Tuesday, January 26, 2016

හරක් මස්....


"අඩෝ...මොකද කරන්නේ..?වරෙන්කෝ ඉක්මනට.පරක්කු වෙනවා..."
"හිටපන් හු...තෝ...මම මේ ළඟ..."
...........
"උඹ අතේ කීයක් තියනවද...?"
"600 බං...."
"එතකොට 2600යි....බෝතල් දෙකට 2200යි...සෝඩා වලට 150යි...තව 50ක් දීපන් කවුරු හරි...එතකොට සිගරට් 10ක් ගන්න පුළුවන්...."
"අඩෝ...එතකොට බයිට්....?"
මොන හු...ද...?සල්ලි නෑ අද...බයිට් නැතුව බොමු..."
"බයිට් නැතුව බොන්න බෑ බං...."
"එහෙම බොන්න ඕනෙනම් උඹලෑ තාත්තගෙන් සල්ලි ඉල්ලන් වරෙන් රූෆ් ටොප් යන්න...."
"බැරිනම් නිකන් හිටපන්...බුලත් විටක් කකා බීපන්.එතකොට හරි...."
"කොහේ ඉදන්ද බොන්නේ....?"
"ඇල කණ්ඩියට යමු...මහතුන් මාමලගේ ගේ එහා පැත්තට.අවුලකුත් නෑනේ...."
...............
"මොකෝ අද කට්ටිය අඩු...?"
"ආ...මහතුන් මාමේ...අද වැඩටගියේ නැද්ද....?"
"නෑ බං...අද ඩැයිවර් මල්ලි නිවාඩු.ඉතින් මමත් හිටියා...මොකද අද කට්ටිය අඩු...?"
"හදිස්සියේ සෙට්වුනේ මාමේ....ඒකයි අපි 4දෙනා විතරක් අද...."
"මාමත් දාගන්න ශොට් එකක්...හැබැයි බයිට්නම් නෑ අද..."
"ඒ මොකෝ උඹලා අමුවෙන්ම..?"
"දන්නැද්ද ඉතින්....අද සල්ලි තිබ්බේ නෑ...ඒකයි...ආ වීදුරුව...මාමත් දාගන්න..."
"අද ගෙදර නිසා මමත් බෝතලයක් ගෙනත් ගගහ හිටියේ ගෙදර....උඹලෑ සද්දේ නිසා මම ටිකක් සෝදිසිකලේ...වරෙන් යන්න අපේ දිහා...එහෙ ඉදන් ගහමු...මාලා හදපු මස් වගයක් ඇති...උඹලා හරක් මස් කනවනේ....?"
"මමනම් කන්නේ නෑ...සම්පා...උඹ කනවද....?"
"බොනකොට ඕවා බලන්නේ නෑ බං...තියන ලබ්බක් කනවා...."
"වරෙල්ලා...වරෙල්ලා....උඹත් අද කාලා බලපන්කෝ කොහොමද කියලා....."
..................
"දිලා...මේ බලපන්කෝ.....කන්නේ නෑ කියපු එකා ඇතිලිය ඇතුලට බැහැගන කනහැටි...."
"සිරාවටම මේක රහයි බං....අපේ ගෙවල්වල ඉන්න මිනිස්සුන්ටත් පිස්සුනේ...මෙච්චර රස මසක් තියාගන කිලි කිලි කියලා කුකුළ් මස්ම ගේනවා...ඒවා කනවට වඩා හොඳයි පාන්පිටි ගිලින එක...."
"ඉතින් ඕක අපිට කියන්නේ...ගිහින් කියපන්කෝ උඹලෑ තාත්තටම....උඹලෑ තාත්තා අර හරක් නිදහස්කරන්න සල්ලි එකතුකරන කැටෙන්ම දෙයි උඹේ ඔළුවට.....
