Sunday, August 23, 2015

පිහිට....



සූනියම් රජුනි වර වර ඔඩ්ඩි දේවතා මෙහෙවර
භද්‍රකාලී මහා ලක්ෂ්මි හනුමන්තා හනිකට වර
මේ නරයන් දුක් සනහා පඬුරු ගන්න දුවගන වර
මගෙ පවුලට සැප සම්පත දෝතින් අරගන වර වර

භද්‍රකාලී මෑණියනි මේ ගැත්තට පිහිටවන්න
යාබද නිවසේ ගෙහෙමියා සත් කඩකට පුපුරවන්න
ඇගෙ දියණිය මේ පාරත් උසස් පෙළින් බිම දමන්න
ඒ පිහිටෙන් මගෙ දෝණිට දෑවැද්දත් සරිකරන්න

සිද්ධ සූනියම් දෙවියනි අසුපිට නැග මෙහි වඩින්න
මේ බඩ තඩියට කෙළවන මුදලාලිව සුන්කරන්න
ඒ කඩේට යන එන අය මේ කඩේට හරවලන්න
ලැබෙන පඬුරුවල පිහිටෙන් මගේ පවුල ගොඩනගන්න

මේ සිරිලක සුරකින තෙද විශ්ණු දේවයනි වඩින්න
මේ ගැත්තගෙ ගරාජයට යන එන අය වැඩි කරන්න
වටේ පිටේ ඇති වාහන කඩා දමා හප්පවන්න
ඔබෙ පිහිටෙන් අපෙ පවුලට අළුත් ජීප් එකක් ගන්න

මහ බල ඇති කදිර දෙවිඳ නෙත් දොළසින් වදාරන්න
මේ ගැත්තා ගත්ත අළුත් වාහනයට සෙත් පතන්න
දුකක් අනතුරක් නොමකර තව වාහන ලබා දෙන්න
ඒ පිහිටින් මගෙ ගෑණිට පුංචි කාර් එකක් ගන්න

මහා ලක්ෂ්මි දේව මවුණි කරුණාබර නෙත් යොමන්න
ඒ ගෙදරට ගෙනෙන සල්ලි ඒ නිවසෙම රඳවගන්න
සතුට ධනය මුළු නිවසෙම හැමදාමත් තියාලන්න
ඒ පිහිටින් මගේ අළුත් ගෙදර වැඩත් පටන්ගන්න

සොහොන් කාලි යක්ෂනියනි හනිකට මෙහි වැඩමලන්න
මේ දියණිට විණකල ඒ ඇගෙ පෙම්වතා හඳුනගන්න
අත්හැර යා නොහැකි ලෙසින් ඇගෙ පස්සෙන් ඇවිද්දන්න
ලැබෙන පඬුරු උසාවියෙදි පළවෙනි ගෑණිට ගෙවන්න

නාග කුරුළු සුනඛ සොහොන් පිල්ලු වහා අවදිවන්න
මේ අම්මගෙ පුතු ඉදිරූ ලේලි සොයා වහා යන්න
බොටුව කඩා හිස පාගා ගලන ලෙයින් පාට වන්න
දෙන පඬුරුන් පොඩි දෝනිව උපාදියට රට යවන්න

සුමන සමන් දිව්‍ය රජුනි සුදු ඇත් පිට වැඩමවන්න
මේ ඇත්තිගෙ නෙත් වියලා ඇගේ දුකට සවන් දෙන්න
දරුවෙක් නොරැදෙනා ගැඹට ඔබේ කුළුණු නෙත් යොමන්න
දරුවෙක් නැති මද්දුමීව සිංගප්පූරුවෙ යවන්න

දේවාලය තුල හිඳිනා බුදු රදුනි සමාවෙන්න
මගේ මුහුණ දිහා බලල එපා තවත් හිනාවෙන්න
සිල්පද පහ නොරැක්කාට ඔබත් පියෙක් බව සිතන්න
මමද නැතොත් මට රැවටෙන උන්ද වැරදි කියාදෙන්න


කටුස්සා....

