Monday, February 16, 2015

මාරුතය




වළාකුලින් සගවා තරු ලෙසින් දිළෙන නුඹ නෙතු යුග
නොවිදි නෙතු කැළුම් විඳිනා සඳ මඩලක සිසිලස යට
මල්පෙති මත ඇඳුන රටා පරදා මතුවන නුඹෙ වත
සමග සිනාසෙමි තනිවම සිහින ලොවක සිසිලස විඳ

කල්පාන්ත මාරුතයක උණුසුම රැඳි නුඹ සුසුමක
පතිණි වරම අහිමි රැයක නුඹ නිදනා තනි යහනක
කවුළු දොරින් පෙරී ඇවිත් වත දිදුළන සඳ එළියක
පිසින්න අවසර දෙනවද නලියන තෙත ඇහි බැමි යට

කතා දහක් අග ඇතිමුත් නිහඩව සිටිනා මුවමත
වෙවුලන නා දළු පවසන නිහඬ කවක නවතින සිත
නුඹට හොරෙන් තුරුළු කරන් රඳවන්නට මල් ගොමුවක
සම්මතයට පිටින් ඇවිත් රැදෙනවාද අද හවසම

සසල වළා නෙතු යොමුවත් නිසල නොමැති ලොව මදකට
ඒ ගැන නොසිතා සිටින්න සසල නොවෙමි මම නුඹ ලඟ
බිඳී කැඩුන තටු පිරිමැද සුවපත් කරනට ඔසු ගෙන
දෙනවද ඉඩ ඔබේ ලොවේ බිඳකට ඉවසා දන මත










                                    කටුස්සා...

33 comments:

  1. අපූරුයි... ලස්සනයි.... අමරසිරි පීරිස්ගෙ වළා අතුල සිරි යහනේ සිංදුව මතකෙට ආවා වචන පෙළ කියෝනකොට. මේ කවි වලම දෙවෙනි ,හතරවෙනි පේලි කෙටි කරලා ලිව්වා නම් ඒ තනුවට ලස්සනට කියවෙයි. නිකමට හිතුනු පිස්සු අදහසක්. එක නෙවෙයි කටුස්සෝ.. නරකද සිංදු ටිකක් ලියල හොඳ පොරක් ලව්වා කියෙව්වොත්??

    ReplyDelete
    Replies
    1. උඹ කිවුවට පස්සේ මමත් ඒ තාලයට පද ටික දාලා බැළුවා.කතාව ඇත්ත.

      සින්දු ලියනවා කියලා හිතාගන කවදාවත් ලියල නෑ බන්.හිතට එන ඒවා ලියල දානවා.කාටහරි මේවයින් මොනම හරි ප්‍රයෝජනයක් ගන්න ඕනෙනම් ඕන කෙනෙක් ගත්තට මට කමකුත් නෑ.මේවට කොපි රයිට්ස් නෑ.

      Delete
  2. ගති බං.. තව ටිකක් නිදහසේ හිතලා පේලි එහෙ මෙහෙ කලානම් සිංදුවකට උනත් මේක මරු.. දිගටම ලියපං..

    ReplyDelete
    Replies
    1. උඹල වගේ කියවන්න එවුන් ඉන්නකන් දිගටම ලියනවා පුළුවන් විදිහට.ස්තූත්යි "වර්ණ".

      Delete
  3. සම්මතයට පිටින් යාම සම්මතයට අභියෝග කිරීමක්ද? සම්මතය බිඳ හෙලා වීරත්වයට පත්වීමක්ද නැත්තම් නොහොබිනා කමක්ද

    ReplyDelete
    Replies
    1. සම්මතය හා අසම්මතය අතර තියන මායිම මොකද්ද කියල තීරණය වෙනකම් ඔය ප්‍රශ්ණ ඔය විදිහටම ඇහෙයි, තව දාහකගේ කටවල් වලින්.ඒත් නිල් පාටට අහස පේන එවුන්ට අහස නිල්පාටයි කියල කියන්න අයිතිය තියන විදිහටම ,අහස රතු පාටට පේන එවුන්ට ,අහස රතු පාටයි කියල කියන්න පුළුවන්කමත් තියෙන්න ඕනේ.

