Wednesday, August 12, 2015

හිමි අහිමි - 01.



"බීප්...බීප්..."
මේ මොකාද මේ මහ රෑ මැසේජ් එවන එකා...?

අඩෝ...එක්සෑම් ලේසිද?මේපාර ගොඩද?


මේ කවුද මේ...?කාටහරි වැරදිලා වෙන්න ඇති.පොඩි එවුන් මගුල් නටනවා මේ මහ රෑ ඇහැරිලා ඉදගන.

ක්‍රියා විරහිතවුන සිංදුව ආපහු දාගත්තු මම හෙඩ්පෝන් එක කනේ ගහගත්තා.

එදා දුරසිට දුටුව ඔබ නොව මෙදා ළඟසිට මා දකින්නේ

සදාකාලික නොවූ ලෝකයෙ සදා කෙලෙසද පෙම්කරන්නේ...

"බීප්..බීප්..."

ආපහු මේ මගුල...

මොකද ඩෝ සද්ද නැත්තේ? නිදිද?


මොන රෙද්දක්ද මේ?


ඔයාට වැරදිලා.මම ඔයාගේ යාළුවා නෙමෙයි.නම්බර් චෙක්කරලා බලන්න


සොරි.ඒත් මගේ ළඟ තියෙන්නේ මේ නම්බර් එක.මම උදේට හොයාගන්නම්.තෑන්ක්ස් 


"මහත්තයා....එදා ලොර්ඩ් 3ක් නෙමෙයි ගෙනල්ලා තියෙන්නේ.4ක් ගෙනල්ලා."

