Friday, May 22, 2015
ලේ....
උපන්දා සිට දැක්කේ ලේ'මය
මිනී කදු මැද වැටි වැටී
හුස්ම ගත්තෙත් ලේ සුවඳමය
පුළුටු ගඳ මැද හැපි හැපී
උරුම කඳුලුයි බලන හැම නෙත
සිනහවක් නෑ නෙත මුනගැසී
දකිනු රිසිවී නොදුටු සිනහව
තැබුව පමණී පා පොඩී
තැලී පොඩිවුනේ මා සිරුර නොව
දුටුව ඒ සුභ සිහිනයන්
වියරුවෙන් මෙන් හපන විට ගත
රිදුම් දුන්නේ පැතු පැතුම්
ඇඟට බරවන විටදි පසුපස
ජාතියක් සිහි නොවුන සිත්
දියනියක් සේ විතරක්ම සිත්මැන
ඔබට දා ලොව ජනිතවුන්
හපකෙරුව මා ගතට වාරුව
නොහැක දීමට ලේ හලා
මගේ සිරුරෙන් නූපුදවනු මැන
ජාති කුල ගොත් සුනඛයා
නොදෙනු නිවුමට ඇවිලෙනා ගිනි
සිතා මා ගැන වැගිරෙනා
උතුර දකුනත් යා කරනු මැන
පාලමක් සේ මා ගත යොදා
දියණියක් වුන පාපයම මිස
නොමැත මෙහි වෙන හේතුවන්
මගේ නිරුවත් සිරුර මත හිඳ
නොමදකිනු රජ සිහිනයන්
මෘග වෙස්ගෙන ලෙය හලන්නට
නොදෙනු මැන මගෙ සිරුර දැන්
අනේ මහතුනි රකිනු මැන තම
දෙනෙත මෙන් හැම දියනියන්
කටුස්සා....
Subscribe to:
Post Comments (Atom)
ඔය කෙල්ල වෙනුවෙන් කටක් අරින්න තරමට කොන්දක් නෑ අපේ සමහරුන්ට. ඔය කෙල්ලගෙ මරලදාපු පිංතූර වගයක් දැකල ඇත්තටම මට ඇඬුන.. කාලකන්ණි ... මට මගෙ බිරිඳව මතක් උනා. ඒකිට මේ වගේ දෙයක් උනොත් මම මොකද කරන්නෙ කියල හිතුන. මේ බලපන් ඒ කෙල්ල මරල තියන විදිය. සදාචාර විරෝධී ඇති මෙහෙම පොටෝ දාන එක. ඒත් බලපන් ..
ReplyDeletehttps://www.facebook.com/indrani.ashokaa/posts/1582669618648970
අඩුම තරමේ ඒ දෙමළ මිනිස්සුන්ට උසාවිද පොලිසිද කියල බලන්නෙ නැතුව තමන්ගෙ ආවේගය පිටකරන්න තරම් කෙලින් කොන්දක් තිබ්බ.දාහක් දූෂණය කරලා පාරෙ දාල යන්න කියහල්ලකෝ බලන්න අපේ එව්වො සද්ද නැතුව යන අපූරුව බලන්න.
සදාචාරය නිසා එතනින් ඒ පිංතූර අයින් කරලා..
Deletehttps://www.facebook.com/gossiplankanewswebsite/photos/a.686306914759557.1073741830.574511702605746/908808265842753/?type=1&theater
මමත් ඒ ෆොටෝ ටික දැක්ක, ෂික් ඒ කෙල්ලට එච්චර අපරාදයක් වෙලත් මේ කාලකන්නින්ට රෙද්දකින් වහන්න බැරි උනානෙ. අනික ඒක ෆොටෝ අරන් ප්‍රසිද්ද කරල කාලකන්නි සතුටක් ලබපු බල්ල. උඹට වගේමයි සජ්ජො මටත් ඇතිවෙච්චි හැගීම
Delete//අඩුම තරමේ ඒ දෙමළ මිනිස්සුන්ට උසාවිද පොලිසිද කියල බලන්නෙ නැතුව තමන්ගෙ ආවේගය පිටකරන්න තරම් කෙලින් කොන්දක් තිබ්බ.දාහක් දූෂණය කරලා පාරෙ දාල යන්න කියහල්ලකෝ බලන්න අපේ එව්වො සද්ද නැතුව යන අපූරුව බලන්න.//
Delete++++++++++++++++++++++++++++++++
සජ්ජා,කම්මලේ-
Deleteබස්සිගේ පෝස්ට් එක බැලුවා.උඹ දාලා තිබුන ලින්ක් එකෙන් ඒ පින්තූර ටිකත් දැක්කා.බස්සිට කමෙන්ට් එකක්වත් දාන්න හිතුනේ නෑ ඒක දැක්කට පස්සේ.මට මගේ පිරිමිකම ගැන,පිරිමියෙක් වෙලා ඉපදුනු එක ගැන ඇතිවුනේ ලැජ්ජාවක්.දුකක්.උඹට උඹේ බිරිඳගේ මූණ මතක්වුනා වගේම මට මැවිල පෙනුනේ මගේ අක්කගේ පොඩි එකාගේ මූණ.ඇස්දෙකේ කඳුළු පුරෝගන ලෝඩරේට නැගලා මේක ලිවුවේ ඒකේ වැඩකරන ගමන්මයි,ෆෝන් එකේ නෝට් පෑඩ් එකේ.මේක මහ කාළකණ්නිම සිදුවීමක්.බස්සි කියල තියනවා වගේම අපේ පරම්පරාවේ සිද්දවුන මිලිච්ඡතම ස්ත්‍රී දූශනය.ඝාතනය.ඒක ගැන විවාදයක් නෑ.කාටහරි තර්ක කරන්න පුළුවන් කොටකෙතනදි,දැරණියගලදි, මාතරදි, ඇඹිලිපිටියෙදි සිද්දවුන දූශණ සදාචාර සම්පන්නද කියලා.ඇත්ත.මේ රටේ කොතන කොහොම සිද්දවුනත් ස්ත්‍රී දූශණ කියනදේ හෙලාදකින්න ඕනේ දෙයක්.ඒත් ඒ හැම තැනකදීම වුනේ මොකද්ද?එක්කෝ ඒ දූශන හා මිනිමැරුම් භූතයන්ට බාරදුන්නා.නැත්තන් පාතලෙට,දේශපාලන අධිකාරියට බාරදීලා මිනිස්සු කටවහගත්තා.මම මේ මිනිස්සුන්ට ගරුකරන්නේ ඒකයි. දකුනේදී වගේ අනේ අපොයි කියලා අහකනොබල තමන්ගේම කුසින් ජාතකවුන දියනියක් වෙනුවෙන්ම සටන්කරන්නාක් වාගේම එකාවන්ව නැගිටපු එකට.ඒකේ තේරුම උසාවිය අසල ඔවුන් හැසිරුන විදිහ සාධාරනයි කියන එක නෙමෙයි.මේ සටනේදී වුනත් ඔවුන් පරිස්සම්වෙන්න ඕනේ මලමිනි උඩින් හරි දේශපාලන වාසිගන්න හදන බල්ලන්ට මේ ගින්න නිවන්න ඉඩනොදෙන්න.
