Thursday, June 9, 2016
සිහින අරගෙන හෙටත් නුඹ මට...
දිවිය දියකර ඔබ තුලම මට
හෙටත් හවසට එනවද
පා කරන්නට සුසුම් රළ පෙල
තුරුල් වී ලඟ ඉඳිමුද
සිහින ගඟ තුල කිමිද සැනසී
ලතෙත් සෙනෙහස විඳිමුද
අහිමිවන්නට උරුම සෙනෙහස
අහස් කුස තුල තව සොයමුද
ඈත අහසේ තරු කැකුළු මත
අහිමි හාදුව තියමුද
නෙත ගලායන දිය අතින් ගෙන
දිවි සිතුම් පැහැ කරමුද
ලගින් හිද දුර අපේ ප්‍රේමය
ලොව නෙතින් මග හරිමුද
සදාකාලික නොවුන කවියේ
පද එකින් එක ලියමුද
අහිමිවූවත් හෙට දිනක නුඹ
පෙමක අයිතිය මටමද
වෙන්වුනත් මට අයිති නැති පෙම
ඔහුට මේ ලෙස දෙනවද
තනිව ගෙවනා හුදකලාවක
මතක රස බැමි නුහුරුද
සිතෙහි නැතිමුත් තනිවුනොත් හෙට
දුවලා මගෙවෙත එනවද
කටුස්සා....
Subscribe to:
Post Comments (Atom)
ලස්සනයි කටුසු...
ReplyDeleteවිස්ජකෝතුයි පොකුරු....
Deleteකාව්‍ය නිර්මාණය වගේම චිත්‍රයත් මගේ සිත් ගත්තා. කවුද සිත්තරා?
ReplyDeletehttps://afremov.com/Leonid-Afremov-bio.html
Deleteඔය මූණූපොතේ සම්බන්දවුන චිත්‍ර සම්බන්ද "පේජ් කීපයක් තියනවා.හිතට අල්ලන එකක් තිබුනොත් බා ගන්නවා.මේකත් එහෙම එකක් විචා මාමේ.
Deleteඅපූරුයි කටුස්සො... උඹේ කවි දැං එන්න එන්නම ටිකක් අර පුරුදු ආකාතියෙන් මිදෙන්න පටං ඇරං...
ReplyDeleteමොකද්ද වෙනස
නොවෙනස් වෙනසම මිස වෙන මොනවද බොල....
Deleteඅක්ශාංශ ,දේශාංශ වෙනස් කරල තැනකට ගියාම ග්‍රහ අපල දුරු වෙනවලු. දැනෙන්නැද්ද වෙනසක් ?
ReplyDeleteමටනම් හිතෙන්නෙ තරහ වෙලා හිටපු ග්‍රහයෙක් ලගට ඇවිත් වගේ ...😘
මාත් හිතන් හිටියේ එහෙම තමයි බං. ඒත් ඒක එහෙම නෙමෙයිළු.හෙන ගහපු අහස් වලට රාහු මිසක සිකුරා එන්නෙම නෑළු.
Deleteකවිනම් ලස්සනඊ , එත් අර මග නතර කරලා තියන කතා ටික ලියනේ කව්ද?
ReplyDeleteඅ ටිකත් ලියන්න බලගෙන්න ඉන්නේ ලියන කල්
ඒ ටිකනම් දැන්ම ලියවෙන එකක් නෑ මචෝ...මේක කොටන්නෙත් ෆෝන් කට්ටෙන්.ඒක මහ එපා කරපු වැඩක්. හන්චි කුචුම් නගා නැත්තන් මේක පබ්ලිශ් කරන්නවත් වෙන්නේ නෑ.ටිකක් සෙට්ල් වෙලා ලැට් ටොප් එකක් ගන්නකන් කතා ලියවෙන එකක් නෑ.
Deleteඅපූරුයි.. ගොඩක් කාලෙකින්නේ....
ReplyDeleteකතාව වෙනස් උනාද???
අපො නෑ...කතාව එහෙම්මමයි....
Deleteකටුස්සා
ReplyDeleteඅහිමිවූවත් හෙට දිනක නුඹ
පෙමක අයිතිය මටමද
වෙන්වුනත් මට අයිති නැති පෙම
ඔහුට මේ ලෙස දෙනවද
කෙල්ල
නැතුව නැතුව !
ආයිත් අහලා...කෙල්ලෝනේ බන්
Deleteඇතත කියපං .....දැන් අර අඬපු එකේ ප්‍රයෝජන විඳිනව නේද?හරි හරි තව ටිකයි මචෝ....