      Delete
  4. සෙල්ලං නැ එල බං මෑත කාලේ අළුත් බ්ලොග් එකතු උනෙත් නැ ....කටුස්සයි සජ්ජයි පට්ට

    ReplyDelete
    Replies
    1. රහස....කළු ගල්.
      උඹටත් අපි වගේ පට්ට වෙන්න ඕනෙනම් ගල් කඩපන් ගිහින්.
      හිටු හිටු....කපන්න නෙමෙයි.කඩන්න.

      අද මම මේ විදිහට බ්ලොග් එකක් අටවන් මොනවහරි කොටනවනම් ඒකේ ගෞරවය ලැබෙන්නේ මාතෙටයි,උඹටයි.
      (හැබැයි ගුරාල දෙන්නම පට්ට බේබද්දෝ....D)

      Delete
  5. නියමායි ඔය තියෙන්නෙ දොඹෙන් යන්ට...
    කටුසු හිතුවිලි පට්ට මචෝ.....
    උපරිමයි....
    ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. 'රූපේ'ට පස්සේ මාත් එක්ක දිගටම හිටිය මගේ පරණම දිරි ගන්වන්නා උඹයි.මගේ හැම පේස්ට් එකකටම උබේ ප්‍රතිචාර මම බලාපොරොත්තු වෙන්නෙත් ඒකයි.බොහොම ස්තූතියි මචෝඋඹට.

      Delete
  6. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  7. ඇත්තෙන්ම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. මේ ඉසවුවට සාධරයෙන් පිළිගන්නවා සාරිකා.දිරි ගැන්වීමට ස්තූතියි.

      Delete
  8. Replies
    1. උඹ කොහේද මේ දවස් වල මකබෑ වෙලා හිටියේ.උදේ නැගිට්ටහම දවස ප්ලෑන් කරන ගමන් බොන සිගරට් එක නෑ වගේ මූසලයි උදේට උඹේ පෝස්ට් එකක් කියවලා හිතෙන් කුණුහරපයක් කියාගන්න බැරිවෙන එක.

      Delete
  9. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  10. කටුස්සාට සම්මතයෙන් පිට යාමට ස්වභාවයෙන්ම වරම් දී ඇති බව කියාපාන රසවත් ලියවිල්ලක්...
    රසයි..අපූරුයි..
    ජය...

    ReplyDelete
    Replies
    1. ස්ස්ස්ස්......වරම හම්බුනාට තාම යන්නේ හොරෙන්.ඒ නිසා කාටවත් ඇහෙන්න කියන්න එපා.

      වෙල්කම් කිවුවා කටුසු හදවත පැත්තට.

      Delete
  11. විසඳුමක් නැත ලෝකයෙන්...
    සමාවක් නැත ලෝකයෙන්...
    අසම්මතයේ පෙම්වතුන් අපි..
    දෛවයට ඉඩ දී...බලා සිටිමූ..
    මල් පියලි වන් අපේ හදවත්
    තබා කිණිහිර තලා කුළු ගෙඩියෙන්
    මේ තරම් ඇයි රිදුම් දෙන්නේ
    සමච්චල් කර සිනා සෙන්නේ...
    අමෝරා ගත් අයෝමය අවි
    රැගෙන සිව් දිග රැඳෙන මුත් සතුරන්
    දෛවයේ යම් හාස්කමකින්
    හමු වුණොත් හමු වුණාවේ...

