Thursday, December 11, 2014

බල්ලෝ සහ මිනිස්සු....


ලෝක ගෝලෙ හරි මැද්දෙන්
නිරක්ශයට ටිකක් යටින්
අමුතු ඇටේ නම් ගන්නා
රටක් තියෙන්නා


මහ පුදුමෙකි අමුතු වැඩකි
රටේ මිනිස්සුන් එක්වී
පාලනයට තෝර ගන්නෙ
බල්ලොන් වන්නා


උඩින් ඉන්න බල්ලන්ගේ
වටිනාකම හරි වැඩියිලු
කෝටි 10-15 කට
උන් බ
ලු වෙන්නා

මැද හරියේ ඉන්න බල්ලෝ
හරියට ක්‍රොස් වී නැති නිසා
කෝටි 1-2 අතර
පස්ස ලොවින්නා


යට තට්ටුවෙ ඉන්න බල්ලො
තාමත් "වල් "නිසා උන්ට
ලඟට කතාකර කටු දී
මිළියනයක් දෙන්නා


ගන්න ගාන නිසා උනුත්
ටෙලිවිසොනය ඉස්සරහදී
හිරිකිතයක් නැතුව තුටින්
බලු ගූ කන්නා


මේක දකින ජහමනයා
උන් කන ගූ ගොඩ දැක දැක
ඉන් චුට්ටක් ලැබෙනා තෙක්

බලා සිටින්නා


කටුස්සා.......

(හිතල නොලිවුවට තාලේ,"මධු මදාවි" ඉට්ටැයිල්ද මන්දා....)

32 comments:

  1. කන්ඩ ඇති ලැජ්ජා නැති ජහමනයා හැමදාම ඔහොම තමා....
    පට්ට බන‍්...සුපිරියට කියලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. ජහමනයටත් ගූ කනව ඇරෙන්න වෙන මොකක් කියල කරන්නද බන්.....

      Delete
  2. මේ වගේ රටක ලියවෙන්න ඕන මේ වගේම කවි තමා.. බල්ලට ගිය රටක මොන සම්භාව්‍යද?

    ReplyDelete
    Replies
    1. අඩේ....නොකියා කියලද කොහේද මේක බලු කවියක් කියල.......D

      Delete
  3. නිරක්ශයට ටිකක් “උඩින්“. මේ වෙන දේවල්වලට යටට තල්ලු වෙලාද දන්නෑ ඉතිං.
    මං මේ ලියන්න හැදුවෙ මගේ ඉට්ටයිල් එක කොපි කලාට බලවත් මෙව්ව එක කියලා. මාත්‍රා ගාන පොඩ්ඩක් බලන්න. වෙන අවුලක් නෑ. දැන් මටත් ගෝලයෙක් ඉන්නවා, යේ...
    පරිසාධන මට්ටමට එන ලකුණු පෙනේ. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. උඩින් තියෙන්නේ අපේ රටනෙ බොලොවු.....අපේ රටේ බුද්ධිමත් මහජනය ඔයවගේ ගොන් වැඩ කරයිද බොලවු.
      උඹේ මෙවුව එකට මගෙත් "මෙවුව" එක.ජය වේවා....!!!!

      Delete
  4. පෙර රජ දවස වැව් දාගැබ් ගණන් කොට
    ගල් කණු අසළ හපකරමින් බුළත් විට
    ඇවිදින විටත් නිදියන දූ පුතුන් ලද
    ඒ මගෙ නිජ බිමයි ලෝකෙන් උතුම් රට

    කහට කෝප්පේ පොඟවා ගිළින්නට
    පාන් කෑල්ලක් යදිනා දනන් හට
    ඇස් නැත සිදුව ඇති දේ ගැන දකින්නට
    එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට

    රැවටී සුවහසක් බොරු කාරයින් හට
    පාඩම් ලබා නැත යුග යුග ගනන් සිට
    දෑසේ කඳුළු ඉතිරිව නැත හඬන්නට
    එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට

    උගසට තබා මගෙරට පිට රටුන් හට
    ලොව බලවතුන් අභිමුඛයේ දනින් සිට
    සිගමන් යදිමු සාගින්දර නිවන්නට
    එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට

    ----------------------------------------------
    ගායනය - නන්දා මාලනි මිය
    පද රචනය - සුනිල් ආරියරත්න මහතා
    සංගීතය - ඔස්ටින් මුණසිංහ මහතා

    ReplyDelete
    Replies
    1. නන්දා මාලනි මිය ගිය

      Delete
    2. ඒ කොහොම උනත් කමක් නෑ. අනාගතයටත් එක්ක මේ කියල තියෙන සිංදු මදෑ.

      Delete
    3. ඒ කාලෙත් මෙහෙම තමයි මනෝ.
      වෙනස දැන් කරන රැවටීම වෙනුවට එදා තර්ජනය
      මිනිස්සු අවංකවම හිතුව තමන් රජාගෙයි රදලයගෙයි වහල්ලු කියල
      මේ අතීතකාමය නිසයි අපට සටන් වසන්තයක් තිබුනෙ නැත්තෙ
      ප්‍රංශයෙ වගෙ වොෂ් කරල ඇරිය නම් හරි

      Delete
  5. එල ද බ්‍රා..
    උන් හිතන්නේ අපි හරක් කියලා

    ReplyDelete
    Replies
    1. මොන මගුලකලත් උන්ව දිනවන අපි හරක් නැතුව වෙන මොක්කුද බන්......
      එළද බ්‍රා......
      බ්‍රෑන්ඩ් එක...."රතු පාට ඕන එකක්".

