Friday, April 10, 2015

නිමාවූ ගිම්හානය....




සංසාර ආරණ්‍ය පාමුල
බලා ඉද්දී නෙතුඅයා
වියලි ගිය මා සිතුම් අහසට
වැටුන වැහිබිඳු දිලිසෙනා
නුඹේ සිනහව රැඳුන සියපත
සුවඳ සොයනට සිඳු අරා
ඇදෙන සියොතුන් ගයන ගීතය
සවන් අද්දර රැවුදෙනා


තාරුකාසේ දිලෙන දෙනෙතෙන්
එළියවන හද මුමුණනා
මහ පිරිතවන් සහන් කවිපද
කෙලෙස මා හද හදුණනා
නිම්නයක පිපි මල් සුවද සේ
මගේ හදවත සනසනා
නුඹේ සෙනෙහෙට මං කියනු වස්
සුළඟ මා ලඟ දැවටෙනා


නිසල සවසක ඈත ක්ෂිතිජය
ඇඳුන හිරු කිරණක් ලෙසේ
බොහෝ දුර ඇති නිසල සයුරට
ආදරෙයි මම පණ වගේ
ඒ සයුර මත ඔහේ පාවෙන
රුවල් බිඳි නෞකාව සේ
ඔබෙ දිවිය මත සගවමී මම
ඔබම දුන් හසරැලි මගේ


සිතින් අත්හල පැතුම දෝතින්
ගෙනත් දී නුඹ සෙනෙහසින්
අවදිකර මන මුදා සිතුවිලි
බැදදමා පවුරක් ලෙසින්
දුවන මිගවන් මගේ මනසට
විසල් තුරු වදුලක් වෙමින්
මවන පෙලහර විඳිනු රිසිවී
මගේ මනසද අවදියෙන්


කඳුළු අරණට යනෙන මාවත
අවුරනා ඔබේ ආදරෙන්
විකල්වී ඇත මගේ ආලය
මවා නුඹ වට සිහිනයන්
සරා සඳ සේ බැසනොයා මට
සිසිල දෙන මවුවත් ගුණෙන්
සැනසෙනා ලය මතම රැදියන්
නුරා දෙනෙතට නෙතු යොමන්


කටුස්සා....

34 comments:

  1. අගෙයි කසුට්ටෝ............... දැන් උඹ පට්ට කවියෙක් හරිය.... අපිට ඉරිසියයි හිටං.....

    ReplyDelete
    Replies
    1. ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ මගේ පළවෙනි පෝස්ට් එකට උඹලා දාපු කමෙන්ට් එක බලපන්කෝ.ඊරිසියයි කිවුවට උඹලා මගේ පිටිපස්සේ හැමදාම ඉන්නවා කියන එක මම දන්නවා.හැබැයි බොල මම පට්ට කවියෙක්නම් නෙමෙයි.තාම පද ගැටගගහ ලියන එකෙක්.

      Delete
  2. ගති බං සිරාවටම..

    ReplyDelete
    Replies
    1. බොහොමත් ස්තූතියි වර්ණ...

      Delete

  3. එලි සමය රැකල කවි ලියන නිසා මේ ටික ලියන්න හිතුනා ... අන්තිම කවි දෙක යවහන් දොසට අහු වෙලා ..
    සාමන්යෙන් සඳැසක ය , ව , හ . න් . එලිසමය ඉවර කරනවානම් ඊට කලින් මාත්‍රාවත් සමාන වෙන්න ඕනෙ කියල දෙයක් තියෙනවා ...

    නිකන් මේ වගේ
    ලවන්
    පවන්
    සවන්
    ණුවන්

    ඉවර වෙන්නෙ න් කලින් මාත්‍රවත් ව

    එහෙම ලියනවානම් නිදොස් සඳැසක් වෙනවා ...

    ට්‍රයි එකක් දාපං .. කවි ටික නියමෙට පැදෙනවා ... :)

    ReplyDelete
  4. පලෝ කොරන්න ගියාම දැන් බෑ කියන්නෙ ... :\

    ReplyDelete
    Replies
    1. අඩෝ...උඹ මාව පිස්සෙක් කරනවා.සිරාවට මම මහලොකු කවියෙක්නම් නෙමෙයි.මේක පටන්ගන්න කලින් කවියක් කියවපු එකෙක්වත් නෙමෙයි.මේක ලිවුවෙත් නිසදැසක් විදිහට මිස සදැසක් ලෙසින් නෙමෙයි.ඒත් අන්තිම කවි දෙක නොහිතම එළිසමය රැකෙනවිදිහට ලියවිලා.ඇත්තටම මේ ගැන මම මහාලොකු කියවීමක්,ඉගැනීමක් කරල නෑ.කවියක් ගැන මම ලබපු පළමුවෙනි පාඩම තමයි මේක.ඒකට උඹට බොහොමත් ස්තූතියි.
      අර ෆලොවින් ගැජට්ටුව හිටපු ගමන් පිස්සු නටනවා බං.එතන උඩ තියන අර කොටු දෙකක් වගේ අයිකන් එක ක්ලික්කරලා බලපන්.ගොඩක් වෙලාවට හරියනවා.
      උඹේ පළමු ගොඩවැදුමට වල්කම් කිවුවා.....

