දෑස් අග රෑදී සිට පැතුම් මල් පුබුදුකල
සයුරවන් සෙනෙහසක් නිරතුරුව තිළිනකල
සිනාමල් මුව සරස සිනහවම උරුමකල
අනේ නුඹ නැති දිනක කෙසේ හිනහෙම්ද මම
කවා සිප සනසවා සෙනෙහසින් තුරුළුකර
දෙවා ඔවදන් සතර මවක්සේ ලඟින්හිද
මවුවතින් සුසුදුවන් පෙමක් මට දුන් සබඳ
තනිවෙන්නේ කෙලෙසින්ද ඔබෙ සුවඳ ඈත්කර
සාගරය වන් විසල් තනිව විඳි කඳුළු බිද
විඳගත්තේ කෙළෙසින්ද මට නොදී සුසුම් පොද
ඔබ වින්ඳ දුක් කන්දෙ අරගන්න මගෙ කොටස
ළගදීම මම එනවා තනිව නෑ නුඹ තවම
කටුස්සා...
2012.08.30.
හීනය-01
හීනය-1.5
"හලෝ අයියේ...කොහොමද ඉතින්...?"
"හොඳින් හොඳින්....ඔයාට කොහොමද ඉතින්...?හස්බන්ඩ් නිදිද...?"
"නෑ..තාම ඇහැරිලා...ඔයානේ මගේ හස්බන්ඩ් ඉතින්..."
"කියන්න එපෑයි කලින්...මට ටැපළුනා...කීයක් එක්ක කියලා කතාකරන්නද ඉතින් දවසකට....?"
"කීයක්ද?"
"අනේ මන්දා...ලඟදී ගැන්නෙත් නෑ...ලක්මාලී, ඉරේශා, යමුනා, ශාලිකා,සුමනා, කමලා, ඈන්, නිර්මලා, පවිත්‍රා, හර්ශනී, ලශානී,චාන්දනී,තුශාරා,වෙරනී,දිලිනි,අනූපමා,චතුරිකා,.....ඔතන කීයක් තියනවද?"
"වයසක සෙට් එකක් වගේ නේද?"
"අත්දැකීම් තියන අයව තමා මම තෝර ගන්නේ.ට්‍රේන් කර කර ඉන්න ගියහම වෙලාව අඩුවෙනවනේ...""
"හරියටම තෝරල තියනවා....මටත් අත්දැකීම් ගොඩයිනේ"
"නෑ..නෑ...ඒක තෝරගත්තේ හැමදාටම...අනික්වා ටෙම්පරි ජොබ්..."
"ඒ දෙක මාරු වෙයිද දන්නෙ නෑ...?"
"එහෙම වෙන්නේ නෑළු නේ...?උනත් මට මොකෝ...මට ඔයාගේ අතීතෙන් වැඩක් නෑ.මාත් එක්ක යාළු උන දවසේ ඉදලා මම ඔයාගෙන් බලාපොරොත්තු උන විදිහට හිටියහම ඒ ඇති මට"
"හරිනම් මමයි එහෙම කියන්න ඕනේ ඔයාට"
"මම මක්කරන්නද තෝ එන්න පරක්කු උනාට?අඩුමගානේ ලියුමක්වත් එවලා තිබුනනම් එනවා කියලා බඹසර රැකගන මාත් ඉන්නවනේ තෝ එනකම්...."
"ඉඳියි කියල තමා බය..."
"ඇයි සැකද?"
"නැතුව..."
"සිරාවටමද?"
"හ්ම්ම්ම්...."
"දෙයක් කියන්නම්...?"
"හා"
"මගේ අතීතේ ගැන ඔයා ගොඩක් දේවල් දන්නවා.නොදන්න දේවලුත් තියනවා.ඒ දේවල් ඔයාගෙන් හන්ගලා නෑ.ඒ දේවල් කියලා නැත්තේ ඒවා ඔයා මගෙන් අහල නැති නිසා.ඔයාට දැනගන්න ඕන දවසට ඒවත් මම ඔයාට කියන්නම්.ඒත් එකක් මතක තියාගන්න.ඔයත් එක්ක යාළු උන දවසේ ඉදන් ඔයාට දුක හිතෙන,ඔයාගේ විශ්වාසේ කඩවෙන කිසිම දෙයක් මම කරල නෑ.ගෑනු,සෙක්ස් සම්බන්දයෙන්නම් කියන්න තියෙන්නේ ඔයත් එක්ක යළුවුන දවසෙ ඉදන් මමත් පතිවත රකිනවා කියල තමා..."
