Wednesday, July 29, 2015

මංජුල ලක්මාල් කන්දේවිදාන සහෝදරයාට....



දුරක් ආ මුත් පතා නුඹ සිත හමුනොවුන බව කෙම්බිමක්
මටවඩා නුඹ දනියි ඒ බව කියන්නේ නෑ වෙන යමක්
රන්මලක් ලෙස දකින මුත් අද කටු අතර නිදි කුමරියක්
අතීතය දුර වැඩියි අප හට ඉතිරිවුනෙ ඇයි මතකයක්

දුටුවදා සිට ලංව ඉන්නට ගෙතුවමුත් එක කවි පෙළක්
පද එකින් එක ගෙන ගයන්නට තිබුනෙ නෑ එහි අරුමයක්
අපේ මතකය ගිනි ගොඩක්වුන තැනදි ඔබ ගැයු පද පෙළක්
අකීකරු සිත සමග සිරකර සැඟවුවා මම සිහිනයක්

කාත් කවුරුත් නොමැති මා හට නුඹේ බැල්මද රසවිතක්
බැල්මකින් හෝ නොකල වරදට ණයයි දිවිමග හැම පැයක්
නොබිඳ සිල්පද සුරැකි අප පෙම මගේ දිවියට මහමෙරක්
නමක් සොයනව තවම තනියම කිමිද මතකයේ හැම ඉමක්

කටුස්සා....



කවියට එච්චර ඇළුම් නොකරන මගේ හිතට කවියක් කිවුවහම එක පාරටම මතක්වෙන කවි දෙකක් තිබුනා.මොන හේතුවකටද මන්දා ඒ කවි දෙකට මගේ හිත ගොඩක් ඇළුම් කරන්නවා.ඒකෙන් එකක්වුනේ මුහුණු පොත හරහා දුටුව "රුවන් බන්දුජීව" මාහතාගේ මේ කවියයි.



අනික රවීන් සහෝදරයා ලියන  "මොන්ටිසෝරිය" බ්ලොග් අඩවියේ දුටුව ...දුකක් නැහැ ඉතින් මට පල්ලමේ මම හිටිය... කියන කවිපංතිය.

ඊයේ පෙරෙදා දවසක ඒ කවි දෙකට තව කවියක් එකතුවුනා.ඒ අපි හැමෝම දන්න මංජුල ලක්මාල් කන්දේවිදානෙ සහෝදරයාගේ (ඔවු ඔවු...අපේ අටමගේ තමා ) "අටම්පහුර" බ්ලොග් අඩවියේ පලවුන "හදවතක් නැති ලොවට නොහැගෙන නමක් නැති ලෙන්ගතුකමක්"කියන කවියයි.අටම් ස්ටයිල් එකට අනූව කිසිම මටසිළුටුකමක් නැතුව ලියවුන ඒ කවියට හිත ගොඩක් ඇදිලාගියා.ඒකගෙන් අහන්නත් හදලා ආපහු මොන මගුලකටද කියලා හිතුන නිසා අනවසරයෙන්ම ඒ කවියට උත්තර බැන්දා.අටමගෙ කවියට අලඟු තියන්න බැරිවුනත් ටිකක් හරි හොඳයි කියලා හිතුන නිසා ඒක මෙතන්ට දානවා.අටමෝ....සමාවියන්,උඹේ කවියට අනර්ථයක් උනානම්.

48 comments:

  1. බ්ලොග් ලියල මට හම්බෙච්ච හොදම තෑග්ග බං මේක

    ReplyDelete
    Replies
    1. විදාන නෙමෙයි බං විදානෙ

      Delete
    2. කොම්බුව අමතක කරලා ගොඩාක් කල් නේ....

      Delete
    3. අඩෝ,හොඳම තෑගි දෙනකොට උම්මා එකක් දෙනවනේ...කෝ ඒක...?

      Delete
    4. බිපු වෙලාවක දෙන්නම්

      Delete
  2. අපේ කාලයේ සංජීවනී වීරසිංහ...හැක් හැක්
    ඔය අගේට පද බැඳලා තියෙන්නෙ. කවුද කියන්නෙ උඹට කවි බෑ කියලා. පහුං දොහේ ඇඬුවෙම කයියෙංනෙ.

