Sunday, November 16, 2014

බස් රථයක් පිරිමි ඇසින්

රාජකාරී කටයුතු ඉවරකරල ගෙදර දුවන්න ලෑස්තිවෙලා එලියට බහින වෙලාවෙදි හයියෙන් වැස්සොත්.....හම්මෝ දැනෙන සතුට.මේ ලිපිය කියවන ඔබ නිවසට යාමට පොදු ප්‍රවාහන සේවයක් යොදාගන්නා අයෙකුනම්,ඒ සතුට දෙගුන වෙලා දැනෙනව ඇති ඔබටත්...ඇත්ත,හවස 4 සිට 6.30 දක්වා පායන වෙලාවට බස් එකකට ගොඩවෙන්න කරන සටනට අමතරව ඒ  වෙලාවට වැස්සොත් විදින දුක හතුරෙක්ටවත් ලැබෙන්න එපා කියල කියන කෙනෙක් වෙන්න පුළුවන් ඔබත්.පාපුවරුව තෙමෙන නිසා එකේ යන 10-15 ත් ඇතුලට රින්ග ගත්තහම හැකරැල්ලෙකුට රින්ගන්න බැරි ඉඩක හිකනලෙක් රින්ගනව වගේ තමයි.ඒ අස්සේ උදේ ඉදන් මහන්සියට වැටුන දාඩියට වතුර වැටුනහම එකතුවෙන ආත්මගත ජීවන සුවඳ....රෝස මල් කැලේක තනිවුනා වගේ හැඟීමක් තමයි හිතට ගෙනත් දෙන්නෙ.මේ ඔක්කොම ඉවසගන ගෙදර එන අතරමග තවත් හිතවත් යාළුවෙක් නිතරම අපිට දකින්න ලැබෙනව.කාන්තා පාර්ශවේ එක්ක තමයි එයා ගොඩක් හිතවත්.


මාර්ග අන්ක 170,අතුරුගිරිය-පිටකොටුව බස් රථය,මහ වරුසාවෙ හවස 5.45ට විතර බත්තරමුල්ල ප්‍රදේශය පහු කරනව.කාර්යයාලයක වැඩ නොකලත් පූරුවෙ පිණකට මමත් ඒ බස් රථයේ මගියෙක් එදා,අර ඉහල සදහන් කරපු සියළුම අත්දැකීම් අත්ව්ඳින.ඇගේ ප්‍රමාණෙ නිසා කොන්දොස්තර සහෝ මාව ඉස්සරහට යවන්නෙ නෑ.තව දෙන්නෙක් දාන්න පුළුවන්නෙ ඌට එතකොට.මමත් ඉතින් පෙම්මුල්ලට ආසන්නව පොල්ල අල්ලන් ඉන්නව,බස් එකේ.මට වඩා අසුන් 3-4 විතර රියදුරු අසුන දෙසට වෙන්න යාබද අසුන් දෙකක ඇදි අල්ලාගන ඉන්න ගැහනු ළමයෙක් බොහොම අපහසුවෙන් වගේ හැසිරෙනව.වෙලාවකට එහෙට මෙහෙට වෙමින්,නළල රැලි ගන්වමින් හා වෙනත් ඉරියවු වලින් යම් අපහසුතාවක් පිළිබදව ඇය වට පිට සිටින්නන්ට දැනගන්නට සැලස්සුව.ඇයට පිටුපසින් අවුරුදු 40 පමණ අයෙක් මැද පොල්ල අල්ලගන අනිත් අත නිදහසේ බිමට එල්ලගන ඇයව තෙරපනව.හ්ම්ම්....හිතුව හරි ඔයා....ජැක්සන් කෙනෙක්....ජැක්සන්ගෙන් එහාටත් ගිය වනචරයෙක්.

ඇය කිහිප විටක් හැරී ඔහු දෙස රවා බැළුවද ඔහු මුකුත් නොදන්න ශාන්තුවරයෙක් වගේ පාඩුවේ තමන්ගේ වැඩි කරගන යනව.ඇය ඉන්න තැනින් වෙන තැනකට යන්න උත්සහ කරත් ඉන්න සෙනග කන්දරාව ඒකට ඉඩක් දුන්නෙ නෑ.තලාහේන ප්‍රදේශයේදී අතක් නිදහස් කරගත් ඇය ඒ අතින් එම පුද්ගලයාගේ කම්මුල අතගෑව,වේගයෙන්.ඒත් එක්කම මොනවදෝ වේගයෙන් කියන්න ඇය උත්සහ ගත්තත් ඇයගේ වචන පැටලී කතාකරගන්න බැරුව ඇය ඉකිබිඳින්න පටන්ගත්තා.අසල අසුනේ සිටි අයකු තම අසුන ඇයට දුන් හෙයින් එහි ඉඳගත් ඇය ඉකිබිඳිමින්ම ඉදිරිපස අසුනට නැඹුරුවුනා.


