Friday, November 7, 2014

ගබ්සාව.......





"මට බෑ...මට බෑ...මට බෑ....මට මේක කරන්න බෑමයි..."
"බෑ කියල බෑ...මම ඔයාව දාල ගියාට පස්සේ ඔයා කොහොමද තනියම ළමයෙක් හදන්නේ....?ඒ නිසා ඔයා මේක කරන්නම ඕනෙ"
"එහෙමයි කියල අවුරුදු ගානක් ආදරෙන් හදපු ළමයව මරන්නද ඔයා හදන්නේ?.....එහෙනම් ඔයා නොයා ඉන්න.අපි දෙන්නම මේ ළමයව හදාගමු"
"මට නොයා ඉන්න බෑ.පිස්සු කෙළින්නැතුව ලෑස්ති වෙනව හෙට මාත් එක්ක යන්න.ඕක එච්චර අමාරු දෙයක් නෙමෙයි.වැඩිම වුනොත් සතියක් අමාරුව තියෙයි තමුසෙට.ඊට පස්සෙ ගානක් නැතුව යයි.ඕනෙමනම් තමුසෙට බැරියැයි තව ළමයෙක් හදාගන්න ,වෙන කාට හරි කියල පස්සෙ..."
"දෙවියනේ ඇයි ඔයා තේරුම් ගන්නෙ නැත්තෙ.....මම කොහොමද මේ ළමයව නැතිකරගන්නෙ?මෙච්චර ආසාවෙන් බඩට දා ගත්ත....අනික ඔයා මම ගැන කොහොමද හිතන් ඉන්නෙ....වෙන එකෙක්ට කියල තව ළමයෙක් හදාගන්න.....ඒකටද අපි මෙහෙම ලන්වෙලා හිටියෙ අවුරුදු ගානක් තිස්සෙ....?"
"තමුසෙට පිස්සුද ඕයි....මට පුලුවන්නම් ඇයි තමුසෙට බැරි?වෙන එකෙක්ගෙ ආදරේ තමුසෙට හම්බෙන කොට මේ වුන දේවල් අමතකවෙලා යයි.අනික තමුසෙටත් කවුරු හරි ඉන්න එපැයි".
"මට එපා වෙන කවුරුත්.මට ඕන ඔයාවම විතරයි...ඔයා මට ආදරේ කලේ මේ විදිහට මාව අතරමන් කරල දාන්නද?ඔයාට හිතක් පපුවක් කියල දෙයක් නැද්ද?"
"ඔය කදුළු පිහිද ගන්නව.මෙතන මළ ගෙයක් වෙලා නෑනේ.මට තමුසෙත් එක්ක ඉන්න බෑ.ඒ නිසා මම යනව.මොකද්ද මෙතන තියන ප්‍රශ්නේ?"
"එතකොට මේ ළමය මම විතරක් හදාගත්තු එකෙක්ද?"
"ඕකද ප්‍රශ්නෙ?හෙට ඕකාව නැතිකලාට පස්සෙ තමුසෙගෙ ඒ ප්‍රශ්නෙත් ඉවරයිනෙ"
"ඇයි ඔයා නරුමයෙක් වගේ හැසිරෙන්නෙ?මේ ඔයාගෙ ලෙයින් හැදුන ඔයාගෙත් ළමයෙක්"
ඔයා කට කොනකින් හිනා වෙනව මම කදුළු මැද්දෙන් දැක්ක.
"ඔය බයිල වැඩක් නෑ.හෙට උදේ 10 වෙනකොට ලෑස්ති වෙලා ඉන්නව.මම එනව තමුසෙව අරගන යන්න."
එහෙම කියල ඔයා දොර ඇරගන යන්න ගියා.



"කොහේද මේ...?මේ ගෙයක්නෙ"
"කොහේ උනහම තමුසෙට මොකද?මෙතන ඉදගන ඉන්නව.මම ඇතුලට ගිහින් එන්නම්".
ඉදගන ඉන්න තැන ඔළුවට උඩින් සිවිලින් ෆෑන් එක දඩ...දඩ...ගගා කැරකෙනව.මගේ හිත ඊට වඩා හයියෙන් කැරකෙනව.ඔයාගෙ ලෙයින් හැදුන මගේ පණ පයින් ගගහ දගලනව,හරියට තව ටිකකින් වෙනදේ එයාට තේරිල වගේ.අනේ..අපි දෙන්නට එකට එකතුවෙලා මේ පැටියව හදාගන්න පුළුවන්නම්....
ඔයා තව කවුද ගෑනියෙක් එක්ක කතා කරකර ආව.එයා එතන තිබුන කාමරේට රින්ග ගත්තු නිසා මට එයාගෙ මූණ පෙනුනෙ නෑ.
"යනව අර කාමරේට"
"ඒ මොකටද"
"තමුසෙ හිතුවද සාලෙ මැද්දෙ තියාගන ඔය වැඩ කරනව කියල?පවු නොදී කාමරේට ගිහින් ඇදේ හාන්සි වෙනව."
"අනේ...අඩුමගානෙ ඔයා මගේ ලඟට වෙලා ඉන්න මේ වෙලාවෙදි හරි"
"බබා වෙන්න හදනවද?මට ලඟට වෙලා ඉන්න බෑ.මම කාමරේ ඇතුලෙ ඉන්නව.බය නැතුව වැඩේ කරනව"
කකුල් අද්ද අද්ද මම කාමරේට ගියා.ඉස්සල්ල කාමරේට ආපු ගෑණි හිටියෙ අඬු,කතුරු ලෑස්ති කර කර.මම ආපු සද්දෙට ඒ ගෑණුකෙනා ඔලුව උස්සල බැළුව.
දෙයියනේ...ඔයාගේ අම්ම...
"මේ ඔයාගෙ අම්මනෙ..."පුදුම වුන මම ඔයාගෙන් ඇහුව.
"ඉතින් මොකෝ...එයාට මේ දේවල් හොදට පුරුදුයි.එයා  A/L ගුරුවරයෙක්නෙ මට මතක ඇති කාලෙ ඉදන්.එයාගෙ ඉස්කෝලෙ ගොඩක් ළමයින්ව ඇබෝශන් කරල එයාට ගොඩක් අත්දැකීම් තියනව".
ඔයාගෙ අම්ම රකුසු මූනෙන් මගේ දිහා බලන් හිටියෙ මස් කඩේ ලෙබ්බෙ වගේ.එයා එහෙම බලන් ඉන්න කොට අනිත් දොරෙන් ඇතුලට ආවෙ ඔයාගෙ තාත්තා.
"ඔයාගෙ තාත්තත් මේව කරනවද?ඔයා මට කියල තියෙන්නෙ එයා අම්ම වගේ නෙමෙයි.හරි හොඳයි කියලනෙ"
"හොඳයි තමයි.එයා W.B. ...තිස්ස.අවුරුදු ගානක්ම මාතර සෙන්ට්...කොලීජියේ ප්‍රින්සිපල්.ඒ අවුරුදු ගානට එයා ඔය ඉස්කෝලෙ කී දෙනෙක්ට මේ කරන වැඩේ කරල ඇද්ද?බය නැතුව ඉන්නව.එයා ඇස් පියාගන හරි මේ වැඩේ කරයි.ඒ තරමට experience.
එහෙම කියල ඔයා ඇද ලගින් ගියා.ඔයාගෙ අම්මයි තාත්තයි උල් දත් විලිස්සගන මගේ ඇද දෙපැත්තට ආව.
"හ්ම්..ගලවනව කලිසම...ඒකත් අපිද කරන්න ඕන...කලිසම ගලවන්න බැරි එකා කොහොමද ගෑනියෙක්ට කන්න දෙන්නෙ...?".එහෙම කියන ගමන් අම්ම මගේ කලිසම ගැලෙවුව.
"කකුල් දෙක ඈත් කරනව....දෙවියනේ...."ඔයාගෙ අම්ම එහෙම කියාගන බයෙන් වගේ මගේ පුරුෂ නිමිත්ත දිහා බලන් හිටිය.මමත් හිමින් ඔළුව උස්සල ඒ දිහා බැළුවා.
කෝ....මගේ පුරුෂ නිමිත්ත නෑ...එතන ලොකුම ලොකු කළු කුහරයක්.
"දැන් කොහොමද අපි මේ වැඩේ කරන්නෙ?මම මෙහෙම එකක් දැක්ක පළවෙනිවතාව."ඔයාගෙ අම්ම තාත්තට කිවුව.
'මේ වැඩේ කොච්චර දෙනෙක්ට කරල තිබුනත් මටත් හිතාගන්න බෑ".
ඔයාගෙ තාත්ත.
"ඔතන නෙමෙයි...ඔතන නෙමෙයි...එහෙම කියාගන ඔයා කළබෙලයෙන් ආව.
"ඕකගෙ ළමය ඉන්නෙ ඔතන නෙමෙයි,මෙතන.."ඔයා මගේ පපුවට ඇඟිල්ල තිබ්බ.
"මෙතන...?වෙන්න බෑ...මම මේ දැක්කමයි.."තාත්ත.
"නෑ නෑ මට ෂුවර්...මෙතන කපන්න..."ඔයා කිවුව.
"එහෙනන් මේවයින් බෑ.පොඩ්ඩක් ඉන්න"එහෙම ගිහින් ඔයාගෙ අම්ම කුස්සියට ගිහින් මාලු කපන ලොකු මන්නයක් අරගන ආව.
තාත්ත හිනා වෙවී ඒ මන්නෙ අරගන මගේ පපුව පැළුව.හැම තැනම රතුපාට ලේ ගලාගන ගියා.
"හ්ම්ම්...ඇත්තම තමයි.මේ ඉන්නෙ"ඔයාගෙ තාත්ත මගේ පපුව ඇතුලට අත දාගන කිවුව.
"ඒත් මේකගෙ අඬු පඬු ඇගේ හැමතැනම පැතිරිල.මුලු ඇගම කපන්න වේයි."එහෙම කියල එයා මන්නෙ මගේ ඇග පුරාම අරගන ගියා.මම වේදනාවෙන් කෑගැහුව.
"ඉවසන් ඉන්නව.සතියක් යනකොට කැළලක්වත් ඉතුරු වෙන එකක් නෑ"ඔයා මගේ කන ලඟට ඇවිත් කිවුව.
කෙළවල්ලෙක්ගෙ බඩ බොකු අදිනව වගේ මගේ ඇඟ ඇතුලට අතදාපු තාත්ත ඒ කළලෙ,අපි දෙන්නගෙ ලේ වලින් හැදුන අපේ පැටියව එළියට ඇදල ගත්ත.ඔවු...ඒ නොදරුව තාමත් පණ ගහනව මම හොඳටම දැක්ක.
"ඕක නිකම්ම විසිකරන්න බෑ.අපේ එකාත් ඕකට ගෑවිලනෙ.කවුරුහරි මේක දැනගත්තොත් පාරෙ බැහැල ගිහිනුත් ඉවරයි"අම්ම කිවුව.
"එහෙනම් අපි මේකව බ්ලෙන්ඩර් කරල කොමඩ් එකට දාමු" ඔයාගෙ තාත්ත බැරෑරුම් හඬින් කිවුව.
මම ලේ පෙරාගන නැගිට ගන්නවත් බැරුව ඉද්දි ඔය තුන්දෙනා මගේ ළමයව බ්ලෙන්ඩර් කප් එකට දාල බ්ලෙන්ඩරය වටේ බලාගන හිටිය.
බර්ර්‍......බ්ලෙන්ඩරේ මහ හයියෙන් කෑ ගහන්න පටන් ගත්ත.
අපේ ආදරේ....ඔවු...අවුරුදු 6ක් තිස්සෙ කවල,පොවල පෝශනය කරල  රැකබලාගත්තු අපේ ආදරේ ඔයාලගෙ බ්ලෙන්ඩර් එකඇතුලෙ කීතු කීතු වුනා.ඔය තුන්දෙනා හිනාවෙවී ඒකදිහා බලන් හිටිය.එකපාරටම බ්ලෙන්ඩර් කප් එකේ මූඩිය ගැලවිල කීතු කීතු වුන මගේ ආදරය ඔයාලගෙ මූණු පුරා ඉහිරුනා ;රතු පාටට.ඔය තුන්දෙනා ඔයගොල්ලන්ගෙ මූණු දිහා බලාගන මහ හයියෙන් හිනාවුනා.


