"විහඟ..."
කාර්යයාලයට ඇතුල් වෙද්දීම ප්‍රධානියගෙන් ඇමතුමක්.
"ඇයි අයියේ....?"
"පොඩ්ඩක් මගේ කැබීන් එකට වරෙන් තව පැය භාගෙකින් විතර....පොඩි කතාවක් තියනවා...."
"එළ..."
එසේ කියමින්ම තම කැබීනය වෙත ගොස් අසුනට බරවූ තරුණයා දෙඅත් තම මුහුණ මත හොවමින් ගැඹුරු කල්පනාවකට සම වැදුනේය.ඔහුගේ දෙනෙත විඩාබරය.රතුවී ඇත මුහුනේ තිබූ ප්‍රබෝධය, නිරතුරුව දෙතොල සැරසූ සිනහව අතුරුදන් වී දින කිහිපයකි.කොහොමත් අකීකරු අක්බඹරු හිසකෙස් තවත් අවුල් වී ඇත.කෙටියෙන්ම පවසන්නේනම්,පැහැදිලිව පිටතට පෙනෙනා අපිලිවෙලක්, වේදනාවක් ඔහු වටකොට ගෙනය.තම මේස ලාච්චුව විවරකල ඔහු එතුලින් ගත් පැකට්ටුවෙන් සිගරට්ටුවක් දල්වා තම කාර්යයාල සහයක ඇමතීය.
"සර්...කතාකලාද මට...?"
"සුනිල්...මගේ බෝතලේට වතුර එකක් ගෙනෙන්කෝ....උඹට හැමදාම කියන්න ඕනෙනේ බං ඒක...අරගන එන ගමන් හංසි මිස්ගෙන් අහගන වරෙන් මම දුන්න වැඩේ ඉවරද කියලා.....ආ...කොල්ලෝ...ඔය ජනෙල් ටිකත් ඇරගනම පලයන්...."
"හරි සර්..."
කවුළුවෙන් පෙනෙන පැහැදිලි නීල වර්ණ අහස්තලය දෙස බලාගන එම අවකාශයෙනුත් එපිටට තම සිතුවිළි මුදාහරිමින් තිබූ ඔහුගේ ; දකුනතේ සිරවුන දුම්වැටිය නොනවත්වාම අලු පැහැති දුම් වලලු පිටකරමින් තිබුනි.
"සර්...හංසි මිස් ඒ ෆයිල් එකත් අරගන තව ටිකකින් එන්නම් කිවුවා..." පුරවා ගෙනා වතුර බෝතලය මේසය මත තබමින් සහයකවරයා පැවසීය.තරුණයාගේ මුහුන තවත් අඳුරු විය.
"උඹත් වැඩක් දුන්නම නානවනේ රෙද්ද....දැන් ඔය මගුල මෙතන්ට ආවහම පැයකට යන්නේ නෑ...උඹ ඇවිත් මෙතන ඉඳගන හිටපන්.මම උඹේ වැඩටික කරන්නම්...."
නොරිස්සුම් සහගත ලෙස පැවසූ තරුණයා.
"බොනවද එකක්....?"යි පවසමින් සිගරට් පැකට්ටුව ඔහු දෙසට තල්ළු කලේය.
"මම ඔතන්ට ඇවිත් වාඩිවුනාට වැඩක් නෑ සර්....හංසි මිස් එන්නේ මාව බලන්න නෙමෙයිනේ.එහෙම වුනොත් මිස් තේ හදන කෑල්ලට ඇවිත් කියව කියව ඉඳියි ,සර්ට තේකක්වත් හදන්න දෙන්නේ නැතුව...."
"මම...තේ හදන කෑල්ලේ මොනවා කරන්නද...?"
"ඇයි සර් දැන් කිවුවේ සර් මගේ වැඩ කරන්නම් කියලා....එහෙම උනොත් සර්ට ඉන්න වෙන්නේ තේ හදන කෑල්ලේ තමයි....."