ReplyDeleteආයිත් අහලා...ප්‍රයෝජනනම් අප්‍රමානයි....
Deleteවෙල්කම් බැක්.. :)
ReplyDeleteතැන්කූ...තැන්කූ
Deleteලස්සනයි, හරි රහට පද ගලපලා.
ReplyDeleteජයවේවා!!!
ස්තූතියි දුමියා
Deleteකවි කවි සහ කවි..
ReplyDeleteජයවේවා..!!
ලෙඩ ලෙඩ සහ සන්නිපාත..
Deleteජයවේවා!!!
ලස්සන පද පෙලක් කටුසු! :)
ReplyDeleteමහ රෑ හදිස්සියේ ලියවුන මේ කවිය පබ්ලිශ් කරගන්න විදිහක් නැතුව ඉන්න වෙලාවේ කරපු උදව්වට ගොඩක් ගොඩක් ස්තූතියි නගේ....
Deleteදැං දුවල එනකල් බලාගෙන ඉන්නවද?
ReplyDeleteනියමයි.
දුවල එනකන් නෙමෙයි බොල...යනකන්....
Deletegood one man...
ReplyDeleteThnx bro....
Deleteඑල කොල්ලෝ. ඔයාගේ කවියක් කෙල්ලෙක්ට යවලා අසරණ කොල්ලෙක් ගොඩ දැම්මා. හැක හැක .
ReplyDeleteඅහලා කියපන් ඒ කෙල්ලට සහෝදරියෝ ඉන්නවද කියලා....
Deleteඑල කිරි ඔය ඇවිල්ල තියෙන්නේ .....
ReplyDeleteඋගන්ඩාවට ජයවේවා ...!!!!!!
සකල මොරොක්කො වැසියනේ...අප ඔබ සමගයි...
Delete/වෙන්වුනත් මට අයිති නැති පෙම
ReplyDeleteඔහුට මේ ලෙස දෙනවද///
කවියයි, චිත්රයයි දෙකම ලස්සනයි
ස්තූතියි චතූ...
Deleteස්තූතියි චතූ...
Deleteනිසඳස අගෙයි. ලස්සනයි. මේක අදහසක් විතරයි කටුස්සෝ. මට හිතනවා එනවද කියනවට වැඩිය වදෝ කිව්වම ලස්සනට ඇදෙනවා කියල රිත්මයානුකුලව.
ReplyDeleteදිවිය දියකර ඔබ තුලම මට
හෙටත් හවසට එනවදෝ
පා කරන්නට සුසුම් රළ පෙල
තුරුල් වී ලඟ ඉඳිමුදෝ
සිහින ගඟ තුල කිමිද සැනසී
ලතෙත් සෙනෙහස විඳිමුදෝ
අහිමිවන්නට උරුම සෙනෙහස
අහස් කුස තුල තව සොයමුදෝ
ඈත අහසේ තරු කැකුළු මත
අහිමි හාදුව තියමුදෝ
නෙත ගලායන දිය අතින් ගෙන
දිවි සිතුම් පැහැ කරමුදෝ
ලගින් හිද දුර අපේ ප්‍රේමය
ලොව නෙතින් මග හරිමුදෝ
සදාකාලික නොවුන කවියේ
පද එකින් එක ලියමුදෝ
අහිමිවූවත් හෙට දිනක නුඹ
පෙමක අයිතිය මටමදෝ
වෙන්වුනත් මට අයිති නැති පෙම
ඔහුට මේ ලෙස දෙනවදෝ
තනිව ගෙවනා හුදකලාවක
මතක රස බැමි නුහුරුදෝ
සිතෙහි නැතිමුත් තනිවුනොත් හෙට
දුවලා මගෙවෙත එනවදෝ
ආපහු කාලෙකට ලියන්නේ නෑ කියලයි හිතන් හිටියේ.ඒත් හදිස්සියේ සිද්දවුන දෙයජක් නිසා මේක ලිවුවා.අහන්න ඔනේවුනේ ප්රශ්නය හා ඉල්ලීම තමයි අන්තිම පද වලින් අහන්නේ.ඒකමයි "ද" කියන එකෙන් ඉවරකලේ.
Deleteහ්ම්ම්..කට උත්තරත් නෑ....පද පේළි ටිකකට කරන්න පුළුවන් හදියක්....no words ලු..
ReplyDeleteHaa... hikz.
ReplyDeleteBon voyage