"දුක හිතුනද මගේ මහත්තයට....?මට ඔයා ගැන කිසිම අවිශ්වාසයක් නෑ අයියේ...මම විහිළුවට කිවුවේ...මම ඔයාගේ පළවෙනිය නෙමෙයි කියලා නොදැන නෙමෙයිනේ යාළුවුනේ...ඔයාට වගේම ඒ අතීතෙන් මට වැඩකුත් නෑ.ඔයා ඒ විශ්වාසේ රකිනවා කියලා මම දන්නවා.ඔයාගේ ආදරේ බොරුවක් තිබුනේ නෑ කියලා මම දන්නවා.ඒ ආදරේට මම ගරුකරන්නෙත් ඒකයි.මම ඔයාගෙන් ඉල්ළුවේ එක දෙයයි.ඒ මාව අනිත් අයත් එක්ක කම්පෙයාර් කරන්න එපා කියල විතරයි.ඒ ඉල්ලීම ඕනෑවටත් වඩා ඔයා අතින් රැකුනා.ඉතින් මට වෙන ප්‍රශ්න නෑ මේ ආදරය ඇතුලේ...."
"ඔයා මට අලුත් පාරක් පෙන්නුවා මේ ජීවිතේ.ඒ පාර දිගේ ගිහින් මාත් අලුත් මිනිහෙක් වුනා.මගේ ආදරෙත් අලුත්වුනා.මම ඒ වෙනසට කැමතියි.අන්න ඒ නිසාමයි මම උඹට මෙච්චර ආදරේ..."
"ඇත්තට....අම්මෝ ඇති යන්තන්...මේ විදිහට සීරියස් කතාකරල හරි මේ මිනිහගෙන් ආදරේ කියල අහගත්තා...."
"ඔය ඉතින් තෝ මගෙන් කන්න තමයි හදන්නේ..."
"අම්මෝ...බයයිළු මම...."
"දැක්කනේ මගේ සැර....හා...හා...ගහන්නේ නෑ.දැන් එනවා ඇද යටින්..."
"කියනකම් හිටියේ මම..."
"දැන් තෝ ලඟ හිටියනම් මිරීරීරීරී...කගන ඉන්නව මම..."
"මම මලොත්...?"
"වළලනවා...තියාගන ජාඩි දාන්නද ...?"
"බූරුවා...අඩන්නෙවත් නැද්ද....?"
"පිස්සුද...මල ගෙදරට එන ගෑණු ළමයි දිහා බලන්න තියනවනේ මට...අඬ අඬ ඔය වැඩ කරන්න පුළුවන්ද?"
"ඔයානම් එහෙම කරයි මම මලොත්....මම දන්නවනේ මගේ අයියා මට ගොඩක් ආදරෙයි කියලා....පොළවේ පස් කයි නේද...?"
"මට වෙන වැඩ නෑනේ පස් කන්න...මේ...මට ආදරෙයිද..."
"ම්ම්ම්....ටිකක්..."
"ඇයි ටිකක්...?ගොඩක් කියල කියන්න ලැජ්ජද?"
"අම්ම කියල තියෙන්නේ බොරු කියන්න එපා කියලා..."
"බැල්ලි...."
"කෝ...?කාමරේට ඇවිත්ද?"
"මම කිවුවයි කියල හිතාගනින්....ඒකි කොහොමත් මගේ කාමරේ තමා ඉන්නේ..."
"මම ආවට පස්සේ කාමරේ හිටියොත් ඌත් එක්කම ඉන්න කියලා මම යනවා එළියට"
"ඌව යාලු කරගනින්...ඒකා හරි හොදයි..."
"ඒකා මාත් එක්ක යාලුවෙන්නේ නෑ...එදා ආවහමත් මට ගෙරෙවුවා ඔයා ලගට ආවා කියලා...ඔයාගේ ගිය ආත්මේ ගෑනිද කොහේද"
"එතකොට ලබන ආත්මේ මම ගෑනියෙක් ගෙනාවහම උඹත් ගොරවනවද එයාට...?"
"හහ්...හිතාගන ඇති මගෙන් ගැලවෙන්න....තව ආත්ම 100ක් යනකන් මමම විතරයි ඔයාගේ ගෑනි...."
"මම එච්චර ලොකු කරුමයක් කරලා තියනවද...?"
"හම්ම්...පැත්තකට වෙලා අහිංසක විදිහට හිටිය ලස්සන කෙල්ලෙක්ව අමාරුවේ දැම්මනේ මේ ආත්මේ...ඉතින් තව ආත්ම 100 යනකම්ම ඒ පව ගෙවෙන්නේ නෑළු...."
"අහිංසක විදිහට හිටියා....?කවුද දන්නේ නෑ තේ උඩිච්චි වගේ ඇස් කරකව කරකව මගේ දිහා බලලා මාව අමාරුවේ දැම්මේ....?"
"අනේ මට වැඩේමයි ඇස් කරකව කරකව ඔයා දිහා බලන්න....මට වෙන වැඩ නෑනේ...."
"හරි හරි...දැන් ඒ දේ වෙලා ඉවරනේ....කියපන්කෝ හෙට යන්නේ කොහොමද කියලා....?"
"තාත්තා 1.30 ට මාව ඇරලනවා කිවුවා....ඔයා එන ගමන් මාව ගන්න...කොහොමත් ඉවරවෙනකොට 5- 5.30 වෙයි..."
"එච්චරවෙලා මොනව සුදු කරනවද බං ඕක ඇතුලේ....?"