//මගේ සිරුරෙන් නූපුදවනු මැන
ReplyDeleteජාති කුල ගොත් සුනඛයා// මේක කියපන් අර පර අමන හිටපු මහ පකයට.. බස්සිගේ පෝස්ට් එකෙදීත් කියුවා වගේ මට ඕකගේ රීරී මාංශ කන්න තරං කේන්තියි.
මං 99 අවුරුද්දේ හිටියේ කයිට්ස්/ පුංකුඩුතිව් වල.. ඒ කාලේ මේ කෙල්ලට අවුරුදු 3ක් විතර වෙන්නැති. මුං විදපු දුක මං ඇස් වලින් දැකල තියෙනවා බං.. මං ලේසියෙන් අඬන එකෙක් නෙවෙයි. කෙල්ලෙක් ඉන්න තාත්තෙක් විදියටත් මුං විදපු දුක් ඇස් වලින් දැකපු එකෙක් විදියටත් මට මේ සිද්දිය දිහා අඬන්නැතුව බලන්න බෑ.. උඹැ දැක්කද මේ නිව්ස් එක..
http://www.hotandfastnews.com/2015/05/blog-post_34.html
මට ඕක මුල ඉඳලම සැක තිබ්බා.. මේක මොකක් හරි ලොකු සිද්දියක් ඇති කරල ආයේ ජාතිවාදේ අවුළුවන්න ගහපු ගේමක් කියල මට නොහිත ඉන්නම බෑ.. පර වේසිගේ පුතාලා.. මේකට වචනෙකින් හරි සම්භන්ද වෙච්චි හැම එකාට මේ කෙල්ලගේ ලේ බින්දුවක් බින්දුවක් ගානේ.. වැටිච්චි වැටිච්චි කඳුලක් ගානේ සාප වේවා! වැහි නැති හෙන වදීවා! මේ වගේ කාළකන්නි මේ රටින් නෙවෙයි මුළු ලෝකෙන්ම හැඳි ගෑවිලා යන්නෝනෙ.. සාප වේවා! සාපවේවා! සාපවේවා!
තේ කෝප්පේ කිඹුල්ලු නැහැ කල්‍යාණ මිත්‍ර.
Delete//මේක කියපන් අර පර අමන හිටපු මහ පකයට.. බස්සිගේ පෝස්ට් එකෙදීත් කියුවා වගේ මට ඕකගේ රීරී මාංශ කන්න තරං කේන්තියි// සම්බන්දයක් නැති දේවල් වලට හිතළු හද හදා නිකන් කේන්තියෙන් පුපුරන්න එපා.
සාප කරලා උබ වගේ ගෝත්‍රිකයෙක් වෙන්න බැහැ. අනිවාර්යෙන්ම වැරදි කරුට උපරිම දඬුවම දිය යුතුය.
//තේ කෝප්පේ කිඹුල්ලු නැහැ කල්‍යාණ මිත්‍ර// මකලා.. මම නෙවෙයි.. උඹේ මහ රජ්ජුරුවොයි තේ කෝප්පෙන් කුණාටුවක් නිර්මාණය කරල හරි, කොරහේ කිඹුලෙක් පෙන්නල හරි මෙතන ජාතිවාදී ගින්නක් ඇති කරන්න හදන්නේ. ඒ කඩප්පුලියට මේ කෙල්ල මැරිලා ඉන්න වෙලාවේවත් උගේ දේශපාලන වාසියට කතා නොකර ඉන්න තිබුනා කියල උඹට හිතෙන්නේ නැද්ද මචං.. ඒ මිනිස්සු කලබල වෙච්චි හේතුව පැහැදිලිව ඔතන තියෙනව.. ඒ නැතත් මං ඒක සහසුද්දෙන්ම දැන ගත්තා අද කීප දෙනෙක් එක්ක කතා කරලා.. ඔය තියනේව එකක්වත් බොරු නෙවෙයි.. ලංකාවේ පොලීසියකට උසාවියකට විරුද්ද වෙච්චි පලවෙනි අවස්තාව නෙවෙයි මේක.. ඔය වගේ සිද්දියක් උනාම හැම තැනම දේශපාලන හිවල්ලු ඕක අවුස්ස අවුස්ස උන්ගේ ආතල් ගන්නවා.. මේ කළබලේත් එහෙම එකක්. එතකොට ඔච්චර සත්ගුණවත් උඹලෑ මහ එකාට තේරෙන්නේ නැද්ද වගකීමක් නැද්ද මේ වෙලාවේ ජාතීන් අතර අවුල් ඇතිවෙන ප්‍රකාශ නොකර ඉන්න. ඇවිලෙන ගින්නට පිදුරු නොදා ඉන්න.. බොර දියේ මාළු බාන් නැතුව ඉන්න. ඔය උඹ ඉන්න මතේ ඉඳන් මං ඔය ප්‍රශ්ණ දෙක තුන ඇහුවේ. මං ඉන්න මතයනම් මේ සිද්දියත් ඔය වගේ කාලකන්නි තිරිසන් දේශපාලන ගේම් එකකටම ගහපු ප්ලෑන් එකක්.. එහෙම නොවෙයි කියල හරියටම ඔප්පු වෙච්චි දවසක මං මගේ වැරැද්ද පිළිගන්නම්. අන්න එදාටම මං නොදියුණු ගෝත්‍රිකයෙක් උඹ උසස් ශිෂ්ඨාචාරෙකින් පැවත එන එකෙක් කියලත් පිලිගන්නම්.
Delete//මේ වෙලාවේ ජාතීන් අතර අවුල් ඇතිවෙන ප්‍රකාශ නොකර ඉන්න. //
Deleteමොකක්ද මචන් ඒ කතාව. මම එහෙම සිද්දියක් දන්නේ නැහැ
කමියා-
Deleteමේකගැන කතාකරන එකත් හිතට හරි වදයක් බං.ඒ තරමට අපුල මාතෘකාවක්.අත්දෙක පිටිපස්සට කරල බැදලා කකුල් දෙක ඈත්කරල ගැටගහල ඉන්න කෙල්ලෙක්ගේ ඇගට ගොඩවෙන්න හිත්දෙන තරමටම මේ පිරිමිකම බාල්දුවෙලාද?උඹ එවල තිබුන ලින්ක් එකදිගේ ගිහින් ඒක කියවනකොට අර ස්විස්කාරයා ගැන මට හිතුනෙත් පුදුමයක්.ඒත් උඹ ඔය කියල තියන තරම් දුරනම් හිතුනේනෑ.ඒත් ඒ කතාව ඇත්තනම් අර පොඩි එකී උඩගිහින් බිම වැටිලා ඒ කාලෙම මලේ ඒකිගෙම වාසනාවට.
