Sunday, May 6, 2018
ප්‍රේමයේ අස්වැන්න....
ආදරෙත් කැමති ඇති
මියදෙන්න....
තරු පිරුන අහස යට
වළාකුලු තොටිල්ලක
සුරඟනන් අඬනහැටි - සඳත් වත වසන හැටි
දකින්නට....
ලිහිනියොත් ගොලුකරන් - මල් පෙතිත් පරකරන්
නිදන්නට....
මැරිලා කම්මැලිවුනොත් - අඬන එක වැඩිවුනොත්
නැගිටලා එකවරම මම මලේ විහිලුවට
කියන්නට....
වැඩියෙන්ම අඬපු අය - වැඩියෙන්ම ආදරෙයි
සිතන්නට....
ඒ සැනින් ආලයට වරදීවි හැම දේම
පෙනෙන්නට නොහැඬුවට - සිහිවිකල් නොවුනාට
කුණාටුවේ බර රඳපු - සුසුම් රැල් පපු දරපු
හදවතක....
විසල් තෙත නොදැනෙන්න - ජීවිතය වරදින්න
ඒ ඇතිය ආදරේට....
තනිකමට හුරුවන්න
කටුස්සා....
Tuesday, February 13, 2018
මහපොළවට නොව මිනිස්කමට...
ගලපුදෙන් හැමතැනම
ඔය මදිය පිපාසෙට
ඔලුගාන ගැන ගැනම
හුරේ දැමු මිනිසුන්ට
ජාතියක් ජන්මයක්
අවැසිනැති අහස යට
ලේ පිලී ඉවකරන් - වැඩට යන යක්කුන්ට
මොල කෑලී කර තියන් - තෙල බෙදන අමනුන්ට
පස් ගොඩට පෙම් බඳින - බිලි යදින හිවලුන්ට
ඕජසින් කුස පිරෙන - හොරිකඩම බල්ලන්ට
කුස පිරෙන තලු මැරෙන
හෝරාව එළඹ ඇත
මදිය තව ගැලුව ලෙය
හලාපන් පොළවටම
කොඩිය මැද සිංහයට
විළිරුදා එන්නේ නැත
ඇසට ඇස දතට දත
ඔරවමින් තවම ඇත
කටුස්සා....
Thursday, November 2, 2017
මගේ නින්ද ආයේ බිඳී
සඳ තරුත් සමගින් ඉඟිමැරූ
සිත පෙම්කරන මධු වසන්තේ
නුඹ සුළඟමය.... නුඹ සුළඟමය....
හමාවිත් දිවියම කැළඹවූ
සුවඳ දස අත විසිරවූ
නුඹ සුළඟමය....
නිදි නොමැති නෙතු අවදිව තැබූ
යන නොඑන මග නුඹවම පැතූ
නුඹ සුළඟමය.... නුඹ සුළඟමය....
නිසල සිතුවිළි සසලවූ
සිසිල ගත සිත පැතිරවූ
නුඹ සුළඟමය....
මුදු සිනිදු පෙති මත පිණි ඉසූ
රොන් සොයන බිඟු වල්මත් කෙරූ
නුඹ සුළඟමය.... නුඹ සුළඟමය....
නිවුන සිත ගින්නෙන් දැවූ
දැවි දැවී නුඹවම පැතූ
නුඹ සුළඟමය....
කටුස්සා....
Thursday, September 21, 2017
සියලු සත්වයෝ නිවන් දකිත්වා-2
නම නොදිරනා කයම දිරනා අකල්වට මේ දිවිමගේ
දිරන නොදිරන කුණු එකතුකර නිවා බඩපණු හාමතේතවුතිසාවට යන්න හෙම නොව පිදුවේ දොල අද මාවතේ
ලබන හැම භව කවුන්සිලයට යන්න කියලාමයි පුතේ
සුමනපාල ජයවතියේ තංගවේලු මෙහෙට වරෙන්
තියනවනම් සත පනහක් දාලා මේ කැට පුරවන්
නොඉල්ලාම සිල් රෙදි දුන් උත්තමයෝ බේරගනින්
රෙද්ද එලා සැතපීලා ජපන් කොඩිය ඇතිද බලන්
වත්තේනිසා උඹේ මිනිහගේ මරණෙට නොවැඩපු ලොකුනම
ජයවතියේ දැක්කද උඹ වඩින ගැම්ම කැට අරගන
පැකට් දෙකට ඇතුලට ගිය ලොකු එකාව සිහිකරගන
වරෙන් යන්න සල්ලි දීලා බේරගන්න මුන් හැමෝම
බෙන්ස් එකෙන් වැඩපු සාධු පාර දිගේ ඇදෙනා විට
පපුව පැලෙයි සුමනේ අයියේ වාවන්නෑ මට එතකොට
ටයිල් මලුවේ ගැටුන දෙපා තාර පොළව උහුලනකොට
හිතට බයයි පොළව පැළිලා ඇදගනයැයි කියා යටට
බුදුන් වදනත් වෙනස්කරගන කඩේ යන රැල තුටුකරන්
තාම සිවුරට වඳින අත් යලි එකතුකරගනු බැරි දුරින්
ඈත්කල හැටි දෙයියෝ බලලම කෑලිවත් නොසිටින ලෙසින්
හෙනම ගහපන් උඹේ තට්ටෙට පිණ්ඩපාතය වැඩි පිනෙන්
කටුස්සා....