"එහෙම තමා...කොච්චර තැන් තියනවද සුදු කරගන්න....අනික ඉතින් නිල්මිණි අක්කත් කතාවට අහුවුනහම ඉවරයක් නෑනේ...අනුර අයියා ගැනයි,ඔෆිස් එක ගැනයි කියවන්න රටක භූත තියනවා එයාට..."
"ඒ මනුස්සයා ගැන මොනව කියන්නද?ඔය ඉන්නේ හෙන ජොලියේ ඔෆිස් එකට වෙලා...."
"පවු නේද අයියේ ඒගොල්ලොත්...?ළමයි නැති එක ගැන හෙන දුකින් ඉන්නේ ඒ අයත්...."
"හම්ම්...අනුර අයියත් ජොලියෙන් හිටියට හෙන අප්සට් එකෙන් ඉන්නේ...ඒත් පෙන්නන්නේ නෑ..."
"එයා ඔයාට හෙන ආදරෙයිළු....නිල්මිණී අක්කත් එක්ක හරියට කියවනවළු ඔයාගැන...මගෙන් සල්ලිගන්නෙත් නෑ අයියේ සමහර වෙලාවලට....බලෙන් දුන්නත් ගන්නේ අඩුවෙන්...."
"මමත් ඕකට බැන්නා එදා...ඒත් හිනාවෙනවා මිසක් මුකුත් කියන්නේ නෑ...වෙඩින් එක ඉවරවෙලා මොනව හරි දෙමු ඒ දෙන්නට...වෙන මොනවා කරන්නද?"
"එහෙනම් ඔයා හෙට එනවනේ....?"
"එනවා කියලා නෑවිත් ඉදලා නෑනේ මම....මම එන්නම්....කොහෙන් හරි කාලා රෑ වෙලා ගෙදර යමු...අම්මලට කියල එන්න..."
"වෙඩින් එක ලංවෙලා මාව මරන්න එක්කන් යනවද දන්නෙත් නෑ....?"
"බයවෙන්න එපා...දැන්ම මරන්නේ නෑ...අවුරුද්දක් විතර ගිහින් තමා මැරුවත් මරන්නේ...."
"බූරුවා....කාලා එමුද අයියේ....?බඩගිනියි...."
"යමු...මටත් බඩගිනියි...."
එහෙනම් බඩ පැලෙන්න කාලා එන්න....බායි..."
"බායි..."
*****************************************************************
"අයියේ...මම සැලෝන් එකට යනවා හොඳේ...ඔයා එතනට එන්න...ෆෝන් ආන්සර් නොකලොත් ගනන් ගන්න එපා....ඔයා ඇතුලටම එන්න..."
"කමක්නැද්ද දන්නේ නෑ මම ඇතුලටම ආවට....?හරි...ඔයා වැඩේ කරගන්න..."
"පරිස්සමෙන් එන්න අයියේ...මම යනවා...තාත්තා එළියටත් බැහැලා..."
"හරි පැටියෝ...පරිස්සමෙන් යන්න...බායි..."
"බායි..."
*****************************************************************
"හොඳටම විශ්වාසද අනුර අයියේ...?"
"මගුලක් අහන්න එපා බං...නිල්මිණී මට දැන් කතාකරලා කිවුවේ....කෝ සමන්තයා...?සමා...මම කිවුව විදිහට අර වැඩේ කරපන් ඉක්මනට....මම ඒකව එක්කන් යනකන් උඹලා එන්න එපා පේන්න...අපි ගිහින් විනාඩි 10න් හොස්පිට්ල් වරන් උඹලා කට්ටිය..."
"හරි අයියේ...මම යනවා...."
"ඔය මූණ ටිකක් හදාගන පලයන්...."
*****************************************************************
"විදුර...මල්ලී...පොඩි හදිස්සියක්...නිල්මිණීගේ අම්මා ඇක්සිඩන්ට් වෙලා...ඉක්මනට හොස්පිට්ල් එකට දුවල එමුද මල්ලී...?"
"කොහේදිද...?හරි අයියේ යමු....සුරත්..උඹ සමන්තයව දැක්කද...?ඌ මගේ ෆෝන් එක ගත්තා කෝල් එකක් ගන්න...ඌ ආවහම ඒක ඉල්ලගනින්...අපි එන්න පරක්කු උනොත් යනගමන් අපේ එහා ගෙදරට දීගන යන්න කියපන් මට දෙන්න කියලා..."
"හරි විදුරය...මම කියන්නම්...උඹ ඔය වැඩේ බලපන්කෝ..."
"යමු අනුර අයියේ...බය වෙන්න එපා...එහෙමට අමාරුවක් නැතුව ඇති...යමු.."
*****************************************************************
"විදුර...මල්ලී...නැගිටපන් බං දැන්වත් කියන දේ අහලා...උඹ තව කොච්චරවෙලා ඔතනට වෙලා හිටියත් සමාධි එන්නේ නෑනේ මල්ලී...."