කමී +++++++++++++++++++++++++++++++++++++++++++++++++
Deleteමාත්මේ සොහොයුරිය වෙනුවෙන් විලාප තබන තවත් පුංචිම පුංචි එකෙක්.
ReplyDeleteමා තනිවම හඬා වැටුනේ ජාතිවාදයෙන් අන්ධ වූ සමහර කොමෙන්ටු වගයක් දැකලා. යන්තම් පරිගණකයේ යන්තම් අකුරු කොටන්න හරි ඉගෙන ගත්තු එව්වො අතරත් මහ ම මහ තිරිසන්නු හිඟ නෑ.
තිරිසන්කමට ජාති බේදයක් නෑ සාරිකා.ඒත් උගත් නූගත් බේදයක් තියනවා.නූගත් එකා තිරිසනෙක් වෙන්නේ හිතේ ආවේගය පාලනය කරන්න නොදත් කමට.නැත්තන් උගත් එකාගේ වාසිය සඳහා උගේ පෙළඹවීමට .
Deleteමේ වගේ සහගහන අපරාධ කරපු උන්ටනම් මරණ දඬුවමම දෙන්න ඕනෙ. ඒ වගේම මේ සිද්දිය වවාගෙන කමින් නැති ප්‍රශ්න හදන්න උත්සහ කරන සෙට් එකටත් දඬුවම් දෙන්න ඕනෙ.
ReplyDelete//අනේ මහතුනි රකිනු මැන තම
දෙනෙත මෙන් හැම දියනියන්//
++++++++++++++++++++++++++++
"මේ ලෝකෙ මරල දාන හැම පිරිමියෙක්ම තමන්ගේ තාත්තා කියල හිතන්න පුළුවන්නම්,මේ ලෝකෙ දූශනය වෙන හැම ගැහැනියෙක්ම තමන්ගේ අම්ම කියල හිතන්න පුළුවන්නම්,කොච්චර ලස්සන වේයිද මේ ලෝකෙ අදට වඩා......."
Delete(ඇදලා ගත්තේ අර බස් කේස් එක ගැන දාපු පෝස්ට් එකෙන්.)
ඇත්තටම මේ සිද්දියෙන් ප්‍රයෝජන ගන්න හදන සිංහළ හෝ දෙමළ කවුරුහරි හෝ වේවා දැඩි දඬුවම් දෙන්න ඕනේ අර දූශකයන්ට වගේම.
පත්තරේ පුංචි දරුවෙක් ළිඳකට වැටිලා මලා කියලා තිබුණම කම්මුලේ අත ගහගෙන කියවලා නිව්ස් එක අගදි ළමයගේ නම දෙමල නමක් බව දැක්කම සුසුමක් විතරක් හෙලලා වෙන නිවුස් එකකට යන ඇස්!
ReplyDelete(බස්සිට කියාපු එක ආයි දැම්මා)
දෙමල වුන නිසා කටවහගන වෙන නිවුස් එකකට යනවා.ඒත් ඕකේ මුස්ලිම් නමක් තිබුනනම් "මලේ එකමයි හොඳ" කියලා අනික් පිටුව පෙරලනවා.
Deleteමිනිස්සු නෙමෙයි තිරිසන්නු.ඒ අතරේ සමහර කාලකන්නි පොර දියේ මාළු බානවා...මුන් හැමෝටම වැහි නැති හෙන පාත් වෙන්න ඕන.ඕකුන්ගේ දරුවෙකුට ඕක වුනදාට දැනේවි යස අගේට.
ReplyDeleteගැටළුවත් ඔන්න ඔතනමයි වත්සලා.වැරද්දට වැරදියි කියන්න; තමන්ගේ එකෙක්ට දෙයක් වෙනකන් බලන් ඉන්න තරම් මිනිස්සුන්ගේ හිත් ගල්කලේ කවුද?
Deleteමේ ප්‍රශ්නෙට සිංහල දෙමල ජාතිවාද කිසි සම්බන්දයක් අවශ්‍ය නැහැ. ලංකාවේ කෙල්ලෙක් අමානුෂිකව දුෂණය කරලා වධ දීලා මරුවා. ලංකාවේ හැමෝම එවනිදේට විරුධ්දයි. ඇය දෙමල නිසා ඒ වැඩේ හොඳ වැඩේ ඕකුන්ට ඔහොම මයි වෙන්න ඕන කියපූ උන් නැහැ නේද . fb ස්ටේටස් අප්ඩේට් කරපු හැමෝම මේ කෙල්ල වෙනුවෙන් කතා කළා. එතැනිම පේනවා සිංහල දෙමල අය අතර ප්‍රශ්නයක් නැති බව. ප්‍රශ්න ඇති කරන්න හදන්නේ බල ලෝභී දේශපාලකයන්
ReplyDeleteරටේ නීතියක් තියෙනවා. සාක්ෂි තියෙනවා නම් වැරදි කරු නිදහස් කරන්න බැරි තරම් නීතිය ප්‍රබලයි. මිනීමරුවා කොතරම් අමානුෂික වුවත් දඬුවම් දීම සිදුවිය යුත්තේ උසාවි ක්රියාමාර්ගයකින් පමණක් විය යුතුය.
//ප්‍රශ්න ඇති කරන්න හදන්නේ බල ලෝභී දේශපාලකයන්// අසූතුනේ කලබල කතාවක් මෙතනට ආදේශ කරලා ඒ දේ කරපු බල ලෝභී දේශපාලකයා කවුද කියලත් කියුවනම් අහවරයිනේ මචෝ.
Delete//රටේ නීතියක් තියෙනවා. සාක්ෂි තියෙනවා නම් වැරදි කරු නිදහස් කරන්න බැරි තරම් නීතිය ප්‍රබලයි// ෂුවර්ම ෂුවර්ද?
//දඬුවම් දීම සිදුවිය යුත්තේ උසාවි ක්රියාමාර්ගයකින් පමණක්// අන්න ඒදේට අත් දෙකම ඔසවලා එකන්නගයි.
//රටේ නීතියක් තියෙනවා. සාක්ෂි තියෙනවා නම් වැරදි කරු නිදහස් කරන්න බැරි තරම් නීතිය ප්‍රබලයි// ෂුවර්ම ෂුවර්ද?
Deleteඇයි ඔබට යහපාලනය ෂුවර් නැද්ද? ඉල්ලු වෙනස ලැබුනේ නැද්ද?
මරාගෙ සක්කිලි කැලෑ නීතියට වැඩිය දාස් වාරයක් ෂුවර් මට නම් ...