ඒ මම විස්තර කලේ මම දැකපු දෙයක් වුනත්,ඔබ දිනපතා බස් රියෙන් ගමන් ගන්නෙකුනම් මේ හා සමාන සිද්ධීන් ඔබත් දැකල ඇති.සමහරවිට සතිපතා හෝ දිනපතා වෙන්නත් ඇති.මෙය කියවන ඔබ කාන්තාවක්නම් සමහරවිට මෙවනි අත්දැකීම් ඔබත් විඳල ඇති.මම මේ ලිපිය ලියන්නේ ඉහත කතානායිකාවගේ මුවින් පිටනොවී සිතේ සිරවූ බොහෝ හැගීම් හෝ එයට සමානයැයි මවිසින් උපකල්පණය කල වචන සමාජයට දිගහැරීමටය.ඒ සිදුවීම එතකින් නිමාවුනත් ඒ බස් රථයක් තුල සිදුවුන පළමු හෝ අවසාන ස්ත්‍රී හින්සනය නෙමෙයි.තවමත් එය එදා වගේම;නැත්නම් ඊටත් වඩා දරුණුව සිදුවෙනව.තිත්ත ඇත්තනම් ඔබ මේ ලිපිය කියවන තප්පරයේ පවා දහසක් ස්ත්‍රීන් බස් රථ තුල මේ තිරිසන් හින්සනයට මුහුණ දෙන බවයි.


මේ කාරණවේදී,මෙම අධම හින්සනයට ලක්වෙන්නේ තරුණ කාන්තාවන් විතරයි යැයි ඔබ හිතනවානම්;ඒ ඔබ මවාගන්නා වැරදි චිත්‍රයක්.පසුගිය දිනක බස් රථයක් තුල තම ඔඩොක්කුවේ වාඩිවී සිටි අවුරුදු 9ක කුඩා දැරියකට ලින්ගික පීඩා කිරීමට උත්සහගත් අවුරුදු 70ක 'තරුණ මහත්මයෙක්' අත් අඩන්ගුවට ගත් බවට වූ පුවත්පත් වාර්තාව මේ සදහා වන හොඳම උදාහරනයයි.අවුරුදු 9ක පොඩි එකෙකුට එහෙම වෙනවනම් 18-20 තරුණියන් ගැන කතාකල යුතුද?ඊටත් වඩා දරුණුම කරුණ වන්නේ ඒ ක්‍රියාව සිදුකල 'මහත්මයාගේ' වයස අවුරුදු 70 වීමයි.හින්සනයට ලක්වන්නන්ගේ මෙන්ම ලක්කරන්ගේද වයස් මට්ටමට සීමාවක් නැති බව ඔබට පැහැදිලි ඇති.අවැසි වන්නේ ස්ත්‍රී භාවය පමණක්මදැයි සැක සිතෙන තරමට හින්සනයට ලක්වෙන ස්ත්‍රී වයස් පරාසය පුළුල් අගයක් දක්වා විහිදෙනවා.

