Thursday, December 11, 2014
බල්ලෝ සහ මිනිස්සු....
ලෝක ගෝලෙ හරි මැද්දෙන්
නිරක්ශයට ටිකක් යටින්
අමුතු ඇටේ නම් ගන්නා
රටක් තියෙන්නා
මහ පුදුමෙකි අමුතු වැඩකි
රටේ මිනිස්සුන් එක්වී
පාලනයට තෝර ගන්නෙ
බල්ලොන් වන්නා
උඩින් ඉන්න බල්ලන්ගේ
වටිනාකම හරි වැඩියිලු
කෝටි 10-15 කට
උන් බලු වෙන්නා
මැද හරියේ ඉන්න බල්ලෝ
හරියට ක්රොස් වී නැති නිසා
කෝටි 1-2 අතර
පස්ස ලොවින්නා
යට තට්ටුවෙ ඉන්න බල්ලො
තාමත් "වල් "නිසා උන්ට
ලඟට කතාකර කටු දී
මිළියනයක් දෙන්නා
ගන්න ගාන නිසා උනුත්
ටෙලිවිසොනය ඉස්සරහදී
හිරිකිතයක් නැතුව තුටින්
බලු ගූ කන්නා
මේක දකින ජහමනයා
උන් කන ගූ ගොඩ දැක දැක
ඉන් චුට්ටක් ලැබෙනා තෙක්
බලා සිටින්නා
කටුස්සා.......
(හිතල නොලිවුවට තාලේ,"මධු මදාවි" ඉට්ටැයිල්ද මන්දා....)
Subscribe to:
Post Comments (Atom)
කන්ඩ ඇති ලැජ්ජා නැති ජහමනයා හැමදාම ඔහොම තමා....
ReplyDeleteපට්ට බන්...සුපිරියට කියලා තියෙනවා...
ජහමනයටත් ගූ කනව ඇරෙන්න වෙන මොකක් කියල කරන්නද බන්.....
Deleteමේ වගේ රටක ලියවෙන්න ඕන මේ වගේම කවි තමා.. බල්ලට ගිය රටක මොන සම්භාව්යද?
ReplyDeleteඅඩේ....නොකියා කියලද කොහේද මේක බලු කවියක් කියල.......D
Deleteනිරක්ශයට ටිකක් “උඩින්“. මේ වෙන දේවල්වලට යටට තල්ලු වෙලාද දන්නෑ ඉතිං.
ReplyDeleteමං මේ ලියන්න හැදුවෙ මගේ ඉට්ටයිල් එක කොපි කලාට බලවත් මෙව්ව එක කියලා. මාත්රා ගාන පොඩ්ඩක් බලන්න. වෙන අවුලක් නෑ. දැන් මටත් ගෝලයෙක් ඉන්නවා, යේ...
පරිසාධන මට්ටමට එන ලකුණු පෙනේ. ජය වේවා!!!
උඩින් තියෙන්නේ අපේ රටනෙ බොලොවු.....අපේ රටේ බුද්ධිමත් මහජනය ඔයවගේ ගොන් වැඩ කරයිද බොලවු.
Deleteඋඹේ මෙවුව එකට මගෙත් "මෙවුව" එක.ජය වේවා....!!!!
පෙර රජ දවස වැව් දාගැබ් ගණන් කොට
ReplyDeleteගල් කණු අසළ හපකරමින් බුළත් විට
ඇවිදින විටත් නිදියන දූ පුතුන් ලද
ඒ මගෙ නිජ බිමයි ලෝකෙන් උතුම් රට
කහට කෝප්පේ පොඟවා ගිළින්නට
පාන් කෑල්ලක් යදිනා දනන් හට
ඇස් නැත සිදුව ඇති දේ ගැන දකින්නට
එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට
රැවටී සුවහසක් බොරු කාරයින් හට
පාඩම් ලබා නැත යුග යුග ගනන් සිට
දෑසේ කඳුළු ඉතිරිව නැත හඬන්නට
එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට
උගසට තබා මගෙරට පිට රටුන් හට
ලොව බලවතුන් අභිමුඛයේ දනින් සිට
සිගමන් යදිමු සාගින්දර නිවන්නට
එනමුත් මගෙ රටයි ලෝකෙන් උතුම් රට
----------------------------------------------
ගායනය - නන්දා මාලනි මිය
පද රචනය - සුනිල් ආරියරත්න මහතා
සංගීතය - ඔස්ටින් මුණසිංහ මහතා
නන්දා මාලනි මිය ගිය
Deleteඒ කොහොම උනත් කමක් නෑ. අනාගතයටත් එක්ක මේ කියල තියෙන සිංදු මදෑ.
Deleteඒ කාලෙත් මෙහෙම තමයි මනෝ.
Deleteවෙනස දැන් කරන රැවටීම වෙනුවට එදා තර්ජනය
මිනිස්සු අවංකවම හිතුව තමන් රජාගෙයි රදලයගෙයි වහල්ලු කියල
මේ අතීතකාමය නිසයි අපට සටන් වසන්තයක් තිබුනෙ නැත්තෙ
ප්රංශයෙ වගෙ වොෂ් කරල ඇරිය නම් හරි
එල ද බ්රා..
ReplyDeleteඋන් හිතන්නේ අපි හරක් කියලා
මොන මගුලකලත් උන්ව දිනවන අපි හරක් නැතුව වෙන මොක්කුද බන්......
Deleteඑළද බ්රා......