    ReplyDelete
    Replies
    1. කයියෙං ඇඩුවට කමක් නෑ එළිවැට වරද්දන්න බෑ ඕං : D

      Delete
    2. ඒ ඇඬුවා නෙමෙයි යකෝ...උඹලට වියෝ දුක ගැන පාඩමක් කියලා දුන්නා.

      හරි මම සංජීවනීමයි කියපන්කෝ.එතකොට උඹ කියන්නේ අටමා ජෝතිපාල කියලද?

      Delete
    3. ඉවාන්-
      උඹ ඉතින් අනුන්ගේ ඉඩම් වටේ වැට ගගහ හිටපන් හැමදාම.

      පත්තරේ-
      කවියේ එළිවැට රැක්කට ගෙදර වැට තමයි රකින්නම බැරි

      Delete
  3. ඕයේ ගී පිළිතුරු ගී වැඩසටහනයි මේ ආරම්භ වෙන්නෙ පටං ගන්නකොටම දීල පොරි හැලෙන්න
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඔබේ ගී ඉල්ලීම් එවන්න පහත ලිපිනයට.....
      ජය වේවා....

      Delete
  4. අලි ඇතුන්ටත් ලස්සනට මටසිලුටු කවි ගොතන්න ඇහැකිය කියලනේ මේ ඔප්පු කරල තියෙන්නෙ...
    අටමගෙ කවියෙ පතුල දන්නෙ කී දෙනාද...හැබෑට....??

    ReplyDelete
    Replies
    1. //අටමගෙ කවියෙ පතුල// වෙන මොන පතුල්ද? කටුස්සගේ කවියත් සෙට් වුනාම හරියටම හරි කන්දෙවිදානගේ(gay).. හැක් හැක්..

      Delete
    2. මට අලියා කිවුවේ මොන හිතකින්ද බොලවු.....?

      කමියා-
      ඔය ගේ කතාව මට ඉස්සල්ලම කිවුවේ හිටපු කෙල්ලගේ මල්ලී,මගේ වාසගම අල්ලගන

      Delete
  5. මොනවද බන් මේ දෙකේ පන්තියේ වැඩ? . හරියට නිකන් " ඔබ එනව බලා කුනු ඇලට වෙලා මම හිටිය උදේ උඹ කොහෙද ගියේ" සින්දුවට " මම එනව බලා කුනු ඇලට වෙලා ඔබ හිටිය උදේ මම කොහෙද ගියේ" කියල පිලිතුරු ගීයක් කිව්ව වගේ... හැක් හැක් .... කවි තුන සුපිරි.. ජොක්ස් එකක් කලේ..." යන්නම් අයියන්ඩි ගමරට දුර හින්දා..."

    ReplyDelete
    Replies
    1. උඹලටත් සංජීවනීලා,පුන්සිරිලා කියන ඒවා අහනින්න පුළුවන්.මම ලිවුවොත් තමයි චාටර්....පල යන්න මගේ දෑහට නොපෙනී...දුප්....

      Delete
  6. උඹල කියන නිසාම ආපහු ගිහින් අටමගේ කවිය කියවලම බලන්නම්.
    හැබැයි හිත පොඩ්ඩක් නිදහස් වෙනකල් හිටපං.
    වැඩ නැති උනාට අපි පට්ට බිසී හොඳේ...

    ReplyDelete
    Replies
    1. ඔවු ඉතින් බ...ට ඇති වැඩකුත් නෑ.හිමින් ගමනකුත් නෑ කියනවනේ....

      Delete
  7. කන්දෙවිදාන gay.. හැක් හැක්.. අදනේ කතාව හරියටම තේරුනේ.. බුහෑහහ්..හා..

