Wednesday, April 1, 2015
සගවා ගනු මැන....
තුන් තිස් පැය ගිනිගෙන දැවෙනා
නොසිදෙන උල්පත් දිය ගලනා
ඔය නෙතු නිවනට අංජන වෙනුවට
අයිලයිනර් අයිෂැඩෝ සාත්තුව
පින්සලකින් නෙතු මත ඇදෙනා
සමකරනට නෙතු රත් සියපතකට
නොසිතෙයි මා සිත මුග්ධය නැගෙනිය
දඩබලු රෑණට හසුවී ඉදිමුණ
නුඹේ දෙතොල් රත් පැහැයට හරවන
ලිප්ස්ටික් කූරෙන් ඇදෙනා සායම
මත නුඹ අඳිනා දිවියෙහි සිත්තම
සැලෙනා නා දළු හා සම කරනා
කතාවේ තේරුම සොයනා මගෙ සිත
අවිචාරයි අද සමාවියන් මට
නොදැමුන දෙ අතට සිරවී පොඩිවන
නුඹෙ පියවුරුවල දැනෙනා රිදුමද
ලැමට යටින් ඇති ලයෙහී රිදුමද
සමවන්නේ තිසරුන් හට පිහිනන
නොදෙනෙයි සිතුමට වනචර මා සිත
නිරුවත් මස්පර්වත බර උසුලන
දිනකට සියවර තැල්මට ලක්වන
දරු බර දැරුමට හැඩවුන උකුලද
නිරාවරණ වුන මලවිකරලියද
මල් රොන් පිරි රියසක බඳු දෙයකට
උපමා කෙරුමට ඉඩ නොදෙනා සිත
සමාවියන් මට පාපිශ්ඨයි එය
නොමැතිව හැඟුමන් පෙන්වා ඇති බව
ඈත බලාගන නිදියන විට යට
ගන්නා මුදලින් රකිනා දරු කැල
දකිනා මගෙ සිත මව යන පදයට
උපමා සොයනව විනිවිද නුඹෙ රුව
සමාවියන් මට නිරුත්තරයි සිත
කටුස්සා...
විශේෂ ස්තූතිය- "ලස්සන" සිංහළ වචන මට කියල දුන්න "කමියා"ට.
Sunday, March 29, 2015
සුදු කලු සහ අළු....
අන්ඃතයට පාවිගිය සිහින ලොවක නුඹ සතුටින්
හීන අහුරු තුරුළුකරන් ආ හැටි මා සමග සෙමින්
පියවි සිහිය අහිමි රැයක සිහිනය බිම වැටුන සොවින්
දැනෙනවාද පාළුව අද මා නැති විට සිහින තුලින්
හමනා සුළඟට මුසුවුනු අපේ පැතුම් සුවඳ මැදින්
දකිනවාද නුඹ මා රුව බොඳවුන සිතුවමක් ලෙසින්
ජීවිතයම පුදකරනට ඔබ ගිවිසපු වචන රැසින්
නටඹුන් වූ රුව දුටුවද නුඹ තැනු මාළිගා දොරින්
වෙනස උරුම ලොව පාමුළ නොවෙනස් වෙනසම මවමින්
කියාදුන්න පාඩම අද අකුරු කරමි සෙනෙහෙ සිතින්
ආදරයක නියම පැහැය සුදු කලු නොව අළු කියමින්
කියාදීල මට නුඹ අද හිනහෙනවද වියරු වෙසින්
කටුස්සා....
Wednesday, March 25, 2015
අප්පච්චී,මාමලා,බාප්පලා සහ දරුවෝ....
අප්පච්චී භාගෙට මළ දුක කිවුවහම
බලා සිනාසෙන උන් ටික දිහා බැළුවම
ඇඟේ මාලු ගඟේ නටන රඟ දුටුවහම
කුමක් කරම් මං අද මගෙ අප්ප නැතුවම
අප්පච්චිගෙ මිනිය තියන් අපි ඇඬුවහම
බාප්පලා මරණයෙ වැඩ කරගැහුවහම
අපේ උන්ගේ හිතේ දුකට උන්ට බැන්නම
උන් ගියෙ නෑ බාර ගත්තා මිනිය කරටම
අප්පච්චිගෙ ළමයි වෙච්ච අපිටත් නැති දුක
උන්ට දැනෙන්නේ කොහොමද කතා උනා රට
එදා වේල හම්බකරන් කාපු එවුන් කොට
උන් කොහොමද දාලා යන්නෙ බූරු පිටියෙ රස
බූරු පිටිය බාර ගත්තේ ගමේ උපාසක
උපාසකට පිටිපස්සෙන් ලොකු මාමල රැල
පුල්ලි තියපු කොලත් එක්ක සෙල්ලම් කරනට
උන්ට නොහැක අප්පච්චිනෙ දන්නේ පිටියෙ රඟ
නොහැකිව නිසි පළපුරුද්ද බූරු ගහන්නට
චන්ඩි උනේ බූරු පිටියේ බාප්පලා ටික
කටින් නොහැක බූරු පිටියෙ ලොක්කන් වීමට