    ගායනය - එඩ්වඩ් ජයකොඩි සමග නිර්මලා රණතුංග
    පද: සුනිල් ආරියරත්න
    තනුව හා සංගීතය: රෝහණ වීරසිංහ

    ReplyDelete
    Replies
    1. සද හිනැහෙන රාත්‍රියක හිමිහිමිහිට ඇවිද යන්න
      සිතුවම් කල පාට පාට සිහින ලොවක තුරුළු වෙන්න
      මුදු දෙතොලට දෙතොල තියා හාදු වැලක් තෑගි දෙන්න
      මගේ දෑතට ඔබව අරන් අනන්තයට දුවන් යන්න.....

      ඔබේ ලගට තුරුළු වෙලා මියුරු වදන් තව අහන්න
      සදවන් වූ මුහුණ බල කොළ කතා රස විදින්න
      මුදු දෙතොලට දෙතොල තියා හාදු වැලක් තෑගි දෙන්න
      මගේ දෑතට ඔබව අරන් අනන්තයට දුවන් යන්න

      නිල වරල මුහුණ පුර ඉහිරවලා බලා ඉන්න
      ඔබේ ඇස් වල පාට අරන් මුළු අහසේම කවි ලියන්න
      මුදු දෙතොලට දෙතොල තියා හාදු වැලක් තෑගි දෙන්න
      මගේ දෑතට ඔබව අරන් අනන්තයට දුවන් යන්න

      දිය පොදක සිසිල අරන් ඔබේ දෙකොපුල පිරි මදින්න
      කුරුළු පිහාටුවක නැගී ඔබත් එක්ක පියබන්න
      මුදු දෙතොලට දෙතොල තියා හාදු වැලක් තෑගි දෙන්න
      මගේ දෑතට ඔබව අරන් අනන්තයට දුවන් යන්න

      හඩ - කරුණාරත්න දිවුල්ගනේ
      පද - සමන් කුලරත්න
      සංගීතය - ඉන්ද්රජිත් මිරිහනගේ

      Delete
    2. "සඳට සදහට සෙනෙහෙ පෑ මුත් උඳුල තරු කැටයම්
      හිරුට පෙම් බැඳි එකද තරුවක් සිටිය නොහැකිද යම්"

      උඹේ දෙවනි සින්දුවේ පද වල මොකද්දෝ හුරු පුරුදු කමක් තියනවා.මගේ කවි ලියන ටයිප් එකේ වචන ඒකේ තියෙන්නේ.

      Delete
    3. මැදියමේ රෑ මැදියමේ 
      තිස් පැයේ තුන් තිස් පැයේ 
      සිහිනයේ තහනම් ප්‍රේමයේ 
      තුන් මංසලේ තහනම් ප්‍රේම සිතුවිල්ලේ 

      කෙමියේ මල් කෙමියේ නුරාවෙන් පිරි රොන් සැලේ 
      කුසලා රාග මත් කතරේ සරණා බමරිඳුනී.... 
      ඇය ඔබ සඳහා සුපිපුණා නොවේ 
      ඔබ සමාවන්න 

      සිනිඳුයි මල් පෙති සුමුදුයි 
      සුවඳයි සිඹිනා විට මිහිරියි 
      එය ප්‍රේමයයි - ප්‍රේමය අන්ධයි 
      අඳුරුයි තහනම් ප්‍රේමය 

      එය සදාකාලික අන්ධයි 
      සදාකාලික අඳුරුයි 

      ගී පද - මහින්ද කේ. ප්‍රේමසිරි 
      ගී තනු - සරත් වික්‍රම
      ගායනය - සුනිල් එදිරිසිංහ 

      Delete
  12. එල ද බ්‍රා
    සම්මතය අපි හදා ගත්ත රාමුවක්නේ..ඒක බිදින්න ඔනේත් අපි.

    ReplyDelete
    Replies
    1. උඹ ඕක බිඳින්න පොඩ්ඩක් ට්‍රයි කරපන්කෝ.එතකොට උඹට බලාගන්න පුළුවන් කට්ටිය රෙද්ද උස්සගන එන ලස්සන.

