Wednesday, August 19, 2015

නොමියන....



මැවෙන සිතුවිළි දැනෙන හැඟුමන් එකින් එක ගෙන ඉවතලා
සුළඟේ පාවෙන වරාමල සේ මගේ ලෝකෙන් පාවෙලා
සිතට වදදෙන අපේ මතකය ලොවට රහසින් සඟවලා
උදයෙ සුපිපුන පින්න මල සේ ඉන්න ඔහු තුරුලටවෙලා

නමුනුකුල සිප හමන සුළඟට සිතින් පෙම්බැන්දත් එදා
රැඳෙනු නොහැකිව හමන සුළඟත් දුකින් කෑගැසුවා මෙදා
දුටුවේ හැම මං අප කතාවේ නමුනුකුල පමණක්නිසා
කිසිකෙනෙකු ලොව දොසක් නොකියත කන්ද තාමත් ගොළුනිසා

එක්ව දුටු හැම හීන පොකුරෙම පාට තැවරුවේ ඔබනිසා
තනිව දකිනා හීන යායම පුරන්විය නුඹ දුරනිසා
මලක්වුන නුඹ නටුව මත කටු සුවඳ අමතක කලනිසා
ගලන ලේ බිඳු සඟවගන මම සිනාසෙමි නුඹ නැතිනිසා

පෙර පුරුද්දට නුඹේ සිනහව මැවී පෙනුනත් නෙතුමතින්
නුඹේ අතැඟිලි ඇදෙන රිද්මය සොයනමුත් කෙහෙරැලිමතින්
මගේ මුවඟට දැනුන සුසුමේ මතක සෙවුවද උනුහුමින්
එනු එපා යලි බිඳින්නට නුඹ හදක් තවමත් නැතිබැවින්


කටුස්සා....

31 comments:

  1. //ගලන ලේ බිඳු සඟවගන මම සිනාසෙමි නුඹ නැතිනිසා//
    අන්තිමට ඕක තමයි ඉතුරු වෙන්නෙ. වැඩි පුරම හිනාවෙන්නෙ හිතේ දුක වැඩි උන් කියනවනෙ කසුට්ටො.....

    ReplyDelete
    Replies
    1. ගොඩක් වෙලාවට කවි ලියන්නෙත් අඩන උන්ම තමා කැමා අයියේ..........

      Delete
    2. හිතේ දුක කොච්චර තිබුනත් ලෝකෙට පේන්න හිනාවෙලා ඉන්න වෙනවා බං.නැත්තන් අඩන මූණ දැක්කහම අනිත් එවුන්ටත් එපාවෙයි.

      සබරේ-
      තෝ ගුටිකාපන් කවිලියන එවුන්ගෙන්.

      Delete
  2. සේද සිහින සුදු
    දුන්හිඳ නුඹ
    උස සීත නමුණුකුල
    ගිරිහිස මම
    මූණ බලාගෙන මේ විදියට
    මතු ජාති ජාතියෙත් උපදින්නද...

    නීල නුවන් නිල් තරු එළියට
    පෙම් ගීත ගයන
    මළහිරුදෝ මම
    පාරමිතාවෙන් යළි උපදින
    බැස යන්නද
    ජීවිත පියගැට පෙළ

    මාළිඟාව ළඟ පය පාමුල
    සුදු නෙළුමද මම
    සඳකඩ පහනක
    නාද නගන සඳ සඳළුව මත
    හිමි පාද සලඹ
    ගීයට පෙම් බැඳ..

    සංගීතය සහ ගායනය - ගුණදාස කපුගේ
    පද රචනය - ගුණදාස කපුගේ

    ReplyDelete
    Replies
    1. එක කාලයක් පිස්සුවෙන්වගේ මේ මනුස්සයාගේ සිංදු ඇහුවා.අදටත් ප්‍රියතමයා ඔහුමයි.හිතන් හිටියේ ඔහුගේ ඔක්කොම ගීත අහලා තියනවා කියලා.ඒත් මේ සිංදුව අදමයි ඇහුවේ.ඔහු ඉස්සරහා අපි තාම තුත්තිරි ගස් කියලා ඔහු නැවත නැවත අපිට පෙන්නනවා.උඹට ගොඩක් ස්තූතියි.