"ඒක තමයි මම කිවුවේ...මම බැළුවේ නැත්තන් අපරාදේ.මීට පස්සේ ඔක්කොම එක පාර ගන්නේ නැතුව එන එන ලෝර්ඩ් එකට ඒ සැරේම බිල අරගන යන්න.එතකොට පැටලෙන්නේ නෑනේ.කොහොමත් උඹලගේ මහත්තයට සල්ලි වැඩියිනේ.අපරාදේ මට නොකිය ඉන්න තිබුනේ"
"හි..හි..සල්ලි වැඩියි තමා.පුළුවන්නම් මහත්තයගෙන් 10,000ක් ඉල්ලගන ඩීසල් ගහගන එන්න කිවුවා..."
"ඔන්න ඉතින් කුණුහරප කියනවනේ.එක්කෝ කලින් කියල තියන්න ඕනේ.මේ උදේ පාන්දර මගේ යකා අවුස්සනවා.අතේ තියෙන්නෙත් 7000යි....ම්ම්...හරි..මේ 5000 අරගන්නවා දැනට.ඊළඟ එක එනකොට මම ඉතුරු එක දෙන්නම්.තොපේ මහ එකාට මෝල් කලන්තේ."
මේ කවුද..."හරි හරි...පියසේන යන්න.අර බිල අරගන යන්න අත්සන්කරලා"
"හෙලෝ...හෙලෝ...කවුද මේ....හෙලෝ...."
"හෙලෝ....."
"ඔවු කියන්න..මට ඇහෙනවා...."
"හෙලෝ...මම තමයි ඊයේ රෑ ඔයාට වැරදිලා මැසේජ් කරපු කෙනා..."
"ආ....ඔයාද මේ...යාළුවා පාඩම්කලාද කියලා අහනවා.ඔය නෝනා මහත්තයා මහ රෑ තිස්සේ ඇහැරගන මැසේජ් කරන්නේ ඔයාට පාඩම් කරන එක අගුණ නිසාද..?"
"අනේ නෑ...එයා මේ පාර A\L'ස් කරනවා.ඒකයි ඇහුවේ..."
"එයා A\L කරනවා.ඔයා මොනවද කරන්නේ...?"
"මම මේ පාර කරන්නේ නෑ."
"ඇයි...?"
"මම ගියපාර කලා.දැන් කැම්පස් පටන්ගන්නකන් ගෙදර.යාළුවා මේ පාරත් කරනවා.ඒකයි එයාට මැසේජ්කලේ..."
අප්පා..ඉඳල ඉඳලා කෙල්ලෙක් කතාකලා.ඒකත් දරුකමට හදාගන්න පුළුවන් සයිස් කෙල්ලෙක්.
"ඉතින් දැන් මොන යුනිවර්සිටිද යන්න ඉන්නේ...?"
"තාම දන්නේ නෑ අයියේ...ඒක තාම ආවේ නෑ"
"අයියේ...?මම අයියෙක් කියලා කොහොමද දන්නේ...?"
"දන්නේ නෑ...ඇයි අයියෙක් නෙමෙයිද? කට හඬින්නම් එහෙම පේන්නේ නෑ..."
මමත් පොඩී වුන් නලවන්න ගිහින් නානවාද කොහේද...කටට එන ඒවා කොහොමද කියන්නේ ඉතින් මේ පොඩි එකෙක්ට...
"අයියෙක්නම් තමයි.ඒත් ඔයාට වඩා ගොඩාක් ලොකු කෙනෙක්..."
"ගොඩාක් කිවුවේ....අලියෙක් විතර ලොකු කෙනෙක්ද...?"
"ගොඩාක් කිවුවේ මෝඩයෝ වයසින්.ඔයාට වඩා අවුරුදු 10ක් විතර වැඩිමල් අයියෙක් මම."
"ආනේ...අපේ ලොක්කයියගේ වයස...."
"ලොක්කයියා කියන්නේ....තවත් අයියලා ඉන්නවද...?"
"ඔවු...ලොක්කයි, පොඩ්ඩයි,මමයි...."
"දැන් කෝ ඒ අය...?"
"ලොක්කනම් බැඳලා වෙනම ඉන්නේ.පොඩ්ඩා පේරාදෙණිය කැම්පස් එකේ"
"එතකොට ගෙදර ඉන්නේ මේ ඇටිකිත්තා විතරද..."
"ඇටිකිත්තා....තලනවා කට මට ඇටිකිත්තා කිවුවොත්...."
"අතින්ද දන්නේ නෑ..."
"මොනවද...?"
"තලන්නේ...."
"නෑ...මෝල් ගහෙන්"
"හිටගනද...?"
"නෑ...ඉඳගන..ඇයි අවුල්ද..."
"අපෝ නෑ...කිසි අවුලක් නෑ...කෝ දැන් අම්මයි තාත්තයි...?"
"ඒ අය කුඹුරට ගිහින්."
"ඉතින් ඔයා මොකද ගෙදරටවෙලා කරන්නේ...යන්න එපැයි ඒ අයත් එක්ක..."
"ගිහින් කරන්න වැඩක් නෑ අයියෝ...තාම පැලනේ..."
"පඹයෙක් හදලද තියෙන්නේ කුඹුරේ...?"
"නෑ...ඇයි?"
"ඉතින් පඹයට ඉන්න පුළුවන්නේ..."
"ඔවු...ඔවු...මම මේ ලෑස්තිවුනේ හෙට ඉඳන් යන්න පඹයට"
"දැන් මෙච්චර කතා කරනවා.ඔය ගෑණු ළමයගේ නම මොකද්ද...?"
"ශාලිකා...ඔය පිරිමි ළමයගේ නම?"
"මුදිත....කොහේද නංගි ඉන්නේ ඕගොල්ලෝ...?"
"පදවිය....ඔයා...."
"දැන් ඉන්නේ අනුරාධපුර"
"ඇයි දැන් ඉන්නේ...?අනිත් වෙලාවට වෙන කොහේ හරිද ඉන්නේ...?"
"මෙහේ ඉන්නේ ජොබ් එකට.ගම මෙහේ නෙමෙයි.ඒකයි."
.............................................................
.............................................................
"ඔයත් ශෝක්"
"ඇයි...?"
"මාත් හෙන පාළුවෙන් හිටියේ අද.කතාවෙන් කතාව ගානක්වත් නැතුව ගියා..."
"ඇයි අද වයිෆ් කතාකලේ නැද්ද....?"
"නෑනේ...ඒකා අද අනිත් මිනිහා හම්බවෙන්න ගිහින්.."
"අනේ...කියනවකෝ..."
"වයිෆ් කෙනෙක් ඉන්න මම තාම මැරි කරලා නෑ"
"ශික්...අවුරුදු 29ත් පහුවෙන්න ආවා.තාම බැඳලා නැද්ද...?මෙලෝ රහක් නෑ.."
"ඇයි රහද බලන්න මාව කෑවද....?"
"කන්න ඕනේද ඕකට...බලනවකෝ අපේ ලොක්ක...ඒකට දැන් අවුරුදු 3ක් කෙල්ලෙකුත් ඉන්නවා."
මේකි මගේ රෙදි ගලවනවද මංදා...බේරගනින් මුඩ්ඩා උඹේ නම්බුව.... මොකද මේකිට කියන්නද නොබැඳ හිටියට මටත් ළමයි ඇති කියලා.
"ළමයි හම්බවෙන්න ඉතින් බඳින්නම ඕනේකමක් නෑනේ....කවුද දන්නේ ලොක්කට වඩා මට ළමයි ඉන්නවද කියලා...."
"ඔවු ඉතින් ....කියන්නත් බෑ තමයි.අපි කොහොමද දන්නේ...?"
"ඒකනේ...මේ මෝඩයෝ....පදවිය කොහේද ඔයගොල්ලෝ ඉන්නේ....?"
"පදවිය කිවුවට පදවියේ ඉඳන් කිලෝමීටර් 30ක් යන්න ඕනේ.ඒ හරියට කියන්නේ පරාක්‍රමපුර කියලා..."
"අම්මෝ...ඩොටේනේ....දවල්ටත් ටෝර්ච් ගහගන නේද යන්නේ...?"
"ඒ මොකටද...?"
"කැලේනේ.ඉර අවුව වැටෙන්නේ නෑනේ කැලේ නිසා.ඒකයි."
"අනේ යනවා යන්න...මෙහේ කැලේ නෑ."
"යනවා යන්න බොරු නොකියා."
"මම තියනවා හොඳද..."
"හරි හරි ඉතින්...විහිළුවක් කලේ.මමත් ලබන මාසේ විතර පදවියට එයි ගොඩක් වෙලාවට..."
"ඒ මොකටද..."
"මගේ යාළුවෙක් ඉන්නවා කැනඩාවේ.එයා පදවිය සෙන්ට්‍රල් එකේ ළමයි වගේකට බඩු වගයක් දෙන්න එනවා ලබන මාසේ.වකුගඩු ලෙඩේ නිසා තාත්තලා නැතිවුන ළමයි වගේකට.ඒ අයත් එක්ක ගොඩක් වෙලාවට මාත් එයි."
"මේ...ඒ එනකොට මටත් මොනවහරි අරගන එනවා හොඳේ... කනබොන දෙයක්.."
"හරි අරගන එන්නම්.පදවියට ඇවිත් අරගන යන්න වෙයි."
"මොකද්ද ලෝභයෝ...අනුරාධපුරේ ඉඳන් පදවියට ඇවිත් ඔය පොඩ්ඩ දුර එන්න බැරිද...?මහ ලෝභ කුණෙක්.කොටියම කන්න ඕනේ..."
"මට වෙන වැඩ නෑනේ මේ හපුටියන්ට කන්න බොන්න ගෙනත්දෙන්න කිලෝමීටර් 30ගානක් ඇවිත්..."
"හරි හරි...මට ඕනේ නෑ...මේ අයියේ..මම තියන්නද..?අම්මලා එන්න කලින් උයන්න ඕනේ..."
"හුටා...ඔයා උයන්නත් දන්නවද....?"
"මේ....මට හොඳට උයන්න පුළුවන් හරිද...එන්න එපා අපහස කරන්න..."
"හරි...හරි...එහෙමයි කියලා අපි පිලිගමුකෝ...හරි නංගෝ...ගිහින් එන්න..."
"බුදුසරණයි අයියේ...බායි.."
"පරිස්සමෙන් ඉන්න නංගී..බායි"