 එක පාරටම මම බය වෙලා ඇහැරුනා....අම්මෝ...ඇති යන්තන්.මම දැකලතියෙන්නෙ හීනයක්.මගේ ඇග දාඩියෙන් තෙත් වෙලා.පපුව හයියෙන් ගැහෙනව.මම පපුවට අත තියා ගත්ත.
ඔවු....අපේ අදරේ මැරිල නෑ.තාමත් ඒක මගේ පපුව ඇතුලෙ පනගහනව.මට ඒක දැනෙනව.
මම හයියෙන් හුස්මක් ගත්ත.....





                     කටුස්සා....

Wednesday, November 5, 2014

අහින්සකයි.....පුහ්හ්.....



                 



සමුගන්නා විට මාගේ
දෙකකුල් වැද නොඉම්බාට
ලඟින් ඉදන් හිස අතගා
ඔයා මගෙයි නොමිමිණුවට
අයර්න් කරන් එන කොණ්ඩය
කරල් දෙකට නොගෙතුවාට
නුඹේ ආලය දැනෙනව මට
සිත ඇඳි රුව නුඹ නොවුනට....


පායා එන හිරු මා යැයි
කිසිදා ඔබ නොකීවාට
රැ අහසේ සඳ මා යැයි
බටර් පාර නොගෑවාට
දිවියෙ පහන් තරුව ලෙසට
කවදාවත් සම නොකලට
නුඹේ ආලය දැනෙනව මට
මල සවිවුන නටුව සේම....



ඉන මැද්දේ කොටපු පච්චේ
පේන්න කලිසම ඇන්දට
බුරිය විදපු කරාබුවක්
වල මැද්දේ දිලිසුනාට
සිරිස් බිරිස් කියලා මට
කඩ්ඩෙන් ඇන ගන ගියාට
නුඹෙ ආලය දැනෙනව මට
සීගිරි බිතු සිතුම් සේම....


කිස් කරද්දි වට පිට සිටි
සෙනග දිහා නොබැළුවාට
විළුඹ දක්වා දිග ගවුමෙන්
නුඹේ කකුල් නොවැසුනාට
දත් තිස් දෙක පෙන්වා ඔබ
මහ හයියෙන් හිනහුනාට
නුඹෙ ආලය දැනෙනව මට
බොරු සන්වර නැති වුනාට....





                                      කටුස්සා........
                               