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. නිතින සිහිවන නුඹේ නෙතු යුග
    මහද අරණේ දද දරා
    කවක ගුලිවන හදේ රිදවුම
    තබමි අහසේ වෙර දරා
    හමුව වෙන්වුණු පවේ අරුමය
    දරමි භවයේ එමි සරා
    දිනෙක හමුවෙමු පියේ වෙන්වෙමු
    අහිමි සෙනෙහේ දුක දරා

    ReplyDelete
    Replies
    1. සියක් හැඟුමන් නොකිය කියවෙන
      නුඹේ නෙතු මට සිහිවෙනා සඳ
      සිතට දැනෙනා දහස් සිතුවිළි
      නොසිත ලියවෙන අරුම පියබඳ
      නුඹ ලබාදුන් නැවුම් සෙනෙහස
      පමණි පලදුන් එකම පින අද
      හමුවුනොත් නුඹ නොදෙමි කිසිදින
      අහිමිවන්නට නැවත නුඹෙ හද

      Delete
    2. (&%*%*&^() අපි තැලෙයි කිව්වලු... මල් මසුරං...

      Delete
    3. අඩෝ.. බලපන් කොහොමද අපි ගෙනත් දාන කෑලි.. දැන් මං වෙනුවට කවි ලියන්නේ මෙයා තමයි.. උඹල සප් එක දෙන්නෝනෙ හරි..ද? :)

      Delete
    4. කෑලි මිසක් උඹ කවද්ද සම්පූර්ණ එකක් ගෙනාවේ ....හැක්.අනික සප් එකක් දීපන් කියලා උඹ කියපු එකානම් ඕකට පැනලා හා කියයි.දන්න විදිහටනම් ඕකාට තව මාස ගානක් වේලි වේලි ඉන්න වැඩ සෙට්වෙලා තියෙන්නේ......

      Delete
  7. අඩෝ ඒපාර කවිකමට බැස්සද??
    සුපිරි කවි ටිකක් දිගටම ලියාගෙන ආවේ....
    පට්ට පට්ට.....

    ReplyDelete
    Replies
    1. මේකහොඳ නැද්ද පණ දාගන ටයිප් කරනවාට වඩා...?

      Delete
    2. අඩෝ දාපන් අර කතවේ ඉතුරු ටික....
      එකෙන් 50 ගහමු...

      Delete
  8. ලස්සන කවි ටික... හිතට වදින කතාවක් වදින්නම කියලා තියෙනවා....

    ReplyDelete
    Replies
    1. උඹ කැමරාවෙන් කරන දේ කවියෙන් කරන්න තාම ට්‍රයි කරනවා මචෝ....

      Delete
  9. කවදත් වගේ ඉතින් හරිම අපූරුයි කටුස්සෝ..

    ReplyDelete
    Replies
    1. ආහ්...මල්ලී නිවාඩුවට ගෙදර ඇවිත් කවිකාරිත් එක්ක දවසම රවුම් ගහල ගහල මේ පැත්තටත් ඔළුව දාලා වගේ.
      බොහොමත් ස්තූතියි මනෝශ්....

      Delete
  10. උඹේ කවි හැමදාම ලස්සනයි කටුස්සො. අර මේ මාසේ කලින් දාපු කවි දෙක වගේ සංකීර්ණ මාතෘකා ගැනත් ලියහන් තව. ඒක නෙමේ, නරකද ආයෙත් කතාවක් ලීවොත් කොටස් 2, 3ක් තියෙන.
    ජය වේවා!!!!

    ReplyDelete
    Replies
    1. මේ දවස් හරි දිග දවස් ටිකක් වෙලා මනා.භාගෙට ලියපු කතා 5-6ක් ඩ්‍රාෆ්ට් වල හිරවෙලා.මේ මාසේ ඔහොම යන්න දීලා හිමින් ලියමු.අර කතාවේ ඉතුරු කොටස් තාම ලියන්නත් බැරිවුනා.
      දිරි ගැන්වීමට බොහොමත් ස්තූතියි මනා...ජය වේවා.....

      Delete
  11. අ ෙප් කවිත් කවිද කියලා හි ෙතනවා බං

    ReplyDelete
    Replies
    1. උඹේ කවිනම් කොහොමත් XXXනේ.සින්හළ වැලකතා එකට තමා ඒවා හරියන්නේ...D

      උඹේ කවිකියවන කොට මට දැනෙන්නෙත් ඕකම තමයි.ඒ විදිහට මිනිස්සු හිනස්සන එක මටනම් හීනයක්.මම අපේ බල්ලට කතාකරන්නෙත් දැන් රැන්ඩි කියලා,ඒ කතාව අමතකකරන්න බැරි නිසා.

      Delete
    2. මදාවියා, ඒකත් කලාවක් බං.. හැමෝටම උඹ කොරන දේ කරන්න බෑ...