51 comments:

  1. අම්මපා ඔය දෙවිවරුන්ට එකපාර චරිත කීයක් රඟපාන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. දෙවියන්ටනම් එකයි වෙන්න ඇති.ඒත් කපුවන්ටනම් සෑහෙන්න පුළුවන් වගේ.

      Delete
  2. නියමයි, ඔයා මාර දක්ෂයෙක් නේ

    "අත්හැර යා නොහැකි ලෙසින් ඇගෙ පස්සෙන් ඇවිද්දන්න
    ලැබෙන පඬුරු උසාවියෙදි පළවෙනි ගෑණිට ගෙවන්න
    "

    ReplyDelete
    Replies
    1. ඔය මුරුන්ගා ගස්වල අතු එච්චර හයිය නෑ ඔමා.දක්කනේ 18 එක්කෙනෙක්ට වෙච්චදේ....

      Delete
  3. මේක තමා සත්‍යය. දෙයියන්ගෙන් ඉල්ලන්නෙ තමුන්ට පිහිට, අනුන්ට හෙණ. රු.1000 ට 500 ට කීයක්නං ජාති කොරංට කියලද අම්මපා මේ දෙවිවරු? එළ කසුට්ටෝ.

    ReplyDelete
    Replies
    1. පවු නේද බන් දෙවියොත්.....

      Delete
  4. අප්පට බොල. උඹ ඒ පාර දෙවාලයෙකුත් දාගත්තද ?

    ReplyDelete
    Replies
    1. කසුට්ටගෙ බිසිනොස් වැටිල ලු. මේ දවස් වල දේවාල ගානෙම ලු ඉන්නෙ. ඒ දේවාල වල ඉන්න කපුවො එක එක උන්ට ඉල්ලන ඒවා ඇහිච්ච විදිහට තමා ඔය ලියල තියෙන්නෙ :D

      Delete
    2. යකෝ කොරනවනං ඕක තමා නියම බිස්නස් එක. අවශ්‍ය අමුද්‍රව්‍ය පොල්, හඳුංකූරු ටිකත් ආයි ආයි වික්කැහැකි බැතිමතුන්ටම පොල් කුණුවෙනකං, හඳුංකූරෙ නාරටිය මතුවෙකං. හැම අතින්ම ලාබයි. ලෝ ඕවහෙඩ්ස්. ඉනීෂල් කොස්ට් එකත් බැතිමතුන්ම දරනවා.

      Delete
    3. [කසුට්ටගෙ බිසිනොස් වැටිල ලු. ]
      මේකා ගල් කොරියක් කරන එකා වෙච්චි, එහෙව් පුතයත් පහුගිය දොහේදී උඩ බලාගෙන කෙළ ගහනවා වගේ වැඩ කලාම දෙවි පිහිට පතනවා ඇරෙන්න ආයේ තව මක්ක කරන්නද.

      Delete
    4. ඉවාන්-
      දේවාලේ තාම ඕපන් කලේ නෑ.ඕපන් කලහම වරෙන් හොඳේ පූජා වට්ටියත් අරගන.

      මනා-
      වෙලාවට අපේ ගෙදර මිනිස්සු ඕවා පිළිගන්නේ නෑ.නැත්තන් එහෙම පහුගිය දොහේ බලාගන්න තිබුනා....

      මදාවි-
      මම කිවුවාබං අපේ ගෙදර මිනිස්සුන්ට.එකෙක්වත් අහන්නේ නෑනේ.

      ඇනෝ-
      ඒ යකාටම දුන්නනම් දැනට කයි.ඒත් තව අවුරුදු 2-3කින් පස් තමයි කන්න වෙන්නේ.

      Delete
  5. දෙයියෝ උදව් කරන්නේත් දෙන සල්ලි ගාණ අනුව..නැද්ද හා!

