Wednesday, September 23, 2020

ඔබෙන් නෙත් ලැබූවේ හේමන්තකාලේ....

 



ආදරය කිසිදිනක

මියයන්නේ නැත සොඳුර....


මියයන්න ප්‍රේමයක් 

තිබුනේ නැති සිත් ඇතුලේ

වැලපෙන්න අතීතයේ

ඉසිඹුවක් නැති කතරේ

නුඹද මා.... මමද නුඹ....

හුස්මගත් ජීවිතයේ

තිබුනේ නුඹේ ප්‍රේමයයි

සිනාමල් වැටි අතරේ....


නුඹෙන් ලද.... මගෙන් ලද....

සැනසීම සිහිකරන්

හිත්මත්තේ පොදි ගැහුන

ආදරය ගුලිකරන්

ඇවිදයමු සීරුවට

නැවත මුනගැසෙනකන්


අයිතිනම් දිනක එය අපේ මේ කතාවට

උරහිසත් මගබලයි නුඹ හිසේ උණුසුමට


කඳු නිම්න තැනිතලා

ගලාගිය නදීතෙර

පැවසුවේ ප්‍රේමයද

විමසනා නෙත් අතැ'ර

ශේශ කඳු මුදුනතක

පිපි කරඹ රේණුවක

රැඳුනු පෙම සිපගනිමු

නුඹ නැවත එනදිනක


ආදරය කිසිදිනක

මියයන්නේ නැත සොඳුර....


මතකයක දිවිගෙවන ජීවිතය උරුමනම්

හුස්මගමු මතකයේ සුවඳපොද ඉවකරන්


ආදරය කිසිදිනක

මියයන්නේ නැත සොඳුර....

සැනසීම විතරක්ම

තිබුන තැන එයමකොට....



කටුස්සා....




5 comments:

  1. ආදරය ඇක්සිඩන්ට් වෙන්නත් බැරිද කටුස්සෝ? නෑ.. මම මේ නිකමට ඇහුවේ. දැනගන්න.

    ReplyDelete
    Replies
    1. හේමන්තට කියන්න නියමිත මං තීරුවේ යන්න කියල
      නෑ.. මම මේ නිකමට කිව්වෙ

      Delete
  2. ��������

    ReplyDelete
  3. ලස්සන නිසඳැසක්. අර උඩ කොමෙන්ට් දාපු දෙන්නට මේ වගේ දෙයක් විඳ ගන්නවත් වාසනාවක් නැති හැටි

    ReplyDelete
  4. අඩ‍ෙ! කටුසු අයියව දැක්ක කල්!

    ReplyDelete