බ්රෑන්ඩ් එක...."රතු පාට ඕන එකක්".
ගහමු ගල් බෝතලයක්
Deleteවැල යන අතටයි මැස්ස හදන්නේ
ReplyDeleteගම යට කරගෙන වැල දිවයන්නේ
ගම රට වැනසුනත් එකයි
අපි හෙට නැතිවුණත් එකයි
අපි බැලුවේ එකම එකයි
වැලට මැස්ස හදන එකයි
රළ යන අතටයි ඔරුව පදින්නේ
මකර කට වෙතයි රැල්ල ඇදෙන්නේ
මකර කටට ගියත් එකයි
අපි හෙට නැතිවුණත් එකයි
අපි බැලුවේ එකම එකයි
ඇදෙන අතට පදින එකයි
පිටරට වෙතමයි ගත සිත යන්නේ
දෙස බස රැස කොතැනද නවතින්නේ
දෙස බස නැතිවුණත් එකයි
රට දැය වැනසුනත් එකයි
අපි බැලුවේ එකම එකයි
වාසි පිලට ඇදෙන එකයි
ගායනය - ආනන්ද පෙරේරා, සිහ ශක්ති
උඹටයි මනෝශ්ටයි කියන්න සින්දු 2ක් මතක් වෙන්නේ නෑ බන්.මතක් වුන ගමන් දාන්නම් හිටු කියල......
Delete\\නිරක්ශයට ටිකක් යටින්\\ දැන් බැහැලද බන් අනිත් හැම පැත්තෙන්ම වගේ.. ඉස්සර නම් ටිකක් උඩින් තිබ්බේ..
ReplyDeleteපට්ට ඉට්ටැයිල් කවි ටික.. මධාවියට ඉරිසියා හිතෙන්න ලියල තියෙනවා.. මේ ගූ කන බල්ලෝ ගැන මීටත් වඩා ලස්සනට ලියන්නෙ කොහොමද.. මුන් ටික මේක දැක්කොත් විළිසංගෙ නැතුව ගෙනියල ඉස්ටේජ් එකකදි හරි කියන්නත් ඉඩ තියෙනවා.. හැක් හැක්..
උඩ යට කේස් එකට මදාවිගෙ කමෙන්ට් එක බලපන් කමිය......
Delete// මුන් ටික මේක දැක්කොත් විළිසංගෙ නැතුව ගෙනියල ඉස්ටේජ් එකකදි හරි කියන්නත් ඉඩ තියෙනවා..//
අයියෝ...මගේ නිදහස් නිවහල් 'චින්තනේ'........D
අම්මට සිරි ඇත්තනේ.. උඩින් තියෙන්නේ අපේ සිරි ලංකාවනේ.. බැලින්නම් මගේ තමයි බැහැල තියෙන්නේ දණිස් දෙක ගාවටම හැක් හැක්..
Deleteතිත්ත ඇත්ත ඕක තමා ඉතින් ... නියෙමට ලියලා තියෙනවා සහෝ .....
ReplyDeleteඅගය කිරීමට බොහොම ස්තූතියි සහෝ......
Deleteනියම කවි පෙළක්. ඔහොම යං.
ReplyDeleteඔහොම කියන කොට නොයා ඉන්නේ කොහොමද?
Deleteලංකානිව්ස්වෙබ් එකේ මේකත් ඊට පසු දාපු ලිපි දෙකත් යැව්වා.
Deleteඅඩෝ කටුස්සෝ බල්ලෝ පව් බං..උන්ට අපහාස කරන්න එපා මුන්ව බල්ලන්ට සමාන කරලා..:(
ReplyDeleteතරුවගේ බලු ලවු එකට සිදුවූ මෙවුව එක ගැන මාගේ බලවත් කණගාටුව.....!
Deleteහදනවත් වෙලාවේ මේවගේ බල්ලෙක් හදාගත්තොත් මොකෝ?කෝටි 10-15 එකෙක්........
කසුට්ටා නැට්ට හපාගෙන මැරෙන්න හිතෙනවා මචං.......................
ReplyDeleteමේ ටිකත් ඉදල 8 වෙනිදයින් පස්සෙම මැරෙමු නැට්ට කපාගනම.....
Deleteඅට වෙනිදායින් පස්සේ දෙන්නම් බැටේ
ReplyDeleteපට්ට කවි සෙට් එක මචන්. මොනව උනත් ඇත්ත කතාව.ජය වේවා!!!
ReplyDeleteපක්ෂ මාරු කරන මන්ත්රීලාගේ මන්ත්රීකම අහෝසිවන බවට පක්ෂ ව්යවස්තාව සකසා ගත්තානම් මේ ඒ ඒ පක්ෂවලටත්, ඊට ඡන්දය දුන් ඡන්දදායකයින්ටත් සාධාරණයක් සිදුවේවි.
ReplyDeleteඡන්ද දායකයො මෝඩ තකතිරුවන් වගේ රැවටෙන එක හින්දයි මේ සේරම. "වැඩිදෙනා මෝඩයන් නිසා වැඩිදෙනාගේ කැමැත්ත කියන්නේ මෝඩයන්ගේ කැමැත්ත" කියල මම නෙමෙයි වෙන කවුදෝ කියල තියනවා.ඒ හින්ද පොරජාතන්තරවාදෙට විරුද්ද වුනා කියල මා එක්ක ඇරගන්න එකෙන් වැඩක් නෑ.
Deleteබොහොම වටිනා ප්රබන්ධයක්
ReplyDelete