"හහ්...හහ්...උඹලා ඔය මම ගෙදර ඉන්න දවසට වරෙන් අපේ දිහා සෙට්වෙන්න....මම හදලා තියන්නම්....අපේ ගෙදරට ගේන්නේ හරකා තමයි.නිකන්නේ හම්බවෙන්නේ...."
"නිකන් හම්බවෙනවා කිවුවේ...."
"මම වැඩකරන්නේ මුස්ලිම් මුදළාලි කෙනෙක්
ගාවනේ.... ඒ මුදළාලි මස් ගන්නකොට අපිටත් අරගන දෙනවා....අදනම් පොඩ්ඩයි ඉවුවේ...මාලාටයි මටයි රෑට කන්න..."
"දැන් ඒ ටික අපිටදීලා මතුන් මාමලා කන්නේ.....?"
"උඹලා කාපන්කෝ....මාලාටයි මටයි සම්බෝලයක් කොටාගන්න බැරියැයි...."
++++++++++++++++++++++++++++++++++++++++++++++
"ඇත්තටම කවුද මහතුන් මාමේ ඔය වැඩේ කරන්න ඇත්තේ....?"
"කවුද බං දන්නේ....ඔය මොකෙක් හරි කුඩ්ඩෙක් වෙන්න ඇති.....නැත්තන් මේ ළිඳ ඇතුලේ තියන මෝටරේ උස්සන් යන්න තරම් අහේනියක් තියන එකෙක් මේ ලඟපාතක නෑ..."
"අපි හොයමු මහතුන් මාමේ...එහෙම නිකන් ඉන්න පුළුවන්ද මාමට මෙහෙම කලාට පස්සේ....
"එකෙන්ම....මාමා බය නැතුව ඉන්න....අපි ඔය මෝටරේ හොයාගන ඕක කරපුඑකාගේ හතර හන්දි කඩලතමයි පස්ස බලන්නේ....."
"උඹලා ඕවට ගෑවෙන්නේ නැතුව ඉදපල්ලා....උඹලා තාම පොඩි එවුන්.අනික දැන් මම අළුත් මෝටරයක් දාලත් ඉවරයි.මුදළාලිට කියපුගමන් මට එකක් ගන්න සල්ලි දුන්නා...."
"ඒ වුනාට ඔයාට එහෙම කරන්න දෙන්න පුළුවන්ද මේ ගමේ....ඔය එක කැ..ක්වත් අපිට ලොකු නෑ.....මාලා නැන්දටයි ඔයාටයි එහෙම වෙන්න දෙන්න පුළුවන්ද අපි ඉන්නකන්.....කෝ ඉතින් මාමා බිවුවේ නෑනේ.....දාගන්නකෝ...."
"හරි හරි...දාගමු...හිමින් බීපල්ලා....මගේ ගාවත් බෝතලයක් ඇති.කෝ මේ මස් ඉවරද....මාලෝ....මේ පිගානට මස් ටිකක් දාගන වරෙන්කෝ....."
"මේ ඇත්තමයි කියන්නේ...මාලා නැන්දගේ මස් හොද්දනම් පට්ට....දිවියලෝක රහයි...."
"සිරාවට....ගෙදරට ගේන්නෙත් නැති එකේ කටට රහට මස් කෑල්ලක් කන්න පුළුවන් මෙහෙදි විතරයි...."
"උඹලා ඕනේ වෙලාවක මෙහෙ වරෙල්ලා....මට පුළුවන් හැටියට මම උඹලට සංග්‍රහ කරන්නම්....මායි අර ගෑනියි විතරක් ඉන්න ගෙදරට උඹලා එන එකත් කොච්චර දෙයක්ද....ඒක නෙමෙයි....සම්පත්....උඹ කවද්ද රට යන්නේ....?"
"තාම හරියට දිනයක් නෑ මාමේ....තව මාසයක් විතර යයි කොහොමත්...."