"මම උඹට කිවුවයි කියලා හිතාගනින්....මේ...කොහොමද අද බොසාගේ මූඩ් එක....?මල පැනලා වගේද හිටියේ....?"
"එහෙමට අවුලක් නෑ සර්....සිංදුවකුත් කියාගන ඔෆිස් එකට ආවේ උදේ...."
එහෙනම් අවුලක් නෑ...ආ....මේකත් අරගන පලයන්...දැන් අර හෝන්තුව කොයි වෙලේ මෙතන්ට කඩාපාත් වෙයිද දන්නේ නෑ...."
"ඔවු ඔවු....ඒ වෙලාවට මම මෙතන හිටියොත් සර්ටම තමා පාඩුව...."'යි හිනහෙමින් පැවසූ සහයකවරයා තරුණයා දුන් දුම් වැටියත් ගෙන කැබීනයෙන් පිටත්විය.තම දකුණතේ සිරවී තිබූ දුම්වැටීයේ අවසන් උගුරෙන් ලය පුරවාගත් තරුණයා එයින්ම තවත් දුම්වැටියක් දල්වාගන මේසය මත වූ පරිඝණකය වෙත නෙත් යොමුකලේය.
"එක්ස්කියුස්මී...විහඟ අයියේ...වැඩක්ද?'යි අසමින් කැබීනය වෙතට පැමිනියේ අවුරුදු 24-25ක පමණ සුන්දර තරුණියකි.නවීන තාරුණ්‍ය කාන්තාවකගේ සුන්දරත්වය මේයැ'යි හදුන්වන සියළුම අංගෝපාංගවලින් සමන්විත නාරී දේහයකින් සමන්විත වු ඇය තරුණයා කිසිත් පැවසීමට පෙරම ඔහු ඉදිරියෙන් වූ පුටුවක අසුන් ගත්තාය.
"දැනටනම් නෑ නංගී.ඒත් තව විනාඩි 10කින් විතර බොස්ව හම්බවෙන්න යන්න ඕනේ.ඇයි...මොකක් හරි ප්‍රශ්නයක්ද...?"
"ආපෝ මේකේ ඇතුලේ සිගරට් ගඳ....කොහොමද අප්පා හුස්මගන්නේ මේකේ ඇතුලේ...."නළල රැලි කරමින් සුරතේ ඇඟිලි ලෙළවමින් ඇය පවසන විට තරුණයාට මැවී පෙනුනේ බාර්බි කාර්ටූන් පටවල සිටින බෝනික්කන්වය.
"ඉතින් ඒකට හුස්ම නොගෙන හිටියනම් හරිනේ...."
"හම්....මම මේ දවස්වල හුස්ම නොගෙන ඉන්න ට්‍රයි කරනවා.පුරුදු උනහම මම කියන්නම්කෝ......"
"හරියන එකක් නෑ කවදාවත්."
"ඇයි....?"
"ඔයාට ඇත්තේ පෙනහළු එකයි.ඔය ඇඟේ හැටියට දෙකක් තියෙන්න ඉඩක් නෑ...."
"ආනේ....ඇත්තද....?කොහොමද දන්නේ නෑ දැනගත්තේ හරියටම....?"
"භාහිර අංග ලක්ෂනයෙන් තමයි ඉතින්......"
"භාහිරෙන් බලලා ගන්න තීරණ හැමතිස්සෙම හරියන්නේ නෑලු...."
"හා එහෙනම්....ඔෆිස් එකේ කවුරුත් නැති වෙලාවට මම බලන්නම්කෝ අභ්‍යන්තරව ඔයාගේ ඇඟේ අඟලක් ගානේ.ඊට පස්සේ මම කියන්නම් මගේ නිගමනය"
"කට ඇරියොත් කුණුහරුපයක්ම තමයි....මේ අර ෆයිල් ටික.ඔක්කොම කම්ප්ලීට්...බලලා මට දෙන්න ප්‍රින්ට් එකට යවන්න...." මවාගත් නොරිස්සුමකින් ඇය පැවසීය.