"එයා එහෙම ඉන්නේ කොහොමද අනුර අයියේ....?එයා හොඳටම දන්නවා මට එයා නැතුව ඉන්න බෑ කියලා...එයා ඇරෙන්න මට වෙන කවුරුවත් නෑ කියලා...එයා කොහොමද අනුර අයියේ මාව දාලා යන්න හිත හදාගත්තේ....?ඒ මගේ සමාධි නෙමෙයි අනුර අයියේ...ඒ මගේ සමාධි නෙමෙයි.එයා කවදාවත් මාව දාලා යන්නේ නෑ කියලා මට පොරොන්දුවුනේ අපි යාළුවුන දවසෙමයි...ඒ මගේ සුදූ නෙමෙයි..."
"විදුර...අනේ මල්ලියේ...මම උඹේ අයිය කියලා හිතලවත් ඔය ඇඬිල්ල නතරකරපන්...දැන් දවස් 4ක් තිස්සේ උඹ කිසිම කෑමක් නැතුව අඬනවා...දැන් අපි යමු මල්ලියේ ගෙදර...බලපන්...උඹ නිසා කවුරුත් තාම කනත්තෙන් ගිහින් නෑ...යමු ගෙදර විදුර...."
"මට අඬන්න දීපන් අනුර අයියේ...උඹ හිතන්නේ මට ආපහු හිනාවෙන්න පුළුවන් කියලද මේ ජීවිතේටම....?මෙතන වලළලා දැම්මේ මගේ හිනාව අනුර අයියේ...මගේ ජීවිතේ...මගේ කෙල්ලව මෙතන තනියෙන් තියලා මට යන්න බෑ....ඒ කෙල්ල මේ දවස්ටිකේ පුදුම සතුටකින් හිටියේ අනුර අයියේ...තව සති 3යි තිබුනේ එයා මගේ ගෙදරට එන්න...මගේ ගෙදරට එන්න පුදුම ආසාවකින් හිටියේ...අනේ ඒකෙල්ලව මෙතන දාලා මම කොහොමද අනුර අයියේ තනියම ආපහු ගෙදර යන්නේ...?"
"මල්ලී...පොඩ්ඩක් බලපන් ඇස් ඇරලා...උඹ මෙතන ඉන්න හැමෝවම අසරණකරනවා මල්ලියේ...බලපන් අර අම්මයි තාත්තයි දිහා...වරෙන් යන්න ගෙදර...ඒ මිනිස්සුන්ටත් හයියක් වෙන්න ඕනේ උඹයි මල්ලියේ දැන්...මම කියන දේ අහපන් පොඩ්ඩක්...."
"මම කොහොමද අයියේ සුදූව තනියම මෙතන දාලා යන්නේ....?මට මගේ සුදූව ගෙනත් දීපන් අයියේ...මට ගෙනත් දීපන් මගේ සුදූව..."
"සුරත්...අල්ලපන්...මේකා ආපහු සිහිනැතිවුනා...උඹ කකුල් දෙකෙන් අල්ලපන්...රොශාන්....මෙහෙන් අල්ලලා වෑන් එකට දාගන මලගෙදරට එක්කන් වරෙන්...මම අර අම්මවයි තාත්තවයි එක්කගන එන්නම්...."
-නිමි-
ජීවත්වෙන මිනිස්සුන්ගේ
පාලනයට තෝර ගත්තු
බල්ලන් රෑණට දැන් හරි
වැඩක් වෙලානේ
හැම එකාම නැට්ට හපං
ගහන ගහන හැම ගේමම
උඩින් ඉන්න බල්ලෙක් ලඟ
නතර වෙලානේ
මහ බල්ලගේ මොලේ ලගදි
බලුවී යන අනිත් බල්ලෝ
තැන තැන රැස්වී හොරාට
කෙඳිරි ගාන්නේ
ඇල්සේසොන් කියා හිතන්
වල්බල්ලෙක් ලොකු කරගන
කටුකන බල්ලෝ පොදියක්
සැරින් බුරන්නේ
වල් බල්ලත් පන්සල් ගොස්
පර පෙනුමත් වසන් කරන්
සාදු කියා මහ හයියෙන්
උඩු බුරලන්නේ
ඒ බල්ලා වටේ ඉදපු
වල් බල්ලන් සමහරක්ට
ලොකු බල්ලා මස්කටු දී
තුරුලට ගන්නේ
මේ බලුපොර අස්සෙන් ගොස්
වැඩි කලබල නැති බල්ලෙක්
මස් කට්ටත් කටින් අරන්
පැත්තට වන්නේ
මේ බව දුටු බලු රෑණක්
ඒ බල්ලා වටේ ඉදන්
ලෙව කන්නට කට්ට ටිකක්
බලා හිඳින්නේ
අවුරුදු විස්සටත් වැඩිය
සද්ද නැතිව හුන් බල්ලත්
වටේ ඉන්න බල්ලන් දැක
දැන් බුරලන්නේ
චන්ඩි කියා හිතා සිටින
තව වල් බලු රෑණක් ලොකු
කතා කිය කියා තැන තැන
දේශන දෙන්නේ
පාලනයට උන් තරමට
තවත් බල්ලෝ නෑ කිය කිය
අතලොස්සක් එකතුකරන්
සිහින මවන්නේ
කොළඹ යන්න මග පණ නැති
නාකි බල්ලෝ දෙතුන් දෙනෙක්
පකය නෙලා ගන්න මුවින්
කෙල බේරන්නේ
උන් නටනා වන්නමකට
බෙරේ ගහන්නට සැරසී
බඩ පපුවට ඇළුන ජනයා
බලා හිදින්නේ
කටුස්සා....