"කමක් නෑ ...කමක් නෑ....උඹලටත් කියලා අනාගතයක් තියෙන්න ඕනේ.....දිනේ දැනගත්තහම කියපන්කෝ....යන්න ඉස්සල්ලා දාමු සුපිරි පාර්ටියක් මෙහේ...."
"අනිවා....මාලා නැන්දගේ මස් හොද්දත් එක්ක දාමු පාර්ටියක් දවසක්ම...උඹට ඔය රටවලදී  මේතරම් රස මස් කෑල්ලක් කන්න හම්බවෙන්නේ නෑ...."
+++++++++++++++++++++++++++++++++++++++++++++
"අඩෝ...උඹ ආවළු නේද...?මට උඹලෑ අක්කා කිවුවේ හංදියේදී....."
"ඔවු බං....ඊයේ රෑ ආවේ...දැනුයි ඇහැරුනේ...."
"මට කිවුවා....මම කතාකලේ අද මගේ උපන්දිනේ....වරෙන් හවස්වෙලා පොඩ්ඩක් සෙට්වෙන්න....."
"කොහාටද....?"
"රූෆ් ටොප් එකට වරෙන්.අරුන් දෙන්නා වැඩ ඇරිලා එනවා කිවුවා.උඹ 5ට විතර වරෙන්.චැටක් දාගන ඉමු.ගො කාලෙකින්නේ..."
.............................................
"වරෙන්...වරෙන්...වාඩිවියන්....උඹ සුදුවෙලා යකෝ...."
"ඉතින් කොහොමද උඹලෑ විස්තර...?කෝ අරුන් දෙන්නා....?"
"මග එනගමන්....ඉතින්....?"
"මම හිතුවේ උඹලා මහතුන් මාමලගේ ගෙදර සෙට්වෙයි කියලා..."
"ආපෝ....මතක්කරන්න එපා....උඹට ගෙදරින් කිවුවේ නැද්ද....?"
"ඇයි....මොකෝ සීන් එක....?"
"ඒ යකා මළා බං...."
"නෑ...මක්වෙලාද....?"
"ඒ යකා හෙන පවුකාරයෙක් බං....ඌ ලොරියක වැඩ කියලා කිවුවට කරලා තියෙන්නේ හොරෙන් හරක් පටවන එක.උඹ ගිහින් මාස 3ට විතර පස්සේ උන් හරක් පටවන් එන ලොරිය හෝමගමදී කෝච්චියේ හැප්පිලා.මූයි තව එකෙකුයි එතනමළු.ඩ්‍රයිවරයනම් බේරිලා තිබුනා...."
"මාර සීන් එකනේ...."
"ඔවු බං....මල ගෙදරටවත් සෙනග නෑ....කවුද බං යන්නේ ඔහොම පවුකාරයන්ගේ මළගෙවල්වලට රෙද්දක් ඇදගන....මමනම් දවල් වරුවේ ගිහින් ඔළුවදාලා ආවා.අරුන් දෙන්නනම් ඒ ගියෙත් නෑ.මිනිය උස්සන්නවත් සෙනග නැතුව අන්තිමට හර්ස් එකක ගෙනෙහින් තිබුනේ...."
"එතකොට මාලා නැන්දා.....?"
"ඉඩකඩම් ටික විකුණලා නෑදෑ ගේකට ගියා කියල තමයි ආරංචිය....හරියටම දන්නේ නෑ....."
"සර්....මොනවද ගේන්නේ....?"
"උඹ මොනවද බොන්නේ....?"
"ඕනේ එකක් බං...."
"vx එකක් ගේන්න දැනට.සෝඩා එකයි කොකාකෝලා එකයි,ගෝල්ඩ්ලිෆ් 12 පැකට් එකයි.බයිට් එකට මික්ස් චොප්සියක්.....4 දෙනෙක් ඉන්නවා...තව දෙන්නෙක් එයි මෙතන්ට....ආ මල්ලි...බීෆ් ඩෙවල් ලාර්ජ් එකකුත් ගේන්න....