ඒ විදිහට පටන්ගත්තු අපේ සංවාදය එදා ඉදන් හැම දවසකම දිගටම පැවතුනා.ගොඩක් වෙලාවට මහ රෑ එළිවෙනකම් අපි කතාකලා.අයෝමිත් එක්ක තිබුන සම්බන්ධය නැතිවුනාට පස්සේ අවුරුදු එකහමාරක් විතර කිසිම කෙල්ලෙක්ට ලං නොවුන මට ඔයාගේ කටහඬ කාන්තාරෙට වහින වැස්සක්ම වුනා.ඒත් කවදාවත් ඔයාගැන වැරදි හැඟීමක් ඇතිවුනේම නෑ මට.මම එදා ඉඳන්ම ඔයා දිහා බැළුවේ පොඩි එකෙක් දිහා බලන විදිහට විතරමයි.ඊට එහා කිසිම දෙයක් මට හිතුනෙම නෑ.සමහරවිට ඊට එහා යන හැඟීමකට එන්නනොදී මමම දොර වහගන ඉන්න ඇති.ඒත් මට ඒක එහෙමට අමාරු දෙයක් වුනෙත් නෑ.කවදාවත් සංවර නොවුන මගේ වචන, හැසිරීම, හැඟීම් ඔයා ඉස්සරහා ගොඩක් සංවරවුනා.ඔයත් එක්ක කතා කරන කොට ඒ නැහැදිච්ච මුඩ්ඩව මතුවෙන එක නවත්තගන්න මම බොහොම අමාරුවෙන් ඉගනගත්තා.මටත් නොදැනීම මම අළුතින් අත්තටු හම්බුන කිරිල්ලියෙක්ට පාර පෙන්නන රේඩාර් එකක් බවට පත්වුනා.

"අයියේ...මම මේ අඟහරුවාදා අනුරාධපුරේ එනවා."
"තනියම....?"
"නෑ...තාත්තා එක්ක.යුනි යන්න මෙඩිකල් එක ගන්න.එදා ඇවිත් නැන්දලගේ ගෙදරට මාව දාලා තාත්තා යනවා.බදාදට මාමත් එක්ක ගිහින් මෙඩිකල් එක ගන්නවා"
"එනකොට එහෙනම් මට ලොකූ අඹ මල්ලක් ගේනවා හොඳේ...නැත්තන් දන්නවනේ...මැදවච්චියෙන් එහාට එන්න දෙන්නේ නෑ..."
ආආ...බලාගමු එහෙනම්...මම මේ කතාකලෙත් අඹ පෙරේතයට අඹ ගෙනත් දෙන්නද අහන්න...දැන්නම් ගෙනෙත් දෙන්නෙම නෑ."
"මාලුවා නහින්නෙත් කටනිසා කියලා කැස්බෑවා කිවුවළු...හරි හරි ඉතින්...අපි දෙන්නා යාළුයිනේ....ගෙනත් දෙනවා හොඳේ..."
"නෑ...නෑ...ගෙනත් දෙන්නෙම නෑ...මැදවච්චියට වෙලා රැකගන ඉන්නවා...."
"ඔවු ඉතින් ගෙනාවත් දෙන්නේ කොහොමද...?දෙන්න විදිහක් නැති නිසා දැන් බයිලා කියවනවා..."
"අඟහරුවාදා හවසට අපි උඩමලු යනවා.එනවද....?ආවොත් අඹ කන්න පුළුවන්..."
"අපි කිවුවේ...?"
"අපි කිවුවේ මායි ,නැන්දගේ පොඩි දුවයි, මල්ලියි..."
"ඉතින් මෝඩයෝ රෑවෙලා ලොකු අය කවුරුත් නැතුව එන්න දෙනවද...?"
"මේ..මෝඩයෝ...නැන්දලා ඉන්නේ උඩමලුව පොලිසිය පාරේ.අපි වෙනදත් එහෙම එනවා.පණ්ඩිතයා නොවී එනවද...?"
"හරි ඉතින්...අඹ දෙනවනම් එන්නම් ඕනේ තූත්තුකුඩියක....ඔයා ඇවිත් මට කතාකරන්න.මම එන්නම්."

"කෝ...කොහේද ඔයගොල්ලෝ ඉන්නේ...?"
"දෙවනි මල්කඩේ ගාව.ඔයා කොහේද ඉන්නේ...?"
අපි මීට ඉස්සර කවදාවත් හම්බවෙලා නෑ.ඔයා කොහොමද,මම කොහොමද කියලා දැනගන්න කිසිම උවමනාවක් තිබුනෙත් නෑ අපි දෙන්නටම.අඩුමගානේ ඔයා සුදුද,කළුද කියලා අහගනවත් නෑ දෙන්නම.ඒත් ඔයාව දැකපු පළවෙනි පාරම මගේ හිත ගැස්සුනේ නෑ කිවුවොත් ඒක පුදුමයක්.ඒත් ඒ එක්කම මගේ හිත අගුළු දාගන්න මට පුළුවන්වුනා ඉක්මනටම.

