Tuesday, November 15, 2016

To mr.president -02


මම කවුද
මේ කොහේද
මට මුකුත් මතකනෑනේ
කෝ මේ පත්තරේ
මම ජනාධිපති මේ රටේ
හොල්මන්ද

අම්මටසිරි ඔව්නේ
මම ජනාධිපති උනානේ
උනා නෙමෙයි කෙරෙවුවනේ
පොරොන්දු මම
දුන්නද අඅ
මතක නෑ මට මුකුත්

මොකක්
යහපාලනය
කොමිශන්සභා
ව්‍යවස්ථාව
මේ මොන කුණුහරුපයක්ද
මොනවද ඒවා

සිවිල් සංවිධාන
මම පොරොන්දුවුනාද උන්ට
එහෙනම් ඔන්න ඔහේ දීලා දානවා
හැබැයි  මට කියනවා
දෙන්න ඉස්සල්ලා

‍පක්ෂ සභාපති
ආ ඔව් ඔව් ඒක මතකයි
හෙන අමාරුවෙන් ගත්තේ
කලින් එකාගෙන්
නොතිබ්බානං මට
මොන නවනිංගිරාවක්ද

වයස දාසයේ ඉදං
කටු කාපු මට
මොනතරම් ප්‍රෞඩ පක්ශයක්ද
ජනාධිපතිකම මොකද්ද
සභාපතිකම එක්ක බලද්දී

මගේ පුතා ක්ලබ් ගිහින්
මොකක් කියුවා ගහගන
ඔය නොට්ටිගේ පුතාට කිවුවා මම
ඉස්සර හිටිය එකාට
පුත්තු නිසා වෙච්ච දේ හිටං
හැමිනෙනවනේ මූ

පූජිතට කතාකරන්න ඕනේ
නවලා ගොඩින් බේරගන්න
නින්ද යන්නේ නෑ කන්න බොන්න බෑ
අඩුමගානේ වැසිකිලිවත් යන්නෑ

මතක්වෙන්නෙම නෙලුම් පොහොට්ටුව
පැරදිලාවත් පාඩුවේ ඉන්නෑනේ
ඒකෙයි මේකෙයි...
දෙකේම සභාපතිවුනානම් මූ
ඉඳලා වැඩක් නෑ

නැතිවුනොත්
පක්ෂ සභාපතිකම
වැට්
චීනය
ඉංදියාව
අයවැය
ඒ අස්සේ මුන් හත්පොලේ ගාගනනේ

දෙන්නම් කිව්වටත් පස්සේ
උද්ඝෝෂණය කරපු එවුන්ට ගහලා
ඊයා රනිල් ඔයානම්

කිව්වෙනං  ඔක්ක බලාගන්නම් කියලා
බලන ඇටිකෙහෙලක් නෑනේ
ඕකෙන් මේකෙන් වෙන්නේ
සභාපතිකමට කෙලවෙන එක තමයි

පත්තරේ අරං බලන්න ඕනේ
හෙට උදේට
තව මොන මගුලක්
කරලද දන්නැ
ඇයි යකෝ මටම කෙලවන්නේ

-කටුස්සා-

14 comments:

  1. අම්මෝ අටම්...ඔයානම්...
    මාතෘකාවෙන් හරි කමක් නෑ.අර අහිංසක රනිල් මහත්තයට කෙලවන්නම තමයි හදන්නේ...

    ReplyDelete
    Replies
    1. ඇයි මේක ලිව්වේ අටමද... ;)

      Delete
    2. මට පේන්නෙ අටම පෝස්ට් එක රේප් කරල වගෙයි.

      Delete
  2. රනිල්ට ඕන ඒවා කරන්න සිරා ඉඩ දෙන්නෙ නෑ..

    සිරා ගාව කරන්න මුකුත් නෑ...

    ReplyDelete
  3. මේක ලිව්වෙ ඔහේද...නැත්නම් අටමා ද? මේකෙ තියෙන ලක්ෂණ ගත්තම අටං වෙන්නත් බැරි නෑ

    ReplyDelete
  4. රාත්‍රී නිදාගැනීමට පෙර බැඳුම්කරේ කියන වචනය සියපාරක් කියවන්න.
    ඔබට මෙයාකාරයේ සිහින යළිත් නොපෙනන බවට අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.

    - ඉයන් -

    ReplyDelete
  5. මීට පස්සේ මේ වගේ දේවල් කරනකොට, අර පත්තරවල අන්තිම පිටුවෙ තියෙනාකාරයට, කටුස්සා විසින් ගෙතූ වියමන අටමා විසින් පළකරන ලදි කියල පොඩි බෝඩ් කෑල්ලක්වත් ගහපල්ලා...නැත්තං කතෘ තුමා කොමෙන්ට් නොදා සිටීමත් වැදගත්...නැද්ද හා...!

    ReplyDelete
  6. ජනාධිපති ලේකම් කර්යාලෙට අම්බානට නෙලද්දි ඒ ගැන අපේ ජනාධිපතිතුමාට කෝල් එකක් දෙන්න කවුරුත් ඉදල නැනේ....

    අහින්සක අටම් කූඩු කරන්න කසුටු විසින් ලියා ඇත

    ReplyDelete
  7. දුප්පත් අහිංසක ගොවියෙක්ට කියන කතාද ඔය? ඊය හලෝ..
    ජයවේවා..!!

    ReplyDelete
  8. නයිට් ඩියුටි, නයිට් ඩියුටි. එතුමා වෙස්වලාගෙන රෑට රටේ ඇවිදිනවා, ජනතාව තමන්ගේ ආණ්ඩුව ගැන මොකද කියන්නේ බලන්න. ජනතාව තමන්ගේ දෙමව්පියන්ට පින්දෙන එක මතක් කර කර, ඔය පොඩ්ඩක් ඇහැ පියාගෙන ඉන්නේ.

    ReplyDelete
  9. ප්‍රසන්න අයියේ මෙන්න මේ කසුට්ටා රිප්ලයි කරන්නෑ....

    ReplyDelete
  10. මට හිටන් ගැන හිතනවට වඩා අටමයි කසුට්ටයි ගැන ත‍ේරෙනවා මදිද මන්දා..

    ReplyDelete