කටුස්සා.....

65 comments:

  1. කටුසු ඔන්න මිනිස්සුන්ගේ හැටි... ඉතාම විශිෂ්ඨයි ලියවිල්ල.

    මොනාහරි ලියන්න හිත හිතා ඉද්දි කියවුවේ.
    මේ කතාව කියවන විවිදාකාර අයගේ කමෙන්ට් බලන්න හෙට උදේ එමි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගොඩක්.මිනිස්සු කොහොමත් එහෙම තමයි.මොනවාහරි දෙනකන් දෙවියා.බැරිවුනහම බල්ලා.
      හා...හා...දැන් ඇති...ගිහින් ලියන්න; ලියන්න හදපු දේ....

      Delete
  2. හරක් මස් ගැන මගේ මතය මෙයයි.

    කැමැත්තෝ කති. අකැමැත්තෝ නොකති.
    කැමැත්තෝ අකැමැත්තන්ට බලෙන් නොකවති.
    එසේනම්, අකැමැත්තන් කැමැත්තන්ට බලපෑම් කරන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. හරක් මස් විතරක් නෙමෙයි.මත්පැන්,දුම්වැටි, ගණිකා ඇසුර වෙනි සමාජයේ අයහපත් ලෙසින් පිළිගන්නා සෑම දෙක් කෙරෙහිම මාගේ මතයත් මෙයමය.

      Delete
  3. කන එකා කොහොමත් කනවනෙ බං. ඔය මොන නීති දැම්මත් රටින් ගේන්න එපා කිවුවත් ඒක කරන්න පුළුවන් වැඩක් කියලා නම් මං හිතන්නෙ නෑ. මොකද ඔය සංචාරක හෝටල් වලට ඔය කොයි මසත් ගන්නම වෙනවා. එතකොට උන් රටින් හරි ඕවා ගෙන්නනවා.

    ReplyDelete
    Replies
    1. ඕවා රටින් ගෙන්නන්න ගියොත් වෙන්නේ හරක් මසුත් සුපිරි කෑමක් වෙන එක විතරයි.කොහොමත් සූපවේදී මතය අනූව ලංකාවේ හරක් මස් කොලිටි නැත.බර අදින සත්තු නාකිවෙලා මැරුවහම ඒ මස් හයියයි.ඒ ඒ රෙසපි වලට අදාල නියම රසය ඒවයින් ලැබෙන්නේ නෑ.

      Delete
  4. සිරිසේන වගේ සෙට් එකක්...

    ReplyDelete
    Replies
    1. මොන අංශයෙන්ද බං...

      Delete
    2. සිරාට වඩා ටිකක් හොදයි.....

      ලොකු අයියේ..දැන් උඹට මොන අංශෙන් වුනොත්ද කැමති?

      Delete
    3. මං ඇහුවේ හරක් මස් අංශෙන්ද, නැත්නම් එක පතේ ගෙරි මස් කෙළලා අර මනිහ මැරිලා ගියාම මළ ගෙදරටත් පොල්ල තිබ්බ කුහක අංශෙන්ද කියන එක බං...

      Delete
  5. ඔය ලියලා තියෙන්නේ රෙදි ගැලවෙන්නම..... ඔන්න මිනිස්සු.....

    ReplyDelete

  6. බොරැල්ලෙ තැනක් තියනව එතන හරක් මස් කෑවට පව් නෑ නේද මචං ?

    ReplyDelete
    Replies
    1. තැන් දෙකක් තියෙනවාද කම්මලේ.........

      Delete
    2. ඩබලැන් ඩෝන් කම්මලයා....

      Delete

  7. බොරැල්ලෙ තැනක් තියනව එතන හරක් මස් කෑවට පව් නෑ නේද මචං ?

    ReplyDelete
    Replies
    1. ඔය බොරැල්ලෙ තියෙන තැන් දෙකෙන්ම කෑව ට පව් නෑ මචං.

      Delete
    2. නෑ නෑ එතන පව් නෑ.. එන්න කලින් ඕඩර් කරපු එකක් කෑවම කොහොමත් අවුලක් නෑ.. ඕඩර් කරන එකාට විතරයි පොඩි පව් කෑල්ලක් සෙට් වෙන්නේ..