"කෝ..කොහේද මල්ලි ගියේ...?"
"එයා අපිව මෙතන දාලා රස්තියාදුවේ ගියා.8 වෙනකොට මෙතන්ට එනවා කිවුවා.මේ...මේ බෑග් එක වාහනේට දාලා එන්නකෝ.මේක උස්සගන යන්න කරදරයිනේ...."
"මොනවද මේ...?"
"හා...හා...යනවා බබා නොවී...අඹ ගෙනාවේ නැත්තන් එන්න දෙන්නේ නෑ කිවුවා.දැන් බබා වෙන්න හදනවා..."
"මේ බෑග් දෙකේම අඹද...?"
"අනිකේ පැශන්...."
"ඔයා මාරයිනේ...දාන්න 5ක්..."
"මම දන්නවනේ පෙරේතයා ඔය ජාති දෙකට මැරෙයි කියලා.හැබැයි පැශන්නම් ඉදිලා ගොඩක්.රැළිත් වැටිලා ගොඩක් ගෙඩි..."
"කමක් නෑ.ඒවා තමයි රස....ආ මේක හෑන්ඩ් බෑග් එකට දාගන්න.මල්ලිටත් දෙන්න..."
"වෙලාවට දුන්නේ...මට මුකුත් ගෙනාවේ නැත්තන් මම මේ මළුදෙක විසිකරනවා කියලා හිතන් හිටියේ...."
"විසිකලොත් ඉතින් යන්න නෙමෙයි මෙතනින්...කෝ දෙන්න මම ඔය දෙක දාලා එන්නම්.වැරදිලාවත් විසිකලොත් එහෙම...."
"පෙරේතයා...."
........................
..........................
"මොන මල්ද ගන්නේ....?"
"සුදුමල් වට්ටියක් ගන්න...නංගිට නෙළුම් ඕනෙළු..."
"ආ...මල් ටික ගන්න.මම අනික්වා ගන්නම්...."
"ආනේ....සුදර්ශි.....අක්කේ...මගේ ඉස්කෝලේ යාළුවෝ ටිකක්....මම ඒ අයත් එක්ක යන්නද....?"
"එතකොට මම...?"
"ඔයාලව මම හොයා ගන්නම්.රුවන්වැලි සෑයට යන්නේ නෑනේ...?"
"නෑ නංගී...එහේ යන්න වෙලා නෑ.ඔයා යන්න.මම අක්කව බලාගන්නම්..."
මෙහෙමවත් කෙල්ලෙක් එක්ක පන්සල් යන්න හම්බුන චාන්ස් එක මිස් කරගන්නේ කොහොමද...?"
"යමු ඉතින්...එනවා...ඇයි බයද මම ඔයාව කයි කියලා...?"
"හහ්...ඒවා කොහේද මාත් එක්ක...ගහනවා උස්සලා පොළවේ මාව කන්න ආවොත්..."
"දොඩම් ඇට දෙකක් උස නෑ..මාව උස්සලා ගහන්න කල්පනාව....එනවා යන්න වීදුරු බට්ටා..."
"ඇගපත ලොකු උනාට හිතන් ඇති මහලොකු කෙරුමෙක් කියලා.කකුලෙන් උස්සලා ගහන්නේ ගෙම්බා පොලවේ ගැහුවා වගේ...උස මහත විශබීජේ...."
"කටට එන ඒවා කියන්න බෑ තෝ පොඩි එකා නිසා...වර යන්න...වටේ පිටේ මිනිස්සු හිතයි ඇත්තට රංඩුවෙනවා කියලා....."
"හි..හි..යමු.."