Deleteමකලා-
Deleteමේ පෝස්ට් එකේ කොතනකවත් ඒ කෙල්ලගේ ජාතිය ගැන මට කොතනකවත් ප්‍රශ්නයක් වුනේ නෑ.ඉල්ලුවේ මේ අහිංසකීගේ මිනිය උඩින් රජ වෙන හීනය හැබෑකරගන්න තැත්කරන්න එපා කියලයි.ටිකක් හිතන්න ලුතිනන් වාස් ගුනරත්න ගැන.ඒ නම මේ රටේ ඉතිහාසයේ රැදිල තියන තැන ගැන.රට වෙනුවෙන් දිවි පුදපු වීරවරයෙක්. අවිවාධිතයි. හැබැයි ඒ නම හැම තිස්සෙම ලියවෙන්නේ 83 කලු ජූලිය එක්කමයි.ඒක ඔහුගේ වැරද්ද නෙමෙයි.කොතනින්ද කුට්ටිය කඩාගන්නේ කියලා බලාගන හිටපු දේශපාලකයන්ගේ කාළකණ්නිකම නිසා ඒ නම එතන රැදුනා.මම කියන්නේ මේ දුවගේ නමත් ඒ විදිහට ඉතිහාසයේ සටහන් වීමට ඉඩ නොදෙන ලෙසයි.
//රටේ නීතියක් තියෙනවා. සාක්ෂි තියෙනවා නම් වැරදි කරු නිදහස් කරන්න බැරි තරම් නීතිය ප්‍රබලයි// ෂුවර්ම ෂුවර්ද?
Deleteඇයි ඔබට යහපාලනය ෂුවර් නැද්ද? ඉල්ලු වෙනස ලැබුනේ නැද්ද?
මේ මරණෙට දේශපාලනය ගාවගන්න එපා කියන උඹම තාම මරාගේ ගූ ගොඩ ඔළුවේ තියාගන දුක්විඳිනවා.උඹ දැක්කේ නැද්ද මේ ඇඩ් එක?.
//රට කරවූ රාජ්‍ය පාලකයා විසින් අවුරුදු 10ක් තිස්සේ පුරුශලිංගය පමණක් නොව තම මුළු ශරීරයම ඔබ්බවා දූශනය කලා පමණක් නොව තම සහචරයන්ගේ උවමනා එපාකම් සඳහා ගණිකා වෘතියේ යෙදවූ නීතියේ දෙවගන නැවත කන්‍යාවක් කිරීමට සුදුසු කන්‍යා පටලයක් ඔබ සතුවේනම් අමතන්න....//
උඹ ගාව තියනවනම් කතාකරලා කියපන්.
//මේ පෝස්ට් එකේ කොතනකවත් ඒ කෙල්ලගේ ජාතිය ගැන මට කොතනකවත් ප්‍රශ්නයක් වුනේ නෑ.ඉල්ලුවේ මේ අහිංසකීගේ මිනිය උඩින් රජ වෙන හීනය හැබෑකරගන්න තැත්කරන්න එපා කියලයි// මම කියුවෙත් එකමයි "ප්‍රශ්න ඇති කරන්න හදන්නේ බල ලෝභී දේශපාලකයන්"
Deleteමහින්ද යනු සම්පුර්ණයෙන් හොඳ නායකයෙක් නොවේ අපි ඔහුගේ වැරදි වැරදි ලෙස දකිනවා. මෙතන කතාවට මහින්ද අදාළ නැහැ.
මහින්ද එලවා ගෙනෙනවා කියූ යහපාලනය තවම ආවේ නැති බව ඔබලාද පිළිගන්නා බව ඉහත කන්‍යාපටල කතාවෙන් සනාථ වේ. ගණිකා වෘතියේ යෙදවූ නීතියේ දෙවගන නැවත කන්‍යාවක් කිරීමට අවශ්‍ය වන්නේ අයගේ කන්‍යාපටලය තිබුණු තැන ඉතිරි කොටස් යහපාලන දොස්තරලා විසින් ඇද බැඳ දම පිළිසකර කල යුතුව ඇත. එය නොකර වෙන පටල හොය හොයා පමා කරන්නේ නීතියේ ගණිකාව කන්‍යාවක් කලොත් යහපාලන දොස්තරට හා ගෝලයන්ට ඇය සමග යහන් ගත වීමට අවස්තාව නොලැබෙන නිසාද? මොකද දැනටම යහපාලන ගෝලයන් අවස්ථා 2-3 කදී ඇය සමග යහන ගතවූ බැවිනි.
මහා කළු... මුලින්ම කියන්න ඕන මේ දේවල් මතවාදී අදහස් පමණයි. අපි හැමෝටම තම තමුන්ගෙ පෞද්ගලික මතවාද තියනවා... මේ සිද්ධියට දේශපාලනය හෝ ජාතිවාදය ඇදගැනීම කලයුත්තක් නොවෙයි.. හැබැයි "යහපාලනය ෂුවර් නැද්ද" කියන අදහසත් එක්ක මේ අදහසත් එක කරන්න හිතුනා.
Deleteමහින්ද මහත්තයා පන්සල් ගානෙ යනගමන් කොරහේ කිඹුල්ලු දකින එක සහ ඒ ගැන ප්‍රකාශ නිකුත් කරන එක මම නම් මුළුමනින්ම හෙළා දකිනවා. හිටපු රාජ්‍ය නායකයෙක් විදියට පැරදිලා ගෙදර ඉන්නෙ නැතුව කරන ඒ වැඩෙන් සිදුවන්නේ කාලකන්ණි ජාතිවාදය නැවත ඇවිස්සීමක් සහ ඒ දේවල් වලින් එතුමා ඇතුළු අනුගාමිකයන් කාලකන්ණි සතුටක් විඳින බවකුයි මට නම් පේන්නෙ.
මහින්ද පාලන සමයේ ඔය සිද්ධිය උනා නම් ඔය විරෝධතා දක්වන්න තියා ඔය සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවට දැනගන්නවත් ලැබෙන්නෙ නැති බවයි මගේ විශ්වාසය. ඒත් ඔය දේවල් සිද්ධවෙන එක නවතින්නෙ නෑ. දැන් අඩුමතරමින් ඒ ගැන විරෝධයක් දක්වන්න නිදහසක් ඒ මිනිස්සුන්ට තියනවා. අපේ පොලිස් කාරයෝ මූලික විරෝධතාවයේ දෙමළ ගෑණුන්ට කතාකරපු හැටි මෙන්න.
https://www.facebook.com/slupfa/videos/10153220853901259/?pnref=story
"මහජාතිය අපි" කියන ටයිප් එකෙන් හැමදාම ඔය මිනිස්සුන්ට සැලකුවොත් පිටට නොපෙනෙන ගිනි පුපුරු කවදාහරි මතු වේවි. අන්න ඒ දේවල් වලටයි බේත් කරන්න ඕන. මේ කෙල්ලට වෙච්ච අසාධාරණය ගැන හරියට හොයල බලන්න ඕන. ඒ දේවල් වලට නිසි දඬුවම් ලැබෙන්න ඕන.