කඳුළු අරණක තනිවෙලා අද ඉකිබිඳින්නේ ලොවට රහසින්
එදා මා ලඟ රෑදී හුන් කල සප්ත සාගර පරදවාලන
ඔබ ලබාදුන් ආදරයමද මේ...
කිසිදා මා අත්හැර නොයනබව නීල නෙත්යුග දිවුරලා මට
කඳුලු ගලනා දෙනෙත පිසදා නුඹේ නලලත දෙතොල තැවරූ
ඔබ ලබාදුන් ආදරයමද මේ...
අනග සිත් ගැබ පුරා කදිමට පාට තැවරූ ඇගිලි තුඩුමත
රදවලන්නට හීන මැවු ඒ මල් පොකුර මැද නොකිය ගොළුවුනේ
ඔබ ලබාදුන් ආදරයමද මේ...
සිහින අහසේ උදා හිරු සේ එකලු කරමින් අදුරු විජිතය
දෙනෙත් බැමි පුපුරා මැවෙන දිය දහරේ මුසුවී ගලායන්නේ
ඔබ ලබාදුන් ආදරයමද මේ...
සීත දෙකොපුල තනිය මකනට යන්තමින් ඇඳි සිනහවක් මැද
තාරුකා සේ දිළුන නෙතු යට සැගව රහසින් මියැදුනේ අද
ඔබ ලබාදුන් ආදරයමද මේ...
සෙමින් රැදවූ නුඹ දෙතොලමත දැනුන උණුසුම යළි නොදෙන්නට
සිතා ගොළුකල නුඹේ හද මැද ගල්ගැසී පණ නල යදින්නේ
ඔබ ලබාදුන් ආදරයමද මේ....
කටුස්සා....
හීනය -01

"අඩෝ ලබ්බි...මොකද කරන්නේ....?"
"ලබ්බි....ශික්...ගෑනු ළමයෙක්ට කතාකරන කැත...මහ නැහැදිච්ච ගෝරිල්ලෙක්"
"තෝ මගේ ගෑනිනේ ඉතින්....උඹට ලබ්බි කියන්නේ නැතුව මම වෙන කාට ලබ්බි කියන්නද?"
"ඇයි අල්ලපු ගෙදර අක්කා...ඇයි අර හැමදාම ඔයත් එක්ක නිදාගන්න අර ලස්සන කෙල්ලෝ තුන්දෙනා..."
"ආ....ඒ අය ඉන්නේ ඉතින් අර කොටු කොටු දාන සීන් වලට විතරනේ.ඒ අයට ලබ්බි කියන්නේ නෑ.ලබ්බි කියල කතාකරන්නේ මම ආදරේ කරන කෙනාට විතරයි"
"ඇයි අප්පා ...ඒක මාර වැඩක්නේ...ආදරේ කරන කෙනාට ලබ්බි.අර නිදාගන්න එවුන්ට මොකද්ද කියන්නේ එතකොට?"
"ඒ ගොල්ලන්ට කියන්න ගොඩක් නම් තියනවා .... සුදූ...පැටියෝ...මැනික....වස්තුව....කොච්චර නම් තියනවද..."
"මරනව තෝව මම..."
"උම්මා දීලද...?"
"නෑ....කොනිත්තල.උම්මා ඉල්ලගනින් අර අනිත් එවුන්ගෙන්.මම ඉන්නේ ආදරේ කරන්න විතරනේ..."
"අන්න අන්න ඔයාට වැරදුනා.ඒකට විතරක් නෙමෙයි ඔයා ඉන්නේ.....මම තේ බොන්නේ නැති නිසා ෆෘට් ජූස් එකක් අරගන ඇවිත් උදේ පාන්දර මාව ඇහැරවන්න ඕනේ.මගේ ඇදුම් අයර්න් කරලා දෙන්න ඕනේ.සපත්තු දෙක පොලිශ් කරලා දෙන්න ඕනේ.ගෙවල් අස්පස් කරලා රසට උයල වෙලාවට කෑම ටික දෙන්න ඕනේ.හවසට මම ගෙදර ආවහම ඔය බීම එකක්,කේක් කෑල්ලක් මට ගෙනත් දීලා මගේ සපත්තු මේස් ගලවන්න ඕනේ.තව....."
"ඇති ඇති...මට බෑ උඹව බඳින්න....හොයා ගනින් වැඩට ගෑණු කෙනෙක්ව....මම එන්නෑ ඔයත් එක්ක"
"ඔය කිවුවට මම දන්නවනේ තෝ එනවා කියලා...."
"මමනම් එයි...ඇයි ඔය කියන අල්ලපු ගෙදර අක්කයි,එහා ගෙදර නංගියි,රෑට ඇදට එන කෙල්ලෝ තුන්දෙනයි එක්කම ඉන්නකෝ මට වද නොදී..."