      Delete
  3. ඔන්න කසුට්ටො ඔයාටත් චෝදනා පත්තරයක්

    වරා මල සේ දුරට පාවී ගියේ හිත බර නැති නිසා
    මැවූ සිතුවිලි බොඳ වෙලා ගොස් සිතේ වූ සෙනෙහස නසා
    ඔබේ ගොළු හද කෙසේ වටහම් දුරට ඇදුනේ ඒ නිසා
    ඔහුගෙ තුරුලේ උණුසුමේ ඉමි නුඹේ උණුසුම මදි නිසා


    නමුණුකුල ගොළු නුඹේ හද මෙනි අදත් නිසලයි මෙන් එදා
    සුළඟ වෙත පෙම් කලෙන් නුඹ හට පින්න අමතක වූ නිසා
    ඉතින් නික්මුනි නුඔ සමග ආ මගේ කටු සර වැඩි නිසා
    විසිර ගිය කිරි වලට නාඩන් -සතුට ලොව තුල වේ සදා

    පාට තැවරුව මුත් නුඹේ හිත සිහිනයේ මං ඒ එදා
    මගේ සිහිනය බොඳව යා නම් කෙසේ සැනසෙම් නුඹ පතා
    මගේ හීනය පිපෙන්නට නුඹ දෑත මත ඉඩ නැති නිසා
    කටු නුඹට දී ඉවත පිපුනෙමි ඔහුගෙ ඒ සෙනෙහස පතා

    මටත් ඉඳ හිට හිතට ආවත් නුඹේ සරදම් සිනාවන්
    එපා මගෙ ලෝකයට නුඹ නම් ගෙනෙන දුක් වේදනාවන්
    මා හදා ගත් පුංචි ලෝකය සසර මතු වාසනාවන්
    මමත් නුඹගෙන් නිත්ම ආවේ නුඹට සිත නැති නිසාවෙන්

    ReplyDelete
    Replies
    1. ++++++++ ඉස්සර මමත් මේ වගේ.. කවියක් දැක්ක ගමන් උත්තරයක් ලියනවා.. සක්.. දැන් හරිම කම්මැලි වෙලා..

      Delete
    2. වස්සි-
      ඇයි යකෝ...මෙහෙම දෙපැත්තටවෙලා රංඩුවෙන්න ගියොත් වෙන වැඩක් කරන්න බෑනේ.වෙලාවට මට ඔය වැඩේ ඇතිවෙලා ගොඩකාලෙකට කලින් අතෑරලා දැම්මේ.

      කමියෝ-
      අර බුකියේ මල් කැඩිල්ලට කම්මැලි හිතෙන්නෙම නැද්ද බොට?

      Delete
  4. මගේ මුවඟට දැනුන සුසුමේ මතක සෙවුවද උනුහුමින්
    එනු එපා යලි බිඳින්නට නුඹ හදක් තවමත් නැතිබැවින්

    ගිය එකා ආයිමත් ගන්න හොද නෑ කටුස්සෝ උන් ආයෙමත් යනව ෂුවර් එකටම
    හැමදාම වගේ අදත් කයිය ලස්සනයි

    ReplyDelete
    Replies
    1. එක කාලෙක මම ඔය කතාව පිළිගත්තෙම නෑ.ඒත් අන්තිමේදී ඒක ඔප්පුකරලම පෙන්නුවා.කතාව ඇත්ත.

      Delete
  5. //කිසිකෙනෙකු ලොව දොසක් නොකියත කන්ද තාමත් ගොළුනිසා//
    හැබෑව ඔය කදු, ගුරුපාරවල්, ලදු ඕවිටි වලට කතා කරන්න පුළුවන් නම් මොනවා නම් නොකියාවිද?
    කවිය අපූරුයි සහෝදරයා...

    ReplyDelete
    Replies
    1. අනේ ඉක්මනට වැහැපං මට නාගන්න කියයි.

      Delete
    2. වෙලාවට ඕවට කතාකරන්න බැරිවුනේ බං.ඒවා එහෙම්මම ජීවත්වෙයි කතාගොඩක් හිතේ තියාගන.

      මදාවියෝ-
      නාපු හරිය මදිද පඳුරු අස්සේ රින්ගන්න ගිහින්....

      Delete
    3. වෙලාවට ඕවට කතාකරන්න බැරිවුනේ බං.ඒවා එහෙම්මම ජීවත්වෙයි කතාගොඩක් හිතේ තියාගන.

      මදාවියෝ-
      නාපු හරිය මදිද පඳුරු අස්සේ රින්ගන්න ගිහින්....

      Delete
  6. කසුට්ටා ආයි පරණ බූට් ඇල්බම් එක ඇරලා.
    නොමියන කිව්වෙ දුක ගැනද?

    ReplyDelete
    Replies
    1. නොට් අ බූට් ඇල්බම් සහෝ.මම මේක කලිනුත් කියලා ඇති.ඔය ෆීලින්ග් එකට යන්න මට හරිම ලේසියි.කැමතියි. ඒනිසා ටිකක් වැඩියෙන් ලියවෙනවා ඇති.
      නොමියන කියලා දැම්මේ ඒ කාලේ හිටපු "ඇ‍ය" නොමියන නිසා.

      Delete
  7. කියන්න අමතක වුනා..කවිය ලස්සනයි අයියේ....විරහව කොච්චර වටින දෙයක්ද?ඒක ගැන කොච්චර දේවල් ලියවෙලා තියනවද?බැරි වෙලාවක්වත් ආදරේ ජය ගත්තනම්
    මලාම තමයි...ලියන්න කියවන්න අහන්න කොච්චර දේවල් නැති වෙලා යාවිද?