    ReplyDelete
    Replies
    1. උඹල ගියාට පස්සෙ අපි දෙන්න එදා එක ඩබල් ඇඳේ නිදාගත්තෙ බං.. මාර බේරිල්ලක්නෙ බේරුණේ ,

      මාරකයක් පැන්නෙ :D

      Delete
    2. වෙරි පිට නෙ නිදාගත්තෙ .. නිච්චියක් නෑ :D

      Delete
    3. උදෑසන වැසිකිළි යාමේදී කිසියම් පහසුවක් හෝ අපහසුවක් නොදැනුනිද?

      Delete
    4. කමියා-
      හරි ඉතින් ගේ මයි කියල කියමුකෝ.ඒත් මේ අටමට...?හැමතිස්සෙම අර හපේ කටේ.ලගින් එන්නේ සංස්ථා සුවඳ.කොටින්ම කිවුවොත් අටමියි,පොඩිම අටමියි ගමනක් යනගමන් බාර් එකක් පහු කරනකොට පොඩි අටමි කිවුවළු "අම්මේ....අර කඩේ ඇතුලින් තාත්තගේ සුවඳ එනවා" කියලා.එහෙම එකේ පොඩ්ඩක් හිත හදා ගන්නවත් ටිකක් ලස්සන එකෙක්ගේ නමක් කියපන්කෝ.

      Delete
    5. පැන්න පැනිල්ල කොහොමද කියනවනම් එදා ඉඳන් පත්තරී ගෙදරට අච්චු පාන් ගේන්නේ නෑළු කොමඩ් එකේ හිරවෙනවා කියලා.....

      අපොයි...මේවාට උත්තරදෙන්න ගොහින් මල් පැලක් වගේ තිබුන මේ බ්ලොග් එකත් මදාවියාගේ අර අමන බ්ලොග වගේ වෙනවා.....

      Delete
  8. උඹල දෙන්න සමරිසියො කියල දැනගත්තෙ අදනෙ... අටමි දැනගත්තොත් කන්දෙවිදානගෙ කපනව අරක. ඇනෝලට ඊටපස්සෙ කියන්න වෙන්නෙ නිකම්ම ' මැෂින්' කියල විතරයි

    ReplyDelete
    Replies
    1. දාපං කම්මලේ පහක් .… :.D :D

      Delete
    2. ඇනෝලා පවු නිසයි අපි දෙන්නා ප්‍රොෆයිල් එක දේදුණු පාට නොකර ඉන්නේ....

      Delete
    3. ඇරපිය කම්මලේ කට ගල් කාලක් වක්කරන්න..

      Delete
  9. දැං එතකොට අටම අර කවිය ලිව්වෙ මූටද ...???
    බලපං අටම දාල තියන කමෙන්ටෙක හරියට නිකං .. එක්කො ඕන්නෑ .....
    මං හිතුවෙ ඔය සබ්ජෙට් එක කරන්නෙ නේවි එකේ හිටිය කට්ටිය විතරයි කියල .....
    යකෝ බැලුවම මුංව ආස්සරේ කරන්නත් බය හිතෙනවනෙ.......

    ReplyDelete
    Replies
    1. උඹට නිකන් අමුත්තක් පේන්නේ නැද්ද?අර නේවි එකේ එකා තමයි ඕක ඉස්සල්ලම ඇදලා ගත්තේ.හොරාට ඉස්සල්ලා කෙසෙල්කැන වැට පැන්නද මන්දා....
      උඹ එදා මුළු රෑම ඇහැරිලා හිටියේ බයට නේද?පවු බං අර පොඩි එවුන්...

      Delete
  10. අටමට හොඳ වැඩේ.. ඕකා අනුන්ට පද හද හද හිටියෙ... දැන් හරිනේ... අර වැටෙන්න බොන්න දත කට මැදගෙන හිටපු එකාව බය කරලා සතියක් විතර උණ හැදෙව්වටද කොහෙද මේ... :D

    ReplyDelete
    Replies
    1. අටමටනම් දිට්ඨදම්මවේදණිය කියන්න පුළුවන්.එතකොට මේ අහිංසක මට....?