"මම සර්ව හම්බවෙලා ඇවිත් මේ ටික බලන්නම්.ඕක ඔහොම තියන්න හංසි..."
"විහඟ අයියේ....මුකුත් හිතන්න එපා....දෙයක් අහන්නම්....?"
"අවුලක් නෑ...අහන්න..."
"මොකද්ද හිතේ ප්‍රශ්ණේ....?"
"ඇයි එහෙම අහන්නේ....?"
"නෑ...ඔයාගේ මූණේ කිසි හිනාවක් නෑ මේ දවස්වල....හැම තිස්සෙම උඩ බලාගන ඉන්නේ....ඒකයි ඇහුවේ...."
"ලොකු දෙයක් නෑ හංසි...මේ පෞද්ගලික ප්‍රශ්ණයක්"
"මට කියන්න බැරිද....?"
"බෑ හංසී...මම පෞද්ගලිකත්වයට ගොඩක් ගරුකරනවා.ඒක එලිවෙන්නේ මාත් එක්ක ජීවිතේ බෙදාගන්න අයත් එක්ක විතරයි"
තරුණියගේ මුහුණ රතුවිය.දෙනෙත් කඳුලින් බරවිය.
"ඔයාට මං ගැන එහෙම හිතන්න බැරිද අයියේ....?"
"බෑ නංගී....මම හිතන්නේ නෑ ඒක කවදවත් සිද්දවෙයි කියලා....අනික කෙනෙක් තව කෙනෙක්ගේ හිතට ලංවෙන්නේ හිතලා නෙමෙයි.ඒක වෙන්න ඕනේ ඉබේමයි.මට ඔයාගැන එහෙම හිතෙන්නේ නැත්තන් මම මොනවා කරන්නද?අනික අපි මේක ගැන කලිනුත් කතාකරලා තියනවනේ දරුවෝ....."
"හරි...මට සමාවෙන්න....මම යනවා" කඳුලින් බරවුන නෙත් බිමට යොමමින් තරුණිය කැබීනයේ දොර දෙසට ගමන්කරන්නට විය.
"මේ මොනවද මේ පාර්සලේ....?"
"ඊයේ ගෙදර කිරිටොෆි හැදුවා...ඔය ඔයාගේ පංගුව...."
ආපසු නොබලමින් කැබීනයෙන් පිටවෙන ඇය පැවසීය.පාර්සලය දෙසත් පිටුපා යන ඇය දෙසත් මාරුවෙන් මාරුවට බලමින් උන් තරුණයා සිතින් තමන්ටම කුණුහරුපයක් කියාගනිමින්ම නැගීසිටියේ ප්‍රධානියා හමුවීමට යාම සඳහාය.
හිතවත් පාඨකය....මේ කතාව නිවැරදි අනුපිලිවෙලකට හෝ දැනටමත් දන්නා අවසානයකට හෝ ගලායන්නක් නොවන බව කාරුණිකව සිහිතබාගන්න.අතීතය,වර්තමානය හෝ අනාගතයේ කුමක් සිදුවූවත් මේ කතාව මේ විශ්වයේ කොතනක් හෝ සදහන් විය යුතුමය.ඒ මේ කතාවේ බොහෝ පාර්ශවයන්ගේ හිතසුව පිනිසමය.ඒ නිසා මෙය කීමේදී මේ කතාවේ එකඳු හෝ පරිච්ඡේදයක් මගහැරීමට මට අවශ්‍යනැත.මෙය ලියවෙනේ මේ කතාවේ චරිත අතුරින් වරදකරු, නිවැරදිකරු තීරණය කිරීමට නොව මාගේ හදවත නිදහස්කරගැනීමේ ශුද්ධවූ අයිතිය නිසාවෙන්ම බව නැවත පවසමි.මෙවන් කතාවක් සිතේ තබාගන ජීවත්වීම හෝ මියයාම හදවතට තවත් බරක් එක්කාසු කරගැනීමකි.සිතේ නිදහසින් මියයාමට කැමති නිසාම මෙම කතාව මෙහිදී අකුරු බවට හරවනු ලබමී.එහිදී මතුවන අතීත සෙවනැලි කතාවේ ගලායාමට බාදාවක් සේ හැඟුනද එම සෙවනැලි පහස මැදහත් සිතින් ඉවසා සිටිනමෙන් ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
"ජීවිතේ කොතනද තියෙන්නේ....?" තරුණයාගේ පපුව මත හිස තබාසිටින තරුණිය විමසුවාය."