      Delete
  6. වැල යන අතටයි මැස්ස හදන්නේ
    ගම යට කරගෙන වැල දිවයන්නේ
    ගම රට වැනසුනත් එකයි
    අපි හෙට නැතිවුණත් එකයි
    අපි බැලුවේ එකම එකයි
    වැලට මැස්ස හදන එකයි
    රළ යන අතටයි ඔරුව පදින්නේ
    මකර කට වෙතයි රැල්ල ඇදෙන්නේ
    මකර කටට ගියත් එකයි
    අපි හෙට නැතිවුණත් එකයි
    අපි බැලුවේ එකම එකයි
    ඇදෙන අතට පදින එකයි
    පිටරට වෙතමයි ගත සිත යන්නේ
    දෙස බස රැස ‍කොතැනද නවතින්නේ
    දෙස බස නැතිවුණත් එකයි
    රට දැය වැනසුනත් එකයි
    අපි බැලුවේ එකම එකයි
    වාසි පිලට ඇදෙන එකයි

    ගායනය - ආනන්ද පෙරේරා, සිහ ශක්ති

    ReplyDelete
    Replies
    1. උඹටයි මනෝශ්ටයි කියන්න සින්දු 2ක් මතක් වෙන්නේ නෑ බන්.මතක් වුන ගමන් දාන්නම් හිටු කියල......

      Delete
  7. \\නිරක්ශයට ටිකක් යටින්\\ දැන් බැහැලද බන් අනිත් හැම පැත්තෙන්ම වගේ.. ඉස්සර නම් ටිකක් උඩින් තිබ්බේ..

    පට්ට ඉට්ටැයිල් කවි ටික.. මධාවියට ඉරිසියා හිතෙන්න ලියල තියෙනවා.. මේ ගූ කන බල්ලෝ ගැන මීටත් වඩා ලස්සනට ලියන්නෙ කොහොමද.. මුන් ටික මේක දැක්කොත් විළිසංගෙ නැතුව ගෙනියල ඉස්ටේජ් එකකදි හරි කියන්නත් ඉඩ තියෙනවා.. හැක් හැක්..

    ReplyDelete
    Replies
    1. උඩ යට කේස් එකට මදාවිගෙ කමෙන්ට් එක බලපන් කමිය......
      // මුන් ටික මේක දැක්කොත් විළිසංගෙ නැතුව ගෙනියල ඉස්ටේජ් එකකදි හරි කියන්නත් ඉඩ තියෙනවා..//
      අයියෝ...මගේ නිදහස් නිවහල් 'චින්තනේ'........D

      Delete
    2. අම්මට සිරි ඇත්තනේ.. උඩින් තියෙන්නේ අපේ සිරි ලංකාවනේ.. බැලින්නම් මගේ තමයි බැහැල තියෙන්නේ දණිස් දෙක ගාවටම හැක් හැක්..

      Delete
  8. තිත්ත ඇත්ත ඕක තමා ඉතින් ... නියෙමට ලියලා තියෙනවා සහෝ .....

    ReplyDelete
    Replies
    1. අගය කිරීමට බොහොම ස්තූතියි සහෝ......

      Delete
  9. නියම කවි පෙළක්. ඔහොම යං.

    ReplyDelete
    Replies
    1. ඔහොම කියන කොට නොයා ඉන්නේ කොහොමද?

      Delete
    2. ලංකානිව්ස්වෙබ් එකේ මේකත් ඊට පසු දාපු ලිපි දෙකත් යැව්වා.

      Delete
  10. අඩෝ කටුස්සෝ බල්ලෝ පව් බං..උන්ට අපහාස කරන්න එපා මුන්ව බල්ලන්ට සමාන කරලා..:(

    ReplyDelete
    Replies
    1. තරුවගේ බලු ලවු එකට සිදුවූ මෙවුව එක ගැන මාගේ බලවත් කණගාටුව.....!
      හදනවත් වෙලාවේ මේවගේ බල්ලෙක් හදාගත්තොත් මොකෝ?කෝටි 10-15 එකෙක්........

      Delete
  11. කසුට්ටා නැට්ට හපාගෙන මැරෙන්න හිතෙනවා මචං.......................

    ReplyDelete
    Replies
    1. මේ ටිකත් ඉදල 8 වෙනිදයින් පස්සෙම මැරෙමු නැට්ට කපාගනම.....

      Delete
  12. අට වෙනිදායින් පස්සේ දෙන්නම් බැටේ

    ReplyDelete
  13. පට්ට කවි සෙට් එක මචන්. මොනව උනත් ඇත්ත කතාව.ජය වේවා!!!

    ReplyDelete
  14. පක්ෂ මාරු කරන මන්ත්‍රීලාගේ මන්ත්‍රීකම අහෝසිවන බවට පක්ෂ ව්‍යවස්තාව සකසා ගත්තානම් මේ ඒ ඒ පක්ෂවලටත්, ඊට ඡන්දය දුන් ඡන්දදායකයින්ටත් සාධාරණයක් සිදුවේවි.

    ReplyDelete
    Replies
    1. ඡන්ද දායකයො මෝඩ තකතිරුවන් වගේ රැවටෙන එක හින්දයි මේ සේරම. "වැඩිදෙනා මෝඩයන් නිසා වැඩිදෙනාගේ කැමැත්ත කියන්නේ මෝඩයන්ගේ කැමැත්ත" කියල මම නෙමෙයි වෙන කවුදෝ කියල තියනවා.ඒ හින්ද පොරජාතන්තරවාදෙට විරුද්ද වුනා කියල මා එක්ක ඇරගන්න එකෙන් වැඩක් නෑ.

      Delete
  15. බොහොම වටිනා ප්‍රබන්ධයක්

    ReplyDelete