"උන් එක්කම හිටියහම මාව බලාගන්නේ කවුද? මගේ වැඩ කරල දෙන්නේ කවුද?"
"ඉතින් ඔය ඉන්නේ කට්ටිය...ඒ අය කරල දෙයි"
"අපෝ බෑ....මහන්සි වුනොත් ඒ අය කැතවෙයි.ඒ අයට වැඩ කියන්න බෑ"
"අයියේ...මම උඹව මරනවා හොඳේ....එන්නෙම නෑ මමනම් ඔය ගෙදරට...ඉදපිය තනියම"
"ඉන්න පුළුවන්ද තනියම.....?"
"බැරි එකනේ වෙලා තියෙන්නේ...."
"වෙලාව තමයි ඉතින්.කරුමයක් තියනවනම් වලක්වන්න බෑළුනේ....බලමුකෝ ඕක ගෙවුනට පස්සෙවත් හොද කෙල්ලෙක්ව හම්බවෙයිද කියල මට...?"
"අපොයි ඔවු...කාගෙද දන්නේ නෑ කරුමේ....මමනම් තෝව බඳින්නෙම නෑ රිලව....හිටපිය අල්ලපු ගෙදර එකී එක්කම"
"හරි හරි ඉතින් මගේ සුදු බෝල ලස්සන කුක්කු බෝලෙනේ ඔයා....ඉතින් කියන්නකෝ මොකද කරන්නේ කියලා..."
"මොනවා කරන්නද ඉතින් මේ රෑ...අර වහුකුණු රිළවා කතාකරනකම් බලා හිටියා..."
"අදනම් වෙලාව හොඳයි නේද?වහුකුණු රිළවා වෙනුවට කතාකලේ දඟකාර හැඩකාර විසේකාර හැන්ඩ්සම් කොල්ළෙක්නේ...."
"පුහ්...මැස්සෙක් ගිය උඩ...."
"මේ මෝඩයෝ...හෙට ප්ලෑන්ස් මොනවද?"
"හ්ම්ම්ම්....උදේ 8 වෙනකොට ඔයා අපේ ගෙදර.8.05ට අපි යනවා සැලෝන් එකට නිල්මිණී අක්කව පික් කරගන්න.එයත් එක්ක පෙටා යනවා.ඒ වැඩ ඉවරවෙලා ඔයා මට ශාන්ති විහාර් එකෙන් මසාල තෝස 2-3ක් කන්න අරගන දෙනවා.එනගමන් මට මිල්ක් ශේක් එකකුත් අරගන දීලා මාව ගෙදරින් දාලා ඔයා ගෙදර යනවා....සිම්පල් ප්ලෑන් එකක්..."
"මෙහෙම කරමු...ඉස්සල්ලම තෝසේ 2-3 කාලා ඉමු.නැත්තන් මෙශර්මන්ට් වෙනස් වුනොත් අපරාදෙනේ ගන්න ගවුම."
"හා...හා...ඒක ගැන ඔයා වදවෙන්න එපා.මම ඒක බලා ගන්නම්.ඔයා මම කියන විදිහට වැඩේ කරන්නකෝ...."
"නොදකින් මෙහෙම මලපෙරේතියෙක්....මේ අම්මලා වැඩට යන්නේ කීයටද?"
"6.30ට .ඇයි?"
"නෑ ඉතින් අම්මලා නැතිවෙලාවට නංගි බබෙක් විතරක් ඉන්න ගේකට එන්න හොඳද මන්දා...ඒකයි මම ඇහුවේ..."
"අනේ...මම නොදන්න අයියා....ඔවු ඔවු...ගෙදරට එන්න එපා...ගේට් එක ලඟට ඇවිත් හෝර්න් එක ගහන්න.මම එන්නම්..."
"නොදකින් වල් ඊරී....මම 6.45 වෙනකොට ගෙදරට එනවා.මූණ හෝදන් හිටු හොදේ..."
"ඇයි...තව සති 5යි මගුලට තියෙන්නේ....ඉවසන් ඉන්න බැරිද එතකන්....අසහනෙද එච්චරට?"
"පිස්සුද දරුවෝ...මම එන්නේ ඔයාගේ ඇදුම් අන්දන්න....ලස්සනට ඇදගන යන්න එපැයි ඉතින් ගිනිකිකිළි වගේ"
"නෑ...නෑ...ඔයා මහන්සි වෙන්න ඕනේ නෑ ඒකට.මම තනියම ඇදගන්නම්.ඔයා ගේට් එක ලගට වෙලා ඉන්න.මම ගේට් එක අරින්නේ 8.05ට. වනචරයා."
"නොදකින්...පතන්න ඕනේ මෙහෙම ගෑණු....බලපියකෝ...මගුල්දා රෑවත් මම තොට අතක් තියන්නේ නෑ.අනිත් පැත්ත හැරිලා නිදියනවා සැපට"
"අම්මෝ...ලොකු දෙයක්....මමත් හොදට නිදියනවා අතපය දිග ඇරගන"
"ඔවු ...ඔවු...බලන් හිටපන්කෝ...කොහොමත් තොට අතපය ඈත් කරන් තමයි එදාට ඉන්න වෙන්නේ..."