සෙනග නැතිවෙලාවට ආසනයේ මුල්ලට වී ඉන්න තරුණියන්, බස් රිය තුල සෙනග වැඩිවෙත්ම ආසනයේ කෙළවරට පැමිනෙනු ඔබ ඕන තරම් දැකල ඇති.උසස්පෙල සමයේ මේක මට ලොකු ප්‍රශ්නයක් වුනා.මේ ගැන අහන්න මම තෝරගත්තේ 'එවකට' මගේ පෙම්වතියයි.ඇය දුන් පිළිතුර වුනේ "සීට් එක මුල්ලේ ඉන්න කොට එහා පැත්තට පිරිමි කෙනෙක් ආවොත් බේරිල්ලක් නෑ.ඒ නිසයි අපි සීට් එක කෙළවරට එන්නේ" යි යන්නය.පිරිමින්ගේ එම පිළිකුල් සහගත හිරිකිත ක්‍රියා පිළිබඳ ඇය මා සමග පැවසූ දේවල් නිසා,පිරිමි ආත්මයක් ලැබීම පිළිබඳව මට ඇතිවුනේ ලැජ්ජාවක්.සමහර සිදුවීම් ඇගේ මිතුරියන්ට වූ ඒවායි ඇය මා සමග පවසන්නට ඇත්තේ පෙම්වතා වූවත් මගේ මුහුණ බලාගන කියන්න ලැජ්ජ හිතුන නිසා වෙන්න ඇති.(ඒ කාලෙ තිබුනෙ "අතින්වත් අත නෑල්ලු ආදරයක්" නොවැ ).ඒ කතා වලදි මට වැටහුන දේනම් තරුණියක් බස් රථය තුල ගමන්කිරීමේදී රථයට නැගීමේ සිට රථයෙන් බැසීම තෙක්ම තමන්ගේ ශරීරය බේරා ගැනීමට මහත් වූ සන්ග්‍රාමයක් සිදු කරනා බවය.ජීවන සටනේදී පිරිමින් සමග උරෙනුර ගැටී දහඩිය වගුරන ඇයට බස් රියේදීත් තවත් අමතර සටනක් සිදුකිරීමට සිදුවේනම්:ඊටත් වඩා ඛේදාන්තයක් තවත් තියනවද?


බොහෝ තරුණියන් අතර මගින් රියට ගොඩනොවන සෑම විටම වාඩි වී යාමට හැකි බස් රියක් තෝරාගැනීමට උත්සහ ගන්නව.ඒ හිටගන යාමට නොහැකි නිසා නොව වාඩිවී යාමේදී ඇතිවන හින්සන ක්‍රියා සාපේක්ෂව අඩු මට්ටමක පවතින නිසයි.තවත් කාන්තාවක් සමග එක අසුනෙ ඉදගන යාමට උපරිම උත්සහ ගන්නා ඇය,අසුනේ මුල්ලට නොයාමට මහත් පරිස්‍රමයක් ගන්නව.ඒත් ඒ සියළුම උත්සහ නිශ්ප්‍රභා වන්නේ බසයට සෙනග පිරෙන විටයි.එවිට ඇගේ උරහිසෙහි තමන්ගේ අන්ගජාතය උලන්නට උත්සහ ගන්නන් බස්වල හිඟනෑ.තවත් කාන්තාවක් සමග අසුනේ මුල්ලට වී ගමන් කරනා කාන්තාවකට වූවත් නිදහසේ යාමට ,අසුනත් බසයේ තහඩුවත් අතර ඇති ඉඩෙන් ප්‍රයෝජන ගන්නා වලත්තයන් ඉඩදෙන්නේ නෑ.අසුනේ අනිත් කෙළවර ඉදගන ඉන්නේ පිරිමියෙක්නම් ඇයට විඳීමට සිදුවන හිරිහැර තවත් වැඩියි.මේවගේ අවස්ථාවල මෙම නොමිනිසුන්  තමන්ගේ ඇඟිලි,වැලමිට,උඩු අත්ල,කකුල යන සෑම ශරීරාන්ගකින්ම උපරිම ප්‍රයෝජන ගන්න බලනවා.මීට පස්සේ බසයේ යනවිට බලන්න ඇස් ඇරල තරුණියක් ලඟ ඉදගන අත් දෙක බැඳගන යන ගරු ගාම්බීර මහත්මයකු දෙස;බලන්න ඔහුගේ ඇඟිලි දිහා.දැක්ක නේද කොච්චර හොදට ඒ ඇඟිලි වැඩ කරනවද කියල?.මේ සෑම උත්සහයකින්ම තමන්ගේ සිත සතුටුවන්නේ නැතිනම් තමන්ගේ අවසාන තුරුම්පුව ගහන්න මේ අය දෙපාරක් හිතන්නේ නෑ;"නින්ද".ඉතා ඉක්මනින්ම නින්දට වැටෙනා මොවුන් අනික් පස සිටින ස්ත්‍රියගේ ශරීරයට හේත්තු වී ගමන් කරන්නත්,තරුණිය තදින් වැලමිටෙන් අනින විට "සොරි" යැයි කියමින් එක් වරම අවදි වන්නටත් දක්වන්නේ පුදුම දක්ශකමක්.