නීතියේ දෙවඟනගෙ කන්‍යා පටල බිඳිලා ගොඩක් කල්. ඒ කන්‍යා පටලයට වගකියපු එවුන්ම නීතියී දෙවඟනගේ පතිවත ගැන ප්‍රශ්න කරන එකයි මෙතන ගැටලුව. මට මතකයි වේයන්ගොඩ පැත්තෙ කපුවෙක් පොලිසියට මාට්ටු උනා ඌත් එක්ක යහන්ගත උනාම කන්‍යා පටලය ඉබේම හැදෙනවා කියල ගෑණු රවට්ටපු. ඒ විදියටම නීතියේ දෙවඟනගේ කන්‍යා පටලය හදා දෙන්න සමහරු ආයෙත් ඇයත් එක්ක යහන්ගත වෙන්න කතා කරනවා. දැන් රටට අවශ්‍ය නීතියේ දෙවඟනගේ පතිවත ගැන ප්‍රශ්න නොකර පෙර වැරදි හදාගෙන පවුල ගෙනියන ක්‍රමයක් මිසක් මුල් දූෂකයාට නීතියේ දෙවඟන බිල්ලට දෙන්න කතා කිරීම නොවෙයි.
// මූලික විරෝධතාවයේ දෙමළ ගෑණුන්ට කතාකරපු හැටි මෙන්න.
Deletehttps://www.facebook.com/slupfa/videos/10153220853901259/?pnref=story//
පොලීසිය සමහර අය සාමන්යෙන් ඔයවගේ තැනකදී ඕනෑම කෙනෙකුට අමතන්නේ ඔහොමයි. සිංහලද දෙමළද කියලා සලකන්නේ නැහැ. ඔය මනුස්සයෝ දෙමල නිසා එහෙම වුනා කියලා අදහසක් ඇති කරන්න එපා සිංහල මිනිහෙකුට උනත් උන් කතා කරන්නේ ඔහොම තමයි. පොලිස් කාරයෙක් ගෑනියෙකුට බැන්නම. ඒ ගෑණි දෙමල නිසා එහෙම කළා කියලා ජාතිවාදයක් උබලා පටලවා ගන්නේ ඇයි
මහා කලූ .. //පොලීසිය සමහර අය සාමන්යෙන් ඔයවගේ තැනකදී ඕනෑම කෙනෙකුට අමතන්නේ ඔහොමයි// ඇත්ත. පොලිසිය ගොඩක් වෙලාවට එහෙම කරනවා. නමුත් මෙතන විශේෂයි. ඔය ගෑණු ඇවිල්ල ඉන්නෙ විරෝධයක් පෙන්නන්න මානුෂික කාරනාවක් වෙනුවෙන්. මෙහෙදී ඔය විදියට කතා කරනවා සාපේක්ෂව අඩුයි. අත්දැකීමෙන් දන්නවා පොලිස්කාරයෝ සහ ඒ අදාළ උදවිය බහුතරයක් දෙමළ මිනිස්සුන්ට ඔය විදියට සලකනවා. ඒ කෙනහිලිකම් කරන්න කරන්න ප්‍රශ්න වැඩි වෙනවා. නිකං ආතල් එකට මිනිස්සු නැගී හිටින්නෙ නෑ. යම් අසාධාරණයක් වෙන තැනකයි අරගලයක් ඇති වෙන්නෙ. අවුරුදු තිස් ගානක් ඇදුනු ප්‍රශ්න වලට දැන් වත් පිළියම් හොයන්න ඕන. පොලිස් කාරයගෙ ආකල්ප වල ඉඳන් ඒ දේවල් හැදෙන්න ඕන. ඒව හදන්නෙ නැත්නම් ආපසු අරගලයක් ඇතිවෙන්න පුළුවන්. අර කෙල්ලගෙ මරණයට කිසියම් හෝ සම්බන්ධයක් නැති මේ කතාවට ආවෙ දේශපාලුවෝ මේ දේවල් වලිනුත් යුතු ප්‍රයෝජන ගන්න දඟලන බව පෙනුණ නිසාවට, මහින්දගෙ ' මං හිටිය නං මෙව්ව වෙන්නෙ නෑ " ටයිප් ටෝක් එක සම්බන්ධව අපුළක් දැනුන නිසාවට සහ මේ දවස් වල සමහරුන්ගේ අදහස් වලින් "ඔන්න යහපාලනේට දීල කෙලෝගත්ත .. දැන් ඉතිං කාල වරෙල්ලකෝ" වගේ මතයක් බ්ලොග් අවකාශෙ ගොඩනැගෙනව පෙනුණ නිසාවට මේව කියල දැම්මෙ.
Deleteසැකකාරයෙක් නිදහස් කිරීමට පොලීසියට බලපෑම් කලේ කුමන පක්ෂයේ දේශපාලකයෙක්ද? මාරුකරන ලද පොලිස් නිලධාරීන් ඔහුට සහය දුන් අයද නොදුන් අයද කියා දැනගෙන කතා කරන්න එන්න.
Deleteසිද්දිය ගැන මෙලව දෙයක් දන්නේ නැතිව එනවා මේ කුණුගොඩ මහින්දගේ කරෙන් යවන්න.
ඒ සම්බන්ධව ඔබ දුටු සහ කියවූ යමක කරුණු යම්සේද මා දුටු සහ කියවූ කරුණු ඊට පරස්පරයි. ඒවයේ සත්‍ය අසත්‍යතාව දැනගැනීම කාලයට බාර දෙමු. ඔබ ඒ සියල්ල මනාකොට ඇසු දුටු බව හා ඒ සියල්ල නිවැරදි යයි මොහොතකට සිතමු. ඒත් අපි දෙනෝදාහක් දුටු මහින්දගේ කතාව ඔබට එළකිරි වූවාට මට නම් එය පිළිකුල් සහගතය. මගේ කතාවේ කොතනකවත් මේ දැරිවියගේ ඝාතනය මහින්ද මතින් පාකර හැරීමට උත්සාහගෙන නැත. මා ප්‍රශ්න කළේ මහින්දගේ සහ මහින්ද එහෙයියන්ගේ ආකල්පයයි.
Deleteමෙන්න සා රස ගේ අදහස්
Deleteතමිල්මාරන් ......දුක හිතෙනව ඕයි...