      Delete
    3. මහතුන් මාමා සහ ඔහුගේ මරණය ඇත්තම දෙයක් මීට අවුරුදු 3-4ට ඉස්සර මාලබේ උඩවත්ත පාරේ සිද්දවුන.ඒත් ඔය අනිත් ආරලු බුළුනම් එදා බොරැල්ලේ තැනදි ඇතිවුන කතාබහෙන් පස්සේ ඔළුවට ආපුවා.කතාවකුත් ලියන්න පුළුවන්වුන නිසා පවු නැතුව ඇති.
      කසුන්-
      දන්න තරමින්නම් බොරැල්ල හංදියේ තියෙන්නේ තැන් දෙකයි.ඔබත් යාවජීව සමාජිකයෙක්ද ඒ තැන් දෙකේ?
      කමියා-
      මීට පස්සේ හැමදාම අපි පරක්කුවෙලා යමු.නිකන් මොකටද පවු පුරවගන්නේ.ඒකට කම්මලයා ඉන්නවනේ.ගෙදර ආපු දවස් 5ට මගේ පවුකඳ සෑහෙන්න බර වැඩිවුනා.

      Delete
    4. කොහොමවුනත් ඕක හදාගත්තු එක ලොකු දෙයක්.දෙක දෙක වදින කමෙන්ට් නැතුව හෙන පළුවෙන් හිටියේ කට්ටියම....

      Delete
  8. මස් කන්නේ නැති හරක්.. :)

    ReplyDelete
    Replies
    1. වෙජිටේරියන් හරකුත් ඉන්නවාද?

      Delete
  9. හින්දු බලපෑම මත හරක් මස් කන්න එපාලු, මුස්ලිම් බලපෑමක් නිසාද කොහෙද ඌරා හෙන අවුල්ලු...
    එහෙම කියල කුකුල්ලු, මාළු, හාල් මැස්සෝ, කුනිස්සෝ, ඉස්සෝ, දැල්ලෝ කෙලිනවා හුරේ තියාගෙන...

    අපේ පරණ ෆෝමන් කෙනෙක් ඉන්නවා, මිනිහ කියන්නේ ඔය කුනිස්සෝ හාල්මැස්සෝ වගේ පොඩි පොඩි ඒවා කන එක ගොඩක් පව්ලු, එක මිනිහෙක් වෙනුවෙන් ජීවිත ගොඩක් නැති වෙනවනේ...
    නමුත් හරක් මස් කද්දී එක මිනිහෙක් කන්නේ පොඩ්ඩක් නිසා පව අඩුලු...
    අනේ මන්දා සාමාන්‍යයෙන් පස් පව් වලින් හැම එකම දැන දැන හෝ නොදැන හෝ වක්‍රාකාරව හෝ කරන නිසා මමනම් ඕවා ගැන සීරියස් හිතන්නේ නැහැ...
    මටනම් කොයි සතාත් එකයි...

    ReplyDelete
    Replies
    1. දාන්න 5ක්.එදා කට්ටිය එන්න කලින් කම්මලයත් එක්ක කතාකර කර හිටියේ ඒ ගැන.මාලු මැරුවට කුකුලා මැරුවට පවු නෑ.හරකෙක් මැරුවොත් එහෙම අවුරුදුගානක් අපායේ.හැබැයි එකක්.කවුරුහරි මස් මාලු නොකනවනම් මම ඒ මනුස්සයාට ගරුකරනවා.ඒ තමන්ගේ හිත,කට පාලනයකරගන්න තරම් හයියක් ඒ මනුස්සයාට තියන නිසා.

      ලොකු අයියේ...උඹ පද 5ම කඩනවා කිවුවේ ඇත්තටමද?එතකොට 3 එක....?චීයා....

      Delete
    2. කොයිකත් කඩනවා බං, අපිත් පුචජ්ජන මිනිස්සු බොල...

      Delete
    3. ලොක්ක ඒ කියන්නෙ ලබන ආත්මෙ උඹ අපායෙ හින්ද අපිත් එක්ක සෙට් වෙන්න බැරිවෙයි. කමියත් එක්ක විතරයි සෙට් වෙන්න වෙන්නෙ.

      Delete
    4. ලොක්ක ඒ කියන්නෙ ලබන ආත්මෙ උඹ අපායෙ හින්ද අපිත් එක්ක සෙට් වෙන්න බැරිවෙයි. කමියත් එක්ක විතරයි සෙට් වෙන්න වෙන්නෙ.