බස් රියේ  රාක්කවල කොච්චර ඉඩ තිබුනත් ඒවායින් ප්‍රයෝජනයක් නොගෙන තම පාර්සලය හෝ ෆයිල් කවරය අතේම තබාගන යන නොමිනිසුන් දිහා බැළුවොත් පෙනේවි නුඹලාට,ඒ අයගේ පිට අත්ල කොච්චර කඩිසරද කියල.මේ කතාවේ කනගාටුදායකම තත්වය ඇතිවෙන්නේ බස් රියෙන් බහින වෙලාවෙදි.ඒ අවස්තාවේදී මේ අධමයන් කොහොම හරි කාන්තාවකගේ පිටුපසට වෙනවා.රියෙන් බසින විට ඇතිවන අධික තෙරපුමේදී නොමිනිස්කමේ අන්තයටම යන තිරිසනුන් ඔබලාත් දැකල ඇති.බස් රියෙන්  බහිද්දී මෙවනි අවදානමකට ලක්වන තරුණියක් ස්ත්‍රීන් දෙදෙනෙකුට මැදිවීමට ගන්නා උත්සහය දැක්කොත් උඹලටම ලැජ්ජ හිතේවි.මෙවනි පහත් තෘප්තියක් ලබාගැනීමටම පෙර සුදානමකින් බස් රියකට ගොඩවන්නන් හිඟ නෑ සමාජයේ.මගීන් පිරුණ බස් වල යාමට කැමති,ලැබෙනා අසුනත් වෙන අයකුට දීමට තරම් කාරුණික මොවුන්  වැඩිපුරම යාමට කැමති ඇගළුම් සේවිකාවන්,සිසුවියන් වැඩිපුර යනෙන බස් රථ වලයි.අතරමගින් බැසිය යුතු වූවත් තමන්ට වාසිදායක තත්වයක් රිය තුල නිර්මාණය වී ඇත්නම් රියෙහි ගමනාන්තය තෙක් යාමට මොවුන් දෙවරක් සිතන්නේ නෑ.එසේ යාමේදී නැවත ඒමට බස් රියක් නැත්නම්, කුළී රථයක හෝ ඒමට තරම් මොවුන් නිර්ලෝභියි.

මේක බලන උබත් මේ අධම වැඩේට පෙළඹිල ඇති ජීවිතේ එකපාරක් හරි.හැඟීම් වලට වැට කඩොළු දැමීම මමත් අනුමත කරන දෙයක් නෙමෙයි.හැබැයි වැටකඩොළු බිඳ දැමීමේදී එය සිදුවිය යුත්තේ දෙපාර්ශවේම කැමත්ත ඇතිව මිස එක් පාර්ශවයක අසරණකමින් ප්‍රයෝජන ගැනීමෙන් නෙමෙයි.මේක ඉවර කරන්න ඕන නිසා ඉවර කරන්නම්,ලාවට මතක තියන වේදිකා නළුවක දෙබසකින්.
"මේ ලෝකෙ මරල දාන හැම පිරිමියෙක්ම තමන්ගේ තාත්තා කියල හිතන්න පුළුවන්නම්,මේ ලෝකෙ දූශනය වෙන හැම ගැහැනියෙක්ම තමන්ගේ අම්ම කියල හිතන්න පුළුවන්නම්,කොච්චර ලස්සන වේයිද මේ ලෝකෙ අදට වඩා......."




                                       
                                                කටුස්සා.....



31 comments:

  1. කවුරුත් දන්න නමුත් නොදන්නා ලෙස ඉන්න ප්‍රසිද්ධ රහසක් ගැන මේ වගේ කාලීන ලිපියක් ලියල ගහන්න ඕන හැම තැනටම ගැහුවට කටුස්සො උඹට මගේ උත්තමාචාරය. දිගටම ලියමු. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. කටවහන් ඉන්න එක තමයි ලොකුම හෙනේ....විශේෂයෙන්ම කාන්තාවන්ගෙ.

      Delete
    2. ඒකනම් ඇත්ත. මෙහෙම ගියොත් තව මොනවා වෙලා නතර වෙයිද දන්නේ නෑ. මෙහෙමවත් ඔය දේ ගැන කතා කරන එක ගොඩක් වටිනව.

      Delete
  2. පොන්න සංසර්ගයෝ බං.....වෙන කියන්න වචන නැහැ. මම මේ ගැන තනි තරුවගේ බ්ලොග් එකෙත් කමෙන්ට් එකක් දැම්මා කලකට පෙර.

