Tuesday, December 30, 2014
හිරුට හොරා......
ඔබත් එක්ක ලන්ව ඉන්න
තුරුල් කරන් තරු ගනින්න
කණට ලන්ව කවි කියන්න
විසිරුණ මල් අහුල ගන්න...
හෙට රෑටත් මම එනවා
කුටියේ දොර ඇර තියන්න...
කණාමැදිරි එළි බලන්න
රැහැයි හඬට පද බදින්න
කඩුපුල් මල් ගොමු අතරේ
ඔබෙ ආදරේ සඟවලන්න...
මට ඔබ දුන් ආලයෙහි රස
වෙන කවුරුත් විඳ නොගන්න...
සපත්තුවෙන් හොයා ගත්තු
සින්ඩරෙල්ල ගැන කියන්න
මූණ ඉඹිනකම් නිදියපු
නිදි කුමාරි ගැන අහන්න...
නොනිදා හූමිටි තියන්න
ලාවට හිස පිරිමදින්න...
ඔඩොක්කුවේ හිස තියාන
ඔබෙ පියවුරු සුව විඳින්න
ඉඟ රැලි ගනිනා අතරේ
සුදු බණ්ඩියේ මුව තියන්න...
කිති කැවිලා මහ හයියෙන්
කෑගහන්න බෑළු ඔන්න...
දහවල මා නොදන්න සේ
අහක බැළු දුක නිවෙන්න
කිටි කිටියේ මිරිකාගන
ඔබ දෙතොලේ රස විඳින්න...
සිහින් කෙඳිරියක් ලෙස එන
අනුරාගය රසවිඳින්න...
කන්ද උඩින් නැග එන හිරු
එළිය දිහා නොබල ඉන්න
හිරු නැගෙන්න කළියෙන් යලි
නුඹෙ කුටියට පා තබන්න...
හෙට රෑටත් මම එනතුරු
මිහිරි මතක සුව විඳින්න...
කටුස්සා....
Monday, December 29, 2014
සැලකීම.....
වැටමාර පොළු පාර
ඔච්චරම රිදෙනවද
කළාකරුවන්ද තොපි
ගුටියක්වත් කන්න බැරි
ඔහේ සිටියට බැරී
වරෙන් මගෙ සමනළී....
මගුලටද වර්ජනය
මෙහෙම සන්වර්ධනය
දැක තියනවද තොපිල
සුදු චීන දෙවියෝ රැල
අනේ තොපෙ වර්ජනෙන්
නවතීද ගන්න ණය....
වෙන රටක පාරක්ය
මන්තීරු අටක් වෙති
අපි හැදුවේ හතරයිනෙ
බාගයක් දුරින් අඩු
එකක්වත් නොතිබු තොට
මෙහෙමවත් දුන්නාට
යස පාඩම්ය මට
අමන නරි හිවල්කැල....
පොඩි පුතා උඩ යැවුවේ
මහා ලොකු සැටලයිට්ය
මද්දුමයා කිමිදුනේ
50-60 වට කොටය
ලැම්බොගිනි ගෙනාවේ
ලොකු පුතා පඩියෙන්ය
ඉතින් තොපිලට මොකද
මගේ උන් එහෙමයිය....
CTB එක මගෙය
අදින්නේ මගෙ උන්ය
යුද්දේ මම දිනු නිසා
රටේ පිට්ටනි මගෙය
ලයිට් කණු වට කරන්
හිනහෙන්නෙ දැන් මමය
බලා ඉන්නට බැරිව
කියවන්නේ පිස්සන්ය....
ඇලඩින්ගෙ රඟපාපු
කෙල්ල ආවට කිචිද
වන්ශොට්ගේ මොන බොඩිද
සල්මන්නේ ෆිට් බොඩිය
එලියන්ත වයිට්ලට
පඩි දුන්නේ ගෙදරින්ය
මට ඡන්දෙ දුන්නාට
සළකන්නේ කළගුණය...
වරායක් තැනුව කල
නැවක් පැමිණිය යුතුද
නැවක් නැති වරායක්
තොපිට සිතාගනු බැරිද
සූගාල සෙනග එන
මම හදපු මත්තලය
දකිනු රිසි නොවුන ඇස්
මට ගහන්නේ මඩය...
රට රැකපු වීර කැල
කානු හැදුවට දුකද
මට උදවු නොකරනා
සියල්ලෝ ද්‍රෝහින්ය
මගේ පා පිරි මදින
කරුණාලා දෙවියන්ය
විපක්ශෙට _ක දෙන්නෙ
මේ රටේ ද්‍රෝහින්ය...