"අපරාදේ....නාමල්ට එන්න බැරිවුනේ...එයා හරි ආසයි වැවුමාලු කන්න...."
"කෑම ටිකනම් රසයි තමයි...මටත් දැන් ඉස්මුරුත්තාව වගේ..."
"ඔවු බං...මටත් එහෙමයි...ගොඩකාලෙකින් රසට කෑවා.ඒ මිනිස්සු මොනවා හිතනවද දන්නේ නෑ...."
"මොනවා හිතන්නද...හරි අහිංසක මිනිස්සු ටිකක් දිලා...."
"හම්ම්...හරි හොඳයි තමා ඔක්කොමල්ලම...කොහොමත් ගම්වල මිනිස්සු ගාව තාම මනුස්සකම ඉතුරුවෙලා තියනවා අපේ එවුන්ට වඩා....හරියට දුක්වුනා අඹ නැතුව උඹට දෙන්න..."
"කොහේද...අර මෝඩයා මාව කාලා. ගෙදරටත් කියලා මම අඹවලට පෙරේතයි කියලා....පොඩි එකත් නිදි.කමලත් නිදි.."
"හම්ම්...කමලටනම් බත් මතටම නින්ද ගිහින්ද කොහේද...මුඩ්ඩෝ...මේ.."
"අහපන් ඉතින්..."
"තාම පරණ මතක එක්කද ජීවත්වෙන්න හදන්නේ...?"
"පරණ මතකද දන්නේ නෑ...ඒත් තාම අළුත් කෙල්ලෙක් ගැන හිතන්න මගේ හිත ෆිට් මදි කියලා දැනෙනවා බං..."
"අයෝමිට වරදක් කියනවා නෙමෙයි.ඒත් ඒකට තව හිතන්න තිබුනා.කොහොමකලත් දැන් ඒවා ඉවරයි බං.දැන්වත් අළුත් ජීවිතයක් ගැන හිතපන්..."
"මට කෙල්ලෙක් හොයලදීපන්.එතකොට මම හිතන්නම්..."
"හැම තිස්සෙම වැරදි තීරණ අරගන ඒවා හරිගස්සන්න යන්න එපා.දැන්වත් හරි තීරණයක් ගනින්.උඹ ගැන කතාකරන කොට නාමල් හැමදාම බනිනවා උඹට අතට ආපු චාන්ස් එක මිස් කරගත්තා කියලා.දෙන්නම එකට වීසා ඇප්ලයි කරලා හම්බුනහම අයෝමි නිසා උඹ මෙහෙ නතරවුනා.ඒ පාර ගියානම් අද උඹට PR එකත් හම්බවෙලා..."
"ඒකා ඉතින් මාත් එක්ක කතාකරන හැම දාමත් බනිනවනේ...ඒවා දැන් වෙලා ඉවරනේ...හදිස්සියේ හරි මට රටදාලා යන්න උනොත් මාව ගනින් හොඳේ..."
"ඔච්චර සැහැල්ළුවෙන් ඉන්නේ කොහොමද බං උඹ ;හෙන දුකක් හිතේ තියාගන....?"
"කවුද කියන්නේ මම දුකින් කියලා....බයිලා..."
"මගෙන් කුණුහරප අහගන්නේ නැතුව හිටපන් බං...කෙල්ලෙක් නැතිවෙන්න කෙල්ලෙක් එක්ක යාළුවුන එකා අවුරුදු 2ක් තිස්සේ කෙල්ලෙක් එක්ක යාළු නොවෙන්නේ විඳවන නිසා නෙමෙයි....?"
"පිස්සුද බං...මම කෙල්ලෙක් නැතුව ඉන්නකොට දැනෙන සොමිය විඳිනවා...."
"අනේ මේ...මගේ කට අවුස්සන්නේ නැතුව හිටපන්...මේ...ශාලිකා ගැන මොකද හිතන්නේ...?"
"මේ...පිස්සු කෙලින්න එපා බං...ඒකි පොඩි කෙල්ලෙක්.තාම ජීවිතේ දකින්න පටන්ගත්තා විතරයි.මට ඒකි ගැන එහෙම දෙයක් හිතිලම නෑ."
"මම නාමල්ට ඊයේ රෑ කිවුවා දවල්ට කන්න උඹ දන්න කෙල්ලෙක්ගේ ගෙදරට යනවා කියලා.නාමල් කියනවා උගේ වැඩේම ගම්වල ඉන්න කෙල්ලන්ට අතින් වියදම් කරලා කොළඹ පෙන්නලා උන්ව කොළඹ කෙල්ලන්ටත් වඩා කොළඹ කරලා හූල්ල හූල්ල ඉන්න එකළු.මේකත් එහෙම එකක් වෙන්න ඇති කියල තමයි නාමල් කියන්නේ."
"හිටපන්කෝ අද කතාකලහම මම ඕකට කියල දෙන්න..."
"සිරාවට...උඹ ගැන කල්පනා කරනකොට ඒ කතාව වැරදිත් නෑ තමයි.ඒත් මුඩ්ඩෝ මේ කෙල්ල හරි වෙනස් බං..."
"මගුලක් කියවන්නේ නැතුව හිටපන් බං...අපි දෙන්නගේ වයස පරතරය අවුරුදු 10ක්. ඒකි පොඩි එකියෙක් තාම.ඕවා ඒකිට කියන්න ගිහින් මේ තියන සම්බන්දෙත් නැතිකරපන්කෝ පුළුවන්නම්..."
"උඹට තාම කෙල්ලෙක්ගේ ඇස් කියන දේවල් තේරුම්ගන්න බෑ නේද....?තේරුම් නොගන්නවා නෙවෙයි.උඹ තේරෙන්නේ නෑ වගේ ඉන්න හදනවා.උඹ උඹවම රවට්ටගන්නවා.නැත්තන් ඒ ගෙදරට ගියවෙලාවේ ඉදන් උඹ දිහා බල බල අකුණු ගහපු ඇස් අදුරගන්න බැරිතරමට උඹ මෝඩයෙක් නෙමෙයිනෙ...."
"..............................."
"ඇයි උඹ කතා නොකරන්නේ...?හිත රවට්ටගන්න හදන්නෙපා බං....ඒ කෙල්ල නොගැලපෙනවනම් නොගැලපෙන්නේ ටිකක් දුර වැඩිකම මිසක වෙන දෙයක් නිසා නෙමෙයිනේ.ඒ පවුල් පරිසරයත් කියන්න වැරද්දක් ඇත්තෙම නෑ.කෙල්ලගෙත් කියන්න වැරද්දක් නෑ.උඹ උඹටම සීමවල් දාගන තවම අතීතයේ ජීවත්වෙනවා...."
"කටවහගනින් බං...අපරාදේ අරූ එන්නේ නැතුව උඹව විතරක් තනියම එවුවේ මේ ගමන යන්න."
"නාමළුත් ආවනම් උඹේ කන්දෙක පුරවයි අද....දැන්වත් ගොඩක් සීරියස් ගන්නේ නැතුව සැහැල්ලුවෙන් හිතන්න පටන්ගනින්.අවුරුදු 10ක් කියන්නේ මහාලොකු පරතරයක් නෙමෙයි කසාදෙකට."
"හම්ම්....මට දැන් මගේ ජීවිතේ කිසිම දෙයක් බලෙන් කරගන්න ඕනේ නෑ.දෙයක් වෙන්න තියනවනම් වෙයි.බලමු.....වෙනදෙයක් වෙයි."

-මතුසම්බන්ධයි-


කටුස්සා...

66 comments:

  1. මොකද්ද බං මේ ඉට්ටෝලිය

    ReplyDelete
    Replies
    1. අටමා-
      නලපාන ජාතකේ.ඇයි අවුල්ද?
      මෙන්ඩා-
      තොරණේ විස්තරේ ඕකාට කියල වැඩක් නෑබං.ඕකා තොරණ් 55ම රඟපාපු එකෙක්.

      Delete
  2. හප්පට සිලි ..බලමු ඊළඟ එක

    ReplyDelete
    Replies
    1. ඊළඟ කොටස පොඩි ළමයින්ට හොඳ නෑළු.

      Delete
  3. ///"ගොඩාක් කිවුවේ....අලියෙක් විතර ලොකු කෙනෙක්ද...?"
    "ඇගපත ලොකු උනාට හිතන් ඇති මහලොකු කෙරුමෙක් කියලා.කකුලෙන් උස්සලා ගහන්නේ ගෙම්බා පොලවේ ගැහුවා වගේ...උස මහත විශබීජේ...."////

    ලස්සනයි කසුට්ටො.... සිරාවටම....

    ReplyDelete
    Replies
    1. උඹලටත් අර උස මහත මෙන්ඩට මොනවහරි ලියපු ගමන් ඒකහරි ලස්සනයි....නොදකින් මිත්‍ර ද්‍රෝහියෝ....

      Delete
    2. උස මහත මෙන්ඩා...? පිස්සුද බං.. මට නම් මතක් උනේ වෙන එකෙක්. ඩයිනෝසරයෙක් වගේ එකෙක්....

