Monday, December 15, 2014

සිහිනය





තරු සළකුණු නැති ඝනදුරු මාවත
එළිය කෙරූ ඒ නුඹෙ මුදු සෙනෙහස
වැළඳ ගන්නෙමි තුරුළුකරන් අද
ලෝකයටත් වැඩි සත්කුළු සෙනෙහස.....


ඉපදුණු බවයක මේ මිනිස් ලොව
ඔබමද ලඟ හිටියේ
ඒ හැම බවයෙම මගෙ හිස පිරිමැද
ඔබමද දුක නිවුවේ
නිවැරදි මාවත පෙන්වා සැමවිට
ඔබමයි මග කිවුවේ
හැරදා යන්නට ඉඩ නැති තරමට
කොහොමද පෙම් කෙරුවේ.....

දෙවිවරු දහසක් දුටුවෙමි ඔබගේ
සසල නොවු දෙනෙතින්
සමනළ ගිරගේ නැග එන හිරු රැස්
වින්දෙමි ඔබෙ පහසින්
කඳුලට ඉඩ නැති කරවූ ඔබගේ
බැතිබර කුළුණු සිතින්
අයදිමි මියෙන්න අවසර දෙනවද
දිනයක ඔබේ ලඟින්......



කටුස්සා....

Thursday, December 11, 2014

බල්ලෝ සහ මිනිස්සු....


ලෝක ගෝලෙ හරි මැද්දෙන්
නිරක්ශයට ටිකක් යටින්
අමුතු ඇටේ නම් ගන්නා
රටක් තියෙන්නා


මහ පුදුමෙකි අමුතු වැඩකි
රටේ මිනිස්සුන් එක්වී
පාලනයට තෝර ගන්නෙ
බල්ලොන් වන්නා


උඩින් ඉන්න බල්ලන්ගේ
වටිනාකම හරි වැඩියිලු
කෝටි 10-15 කට
උන් බ
ලු වෙන්නා

මැද හරියේ ඉන්න බල්ලෝ
හරියට ක්‍රොස් වී නැති නිසා
කෝටි 1-2 අතර
පස්ස ලොවින්නා


යට තට්ටුවෙ ඉන්න බල්ලො
තාමත් "වල් "නිසා උන්ට
ලඟට කතාකර කටු දී
මිළියනයක් දෙන්නා


ගන්න ගාන නිසා උනුත්
ටෙලිවිසොනය ඉස්සරහදී
හිරිකිතයක් නැතුව තුටින්
බලු ගූ කන්නා


මේක දකින ජහමනයා
උන් කන ගූ ගොඩ දැක දැක
ඉන් චුට්ටක් ලැබෙනා තෙක්

බලා සිටින්නා


කටුස්සා.......

(හිතල නොලිවුවට තාලේ,"මධු මදාවි" ඉට්ටැයිල්ද මන්දා....)

