Thursday, November 3, 2016

පමාවී ඇවිත් උයනේ පිපුන මල් නෙලාගනු බෑ....























සිහින නොදකින රැයක් වනු මිස
පාට සිහිනය වන්නේ කෙලෙසද
ආදරය හරි ලාභ මගෙ ලඟ
යශෝදාවත කියනු කුමකට

මේ ඉසවුවේ මලුත් නපුරුයි පෙති අඩුයි කටු බොහෝමයි
සුවඳ බලනට ලංවුනොත් නුඹ කටු ඇනී නුඹ හට රිදෙයි
නොඹැළුවත් පෙර දයාවෙන් ලොව උඹ ලඟදි හිත හිරිවැටෙයි
කටු ඇනී ලේ ගැළුවොතින් නුඹේ මටම මාවම එපාවෙයි

මගහරින්නට කීවමුත් සිත නෙත් කැලුම් නුඹ නෙත පතයි
ලිහාගන්නට නොහැකි වරදට දිනෙන් දින සිත වට වෙලෙයි
කතානොකරන එකම දවසක් කල්පයක් මෙන් මා දවයි
හඳුනගන්නට  නොහැකි සිතුවිළි පෙරුම් පුරමින් මගබලයි

 කාත් කවුරුත් නොමැති කාලයේ පාලු මැකුවෙත් ඔබ තමයි
ඉවරයක් නැති කතා අතරින් සවන් සෙවුවේ ඔබෙ හඬයි
සිනා නොමදුටු සිතක කෙළවර සදා ඇඳුනේ ඔබේ නමයි
හෙට දිනක නුඹ පිටව ගිය පසු දිවි ගෙවන යුරු නොම දනියි

කටුස්සා....

33 comments:

  1. සෙහ්.. මුලු ඔලුවම අවුල් උනා වගේ..

    ReplyDelete
    Replies
    1. ඔයා අවුල්ගන්න එපා සුදූ.මේ මම ඉන්නේ ආතල් එකේ.

      Delete
  2. සිනා කුසුමක සුවඳ පතුරා ළඟින් සිටි දින සිහිනයන්
    ගෙනා මතකය කොහොම අමතක කර ඉඳින්නද දුක දරන්
    මනා සිහියට හිතින් සමවැද හැඟුම් වැට උදුරා දමන්
    සිනා සෙනු පෙම නික්ම ගිය සඳ උතුම් සෙනෙහස සිහිකරන්.......

    කටුසු. උඹේ නිර්මාණය මරු. 4වෙනි කවිය මාව අතීතයට අරන් ගියා. ඇහැට කඳුලක් එක්කරාපු ඒ මතකය ආයිත් මාව රිද්දෙව්වා බන්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. අතීතය පරණයි බං.ඔන්න ඔය අලුත් කෙලිපැටික්කියකට බැල්ම දාපන්. නැත්තන් වයසට යයි යකෝ.

      Delete
  3. නොඹැළුවත් පෙර දයාවෙන් ලොව උඹ ලඟදි හිත හිරිවැටෙයි
    කටු ඇනී ලේ ගැළුවොතින් නුඹේ මටම මාවම එපාවෙයි

    මෙහෙම කියල යන අයට ආදරේ කරන්නද වෛර කරන්නද ඔනි කසුටු....
    කවිය ගැන කියන්න දෙයක් නෑ උදේම හැමදේම නැවතුනා කසුටු

    ReplyDelete
    Replies
    1. වෛර කරන්න ලවුකරන්නේ මොකටද බං. ඔන්න ඔහේ අළුත් කෙල්ලෙක් හොයාගනින්.

      Delete
  4. ඕකනේ කියන්නේ. මනෝ ලව් හදාගන්නවා. කෙලින්ම කියලා අයිතිය තහවුරු කරගන්නේ නැතුව පස්සේ අඬනවා.

    හ්ම්..........මමත් ඔය අත්දැකීම විඳලා තියනවා. එක අතකට බලද්දී, ආදරය කරනකොට, ටිකක් ආත්මාර්ථකාමී වෙන්නත් ඕනේ කියලා වෙලාවකට හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. හැක්... ඉහ නිකට පැහිච්ච මිනිහෙක් අපිවගේ මල්කැකුළු වලට දෙන අවවාද...


      මාමාත් ඒ කාලේ මේ වගේ හොටුපෙරාගන කවි ලිවුවැයි....?

      Delete
    2. ඒ කාලේ දැන් වගේ SMS ලව් තිබුණේ නැහැනේ. ඉතිං අපි ගෙදරට හොරෙන්, රෑ දෙගොඩහරි ජාමේ වෙනකල් ලිව්වා, එලෝ කෝටියට, 'සෙනෙහෙකොල' :D

      Delete
  5. හිතක අස්සක
    ඇහැක අගිස්සක
    මතකයක කෙළවරක
    ඇරඹුමක නැවතුමක
    ඉකියක රිදුමක
    සිනාවක කතාවක
    අහිමිව ඇත ඉතිරිව
    රිදවන දුක හිතෙන
    ආදරයක මතක..
    ඔබට මට
    මා ඔබටද
    ඔබ මටද
    කියා නැති...

    ලස්සන නිර්මාණයක් කටුසු

    ReplyDelete
    Replies
    1. මා ඔබටද
      ඔබ මටද
      කියා නැති...

      කිවුවට වැඩක්වුනේ නැති...