    ReplyDelete
    Replies
    1. ඒක දෙන්න ඕනේ පූජා වට්ටියේ උඩින් හොඳට පේන්න තියලා.එතකොට තමයි කපු මහත්තයා උඩින් අතදාලා පූජා වට්ටිය අනිත් එවුන්ට කලින් ගන්නේ.

      Delete
  6. කසුට්ටෝ ඔලුව වත් හැප්පුනාදෝ.....
    ‍සල්ලි තියෙයි නම් දොයියොත් ඉදි කසුට්ටෝ

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ඇත්ත බං.සල්ලි නැත්තන් ගෙදර ගෑණිවත් නෑ.

      Delete
  7. මරු බං කටුස්සො. උඹට තියෙන්නෙ අමුතුම හැකියාවක්.
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මම ඔමාටත් කිවුවා.මුරුංගා අතු හයිය නෑ.

      Delete
  8. අැත්තමයි කසුට්ටෝ......................

    මිනිස්සුන්ට පිස්සු............ වෙන මොනවද මේ.........

    ReplyDelete
    Replies
    1. මුන් දෙවියන්ටත් පිස්සු හදෝනවා බං.

      Delete
  9. කියෙව්වා ,තාම ඔලුව කැරකෙනව බං.

    ReplyDelete
    Replies
    1. පූජාවක් තියමුද? තැඹිලි ගෙඩියක් මතුරලා බොමුද?

      Delete
  10. දෙයියො සිහිවෙලා නේද ? වශියක් කරගන්ඩ මොන දෙයියොද හොදම ? කොලිෆයිඩ්ම දෙයිය කියහං,

    ReplyDelete
    Replies
    1. මේ වයසට වශී ගුරුකම්....?කෑමක් තමයි ඉතින්.ඔෆිස් එක වටේ තියෙන්නෙත් අමුතු පොට්.ඊයේ ඒ හරියෙන් එනකොට දැක්කා එහා පැත්තේ "ජැමෙයිකා ඉන්" කියලා එකකුත් තියනවා.
      ඔය වැඩේට හරියන්නේ පමළ දෙයියෝ තමයි.වැඩේ ගොඩ.

      Delete
    2. එන්ඩ එපෑ යකෝ ,එතනින් බලල යන්නෙ.' ජැමෙයිකා ඉන් 'කියන්නෙ අපේ 'බොබ් මාලෙගෙ' කඩේ. බුවා කටුගෙයි කඩු සීන් එකටත් මාට්ටු. උදේට උගෙ කඩේ රතු බත් එක තමයි මගෙ කෑම.

      Delete
    3. එන්ඩ එපෑ යකෝ ,එතනින් බලල යන්නෙ.' ජැමෙයිකා ඉන් 'කියන්නෙ අපේ 'බොබ් මාලෙගෙ' කඩේ. බුවා කටුගෙයි කඩු සීන් එකටත් මාට්ටු. උදේට උගෙ කඩේ රතු බත් එක තමයි මගෙ කෑම.

      Delete
    4. අම්මට හුඩු උඔලා ඡැමෙයිකාවේද ඉන්නේ?

      Delete
  11. දෙහි, මිරිස්, ලූනු, උම්බලකඩ බෆර් එකේ එල්ලනවද?

    ReplyDelete
    Replies
    1. අප්පට සිරි...උම්බලකඩත් එල්ලනවද? එහෙනම් එල්ලමු.හදිස්සියකට සෙට්වෙන කොටවත් ගන්න පුළුවන්නේ.

      Delete
  12. අම්මෝ... මම නම් ආයෙ කසුට්ටට මුකුත් කියන්නෙ නෑ... අපි දෙන්නා යාළුවො නේද බං...?

    ReplyDelete
    Replies
    1. නෑ නෑ...යාළුවෝ නෙමෙයි.පවු සමා කරගන්න ඕනෙනම් ලොකූකූකූ.....පලතුරු වට්ටියක් අරගන වර අපේ ගෙදර.

