Monday, March 16, 2015

හිමියනි.....



දණින් වැටී සුදු දෙපා ඉඹින්නට
මට හිමි නැති වාසනා පැයේ
හිමියනි නුඹගැන වීර පදක්කම්
ගෙල පළඳා කුමකටද අගේ

මේ දෙතොළැලි ඔය නළලේ තියලා
නුඹ උරයේ දඟ කරපු පැයේ
මේ සෙනෙහස අඩුවෙන් දැනුනාදෝ
මා තනිකර යුධ බිමට ගියේ

සුදු අප්පච්චී කෝ අපෙ අම්මේ
පොඩි දූ වද දෙනවානෙ ප්‍රියේ
තවත් බොරුකියා බෑ රවටන්නට
ඔයා එන්න උණුහුමට අපේ

යුගල ඇදක තනි යහන නිදන්නට
මා කල පවු කෙතරම්ද දැනේ
එහෙ මෙහෙ පෙරළී ඔබෙ රුව සෙවුවා
හිමි නැතිදා නිදිමරන රැයේ


ඔයා නොඑන්නට දූයි මායි කල
වරදද අපෙ ආදරය වුනේ
ඔය තුරුලට අපි දෙන්නා එන්නම්
සමාවෙන්න රත්තරන් මගේ



කටුස්සා....


44 comments:

  1. ලස්සනයි බන්.....පට්ට

    ReplyDelete
    Replies
    1. උඹත් මහ රෑ තිස්සේ ඇහැරගන මොනව කරනවද මන්දා....ස්තූතියි මචෝ....

      Delete
  2. Superb ...!
    සංවේදී , ලස්සන නිර්මාණයක් ...!

    ReplyDelete
    Replies
    1. බොහොමත් ස්තූතියි සඳරූ.....ඒ වගේම වල්කම් කිවුවා පළමු ගොඩවැදුමට....

      Delete
  3. උඹේ මේ නම වෙනස් කරහං. කටුස්සෙකුට වඩා උඹ බොහොම සුන්දර අදහස් දක්වනවා. එක්කො එපා. ඔහොම හොඳා.

    ReplyDelete
    Replies
    1. මදාවි කටුස්සා....අපෝ හීනෙන්වත් එපා....
      ඔය වචන ටිකට තැන්කු කිවුවා....

      Delete
    2. ඇත්තමයි..පාට වෙනස් කරන නම උඹට ගැලපෙන්නේ නෑ.

      Delete
  4. හරිම සංවේදී වෙනව බං.. හ්ම්ම්..

    ReplyDelete
    Replies
    1. ඒ පුරුද්ද දිගටම තියා ගනින්.කවදාවත් නැතිකරගන්න එපා.කළුගල් යට ඉන්නෙත් මිනිස්සු කියලා පෙන්නපන්.....

      Delete
  5. මේක පිටුපස මොකක් හරි අපි නොදන්නා කතාවක් තියේද

    ReplyDelete
    Replies
    1. නොදන්නම නෙමෙයි.දන්නවා.ඒත් එච්චර හිතන්නේ නෑ.
      ඔය ඉන්නේ ලුතිනන් කර්නල් ලලිත් ජයසින්හගේ බිරිද සහ දියණියයි.ඔය පොඩීඑකී කවදාවත් තාත්තගේ මූණ දැකලත් නෑ.ඔය පින්තූරේ අරගන තියෙන්නේ ඔහුට පරම වීර විභූශන පදක්කම දෙන අවස්ථාවේ.මම හිතන විදිහට එහා පැත්තෙන් ඉන්නේ ඔහුගේ තාත්තා.ඔය එක්කෙනෙක් විතරයි.ඔයවගේ තව දාස් ගානක් ඉන්නවා බන්,සින්හළ වගේම දෙමළ බිරින්දෑවරුත්........

      Delete
    2. ඇයට දි තිබුන ඡිප් රථය සහ රියදුරැ ඉවත් කල බවක් පහුගිය අහන්නට ලැබුනා..
      ඔහු ගැන ලිපියක් දාන්න පුලුවන්නම් වටිනවා..