Sunday, December 7, 2014

මම නුඹට ආදරෙයි-03




 මම නුඹට ආදරෙයි-01
 මම නුඹට ආදරෙයි-02

"හෙලෝ"
"කොහේද අප්පා මෙච්චර වෙලා ගිහින් හිටියේ.....?කී පාරක් ගත්තද?"
"තාත්තගේ වැඩක් කර කර හිටියේ සුදූ.....,කියන්නකො ඉතින්"
"අයියේ.....අපි පොල්හේනෙ යනව....බාප්පල එක්ක.....මම ගිහින් එන්නම් හොඳේ...?"
"අම්මෝ....ඇති යන්තම්.අදවත් නාගන්නව."
"යනව යන්න මෝඩයා.....මේ..ගිහින් එනකම් මට කතා කරන්න බැරිවෙයි අයියේ....ඔක්කොම කට්ටිය යනවනේ"
"හ්ම්ම්....කමක් නෑ.හැබැයි පරිස්සමෙන්.බීච් එකට එන කොල්ලෝ දිහා බල බල ඉන්නේ නැතුව සිහියෙන් ඉන්න "
"බය වෙන්න එපා...මට පීනන්න පුළුවන්,වතුරේ පාවෙන්නත් පුළුවන්.......මොකද හිනා වෙන්නේ....?"
"නෑ ....මට මැවිලා පෙනුනා උඹ මුහුදේ පාවෙනකොට......කිරි මෝරෙක් මැරිල ගොඩගහල වගේ ඇති...."
"යනව යන්න ඌරා....එහෙනම් මම ගිහින් එන්නම් අයියේ.....කට්ටිය යන්න ලෑස්ති වෙලා"
"හරි සුදූ....පරිස්සමෙන් ගිහින් එන්න"
"බුදු සරණයි අයියේ...."
"බායි"
***********************************************************************************
"හෙලෝ"
"මොකද බන්...මෙච්චර ඉක්මනට ගිහිනුත් ආවද...?"
"නෑ...තාම නාන්න පටන් ගත්තෙත් නෑ...දන්නවද කොහේද ඉන්නේ කියලා...?"
"මම කොහොමද දන්නේ"
"බාප්පගේ යළුවෙක් මාතර ඇවිත්.පොල්හේනේ නැවතිලා ඉන්නේ.එයාගේ පවුලේ අයත් ආවා.ඉතින් ගෑණු අයට ඇදුම් මාරුකරගන්නත් එක්ක එයා මෙතන හොටෙල් එකක රූම් එකක් බුක් කරල.ඒ අපි එදා ආපු හොටෙල් එක...."
"හුටා....කවුරුත් ඔයාව අදුරගත්තේ නෑනේ?"
"එහෙම දෙයක් නෑ...මමත් බයෙන් ආවේ.මෙතන්ට එනකම් දන්නේ නෑ,එන්නේ මෙතන්ටයි කියල....ඒක නෙමෙයි...අහන්නකෝ...."
"කියන්නකො ඉතින්"
"බුක් කරල තියන රූම් එක එදා අපි ගියපු එකමයි...."
"මාරයිනෙ..."
"ඒක තමයි......මටත් පුදුම හිතුනා.....අයියේ,මම යන්නම්.මම මේක කියන්නමයි කතාකලේ...."
"හරි සුදූ...පරිස්සමෙන් යන්න"
"බායි"
***********************************************************************************
"දෙයක් අහන්නම්...උත්තරයක් ඕනෙ"
"අහන්න,උත්තර දෙන්න පුළුවන්නම් මම කියන්නම්"
"මම ඔයාට ආදරෙයි....මම කැමතියි ඔයාව මැරි කරන්න.මාත් එක්ක එනවද?"
"............................."
"නන්ගෝ.....?"
"ම...මම....ඉන්නවා"
"ඔයාට උත්තරයක් දෙන්න පුළුවන්ද?"
"අයියේ...මම හරි කාළකණ්නි ගෑනියෙක්.අඩුම ගානේ මගේ අම්මා කියන විදිහටවත්.මට කවුරුත් ආදරේ නෑ.අඩුම ගානේ මගේ අම්මා තාත්තවත්.අම්මා ආදරේ මල්ලිට විතරයි.තාත්තා මට ආදරේ උනත් එයා මට වඩා අම්මට ආදරේ නිසා ඒ ආදරේ අම්මා ඉස්සරහ පෙන්නන්නේ නෑ.අම්ම බනින වෙලාවට කටවහන් ඉදලා පස්සේ අම්මට හොරෙන් ඇවිත් කියනවා ඕවා ගනන් ගන්න එපා කියලා.මට ආදරෙයි කියල ලන්වුන අයත් මට ආදරේකලේ ඇත්තට නෙමෙයි.මම ඔයාට කියල තියන විදිහට මම ඒ වැරදි සම්බන්ද පටන් ගත්තෙත් මට ගෙදරින් ආදරේ ලැබුනේ නැති නිසා.ඒත් ඒ අයත් මට කලේ බොරුවක්.ඒකෙන් උනේ මේ ගදරදී මම තවත් තනිවුන එකයි.එහෙම කෙල්ලෙක් එක්ක යාලුවුනොත් ඔයාගෙ ජීවිතෙත් කාළකණ්නි වෙයි අයියේ."
"නන්ගෝ....මම ආදරේ කරන්නේ ඔයාගේ පවුලේ අයට නෙමෙයි.ඔයාටයි.ඔයා නිසා මගේ ජීවිතේ සිද්දවෙන දේවල් වෙන්නෙ මම නිසයි.ඒවට ඔයා වගකියන්න ඕන නෑ.ඔයා කැමතිද අකමැතිද කියල විතරක් කියන්නකෝ මට.ඉතුරුවා මම බලාගන්නම්"
"අයියේ....මම කිසිම වැඩකට නැති කෙල්ලෙක්.අඩුමගානේ මට A/Lවත් පාස් වෙන්න බැරිවුනා.එහෙම කෙල්ලෙක් එක්ක යාලුවෙලා ඔයාගේ ජීවිතේ විනාශකරගන්න එපා"
"මම කිවුවනේ දරුවෝ....මට ඔය කිසිම දෙයක් වැඩක් නෑ....මට ඕන ඔයාව විතරයි.ඒ නිසා මට ඔයාගේ උත්තරේ කියන්නකො...."
"අනේ මන්දා අයියේ.....මට හිතාගන්න බෑ..."
"ඒ කියන්නේ මට කැමතියි කියල නේද.....?කියනවා මෝඩයො......කියනවකෝ....."
"ඔවු"
"හොඳ ළමයා..."
"කවදාවත් ඇහැටවත් දැකලනැති අපි දෙන්නා කොහොමද මෙච්චර ලන්වුනේ අයියේ....."
"මටත් හිතාගන්න බැරි ඒකයි නන්ගෝ....මම එන්නද ඔයාව බලන්න මාතර...?"
"අනේ....මම කොහොමද මාතර එහේමෙහේ යන්නේ.....තාත්තා අදුරන අය ගොඩයිනෙ මෙහේ..."
"ඒකත් එහෙමද....එතකොට අපිට හම්බෙන්න වෙන්නෙ නැද්ද කවදාවත්....?"
"අනේ මන්දා අයියේ....මට හරි බයයි...පළවෙනි දවසෙම ගෙදරට ආරන්චි වුනොත්?"
"මාව විශ්වාසද...?"
"ඇයි එහෙම ඇහුවේ?....ඔවු...ගොඩක් විශ්වාසයි"
"මම දෙයක් කියන්නම්.වරදවා තේරුම් ගන්න එපා.මේකට කැමති නැත්තම් මම කියන දේ අමතක කරල දාන්න"
"කියන්නකො ඉස්සල්ල"
"අපි රූම් එකකට යමුද...?මම පොරොන්දු වෙනවා කිසිම කරදරයක් වෙන්නේ නෑ කියල මගෙන්"
"...................................."
"නන්ගී....කතා කරන්නකො....හරි හරි...ඒ කතාව අමතක කරල දාන්න.මට ඕන උනේ ඔයාව හම්බ වෙන්න.ඒකයි මම එහෙම කිවුවේ......අතැරල දාන්න ඒ කතාව"
"නෑ අයියේ....අපියමු.....මට ඔයාව විශ්වාසයි"
"..........................................................."
"..........................................................."
"එහෙනම් මේ සිකුරාදා මම එනවා හොඳේ...."