      Delete
  6. ///කාත් කවුරුත් නොමැති කාලයේ පාලු මැකුවෙත් ඔබ තමයි
    ඉවරයක් නැති කතා අතරින් සවන් සෙවුවේ ඔබෙ හඬයි
    සිනා නොමදුටු සිතක කෙළවර සදා ඇඳුනේ ඔබේ නමයි
    හෙට දිනක නුඹ පිටව ගිය පසු දිවි ගෙවන යුරු නොම දනියි///////

    කටුස්සා.... මම මේ කොටස ගලපගන්නෙනේ ජීවිතයේ නියත වෙන්වීම නොහොත් මරණය එක්ක. ඇයට පෙර මා අවසන් විය යුතුයි යන "බොළඳ" සිතුවිල්ල නිතර මෙනෙහි කරනවා.

    දැනෙන කවි!!!!

    ReplyDelete
    Replies
    1. අරූ අයියා ඔය කතාව කියනකොට මට මතක්වෙන්නේ අපේ සීයව.(අම්මගේ තාත්තා). ඔය හතරදෙනාවම මම දැකලා නෑ.අපේ අම්මලා පොඩිකාලේ ඉඳලා තියෙන්නේ මරදානේ.ඒ කාලේ සීයා හවස 5 වෙනකොට ගෙදර ආවේ නැත්තන් ආච්චියි, ලොකු මාමයි දුවන්නේ පොලීසියටළු. ඒ වගේ නහර කාරයෙක්. එයානම් ආච්චිට නිතරම කිවුවේ "මම මැරෙන්න කලින් ඔයා මැරෙන්න. නැත්තන් මම නැතිකාලෙක ළමයි වෙනස්කම්කරයි" කියලළු.කොහොමහරි සීයා මැරිලා සතියෙන් කිසිම ලෙඩක් තිබුනේ නැති ආච්චිත් ඇඳේදිම මැරිලා..

      Delete
    2. සැරයටියෙන් අපි යනෙන තුරා... අහලා කඳුළු හෙලපු අතීතයක් කොච්චියාට ත් තිබ්බා...හැබැයි කාලය සහ ජීවිතය ඒ සංවේදී භාවයන් මකලා දාලා

      Delete
  7. කොණ්ඩේ මූණේ
    සර්වාංගෙම​...
    ඒ මදිවට​
    හිත් කොනකවත්
    කිසිතැනක වෙනසක් නැති
    එක වගේ පිරිමි අස්සෙ
    නුඹ මට අරුම මිනිහෙක්.....


    අරේ වාහ් ජී වාහ්....රොම්බ නල්ල GK...😀.

    ReplyDelete
    Replies
    1. හැක්...ලැජ්ජහිතෙන කතා කියනවනේ ඉතින් (අර ලැජ්ජ හිතුන බළුපැටියගේ පින්තූරෙත් මෙතන දැම්මලු හොඳේ)

      හැමදාම කියනවා.අර මල ජරා ®+£++®+ භාශාවෙනුත් මොනවද කොටලනේ.ආපහු දැම්මොත් මරනවා තෝව මම.

      Delete
  8. පට්ට කයි ටික............. තව කොච්චර කල් කියලා හූල්ලන්නද බං.... නරකද වෙන අතක් බලාගත්තොත්......... මං නිකමට කිව්වේ.........

    ReplyDelete
    Replies
    1. යකෝ... මූ බලහන්කෝ....

      ඉඳලා ඉඳලා අමාරුවෙන් කෙල්ලෙක්ව හිතට දා ගත්තා.ඒකත් එපා කියනවා.

      Delete
  9. කවි ටික මරු මල්ලි...හිත රිදෙන්නම ලියලා තියනවා...

    ReplyDelete
    Replies
    1. ඕවා ගල් හිත් අක්කේ.මේවා කියෙවුවට ඒ හිත රිදෙන්නේ නෑ.

      Delete
  10. කතාවක් ලියහන් බං...
    මට මේවා කියවන්න කම්මැලියි...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ආසාවෙන් ලියන්න ගත්තු කතාවක් තියනවා කොටස් දෙකකින් නතරකරපු. ලබනමාසේ දිහාවටත් බලමු එක දිගට ලියලා දාන්න.

      Delete
  11. දැනෙන්නටම ලියා ඇත. රස රැසක් මික්ස් කරලා පොඩි තැනක.පට්ට

    ReplyDelete
    Replies
    1. විස්කෝතුයි කොච්චියෝ..

      Delete
  12. පට්ට කවිය..ඒත් නැයල යන ආදරයක් ගැන කයියක් ලියහංකො අයියෙ...

    ReplyDelete
    Replies
    1. බයිසිකලේක යන ගමන් තමයි ඉතින් ලියන්න වෙන්නේ ඒ ගැන

      Delete
  13. ක්‍රෂ් එක ගැන මොනවාහරි ලියහන්කෝ?
    -රූපේ-

    ReplyDelete
    Replies
    1. මේ අවුරුද්දේ මාර්තුවල ඉඳන් ලියලා තියන ඒවගෙන් වැඩිහරියක් ඒක ගැන තමයි යකෝ ලියලා තියෙන්නේ

      Delete
  14. පිටව යන්න කලින් කියාපන්කො ඒ දැරිවිට...

    ReplyDelete
  15. පිටව යන්න කලින් කියාපන්කො ඒ දැරිවිට...

    ReplyDelete
  16. පිටව යන්න කලින් කියාපන්කො ඒ දැරිවිට...

    ReplyDelete