      Delete
    3. මාත් ඒක ඇහුවා.හිතෙන විදිහටනම් ඒක දේශපාලනය නිසා වුන දෙයක් පහුගිය ආණ්ඩුවෙන්.හේතුව ලලිත් ජයසින්හයන් හා සරත් ෆොන්සේකා අතර තිබූ සම්බන්ධය.දේශ්පාලනයට ඒමට පෙර අනෝමා ෆොන්සේකා සමග කල පුවත්පත් සාකච්ඡාවක ඇය සදහන්කර තිබුනා සරත් ෆොන්සෙකාගේ ඇස්වල කඳුළු දැක්ක එකම දවස ලලිත් ජයසින්හයන් මියගිය දායි කියලා.ඔහුගේ දේහය සමගින් අනිකුත් අයව නැවත ගෙන්වාගන්න ගුවන්හමුදාව පවා සම්බන්ධ කරගත්තේ එකල හමුදාපතිගේ මැදිහත්වීම මතයි කියල තමයි අහල තියෙන්නේ.මෙතෙක් ඉතිහාසයටම ක්‍රියාන්විතයකදී මියගිය උසස්ම නිළධාරියා ඔහුයි.ඔයවගේ අහල දැකල තියන විස්තර වලට අමතරව වෙන දෙයක් මම දන්නේ නෑ බන් ඔහු ගැන ලිපියක් ලියන්න තරම්.

      Delete
    4. ///මෙතෙක් ඉතිහාසයටම ක්‍රියාන්විතයකදී මියගිය උසස්ම නිළධාරියා ඔහුයි// ඒක වැරදියි මචං. මැරෙනකොට ලලිත් කැප්ටන් ඉඳල මේජර් උනා විතරයි.. මැරුනයින් පස්සෙ එක රෑන්ක් එකකින් උසස් කරන නිසා තමයි ලුතිනන් කර්නල් උනේ. ඊට වඩා හුඟක් සීනියර් ඔෆිසර්ස් ල යුද්දෙන් මැරිලා තියෙනවා. මේක කිව්වේ ලලිත් ගෙ කමිට්මන්ට් එක අවතක්සේරුවකට ලක් කරන්න නෙවෙයි. ඒත් වරද නිවැරදි කරන්න ඕනි නිසා. ලලිත් මැරුණා කියන්නේ යුද හමුදාවට පිරිමහන්න බැරි පාඩුවක්.. වාහනය මං හිතන්නේ අන් ඔෆීශියල් දීල තිබ්බ එකක්. නැතුව ඔය රෑන්ක් එකේදි ඔෆ්ෆිසර් කෙනෙක් මැරුනට වාහනයක් ඩියු නෑ. වැඩි විස්තර සහිත ලිපියක් යථා කාලයේදී දාන්නම්. (යථා තත්වෙට ආවම..)

      Delete
    5. ඔය මම අහල තියන විදිහ බන්.මම ඒකයි කිවුවේ .උඹ ඉක්මනට යතාතත්වෙට ඇවිත් මේක ලියපන්.මෙන්ඩට පුදුම පිපාසයක් තියෙන්නේ.

      Delete
  6. මචං..ඒ මිනිස්සු අපි වෙනුවෙන් කරපු කැප කිරිමට අපි ඔලුව උස්සලා ඡිවත් වෙනවා..
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. ඒමිනිස්සු ඔවුන්ගේ යුතුකම් කලා.ඒත් අපි......?

      Delete
  7. Replies
    1. අන්න මැලෙයගේ කමෙන්ට් එකට දැම්මා.බලපන්.