"වනචරම වනචරයා.මේ කපේදිනම් හදන්න බෑ ඔයාව....මේ අයියේ...කෑම කෑවද?"
"නෑ බං තාම.අර වැඩ ටික ඉවරවෙනකොට පරක්කු උනා.ඔයාව මතක්වුන නිසා ඔයාට කතාකලා."
"එහෙනම් මොන මගුලටද ඉස්සල්ලා කමුද කියල ඇහුවහම කමුයි කිවුවේ...යනවා ගිහින් කාලා එනවා මගේ යකා අවුස්සන්නේ නැතුව..."
"හරි හරි...තව ටිකකින් කන්නම්....කතා කරන්නකෝ දැන්"
"මේ...කතා නෑ..ගිහින් කාලා එන්න.කාලා ඇවිත් මට ගන්න.මම තියනවා....බායි..."
"බීප්...බීප්...බීප්..."
නොදකින් මුන්ගේ ගණන්...මේකිගේ අම්මට ජංගි කීයක් තියනවද දන්නේ නෑ.
***********************************************************************************
"අඩෝ අයියේ...."
"මොකද බං නංගියේ...?"
"මොකද කරන්නේ...?"
"එහෙමට විශේෂ වැඩක් නෑ.පත්තරේ බැළුවා.ඇයි?"
"නිකමට ඇහුවේ...ඇයි දැන් කතා කරන්න එපාද...?"
"නෑ ඉතින්....තව අවුරුදු බර ගානක් ඔය කච කචේ අහන් ඉන්න වෙන හින්දා මම බැළුවේ මේ දවස් ටිකවත් කතා නොකර කනක් ඇහිලා ඉන්න."
"ආආ...ඇත්තද...එහෙනම් ඉන්නකෝ...අපි තියනවා...බායි..."
"ඒ ඉතින් විහිළුවටනේ කිවුවේ....කියන්නකෝ ඉතින් මගේ හොඳ සුදූ වගේ..."
"අපෝ බටර්...කට වටේ පෙරෙනවා....මේ...දෙයක් අහන්නම්?"
"මොකද්ද?"
"ඒ වෙලාවේ අම්මා හිටිය නිසා අහන්න හම්බුනේ නෑ.අර ගවුම ෆිටෝන්ග් කරද්දී ඇයි අර මම දිහා අමුතු විදිහට බලා හිටියේ...?"
"කොයි වෙලාවෙද...?මම එහෙම බලා හිටියද...?"
"හ්ම්ම්....නිල්මිණී අක්කටත් හිනා ඒ බලා හිටපු විදිහට...ඇයි එහෙම බලා හිටියේ....?"
"අනේ ඉතින් මේ වගේ දර හැවක්නේ මටත් කරගහන්න උනේ කියලා හිතුනා.ඒ වෙලාව ගැනද දන්නේ නෑ ඔය කියන්නේ....?"
"අනේ.....කියනවකෝ"
"උඹ ඒ ඇදුම ඇන්දහම ලස්සනයි බං.හරියට සුරන්ගනාවියක් වගේ.මට ලෝභ හිතුනා.ඒකයි බලාගන හිටියේ."
"මොනවද ඒ වෙලාවේ හිතුනේ...?"
"හිතිච්ච දේ තමයි ඉතින් ඔය කිවුවේ...."
"විනාඩි 5ක් විතර කට ඇරන් බලා ඉද්දි හිතුනේ ඔච්චරද...?කියන්නකෝ අගේ නැතුව.ඔය හිතේ තියන ආදරේ කියනවකෝ හිතේම හංගගන ඉන්නේ නැතුව.මහ මොකෙක්ද මන්දා...කවදාවත් ඒ ආදරේ පෙන්නන්න ඉගන ගන්නේ නෑ.එයා හැසිරෙන විදිහෙන්,බලන විදිහෙන් මම තේරුම්ගන්න ඕනේ මට කොච්චර ආදරේද කියලා ඉතිං"
"ඉතින් ඒ මගේ හැටිනේ...ඒ මදිද...?"
"මදි නෑ...ඒත් ඉතින් අපි ගෑණුනේ...අපි කැමතියි අපි ගැන හිතන ඒවා අහන්න...."
"ඉතින් එහෙම කියන්න මට තේරෙන්නේ නෑනේ...."
"එහෙනම් ඉගන ගන්න...නැත්තන් වෙන කවුරුහරි මාව වර්ණනා කරනකොට මම නොමග ගියොත් වැරදිකාරයා ඔයා තමයි හොඳේ...."
"ඒක ගැනනම් මම බය නෑ...."
"ඇයි...?"
"මම තරම් පොට්ටයෙක් තව නැතුව ඇති මේ ලෝකේ...."