    ReplyDelete
    Replies
    1. මම ඒක දැක්ක අරූ අයියේ.මම මේක ලියල ටික කලක් වුනත් පබ්ලිශ් කරන්න පරක්කු කලෙත් තරුවගේ ඒ ලිපිය නිසයි.
      ඔයා ඒකෙ කියල තිබුන වගේම මේවා නවත්තන්න ඕන නීති වලින් නෙමෙයි.සමාජ කතිකාවකින් වගේම මිනිස්සුන්ගේ සිතිවිළි වෙනස් කිරීමෙන්.

      Delete
  3. මන්ද මානසික ආතල්
    නැත්තං විකෘති ලිංගික ආසාවන් කියන්නත් පුලුවන්...
    අනේ මංද විකාරයි....
    උඹ ල කෙල්ලන්ට වෙනේව විතරයි දැකල තියෙන්නෙබං කොල්ලන්ට වෙනේව තාම දැකල නෑ...
    ඒ ගැන මං අත්දැකපු දෙයක් ගැන එකපාරක්කොහෙ හරි කමන්ටුවක් දැම්ම ඒත් මට මතක නෑ ඒ මොන බ්ලොගේද කියල...

    ReplyDelete
    Replies
    1. සිරාවට එහෙම ඒවා අත්ව්ඳල නෑ මචෝ....එහෙම කාව හරි සෙට්වුනොත් මටත් කියපන්.දෙපාර්ශවේම කැමත්ත ඇතිව වැටකඬොළු බිඳල දාන්න බැරියැයි......

      Delete
  4. සිරා කතාව බන්!! ඔය අංශෙට වැඩිපුර ඉන්නේ අංකල්ලා තමයි....ඒ අතින් බැලුව ම කොල්ලෝ හොදයි!!....


    ReplyDelete
    Replies
    1. සිරාවට...දැන් එවුන්ට කාගේහරි ඇගේ ඕක උලනවට වඩා ආතල් ගන්න ක්‍රම තියනව.කරන්න ඕන වයසට කරන්න ඕන දේවල් නොකර දැන් වේලෙන නාකි ඩයල් තමයි මේ වැඩේ 1ට ඉන්නෙ

      Delete
  5. ඔය වීරකාන්තා වගේ අය ටිකක් හිටියනං ඇති..

    ReplyDelete
    Replies
    1. ඒ මොකටද?බස් එක ඇතුලෙ නාන්නද?

      Delete
  6. හැම පිරිමියෙක්ටම කියවන්න වටින ලිපියක් කටුස්සා.. මේක දැන් පිළිකාවක් වගේ ඔඩුදුවල තියෙන්නෙ. සමහර වෙලාවට තාත්තයි, පුතයි එකට ඉඳගෙන, හිටගෙන යන ගෑණු ළමයෙක්ගෙ අතින් අල්ල අල්ල විහිළු කරනවා. ඒ තරම් පහත් තත්වෙට වැටිල මිනිස්සු. ඔහොම වෙලාවට බස් එකේ කොයිතරම් සෙනග හිටියත් ගෑණු ළමයගෙ උදව්වට කෙනෙක් ඉදිරිපත් වෙන්නෙත් බොහොම කලාතුරකින්.

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන්නෙ නැතුව කිසි දෙයක් කරන්න බෑ අශාන්.මිනිස්සුන්ගේ ආත්මාර්ථකාමි කමනම් ඉස්සරට වඩා ගොඩක් වැඩ්යි තමා.ඒත් මේ යන ජීවන තරඟයත් එක්ක වැරද්ද තියෙන්නෙ මිනිස්සුන්ගෙමද?

      Delete
    2. එකඟයි. මේක සම්පූර්ණයෙන්ම නවත්තන්න නම් සමාජ ක්‍රමය, අධ්‍යාපන ක්‍රමය, ආකල්ප මේ හැමදේම මුල ඉඳලම වෙනස් කරන්න වෙනවා. ඒක ලේසි වැඩක් නෙමෙයි.

      Delete
  7. ඕකනම් මහ කරුමයක් මචං. මේ රටේ ඉන්න තරුණියන් සියලු දෙනා ජීවිතේ එක්වරක් හෝ මෙවන් අත්දැකීමකට අනිවාරෙන් මුහුණ දීල ඇති.