Saturday, November 1, 2014

මම නුඹට ආදරෙයි-02


"හෙලෝ........" 
"හෙලෝ........"
"අනූපමා?"
"ඔව්"   "ව්හඟ"
"ආ...ඇයි කතාකලේ?"
"මොකද කරන්නේ අද?"
"දැනටනම් මුකුත් නෑ...ගෙදර ඉන්නෙ"
"අද පුලුවන්ද?"
"පුළුවන්....ඒත් මොකටද?එදා වගේ ඔලුව අත ගගා ඉන්නද?"
"මොනව අතගෑවත් ඔයාට කමක් නෑනේ....ඔයාගෙ ගාන හම්බෙනවනේ"
"මේ....." 
"ඇයි?"
"මුකුත් නෑ...හරි එන්නම්කො...කොහාටද?"
"දැන් 10.30නේ...11.30ට මාලබේ උඩවත්ත පාරට"
"මම එන්නම්"
==================================
"කොහේද ඉන්නේ?"
"පාරෙ නැවතිල ඉන්න බෑ.මම ඇවිදගන ඉස්සරහට ආව.එන්න ඉස්සරහට"
අර යන්නේ වන වනා."නගින්න ඉස්සරහින්"
"මොකද හිනා වෙන්නේ?"
"මුකුත් නෑ"
"කියනවකො අගේ නොකර"
"ඉස්සරහ නග්ගගන ඇවිත් නගින්න ඉස්සරහින්ලු"
"කෝ....අල්ලල බලනව නැගලද කියල.....හිතුවද හැම තිස්සෙම මේක නැගල කියල"
"විහඟ...ඇතුලටම දාන්න.නැත්තන් හෙන චාටර්....හැමෝටම පේනව"
"හරි මම රූම් එක බුක් කරල එනකම් ඔයා ඇතුලට වෙලා ඉන්න"
==================================
"මම නාපු ගමන් ආවේ.ඔයා වොශ් එකක් දාගන එන්න.හැබැයි අර ගියපාර වගේ ඇදුම් ගලවගන එන්නනම් එපා හොදේ"
"ඇයි"
"මට ඕන නිසා"
"මට බෑ ඇදුම් ඇදන් ඇද උඩ දගලන්න.මේව පොඩි උනහම කොහොමද පාරෙ යන්නේ?"
"ඇයි දැන් තමුසෙට ඇදුම් ඇදන් ඉන්න පුරුදුම නැද්ද?ගලවලමද ඉන්න ඕන?මගේ යකා අවුස්සන්නේ නැතුව කියන දේ කරනවා"
"මම කවුරු කියලද හිතන් ඉන්නේ?"
"කවුරු කියලද හිතන්න ඕන?"
"තව මොනව හිතන්නද?සල්ලි නිසා මෙතන්ට ආවහම"
"ඔය කුනුහරුප කියවන්නේ නැතුව කියන දේ කරපියකො ගෑනියේ"
"විහඟ...ඔය විදිහට කෑගහන්න එපා.මම වේසියෙක් උනත් මටත් ආත්මගෞරවයක් තියනව.හැමෝටම ඇහෙන්න කෑගැහුවට පස්සේ මම කොහොමද මෙතනින් එළියට බැහැල යන්නේ?"
"ඒක තමයි මනුස්සයො මාත් කියන්නේ....මම කියන දේ කරනවකො.මම ඔයාට වෙන මුකුත් කිවුවෙ නෑනේ"
===========================================
"විහඟ"  
"ඇයි?"
"ඇයි ඔයා මෙහෙම කරන්නේ" 
 "කොහොමද?"
 "ඇයි මෙහෙම වියදම් කරගන මේ විදිහට ඉන්නේ?"
  "ඇයි ඒක ප්‍රශ්නයක්ද?"
  "ඔවු,මට ප්‍රශ්නයක්"
 "මොකද්ද ප්‍රශ්නේ?"
  "මේක මගේ හිතට වදයක්.ඔයා මගේ ගාවට එන්නේ සල්ලි දීල.ඔයා මගෙන් කරගන්න වැඩේ කරගන්නෙ නැතුව මේ විදිහට මාව තුරුල් කරන් ඉදල සල්ලි දීල යනකොට ඔයා දෙන සල්ලි ගන්න එක මගේ හිතට හරි බරක්"
 "ඒක ගැන හිතන්නෙ නැතුව ඉන්න"
 "හිතන්නැතුව ඉන්න පුලුවන් මට ඔයා වගේ තව එක්කෙනෙක් හරි මීට හලින් හම්බෙලා තිබ්බනම්"
මම මොනව කියන්නද....මට දැන් ඕව ඔලුවට ගන්න ඕන කමක් නෑ.මට ඕන මගේ ලෝකේ ඉන්න;නිදහසේ.
"ඔය කතාව නවත්තන්න අනූපමා"
 "හ්ම්..."   
"හොඳ ළමයා..."     
"විහඟ..."   දෙයියනේ මේ ගෑනුන්ට කට වහන් ඉන්න බැරි හැටි.
 "මොකද හිනා වෙන්නේ?"    
 "මුකුත් නෑ.ඉතින් කියන්නකො කියන්න හදපු දේ" 
 "ඕන නෑ.හිනා වුනේ මම කාට වහන් හිටියේ නැති නිසානේ"
   "දැන් අනුන්ගේ හිත් කියවනවද?"    
"හැමෝගෙම නෙමෙයි"   
"හරි කියන්නකො ඉතින්"
ඔයා ඉස්සල්ලම ගෑනියෙක් එක්ක කාමරේකට ආවේ මාත් එක්ක නේද?"
"නෑ"
"බොරු කියන්නෙපා විහඟ"
"මොකටද බොරු කියන්නේ?"
"ඒක තමයි මාත් ඇහුවේ?"
ඇයි එහෙම අහන්නේ?"
"දැනගන්න..ඉස්සල්ලම ගෑනියෙක් අරගන කාමරේකට රින්ගන කොල්ළෙක් හැසිරෙන විදිහ මම ඕන තරම් දැකල තියනව"
"ඉතින් දැන දැන මොන එහෙකටද අහන්නේ?"
"නිකන්"
"මොකටද?'
"මම ඉස්සල්ලම සල්ලි වලට මිනිහෙක් එක්ක හිටියෙ O/L ඉවරවෙලා ගෙදර ඉන්න කොට.මේ වෙනකොට අවුරුදු 10ක්.මම නිදාගත්ත මිනිස්සු ගාන මටවත් මතක නෑ.ඒත් ඒ අවුරුදු 10ටම ඔයා වගේ පිරිමියෙක් මම දැකල නෑ"
"මම වගේ අය ඔයාට හම්බ නොවුනට ඕන තරම් ඇති තව"
"මම හිතන්නෑ විහඟ"
අනූපමා මගේ ඔලුව අතගගා එහෙම කියන කොට මගේ මූණට වදින එයාගෙ රස්නෙ හුළඟත් එක්ක මගේ සිතුවිළි කොහේදෝ ඈතකට යන්න ගියා;පුරුදු මතකයක් හොයාගන.
*******************************************************
"මහන්සිද ඔයාට?"   "නෑ"
"රිදෙනවද?"  "නෑ"
"මාත් එක්ක තරහයිද?"   "නෑ මොඩයෝ"
"ඇත්තටම?" 
"ඇත්තටම තමයි....වොශ් එකක් දාගන එමුද?'
"එපා..ඔහොම ඉන්න.මට ඔයාව තුරුල් කරගන ඉන්න ඕන"
"ඇයි ඒ?"
"ඒද?...ඒ තෝ මගේ නිසා...මගේම විතරක් නිසා"
"අපි ආපහු යාළු වෙලා හම්බුනේ දවස් 4යි.ඒ දවස් 4න් 3ක්ම අපි මෙහෙම කළා.මේක දිගටම පුරුද්දකට යාවිද අයියේ...?"
"ඇයි ඒ දේට අකමැතිද?"
"එහෙම නෑ...ඒත් විශේෂ කැමත්තකුත් නෑ....අනේ මන්ද?"
"මේ දේ ආපහු වෙන්නෙ නෑ සුදූ.හැබැයි එක පොරොන්දුවක් පිට....පොරොන්දු වෙනවද?"
"කියන්නකො ඉතින්"
"ඔයාට මේ දේ ඕන වුනොත් කිසිම ලැජ්ජාවක් නැතිව මට කියන්න ඕන.මමයි ඔයාගෙ මිනිහ.ඔයාට ඕන දේ දෙන්න ඕන මමයි.අපි දෙන්න අතර ලැජ්ජාව කියන දේ තිබුනොත් ප්‍රශ්න ඇතිවෙන්නෙ අපිටමයි"
"පොරොන්දු වෙනවද මට?"
"අනේ මන්ද...මට විසේශයෙන් ඒ ගැන ආසාවක් ඇතිවෙන්නෙ නෑ අයියෙ...හරි..එහෙම එකක් උනොත් මම ඔයාට කියන්නම්කො...
"හොද ළමය"
"ඒත්..." 
"ඇයි ඒත්?"
"මේක අදින් නවත්තමු කිවුවට මටනම් විශ්වාස නෑ" ඔයා කිවුවේ හිනා වෙවී.
"මොකද බැල්ලියෙ විශ්වාස නෑ කියන්නේ"මම ඔයාව තවත් තුරුල් කරගත්තා.
"නෑ.මේ දේ ජීවිතේට ඕනම දෙයක් නෙමෙයි.ඕන තරම් ඉවසගන ඉන්න පුළුවන් කියල මහ ලොකුවට කියවනව.ඒත් ඒ දේ කරන්න ගියහම පිස්සෙක් වගේ.හරියට හෙට ලෝක විනාසෙ වගේ හැසිරෙන්නෙ".
"ආ...එහෙමද?හරි එහෙනම් බලමුකො..තෝ ඕන කිවුවත් මම බෑ කියනව.බලපියකො තොට වෙන දේ..."
"හරි එහෙනම් බලමුකො"
"ඇයි විශ්වාස නැද්ද?...හරි..මම මේක කපල දානව...මොකද තෝ හිනා වෙන්නෙ?"
"නෑ...ඉස්සර ඔයා කියපු කතාවක් මතක් වුනා....අර ගෑනු කෙනා කොටයක්වත් ඉතුරු වෙලා නැද්ද අහපු එක"
"හ්ම්ම්....ඒක තමයි මටත් විශ්වාස නැත්තේ...උඹත් මගෙන් අහයිද දන්නෙ නෑ කොටයක්වත් ඉතුරු නැද්ද අයියේ කියල නේද?"
"අපෝ...වැඩේමයි"
"බැල්ලි"
ඔයා මගේ පපුවට තුරුල් වුනේ මගේ ළමයෙක් වගේ.
=====================================
"ගෙදර ආව නේද අයියෙ පරිස්සමෙන්?"
"ඔවු සුදූ.අවුලක් වුනේ නෑ"
ඉතින් ඉතින්...මොකද කරන්නේ?" එතන ඉදන් අපේ සුපුරුදු කතා බහ.
"අයියේ..."
"මොකද පැටියො?"
"දෙයක් අහන්නම් ඇත්තම කියනවද?"
"මම බොරු කියල තියනවද?"
"අම්මෝ ඔවු.යාළුවො එක්ක සෙට් වෙන වෙලාවල් වලදි"
"ඒ ඉතින් චුටිවනෙ.කියන්නකො කියන්න හදපු දේ"
"ඇයි මේ දේ අදින් ඉවර වෙනව කියල එක පාරටම කිවුවේ?"
"ඇයි ඉවර කරන්න එපාද?හරී එහෙනම් ඉවර නොකර ඉමු.ඔයා ශෝයි නන්ගෙක්නෙ"
"මේ මෝඩයො..ප්‍රශ්නෙ මගාරින්න බෑ.මට උත්තරයක් ඕන"
"ඕනෙමද?"
"ඔවු"
"එක්කො අපි ඕක නවත්තමු නේද?මම ඕකට උත්තර දෙන්න ගියොත් ඔයාගෙ හිත රිදෙයි සුදූ"
ඔයාමයි මට කිවුවෙ අපි අතර රහස් බෑ කියල...දැන් ඔයාම රහස් වපුරනව"
"මම කොහොමද ඔයාට කියන්නේ?"
"කමක් නෑ.කියන්න"
'ම්හ්...ම්හ්හ්හ්....මම ඔයාට කියල තියනව මම පරදින්න කැමති නෑ කියල.මට ඕන දේ මම කොහොම හරි ගන්නව.මට ඕන දේවල් තියෙන්නෙ හරි පොඩ්ඩයි.කවදාවත් ඒ දෙවල් ගන්න මට මහන්සි වෙන්න වුනේ නෑ.පිණකටද කරුමෙකටද කියල දන්නෙ නෑ මම."
"ඒව මට කලින් කියල තියනව"
"ඒත් ඔයා මාව දාල ගියාට පස්සෙ මම ගොඩක් දුක් වුනා.වෙලාවකට මට හිතුනෙ මම ඔයාට පැරදුනා කියල.මට ඔයාව ඕනම වුනා.ඒ නිසයි මම ඔයා එනකන් බලන් හිටියෙ.කොහොම හරි ඔයාව මට හම්බුන ආපහු"
"සුදූ...ඔයා නිදිද?"
"නෑ මෝඩයො.අහගන ඉන්නෙ"