සා රසගෙ මතවාද ගැන අපි දන්නවනේ මහා කළු ...අන්තවාදී පක්ෂග්රාහී මතයක ඉඳගෙන නෙවෙයි මේ ගැන අදහස් පළකළේ මං. මහින්දලගේ සහ රනිල්ලාගේ වැරදි වගේම හොඳ දේවල් තියනවා. ඒ බව පිළිගන්න මතයක ඉඳගෙන විවෘත්තව කතා කලොත් ඇරෙන්න සංවාදයක් කරන්න බෑ. සා රස හැමවෙලේම කතාකරන්නෙ මහින්ද දෙයියා, රනිල් සහ අනිත් එවුං ඔක්කොම බල්ලා මානසිකත්වයක් හිතේ දරාගෙන. මම මෙතන රනිල් දෙයියා , මහින්ද බල්ලා මානසිකත්වයෙන් අදහස් පලකලේ නෑ. ඔය හැම එකාගේම වැරදි තියනවා. වැරද්දක් කල වෙලාවට පාට කන්නාඩිය ගලවලා වැරැද්ද දකින්න අවශ්‍යයි. මගේ නම් තියරිය ඒක. "මහින්ද පොර" මානසිකත්වය එක්ක සා රස කියන දේවල් එකවරම විශ්වාස කරන්න මට නම් බෑ. ඒක හරි කියල හිතුවොත් ඒ දේවල් වලටත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතුයි. නමුත් දිගෙන් දිගටම මම මෙතන කතා කරන්න උත්සාහ කලේ මේ දැරිවිගෙ මළකඳ උඩින් දේශපාලන වාසි ගන්න සහ ඒ අදහස් තුලින් කුහක ආශ්වාදයක් ලබන්න උත්සාහ කල එකට විරුද්ධව. පිලිගන්නවා.. ඔබත් මේ සිදුවීමට විරුද්ධයි. ඒ කෙල්ල මැරුණු එක සහ ඒ සිදුවීම අපි හැමෝම හෙළාදකිනවා. ඒ දේවල් අයෙත් නොවෙන්න පියවර ගතයුතුයි. මගේ තර්කයේ හරය ඒකයි. අරූ නිසා මේක උනා, මූ හිටියේ නැති නිසා මේක උනා කියන කතන්දර නෙවෙයි වැදගත්.
Deleteකවුරු කියුවත් මේ සිදුවීමේදී යහපාලනය නඩයේ තමිල්මාරන්ගේ සම්බන්දයක් තියෙනවා.
Deleteමරාගෙ සක්කිලි කැලෑ නීතියට වැඩිය දාස් වාරයක් ෂුවර් මට නම් ... ++++++++++++++++
Delete@ සජ්ජාගේ පඩංගුවMay 24, 2015 at 1:07 AM
Deleteමගේ දේශපාලන ඇලුම්කම් වලින් සත්‍යය වසා දැමිය නොහැකියි...
දැන් තිබෙන්නේ ඔබලා අපමන අගයක් ලබාගත්තු යහපාලන ආන්ඩුවයි. පොලිසිය සහ ආරක්ශක හමුදා ඔබලාගේ යහපාලකයෝ යටතේ පවතී.
යහපාලක සිවිල් ගජමෑන්ස් ලා ගේ දිදුලන තරුවක් වන කොලඹ නීති පීටාදිපත් තුමා ව තම් ට බාරදෙන ලෙස ඉල්ලා දමිල පිරිස් කලබගෑනි කරනවා මෙන්න මේ වීඩියෝවෙන් නරඹන්න...
https://www.youtube.com/watch?v=CrllwrLRjk8
ඊට පසු නොදන්න දෙමලේ ගැන සන්වාද කරන්න...
සා රස මගේ සංවාදය කුමක්ද හැ මා සංවාද කරන්නේ කුමන කරුණක් පිළිබඳවද යන්න මුල සිට මේ සියල්ල කියවා තේරුම් ගන්න. මා උළුප්පා දක්වන්නට උත්සාහ කලේ මේ ක්රියාදාමයේ හෙළාදැකියයුතු බව සහ ඒ පිළිබඳව කුහක දෙශාපාළුවන් දැක්වූ අදහස් සම්බන්ධයෙනුයි. මා හෙළාදුටුවේ එයයි. තර්කයක් කරන විට අදාළ පොයින්ට් එකට කතා කරන්න. ඔය තමිල් මාරයා ඊට සම්බන්ධා නම් ඔහුට ඒ වෙනුවෙන් දඬුවම් ලැබිය යුතුයි. රනිල් මෙයට සම්බන්ධ නම් එයටත් දඬුවම් ඩිය යුතුයි. මයිත්රීටත් එය එසේ නම් ඔහුටත් දඬුවම් කල යුතුයි. ඒ පිලිබඳ මගේ කිසිම විවාදයක් නෑ. ඔබ පවසන ආකාරයට ජපාලන ආණ්ඩුව මේ පිළිබඳව තවකෙක්ට ඇඟිල්ලක් දිගු කොට නැහැ. නමුත් චන්දෙන් පැරදී පන්සල් ගානේ හිඟමනේ යන්නා මේ ගැන "කොරහේ කිඹුල්" අදහස් දක්වා තිබෙනවා.( සොරි ඔබගේ අතිගරු උත්කෘෂ්ඨ නායකයා) දේශපාලන වාසි ගැනීම වෙනුවෙන්. ඒ සම්බන්ධයෙන් ඇති විවේචනයයි මා මෙතන ප්‍රකාශ කලේ. ට්‍රැක් එකෙන් පිට පනින්න සූදානම් නම් ඒ විදියටත් එන්නම්. ඔබගේ තමිල් මාරන් තර්කය එකහෙළා පිළිගත්තා යයි මදකට සිතන්න. ඔහු දේශපාලකයෙක්ද? නැත. මහින්ද මහතාගේ ආණ්ඩු කාලයේ අමු අමුවේ ස්ත්‍රී දූෂණ, මිනී මැරුම් කල තම පක්ෂයේ දේශපාලුවන් වෙනුවෙන් අදාළ නීතිය ක්‍රියාත්මක උනාද? අද මේ ගැන ප්‍රකාශ නිකුත් කරන එතුමා ඒ දින වල සිටියේ නිදිවැදිලාද? ඒ දිනවල සිදු වූවේ දේශපාලනික අතපෙවීම් හෝ බලපෑම් නොවේ. කෙලින්ම දේශපාලකයන් විසින් මේ දේවල් සිදුවීමයි.
Deleteතමන්ගේ ඇසේ පොල් පරාලයට කලින් අනුන්ගේ ඇසේ රොඩ්ඩ දකිනා , අදාළ තර්කයට කිසිසේත්ම අදාළ නොවෙන කාරණා වෙනුවෙන් සංවාදයෙහි යෙදීමට ඉදිරිපත්වෙන ඔබ හා සංවාද කිරීම නොදන්නා දෙමළය ගැන සංවාදයේ යෙදීමක්මය.
දැන් රට කොරන්නේ මහින්ද මහත්තයා නොව ඔබලාගේ ජාපාලනේය. එහෙවු හරකුන් ට රට කොරන්න බැරි වුනාට අපි මොකක් කරන්නද? මිනිසුන් ජාපාලනේට චන්දේ දුන්නේ මොකක් හරි අප්සැට් එකක් උනාම මහින්ද මහත්තයා මීට වඩා අප්සැට් කොලා කියා අත පිසදා ගැනීමට නොව එම ප්‍රශ්නයට අදාල නිසි පිලිතුරු දීමටය.