      Delete
  11. මොනවද බන් මේ දෙකේ පන්තියේ වැඩ? . හරියට නිකන් " ඔබ එනව බලා කුනු ඇලට වෙලා මම හිටිය උදේ උඹ කොහෙද ගියේ" සින්දුවට " මම එනව බලා කුනු ඇලට වෙලා ඔබ හිටිය උදේ මම කොහෙද ගියේ" කියල පිලිතුරු ගීයක් කිව්ව වගේ... හැක් හැක් .... කවි තුන සුපිරි.. ජොක්ස් එකක් කලේ..." යන්නම් අයියන්ඩි ගමරට දුර හින්දා..."

    ReplyDelete
  12. එල ද බ්‍රා වගේ ලියලා තියෙන්නෙ

    ReplyDelete
    Replies
    1. බ්‍රා එකේ සයිස් එක හොයනවා මම තවම

      Delete
  13. ලිපියයි කමෙන්ට් ටිකයි කියවලා මට හිතුනා මෙහෙම යෝජනාවක් කරන්න.

    දවසක දාමුද කවි මඩුවක්?

    මෙන්න මේ විදිහට;

    ඇඳුම:- සරම සහ අප්පුහාමි බැනියම.

    විදුලි එලිය නැති නිස්කලංක පලාතක, ගිනිගොඩක හෝ ලන්තෑරුම් එලිය පමණයි.

    අවශ්‍ය කරන ලෙයිය පෙයිය ඒ පළාතේ 'ප්‍රාදේශීය එව්වා' වියයුතුයි.

    තව මොනවද අඩුපාඩු කියලා දාමු බලන්න?

    හුටා............හිටිවන කවියක් කියන්න පුළුවන් එවුන් වියයුතුයි. (මම කලින් පාඩම් කරගෙන එනවා)

    ReplyDelete
    Replies
    1. මඳ අඳුරේ විදුලිය නැති පළාතක
      ගමේ බඩු වලින් දිවවල් තෙමාගෙන
      සරම් ජටා වෙනකං හොඳ වෙලාවක
      කියමුද විචෝ හිටුවන කවි බදාගෙන

      Delete
    2. එකෙන්ම මම එකඟයි.හැබැයි කොන්දේසි කීපයක් තියනවා.
      01.සරමට යටින් කොට කලිසමක් අනිවාර්යයෙන් ඇඳිය යුතුය.
      02.දංකොටුව ආශ්‍රිතව පැවත්විය යුතුය.(දංකොටුවේ බඩු නියමයි.පට්ට සුවඳයි.එක පාරක් බිවුවා.තාමත් මතක්වෙනවා රස.)
      03.වැඩිවුන විට ගිනිගොඩට මුත්‍රා කිරීම තහනම් කලයුතුය.
      04.ලියා ගත් කවි රැගෙන ඒමට අවසර දිය යුතුය.

      Delete
  14. අටං අයියට ඔය කවි ටික ලියවෙන්න හේතුව මට හිතෙන විදිහට අටං අයිය ලිව්ව මෙන්න මේ සින්දුවෙම තියෙනවා.
    සින්දුව "සිතේ රැඳුනා"

    සිතේ රැඳුනා
    හදේ ඇඳුනා
    ඔබේ රුව මා//

    https://www.youtube.com/watch?v=85eEJCd0yC8&index=9&list=PLueacXnfaf9sB_lmlTnQo_YxE44wDFTxG

    ReplyDelete
    Replies
    1. යකෝ...බලන් යනකොට මුන් ඔක්කොම අඬනවනේ.උඹලත් මට විතරයි වාරන දාන්නේ...

      Delete
  15. සුකුට්ටෝ,
    බිඳුන පෙමක් නැති ජිවිතයෙන් වැඩක් තියේද නෑනේ. ඒකත් කාලම බලන්න ඕනි රහ.

    ReplyDelete
    Replies
    1. අම්මෝ...කාලා දිරවගන්න බැරුව දඟලන්නේ....

      සුකුට්ටා....දාපන්කෝ තවත් නමක්...තියන නම් මදිවට

      Delete
  16. ������ මගේ කවියකටත් කැමති වුනාද??
    කියන්න වචන නෑ. ඇත්තටම මට මාර සතුටුයි.. මේක මම අද දැක්කෙ.. ගොඩක් ස්තූතියි මිත්‍රයා..

    ReplyDelete