"ඒත් ඔයයි කෙවිනුයි සම්බන්ධයෙන් කියපුව ඇහුවට පස්සෙ මගේ හිත මට කිවුවේ මම කෙවින්ට පරාද වුනා කියල.මම ඔයාව අවුරුදු 5ක් තිස්සෙ බලාගත්තේ මගේ ඇස්දෙක වගේ.පොඩි වැරද්දක්වත් වෙන්න දුන්නේ නෑ.ඒත් මම අවුරුදු 5 තිස්සෙ පරිස්සන් කරපු දේ කෙවින් මාස 3කින් මගෙන් උදුර ගත්ත.ඔයා විස්තර කියද්දි මට කිවුවෙ ඔයගොල්ලෝ දෙපාරක් එහෙම හිටිය කියල.මට ඕන වුනේ ඔයාගැන කෙවින්ට වඩා අයිතියක් මට තියනව කියල මටම ඔප්පු කරන්න.ඔයා කෙවින්ගෙ නෙමෙයි මගේ කියල මටම දන්නන්න.එයත් එක්ක හිටිය දවස් වලට වඩා එක දවසක් හරි ඔයත් එක්ක ඉන්න මට ඕනකලා.ඒකයි මම එහෙම කලේ."
"දැන් ඒ දේ ඔයා කරපු නිසා ඔයාගෙ හිතට සැහැල්ලුවක් දැනෙනවද අයියේ?"
"මම කියන දේ ඔයා පිළිගන්නවද?"
"මට ඔයාගැන අවිශ්වාසයක් නෑ"
"මම දැන් ඉස්සරටත් වඩා විදවනව.මගේ හිත කියනව මම දැන් කෙවින්ටත් වඩා බල්ලෙක් කියල.අනුරාධපුරේට එනකම් මම කල්පනා කර කර ආවේ ඒගැන.මට දැනෙන්නෙ හරියට කෙල්ලෙක්ව රේප් කලා වගේ හැගීමක්."
"ඇයි මීට කලින් කාවහරි රේප් කරල තියනවද?ඕක ගැන එච්චර හිතන්නෙපා අයියෙ"
"හිතන්නේ නෑ සුදූ.හිතෙනව.මම විහින්ම ඔයාගෙ හිතේ මම ගැන තියපු ආදරය,විශ්වාසය,ගෞරවය නැතිකර ගත්තා."
"එහෙම නෑ අයියෙ.ඒ දේවල් වලට මුකුත් වෙලා නෑ.ඒ දේවල් මගේ හිතේ එහෙම්මම තියනව.අනික මම අකමැත්තෙන් ඔයා එක්ක හිටියේ නෑ.මාව රවට්ටන්න හැම දෙයක්ම කර කර බොරුවට අදරේ කරන කොටත් කෙවින්ට තිබුනෙ මාව ඇදට ගන්න උවමනාවක් විතරයි.ඒත් ඔයා එහෙම නෙමෙයි  අයියෙ.ඔයා තුරුලෙ ඉන්නකොට  ඒ ආදරය,ආරක්ශාව,විශ්වාසය උපරිම මගේ හිතට දැනෙනව."
"මගේ හිත හදන්න බොරු කියන්නෙපා මෝඩයො"
"මම එකපාරක් ඔයාට බොරු කිවුව.ඒත් ඒකෙන් විදෙවුවෙ ඔයා විතරක් නෙමෙයි.දැන් මම කවදාවත් ඔයාට බොරුවක් කරන්නෙ නෑ.ඔයාට පුලුවන් මාව විශ්වාස කරන්න."
"ඔයා ගැන පොඩ්ඩක්වත් අවිශ්වාසයක් නෑ මගේ හිතේ"
"එක දෙයක් කියන්න."
"මොකද්ද?"
"මේ දේවල් අමතක කරල මාත් එක්ක ඉස්සර වගේ සතුටින් ඉන්න පුලුවන්ද ඔයාට?"
"එහෙම බැරිනම් මම ඔයත් එක්ක ආපහු යාලු වෙන්නෙ නෑ සුදූ
*******************************************************
"ආ මල්ලී....මොකද උඹ නිකන් වෙරිකාරයෙක් වගේ?"
"වගේ නෙමෙයි බන්.ඊයෙ රෑ හෙන  අමාරුවුනා බන්.ජාති ජාති කළවම් වුනානෙ"
"ඒක තමයි උබලට කියන්නෙ කළවමේ පාවිච්චිකරන්න ඉගනගනින් කියල අපි වගේ.එතකොට කිසි අමාරුවක් බෝරින් ගතියක් නෑ.දැන් පිපිච්ච මල වගේ ඉන්න පුලුවන්.කොහෙද තොපි එකම මලක් මත්තෙ මැරෙන්න හදනවනෙ"
"ඒකට තමයි ආවෙ"
"හැහ්.....මට තේරුනේ නෑ"
"අර උඹ ඊයෙ රෑ කිවුවෙ මහරගම ඩීලර් ගෑනු කෙනෙක් ගැන.මට ඒ නොම්බරේ දියන්කො"
"අඩෝ උඹට තාම වෙරිද?"
"ඇයි?"
"ඒක අහල මට නිකන් පිස්සු වගේ.තෝ ඕක වෙන කාත්තෙක්කවත් කියවන්න යන්න එපා.උඹ හිටිය හැටියට ඕක ඇහුවහම මේකෙ එවුන් උඹට ඉන්න දෙන එකක් නෑ."
"මේක හරි හු....නෙ යකෝ.අනිත් හැම එකාටම පුළුවන් එක මට විතරද බැරි?ඕක දියන් අයියෙ කුනුහරුප නොකිය"
"ඔවු ඉතින් අවුරුදු ගානක් ලවු කලාට මම හිතන්නෙ නෑ උඹ තාම ඔය කෙල්ලගෙ දනිස්සට උඩ දැකල තියනව කියල.හැක්..හැක්...හැක්...තාම පැකින් පිටනෙ දෙන්නම නේද?"
"ලබ්බක් කියවන්නෙ නැතුව ඕක දියන්කො බන්"
"ආ...ලියාගනින්...077........දැන් ඕකට කතාකරල උඹ මොකද්ද කියන්නෙ?"
"මොනව කියන්නද..ගෑනියෙක් ගෙන්න ගන්න ගාන අහනව"
"තොට පිස්සුද හිපාටුවො.තෝ හිතුවද ඒ අම්මන්ඩි ගෑනු ශෝකේස් වල දාල තියනව කියල උඹ ඉල්ලපු ගමන් දෙන්න.එහෙම කතාකලොත් උඹට හොද කුණුහරුප අහගන්න වෙයි"
"ඉතින් වෙන කොහොමද කතාකරන්න ඕනෙ?'
"දැන් ලන්ච් එකේදි මම ඒකිට කතාකරල කියන්නම්.පස්සෙ උඹ කතාකරපන් මගේ නම කියල"
"ඔයා මාරයිනෙ වික්‍රම අයියෙ.එහෙනම් මම ගියා.වැඩේ කරල දෙනව හොදේ".
"විහඟය..."
"ඇයි අයියේ"
"උඹ මොකක් හරි අවුලකද ඉන්නෙ?"
"නෑ....ඇයි...?"
"නෑ උඹ ඊයේ සිහි නැතිවෙනකන් බිවුව.මේ දවස් ටිකේම එහෙමයි.දැන් බඩුවක් උස්සන්න හදනව.මේ විදිහට මම කවදාවත් උඹව දැකල නෑ.ඒකයි ඇහුවෙ"
"එහෙම මුකුත් නෑ බන්.අපිත් ඉතින් අත්දැකීම් ගන්න ඕනෙනෙ."
"එහෙනම් බැදපන්කො.දැන් අවුරුදු කීයක් එකම කෙල්ල දක්කනවද?"
"එතකොට උඹ මේ රට වටේ හොරාකන්නෙ කසාද නොබැදද?අනේ මේ කුණුහරුප අහගන්නෙ නැතුව වැඩෙ කරල දෙනවකො"
"හරි හරි...ලන්ච් එකේදි වර"
******************************************************
"දැන් ඔයාට මම කතා කලහම ආන්සර් කරන්නත් බැරිද?"
"මොකටද?මොනව කතාකරන්නද?කියන්න තියන ඒව ඔක්කොම මම කියල ඉවරයි"
"එතකොට ඔයා කියන විදිහට අපි දෙන්නට ආපහු එකතු වෙන්න බැරිද?"
"කවදාවත්ම බෑ"
"දෙවනි පාරටත් මාව අතරමග දාල යන්නද හදන්නෙ?"
"එතකොට ඔයා කියන්නෙ ඔයා බීල මට කියන කුණු කතා ඉවසගන මම ඔයත් එක්ක එන්න ඕන කියලද?"
"හරි මම පිළිගන්නව මම වැරදි කියල.ඒ නිසා තමයි මෙහෙම වැද වැද පස්සෙන් එන්නෙ"
"එතකොට මේ ලගදි ඉදන් බීල අපේ ගෙදරට කතා කරන එක?කතා කරල අම්මයි තාත්තයි එක්ක විකාර කියවන එක?ඒ අයට බනින එක?"
"ඔයා පොඩ්ඩක් හිතන්න මම ජීවිතේට වඩා ආදරය කරපු ගෑනි මෙහෙම මාව දාල ගියහම මට දුක හිතෙන්නෙ නැද්ද?කේන්ති යන්නෙ නැද්ද?අනික ඔයාලගෙ අම්මල නිකන් බබාල වගේ කතා කරන්නේ.ඉගන ගන්න කියල දුවව කොළඹ යවල අවුරුදු 6 තිස්සෙ දුව කොල්ලෙක් එක්ක යාලුවෙලා හිටිය බවක් දන්නෙ නෑලු.බයිලනෙ"
"දන්නෙ නෑ තමයි.මම එක පාරක් ඒ අයට කිවුව.ඒ අය කැමති උනේ නෑ.ඒ නිසා දැන් ඒ සම්බන්දෙ නැතුව ඇති කියල ඒඅය හිතන් ඇති"
"දැන් ඔය අවුරුදු 6න් 5ක්ම ඔයාව බලාගත්තු,හැම දේකටම ලග හිටිය මාව දාල යන්න හදන්නෙ අවුරුදු 6 තමන්ගෙ දුව මොනවද කලේ කියල දන්නෙ නැති දෙමවුපියෝ වෙනුවෙන්ද?"
 "ඔවු,මොනව උනත් ඒ මගේ අම්මයි තාත්තයිනෙ.ඒ කාලෙ අපි රෙජිස්ට්‍රර් වෙමු කියල කියද්දි ඔයාමයි කිවුවෙ ඒ දෙන්නගෙ කැමැත්තෙන් අපි බදිමු,මම ඒ අයගේ කැමත්ත ගන්නම් කියල.අම්මට වෛර කරන්න පුරුදු වෙලා හිටිය මට එයාට ආදරය කරන්න ඉගැන්නුවෙත් ඔයාමයි.ඒ දේවල් කරපු ඔයාද දැන් ඔය ප්‍රශ්නෙ අහන්නෙ.අනික ඔය මොනව නැති වුනත් බීගන  මට කුණුහරප කියන ඔයත් එක්කද ඔයා මට එන්න කියන්නේ?ලැජ්ජ නැද්ද ඔයාට ඔය කතාව මට ආපහු කියන්න?"
"මම කිවුවෙ නෑ මගේ අතින් වැරද්දක් වුනේ නෑ කියල.ඒක මම පිළිගන්නව.ඒත් අනික් හැමෝගෙම වැරදි වලට සමාව තියනවනම් මට විතරක් ඒක නැත්තෙ ඇයි?"
"ඔය මම කිවුවෙ,මොනව කලත් ඔයාට මගේ අතීතෙ අමතක කරන්න බෑ අයියේ.ඔයා කොහේ ගියත් අන්තිමට කැරකිල එන්නෙ ඔතන්ටමයි.ඒකනෙ ඔය සමාව දුන්න කතාව කියන්නෙ.මම ඔයාට සමාව දුන්න අයියෙ.මේ පළවෙනි වතාව නෙමෙයිනෙ.ඔයාට තිබුන ආදරේ නිසා තමයි ඔයාගෙන් කුණු කතා අහ අහ මෙච්චර කල් ඔයා එක්ක හිටියෙ.එත් තව මට ඉවසන්න බෑ.මගේ ඉවසීම දැන් ඉවරයි අයියේ."
"ඕක අන්තිම තීරණේද?"
"ඔවු."
"එතකොට උඹ වෙනුවෙන් මෙච්චර දේවල් කරපු මට තව එක සැරයක් දෙන්න උඹට බැරිවුනා"
"අයියේ,ඔහොම කතා කරන්න එපා.මගේ ජීවිතේට ලන්වුන හැම පිරිමියෙක්ම එකයි.උන් හැමෝටම ඕන වුනේ මගෙන් ප්‍රයෝ
න ගන්න විතරයි."
"දැන් ඔයා මට කියන්නේ මාත් එහෙම එකෙක් කියලද?"
"ඔවු,ඔයත් එහෙම්මම තමයි.ඔයයි අනිත් එවුන්ගෙයි කිසි වෙනසක් නෑ."
"මම තමුසෙට ආදරය කරපු නිසාද ඔය කතාව මට කියන්නේ?"
"ආදරය කලා ඉස්සර.ආපහු යාලු වුනාට පස්සෙ ඔයාට ඕන වුනෙත් මාව ඇදට පෙරලගන්න.ඒකනෙ කලේ"
"වහපිය බැල්ලි කට"
දඩාස් හඩින් බිත්තියේ වැදුන දුරකතනය කෑලි වලට කැඩෙන හැටි බොදවෙලා මට පෙනුන.
******************************************************
"විහඟ"
"ආහ්....හ්ම්.."
"මොනවද අප්පේ ඔච්චර කල්පනාකරන්නේ?"
"මුකුත් නෑ"
"මුකුත්ම නැද්ද?"
"හ්ම්...මුකුත්ම නෑ...අපි යමු"