Deleteඔහෙලාගේ ජාපාලනෙ ට දෙන්න පිලිතුරු නැත... ඒ නිසා ඉස්සර මහින්ද මහත්තයාගේ කාලේ අරක උනා ලෝක් යුද්ද කාලේ මේක උනා කිය පිස්සු ගොන් කතා කීම ආන්ඩු කිරීම නොවේ...
අඩුතරමින් රනිල් ගේ පත්තරේ වන ලන්කාදීපෙත් මෙච්චර කියද්දී මහේස්වරන් ගැනි ට හෝ තමිල්මාරන් ඩීන් ට විරුද්දව නීතිය ක්‍රියාත්මක උනාද???
කළුගලක් ගනිමි. එය තදින් කටේ උළාගනිමි. අදාලත්වයක් නැති හැම ලබ්බටම කිසිම තර්කානුකූල භාවයක් නොමැතිව "මේකද යකෝ යහපාලනය කියන්නේ" යන්න අසනා ඔබට මා ප්‍රතික්‍රියා දක්වන්නේ එසේය...
Deleteසජ්ජා-
Deleteඋඹට දැන්වත් ඒක තේරුන එකට අවංකව සතුටුයි.ඒකට උඹට තේරෙන්න පතරන්ග කමෙන්ට් 7ක් කොටන්න වීම ගැනනම් තියෙන්නේ දුකක්.ඔය මගුල කොටන වෙලාවේ උඹට අළුත් පෝස්ට් එකක් කොටන්න තිබ්බා. ටොයියෝ-බයියෝ කියන වචනේ මෙච්චරකල් මම පාවිච්චිකරලා නෑ.ඒ උනාට අදවත් තේරුම් ගනින් අප්පච්චිගේ ගූ ගොඩත් සුවඳයි කියන බයියෝත් එක්ක තර්කකරන්න යාම තුලින් උඹේ බයිට් ටිකයි ලේ ටිකයි පිච්ච්ව්නවා ඇරෙන්න ලැබෙන වෙන ලබ්බක් නැතිබව.
කොටකෙතන කුඩු කේස් එකකට අම්මයි දුවයි මරපු කතාවමයි. එහේ කුඩු බෙදුවේ ජෝන් සෙනෙවිරත්න. අදත් කිසි අවුලක් නෑ. උතුරේ ඩග්ලස් දේවානන්ද. ඌටත් කිසි අවුලක් නෑ. අහිංසක උන් මරා දානවා, කාළකන්නි හදපු පාතාල කාරයෝ විසින්. පොලීසිය කුඩු කාරයන්ගේ පැත්තේ. ඒකට විරුද්ධව පෙලපාලි ගියාම, උන් කොටි. මඉන්ද තරම් මිලේච්ඡ නායකයකු නැවත බිහි නොවනු ඇත.
ReplyDeleteමහින්ද මිලේච්ඡද?නෑ...මම හිතන්නේ එකාට දැන් පිස්සු.අනාගතයක් නැතිබව පේනකොට ඇතිවෙන පිස්සුව.
Deleteමේක ජාතිවාදී ප්‍රශ්ණේකට ඇද ගන්න හදන්නේ අනාත වෙලා ඉන්න සෙට් එකක්.. නීතියෙන් උපරිම දඬුවම් ලැබේවි කියලා හිතනවා..
ReplyDeleteනීතියෙන් දදුවම් ලැබෙන්නම ඕනේ වර්ණ.නැත්තන් වෙන්නේ ගෑණු දරුවෙක්ට නිදහසේ පාරේ බැහැලා යන්න බැරිවෙන එකයි.
Deleteමේ කොමෙන්ට්කරුවන් බිය වී ඇති තරම.
ReplyDeleteමෙම පොලිස් නිළධරයා කවුද මේක කළේ කියා අසන්නේ මේ උද්ඝෝෂකයන් නීතිය අතට ගත්තේ මේ දූෂනය ආරක්ෂක අංශ විසින් කළ පරිද්දෙනි.
කවුදැයි මුලින්ම ඇසුවේ එනිසාය.
පොලීසියේ කාර්යභාරය සැකකරුවන් නීතිය හමුවට ගෙන ඒම මිස ළැමයි හැදීම නොවේ.
මේ සිද්ධිය දකුණෙ වුනත් මේ දෙබස වෙන්නෙ මේ ලෙසටමය.
දෙමළ සිත් රිදෙයි කියා සමහරු ඉන්නෙ මාර බයකිනි. දෙමළ ජනයාගේ සිත් ඔය විදියට රිදෙන්නට ඔවුන් පොඩි බබාල නොවේ.
මෙතන තියන ගැටළුව කාගෙවත් සිත් හැදීම නෙමෙයි.කාන්තාවක් වීම නිසාම මේ රටේ පුරවැසියෙකුට,විශේෂයෙන්ම දරුවෙකුට නිදහසේ ජීවත් වෙන්න බැරිවීමයි.ප්රශ්නය තියෙන්නේ එතනයි.ඒත් ඒප්රශ්ණය ගැන කතා නොකර ඒමළමිනියත් තමන්ගේ ඔටුන්නට ඔබ්බවා ගැනීමට තැත් කිරීම කොච්චර ඛේදනීයද?කොච්චර සදාචාර සම්පන්නද?
Deleteමේ වගේ අකටයුතුකම් නවත්වන්න ආවේගශීලීව බෑ. සැලසුම්සහගත සමාජීය මනෝවිද්‍යාත්මක පරිනාමයක් වෙන්න ඕනේ. ඒකට ආදර්ශය අපේම අතීත සමාජයෙන් උනත් ගන්න පුළුවන්. වෙන්න ඕන එකම දේ ස්ත්‍රී පුරුෂ වශයෙන් එකිනෙකාගේ විශේෂ හැඩගැසීම් වලට නිසි ගෞරවය ලබාදී ස්ත්‍රීත්වය යන්න සමාජයක යහ පැවැත්මටත් ලිංගිකත්වය අනුව පැවතියයුතු සමබරතාවය තබාගැනීමටත් අනිවාර්ය වශයෙන් අවශ්‍යයි කියන එක ඒත්තුගන්වමින් ස්ත්‍රී පාර්ශවයට රැකවරනය ලබාදීමයි. එහිදී කාන්තාවන් හෝ ගැහැනු ළමුන්ට බටහිර කාන්තා විමුක්තිවාදය සියළු ප්‍රශ්න වලට විසඳුම ලෙස පෙන්වාදෙන මිත්‍යාව නොදියයුතුයි. ඔවුන් පිරිමින් නොවන බව හා ස්ත්‍රීත්වය අනුව ජීවිත හැඩගසාගතයුතු බවද ඔවුන්ට ඒත්තුගැන්වෙන ආකාරයට ඔවුන් සමාජය විසින් රැකියයුතුයි. එසේ නොමැතිව මේ වගේ සිද්ධි වලට මුවා වී බටහිර කාන්තා විමුක්ති උමතුවට හිස ඔසවන්න ඉඩදීමත් යාපනේ සිද්ධිය අල්ලගෙන කොටි නැටුම් පටන්ගන්නත් ඉඩ නොදියයුතුයි.