මට ඇතිවුන සතුට.අම්මෝ...කෙල්ලෝ මේ තරම් මෝඩද?වරකො උඹ එදාට...මම පෙන්නන්නම් මගේ විශ්වාසේ....උඹල ඔක්කොම එකයි.ඔක්කොමල්ලා හිතන් ඉන්නේ කොල්ලෝ කියන්නේ මෝඩයෝ කියල.ඒකනේ අරකිත් මට කිවුවේ,මාව දාල යන කොට.වරෙන්කො උඹත් එදාට.උඹලගෙ ජාතියටම මම පෙන්නන්නම් කොල්ලෝ මෝඩයිද කියල.
***********************************************************************
"කොහේද ඔයා ඉන්නේ?"
"මම ආසිරි එක ඉස්සරහ ඉන්නේ,දුඹුරු පාට වෑන් එකේ....ඔයා කොහේද ඉන්නේ....?පාර පුරා ළමයි ගොඩයි"
"මට ඔයාව පේනවා.ඉන්න ටිකක්.මම පයින් එන්නේ....මම පිටිපස්සෙන් නගින්නම් හොඳේ...."
"හරි....එන්නෙකො ඉස්සල්ල"
වෑන් එකේ දොර ඇරුනා.ඔයා පිටිපස්සේ ඉදගන.දෙයියනේ......මේ මොකද්ද මට වෙන්නේ.....?මම ගල් ගැහිල වගේ ඔයා දිහා බලාගන හිටියා....
"මොකද බයවෙලා වගේ.....අපි මෙතනින් යමු ඉක්මනට"
"පොල්හේන පැත්තේ අද එච්චර කට්ටිය නෑනේ,අපි එතන්ට යමු.කමක් නෑනේ?"
ඔයා ඔළුව වැනුවා.වෑන් එක ඉස්සරහට යන කොට මගේ ඔළුව යකාගේ කම්මල වගේ.මම දැන් මොකද කරන්නේ?
"දැන් උඹ හදන්නේ උඹ හිතාගන ඉන්න සේරම වතුරේ දාන්නද මෝඩයෝ.....?"මගේ හිත මට කෑගහනවා.ඒත් මම කොහොමද ඔයාව........................................................................................................