                                        කටුස්සා....
photo credits-ayomi chathurika
                   

Tuesday, October 28, 2014

පත්තර අතීතය

කටුස්සාට පොඩිකාලේ පුදුම විදිහට පොත් පත්තර කියවීමේ අමාරුවක් තිබුනි.පත්තරයක් පොතක් පේන්න බැරිය.තෝරා බේරා ගැනීමක් නැත.අතට අහුවන ඕනෑම මගුලක් කියවයි.කටුස්සාගේ නිවසින්ද එයට මහත් අනුබලයක් ලැබුනි.කවමදාවත් "උඹ ඕවා විතරක් කියවන්නේ නැතුව පාඩම් කරපන්" යැයි පැවසුවේද නැත.ගමනක් ගිය විට හිත් ගියේද සෙල්ලම් බඩු වලට නොව පොත් වලටය.දෙමාපියන් අත මුදල් තිබුනහොත් කටුස්සා ඉල්ලන පොත් ප්‍රශ්න කිරීමකින් තොරව කටුස්සාට ලබාදේ.ඒ ගන්නා පොත ගෙදර ගෙනියන තෙක් සිටින්නේ නැත.බස් නැවතුමේදී හෝ බසයේදී හෝ කටුස්සාගේ පියාගේ රථයේදී හෝ කියවීමට පටන් ගනී.සමහර වේලාවල් වලදී නිවසට පැමිනීමට පෙර පොත කියවා හමාර කොට ඇත.කටුස්සා මුලින්ම කියවූ පොත විදිහට මතකයේ ඇත්තේ "පුන්චි වලස් පැටවු තුන්දෙනා" හෝ ඒ සමාන නමක් ඇති පොතකි.කතාවේ තේමාව වුවේ සත්තු වත්තේ සිටි වලස් පැටවු තුන් දෙනෙක් කූඩුවෙන් එළියට පැමින ඔවුන් දකිනා දේ පිළිබදව කියනා කතාවකි.මතක විදිහට එය කියවනු ලැබුවේ මොට්ටසෝරි යන කාලයේදීය.දැනට ප්‍රසිද්ධ ළමාකතා රචිකාවියක් වන ජානකි සූරිය ආරච්චි විසින් කුඩා කල ලියන ලද "රන්ගිගේ චිත්‍රය"නම් කතාපොතත් එම ආසන්න කාලයේ කියවූ එකක් ලෙස මතකයේ  රැදී ඇත.එය කටුස්සාට ලබා දුන්නේ කටුස්සාගේ පොත් කියවීමේ පිස්සුව දැනගත්;එකල කටුස්සාගේ සොහොයුරියට ඉන්ග්‍රිසි ඉගැන්වීමට කටුසු භවනට ආ ජානකි සූරිය ආරච්චී මහත්මියගේ පියා විසිනි

මෙම පොත් හා සමානවම කටුස්සා පුවත්පත්ද කියවීය.ඒද ළදරු පාසල් කාලයේ සිටමය.කටුස්සා මිලට ගත් ප්‍රථම පුවත්පත් වන්නේ "පුන්චි" සහ "කැකුළු" පත්තරය.මතක හැටියට පුන්චි පත්තරය කැමිලස් ප්‍රකාශකයෝ විසින් පළකරන ලදී.එහි පළවු "මිස්ටර් ෆොක්ස්' කාර්ටූනය කටුස්සා විසින් කියවන ලද මුල්ම චිත්‍ර කතාව වේ.ඉන්පසු පාසල් යාමට පටන් ගැනීමේදී තවත් පුවත්පතක් එයට එක්වුනි.ඒ "බින්දු" ය.කටුස්සා ප්‍රාථමික අධ‍යාපනය ලැබු කොස්වත්ත ආදර්ශ කනිශ්ඨ විදුහල(දැන් එම්.ඩී.එච්.ජයවර්ධන විදුහල )වෙත යාමට කොස්වත්ත හන්දියෙන් බැස කි.මීටර 1.5 පමණ මහා කන්දක් නැග බැසිය යුතුය.මව සමග බසයෙන් කොස්වත්ත හන්දියට පැමිණ එහි වූ පත්තර කඩෙන් පත්තර මිලට ගෙන බෑගය කරේ එල්ලාගන පත්තරය කියව කියවා පාසල්ගිය අතීතයට කටුස්සා තවමත් මහත් සේ ආදරය කරයි.එම කියවීම නතර වන්නේ කොස්වත්ත පොලීසිය පසුකරන විට පමණී.ඒ පොලීසිය ඇතුලේ සිටිනා සිරකරුවන් බැලීමට මහත් වූ කුතුහලයක් කටුස්සාට එකල තිබූ බැවිනි.එහෙත් කිසි දිනක සිරකරුවෙක්නම් දක්නට නොහැකි විය.