      Delete
  8. මේ ලලිත් ජයසිංහ ගේ වයිෆුයි පොඩි එකියි නේද? ලලිතුයි මායි හොඳ යාලුවෝ.. මිලිටරි ඇකඩමි එකේදි සෙට් වුණු උන්ගෙන් හොඳම කොල්ලෙක්.. වැඩිය සෙට් වෙන්න හම්බෙලා නැති උනාට මැරෙනකම්ම හිතවත්කම තිබ්බා.. මගේ බැචාල තුන් දෙනෙක් නැති උනා.. එකෙක්ගෙ පොඩි එකාට දැන් අවුරුදු 12ක් විතර වෙනවා.. අනික් උන් දෙන්නා බඳින්න ඔක්කොම ලෑස්ති වෙලා ඉද්දි මැරුණේ.. එකෙක්ගෙ ගර්ල්ට කාලයක් යනකම් කතා කරන්නවත් බැරි උනා ෂොක් එකට.. ඒ කෙල්ල වෙන කවුරුවත් නෙවෙයි.. අර මැරුණ කිව්ව අනිත් එකාගේ පුංචි අම්මගෙ දුව.. කතා මැද කතා ගොඩායි..

    ReplyDelete
    Replies
    1. කමියා..ලලිත් ගැන ලිපියක් ලියපන්

      Delete
    2. යුද්ධය කියන්නේ හරි කාළකන්ණි දෙයක් කමියා,හැමකාලෙටම.

      Delete
  9. හරිම සංවේදීව දැනුනා. ..

    ReplyDelete
    Replies
    1. ඔය සන්වේදීකම හැම දාටම තියේවි කියලා හිතනවා තුශානි....

      Delete
  10. කටුසු හදවතක් කොයි තරම් සංවේදීව පද ගලපලා තියෙනවද?...හැඟුම්බර තාත්වික නිර්මාණයක්.

    ReplyDelete
    Replies
    1. බොහොමත් ස්තූතියි සඳ...
      පළමු ගොඩවැදුමට වෙල්කම් කිවුවා....

      Delete
  11. නිවාඩුවට මම එන්නම් බලාන ඉන්න
    ආදරයේ සොඳුරුම තැන් කතා කරන්න
    බංකරයේ ජීවිතයට නිවාඩු ලැබුණා
    යුද්ධය දැන් ඉවරයි මම ගම රට එනවා

    තල්ගහ යට සෙවණක් නෑ කවදාවත්ම
    මගේ හිතට තනියක් නෑ සවිය ඇත මට
    හැම තිස්සෙම දැකගන්නට නොහැකි වුණාට
    ඔයාව මට මතක් වෙනවා හැම මොහොතකම

    මා ඉපදුන මේ මව්බිම රැකගෙන ඉන්න
    වගකීමක් ඇත අද මට ඉටු කරලන්න
    සෙනෙහසේ නාමයෙන් ඔබ මට
    තව දිරිදෙන්න
    මම මැරුණත් මගේ නමත් රැඳෙයි දවසක

    පද රචනය - සත්‍යජිත් ලක්මාල්
    සංගීතය සහ ගායනය - රොෂාන් ප්‍රනාන්දු

    ReplyDelete
    Replies
    1. මේ යුද්ධය ඉවරවුන එකනම් ලොකු දෙයක් මනෝශ්.ඒකට කැපවුන හැමදෙනාටම ඒ ගෞරවය ලැබෙනවා විවාදයකින් තොරවම...

      Delete
  12. කාලෙකින් මේ පැත්තෙ ගොඩවුනේ. වෙනද වගේම කටුස්ස ලස්සනට ලියල තියෙනව. හරිම සංවේදියි. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. කොහේ රින්ගනවද මන්දා මෙච්චරකල්.....ඉක්මනට වරෙන්.....

      Delete
  13. අද තමා මං හිතන්නෙ මුල් දවස එල ..ජය

    ReplyDelete
    Replies
    1. බොහොමත් ස්තූතියි සහෝ.....

      Delete
  14. යුගල ඇදක තනි යහන නිදන්නට
    මා කල පවු කෙතරම්ද දැනේ
    එහෙ මෙහෙ පෙරළී ඔබෙ රුව සෙවුවා
    හිමි නැතිදා නිදිමරන රැයේ

    මේටික මාරයි

    ReplyDelete
  15. රණවිරු පවුල් කීයක මේ වගේ කතාවල් හැංගිලා ඇත්ද එක අතකට.. උඹේ කවි ටික හිතට දැනුනා..