දෙයියනේ....මම දැන් මොකද කරන්නේ....ඒ මූණ...ඒ හිනාව.....
"ගොනෙක් වෙන්න එපා විහඟ....ඔය මූණ පිටිපස්සේ හැන්ගිල ඉන්නේ යක්ශනියෙක්.මතකනේ අනුත්තරා උඹට කරපු දේ?උඹ තවත් හරකෙක් වෙන්නද හදන්නේ....?"
"මොනවද අයියේ කල්පනා කරන්නේ...?කියන්නකො මටත්."ඇඳේ වාඩිවෙලා උන්න ඔයා මගෙන් ඇහුවා.
"මුකුත් නෑ නන්ගෝ...ඔයා දිහා බලන් හිටියේ"
"මොනවද මගේ දිහා බලාගන කල්පනා කරන්නේ?"
"ඔයා වගේ බට්ටෙක් කොහොමද මම වගේ ගෝරිල්ලෙක්ට කැමති වුනේ?"
"ඔයා ගෝරිල්ලෙක් ඈ....කොල්ලෙක් ටිකක් කලු වුනාට මොකද වෙන්නේ.....ඒක තමයි පිරිම පාට...."
"අපි දෙන්නා පාරේ යනකොට තැඹිලි ගෙඩියයි කාක්කයි වගේ ඉඳියි නේද?"
"මෝඩකතා...අනිත් අය කොහොම හිතුවත් අපිට මොකද?මට ඔයාව ලස්සනයිනේ...."
"නන්ගී....මට පොරොන්දුවක් වෙනවද....?"මම පුටුවෙන් නැගිටල ලගට ඇවිත් ඔයාගේ අත අල්ලගන ඇහුවා.
"කවුරු විරුද්ද වුනත්,කවුරු අකමැති වුනත් මගේ ලඟට එනවද?මාව බඳිනවද?"
"මම පොරොන්දු වෙනවා අයියේ....මොනවා වුනත් මම ඔයා ගාවට එනවා....මට ඉන්නේ ඔයා විතරමයි කියල හිතාගන මාව බලාගන්න අයියේ...කවදාවත් මාව රිද්දන්න එපා...."
"නෑ නන්ගි...කවදාවත්ම නෑ....මම මේ අත අල්ල ගත්තේ ආපහු අත් අරින්න නෙමෙයි..."
"අනිත් අය වගේ බොරු කරනවා නෙමෙයි නේද?"
"මට ඔයාගේ අතීතෙන් වැඩක් නෑ නන්ගෝ...ඔයා කාත් එක්ක මොනවා කලත් මට වැඩක් නෑ.ඒත් අද ඉදන් ඔයා මගේ විතරමයි කියල හිතාගන වැඩ කරන්න.ඔයා කැමතිනම් මට නොකීපු ඔයගේ අතීත විස්තර තියනවනම් මට කියන්න.මොකද,ඒ අතීතේ ඉස්සරහට කවදහරි ඔයාට ප්‍රශ්නයක් උනෝතින් ඔයාට උදවු කරන්න මම ඒක දැනගන ඉන්න ඕන නිසා.ඒත් ඔයා ඒවා කිවුවේ නැතිවුනත් මම තරහ නෑ"
"මට දැන් රහස් නෑ අයියේ....ඒ ඔක්කොම මම ඔයාට කියන්නම්"
"ඒත් දැන් නෙමෙයි.දැන් මේ විදිහට මට තුරුල් වෙලා ඉන්න.....මේ වෙලාව නාස්තිකරගන්න මට ඕන නෑ"මම හිටගනම ඔයාව තුරුල් කරගත්තා.ඒ උණුසුම,සුවඳ මගේ ආත්මය පුරාම පැතිරිල යනවා මට දැනුනා.
හිමින් ඔයාගේ මූණට පහත්වුන මම ඔයාගේ නළල ඉම්බා,කිසිම කිළුටක් නැති හිතකින්.
"උඹ මේ පාරත් ඇන්දුනා විහඟ....උඹ මෝඩයෙක්.දැන් ඕකිත් උඹට කෙළවලා යනකම් උඹ දන්නේ නෑ.ඕකිත් එහෙම ගියාට පස්සේ අත උඩ තියාගන පිඹ පිඹ හිටපන්."
"අනේ පලයන් හු.....යන්න.උඹ දන්න කෙන්ගෙඩිය"
මගේ හිත පරාදවුනා.මගේ ආත්මය දිනුවා.
"මම හරි කොටයි නේද අයියේ ඔයා ලඟදි....මේ...ඔයාගේ උරහිසටත් වඩා කොටයි...."
"මම ඒකනේ උඹට බට්ට කියල කිවුවේ....දැන් මට ලේසියි...කේන්ති ගිය වෙලාවට ටක්ගාලා උස්සල පොලේ ගහන්න පුළුවන්"
"ආ...ඇත්තද?බලමුකො පොලේ ගහන හැටි....අපි කොට උනාට හරි දරුණුයි.....හූනෝ,කැරපොත්තෝ වගේ"
"ටක්....ටක්....ටක්..."
"නන්ගෝ....කෑම ගෙනල්ලා...ඉන්න මම දොර ඇරල ගන්නම්"
".............................................."
"මට කවනවද?"
"ඇයි?"
"ආස හින්දනේ"
ඔයා හරි ආදරෙන් පොඩ්ඩ පොඩ්ඩ මට කැවුවා,තොරතෝන්චියක් නැති කියවිල්ලත් එක්ක.වෙනදට විනාඩි 5න් කෑම කාලා ඉවර වෙන මට ඒක හෙන විකාරයක් වගේ වුනත් එකෙත් අමුතු ගතියක් තිබුනා.
"මොකද බස්සෙක් වගේ හූම්...හූම්...ගාන්නේ?කතා කරනවකො..."
"මම මොනව කතා කරන්නද?ඔය රේඩියෝ එක දැම්ම වගේ කියවන්නේ"
"යනව යන්න මෝඩයා....ඉන්න...මම අත හෝදන් එන්නම්"
ඔයා අත හෝදන්න බාත් රූම් එකට ගිය වෙලාවේ මම කල්පණාකලේ ඔයාට මම කරන්න හදපු දේ ගැන.මට හිතාගන්න බෑ...ඔයා වගේ අහින්සක හුරතල් කෙල්ලෙක්ට මම ඒදේ කලානම්......මැරෙනකම් මම විඳවයි.ඒක මතක් වෙන කොටත් මාව හිරිවැටිල ගියා.
"අයියේ...යන්න වෙලාව හරි නේද?අම්ම ඉස්කෝලෙ ඉවරවෙලා එන්න කලින් මම යන්න ඕනෙනෙ"
"යන්නම ඕන නේද?....අපි ඔහොම්මම යමු අපේ ගෙදරට"
"දැන්ම බෑ.අපි ඉස්සල්ලම ගෙවල් වලින් කැමත්ත ගන්න බලමු.බැරිම වුනොත් ඒ විදිහට යමු"
මම ආපහු ඔයාව තුරුල් කරගත්තා.
"හ්ම්...මටත් ඕන ඔයාව මනමාලියෙක් විදිහට අපේ ගෙදරට එක්කන් යන්න,කාගෙන්වත් වචනයක් අහන්න දෙන්න බැරිවෙන විදිහට.බලමුකො ,කරන්න පුළුවන් දේවල් ඔක්කොම කරල"මම ආයිමත් ඔයාගේ නළල ඉම්බා,ඒ නිරාමිස සතුට ආපහු ලබාගන්න ,මගේ ආත්මෙට.
"යමු සුදූ එහෙනම්....අම්මා එන්න කලින් යන්න බැරිවුනොත් එතනත් අවුලක්නේ"
"පොඩ්ඩක් ඉන්න අයියේ"
නැගිටල හිටපු මම ඔයා දිහා බලන් හිටියා,
මම හිතුවෙවත් නැති විදිහට ඔයා මගේ ලඟට ඇවිත් මට වැන්දා.පිට මනුස්සයෙක් මට වැන්දමයි.....ඒකත් ඔයා.
"අනේ ඇයි නන්ගි මේ.....මොකටද මට වදින්නේ?"
"ඒ ඔයා මගේ මහත්තය නිසා....අනික් හේතුව තමයි මේවගේ තැනකට ඇවිල්ලත් මාව මේ විදිහට බලාගත්
තු නිසා"
මාව මරල දැම්මනම් හොඳයි කියල හිතුනේ ඒ වෙලාවේ තමයි මට.මම මෙතන්ට ආවේ මොකක් හිතේ තියාගනද කියල ඔයා දන්නවනම්.....
"ඇයි ගල් ගැහිල වගේ ඉන්නේ....?අනේ ඔහොම ඉන්න එපා ඉතින්"
"දෙයක් ඉල්ළුවොත් දෙනවද?"
"හා"
"කවදාවත් මට වදින්න එපා"
"බෑ....කවදාවත්ම බෑ.ඔයා මගේ ලෝකයේ දෙවි කෙනෙක්.ආදරේ නැතුව පාවෙවී හිටිය මට ඔයා ගොඩක් වටිනවා.ඒ නිසා ඔයාට වැන්දට මට පවු නෑ"
"මම එච්චර වටින මිනිහෙක් නෙමෙයි"
ඒ නළල උඩට ආයෙමත් මගේ තොල්.
"මට තව පොරොන්දුවක් ඕන"
"....................................."
"මොන දේ වුනත් මගේ ලඟට එනවා කියපු පොරොන්දුව කඩන්න එපා"
"නෑ අයියේ....කවදාවත්ම නෑ.මම මැරුනත් මම ඒක රකිනවා"
"ආපහු කවදාවත්ම මම ඒක ඔයාගෙන් අහන්නේ නෑ.අද ඉදන් මම මගේ හීන ඔක්කොම ගොඩනගන්නේ ඔයා දුන්න ඔය පොරොන්දුව වටේ.ඒක හිතෙ තියාගන වැඩ කරන්න නන්ගී"
"මම ඔයත් එක්ක හැමදාම ඉන්නව.මාව එලවල දානකම්"
මේ පාරනම් බදාගන ඉඹ ගත්තෙ ඔයා.
"යමු....පරක්කු වෙනවා ඔයාට"
"හ්ම්ම්.....යමු."