1 වසරේදී මතකයේ ඇදුනු තවත් පුවත් පතක්නම් "සිඟිති සිත්තර"නැමති චිත්‍ර කතා පත්තරයයි.පොඩි ළමුන්ගේ කතා ඇතුලත් එය මතකයේ රැදීමට ප්‍රධාන හේතුවනම් කටුස්සා එය රැගෙන පාසලට ගිය විට පොඩිළමුන්ට චිත්‍රකතා කියවීමට දීම අහිතකර වේ යැයි ගුරුවරු බොහෝ දෙනෙකු කටුස්සාගේ මවට පවසා තිබීමත්;ඇය නිවසට පැමිණ කිවීමත් නිසාය.එමනිසා පත්තරය මිලට ගැනීම නොනැවතුනු නමුදු පාසලට  රැගෙන යාම තහනම් විය.චිත්‍ර කතා කියවීමෙන් මිනිසුන් නරක් වේයැයි පවසන කතාවේ ඇත්ත නැත්ත බැලීමට නොහැකි වුවේ "සිඟිති සිත්තර"කටුස්සා කියවු ප්‍රථම හා අවසාන චිත්‍ර කතා පත්තරය වූ නිසාවෙනි.(කටුස්සා නරක් වුවේ සිඟිති සිත්තර නිසා නොවන බව කාරුණිකව දන්වමි ).සිඟිති සිත්තර වැඩිකල් නොගොස් ප්‍රකාශයට පත්කිරීම නැවතුනි.ඉන්පසු කටුස්සා 2-3වසරට යාමේදි පුන්චි,කැකුළු නතර වී ඒ වෙනුවට හපනා,විජය හා මිහිර යන පුවත් පත් ආදේශවිය.මින් වඩාත්ම ආශාකල පත්තරය වුවේ විජය පත්තරයයි.එම ආශාව කොතෙක්ද යත් අදද පුවත් පත් කඩයකට ගොඩවු විට විජය පත්තරේ දුටු විට රැගෙන ඒමේ පුරුද්දක් කටුස්සාට ඇත.විජය පත්තරේ අමතක නොවන විශේෂාන්ගයනම් "මල් මාමා නොහොත් මකාගේ යලක් "ය.එය මා දන්නා කාලයේ පටන් අද දක්වා ඇති කතාවකි.රජ්ජුරුවෝ,පුරෝහිත හා යෝදයා සිටින කතාවත් දෙවනි පිටුවේ ගිය රූප සටහන් මගින් නොයෙක් කරුනු ඉදිරිපත්කළ විශේෂාන්ගයද තවමත් මතකයේ රැවුදේ.රූප පැහැදිලි කිරීම් වලින් වඩාත්ම ආශාවෙන් කියවු ඩ්යිනෝසෝරයන් පිළිබද විශේශාන්ග  එකතුව කපා පොතක ඇලවු ආකාරයද අද මෙන් මතකයේ රැදී පවතී.හපනා පුවත්පතේ ගිය 'බිග්ෆුට්' නැමති කතාවද කටුස්සා ආශාවෙන් කියවූවකි.

 අප විදුහලේ ඉඩ පහසුකම් මදබව නිසා කටුස්සාගේ 3 වසර පන්ති ආර්ම්භ වුවේ උදෑසන 11ටය.එමනිසා එම අවුරුද්දේ උදය වරුවේ කටුස්සා හොදට නිදාගත්තේය.කටුස්සාගේ නිවස ඉදිරිපිට පාරෙන් අනික්පස කටුස්සාගේ මාමාගේ තේ සහ සිල්ලර කඩය පිහිටා තිබුනි.උදය වරුවේ කිරීමට වැඩක් නැති කටුස්සා මෙම කඩයේ කරක් ගැසීමට හුරු විය.එම කාලයේදී කඩයට දිනපතා දිවයින මිලට ගත්තේය.මෙම කාලයේ කොටි ත්‍රස්තයන් විසින් හමුදා කදවුරකට පහරදී විශාල විනාශයක් කර එය අල්ලාගැනීම කඩයට එන කාගේත් ප්‍රධාන මාතෘකාව වී තිබුනි.එම ප්‍රහාරයෙන් මියගියායැයි සැලකූ හමුදා බටයකු තමාගේ 7 දවසේ බණත් දුන් පසු නිවසට පමිණීමේ පුවතක් දිවයිනේ සදහන්ව තිබූ බවක් මාමා පවසනු ඇසුනු කටුස්සා එම පුවත කියවීමට දිවයින කියවීය.එය කටුස්සාගේ පළමු දිනපතා පුවත් පත් කියවීම විය.ඉන්පසු සෑම උදෑසනකම කඩයට රින්ගන කටුස්සා දිවයින බැලීමට ඇබ්බැහි විය.එම ඇබ්බැහිය කොතෙක් දුර ගියේද යත් මාස 6 යාමට ප්‍රථම කටුස්සාගේබලපෑම මත කටුසු නිවසටත් දිවයින මිලට ගත්තේය.එහෙත් දැනට අවුරුදු 5 පමණ පෙර සිට දිවයින මිලට ගැනීම අත්හිටවුවේ එය සිළුමිණටත් වඩා ආණ්ඩුවට කඩේ ගිය බැවිනි.

 හය වසරෙන් පසු ටියුශන් යාමට පටන්ගත් කටුස්සා ඒ සදහා ගියේ තලාහේන ප්‍රදේශයටය.එම පන්තිය නිමවීමෙන් පසුව කොලුනඩය සමග පයින් මාලබේට පැමිණීමට හුරු වූ කටුස්සාට මාලබේ හන්දියට මෙහායින් තවත් පත්තර කඩයක් හමුවිය.එම පත්තර කඩය නිසා එකල කියවීමට හුරු වූ තවත් පත්තර 2ක් වූවේ "සමුදුර" "විදුසර" පත්තර හා "මුතුහර" සඟරාවයි.අදටත් මා විසින් කියවූ හොදම පුවත් පත ලෙස මා දකින්නේ සමුදුර පුවත් පතයි.ජන්ජාලය හෝ ඒහා සමාන කිසිම පහසුකමක් නොතිබූ අවදියක ,අඩුම වශයෙන් පොතක් කියවා තේරුම් ගැනීමට තරම් කඩ්ඩත් බැරි අවදියක ;"සමුදුර"යනු කටුස්සාට ලෝකය ගැන නෙත් විවර කල කැඩපතක්ම විය.එය කටුස්සාගේ ප්‍රථම රීඩර්ස් ඩයජස්ට් වර්ගයේ අත්දැකීම විය.අනිත් පුවත් පත වූවේ 'විදුසරයි'.එම කාලයත් හා සසදන විට එය කටුස්සාට තරමට වැඩි පත්තරයක් විය.එහෙත් කටුස්සා එය මිලට ගත්තේ කියවීමට ඇති ආශාව නිසාමය.එහි මතකයට නගාගතහැකි නිශ්චිත විශේශාන්ගයක් නොමැති වූවත් 3 වෙනි පිටුවේ ලියා තිබු දිනපොතකුත් කෙටි කතාවත් මහත් ආශාවෙන් කියවු බව මතකය.අඩන්නට හිටිය මිනිහට ඇගිල්ලෙන් ඇන්නා සේ කටුස්සාගේ ඥාතී සහෝදරයකු විසින් කටුස්සාට ඔහු සතු පැරණි අවුරුදු 3ක විදුසර පත්තර තොගයක් ලබාදුන්නේද මෙම කාලයේදීය.පරණ පත්තර කඩේක පෙනුමක් කාමරයට ගෙනදුන් මෙම පත්තර තොගය ඉවත් කලේ මෑතකදී  අනුරාධපුරයට සිදුවූ සන්ක්‍රමණය නිසාය. 

 මතකයේ රැදුනු අනිකුත් සුවිශේෂී මන්සළකුණ වුවේ "මුතුහර" සඟරාවයි.ලියා පෙන්විය නොහැකි තරම් දැනුම් සම්භාරයක් මුතුහර තුලින් ලබාගතිමි.1993 සිට එහෙන් මෙහෙන් කියවූ මුතුහර පිළිවෙලකට මිලදී ගනු ලැබුවේ 1996 සිටය.චන්ද්‍රිකා පාලන සමයේ සන්ඩේ ලීඩර් සමාගමට එල්ල වූ දේශපාලන බලපෑම් නිසා  කාලයක් මුතුහර මුද්‍රනය නතරවී තිබුනි.නැවත මුද්‍රණය ආර්ම්භකලත් එතැන් සිට මුතුහර පෙන්වුවේ වල කරා යන ගමනකි.වර්ථමානයේ මුතුහර සඟරාවට අත්වී ඇති ඉරණම ශෝක ජනක වී ඇත.එතරම් දැනුම් සම්භාරයක් ලබාදුන් මුතුහර දැන් මොන්ටිසෝරී පොතක් බවට පත්වී ඇත.එහෙත් එම අඩුව පිරවීමට බේරේවැවෙන් මුද්‍රණය කරන "දැනමුතු" සමත් වී ඇත.මුතුහර සාර්තක යුගයන්හී කතුවරයා වූ  කුමාර සිරිවර්ධන විසින් ප්‍රධාන කතුවර ධූරය උසුලන දැනමුතු එකල මුතුහර මෙන්ම කටුස්සාගේ මනදොල පිනවීමට සමත් වී ඇත.
 A/L සහ O/L කල කාලයේදී කටුස්සාට මිලට ගැනීමට අළුත් පත්තරයක් තිබුනේම නැති තරම්ය.එහෙත් ඉදහිට "සාධන" පුවත් පත මිලට ගත්තේ අමතර පත්තර තාමත් කියවනවා යැයි  අම්මාට පෙන්නා අම්මා රෑවටීමට පමණි."සාධන" යනු මටනම් මෙලෝ රහක් නැති පත්තරකි.එය පත්තරයක් නොව තවත් අච්චු පොතක්,ප්‍රශ්න පත්තර මිටියක් පමණක්ම විය.එහෙත් එකල දිනපතා ලන්කාදීප සහ ඉරිදා පත්තර තොගයම බැලීමට කටුස්සා හුරු විය.මේ අතර තුර කටුස්සාගේ මාමාගෙන් කටුස්සාට තෑග්ගක් ලැබුනි.ඒ 1961-1985 දක්වා වූ දවස,රිවිරැස යන පුවත්පත් වල මුල් පිටු එකතු කර මුද්‍රණය කල පොතකි.එහි පින්තූර කිහිපයක් පහත දක්වා ඇත.ඔහු පැවසූ ආකාරයටනම් මෙවනි පොත් මුද්‍රණය කර ඇත්තේ 5ක් පමණි.එහි ඇත්ත නැත්ත කටුස්සා නොදන්නා මුත් අදත් හිටපු ගමන් අතීතයට යාමට සිත්වූ විට මෙම පොත පෙරළීම කටුස්සාගේ සිරිතයි.

