුඹ දෙතොලමත දැනුන උණුසුම යළි නොදෙන්නට
සිතා ගොළුකල නුඹේ හද මැද ගල්ගැසී පණ නල යදින්නේ
ඔබ ලබාදුන් ආදරයමද මේ....


කටුස්සා....

 හීනය -01




10 comments:

  1. මොකෝ මලේ විරහ ගීම ...
    http://nelumyaya.com/?p=2912

    ReplyDelete
  2. නැත්තං වෙන මොකක්ද? ඒකම තමා. (unprecedented)

    ReplyDelete
  3. ලස්සනයි කසුට්ටා


    සබරේ ඇනෝ

    ReplyDelete
  4. වදිනවා..බොක්කටම

    ReplyDelete
  5. දැනුනේ ගී පද ටිකක් වගේ...

    ReplyDelete
  6. ඔව්වොව්.. මේ ඒකම තමයි.. හැක්.. දෙවෙනි කොටසෙන් භාගයක් නිසාද 1.5 කියල දැම්මේ.. සංඛ්‍යා රේඛාව දිගේ ගියා වගේ මෙහෙම ගියොත්නම් උඹ දෙකට කිට්ටු කරන්න බැරිවෙනවා..

    ReplyDelete
  7. කවිය ෆේල්...2නි කොටසින් කියන කතාවකට පෙරවදනක් දෙන්නයි හැදුවේ.ඒත් එකෙක්වත් තේරුම් අරගන නෑ නොවැ.දෙවනි කොටසත් දාලම මේ කමෙන්ට් වලට උත්තරදෙන්නම් හොඳේ.පොසොන් සීසන් එකේ ගෙදර කාත් කවුරුවත් නැතුව අනුරාධපුරේ තනියම ඉන්න එකෙකුගේ ගෙදරට යාළුවෝ රොත්තක් කඩාවැදුනහම තියන ආතල් එක මවාගනිල්ලකෝ.මේ දවස්වල ඒක උපරිමෙන්ම විඳිනවා.ඉක්මනටම 2නි කොටස දාන්නම්.
    ජය වේවා....

    ReplyDelete
  8. ලස්සනයි මචං. ඉක්මණට දාහන් වර්ෂන් 2 :D.

    ReplyDelete
  9. මොකද බං මේ දවස් වල විරහවම?

    ReplyDelete
  10. නොදකින් විතරක්......
    මදැයි ආදර කතාවක් කියන්ඩ පටන් ගත්තා....එකත් තෝ බූට් එකක් කලාද??

    ReplyDelete