    පාසල් සමයෙන් පසුව බස් එකේ ගමන් බොහොම අඩු නිසා මට එවන් දේවල් වැඩිය ඇස ගැටී නෑ. කොහොම උනත් කවිකාරි අදටත් බස් එකක යනවනම් තෝරල තෝරල වාඩිවෙන්නෙ ගෑනු කෙනෙක් ඉන්න සීට් එකක. සම්පුර්‍රණයෙන් හිස් අසුනක් තිබ්බොත් ඒකෙ වාඩිවෙලා, තව කෙනෙක් ඒ අසුනෙ ඉන්න විදියට බෑග් එක තියල තියනවා, කාන්තාවක් ආවම ඉඩ දෙනවා.

    හැදෙනවනම් අපේ රටේ හදාගන්න ඕනි දේවල්නම් කොච්චරක්ද.

    ReplyDelete
    Replies
    1. මනුස්සයෙක්ට තවත් මනුස්සයෙක් එක්ක විශ්වාසයෙන් බස් සීට් එකේ එකට වාඩිවෙලා යන්න බැරිනම්,ඒ සමාජටයේ මිනිස් සම්බන්දතා ගැන කතාකරන්නවත් පුළුවන්ද මනෝශ්.....ඇත්තටම මේක මහ කරුමයක්

      Delete
  8. මානසික අසහනකාරයො
    දැන් ඔය වැඩේ වැඩියෙන්ම වෙන්නෙ කොල්ලොන්ගෙ අතින් නෙවෙයි හැටත් පැනපු සීයල අංකල්ල අතින්..

    ReplyDelete
    Replies
    1. අන්කල්ල වුනත් වැඩ පුළුවන් කියල පෙන්නන්න හදනවද දන්නෙ නෑනෙ......D

      Delete
  9. කටුස්සා මේ මාතෘකාව ගැන කතා කිරීම වෙනුවෙන් උඹට මගේ ප්‍රණාමය! මොකද කෙල්ලෙක් විදියට මේවා ලිවුවමත් බොහෝවිට ලැබෙන්නෙ නෙගටිව් ප්‍රතිචාරමයි. මෙහෙම කතා කරන්න පුලුවන් විදියෙ පිරිමිත් තවම ඉතුරුවෙලා ඉන්න එක සතුටක්. මොකද බස්වලත් වැඩිපුරම ඉන්නෙ හිංසාවක් වෙනව දැකදැකත් නොදැක්කා වගේ ඉන්න පොන්නයො.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඒ නිහඬ කමනම් ප්‍රශ්නයක් තමයි බස්සියො.ඒත් පීඩාවට පත්වෙන කෙනා නිශ්ෂබ්දව ඉන්න කොට තව කෙනෙක් මේකට අත දායිද?එහෙම හොට දාන්න ගිහින් පීඩකය එක්ක රණ්ඩු වෙනකොට පීඩාවට පත්වුන කෙනා මුකුත් නොදන්නව වගේ ඉන්න අවස්තාත් නැතිව නෙමෙයිනෙ.ඒ නිසයි මේකට මිනිස්සු අතරින්ම මතුවෙන්න ඕන හැඟීමක් ඕන කරන්නේ. //මේවා සම්බන්ධව සිවිල් සංවිධාන තුලින් යම් සාකච්ඡාවක් ගොඩ නගා යම් සමාජ මතයක් ගොඩ නැගිය යුතුයි. ඉස්සර බස්වල, කෝච්චිවල සිගරට් බිව්වා. මිනිස්සු තුලින්ම මතයක් ගොඩනැගුනා. මිනිස්සු ඒ නිසා විමසිලිමත් වුනා. සිගරට් බොන අය පවා වැලකී සිටියා. එහෙම වුනේ කාලයත් එක්ක. ජැක් ගැසීම තහනම් කියලා නීතියක් ගේන්න බැහැ, නමුත් මා කියනා පරිදි සමාජ කතිකාවක් ප්‍රසිද්ධ වේදිකාව තුලට ආවොත්, ඒ තුලින් තෙරපුමක් සහ ස්වයං විනයක් ඇතිවේවී. මෙවැනිදේ කලයුතු වන්නේ ස්වයං විනයක් ගොඩ නැගීමෙන් පමනයි. ඒ සඳහා බරපතල සමාජ කතිකාවක් ඇති විය යුතුයි//