සලකන්න කෙළෙහිගුණ
තොපිට මේ ටික මදිද
ඇයි යකුනේ හිතපන්කො
පැරදුනොත් කොහි යමිද...
කටුස්සා....
Saturday, December 27, 2014
බලා සිටිමි මග......
බලාපොරොත්තුව
හද මැද්දේ හිඳ කොනිති ගහන විට
මතකය ඔබ ගැන
සීතල රෑ යාමේ
වාවනු නොහැකිව කඳුළු නැගෙන සඳ
බලා සිටිමි මග නෙත් දල්වාගන
වල්මත් හිමි සඳුනි.....
ඔබ රුව ඉඳිකඩ පනින තුරා.....
පෙර එක දවසක
ආදරයෙන් සිඹ ඔබ රස ගැන්වූ
මුදු දෙකොපුල් තල
රතු කල ඔබ සුරතේ සිරවී
පියමැන ඇවිදපු මාවත අභියස
ඔබේ සෙනෙහෙ සුවඳින්.....
පිපුන මල් සුවඳට සිත දුවයයි.....
මදු සුවඳින්
වියකුණු පෙම් සුවඳට ඉව කරනාවිට
අන් බඹරුන් ලොව
සිරවුන පතිනි සිතුම්....
මතකය ඉවකර ජීවත් කෙරුමට
වෙර දැරුවත් අද
අවසන කොතනද වටහා දෙනුමැන
සලෙළ කිඳුරු සඳුනී....
ඔබ පෙන්වූ මග අතරමන්ව සිටිනා
ඔබේ වෙසඟනයි මා......
කටුස්සා.....
Tuesday, December 16, 2014
ජ.වි.පෙ. සහෝදරවරුනි.....මේ මල් වට්ටියට අත ගසනු
"අපි ජාතිවාදීන් නොවෙමු.සින්හළ ජනයාගේ අයිතිය උදුරා නොගනිමු.අපි,අපේ සටනේදී සින්හළ ජනතාව ආදරයෙන් සිහිකරමු.ඔවුන්ගේ සාධාරණ සටන් වලදී අපගේ සහයෝගය පළ කරමු.එලෙසම අපගේ විමුක්ති සටනට ඔවුන් සහය දියයුතුය.අනෙකාගේ නිදහස ගැන උනන්දු නොවන පුද්ගලයා තමන්ගේ නිදහසද වළලාගනී.
අපට අත්වූ ඉරණම ශ්‍රිලන්කා ජනතාවටද මතු දිනක අත්වනු ඇත.එදාට අලිමන්කඩ වද කඳවුර හම්බන්තොටට ගෙනයනු ඇත.ගුරුනගර් වද කඳවුර කුරුණෑගලට ගෙනයනු ඇත.අද ද්‍රවිඩ තරුණයන් වෙනුවට එදාට සින්හල තරුණයන් ඒවායෙහි වධ විඳිනු ඇත"
-සෙල්වරාජ් යෝගචන්ද්‍රන් (කුට්ටුමනී ) 1982 ,උසාවියේදී.
1982 දී ඔහු පැවසූ දෙයින් සැබෑ නොවුනේ කුමක්ද?සැබෑවක් ලෙසින් ක්‍රියාත්මකව නොපවතින්නේ කුමක්ද?සරදම වන්නේ ඒ සැබෑවට සෘජුලෙස මුහුන දුන්නන්ගෙන් ප්‍රධාන කොට්ඨාශය වන්නේද උඹලාම වන නිසාය.උඹලා අලුමතින් නැගිට්ටෝ වෙති.එම අදුරු අතීතයේ පැල්ලම් මකාදමා ගැනීමට සමත්වුවෝ වෙති.එහෙත් අද උඹලා,උඹලාගෙන්ම ප්‍රශ්ණ කරගත යුතු තරම් වූ නිශ්ෂබ්දතාවයකින් පෙළෙන්නෝද වෙති.ලාන්කීය සමාජය පීඩනයෙන් මිරිකාදැමීමට සමත්වී ඇති,ග්‍රාම සේවක මහත්වරුන්ගේ සිට ඇමතිවරු දක්වා වූ මුලු මහත් සමාජ පාලන පද්ධතියම දූශනයේ අඳුරු සෙවනැල්ළෙන් වසා දැමීමට සමත් වූ,නීතියේ දෙවඟන ගණිකා වෘතියේ යෙදවූ,පෑනේ බලය ;උන්මන්තක වූ පවුල් බලයෙන් යටපත් කල අදුරු පාලනය වෙනස්කිරීමට උදාවූ අවස්තාව ඉදිරියේ උඹලාගේ මෙම පතෝල හැසිරීම නිසා වන්දි ගෙවීමට සිදුවන්නේ සමස්ථ පුරවැසියන්ටම විය හැකිය.