"බූරුවා...මට ආදරේ කරන හැටි කියන්න තමයි වචන නැත්තේ.අපහස කරන්නනම් ඕන තරම් වචන එනවා කටට"
"නෑ...නෑ..ඉතින්...ඕකනේ කියන්නේ...බෙරි වෙන්නනම් එපා හොඳේ.මම කැමතිම නැති වැඩේ තමයි ඔය"
"ඉතින් එහෙනම් කියනවකෝ...අඩුමගානේ මට ආදරෙයිද කියලවත්...?"
"ආදරෙයි තමයි බං මම උඹට.ඒක ඉතින් ඔයා දන්නවනේ.අදනම් ඉතින් ඒ ආදරේ වැඩිවුනා.තෝ අද ඒ ඇදුමට ලස්සනට හිටියා.මට මිරී...කන්න හිතුනා."
"අන්න එහෙමවත් ටිකක් කියනවකෝ බුම්මට්ටා වගේ කටේ හිරකරගන ඉන්නේ නැතුව....අපි කොහොමත් ලස්සනයි තමයි..."
"නෑ..."
"නෑ නෙමෙයි.ඔවු"
"මම හිතන් හිටියේ ඒ ගවුම ලස්සන නිසා උඹව ලස්සනට පේනවා කියලා..."
"පල යන්න නරියා...ගවුම ලස්සන වුනේ මම නිසා..."
"හරි හරි...අපි එහෙම කියමුකෝ.මේ සුදූ...අර ජුවලරි ගන්න යනකොට මගේ නැන්දම්මත් එනවා නේද?"
"ඇයි ඒ...?අපි දෙන්නම ගිහින් ගමු අයියේ..."
"එයාවත් එක්කන් යමු.නැත්තන් එයා හිතයි අපි එයාව මගාරිනවා කියලා"
"පුහ්...බෑනගේ ලවු එක බලහන්කෝ නැන්දම්මට..."
"මට ඉතින් අම්මෙක් තාත්තෙක් හිටියේ නෑනේ නංගෝ...ඒ නිසා ලවු තමයි එයාට"
"හරි හරි...අපි එයාවත් එක්කන් යමුකෝ...මේ අයියේ...වැඩි ගනන් ඒවා එපා හොඳේ...මම රත්‍රං දාන්න එච්චර කැමති නෑනේ....ඔයත් කැමති නෑනේ...ඒ නිසා ඔය නමට රත්‍රං කියල කියන්න ඒවා ගමු හොඳේ වැඩි ගනන් නොදී"
"නැන්දම්මා හිතයිද දන්නේ නෑ බෑනා ලෝභයෙක් කියලා..?"
"නැන්දට පේන්නද මාල ගන්නේ...?එයා දන්නවා දුවගේ හැටි.අනික ඔයත් රත්‍රං වලට එච්චර කැමති නෑ කියලා එයා දන්නවා..."
"වෙලාවට...මම මේ කල්පනා කලේ ඔය මුද්ද ගලවලා මම වැඩට යනකොට නැන්දම්මා වැරදියට හිතයි කියලා."
"හහ්...මුද්ද ගලවලා යන්න....කපනව මම ඔය අත මුද්ද ගලවලා ගියොත්..."
"නෑ ඉතින්...මම රත්‍රං වලට කැමති නැති නිසා මිස වෙන දෙයක් හින්දා නෙමෙයි..."
"ආආ.....ඇත්තද....වරෙන්කෝ අයියේ උඹ මුද්ද ගලවලා යන්න...මම බලා ගන්නම්කෝ එදාට ඒක..."
"ඊරිසියාව...මම හැංඩියා වගේ ඉන්නකොට මගේ දිහා කෙල්ලෝ බලයි කියල ඊරිසියාව..."
"අනේ මට වැඩේමයි...මේ අයියේ...ලබන ඉරිදා ඔය වැඩේ කරමු.ඔයා සඳුදට මොකද කරන්නේ..?"
"ඔෆිස් තමයි ඉතින්.ඇයි?"
"නෑ...එදාට අර දෙවනි ෆේශල් එක කරන්න යනවා.ඒකයි ඇහුවේ.ඔයා ඔෆිස් යන්න.මම තනියම යන්නම් ඒකට.නිවාඩු ඉතුරු කරගන්නත් ඕනෙනේ ඔයා"
"එහෙනම් මෙහෙම කරන්න.දවල් වෙලා යන්න.මම වැඩ ඇරිලා එන වෙලාවට මාත් එක්ක ගෙදර එන්න ටයිම් මැනේජ් කරගන්න"
"බලමුකෝ...මම සැලෝන් එකට කතාකරලා ඔයාට කියන්නම්කෝ..."
"හරි පැටියෝ...එහෙම කරන්න"
"අයියෝ...මම පොඩ්ඩක් කුස්සිය පැත්තට ඔළුව දාලා එන්නද?අම්මා උයනවා.ටිකක් උදවු කරලා එන්නම්"
"හරි සුදූ එහෙනම් ගිහින් එන්න.කෑමකන වෙලාවට මට කතාකරන්න "
"හරි අයියේ...පරිස්සමෙන් ඉන්න...බුදු සරණයි...බායි.."
"බායි පැට්ටෝ...පරිස්සමෙන් ඉන්න"
-මතු සම්බන්ධයි-
කටුස්සා....