"ජීවිතේ අන් තැනක"
"අන් තැනක කිවුවේ....?"
"මෙන්න මෙතන...." හිස උස්සා තරුණියගේ හිස සිඹිමින් ඔහු පැවසීය.
"ඒක මිසක්....අන් තැනක කියලා කිවුවහම මම හිතුවේ වෙන කවුරුහරි කෙල්ලෙක් ලඟ කියලා...."
"එහෙම උනානම්....?"
"එහෙම උනොත් මම උඹව මරනවා...."
"කොහොමද....?උම්මා දීලද....?"
"නෑ....බෙල්ල මිරිකලා...."
"එහෙම කොහොමද කරන්නේ....?මගේ බෙල්ල මිරිකන්න එනකොට මම උඹව පෙරලගන බඩට බර්ර්ර්ර් ගානවා.එහෙම කරනකොට උඹට කිතිනේ.එතකොට උඹට මගේ බෙල්ල මිරිකන්න බෑ.මෙන්න මේ වගේ...."යි කියමින්ම තරුණියව සයනය මත පෙරලාගත් ඔහු ඇගේ නිරුවත් කුස මතට තම මුව ගෙනගියේය.රැවුල් කොටත් තම කුසට මුව තබා කරන බර්ර්ර්ර් ගෑමත් නිසා කිතිකවුන තරුණිය මහා හඬින් කෑ ගසන්නට විය.
"ඒයි...මෝඩයෝ....මාව අතාරිනවා....අනේ...මට කිති.... බූරුවෝ...ආ...අනේ අයියේ....."
"තාමත් මගේ බෙල්ල මිරිකනවද....?"
"ඔවු...වෙන එකියෙක් ගාවට ගියොත් මිරිකන එක මිරිකනවාමයි...."
තරුණයාගේ මුව නැවත ඇයගේ කුස වෙතට නැඹුරුවිය.
"අනේ...ඒයි...කුචි...කුචි.....අනේ අයියේ....."
"තාමත් බෙල්ල මිරිකනවද මගේ....?"
"ඔවු...ඔයාට නින්ද ගිහින් ඉන්න වෙලාවට ලඟට ඇවිත් මිරිකනවා...."
"ඔයා ලඟට එනකොට මට ඇහැරෙනවා කොච්චර නින්ද ගිහින් හිටියත්...."තරුණියගේ නිරුවත් කුස මත තම හිස තබාගනම ඔහු පැවසීය.
"ඒ ඇයි....?"
"තොගේ ගඳට...."
"පල යන්න නරියා...මම ගඳයිනේ....මොකටද මට තුරුල්වෙලා ඉන්නේ....?" මවාගත් ආදරණීය අමනාපයකින් තරුණයාගේ හිස පසෙකට තල්ළුකරමින්ම ඇය පැවසීය.කිසිවක් නොකියවූ ඔහු ඇගේ සිරුර දිගේම උඩටවිත් ඇයව කිටි කිටියේ තුරුළුකර ගත්තේය.
"ඔයත් එක්ක ඉන්නකොට කොයි වෙලාවේ හරි මගේ හුස්ම හිරවෙනවා...." කෙඳිරිලි හඬකින් ඇය පැවසීය.
"ඒ ඇයි...?" ග්‍රහනය තරමක් ලිහිල් කරමින් ඔහු විමසීය.