 ඉහත සදහන් පත්තර වලට අමතරව කටුස්සගේ අම්මා විසින් මිලට ගන්නා ලද කාන්තා පත්තර ගොන්නද කියවීමට කටුස්සා හුරු වී ඇත.එම පත්තර ගොන්නෙහි මතක ඇති පැරණිතම පුවත්පත වන්නේ වනිතා විත්ති නම් සඟරාවකි.1හෝ2වසරේ සිටියදී වනිතා විත්තීයේ විහිලු කතා කියවුවා කටුස්සාට මතකය.තරුණි,නවලිය,සිරිකත,රැජිණ යන  කාන්තා පුවත් පත්ද කටුස්සා විසින් මතක ඇති කාලයේ සිට කියවන ලැබුවේය.ඉන් සමහර පුවත්පත් වල පලවූ නවකතාද කටුස්සා නොකඩවා කියවන ලදී.එහෙත් දැන්  කියවීමට කටුස්සාඅමතර පුවත්පත් නැත.ඇත්නම් ඒ දැනමුතු පමණි.නැති එකද හොදය.ඒ කටුස්සගේ කර මත පැටවී ඇති වැඩ නිසාය.ඕවා තිබුනානම් කියවා මිස වැඩ පටන්ගන්නේ නැත.එහෙත් එවිට කටුස්සගේ පියාගේ පුෂ්පය විකසිතවී කටුස්සාව නිවසින් එළියට ඇද දැමීම වුව සිදුවීමට ඉඩ ඇත.එසේ වුනිනම් පත්තර කියවීම නිසා හිඟාකන තරුණයෙක් මැයින් ලියූ ලිපියක් පුවත් පතකින් කියවීමට ඔබට වරම් ලැබෙනු නොඅනුමානය.




                                                                    කටුස්සා...

Thursday, October 23, 2014

මම නුඹට ආදරෙයි

 "ඔයා මාව දාල යන්න සුදු"
"ඇයි ඒ?"
"මේ;මේ දේ සිද්ද වුනු පළවෙනි වතාව නෙමෙයිනෙ?මම බිවුවොත් හැමදාම මේ දේ මතක් වෙනව.එතකොට ඔයාට බනිනව.පහුවදාට මුකුත් මතක නෑ.මම කතා කරනව.ඔයා අඬනව.මම සමාව ඉල්ලනව.ඔයා දෙනව.
මේක හරියන දෙයක් නෙමේ දරුවො.මාත් එක්ක හිටියොත් ඔයාටත් දුක් විදින්න වෙයි.ඔයා යන්න".
"මම නැතුව ඉන්න පුලුවන්ද ඔයාට?"
"බෑ"....

"එහෙනම් ඇයි මට යන්න කියන්නේ?,ඔයාට බැරිද ඔයාගෙ ඔය බීම නවත්ත ගන්න?ඉස්සර වගේ ගානට බොන්න බැරි ඇයි දැන්  ඔයාට?"
"අනේ මන්ද,ඒත් මම එහෙම බොන්නෙ නෑ.ඉස්සර ගානම තමයි".
"ඔයාට දැන් බොන්න බෑ අයියේ.ඔයා නොබී ඉන්නකොට කොච්චර හොඳද?කොච්චර මන් ගැන හොයනවද.ඒත් බීපු ගමන් අර පරණ කුණුකන්දල් ඔක්කොම අදිනව"
"ඒක තමයි මම කිවුවෙ මාව දාල යන්න කියල"
"දාල ගියහම හරිද ඔක්කොම?එතකොට කවුද ඔයා ගැන බලන්නේ?කවුද මාව බලාගන්නෙ?"
"ඒත්...?"
"කට....මට පොරොන්දු වෙන්න ආපහු බීල පරණ දේවල් ඇදගන මට රිද්දන්නෙ නෑ කියල"
"පොරොන්දු වෙන්නම්.ඒත් මට එකක් කියන්න"
"මොකක්ද?"
"මට ආදරේද තාමත් ඉස්සර වගේම?ඉස්සර හිටිය බට්ට වගේම?"
"මම වෙනස් වෙලා නෑ අයියෙ.ඔයයි වෙනස් වෙලා තියෙන්නෙ.මගේ අතින් වැරද්දක් වුනා.ඒත් ඔයා මට පොරොන්දු වුනා ආපහු යාලුවෙනකොට;ඒ දේවල් මතක් කරන්නෙ නෑ කියල.ඒ දේවල් මතක් වෙන කොට මට ලැජ්ජයි.මටත් ඕන ඒ දේවල් අමතක කරන්න.මට ඒකට උදවු කරන්න අයියේ..."
'මට සමාවෙන්න සුදු.මම ආපහු කවදාවත් ඔයාව රිද්දන්නෙ නෑ'
"ඇත්තමද?"   

"ඇත්තමයි,ඔයා පල්ල .තව එකක් අහන්න ඕන මට" 
 "මොකද්ද?"
"ඇයි ඔයා මට මෙච්චර ආදරේ?"  එසේ අසමින් මම ඇයව තවත් තුරුලු කරගත්තා
"එහාට යනව මොඩයො.අරෙහෙ තව මිනිස්සු ඉන්නව"
"ඉතින් මට මොකො?තෝ මගෙනෙ.උන්ගෙ නෙමෙයිනෙ"
-----------------------------------------------------------------------------------


ශික්...මිනිහෙක්ට නිදාගන්න බෑ පාඩුවේ මේ මගුල් නිසා.කෝ මේ රෙද්ද...යන්තම් අතට අහු වුනා.හුටා,මේක චාර්ජ් එකට ගහලත් නෑ.බැට්‍රිත් බැහැල.ඒ මදිවට මිස් කෝල් 19.මම ඊයෙ සුදුට කතාකරල නැද්ද කොහෙද.කොහෙ කතා කරන්නද.අන්තිම ටිකේ වුනේ මොකද්ද කියලත් මතක නෑ.වෙලාවට කතා නොකලෙ.කතා කලානම් මොනව කියයිද දන්නෙ නෑ ඒ වෙලාවෙ.පවු...කෙල්ල බයවෙලා ඇති.

"හෙලෝ"
"දැන්ද සිහිය ආවෙ?අයියේ,අපි මේ සම්බන්දෙ නතර කරමු"
"මොකක්?"මමද බිවුවෙ මේකිද බිවුවෙ
"ඔවු.නතර කරමු"
"ඇයි ඒ?"  

"ඇයි මතක නැද්ද ඊයේ මට කියවපුව?"
"මම..?" 

 "ඔවු...නැත්තන් මමද?"
"මම මුකුත් කිවුවෙ නෑ"
"එහෙනම් මමද කිවුවෙ?මම ඔයාට බොන්න එපා කිවුවෙ නෑ අයියේ.ඒත් ඔයා සීමාවක් නැතුව බීලා මේ විදිහට හැසිරෙන්න ගියහම කොහොමද මම ඔයා එක්ක ජීවත් වෙන්නෙ?බඳින්න කලින් ඔයා මට වේසි කියල බනිනවනම් බැන්ඳට පස්සෙ ඔයා මට මොනව නොකියාවිද?"
"සුදු...වහනව කට.ඔය වචනෙ ආපහු මට ඇහෙන්න කියන්න එපා"
"නවත්තන්න අයියෙ ඔය කතා.මම වැරද්දක් කලා තමයි.ඒ මිනිහට  රැවටිල ඔයාව අමතක කරල ගියා තමයි.ඒත් ඒකා මාව රවට්ටල මම අසරණ වෙලා ඉන්නැද්දි ඔයාගේ වචන පිළිඅරගන ආපහු ඔයා ලඟට ආව.ඔයා කිවුවා කවදාවත් ආපහු පරණ දේවල් මතක් කරන්නේ නෑ.මේක අලුත් ජීවිතයක් කියල.මම ඔයාට වැද වැද කිවුව,අයියෙ ඔයාට මේ වුන දේවල් අමතක කරන්න බැරිනම් මාව දාල යන්න.මම මගේ පාඩුවේ ජීවත් වෙන්නම් කියල.මම හැම එකාටම  රැවටුන.ඔයත් මාව  රැව්ට්ටුව.මට තවත් මේ දුක විදින්න බෑ.අපි මේක නවත්තමු"
ඔලුවෙ බරගතිය කොහේ ගියාද දන්නෙ නෑ.අදනම් වැඩේ ගස් වගේ.මටත් බිවුවහම මොන මගුලක් වෙනවද මන්දා.දැන්ම කතා කරල ශේප් කරගන්න බැරි වෙයි වගේ.නැවෙනවද,නැත්තන් ඕන් කුදයක් ගහගනින් කියල සද්ද නැතුව ඉදල දවල් වෙලා ගන්නවද?
'සුදු'   

"ඇයි?"
"ඔයාට මම නැතුව ඉන්න පුලුවන්ද?"
"පුලුවන්.මේ වදේ විදිනවට වඩා කිසිම මිනිහෙක් නැතුව තනියම ඉන්නව සැපයි මුළු ජීවිතේම"
"එහෙමද?"  

"ඔවු ඇයි ?"
"සුදු මමත් කටවහන් හිටිය.ඒත් ඔයා මේක  දුර අරන් යනව හොදටම වැඩී.මගේ අතින් විතරක් නෙමෙයිනෙ වැරදි වුනේ?"
"ඔවු...මම විතරනෙ වැරදි කලේ. මමනෙ පට්ට පදුරු වේසි.මේ වගේ වේසියෙක් ඔයාගෙ ජීවිතෙන් ගියහම ඔයාට සතුටින් ඉන්න පුළුවන්"
"නවත්තනව ඕක.මම ආපහු කියන්නෙ නෑ.ඔය වචන මට ආපහු ඇහෙන්න කියන්න එපා.තමුසෙ ඔය ජරා වචනෙන් බනින්නෙ මම ජීවිතේටත් වඩා ආදරය කරපු මගේ කෙල්ලට.තමුසෙටම නෙවෙයි.ඒ නිසා ඔය කට වහගන යන්න ඕනනම් යනව"
-----------------------------------------------------------------------------------
"ඇයි බන් පරක්කු වුනේ?උඹ පරක්කු නිසා අපි දෙන්න බාගයක් අරන් පටන් ගත්තා"
"උඹල ගහපන් බන්.කිසි ෆිට් එකක් නෑ බොන්න අද.මහ වහුතුයි වගේ"
"ඊයේ උඹ උදේ ඉදන් ගහල අද වහුතු වෙන එක අහන්න දෙයක්ද?"
"උඹ මහ පිස්සු හු... බන්."
"ඇයි?"    