      Delete
    5. අපි දිව්‍යලෝකෙට වෙලා සුරංගනාවියෝ වටකරගන මිදි කකා අමෘතේ බිබී ඉන්නකොට මුන්දෙන්නා අපායේ කැඩිච්ච බස් හෝල්ට් හද හද ඉඳියි. හොඳවැඩේ මුන්ට කාමයේ වරදවා හැසිරෙනවට.

      Delete
    6. දුප් කිව්වේ, නරි දෙන්නා...

      Delete
  10. ඒකනෙ කියන්නෙ මචං අපේ මිනිස්සු හරි වෙනස ජාතියක් කියල
    අපි ඒ වෙනසට ගරු කරන්න ඕන බං
    ඔව් ඉඳගෙන

    ReplyDelete
    Replies
    1. මුස්ලිම්,සිංහල,දෙමල ඉන්න රටේ තවත් ජාතියක්..හෑ මහේෂ් ඒ හිටං මහත්තයාගේ ජාතියේ එවුන්ද???

      Delete
    2. එතකොට උඹ කියන්නේ මේ ගරුකරන හරිය මදියි කියලද ඉදන්....?

      සිංහ මසා-
      ඔය හිටන් මහත්තයාගේ නෙමෙයි.ඉදන් මහත්තයාගේ කට්ටිය.

      Delete
    3. කටුස්සෝ උබ සිංහ මසුත් කනවැයි...

      Delete
  11. හරක් මස් පවු, මුහුදු මාළු පවු නැ, ගලබොඩයා තමයි අපේ හාදු රුවනේ මටත් කිවුවේ..

    ReplyDelete
    Replies
    1. හරකනම් ලංකාවේ සිස්ටම් එක අනූව විනාඩි 5-10න් මැරෙනවා.ඒත් මාලුවා පැයගානක් දගලනවා හුස්මගන්න බැරුව.

      Delete
  12. මම කන්නේ නැත්තේ කන්න බැරි හින්දා
    ... කන්නේ නැත්තේ කිලි හින්දා
    ... කන්නේ නැත්තේ පව් පිරෙන හින්දා
    ... කන්නේ නැත්තේ සල්ලි නැති හින්දා
    එක එකාලට එක එක හේතු

    ReplyDelete
    Replies
    1. ඔය විදිහටම කන එකාට කන්නත් හේතු තියනවා බං...

      Delete
  13. සිරි ලංකාවෙ හැමතිස්සෙමවගේ වැරදි ප්‍රායෝගික නොවන කොනකින්මයි අල්ලගන්නෙ. ඝාතනය නැවැත්වීම නෙමෙයි කරන්න ඕනෙ යල් පැනගිය අනවශ්‍ය ලෙස කෘර අකාර්‍රයක්ෂම ඝාතන ක්‍රම වෙනස් කරල කාර්යක්ෂම වේදනාව හා භය අවම නවීන සත්ව ඝාතන ක්‍රම හඳුන්වාදීම. ඕක කිව්ව ගමන් කෑගහනවා මරන එක කොහොමත් කෘරයි කියල. ඒඅයට පෙන්වන්න ඕනෙ ලංකාවෙ මරණ විදිහයි නවීන විදිහට මරණ humane slaughter ඝාතනාගාරවලයි වෙනස.

    ReplyDelete
    Replies
    1. බය නිසා ශරීරයේ ඇතිවෙන හෝමෝන ක්‍රියාකාරීතවය නිසා පිටවන සමහර රසායනිකයන් මිනිස් සිරුරට ගොඩක් අහිතකරළු.ඒ නිසාම තමයි ගොඩක් රටවල් සතාට හිතාගන්නවත් බැරිවෙන විදිහට ඔය වැඩේ කරන්නේ.හරකා කියන්නේ අමුතු සතෙක් නෙමෙයිනේ.අනිත් එවුන්ටත් තියෙන්නේ හරකට වගේ පණම තමයි.තහනම් කරනවනම් ඉතින් ඔක්කොම තහනම් කරන්න ඕනේ.අප්‍රිකාවි වනාන්තරවල සමතුලිතතාව සමබර කරන්න සමහර කාල වලට අලි මරණවා.ඒ මසුත් කෑන් කරලා මිනිස්සුන්ට විකුණනවා.