      Delete
  12. නෙදකින් විතරක්... ඔව්ව කවිද යකෝ.. ඊට වැඩිය හොඳයි අජිත් මුතුකුමාරණ සිංදුවක් කියනව අහං ඉන්නවා. නොදෝමකිං ... චාටර්... අජූතයි... කුජීතයි...

    ReplyDelete
    Replies
    1. ඇයි යකෝ.. මෙහෙමත් පුළුවන්ද හැමදාම වර්ණනා කොරන්න... නියමයි , මරු .. සිරා.. එළකිරි.. පට්ට... එලද බ්‍රා... අම්මටසිරි... කිය කියා ... තුක් විතරක්... මගෙ වැඩේ හැම මගුලෙම ඇද හොය හොය ඉන්නෙක නිසා ඇදයක් හොයන්න පුළුවන් විදිහෙ එකක් ලියහන්කෝ... මේ වගේ එව්ව නොලියා...

      Delete
    2. මෙහ්.. ඒක නෙවෙයි ... ඔව්ව එක්කහු කරලා පොතක් ගහමු බං.. ඇත්තටම කියන්නෙ... උඹ එන්න එන්නම දියුණු වෙනවා... නෝට් පොතක් තියාගෙන ඔලුවට එන එන විදියට ලියල තියාගනින්... කවි කාරයෝ (මේකෙ ඉන්න එවුන්ම) එක්කහු කරගෙන සෝදුපත් බලල අඩුපාඩු බලල පබ්ලිෂ් කරමු. විහිලුවට නෙවෙයි.. ඇත්තටම කියන්නෙ. ඔය වගේ හැකියාවල් එලියට ගන්න ඕන බං.. මං දවසක් කිව්වෙ "කවි කාරයෝ" කියාගත්ත බඩු කාරයෝ උඹ ඉස්සරහ කූඹි ගානයි...

      Delete
    3. ඔය පොත් ගහන්න බැරි යට ඉන්න එකා මට වොර්නින්ග් දීලා තියෙන්නේ "තෝ වැරදියට ලිවුවොත් ඒ පොතෙන්ම තොගේ ඔළුවට ගහනවා "කියලා.පොත් ලියන්න තව ගොඩක් කල් යයි මචෝ.අපි තාම පොඩි වුන්නේ අම්මා කුක්කු ඉල්ලන.කොහොම කලත් බස් අජියා හොඳයි මට වඩා.අපි ගනන් නොගත්තට ඌ හෙන පොරක් තව කට්ටියකගේ.එහෙම නොවුනම් ඒකා කොහොමද කැසට් 50ට කිට්ටුවෙන්න පබ්ලිශ් කරන්නේ?ඒකා එක්ක බලන කොට කවි10-15 ලියාගන පොත් ගහන්න තරම් සදාචාරාත්මක අයිතියක් තියනවද අපිට?

      Delete
  13. මේක හරියන්නේ නෑ.. මං බ්ලොගේ නම වෙනස් කරනවා *කලා හිත කියල.. ඇයි යකෝ අපි අමාරුවෙන් එක කවියක් ලියන කොට මුන් කවි දුසිමක් විතර ලියනවනේ ගේමක් නැතුව.. උඹෙ කවි ටිකටයි.. පොඩි මෑන්ගේ කොමෙන්ටෙකටයි හංසමාලි ගෙ රිප්ලයි කවියටයි මං පට්ට මනාපයි මචෝ.. අවුරුදු අස්සේ හිර වෙලා ඉන්නේ... නැත්නම් අම්මප ලියනව රිප්ලයි කයියක් පට ඇරගෙන..

    ReplyDelete
    Replies
    1. අම්මට සිරි....උඹේ බ්ලොගේ නම #කලාහිත නෙමෙයිද?...මම මෙච්චරකල් හිතන් හිටියේ එහෙමයි....නොදකින් සේෆ්ටි මැනා....ඒ කලේ කොහොම හරි ඇදගන ගියා ඕක අර සේෆ්ටි සිංහලෙන් නිසා.ඊට පස්සේ ඔය කවි 2-3ක් දැම්මා.දැන් අර කෙල්ලෙක් අල්ලන් ඒකිව විකුනනවා.(අඩෝ...ඒකි අන්මැරීඩ්ද....?) ගිහින් ලියපන් මල පෙරේතයා......

      Delete
  14. අඩේ ක‍ටුස්සො මේ තියෙන්නෙ බං කවි... සිරාවටම වල්ලා පට්ට බං..
    මරු.. ආහ් සුභ අලුත් අවුරුද්දක් වේවා හොඳේ...

    ReplyDelete
    Replies
    1. පට්ටනම් කෙසේ වෙතත් වල්ලනම් තාම සේෆ්ට්.බොහොම ස්තූතියි මයියා.උඹටත් සුභ අළුත් අවුරුද්දක්.....

      Delete
  15. මිස් වුන දිගටම කටුස්සෝ වැඩ නිසා. නියම කවිය.

    ReplyDelete