      Delete
    3. අපි නම් කියන්නේ උස මහත විෂබිඡ
      කොට මොඩල් ලග පිකප්
      අඩෝ උඔලා මගේ බොඩි එකේ සික්ස් පැක් එක දැකලා නෑ
      ඡිම් ගිහින් හදා ගත්තේ

      Delete
  4. ලස්සනයි තමා කසුට්ටයියේ.................. හැබැයි බාල අපරාද කොරන්ට එපෝ.....
    හෙලෝ...හෙලෝ.......හෙලෝ...." කසුටු මං කියපුවා ඇහුනදෝ

    ReplyDelete
    Replies
    1. හෙලෝ...හෙලෝ...මොකද්ද කිවුවේ...?ඇහුනේ නෑ...හෙලෝ....

      Delete
  5. අර වගේ බය නැතිව කතාකරන නංගිලා ඉන්නවද ? කවුද කියල දන්නෙත් නැතිව එහෙම කතාකරන්න බයයිනෙ ....කතාව ගලාගෙන ගිය විදිහ ලස්සනයි අන්තිම හරියේදී පොඩ්ඩක් පැටලුනා වෙන සිද්ධියකට එක පාර ගිහින් නිසා .මතු සම්බන්ධයිනෙ බලමු ඊළඟට මොකද වෙන්නෙ කියල :)

    ReplyDelete
    Replies
    1. ජීවිතේ ගොඩක් වෙලාවට රැඳිලා තියෙන්නේ අහම්බයෙන් සිද්දවෙන දේවල් උඩ.ඒ නිසා මේකත් එහෙම දෙයක් කියලා හිතන්න මැඩම්...

      Delete
  6. කටුස්සෝ ආරම්භය නම් මරැ. යෞවන යේ පොපියන බව දැනෙනවා .

    ReplyDelete
    Replies
    1. පොපියන පොපියවිල්ල කොච්චරද කියනවනම් නලින් අයියට දැන් එකක් ගැහුවහම 3ක් වදිනවා නේද?

      Delete
  7. කටුස්සෝ ආරම්භය නම් මරැ. යෞවන යේ පොපියන බව දැනෙනවා .

    ReplyDelete
  8. කටුස්සෝ ආරම්භය නම් මරැ. යෞවන යේ පොපියන බව දැනෙනවා .

    ReplyDelete
    Replies
    1. මේ ලෙඩේ එන්නේ ෆෝන් කටුවෙන් කමෙන්ට් කරනකොට ලැපන් කරන කොට ඒ ලෙඩේ නෑ.

      Delete
  9. තෝ බය නැතුව හිටු..සදුත් මට වැඩිය අවුරැදු 10 ක් බාලයි
    එල ද බ්‍රා ලියවිල්ල.

    ReplyDelete
    Replies
    1. පුතාටත් අවුරුදු 5 ක්වත් ඇති. එතකොට සඳුවත් අවුරුදු 10 ක් බාලයි. තොට අවුරුදු 45 ක්වත් ඇති. හුරේ.......අද අහුවුණා. හැංගි හැංගි වෙස් බැන්දත් නටන්න වෙන්නෙ එළියේ. ජිම් පප් පප් ජිම් පප් පප් ටකු බුකු බුං බුං... හියැහ් පුහ්.. හූ... හැක හැක...ජිකි ජිකි... පොං පොං... චහ් චහ්... ජහ් ජහ්...

      Delete
    2. මෙන්ඩා....... හූ.........

      මධුවෝ... කෝ බං අර රතිඤ්ඤා වැල... අම්මප මෙහෙමත් සංතෝසයක්....

      Delete
    3. දඩ බඩ ටොස් ටොස් ඩොං පට් ඩොං පට් චිරි චිරි බර බර ඩෝං ඩෝං මෙන් ඩෝං ඩෝං

      Delete
    4. අනේ මන්දා මෙන්ඩෝ ඉතින්...ගෑණුන්ට වගේ වයස හන්ගන්න බැරි එකේ ප්‍රතිඵල තමයි ඔය.කටට බ්‍රේක් නෑනේ...

      Delete
    5. මදාවියෝ ,කැමරා කටෝ-

      හෙට දින කටුනායක ප්‍රදේශයේ බ්‍රා මහන කොම්පැනියක දෙබසක්...

      "ඒයි බට්ටි...මේ බලන්නකෝ...අපේ මෙන්ඩා සර්ට වයස 45ක්ළු ඒයි......."
      "නෑ....ඒත් මට හිතුනා මෙයා....කොල්ලා වගේ හිටියට පඩි දෙකක් නැගගන්න බැරුව හතිදාන කොට...."
      "කීයක්ද කිවුවේ...45ක්...?මුගේ වයසේ හැටියටද වැඩ...ඊයෙත් මගේ පස්ස කෙනෙත්තුවා..."
      "මාවත් කිස්කලා කොරිඩොර් එකේදී...ඊයා...තුක්....තාමත් නාකි රහ දැනෙනවා...."
      "මේ බලන්නකෝ...ළමයෙකුත් ඉන්නවළු....මූ එහෙම තියාගනනේ මේ ඉරිදට මට හම්බවෙන්න එන්න කිවුවේ...ආපුදෙන්කෝ නාකියා...මම එදාට මේ මහන ජංගියක් අන්දවලා යවනවා පාර දිගේ..."

      Delete
    6. ඕක සිද්ද වෙන්නේ දහ අටේ කණුව ළඟ නේමේද?