      Delete
    2. අනේද කියන්නේ හරක්මස් නැතුව වෙන මොන මසක් කන්ඩද

      Delete
    3. කතාව ලියන්න උදවුවෙච්ච රා බොනගමන් කියපු දෙබසක් මේ...
      "...අයියේ,කෝ අරවා?"
      "මොනවද....?"
      "හරකා..."
      "ඒවා අද ගෙනාවේ නෑ බං..."
      "ශික්...අපරාදේ...මට මේ මොනවා තිබුනත් වැඩක් නෑ ඒක නැතුව"

      Delete
    4. This comment has been removed by the author.

      Delete
  14. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  15. Mas kana ekaata mas kame aithiyath kame nidahasath nokana ekaata nokame aiyhiyath nidahasth thibiya yuthuya. Me hema nidahasama anikage nahaya gaawin seema we....

    ReplyDelete
    Replies
    1. එකෙන්ම.මම කාටවත් අවවාද දෙන්න යන්නේ නැත්තේ මම අවවාද පිළිගන්න කැමති නැති නිසා.මගේ නිදහස වගෙම අනිතයගේ නිදහසත් ඒ විදිහටම තියෙන්න ඕනේ.

      Delete
  16. ඔය ලියලා තියෙන්නේ එලටම.
    මිනිස්සු මසට සත්තු මරණ එකාව අයින් කලාට මරපු මස අයින් කරන්නේ නැහැනේ. අන්න ඒකයි වෙනස.

    ReplyDelete
    Replies
    1. ඒවුනාට පවුකාරයා කන එකා නෙමෙයි.විකුනණ එකා.

      Delete
  17. මිනිස්සුන්ගේ හැසිරීම, වෙනස්වීම හරි අපුරුවට කතාවෙන් මතුකරල.කතාව අන්තිම වෙනකන් මට හිතාගන්න බැරිව ගියා කතාවෙන් කියන්න හදන්නෙ මොකක්ද කියල. මම නම් මස් මාළු කන්නේ නැහැ.කන අයට මම මොකුත් කියන්නෙත් නැහැ.කන නොකන එක අනෙක් අයගේ කැමැත්ත.

    ReplyDelete
    Replies
    1. මට ඕනේකලේ මස් කන එක ගැන ලියන්න නෙමෙයි.මිනිස්සු ගැන ලියන්න.මාත් කාලයක් තව ඇත්තියෙක් එක්ක නිර්මාංශවෙලා හිටියා අවුරුද්දකටත් වඩා.ඒත් ඒ ඇත්තී බෝඩිං ගතවුනාට පස්සේ වැඩේ අතාරින්නවුනා ඒවා නොකෑවොත් බෝඩිමේදී කන්න දෙයක් නැතිවෙන නිසා.

      Delete
  18. දෙබස්වලින්ම ලියන්න පුළුවන් මල්කතා විතරක්ම නෙමෙයි කියන එක ඔප්පුකරලා පෙන්නලා.නියමයි.කොහොමත්ම මිනිස්සු හරි කුහකයි.දෙන වෙලාවට විතරක් ඒ මනුස්සයා දෙවි කෙනෙක්.පොඩ්ඩක් හරි බැරිවුනහම ඒ දෙවියා බල්ලා වෙනවා.

    "මහතුන් මාමා" හා සමාන චරිතයක් ඔබලාගේ ගම් ප්‍රදේශයෙත් ජීවත්වුනා නේද උඩවත්ත පාරේ?

    ReplyDelete
    Replies
    1. හිතේ ලොකු ප්‍රශ්නයක් ඇතිකරපු කමෙන්ටුවක්.මම ගැන ටිකක් වැඩිපුර දන්න ඇනෝ කෙනෙක්.
      දිරිගැන්වීමට ස්තූතියි.මම කම්මලයට දාපු කමෙන්ට් එකේ මහතුන් මාමා ගැන ලියල තියනවා.