    ReplyDelete
    Replies
    1. උඹලට දැනෙනවනම් මම සාර්ථකයි....

      Delete
  16. හිත රිදුන වෙලාවන් බෝයි
    ඒ වුණත් කදුළු කැටයකට
    ඉඩක් නෑ හැබැයි

    ගිනි පිඹින මකරුන් අතර හිද
    ජීවිතේ මම දුන්න
    රැකගනින් රත්තරං
    ආයෙමත් නුඹෙ පැලට
    මම එන්නෙ නෑ

    එ් වගක් කියාගන්නට
    වෙලාවක් වුණෙත් නෑ

    ReplyDelete
    Replies
    1. නොකීවත් ඔබ සිතේ
      රැදුනු පැතුමම එයයි
      දනිමි එය මම නමුදු
      මේ දුකම තව බරයි....

      Delete
  17. ලස්සනයි..දුක හිතෙනව.....ඒත් සෘණාත්මක විදියට හිතෙන රණවිරු බිරිදක්....ඇයි ස්වාමියා මිය ගියා කියල බිරිදත් මැරෙන්න ඕනෙද...මං අහන්නෙ

    ReplyDelete
    Replies
    1. පොතේ හැටියටනම් වෙන්න ඕනේ නෑ තමා.ඒත්.....
      (මේ කවියට ඇයගේ රූපය යොදා ගත්තාට මේ හැඟීම් කිසිසේත්ම ඇයගේ හැඟීම් හා සමපාත වෙන්නේනම් නෑ මචෝ.තමන්ට තියන වටිනම දේ අහිමිවුනාට පස්සේ ඒ වෙනුවෙන් සම්මාන ලැබෙනකොට බිරිදකට ඇතිවෙන හැඟීම් උපකල්පනය කලා විතරයි ).

      Delete
    2. හරි හරි කටුස්සො ඕකට තරා ගන්න ඕනෙය....

      Delete
  18. //කටුසු හදවත// මේ නම යොදාගත්තේ ඇයි ? කටුස්සන්ට මම ඉස්සර හරිම බයයි. ඒත් දැන් ඌ පවා සුන්දර විදිහට මට පේන්න පටන් අරන්

    ReplyDelete
    Replies
    1. ඒක අහම්බයක් විතරයි සාරිකා.මීට පෙරත් බ්ලොග් එකක් පටන් ගන්න ඕනේ කියලා ප්‍රෝෆයිල් 4-5ක් හැදුවා.ඒත් එක පෝසට් එකක්වත් දාලානෑ.මේක හදන වෙලාවේ මගේ ෆෝන් එකෙන් ගත්ත ෆොටෝඑකක් තිබ්බා කටුස්සෙකුගේ.ඒ නිසා ඒක ප්‍රොෆයිල් පික්චර් එකට දාලා ඔය නම දැම්මා.
      මම නිසා හරි කටුස්සන්ව ලස්සනට පේනවනම් ඒකත් ලොකු දෙයක්.

      Delete
  19. තාරුකා මල් හිනැහෙන රෑ කළ
    තනි යහනේ මා සොයනු එපා...
    මිය ගිය ප්‍රෙමය සිහිපත් කර කර
    තුන්යම තනියම ඉකිලන්න එපා...
    හමුවී හිනැහී වෙනුවුණු මා ගැන
    හිත හිත සුසුමන් හෙළනු එපා...
    රට දැය වෙනුවෙන් මගෙ දිවි පිදු බව
    මුමුණා රතු තෙල් විකනු එපා..
    මා වැනි පුතෙකුත් රටට පුදන්නට
    නොහැකිව තව ලතවෙන්න එපා...
    යන එන මග තොට රකුසු වෙසින් එන
    මුරුගයෝ දැක රැවටෙන්න එපා....
    කුසගිනි දැණුනට තණපත් නොබුදින
    සිංහ රජුන් ලෙස ඉන්න සොබා.....

    ReplyDelete