උඹලාගේ දැක්ම අනූව මෙම ලිපිය ලිවීමට මා හට කිසිඳු අයිතියක් නොමැතිවීමට හැකිය.අවුරුදු 29ක් වන ජීවිතයේ, කිසිදු දිනයක මා උඹලාට කතිරය ගසා නැත.එහෙත් මා ඡන්දය ප්‍රකාශ කල අවස්තා 2කෙහිදිම එම ඡන්දය ප්‍රකාශකලේ උඹලා සහය දුන් අපේක්ශකයාටය.2005 දී නව යොවුන් වියේ සිටින්නෙකු ලෙස එදා මම නුඹලාගේ කතාවලට වශීවී සිටියෙමි.නුබලා සුනාමි විපතේදී හැසිරුන ආකාරය ගැන පැහැදුනෙමි.උඹලාගේ රැස්වීම් අවසානයේ එම රැස්වීම් භුමිය අස්කරනා සාමාජිකයන් දැක ගෞරව කෙරුවෙමි.ජාතික ප්‍රශ්නයේදී නුඹලාගේ මතය හා සමාන මතයක සිට සිහින දුටුවෙමි.මේ සියල්ලේ ප්‍රතිඵලය වූයේ ,කැපුවත් කොළ පවුලක ඉපදුන බාලම සාමාජිකයාගේ පළමු ඡන්දය මහින්ද රාජපක්ශයන් හට හිමිවීමය.ඒ ගැන අදද කිසිඳු කණගාටුවක් හිතේ නොමැත. හමුදා සාමාජිකයන් සටන් කරනා අයුරු බලා සිටියෙමි.ඒ ගැන සෑහීමකට පත්විමි.නිමල රාජන් ,ලසන්ත,සම්පත්,දේවුකුමාරන්ලා මහපාරේ මැරෙන හැටි බලා සිටීමට සිදු වුනෙමි.මාධය්‍ය ආයතන වලට පහර දී විනාශ කරනා ආකාරය බලා සිටියෙමි.පාතාල මර්ධනය මුවාවෙන් ගෙනවිත්, මිනිසුන්ගේ කටවල් වසා පසුව එයම යොදාගනිමින් ගෙවල් වල නිදා සිටිනා තරුණයන් ආයුධ පෙන්වීමට රැගෙනයන ආකාරය බලා සිටියෙමි.යාපනයේ මෙන්ම කොළඹ ජනතාවද ආඥාදායකයේ සපත්තුවට පෑගෙන ආකාරය බලාසිටියෙමි.ඔවුන් සමග එකට පෑගී මිරිකුණෙමි.මේ නිසා මමද උඹලා සමගම ෆොන්සේකා උදෙසා මාගේ දෙවනි ඡන්දය ලබා දුනිමි.ඒ මැතිවරන වේදිකාවේ පවා උඹලා හැසිරුන ආකාරය දෙස පැහැදුන සිතින් බලා සිටියෙමි.විවාදයක් නැත.උඹලාගේ දේශපාලන අදහස්,මාගේ දේශපාලන අදහස් සමග සමපාත වන අයුරු දෙස මම කැමත්තෙන් බලා සිටියෙමි.
එහෙත් සොයුරනි,අද උදාවී ඇත්තේ අතිශය්‍ය තීරණාත්මක අවස්තාවකි.මේ උදාවී ඇත්තේ මේ සොඳුරු මිණිමරුවා ප්‍රජාත්‍රන්තවාදී ලෙස, අනිවාර්යය නිවාඩු ගැන්වීමට උදාවන අවසාන අවස්තාව වේ.ඔහු කිසිඳු දිනයක නැවත මෙම අවස්තාව ලාන්කීය සමාජය වෙත තිලිණ නොකරනු ඇත.මෙවර ඔහු අපේක්ශා නොකල ආකාරයෙන් සිදු වූ ඔහුගේ මහලේකම් කරණම හරහා ඔහු විශාල පාඩමක් ඉගනගන ඇතිබවට කිසිඳු සැකයක් නැත.දැනට විපක්ශයෙන් කිසිදු තරගකාරී නායකත්වයක් බිහිවීමට ඉඩනොදෙන ඔහු,මෙතැන් සිට තමන්ගේ අත යට සිටිනා චරිත ගැනද සෝදිසියෙන් සිටිනා බවටද කිසිදු සැකයක් නොමැත.මීට පෙර අවස්තාවක ඔබලා පවසා තිබුනේ "එක්සත් ජාතීන්ගේ සන්විධානය විසින් ලාන්කිකයන් හට ආයුධ අතට ගැනීම හැර වෙන විකල්පයක් නොමැති බවට පිළිගන්නා තෙක් අපි නැවත ආයුධ අතට නොගනිමුයි" කියාය.එහෙත් ඔබලාගේ නිහඬතාව, මේ අවස්තාව උදාවන තෙක් බලාසිටින්නක් ලෙස මම පිළිනොගන්නෙමු.එහෙත් ඔබලාගේ මැදිහත්වීම අන්කවරදාකටත් වඩා මෙම අවස්තාවේදී අවශ්‍ය වී ඇත.ඒ මෙම ලිපිය ලියන අවස්තාව වන විට පොදු අපේක්ශකයාගේ මැතිවරණ සටන දරුණු ලෙස පසුබෑමකට ලක්වී ඇති නිසාය.
එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඔවුන්ගේ ව්‍යාපාරය මෙහෙය වීමේදී ගම් මට්ටමේ ජනතාව පිළිබඳ ඔවුන් තබා ඇති අඩු තක්සේරුවයි.පොදු අපේක්ශක ප්‍රධාන ආධාරකරුවන් වන එජාපය මෙන්ම චම්පකලා,රාජිතලා ආදීහූන්ද මෙම ගැමි චින්තනය ගැන වටහාගැනීමට අසමත් වූවන් වෙති.අවුරුදු 27ක් තිස්සේ කොළඹ නාගරික සමාජයේ ජීවත් වී දැනට අවුරුදු 2ක් තිස්සේ අනුරාධපුර ප්‍රදේශයේ ජීවත්වන මා හට එම අඩුපාඩුව මහා ලොකුවට පෙනෙන්නකි.මාගේ පෞද්ගලික මතය අනූවනම් ගැමි මනසට ආමන්ත්‍රනය කිරීමේ 'ඔස්ථාර්ලා' වන්නේ උඹලාය.උඹලාගේ සහය පොදු අපේක්ශකට අවැසිවන්නේ මෙතනදීය.ගොවියන් වෙනුවෙන්,ගාර්මන්ට් යන ගමේ කෙල්ලන් වෙනුවෙන් ,තේ,රබර්,පොල් වතු වල සේවකයන් වෙනුවෙන් අනිකුත් සෑම පක්ශෙකටම වඩා කෑගැසුවේ උඹලාය.ගමේ මිනිසුන්ගේ හදගැස්ම ඔක්කොමලටම වඩා හදුනාගත්තේ උඹලාය.ඒත් ඒ ගමෙන්ම උඹලාට ඡන්ද වැටෙන්නේද නැත.එසේ වන්නේ වෙන කිසිම හේතුවක් නිසා නොව එම ගැමියන්ගේ දුප්පත්කම නිසාමය.මෙම අවුරුදු දෙකට මේ ප්‍රදේශයේ වාසය කරන අහින්සක එදාවේල සොයා වෙහෙසෙන මිනිසුන් ගැන වටහා ගත් ආකාරයට ,ඔවුන්ට හෙට දවසට වඩා ජීවත්වන අද දවස ගතකිරීම ප්‍රශ්නයක් වී ඇත.මේ අවස්තාවෙන් ප්‍රයෝජන ගන්නේ කොමිස් කුට්ටි මගින් මඩි තර කරගත් දේශපාලකයන්මය.සාරි,කමිස,හෑන්ඩ් ෆෝන්,මුදල් වෙනි වරදාන මගින් මේ අහින්සකයන් රවටා ගැනීමට ඔවුන්ට මහ ලොකු දෙයක් වන්නේද නැත.මහජනයා උඹලාගේ කතා වලට කොතරම් කැමති උනද,කොතරම් තේරුම් ගත්තද උන්ගේ මුදල් ඉදිරිපිට හැමදාමත් උඹලා පරදින්නේය.ඒත් මීට පෙර උඹලා සන්ධානගත වූ අවස්තාවක උඹලා මන්ත්‍රී දූර 30 ගනනක් ගත්තේය.එම අවස්තාවේදී උඹලා කතා කලෝය.උන් වියදම් කලෝය.උන්ගෙන් බඩ පුරවාගත් එම ගැමියන් ,උඹලාට මනාපය ලබා දුනි.