      Delete
    7. කැකා
      කෝ බං අර රතිඤ්ඤා වැල...
      ඒක අරන් තිබ්බා තෝ මැරැන දවසට දාන්න
      මද්ධා
      බලපිය රතිඤ්ඤා පුපරන්නෙත් ...මෙන් ඩෝං ඩෝං...කියලා. අපේ කෙල්ලන්ට වලෙන් පිටට චු ගියත් මගේ නම තමයි කියවෙන්නේ
      කටුස්සා මල්ලි මහත්තයා
      අපි යාලුවොනේ...උඔ නෑ..නෑ උඔ නෙමෙයි මහත්තයෝ..ඔය කාපු බිපු වෙලාවට කියන කියන ඒවා ඉතිං මේ වගේ තැන්වල දාන්න ඔනෑයෑ?
      (රහසින්)...මේ බට්ටි එහම කිව්වද බං..
      මධු
      කතාව වෙලා තියෙන්නෙ කටුනායක පැක්ට්‍රි එකක..හමබ වෙන්න කියන්නෙ දහ අටේ කණුව ලගදි

      Delete
    8. යකෝ මුං සේරම නාකි හපුයියෝ ටිකක්නේ. හැක්...
      පිට්ටු බම්බුවා තොට එතකොට 45ක් ද? හියැක් හුක් හූ...

      Delete
    9. මං මුකුත් කියන්නෑ. මොකද අර අහිංසකයො දෙන්නා ගාවගෙන බොට ගහන එක පව්. මම විකල්ප ආයුධයක් හොයන්නං.

      Delete
    10. ආ..තෝ ආවද මම හිතුවා දැන් එයි කියලා ගනන් හදාගෙන..
      මම කිව්වේ පෝය සති අන්ත නිවාඩු ඇරලා..

      Delete
  10. යේල යේලා... හිහි
    කටුස්සො අවුරුදු දහය මහ ගාණක් නෙවී බං.. මගෙ යාළුවො කීප දෙනෙක්ම ඉන්නව ඔය වයස් පරතරය තියැද්දි බැදපු අය... හිකිස්.. අම්මප මේකත් කතාවක් විතරයි නෙ.. නැත්තං නියම ඉට්ටෝරිය.. මේ වගේ පස්ට ඉට්ටෝරියක් ඇති ලව් ඉට්ටෝරියක් කටුස්සටත් සෙට්ටේවා

    ReplyDelete
    Replies
    1. අන්න මිනිස්සු...පතන්න ඕනේ මේවගේ යාළුවෝ....

      Delete
  11. මගේ පුන්චි රෝස මලේ මමයි නුඹේ වියපත් බඹරා, නුඹ හීනෙන්වත් නොදකින කුමරා.......

    ReplyDelete
    Replies
    1. කළුවර රෑ සඳක් වගේ අහසේ නුඹ ඉන්නවනම්
      ආසයි මම නොකී කවිය නුඹට කියන්න....

      Delete
  12. මුදිත? අකුරු එහෙ මෙහෙ වෙලා වගේ.. හැක. හැක.. කොමෙන්ටෙක හෙට හවස රාගමදී කියන්නම්..

    ReplyDelete
  13. පව් යකෝ................ ඔ්වා බාල අපරාධ...

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ටුවට මගේ බලවත් මෙව්වා එක

      Delete
    2. මේකේ ඉන්න තරමක් ඉන්නේ බාලාපරාධ කාරයෝද කොහේද බං.ඉතින් එකෙක් වැඩිවුනා කියලා මක්ක වෙන්නද?

      මෙන්ඩා-
      ඔය ඊරිසියාව බං

      Delete
  14. ආදරණීය කසුටිටා වෙත.
    යෞවනයේ පොපියන චමත්කාරය....උඹ චුට්ටක් බීපන් බීල ලියපං...ඊටපස්සෙ කියවපං....ආයෙත් බලපං....කොච්චර ලස්සනද කියලා......

    ReplyDelete
    Replies
    1. උඹව දකින්නත් ආසයි බං...
      \\උඹ චුට්ටක් බීපන්\

      බලපන් ඉතින් යාළුකම...වෙන කවුද මේවගේ උපදෙස් දෙන්නේ බොක්කේ යාළුවොම මිසක

      Delete
  15. ටිකක් දිග වැඩියි වගේ බං.

    ReplyDelete
    Replies
    1. මටත් හිතුනා පබ්ලිශ් කලාට පස්සේ...

      Delete
  16. //"අයියෙක්නම් තමයි.ඒත් ඔයාට වඩා ගොඩාක් ලොකු කෙනෙක්..."
    "ගොඩාක් කිවුවේ....අලියෙක් විතර ලොකු කෙනෙක්ද...?"// හුකෑස්...
    මේ දෙබස් වලින්ම කතාව ලියන ඉට්ටැයිල් එක උඹේ අනන්‍යතාවයක් කසුට්ටෝ. (වැරදුනා.. හැල කිඹුලෝ..)

    ReplyDelete
    Replies
    1. උඹ මගේ කමෙන්ට් එක හොරකම් කලා නේද බොල...?

      Delete
    2. නෑ බං පාර්ෂලි ඉස්ටෝලන්

      Delete
    3. දෙබස් වලින් ලියන එක ලේසියි බං වැල්වටාරම් ලියනවට වඩා
      හැලකිඹුලා.....පවු බං මං

      කැ.කටෝ-
      ඔය බැංකුවල වැඩකරන හැම එකාම හොරු තමයි බං.හැබැයි හොරකම්කරන්නේ වෙන එකෙක්ට.

      Delete
    4. බයවෙන්න එපා බං. බැංකුවලිං ඇතුලෙ එකෙක් හොරකං කලත් පිට එකෙක් හොරකං කලත් වැඩිකල් නොයා අහුවෙනවා. දැං මේ මාත් අහුවුණේ.

      Delete
  17. අපෝ බං.... මම මේ කතාව අහන්නෙ තුන්වෙනි පාරට .........

    ReplyDelete
    Replies
    1. නොදකින් කාළකන්ණි දෙන්නා....

      Delete
    2. මාත් දන්නව ඔය කතාව. ඒ උනාට මෙතන ලියල තියන විදිහ රහයි

      Delete
  18. මේක ඇත්ත කතාවක්ය, මේ කරන්නේ මත විමසීමක්ය කියල කිව්වනම් උඹට කෙළින්ම හොඳ අදහස් ටිකක් ගන්න තිබුනා.