කරන්න දේවල් ගොඩක් හිතේ තියාගන ෆන් එකක් ගන්න මාතර ගියපු මම මාලබේට ආවේ ලොකූ බරක් හිතෙ තියාගන.හැබැයි ඒ බර හරිම සැහැල්ලු බරක් වුනා ඒ දවස්වල ,මගේ ජීවිතේට.



 කටුස්සා.....

Tuesday, December 2, 2014

වස්සාන සිහිනය...




සීතල.....අම්මෝ....පහුගිය මාස ටිකේ ඔළුවේ ඉරි ඇදෙන්න පායපු අනුරාධපුරේමද මේ...,,?නුවර එළිය පරාදයි කිවුවළු.
දැන්ම නැගිටින්න බෑ...අද ඉරිද....අද නිවාඩු....නිවාඩු දවසේ කවුද වේලස්සන නැගිටින්නේ...?
පොරවගත්ත රෙද්ද ආපහු බෙල්ල ගාවටම...මොකද්ද දැකදැක හිටපු හීනේ...?ෂික්....මතක නෑනේ...හ්ම්ම්...කමක් නෑ...ආපහු වෙන එකක් බලමු."දාන්න මල්ලීවෙන DVD එකක්...හීන පිරිච්ච එකක්.."
"දාන්නද හොරර් එකක්...?"
"මොකක්...?හොරර් එකක්?එපා...එපා..ඕක බැලුවොත් දවසම අන්දමන් දූපතෙන් ආවා වගේ තියෙයි."
"එහෙනම් ඇක්ශන් එකක්...?"
"පිස්සුද මිනිහෝ....මේ වැස්සේ ගහ ගන්න මට බෑ...කෝ මෙතන වෙනද වැඩකරපු එකා..?මිනිහනම් දන්නව මට ඕන හීන.අහ අහ ඉන්නේ නෑ.ඒකම තෝරල දානවා සුපිරි ඒවා.කොහේද ගියේ මේකා...?"
"මිනිහ විශ්මලන්තෙට ගියා සර්...."
"විශ්මලන්තේ...ඒක කොහේද තියෙන්නේ...?"
"අර ඇලිස් එහෙම ගියේ...අන්න ඒකට."
"ඒ මොන මගුලකටද?"
"අර ලොකු හාවව අරන් එන්න.හවසට පොඩ්ඩක් සෙට් වෙන්න".
"ඒමොකටද ඌව..?අප්පට සිරි...තොපි ඌව බයිට් එකට ගන්නද යන්නේ...?"
"නෑ...නෑ...ඌ සිරා බුවා...අරක්කු ටිකක් කටේ ගා ගත්ත ගමන් ඌ සිරා කතා කියවන්න ගන්නව.බොන්න සෙට් වෙන්න සිරා මිනිහ.බයිට් එකට උදුපියලිය කකා මුළු දවසම උනත් කියවයි..."
"බයිට් එකට උදුපියලිය....?මෙලෝ රහක් නෑනේ මල්ලී...මේ දවස් වල තියෙන්න එපැයි සෙක්සි පෝර්ක් වගේ එකක් බයිට් එකට....හරි හරි...දැන් දාපන්කො නියම හීනයක්...පොඩි ආතල් එකක් ගන්න.මේ දවස් වල වැඩ කරල හෙන මහන්සියි...".
"මූ මේක කොහොම කැටගරයිස් කරල තියනවද කියල තේරෙන්නේ නෑ සර්....සර්ට දෙන්නද මේ දවස් වල ගොඩක් හිට් හීන සෙට් එකෙන් එකක්....මේ දවස් වල ගොඩක්ම මාර්කට් මේ ජාතියේ ඒවා තමයි..."
"දාන්න ඉස්සල්ල බැරිද පොඩි ටේලර් එකක් බලන්න.හරි නැත්නම් වෙන එකක් දාගන්න පුළුවන්නේ...."
"හරි සර්...මම දාල දෙන්නම්...."
=======================================================================
මහින්ද ප්ලේන් එකෙන් බහින්නයි යන්නේ....                        
කට්ටිය වටවෙලා...කැමරා...ලයිට්...රෙකෝඩර්...ස්ටෑන්ඩ්බයි....වටේ ඉන්න හැමෝම තමන්ගේ යට ඇදුම් ගලවල වනනව දාගන.මල්මල් ඒවා,බෝල බෝල ඒවා,ඉරි ඉරි ඒවා,හිල් පිරුණ ඒවා,රතු ඒවා,නිල් ඒවා,රෝස ඒවා,බොක්ස් ඒවා,පටි ඒවා,ජී ස්ට්‍රින්ග් ඒවා,බිකිණි ඒවා හතර වටේම ලෙල දෙනවා.මහින්ද ප්ලේන් එකෙන් බහිනවා.කට්ටියම කැමරා බිමට අල්ලනවා,ගියපාර පුරුද්දට පොළව ඉබියි කියල.ඒත් මෑන්ස් කිසි කල්පනාවක් නැතුව ත්‍රයිලෝක විජය පත්‍ර සුවඳ බලල වගේ එනවා,උඩ බලාගන.ඔන්න එතකොට අස්සක ඉඳන් සුදු සරමයි නැශනල් එකයි ගහගන පොරක් එනවා අනිත් එවුන්ව තල්ලු කරගන.