මාමල රැල පච වෙනවනෙ බාප්පලා මැද
පෙරුම්පුරල අතට ගත්ත කුට්ටම දෙන්නට
මාමල ටික කොහොමටවත් කැමති වුනේ නැත
අප්පගෙ රස කෑම නැතිව තනිවුන පවුලට
කොක්ක ගැහුව හීන් සැරේ ලොකු මාමල ටික
ෆ්‍රයිඩ් රයිස් කාපු අපිට රතු බත් හුරු නැත
දිව හුරු රස කෑම එක්ක අපිට ඕනේ දත
බාප්පලට නොහැක දෙන්න උන්ලඟ නෑ අත
මාමලාට එකතු වෙන්න යමු මල්ලියෙ හෙට
බාප්පලා කෑ ගසාවි උන්ව ඕනෙ නැත
කෑ ගසනා සැරට උන්ගෙ ලබ්බ බහියි යට
ඒ වගේද මාමලාගේ ෆ්‍රයිඩ් රයිස් රස
මාමලාට එකතු වෙලා තෝන් ගනිමු හෙට
අප්පච්චිගෙ මිනිය ඔහොම තියන් ඉඳිමු අප
මිනිය තියනකන් පිටියත් දුවයි සැරට වට
බාප්පලත් වටේ ඉදන් කෑමොර දුන්නට
හිතන්නෙපා උන් ගැන උඹ උන් කොහි යන්නද
පොඩි උන් ටික ගැන නොහිතා රසකර කෑවට
ඒ තරහට උන් ටික දැන් බාප්පලට ලව
බියනොමවන් මල්ලියේ උඹ උන් කෑගහුවට
පාත්වුනේ කවදද කදු බල්ලෝ බිරුවට
මතු සම්බන්දයි
කටුස්සා....
Tuesday, March 24, 2015
REVOLUTION 2020
වාරාණසි නුවර
දැල්වේවී පහන් දහස් දස දහස් ගනන්
හෙටත් අනිද්දාත්
ඒත් ඒ පහන් පරදීවී
එළියට උඹේ හදවතේ
ගෝපාල් මිශ්‍රා....
රතු රිබන් පටිය පැළඳ ආ
5-C පන්තියේ
ආරතී ප්‍රතාප්
වෙනස්කලේ නෑ උඹේ ජීවිතේ
වෙනස්කලේ උඹමයි
උඹේ හිත ඇතුලේ හිටපු
ප්‍රේමයේ දේව දූතයමයි
ගෝපාල් මිශ්‍රා....
මුදලාළි කෙනෙක් විකුණන අනාගතය
උඹ වගේම අරමුණක් නැති තව අයට
ෂුක්ලා ජී ගේ සුරතලා....
තව නම් ගොඩක් කියාවි උඹට
ඒත් ඒ එකෙක්වත්
දකින්නේ නැතිවේවි
මිත්‍රත්වයේ,ආදරයේ,හෘද සාක්ෂියේ දේව දූතයා
උඹේ හිත ඇතුලේ උන්....
රාගව් තමයි මිනිහා
වාරාණසියට පමණක් නොව ඉංදියාවටම
සටන්කරනා අයුක්තියට එරෙහිව
කවදා වීරයෙක් වෙයිද උඹ....
රොශිනි,පූජා සමගින්
මවා පා ත්‍රි'සම් නාටකය
බිඳ දමා ආදරය ඇගෙ සිතේ
රාගව්ට සාධාරණයක් කල නුඹව....
Revolution 2020-chetan bhagat
චේතන් බගත්
සිංහල පරිවර්තනය- දෙන්නා දෙපැත්තේ ආරති මැද්දේ
දිලීප ජයකොඩි
Sunday, March 22, 2015
බාඳුරා සිහිනය
සුභ සිහින මැවෙන ඔබ සෙවනේ රැදෙන්නට තරම්
නුඹ තුරුලේ සුව උණුසුම දැනෙන්නට තරම්
කඳුළු පිසින නුඹ වදනට මියෙන්නට තරම්
මට දැනෙන හැඟුම පහදා දෙනු මැනවි ලන්කරන්
මම ඔබට කියන කවි ඔබහට දැනෙන්නට තරම්
මගේ තුරුලේ සුව යහනක් මැවෙන්නට තරම්
මා මුමුණන වදනට ඔය සිත නිවෙන්නට තරම්
පවසනවද මගෙ ආලය ඔබ විඳින තරම්
මා දෙනෙත මතට යොමන දෙනෙත මා සොයන තරම්
ඔබ දන්නවාද ඒ බැල්මට හිත දවන තරම්
ඔය දෙනෙත් මතට කිමිදෙන මම මා දකින තරම්
ඔබ දන්නවාද ඒ දෙනෙතට ලොබ බඳින තරම්
නුඹ පුලුල් උරය මගෙ ලමැදේ සුව සොයන තරම්
ඔබ දන්නවාද මගෙ සියොළඟ කිති කැවෙන තරම්
ඔබ ඉඟ රැළි ඇගිලි තුඩට සුව ගෙනෙන තරම්
ඔබ දන්නවාද නුඹ සුසුමින් මා සැලෙන තරම්
කටුස්සා....
Subscribe to:
Posts (Atom)