      //ඒක පුද්ගල විරෝධතා අපි වගේ රටවල වටිනාකමක් නැහැ. මොකද මිනිස් අයිතිවාසිකම් නොසලකා හරින සමාජයන් තමයි අපි වගේ රටවල තියෙන්නේ. ඒ නිසාම තමයි එක වෘත්තියක් සඳහා එක් වෘත්තිය සමිතියක් යන සංකල්පය වඩාත් වැදගත්වෙන්නේ, ඒක ටිකක් දේශපාලනික කාරනයක්. මෙතනට අදාලයි. නමුත් කතා කරයිද දන්නේ නැහැ කවුරුවත්. ඒක අමතක කරන්න. මම උදාහරනයකට කිව්වේ. ඒකත් හරියට කට්ටියක් ජැක් ගහනවාට විරුද්ධ වෙනකොට, තව ගෑණු කට්ටියක් , නෑ අපි ඒකට කැමතියි කියනවා වගේ වෙයි. මතකනේ ලයිට් බිල් අඩුකරන්න කියලා තිබ්බ විරෝධතා වලදි කටු කන කට්ටිය කරපු දේ.//
      තරූගේ අඩවියේ "බස් ගමන" නමැති සටහනට "අරූගේ අඩවියේ" අරූ විසින් ලියන ලද කමෙන්ටුවකි.

      තරුවෝ.......අරූ අයියේ.......අවසර නැතුව අරගත්තෝ.......තොපිට කතෲ භාගේ ඕනෙමනම් කියපියෝ.....

      Delete
  10. //‍එවිට ඇගේ උරහිසෙහි තමන්ගේ අන්ගජාතය උලන්නට උත්සහ ගන්නන් බස්වල හිඟනෑ//

    "මේ ලෝකෙ මරල දාන හැම පිරිමියෙක්ම තමන්ගේ තාත්තා කියල හිතන්න පුළුවන්නම්,මේ ලෝකෙ දූශනය වෙන හැම ගැහැනියෙක්ම තමන්ගේ අම්ම කියල හිතන්න පුළුවන්නම්,කොච්චර ලස්සන වේයිද මේ ලෝකෙ අදට වඩා......."

    පට්ට කතා දෙක කසුට්ටා.........................

    හැම පිරිමියාමයි හැම කාන්තාවමයි කාමාශාව කියන ඒකෙන් තමයි ජීවත් වෙන්නේ... ඒ්ක ජීවය පවත්වා ගැනීමට මිනිසා තුළ අැති ස්වාභාවික අවශ්‍යතාවයක්.. ඒ්ත් බුද්ධිමත් කම නැතිනම් සදාචාරය විසින් කරන්නේ මේ අවශ්‍යතාවය පිළිවෙලකට කරගන්න ඉඩ හදලා දෙන ඒකයි... ඒත් ඔබ කියන ඒක අැත්ත බස් ඒකකට නැග්ගා ම මේ සදාචාරයවත් බුද්ධිමත් කමවත් බින්දුවක්වත් ගෑවිලා නැති හරක් නිතර ම දැකතඅැහැකි..................

    ලියැවිල්ල නියමයි.... කාන්තා විමුක්තිය කියලා කට්ටිය බනියි. ගණං ගන්න ඒපා..............ලිපිය නියමයි

    ReplyDelete
  11. මිනිස්සු සත්තුන්ගෙන් වෙනස් වෙන්නෙත් මේ කාරනාව නිසයි මචෝ.අපේ ලින්ගික ආශාවන් වර්ගයා බෝකිරීමට පමණක් සීමාවෙලා නෑනේ.කාමාශාව වැඩිකරගන්න,සන්සිදුවා ගන්න අපිට ඕන තරම් විදි තිබුනත් අපිට ඒ ක්‍රම හැම තැනදිම,හැම වෙලාවෙදිම පාවිච්චි කරන්න බෑ කියන එක තේරුම්ගන්න ඕන.'පෝර්න්' සයිට් එකක 'බස්' කියන කැටගරියේ තියන වීඩියෝ බලල ඒ ක්‍රම ප්‍රායෝගිකව සිදුකරන්න ගියොත් වෙන්නේ මොකද්ද කියල මම උඹට අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.ඒ නිසා මෙතනදි වැදගත් එකම දේ ස්වයන් විනයයි.