"ඇයි තමයි.කෙල්ලගෙ තාත්තට කෝල් කරල අර විදිහට බැන්නහම උඹ කොහොමද ආපහු ඒ මිනිහගෙන් දුවව ඉල්ලන්නේ?"
"ඒ මගේ කෙල්ල නෙමෙයිනෙ,හිටපු එකනෙ"
"බයිල ගහන්න එපා බන්"
"බයිල..මොනවද බයිල?"
"උඹට පුලුවන්ද ඒකිව අමතක කරන්න?"
"පුලුවන්"
"අනේ පලයන් බන් යන්න.එහෙනම් උඹ ඒක ගියපාර කරන්න තිබ්බනෙ.අර ඉටිකිරිස් කෑලි 2ක් උඹ පස්සෙ වැටිල ඉන්නැද්දිත් ඇයි එහෙනම් ඒකි ආපහු එයි කියල බලාගන හිටියේ?පලයන් විහඟය යන්න"
"ඒ ඉස්සර.දැන් පුලුවන්"
"ලබ්බ තමයි.මෙන්න මේ ශොට් එක දාගනින්"
"කෝ අපේ වේටර් සහෝදරය....මල්ලී....."
"භාගයක්ද බෝතලයක්ද?"
"බෝතලයක් ගෙනෙන්"
"දැන් බොන්න බෑ කිවුවේ?"
"දැන් පුලුවන්"
-----------------------------------------------------------------------------------

"විහඟ" අහ්....මගේ පරණ සපෝටර්
"ඔවු මැඩම් කියන්න" 
 "වැඩක්ද?"
"එච්චර අවුලක් නෑ.වාඩි වියන්.ගොඩ කාලෙකින්නෙ උඹල අපේ වාසබවනට එන්නෙ.ඉතින් කොහොමද ජීවිතේ?"
"හොදයි.ඔයාට කොහොමද"
"ගොඩ තමයි ඉතින්"
"------------------------------"
"-----------------------------"
"ඇයි උඹ අහන්න ගිය එක නතර කරගත්තේ?අහන්න එපා,මම කියන්නම්.එයත් හොදින්.එයා ගැන කියන්න තමයි මම ආවෙ"
"සුදු ගැන....ඇයි එයාට?
"එයාට මුකුත් නෑ.තරූශි මැරි කරනව ලබන මාසේ"
'මොකක්?"  
'හ්ම්ම්..."
'කාවද?"
"එයා වැඩ කරන තැන කෙනෙක්.මට කියපු විදිහටනම් එයා පරණ දේවල් ඔක්කොම දන්නව.ඒ ඔක්කොම අමතක කරන්න කිවුවලු.පේන විදිහට දෙන්න සතුටින් ඉන්නව.
"සුදූව අයිතිවුන කෙනෙක්ට වරදින්නෙ නෑ පියුමි.ඒ තරම් ආදරයක් පිරිමියෙක්ට ලැබෙනවනම් ඒ තමන්ගෙ අම්මගෙන් විතරයි.ඒත් එතනදිත් සමහර වෙලාවල් වලදි සුදු ඉස්සරහින්"
"විහඟ"  
'ඇයි?"
"දෙයක් කියන්නම්;මෙච්චර දුක දුක හිතෙන වෙලාවෙදිත් හිනා වෙන්න එපා.ඒ හිනාවෙ ඉස්සර තිබුන ගතිය නෑ බන්.තියෙන්නෙ අසරණකමක්.ඒක උඹේ මූනට ගැලපෙන්නෙ නෑ බන්'
මම පියුමි දිහා බලලා ආපහු හිනා වුනා.
"මම මේක උඹට කිවුවෙ පිටින් ආරන්චි වෙනවට වඩා උඹ මේව දැනගන ඉන්න එක හොද නිසා.හිත හදාගනින් බන්.තරුශිට උඹව අයිති නැතුව ඇති"
"නෑ පියුමි.මටයි තරුශිව අයිති නැත්තෙ"
-----------------------------------------------------------------------------------

මොන මගුලක්ද මේ?සුදු දැන් මාව දාලගිහින් අවුරුද්දකටත් වැඩියි.දැන් එයා බඳින්නත් යනව.මම ඔහේ ඇවිද ඇවිද මතකය ඉව කරනව.
දයාබර ගල්කිස්ස වෙරළ තීරය.
අපේ කතාවෙ කොච්චර දේවල් මෙතන ලියවිල ඇද්ද?මේ පොඩි රෙස්ට්ටූරන්ට් එකේ උඩතට්ටුවේ බැල්කනිය.අපි යාලු උනාට පස්සේ ඉස්සල්ලම එළියට ආපු දවසේ ,දවල්ට කන්න ආපු තැන පළවෙනියට ඉදගත්ත මේසෙන්ම මම වාඩි උනා ;තනියම.ඊට පස්සෙ අපි කොච්චර ආවද මෙතෙන්ට?මේ පුටු දෙකට මාව මතකද දන්නේ නෑ.නැතුව ඇති.මතකනම් අහනවනෙ "ඇයි උඹ තනියම කෝ උඹේ සුදූ' කියල.
"ඇඟිල්ල ගොඩක් තැලුනද?මම ඒකනෙ කිවුවේ මට තනියම පුලුවන් කියල.ඇහුවේ නෑනෙ පණ්ඩිතය."
"දැන් මොකද කරන්නේ මේකට?"
මම ඉදගන ඉන්න තැන පල්ලෙහා තියන මේසෙ ඉදගන ඉන්න ජෝඩුවක්.අහල පුරුදු කටහඩක්.කවදාවත් අමතක කරන්න බැරි;අමතක වෙන්නෙත් නැති.
"මුකුත් කරන්න ඕන නෑ.ටිකකින් හරියයි"
"හරියයි තමයි.ඇයි එපා කියන වැඩ කරන්නේ?කෑම දාන්න කියල අපි යමු ඩොක්ටර් කෙනෙක් ගාවට.වෙඩින් එකටත් තව දවස් කීයද?"
"දැන් රිදෙන්නෙ නෑ තරූශි,"  

"රිදෙන්නේ දැන් නෙමෙයි.පස්සෙ.කියන දේ අහන්න.අපි මේ අයට කියල මෙඩිකල් සෙන්ටර් එකකට යමු"
"දැන් ආපු එකේ කෑම කාල ගෙදර යනගමන් යමු ළමයො"
"කෑම කන්න කවද බැරිද?හ්ම්...හ්ම්...යමු යමු"
ඔයා නැගිටල ඒ කොල්ලගේ අතින් අදිනව මම ආසාවෙන් බලන් හිටිය.ඌත් අකමැත්තෙන් වගේ නැගිට්ටට මම හොදටම දන්නව ඌ නැගිට්ටේ හෙන ආඩම්බරෙන් කියල.මේ වගෙ තමන් ගැන හොයන කෙල්ලෙක් හම්බවෙල තියන කොට මොන කොල්ලද ආඩම්බර නොවෙන්නේ
උඹල දෙන්න තුරුල් වෙල කාර් පාර්ක් එකට යන හැටි මම බලන් හිටියේ මොනවගේ හැගීමකින්ද කියල මම අදත් දන්නේ නෑ.ඒත් එදා මම එක දෙයක් තේරුම් ගත්තා.මම අතින් මෙච්චර වැරදි උනාට පස්සේත්;ඔයා අතින් මෙච්චර වැරදි උනාට පස්සේත්  ඔයාගැන මගේ හිතේ තියන ආදරය පොඩ්ඩක්වත් අඩුවෙලා නැත්තේ මම ඔයාට වඩා ඔයාගෙන් හම්බුන ආදරයට ආදරේ කරපු නිසා කියන එක.
ඔවු සුදු.මම ඒ ආදරයට අදටත් ලෝභයි

----------------------------------------------------------------------------------
 
මම නුඹට ආදරෙයි-නුඹෙ පෙමට ආදරෙයි
මට නැතුවට ඔහුට පුදන පෙමට ආදරෙයි

ප්‍රේමය මල් උයනක් යැයි සිතා සිටින විට
විස කටු ළය පුරා ඇනී රිදුම් ලබන කොට
දෝර ගලන නුඹෙ සෙනෙහස ඔහු වෙනුවෙන් කැපවන විට
යා යුතු මඟ නිනවු නැතිව තේරුම් නෑ මට

ප්‍රේමය මද පවනක් යැයි සිතා සිටින විට
සුළි සුළඟක් වී ගත සිත තලා දමන කොට
මුතු කුඩයකි ඔබෙ සෙනෙහස සදා නිවන ඔහු සරතැස
වෛර කරන්නේ කෙළෙසද අන්සතු පෙමකට


ක්‍රිශන්ත එරන්දක
.........





(මෙහි ගීත රචකයා සහ තණු නිර්මාපකගේ නම් සොයා ගැනීමට නොහැකි වීම පිළිබදව බලවත් කණගාටුව ප්‍රකාශ කරමි.)


photo credits-ayomi chathurika

                                             

                                                    කටුස්සා....