චායාරූපය උපුටාගැනීම-
අභීත එදිරිසිංහගේ ෆේස්බුක් ගිණුමෙනි
Sunday, August 13, 2017
To Mr.President 03
To Mr.President 01
To Mr.President 02
තාලය -"තුමුළ නමුනුකුල ගිරිහිස" ගීතය අනූවය .
බබා සේ හිටං ඉඳහිට සරම ගෙන කරට සද්දෙට
රැවටුවා තමයි
කිමද මේ තරම් ඒ ගැන අපිට ඇඬෙන කාරණා
මුහුණ රතුවෙලා හයියෙන් දැඩි තීරණ හිරකරගන
ඔහොම තටමනාකොට උඹ ලස්සනයි සිරා
හිජකුපාම නීලකාස කෙල හලනා විට පක්ශෙට
හැ(ඇ)ට දෙකට වඩා පක්ෂය ලොකුවුනිද සිරා
පරාද උන් ගෙන වටේට උදවුකල පවට කෙලවන
ගුණේ නොදන්නා ජනපති උඹ වෙයිද සිරා
කන්ද උඩරටින් දිදුලන තට්ට ගොබිල ඔලුගෙඩි ටික
උඹට පිහිටවෙයි කියලා හිතනවද සිරා
උඹට ඡන්දේ දුන් හේතුව අමතකව ගියොත් උඹහට
පිච්ච මල් සුවඳ වළ ලඟ ඉතිරිවෙද සිරා
කටුස්සා....
හිජකුපාම - හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
ප.ලි-
"හිජකුපමා නීලකාස" වචනයේ අයිතිය රවී අයියා සතුය. කතෘ භාගය හමුවූ දිනක ගෙවන බලාපොරොත්තුවෙන් උපුටාගන්නා ලදී.
To Mr.President 02
තාලය -"තුමුළ නමුනුකුල ගිරිහිස" ගීතය අනූවය .
බබා සේ හිටං ඉඳහිට සරම ගෙන කරට සද්දෙට
රැවටුවා තමයි
කිමද මේ තරම් ඒ ගැන අපිට ඇඬෙන කාරණා
මුහුණ රතුවෙලා හයියෙන් දැඩි තීරණ හිරකරගන
ඔහොම තටමනාකොට උඹ ලස්සනයි සිරා
හිජකුපාම නීලකාස කෙල හලනා විට පක්ශෙට
හැ(ඇ)ට දෙකට වඩා පක්ෂය ලොකුවුනිද සිරා
පරාද උන් ගෙන වටේට උදවුකල පවට කෙලවන
ගුණේ නොදන්නා ජනපති උඹ වෙයිද සිරා
කන්ද උඩරටින් දිදුලන තට්ට ගොබිල ඔලුගෙඩි ටික
උඹට පිහිටවෙයි කියලා හිතනවද සිරා
උඹට ඡන්දේ දුන් හේතුව අමතකව ගියොත් උඹහට
පිච්ච මල් සුවඳ වළ ලඟ ඉතිරිවෙද සිරා
කටුස්සා....
හිජකුපාම - හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
ප.ලි-
"හිජකුපමා නීලකාස" වචනයේ අයිතිය රවී අයියා සතුය. කතෘ භාගය හමුවූ දිනක ගෙවන බලාපොරොත්තුවෙන් උපුටාගන්නා ලදී.
Subscribe to:
Posts (Atom)