    ReplyDelete
  12. කසුට්ටෝ.. මේකෙ පොඩි සයිකොලොජි පැත්තකුයි පර්සැනල්ටි පැත්තකුයි දෙකක් තියෙනව මචන්.. තව විදියකින් කියනවනම් මේක රෝගයක්.. මට හිතෙන විදියට 99% කට වඩා පිරිමින්ට මොනයම්ම හරි මට්ටමකින් මේ ගතිය තියෙනවා.. ගොඩාක් උන් (මාත් ඇතුලුව ) කන්ට්‍රොල් කරගන්නව.. (පහු කාලිනව.. ඉස්කෝලෙ ගිය කාලෙනම් නෙවෙයි..හැක් හැක්..) අපේ ලංකාවේ තියෙන පුරුෂ මූලික සමාජය නිසා කානතාවන්ට මේ තත්වයට බිලිවෙන්ට වීමත් එකක්.. හිතපන්කො කෙල්ලො හරි ගෑනු ගොඩාක් ඉන්න බස් එකකට පිරිමි එකෙක් දෙන්නෙක් නැග්ග කියල.. තත්වෙ වෙනස්..
    කලාතුරකින් දැන් බස් එකක යන නිසාත්, හිර වෙලා යන්ඩ වෙන ගමන් නම් කොහොමත් යන්නෙ නැති නිසාත්, බස් එකට නැගපු ගමන් නින්දට වැටෙන නිසාත් මගේ ඔබ්සර්වේශන් ගැන විශ්වාස කරන්ඩ නම් බෑ.. ඒත් මට හිතෙන්නෙ සාපේක්ශව මේ දේවල් දැන් බොහෝ දුරට අඩුයි කියල..මොකද ගැහැණු (කෙල්ලො විශේෂයෙන්) දැන් බය අඩුයි මේව ගැන ප්‍රසිද්ධියේ උනත් විරෝධය පල කරන්න.. වටින ලිපියක්.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. ඇත්ත,ගොඩක් තරුණියො මේ වැඩේ ඉවසගන ඉන්නේ නෑ අද.ඒක හොඳ ප්‍රවනතාවයක්.අපි හැමෝටම හැඟීම් තියනව.අපි ඒව පාලනය කරගන්නව ගොඩක් වෙලාවට.ඒත් ඒවා පාලනය කරගන්න බැරි වුනහම වටේ ඉන්න අය ඒකට පළිනෑ.මම ඒකයි කියන්න හදන්නෙ.ස්වයන් විනය.ඒකයි තියන එකම බෙහෙත.
      උතර දෙන්න පරක්කු උනාට සමාවෙයන්,මේ දවස්වල මෙහාට වැස්ස නිසා වැඩපොඩ්ඩක් අබ්ලික් ගහල.ඒවගේ වැඩවලට දුවනව වෙලාවක් කලාවක්නැතුව.

      Delete
  13. ඕවා ඇවිත් මානසික ප්‍රශ්ණ බං..බෙහෙත් ගන්න ඕන එවුන් මේ වගේ හැසිරෙන එකයි අවුල..

    ReplyDelete
    Replies
    1. උන් බෙහෙත් ගන්නෙත් නෑ.සමාජයෙන් බෙහෙත් දෙන්නෙත් නෑ

      Delete
  14. කොල්ලන්ව අතවරයට පත් කරන ඇන්ටිලාත් ඉන්නවා කිව්වම ආයෙ ඉතින්.. කොල්ලො කෑ ගහන්න යන්නෑ දෙන දේ අරන් යනවා ගොඩක් වෙලාවට.
    දවසක් ඔහොම කෙල්ලෙක්ට ජැකක් ගහන එකට ගේම ඉල්ලන්න ගිහින් කෙල්ල ගත්තෙ ජැකාගෙ පැත්ත.මට බස් එකෙන් පැනල මැරෙන්න හිතුනා.හොඳ වෙලාවට ඇන්ටි කෙනෙක් කෙල්ලට කිව්වා හොදි ගලන්නම..

    ReplyDelete
  15. ඒක නම් ලියපු අතේ රත්තරං බ්‍රෙස්ලට් එකක් දාන්න ඕන කතාවක්.ඕකට විරුද්ධව මොනවා හරි කිවුවොත් ජැකා කියන්නේ සැපට යන්න නම් කාර් එකක් ගන්න කියලා.කාර් ගන්න සල්ලි තියනම් බස් වල යනවයැ.ඔය වගේ කතාවක් අහපුවහම හිතෙන්නේ කණ රත් වෙන්න එකක් දෙන්න.නැත්තං බස් එකෙන් පල්ලට පැනලා දිවි නසා ගන්න.ඒ දෙකෙන් කොයික වුනත් අනිත් මිනිස්සු ඇහැ කටේ දාගෙන ඉලා ඉඳීවි.දැන්නම් වීඩියෝ කරලා publish කරාවි

    ReplyDelete
  16. ඇත්ත කතාව මසුරං දාන්න වටිනව කටේ

    ReplyDelete