"ඇයි ඉතින් මේ මිනිහා ආදරේ පෙන්නන්නේ අමුතු විදිහකටනේ.පිඹුරෙක් වගේ වෙලාගන.කිසිම දෙයක් කටින් කියන්න බෑ.ආදරේ වැඩිවුනහම මාව මිරීකනවා....මම ඉතින් හිතාගන්න ඕනේ මූ මාව මිරිකන්නේ ආදරේ වැඩිවුන නිසා කියලා....." ඔහුගේ දෑස් මතට එබෙමින් ඇය පැවසීය.
"මට ආදරේද....?"
"ගොඩක්...."
"එහෙනම් මගේ ජීවිතේ තියෙන්නේ මෙන්න මෙතන...." තරුණියගේ නිරුවත් ළැමට අත තබමින් ඔහු පැවසීය.
"ඒක වෙන්න ඇති ආපු වෙලාවේ ඉඳන් එතන්ටම ඔලුව ඔබාගන ඉන්නේ...."
"හම්ම්...ආදරේ උරලා බොන්න...."
"යනවා යන්න වනචරයා....මහ අමුම අමු වලත්තයෙක් වෙලා..."
"කවුද දන්නේ නෑ මාව වලත්තයෙක් කලේ....?"
"කවුද....?අපිනම් දන්නේ නෑ ඕවා...කරපු කෙනාගෙන්ම අහගන්න එකයි ඇත්තේ..."
"මම අහගන්නම්කෝ දවසක...."
"කවද්ද....?"
"දැන්..." කියමින්ම තරුණයා ඇගේ පියවුරු අතර මුහුණ හොවාගත්තේය.
------------------------------------------------------
"විහඟ...වරෙන්.වාඩිවියන්..."
"ඇයි රුවන් අයියේ...හදිස්සියක්ද....?" පුටුවේ අසුන්ගන්නා ගමන් ඔහු විමසීය.
"ඇයි දැන් හදිස්සියකදී විතරද උඹව හම්බවෙන්න පුළුවන්....?"
"නෑ ඉතින් මේ උදේ පාන්දර කතාකරපු නිසා ඇහුවේ....මොකද්ද කේස් එක?"
"එහෙම මගුලක් නෙමෙයි බං...කොහේද ඊයේ රෑ හිටියේ....?"
"කොහෙවත් නෑ.ගෙදර...ඇයි?"
"සෙට් වෙන්න ආවේ නැත්තේ...?"
"මේ දවස්වල බොන්න කිසි කික් එකක් නෑ...ඒකයි"
"උඹ මේ දවස්වල අවුලකින්ද ඉන්නේ....?"
"එහෙම එකක් නෑ...ඇයි?"
"මේ දවස් වල උඹේ පෙනුම, හැසිරීම දැක්කහම මට එහෙම හිතුනා.ඒකයි ඇහුවේ..."
"එහෙමට ලොකු දේවල් නෑ රුවන් අයියේ..."
"එහෙම දෙයක් නැත්තන් කමක් නෑ.මම හිතනවා උඹට ආපහු අවුල් ගහන්න තරම් දෙයක් සිද්දවුනේ නෑ කියලා මේ ටික කාලෙදී....පහුගිය කාලෙදී උඹේ ජීවිතේට සිද්දවුන දේවල් හොඳටම ඇති..."
"ආපහු අවුලක් වුනොත් මම ඉතුරුවෙන එකක් නෑ.ශේප් එකේ යනවා ලොකු අයියේ ඉතින්.දන්නවනේ ඔයා; මමම හදාගත්තු ප්‍රශ්ණ මිසක් මට වෙන ප්‍රශ්ණ කවදාවත් තිබුනේ නැති විත්තිය...."
"දන්න හින්දා තමයි මම උඹ ගැන ඇලර්ට් එකේ ඉන්නේ.මේ දවස්වල උඹේ හැසිරීම මට පොඩ්ඩක්වත් අල්ලන්නේ නෑ.මට හිතෙනවා උඹ ආපහු ලොකු පිම්මක් පනින්න හදනවා කියලා...."