මෛත්‍රී දින්නායින් පසුව ඔහුගැන වගකීමට නොහැකි නිසා උදවු නොකරමී'යි පවසා මෙම අවස්තාවේ පැත්තකට වීම උඹලාමෙන් පක්ශයකට තරම් නොවේයයි මා සිතමි.ඒ වෙන කිසිවක් නිසා නොව මේ රට තවත් සිම්බාබ්වයක් කිරීමට අප කිසිකෙනෙකුට අවශය්‍ය නොවන නිසාමය.ඒ නිසාම උඹලා මෙම වේදිකාවට ගොඩවිය යුතුමය.මැතිවරණය සඳහා උන්ට මුදල් ඇත.නොදන්නේ ඒ මුදල් බාවිතා කරමින් ජනතාවට ආමන්ත්‍රනය කිරීමටය.උඹලා මෙයට ගොඩවිය යුත්තේද එයටමය.මේ වේදිකාවේදී උඹලා 'මාර්කට්' කල යුත්තේ උඹලා කෙරෙහි මිනිසුන්ගේ ඇති විශ්වාසයයි.එය කිසිසේත්ම කඩේ යාමක් නොවන්නේ,මේ අවස්තාවේ රටේ අවශ්‍යතාව ආඥාදායකය පැරදවීමම වන නිසාය,නීතියේ සමානාත්මතාව නැවත ඇතිකල යුතු නිසාමමය.උඹලාගේ මැදිහත්වීම මගින් ඇතිවන අනිකුත් ප්‍රතිඵලය වන්නේ යම් හෙයකින් මෛත්‍රී ජයග්‍රහනය කලහොත් එම පාලනයට මැදිහත් වීමට උඹලාට අවස්තාව ලැබෙනා නිසාය.අපි පිටින් ඉදන් සහය ලබා දෙනවා කියා තවුසන්ඩ් ටෝක් දුන්නාට,පිටින් සිට කිරීමට හැකි ලබ්බක් නැති බව මා මෙන්ම උඹලාද හොඳාකාරව දනී. උඹලා සෑම විටම කියනා නිශ්පාදන ආර්ථිකය ඇතිකිරීමට,යහ පාලනය ඇතිකිරීමට මේ මල් වට්ටියට අත ගැසීම අනිවාර්යය වන්නකි.ඒ මහින්ද එලවීමට උදවුකිරීමක් ලෙස ලඝුකොට නොසලකා ,හෙට උපදින එවුන් බේබිලාගේ වහළුන් වීමට ඇති ඉඩකඩ අහුරා,අධය්‍යාපනයට නිසි ඇගයුමක් ලබාදෙන ,නීතිය සැමටම එක සමාන ලෙස ක්‍රියාත්මක වන,රජයේ රස්සා ලැබෙන තෙක් කට ඇරන්බලා නොසිටින තාරුණය්‍යක් බිහිකිරීම උදෙසා කරන කැපකිරීමක් ලෙස හෝ සලකා කල යුත්තක්ම වන බැවිනි.එවිට උඹලාගේ මැදිහත් වීමෙන් පසුව මෛත්‍රි පරාද වූවද ,උඹලාට හිතේ නිදහසින් යුතුකම් ඉටුකලෝ ලෙස සමාජයේ පෙනීසිටිය හැක.
කටුස්සා.....
Monday, December 15, 2014
සිහිනය
තරු සළකුණු නැති ඝනදුරු මාවත
එළිය කෙරූ ඒ නුඹෙ මුදු සෙනෙහස
වැළඳ ගන්නෙමි තුරුළුකරන් අද
ලෝකයටත් වැඩි සත්කුළු සෙනෙහස.....
ඉපදුණු බවයක මේ මිනිස් ලොව
ඔබමද ලඟ හිටියේ
ඒ හැම බවයෙම මගෙ හිස පිරිමැද
ඔබමද දුක නිවුවේ
නිවැරදි මාවත පෙන්වා සැමවිට
ඔබමයි මග කිවුවේ
හැරදා යන්නට ඉඩ නැති තරමට
කොහොමද පෙම් කෙරුවේ.....
දෙවිවරු දහසක් දුටුවෙමි ඔබගේ
සසල නොවු දෙනෙතින්
සමනළ ගිරගේ නැග එන හිරු රැස්
වින්දෙමි ඔබෙ පහසින්
කඳුලට ඉඩ නැති කරවූ ඔබගේ
බැතිබර කුළුණු සිතින්
අයදිමි මියෙන්න අවසර දෙනවද
දිනයක ඔබේ ලඟින්......
කටුස්සා....
Subscribe to:
Posts (Atom)