      Delete
    2. ඒක වට්ටියට ගල් බෝතලයකුයි සිගරට් පැකට් එකයි අනිවාර්්‍යයි

      Delete
  13. මම හිතුවා සොම්නස් හෝටලේ දානව කිව්වම වටේම තීන කඩවලට වස්කවි කියවාවි කියල...කව්ද හිතුවෙ මූම වස්කවි ලියාවි කියල..ස්ලිට් එකේ කොල්ලොන්ට කෙල්ලන්ට අබ සරණයි....

    ReplyDelete
    Replies
    1. ස්ලිට් එක ටිකක් දුර නිසා උන් බේරිලා.එහෙම නොවුනත් මමනම් ආපහු ස්ලිට් එක දිහා බලාගන බත් කන්නේනෑ.

      Delete
  14. දෙයියෝ බලන්නත් දෙන පඬුරු වල ප්‍රමාණේ අනුව වෙන්න ඇති බං..

    ReplyDelete
    Replies
    1. දෙවියොත් කී දෙනෙක් ගැන කියලා බලන්නද බං...

      Delete
  15. දෙයිය උනත් පල් වෙනවා බං මේ කයි කොළේ කියෙව්වම...

    ReplyDelete
    Replies
    1. දෙවිවරු පිහිට ඉල්ලන්නේ කාගෙන්ද බං ලොකු අයියේ?

      Delete
  16. මේ කොමෙන්ටුවත් ලියන්නේ බයෙන් බයෙන්. කොහොම වුනත් වස්කවියනම් නියමෙට වදීවි.මං වැරදි දෙයක් කිව්වෙ නෑ නේද බං. නෑ. නෑ. හොඳේ.

    ReplyDelete
    Replies
    1. ඒවා මම දන්නේ නෑ.උඹත් වරෙන් පලතුරු වට්ට්ටියක් අරගන අර කැමරා කටා එක්ක.පඬුරු රුපියල් 5663.25

      Delete
  17. අඩෝ එහෙම කතා කලාට එන්නේ නෑ! අපොයිමන්ට එකක් දාපන්! ඊට පස්සේ තමා කීයක් හරි අතමිට මොලවලා කතාකරන්ඩ ඕනේ!

    "දේවාලය තුල හිඳිනා බුදු රදුනි සමාවෙන්න
    මගේ මුහුණ දිහා බලල එපා තවත් හිනාවෙන්න
    සිල්පද පහ නොරැක්කාට ඔබත් පියෙක් බව සිතන්න
    මමද නැතොත් මට රැවටෙන උන්ද වැරදි කියාදෙන්න"

    මේක නම්..............

    ReplyDelete
  18. Pk,pk,pk.....

    දෙයියො කියාගත්ත යක්කු තම්‍යි මේ ලෝකෙ කන්නෙ.

    ReplyDelete
  19. මේක සුපිරියිනෙ කසුට්ටෝ

    ReplyDelete
  20. එල ද බ්‍රා මචං
    මේක තමයි කටුක ඇත්ත

    ReplyDelete
  21. කටුස්සා , දැන් දෙවියන්ගෙන් සෙට් තමා මේවා ලියන්න ගිහිල්ල. ඔම්ලට් එකට බිත්තර මදි වෙයි.
    http://nelumyaya.com/?p=4102

    ReplyDelete
  22. කටුසුටත් කටුසුගේ පවුලටත් ඔහුගෙ හැම දෙටමත් යසවඩා බල වඩා එපස්වා මෙපස්වා දහස් කල් රකීවා දිනෙන් දින දිනේවා ආයු බෝවේවා

    ReplyDelete
  23. ආයුබෝවේවා! ආවඩා
    යාදිනි ගැන අළුත් ඇහැකින් . කදිමයි

    ReplyDelete
  24. ආගිය අතක් නොමැත...

    ReplyDelete