හුටා..........my3.මේ යකා සූසයිඩ් කරගන්න එනවද?මෙන්න මේකා මහින්දව බදා ගන්නවා....මූ ආපහු සන්ධානෙට ඇවිත්.මහින්ද මූව බදාගන ලිප්කිස් එකක් දෙනවා.my3 එහාට මෙහාට ඇඹරෙනවා.මම හිතන්නේ රැවුල ඇනිලද කොහේද.කැමරා කාරයෝ එහාට මෙහාට පැන පැන පොටෝ ගන්නවා.ලයිට් අල්ලන එවුන් ප්ලේන් එකේ තට්ටේ නැගගන ලයිට් අල්ලනවා.මුන් දෙන්නා මෙතනම හනිමූන් යයි වගේ.....
වටවෙලා ඉන්න සෙනගගේ කකුල් අස්සෙන් රින්ඟල කොට පොරක් එනවා මහින්ද ගාවට.ඩලස්.ඌ උඩ පැන පැන මහින්දට මොනවද කියනවා.හුටා...බැසිළුයි නාමලුයි පක්ශේ අතැරලා ගිහින්ළු.මහින්ද my3ව තල්ලු කරල දානවා.මිනිහට කේන්ති ගිහින්.කකුළ උස්සල ඩලස්ට පයින්  ගහන්න යන කොටම මිනිහව ඇදගන වැටෙනවා,කොන්ඳ බිම ඇනෙන්නම."මුගේ අම්මට හුරුල්ලෝ කවන්න ........"කියලා ජනාධිපති වරුන්න්ට ආවේනික වචන ටිකක් කටින් පිට වෙනවා.වටේ ඉන්න එවුන් අතර ඉන්න කන්ණාඩි දාගත්තු රැවුලෙක් ඉස්සරහට එනවා.මිනිහගේ කට කනේ.ඇවිත් මහින්දට නැගිටින්න අත දෙනවා.දෙන ගමන් "අපි රජයේ සේවකයෝ...අපි ආණ්ඩුව ආරක්ශා කරන්නේ නෑ.ඒත් රජය ආරක්ශා කරනවා...."කියලා මහින්දව උස්සනවා,හිනා වෙවීම.
එතකොට කැමරා ඈන්ගල් එක වෙනස් වෙලා ලඟ තිබුන ලොකු ගේකට ෆෝකස් වෙනවා.තට්ටු 10ක ගෙයක්.ඒ ගෙදර රූෆ් ටොප් එකේ ජාතික ඇදුම ඇදගත්තු ,කොණ්ඩේ ජෙල් ගාල පීරන් ඉන්න ඩයල් එකක් කැමරා ෆෝන් එකකින් හතර වටේ රෙකෝඩ් කරනවා.එතුමගේ බිරිය ඇත් ගමනින් එතනට එනවා,බිකිණියක් ඇදගන.
"බලන්න විමල්....මම නිසානේ ඔයාට මේ ගේයි කෝටි 60 හම්බුනේ...මම නැත්තම් ඔයාට කොහෙන්ද මේවා..."
"මගේ කටයි,විජාතික කුමණ්ත්‍රන කියන වචනෙයි නැත්තම් හම්බවෙයි ලබ්බක්.....ඒවා නැත්තම් ඔයාට වෙන්නේ අර පෝස්ට් ඔෆිස් එකේ දිව එළියට දාගන ඉන්න තමයි,මුද්දර අලවන්න."
"ඒක නෙමෙයි විමල්...යමුකෝ පල්ලෙහාට...පූල් එකේ නාමුකෝ.මේ ස්විමින් ට්‍රන්ක් එක ඇද ගන යමු පල්ලෙහාට..."
"මොකටද පල්ලෙහාට යන්නේ....මෙතන ඉදන් පනිමු පූල් එකට.මම පැනපු පැනිලි වල හැටියට මේකත් වැඩක්ද?"
"එහෙනම් මේක ඇදගන්නකෝ"
"මොන ස්විමින් ට්‍රන්ක්ද ශශී මට....පක්ශේ මාරුකරපු දා ඉදන් මම හෙළුවෙන්නේ හිටියේ" කියපු මේකා සරම ගලවල දාලා තට්ටු 10 උඩ ඉදන් පැන්නා පූල් එකට.
"දඩස්...."
මලා....පූල් එකේ වතුර නෑ....
කැමරා ඈන්ගල් එක ආපහු වෙනස් වුනා.නානසාරයි හකීමුයි කරට අත දාගන විස්කි ගහනවා.චයිනීස්,රශියන්,මොන්ගෝලියන් කෑළි 10-15 ක් දෙන්නා වටේ ඉදගන සෙල්ලම් පෙන්නනවා.එකෙක් නානසාරගේ තුන්පොට ගලවනවා.අනිකා හකීම්ගේ රැවුල අතගානවා.තව එකියෙක් නානෙට මිදි කවනවා.වැඩ ගොඩයි.ඔන්න එතකොට වේටර් මල්ලි බිරියානි පිගානක් ගේනවා.
"මල්ලී....මේ කුකුළා හලාල්ද..."නානේ අහනවා.
"උඹට කියන්න හකීමා...හලාල්නෙමෙයිනම් මම කටේ තියන්නෙ නෑ..."නානේ හකීම්ට කියනවා
කැමරා ඈන්ගල් ආපහු වෙනස් වුනා.
හුටා....රාවණා බලේ තිස්ස TNA එකේ සම්බන්ධන් එක්ක තෝසේකනවා.