    මම කියන්නේ ඔය දොර ඇරලා දාපං...
    අවුරුදු 10 ගේමක් නැහැ මම මේ කියන කතාව එක්ක.

    මම අපේ එකෙක් එක්ක ඔට්ටුවක් ඇල්ලුවා මාසෙකින් එක කෙල්ලෙක්ව යාළු කර ගන්නවා කියලා.
    ඔය ඔට්ටු කතාව ඒ ළමයට සහ ඒ ගෙදරට කියපු මාව චා කරපු මගේ යාලුවෙක් ඒ කෙල්ලව යාලු කර ගත්තා. හැබැයි උන්ගේ ලව් එකත් වැඩි කාලයක් තිබුනේ නැතුව නතර උනා.

    ඔහොම ගිහින් අන්තිමට ඒ කෙල්ලට කවුද මන්ද රට හිටපු එකෙක්ගෙන් ආපු ප්‍රපොසල් එකකට හදිස්සියේ කසාද බැඳලා රට ගිහින්.
    කසාද බඳීද්දී කෙල්ලට වයස 20 යි, අර මනුස්සයට 38 යි.
    ඒ නිසා හිත හදා ගනු...

    ලස්සනම වැඩේ කියන්නේ මට ඒ කතාව කිව්වෙත් අර මාව චා කරලා ඒ කෙල්ලව යාළු කර ගත්තු එකාමයි...
    (ඌ එහෙම කලාට මම කිසි තරහක් මරහක් හිතේ තියා ගත්තේ නැතුව අතේ දුරින් සහ ඉඳහිට බෝතලේ දුරින්ද සිටිමින් යාළුකම පවත්වාගෙන ගියෝය)

    ReplyDelete
    Replies
    1. ඔහොම ඔට්ටුවකට මාත් කෙල්ලෙක්ගෙන් ඇහුවා A\L වලට ඉස්කෝලෙට අළුතින් ආපු. අවුලවුනේ මම ගලිවර්නම් ඒකි ලිලිපුට් වගේ.ඕක ඔට්ටුවකට කලාට අන්තිමට ටිකක් බොක්කට වැදුනා.දවසක් ඉස්කෝලේ ඇරිලා යනගමන් මම ඒකිත් එක්ක කතා කරකර යනවා.ඒකී මට බැන බැන යනවා.කරුමෙට අපේ අම්මලා කොහේද ගිහින් එනගමන් මාව ගන්න ඉස්කෝලේ ගාවට ඇවිත් මේක දැකලා සද්ද නැතුව යන්න ගිහින්.ගෙදර ආවහම අම්මනම් හිනාවුනා."යකෝ..ඇඟේ හැටියට වැඩ කරපන්" කියලා තාත්තා තමයි මගේ රෙදි ගැලෙවුවේ.

      Delete
  19. හැක්.. මැද්දෙන් කියෝන එක නැවැත්තුව.. යකෝ උඹ බිව්වම හැමදාම කියන කතාව අපි කියෝලත් බලන්න ඕනෙද?

    ReplyDelete
    Replies
    1. මේක ඒක නෙවෙයි බන්! මේක වෙනම කතාවක්!

      Delete
    2. අර වල් මදුරුවගේ බොරු අහගන මෙතන කියවනවා.....දුප් වාසුවා...

      Delete
  20. ඉක්සනට ඉතුරු කෑල්ලත් කියන්ඩෝ

    ReplyDelete
  21. මේකේ කෑලි මදියි නේ බන්? වල් කෑලි මුකුත් නෑනේ බන්?
    කියහන් බලන්ඩ ඉතුරු ටිකවත් හරියට!

    ReplyDelete
    Replies
    1. නොදකින් වනචර හාවා...අරූ කියපුඑකඇත්ත.අර කොම්පීතරේ වැල පුරවන් ඉන්නවා කියපු එක

      මේ යකෝ...උඹේ අන්තිම කැමත්ත ඕපන් කරපු ගමන් බ්‍රවුසර් ඔක්කොම ඉස්ට්‍රක් වෙනවනේ...

      Delete
  22. හප්පේ..........මීට පස්සේ රෑට ටෙලිපෝන් එක ඔෆ් කරනවා. ගෙදර ටෙලිෆෝන් එකත් ප්ලග් එකෙන් ගලවනවා. කවුරුහරි නාකි ලමිස්සියක් මටත් ඔයවගේ කෝල් එකක් දුන්නොත් මොනවයින් මොනවා වෙයිද.

    මෙන්න මීට පැය බාගෙකට කලින් වෙච්චි සිද්දියක්. මම මේ දිනවල ලියන හමුදා ලිපියක පරිවර්තක කාර්යයක යෙදී ඉන්නකොට, ගෙදර ෆෝන් එක වැදුනා. ඔන්න අපේ උන්දැ උත්තර දුන්නා. මේ ඔයාට කෝල් එක කිව්වා. කවුද බැලින්නං ජයවර්ධනපුර රෝහලේ මා දන්නා හඳුනන නේස් මිසී කෙනෙක්, නයිට් ඩියුටි කොරන ගමන් අහනවා, අනේ (...) අයියෙ මහින්ද දිනයිද ඈ කියලා. මම කිව්වා බයවෙන්න එපා උඩින්ම දිනනවා. අද වාට්ටුවේ ලෙඩ්ඩු නැද්ද? කියලා.

    ReplyDelete
    Replies
    1. ඒ මිසීගේ අම්මා තාම ජීවත් වෙනවද දන්නේ නෑ නේද....?

      Delete
  23. මරු ඉස්‍ටැයිල් එක.. අනික් ටිකත් ලියහං ඉක්මනට..

    ReplyDelete
  24. බාල අපචාරයක ඉවක් දැනේ.
    හනේ බොල කල් වසුට්ටො... අර අම්ම කිව්වැහේ ඇගේ හැටියට නෑ.. නෑ.. වයසෙ හැටියට වැඩ කරහං.

    ReplyDelete