      Delete
  13. "නුඹට හොරෙන් තුරුළු කරන් රඳවන්නට මල් ගොමුවක
    සම්මතයට පිටින් ඇවිත් රැදෙනවාද අද හවසම" විසිතුරු බස් කියා ඉතාමත් ලගන්නා ආකාරයට මේ ස්ත්‍රිය රවටන්නට මාන බලන කටුස්සා,

    "සසල වළා නෙතු යොමුවත් නිසල නොමැති ලොව මදකට
    ඒ ගැන නොසිතා සිටින්න සසල නොවෙමි මම නුඹ ලඟ" යනුවෙන් පුරාජේරු කියනා අන්දම කොතරම් නම් සංකල්ප රූප මවන්නේද. ඒ තරමටම තැනේ හැටියට පාට මාරු කරන කටුස්සා තැනේ හැටියට ඇනේ ගසන්නට කොයිතරම් නම් දක්ෂද යන්න එයින් තේරුම්ගත හැකිය.....
    "බිඳී කැඩුන තටු පිරිමැද සුවපත් කරනට ඔසු ගෙන
    දෙනවද ඉඩ ඔබේ ලොවේ බිඳකට ඉවසා දන මත"....කටුස්සා වනාහි කෙනෙකු තම වසගයට ගැනීමේ අති ශූරයෙකි. කැඩී බිදී ගිය දේවල් සුවපත් කරදෙන්නේ නම් කවුරුත් තම කැමත්ත ප්‍රකාශ නොකරන්නේද....ඒ ආකාරයට කටුස්සා මහ කපටි රජෙකි..නෙ‍ාබැන්දත් රත්තරං මාලයක්........කටුසු රජාණෙනි ඔබට උපහාර

    ReplyDelete
    Replies
    1. වැවා කටුස්සගේ රෙදි ගලවල.ඕවා ඔහොම ප්‍රසිද්ධියේ කියන කතාද මම අහන්නේ.
      උඹ පදෙන් පදේ මේකේ තේරුම අරගන වැවා.උඹේ විචාරයට බොහොමත් ස්තූතියි.
      (උඹේ ගූගල් + එකේ හෝම් පේජ් එකට උඹේ පෝස්ට් එකක් ශෙයාර් කරපන්.මම උඹේ නමින් උඹේ බ්ලොග් එක බලන්න ට්‍රයිකලා දවසක.ඒත් උඹේ පෝස්ට් එකක් තිබුනේ නැති නිසා බලන්න බැරිවුනා.)

      Delete
  14. අඩෝ හොර ෂොට් එකක් නේද ??? පට්ට පට්ට
    පරිස්සමින්.... වයසට ගියත් හවසට ගෙදර පල....

    ReplyDelete
    Replies
    1. ගෙදර ගියත් නොගියත් එකම සන්තෑසිය නිසා ඉන්න තැනම ඉන්නවා බන්

      Delete
  15. වසං කරගත් හීන හිත යට ගෙනැර පෑමට නැති සිතා
    අසම්මත ඇස් පාන ඉඟි ලඟ දෝරේ යාවිද 'හිතවතා'...

    හැක් හැක්.. ඔන්න අපිටනම් මොකුත් වැරැද්දක් හිතුනේ නෑලු. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. හදිස්සි නොවී ටිකක් හිටු.තාම හීන මවනවා විතරයි.
      වැට ගාවටවෙලා බෝඩර් ක්‍රොස් කරනවද නැද්ද කියල හිත හිත ඉන්න එවුන්ට ඕකේ වැරද්දක් පේන්නේ නෑ තමා.....

      Delete
    2. දෑතේ සවියෙන් මතක් කෙරුවද සෑම දිනකම 'චක්කරේ'
      සඳ එළිය යට දෑත නොමැතිව දෝර ගලනට කෙළ හැලේ

      Delete