තිස්ස උළුඳු වඩේ එකක හිලට ඇඟිල්ල ගහගන සම්බන්ධන්ගෙන් හිල හදන හැටි ගැන අහන්වා.සම්බන්ධන් මෑන්ස්ට හිල හදන හැටි උගන්නනවා.දැකල පුරුදු පොරක් ඇවිත් මුන් දෙන්නගේ කෙසල් කොළ වලට සාම්බාරු බෙදාගන බෙදාගන යනවා.ගෝඨා....තිස්සට සාම්බාරු බෙදන ගමන් කනට ලන්වෙන ගෝඨා කියනවා "කොළේ ඉරානොගෙන ෂේප් එකේ කාපන්" කියලා.
මෙන්න කැමරාව අල්ලනවා උසාවියකට.ඩිවෝස් කේස් එකක්.බලද්දි රනිල්ගෙයි,රනිල්ගේ ඇත්ත මෛත්‍රිගෙයි.ජජ් පුටුවේ N සිල්වා.බුවා තීන්දුව දෙනවා.රනිල්ට දික්කසාදේ හම්බෙනවා.මිනිහට ලොකු හිනාවක් යනවා,කළු කෝපි බීපු දවසෙ වගේම.රනිල් Nසිල්වාට ඇහක් ගහගන උසාවියෙන් එළියට යනවා.උසාවියෙන් එළියේ හිටපු චන්ද්‍රිකා ඇවිත් රනිල්ව බදාගන්නවා.දෙන්නත් එක්ක අත් අල්ලන් සින්දුවක් කියාගන යනවා ,විවාහ රෙජිස්ට්‍රාර් කෙනෙක් හොයාගන.ජජ් පුටුවෙන් නැගිටපු Nසිල්වා කෑල්ලක් එක්ක කාර් එකේ නැගල යනවා දියවන්නාව පැත්තට.ඊට පස්සේ වෙන දේ බලන්න මාත් කට ඇරගන බලන් ඉන්නවා.කොහේද...ඒ සීන් එක ඉවරයි.දැන් වෙන එකක්.
දෑකැත්තයි,මිටියයි,කුළු ගෙඩියකුයි අතේ තියාගත්තු වයසක මෑන්ස්ලා තුන්දෙනෙක් කොටා පාරේ ඉදන් ඩාර්ලි රෝඩ් එකට පයින් යනවා,හෙළුවෙන්.තුන්දෙනාගේම යට පාර්ට්ස් පැහැදිලි නෑ.බෝල්ස් වලටම ඇළිල,රැළි වැටිලා.හැබැයි මිනිස්සු කවුරුත් මුන් තුන්දෙනාව ගනන් ගන්නෙවත් නෑ.නොදැක්ක වගේ යනවා.මුන් තුන්දෙනත් එහෙමයි.පවු අප්පා.ට්‍රැෆික් හිටපු පොලිස් මාමා බලාගන ඉන්නව හෙන දුකින්.
"ඇයි මෙහෙම නිරුවතින් පාරේ යන්න දෙන්නේ?දෙනෝ දාහක් යන එන පාරක්නේ?"
"මොනවා කරන්නද මල්ලී....තුන්දෙනාටම දැන් වයස නිසාම ටිකක් නුහුගුනේවගේ...අනිකඔහොම කියව කියව ගියාට කාටවත් කරදරයක්නැති අහින්සකයෝ...ඔය ඇලිල තියන ඒවා කෙලින් කරන්න රත්නපුරේ පවිත්‍රාව ගෙනාවත් බෑ.ඒ නිසා මැස්සෙකුටවත් අතවරයක් වෙන්නේ නෑ කියල අපිට ෂුවර්....."
උන් තුන්දෙනා පයින් යන්න ගියා,කා දිහාවත් බලන්නේ නැතුව.
තවත් එවුන් තුන්දෙනෙක් හොටු පෙරාගන අඩනවා.කැමරාව මූණු තුන ලන්කලා.බදුල්ලේ සිරා,රෝදේ දිනේශ් එක්ක කඩුවෙල සුසිල්.
"අපිමොනවද මචෝ කරන්නේ?"
"මොනව කරන්නද කියල හිතා ගන්න බෑ බන්"
"තොට මේ පාරවත් අගමැතිකම හම්බ වෙයිද?"
"මේ පාර හම්බ වුනේ නැත්තම් වහ කන්නයි වෙන්නේ....සෙකට්‍රි එක්ක ඉදන් ගෑණිට අහුවුනාට වඩා හපන්...බදුල්ල පැත්තේ පස් පාගල ඉවරයි...."
"දැන් එහාට හිම වැටෙන නිසා සීතලයි කියල උඹට ශේප් වෙන්න පුළුවන් එහාට නොයා".
"ඌට එහෙම හරිකරන්න පුළුවන්.මම කල්පනා කරන්නේ මම කොස්ගම පහුකරන් යන්නේ කොහොමද කියල"
"ඒමොකෝ...?"
"නෑ බන්...එහෙන් යනකොට අර හම්බෙන සොහොන් කොත්වල ඉන්න සීයල,මාමලා,බාප්පල වලෙන් නැගිටල මට ගහයි කියල බයයි බන්..."
උන් තුන්දෙනාට හොටු පෙරන්න දීලා කැමරාව වෙනස්වුනා.