ReplyDeleteමතෲ මූලික සමාජක්‍රමයකට අවුරුදු දහස් ගනනක් තිස්සේ හැඩගැස්සුනු සමාජක්‍රමයකට උරුමකම් කියන ලාංකික මනසට බටහිර ස්ත්‍රීවාදය කාවද්දනවා කියන එකනම් කාටවත් ලේසියෙන් කරනා පුළුවන් දෙයක් නෙමෙයි මචෝ.ඒත් උඹ ප්‍රශ්නේ අල්ලගන්නෙත් අර ලෙමන් පෆ් ප්‍රශ්න වලට උත්තර දෙන අධිරාජ්‍යවාදී න්‍යායෙන්.එතනට යන්න කලින් ටිකක් හිතපන් ,අම්මා කියන චරිතයට මෙච්චර තැනක් දීපු සමාජයක කෙල්ලෙකුට නිදහසේ පාරේ බැහැල යනන්න බැරිවුනේ ඇයි කියල.ඒක සිද්දවුනේ බටහිර ස්ත්‍රීවාදය නිසා නෙමෙයිනේ.අපි ඉස්සල්ලම බෙහෙත් කරන්න ඕනේ තුවාලෙට මිස තුවාලේ නිසා ඇතිවන කැලලට නෙමෙයි.
Deleteනිර්මාණය බොහොම සංවේදියි, ඒ වගේම යම්කිසි ආවේගයකුත් එහි ගැප් වෙනවා...
ReplyDeleteමෙම සිද්ධිය සමාජය කැළඹු සිද්ධියක්...
එමෙන්ම විශාල ආරෝපණයක් සහිත සිද්ධියක්, එම ආරෝපණය බොහෝ භයානක වන්නේ එය වෙනත් පාර්ශවයකට යම්යම් අරමුණු සඳහා භාවිතා කල හැකිවන පරිසරයක එය සිදුවූ නිසා...
මෙම සිද්ධියට දේශපාලනික මුහුණුවරක් ලබා දෙන්නට යාම බොහෝ අනුවණ කමක්...
මෙය බයියන් හා ටොයියන් අතර (මත)ගැටුමක් බවට පත් කිරීමට බොහෝ පාර්ශව මේ වන විටද සමත්වී හමාරය. එය සමාජගත කරවීමෙන් ඇයට සිදුවන්නේ තවත් විශාල අසාධාරණයක්...
එය සිදු කරවීමට බොහෝ දෙනාගේ නැඹුරු වූ සහ ආවේගශීලි අදහස් ඉවහල් වී තිබෙනවා.
යාපනේ වැසියන් උසාවියට හා පොලිසියට විරුද්ධව කටයුතු කලේ "යම්කිසි දේශපාලන අතපෙවීමක් නිසා සැකකරුවන් සැඟවීමට කවුරුන් හෝ ක්‍රියා කර ඇති නිසා නම්" වහාම ඒවා සොයා බලා දඬුවම් දිය යුතුයි...
මෙම සිද්ධියේදී දුෂකයින්ට වඩා ඔවුන්ගේ වරද බරපතලයි.
එමෙන්ම ඔවුන් කවුරුද යන්න සමාජයට හෙළි කිරීමත් කල යුතුයි...
නමුත් කරුණු සිදුවෙමින් පවතින ආකාරය අනුව ඒවා එසේ වේද යන්න ඉතාම සැක සහිතයි...
මේ ප්‍රශ්නේ දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි.ඒත් මේ රටේ සිද්දවෙන,සිද්දවුන අනිත් හැම දේකටම වගේ මුළු රටම ඇවිලෙන්න ඕන ,අවුළුවන්න ඕනේ ගිනිපුපිර කාලකණ්නි දේශපාලනය නිසා නිවිලා ගියා.මේ සිද්දිය ගැන රටේ කතිකාවතක්,රැල්ලක් ඇතිවියව තිබුනා.ඒ ජාතියවත්,ආගමවත් මූලිකකරගන නෙමෙයි.අම්මා කෙනෙක් විදිහට,සහෝදරියෙක් විදිහට,දුවෙක් විදිහට රටේ සමස්ත කාන්තාවට ඇතිවෙලා තියන අනාරක්ශිත බාවය ගැන.ඒත් සිද්දවුනේ මොකද්ද? හැම දෙයක්ම විකිනෙන සමාජයක මේ දියණියගේ සිරුරත් විකිණුනා.වේස පාලනය විසින් මේ සිද්දිය ගැන කතාකරන්නත් අපුලමට්ටමකට මේ වෙනකොට ගෙනල්ල ඉවරයි.පක්ශ පාට බේදයකින් තොරව එදා සමස්ත ඉංදියාවම එක් තරුණියක් වටේ එකතුවුනාට අපේ කට්ටිය තාමත් ඒකට සූදානම් නෑ.මේ දියණියට ඉතුරු වෙලා තියෙන්නෙත් අධිකරනයේ පිහිට විතරමයි.ඒකත් ඔබ කියන විදිහට වැට උඩනම් මේ රටේ මවුපියන් හෙට ලැබෙන දියණියන්ගේ බෙල්ල මිරිකල මැරුවත් කාටද මුකුත් කියන්න පුළුවන්?
Deleteමතක විදිහටනම් පළමු ගොඩවැදුම වෙන්න ඕනේ ලොකු අයියේ....වල්කම් කිවුවා ඒකට.
http://sithtv.com/index.php/sample-sites-2/2013-05-14-19-44-34/4163-%E0%B6%AF%E0%B7%94%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F-%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F-%E0%B6%9A%E0%B7%85-%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92-%E0%B6%B4%E0%B7%93%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92-%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A-%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A-%E0%B7%80%E0%B6%BD%E0%B6%A7-%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92
ReplyDeleteහැම දෙයක්ම මුල සිට අගට කියෙව්වා..සඡ්ඡා කියනවා වගේ මගේ කෙනෙකුට මේ දේ වුනානම් අපි නටයි නේද? උඔ කියනවා වගේ ලෝකේ කොහේ සිද්ධ වුනත් ස්ත්‍රි දුෂනය අන්තිම කැ# වැඩක්.
ReplyDeleteමේක යටගියේ දේශපාලනේ හින්දා.......අපි ම හදාගත්ත ජාතිවාද හින්දා...
ReplyDelete