    ලෝකෙ හැමෝටම වැඩි වැඩියෙන් බූට් ලැබිච්චාවේ!!!!!!!!!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. මදැයි කොලා!!! හැබැයි ඒකේත් ඇත්තක් තියෙනවා

      Delete
    2. කොටියම කාපිය මෙහෙම සහෝදරියෝ....අයියේ කිය කිය අපිව නලවලා ජීවිතකාලෙම මෙහෙම වේලෙනවා බලන්න තමයි මුන්ට ඕනේ.

      මලියා-
      ඇත්තක් තියනවද බොටත්...?බලන් හිටපන්කෝ කන සපත්තුව ආමාශෙදී දිරවගන්න බැරුව හිරවෙනකොට.

      Delete
  8. පට්ටයි...

    උඹ ගහලා ඉන්න වෙලාවක බඩුව දකින්න ඇති....

    ReplyDelete
    Replies
    1. බඩුව නෙමෙයි.හිටපු බඩුව.
      බඩුව දැකලා මෙහෙම ලිවුවනම් අම්මා ගහයි බැට් එකෙන් තමයි.

      Delete
  9. කතාවට වැඩිය කවිය හොඳයි.. කවියට වැඩිය කතාව හොඳයි.. සුජීව ප්‍රසන්න ආරච්චි උගේ හොඳ වෙලාවට උඹට කලින් ඉපදිලා ප්‍රසිද්ද උනේ..

    ReplyDelete
    Replies
    1. ඒකත් හරියට ගහලා බැන්දත් එකයි, බැදලා ගැහුවත් එකයි වගේද කල්‍යාණ මිත

      Delete
    2. මම එදත් උඹට කිවුවේ.මගේ හැම දෙයක්ම පරක්කුවෙලා වෙන්නේ....
      කොහොමත් සුජීව කියලා කතෲ කෙනෙක් දැන් නැද්ද කොහේද බං.මේ ලඟදී "භාවනා" සඟරාවක් කියෙවුවා.ඒකේ දැන් ඉන්නේ "චෙෆ්" කෙනෙක්.

      Delete
  10. /* එනු එපා යලි බිඳින්නට නුඹ හදක් තවමත් නැතිබැවින් */

    දෙපාරක්ම කියෙව්වෙහිය.
    බොක්කටම වැදුනෙහිය.
    සුපර්බ්ය

    කියලා කියන්නේ
    4/15 ඉදං ලියන - යා ෂා

    ReplyDelete
    Replies
    1. කියවන්නාගේ හිතට වදිනවානම් මම දිනුම්.
      පළමු ගොඩවැදුමට වල්කම් කිවුවා යා ශා....

      Delete
  11. මට ලොකු හැගිමක් හිතට දැනුනේ නෑ බං
    කයිය මට තේරැනා මදි නිසාද?

    ReplyDelete
    Replies
    1. කෙල්ලෝ ගොඩක් මැද්දේ දවසම ඉන්න උඹට මේක ෆීල් වෙනවනම් උඹව මරන්න ඕනේ.වැඩක් කරමුද? ජොබ් දෙක මාරු කරගමුද?

      Delete
  12. නමුණුකුල වගේ ම තව තව තැන් බොහොමයක් මේ විදිහට මාතෘකා වෙනවා.... හන්තාන..... මේ වගේ තැන් ඒමට.... මොනවා වුණත් කසුටු හිතේ තියෙන දුක ගැන ඉතින් අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ... මොනවා වුණත් ඒ දුක කවියක් විදිහට ඒළියට අැවිත් හිතේ තරහක් නැතිව ඉන්න ඒක ගැනනම් සතුටුයි......

    කවිය ලස්සනයි කසුට්ටා... ඒත් හිතේ තියෙන දුක නම් සුන්දර නැතුව අැති..... කාටවත් මෙහෙම වෙන්න ඒපා කියලා අපි පතමු..... ඒ ඒ අයට ඒ ඒ අය හමුවෙන ලස්සන ලෝකයක් අැති වේවා කියලා හිතමු.... ඒදාට උඹත් සතුටින්නේ

    ReplyDelete
  13. ඒක හරියන්නේ නෑ බං.ඔක්කොම කතන්දර සුඛාන්තයකින් ඉවරවුනොත් මේ ලෝකේ කිසිම රහක් නැතිවෙයි.අපිට හිතන්න දේකුත් නැතිවෙයි.ඊට වඩා මෙහෙම හොඳයි. තමන්ගේ අතින් වෙන්න තියන දේ කරලා පැත්තකටවෙලා බලන් ඉන්න එකෙත් පොඩි "ලල්" එකක් තියනවා.

    ReplyDelete