පාර්ලිමේන්තුව මැද්දේ හෙන ලිපක් බැදලා,ඒක ඇවිලෙනවා ඕසෙට.ලිප උඩ හෙන බැරල් එකක්,කට සීල් කරල බටයක් එළියට දාලා.ඒක වටේට හෙන සෙට් එකක් එක එක විදි වලට ඉදගන බැරල් එක දිහා බලාගන ඉන්නවා.හිටපු ගමන් එක එක උපදෙස් දෙනවා.
"කට වහන් හිටපන් බන්....මේක පුරුදු වෙන්න කරන දෙයක්ද....මෙතන ඉන්න එවුන්ගෙන් බාගයක්ම මේක තමයි කලේ මෙතන්ට එන්න කලින්...."
කළුතර පැත්තේ එකෙක් රත්තරන් දතක් එළියේ දාගන කියනවා.හොරණ පැත්තේ ජොලි සීයා බයිට් හදනවා.උගේ ගානේ බයිට් එකට හරක්මස්...ගාත් පිටින්....
"බලන්න හසන්ත....පක්ශ විපක්ශ ඔක්කොම එකතු වෙලා මේ වැඩේ කරන කොට කොච්චර ලස්සනද....කොච්චර ආඩම්බරද....මේක තමයි වෙන්න ඕන.....අනික මේ හදන දේ වුනත් අපේම දෙයක්නේ.....සියරට දේ සිරි සැප දේ කිවුවළු...."
සූරි මාමා වීදුරුවක් අතේ තියාගන කියවනවා.....
මාලනී,රෝසි,පබා ගැලරියේ ඉදන් නටනවා...රන්ජන්,ජීවන්,කැටගොඩ සහය නර්තනය.
"අඩෝ...මේකට ගින්දර මදි...දර හොයාගන වරෙන්..."ලිපට දර දම දම හිටපු පුත්තලම් පැත්තේ එකා කෑ ගහනවා.එතකොට ආචාරිතුමා දුවගන ඇවිත් සෙන්කෝලේ උස්සල ලිපට දානවා.දෙපැත්තෙම කට්ටියගෙන් හෙන චියර් එක.
මට ඇහැරුනා...අම්මෝ...මොලේ ඇතුලේ හැකරැල්ලෙක් යනවා වගෙයි.....අරූ DVD එක අතේ තියාගන හිනා වෙවී ඉන්නවා.
"කොහොමද සර්....හීනේ හොඳද?"
"අනේ මන්දා....අමුතු ගතියක් තියනවා.සිරාවට ඔය හීනේ කට්ටිය ඉල්ලනවද?"
"මොනවා කියනවද බොස්...දැන් වැඩියෙන්ම මාර්කට් මේක තමයි.කට්ටිය ඉල්ලන්නෙම මේක".
"ඒත් හීනේ එකම කෑල්ලකවත් ජහමනතාව හීටියේ නෑනේ බන්..?"
"මොන මගුලකටද සර් උන්ව දාන්නේ....?උන් හම්බ කලොත් උන් කනවා,නැත්තන් ලෙව කනවා.ඒ වගේද මේ උත්තමයෝ....රට වෙනුවෙන් හම්බකරල සොච්චමකින් පවුල රකිනවා".
"හ්ම්ම්....ඒකත් ඇත්ත".
"මොකද කියන්නේ සර්....දාන්නද full version එකම,සර්ට පැයක් විතර බල බල ඉන්න...?"
"එක්කෝ ඕන නෑ බන්....මම නැගිටිනවා..."
මම නැගිටල බාත් රූම් එකට ගිහින් කොමර්ඩ් එකේ වාඩිවුනා ,ඇදුම් පිටින්ම......




      කටුස්සා......

Saturday, November 29, 2014

සුවඳ.....



පණ අදින සිත යදින
ස්නේහය නොඑන කල
නොමදමා ලඟ හිටිය
නොමදැනුණ නුඹෙ සුවඳ
දනෙනවා ගොඩක් මට
හිත බරයි ගොඩක් අද......


                   කටුස්සා......