"දන්න බල්ටි 18ම ගහලා මට දැන් හති.ආපහු පනින්න තරම් පිම්මක් දැන් මට නෑ"
"ජීවිතේ එක තැනක් වැරදුනහම මුළු ජීවිතේම කඩාගන වැටෙන්නේ නෑ බං.දැන් ඔය පහුගිය දේවල් අතෑරපන්.ආපහු ජීවිතේ ගැන හිතන්න පටන් ගනින්.එක එක කාලෙට එක එක විදිහේ හුළං පාරවල් ජීවිතේට හමාගන එනවා.ඒවා ජීවිතේ ඇතුලින් යනකොට එක්කෝ හරි සනීපයක් දැනෙනවා.නැත්තම් මුළු ජීවිතේම කඩාගන වැටෙනවා.ඒ කඩාගන වැටුන තැන් ආපහු හදාගන ආපහු හුළංපාරක් එනකම් බලා ඉන්න එක තමයි ජීවිතේ කියන්නේ.මම උඹ, බං ,බොලං කියලා උඹට කතාකලට උඹ දන්නවා මට ළමයි හිටියනම් උන් උඹටත් වඩා ලොකුයි කියලා.ඒ නිසා උඹේ තාත්තා කියනවා කියලා හිතාගන මේවා අහගනින්.තව හුළං පාරකට ජීවිතේ අල්ලන්න උඹට දැන් කාලේ හරි මම හිතන විදිහටනම්.
"ඒ එන හුළඟ ඉස්සල්ලා ආපු එකට වඩා හපන්වුනොත් මම හාන්සියි.ඒ නිසා තව ටික කලයක් ඉමු.අනික ඉස්සල්ලා හුළඟින් කැඩුන තැන් ටිකක් තියනවා තාම මට හදාගන්න ඉතුරුවෙලා."
තරුණයා එසේ පවසත්ම මැදිවියේ හුන් ප්‍රධානියා ඔහු දෙස තියුණු බැල්මක් හෙලීය.
"උඹ දන් ඔය කතාකරන්නේ උඹේ ජීවිතේට සිද්දවුන දේවල් වලට වන්දිගැනීමක්, පළිගැනීමක් වගේ දෙයක් ගැනනම් ,මම කැමතියි උඹ ඒ අදහස හිතින් අයින්කර ගන්නවනම්.උඹ එහෙම කලොත් අනිත් මිනිස්සු පවු."
"ඒ ඇයි...?"
"මම උඹේ ගැන දන්න නිසා.උඹ එහෙම කලොත් ඒක අනිත් එවුන් කරනවා වගේ පිහියෙන් ඇනලා, වෙඩිතියලා ඉවරවෙන ජාතියේ එකක් නෙමෙයි කියලා මම දන්න නිසා"
"එහෙම දෙයක් නෑ රුවන් අයියේ...." ප්‍රධානියාගේ දෑස තම දෑස හා ගැටෙන්නට ඉඩක් නොතබමින් ඔහු පැවසීය.
"නැත්තන් කමක් නෑ...මේ...මම උඹට කතාකලේ වැඩක් බාරදෙන්න...."
"කාට හරි වෙඩි තියන්නද....ගෙඩියක් ගහන්නද....බැංකුවක් කඩන්නද....?"
"අනේ මේ....උඹයි මායි කඩන බැංකු....ඉඳා පත්තුකරගනින්....." එකක් දල්වා සිගරට් පැකට්ටුව තරුණයා දෙසට තල්ළුකරමින්, ප්‍රධානියා පුටුවේ හරිබරි ගැහුනේ දීර්ඝ කතාවකට අවශ්‍ය සුවපහසුව ලබාගැනීමටය.
-මතු සම්බන්ධයි-
කටුස්සා....