      Delete
  19. හරකා කෑවොත් ගොඩාාාක් පවු සිදුවන, පසුව උෘරා එළුවා, කුකුලා, මාළුවා, බිත්තර වශයෙන් පව අඩුවී ගොස් කරවල කෑවොත් පවක් සිදු නොවන අපේ මේ නොදියුනු ගෝත්‍රික සමාජය, යම් දිනක ආධ්‍යාත්මික වශයෙන් දියුණුවී සියලුම සතුන්ට තම ප්‍රාණය එක සේ වටින බව වටහාගන්නා දිනයක් ඒ යැයි පතමි......

    ReplyDelete
    Replies
    1. ජීවිතය වටින්නේ තමන්ට විතරක් නෙමෙයි කියන එක ආත්මාර්තය ඉස්සරහ හැංගිලා ගිහින්.

      Delete
  20. සාර්ථක නිර්මාණයක්.. ඊටත් වෙනස් ආරක ඒ කියන්නේ දෙබස් මත පිහිටුවා කරපු නිර්මාණයක්.. එතකොට වැරදි සම්පත් විතරමද මන්දා බං.. හැක්.. ලස්සන ලිවිල්ලක්.. ජය.. හෙඩිම දැකක්ම තවත් එක් සිංහලේ කේස් එකක් කියල හැරිල යන්නත් හදලයි බැලුවේ.. පාඩුවක් නැහැ

    ReplyDelete
    Replies
    1. අම්මෝ....ඇති යන්තම්....පහුගිය පෝස්ට් 7-8 ඇතුලේ උඹෙන් හොඳක් අහගන්න මම විඳපු දුකක්....

      Delete
  21. හරකා මරණ මනුස්සය පවුකාරයෙක් වෙන,ඒ මනුස්සය මරණ මස් කන එවුන් මහත්වරුන් වෙන මාර රටක් අප්පා මේක.එකෙක් වත් හිතන්නේ නෑ මිනිස්සු මස් කන්නේ නැත්තන් සත්තු මරණ මිනිස්සු පවුකාරයන් නොවෙන වග.

    ReplyDelete
    Replies
    1. හරක් මරණ එකා දිහා පිලිකුලෙන් කතා කරන ගමන් බිලී පිත්තෙන් මාළු බාන එවුන්නෙ ඉන්නෙ.

      Delete
    2. ගෙම්බිට උත්තරදෙන්න පරක්කුවුනාට සොරි කිවුවා.
      තමන්ට කන්න ඕනෙනම් තමන්ම මරාගන කන්න කියලා නීතියක් දැම්මනම් වැඩේ ගොඩ.ඒත් සැකයි.කුකුළ්මස් රසට සෝයාමීට් කන රටක්නේ මේක.

      Delete
  22. හරි හරි. බීෆ් තමා ඩෙවල් එක... සතා මොකාද?

    ReplyDelete
    Replies
    1. සතා මොකා වුනත් උඹට මොකද...දෙනදේ කාපන්.

      Delete
  23. කසුට්ටො උඹේ අවතාරෙ හරි නෑ බං. මං ඊමේලක් විදින්නං ‍අපූරු කසුට්ටෙක්. උෟව දාගං

    ReplyDelete
    Replies
    1. මේක හදන්න කලින් බ්ලොග් 3ක් හැදුවා.එකක්වත් ලිවුවේ නෑ.මේක හදන්න ඉස්සල්ලා දවසේ මම ෆෝන් එකෙන් ගත්තු පොටෝවක් මේ.මේ පිංතූරේ නිසා තමයි කටුසුහදවත කියන නම දැම්මෙත් මේකට.
      කොහොමත් මේක අළුත්කරගන්න ඕනේ.ඇත්තම කියනවනම් බ්ලොග් රෝලක් එල්ලගන්නවත් මම දන්නේ නෑ බං.වැඩේ අටමට බාරදෙන්න ඉන්නේ.උඹේ පොටෝ කෑල්ලත් එවපන් අවතාරෙට.

      Delete