ලස්සන වදන් අමුණා මුතු කවියකට
දවසක ඔබේ හිත් ඉල්ලා කළ පවට
පෑරී රිදී රැවටී අඬලා දුකට
ගිලිහුණු පැතුම් විසිරී වැටුනා බරට
එක හිත් පතා පොඩි වරදක් කෙරුවාට
තාමත් ලියමි කවි මල් නුඹගේ නමට
සිහිනෙන් ඇවිත් රහසින් නුඹ ඉම්බාට
දඬුවම් දෙනු එපා ඉහිළුම් නෑ සිතට
තනියට ඇවිත් මග පෙන්වාළු පිනට
මිය යන්නට හිතයි සතුටක් දී නුඹට
සසරේ ඇවිද මේ පාරමි පිරුවාට
කිසිදා නොයමි අහිතින් නුඹ ගැන දුරට
පැටලී දෑත් උඩමළුවේ පෝ දාට
සිඹ මගෙ කොපුල් හැන්ගී දඟ කෙරුවාට
තාමත් හිදිමි පුරහඳ එක්කල රෑට
ඔබ දුර එතැයි සිතමින් බල බල ගාට
තෙරපෙයි තවම සිතුවිළි හොරයින් පාට
ළමැදට තුරුල් වී ඉන්නද තනිවාට
වෙන්වී ඉන්න සමුදිය නොහැකිද අපිට
පුදුමයි හිතත් මේ මහ දුක දැරුවාට
කඳුළැලි හෙලන්නට අවසර නෑ නෙතට
අමතක කරමි ඕනේ නෑ හිතුවාට
දවසක ඇවිත් මගෙ පාළුව මැකුවාට
බුදුන් දකින පින අත්වෙනවා නුඹට
කටුස්සා....
වෙන්වී ඉන්න සමුදිය නොහැකිද අපිට
ReplyDeleteපුදුමයි හිතත් මේ මහ දුක දැරුවාට
Pattama Patta bn....
බොහොමත් තැන්කු මචෝ.....
Deleteඕක නම් කටුසු හදවතක් වෙන්න බෑ,, හරිම ලස්සනට ගලාගිය කවි පන්තියක් ... නියමයි
ReplyDeleteමම ඉස්සල්ලත් කිවුවේ....අහින්සක වෙජිටේරියන් කටුස්සෙක්නේ....
Deleteකවියනම් ලස්සනයි.. ඒත් ගිය කෙනෙක් වෙනුවෙන් ඔහොම බලාගෙන ඉන්න එක අපරාදේ එක අතකට..
ReplyDeleteගිය ඇත්තෝ වෙනුවෙන් බලා ඉන්න එක මෝඩ කමක්ද නැද්ද කියලා තීරණය වෙන්නේ සම්බන්දේ ගැඹුරුකම අනූව මචෝ.ඒත් කවදාවත් එන්නේ නැතිකෙනෙක් වෙනුවෙන් බලාඉන්න එක තේරුමක් නැති වැඩක් කියලා තේරෙන දවසකුත් එනවා......
Deleteහැඟිම තියුණු කරන්නට ඔබ දැරූ උත්සාහය මල්පල ගැනී තිබෙනවා
ReplyDeleteබලන අයට ඒක ඒ විදිහට දැනෙනවනම් ඒක මටත් සතුටක් සාරිකා....
Deleteඔන්න් ඔහොම නේ ඉන්න ඕන.. කටුස්සා දැං පාට වෙනස් කරහං..
ReplyDeleteවෙනස් කලෝ....ඒකටත් කෙළවුනොත් ආපහු පරණ පාටටම එමු....
Deleteඑල එල නියමායි
ReplyDeleteමූණු පොතටම සින්න නොවී ආපහු ලියපන්...
Deleteado munu pothata sinna una kiyala komei danne......
Deleteමම ඉඳල හිටල ලොග්වෙන හැම තිස්සෙම උඹ ඒකේ.ඒත් පෝස්ට් එකක් නෑ බ්ලොග් එකේ මාසෙකින් විතර.
Deleteකටුස්සා, හරිම ලස්සනයි බං. ඇත්තම කියපන්, උඹ උඹේ හදවතද මේ කතාකරවන්නේ?? ආ තව එකක්.. පලවෙනි කවියෙ හතරවෙනි පදේ පොඩ්ඩක් එහෙමෙහෙ කරමු. තාලේ අවුල් වෙනවා..
ReplyDeleteමේක experiment එකක් බන්.කූ.ගෑ.ගී.පොතේ අසන්කයාගේ කවියක් කියවලා මටත් හිතුනා එළිසමය'ම' රැකලා කවි ලියන්න පුළුවන්ද බලන්න.ඒකටයි මේක ලියුවේ.තාම වර්තමානෙට වඩා අතීතේ බලපෑම වැඩියි.ඒකයි මේ ගැන තාම වැඩිපුර ලියවෙන්නේ."වර්තමානය"මීට වඩා හිතට ලන්වුන දවසක තොපි කෑ ගහන්න එපා ආපහු විරහ කවි ලියපන් කියලා.
Deleteඅරක හැදුවෝ.....දැන් බලපන් හරිද කියලා....
කූ.ගෑ.ගී පොතේ අසන්කයා නෙමෙයි.තුශාරයා
Deleteවර්තමාන් බලපෑම වැඩිවේව කියල පතනවා... විරහව උඹට අමතක වෙයි එතකොට....
Deleteඑල එල ඔය තියෙන්නෙ...
This comment has been removed by the author.
ReplyDeleteඅවංකෙන්ම ලස්සනයි! හොඳම කවි, සින්දු ලියවෙන්නෙ විරහව එක්කයි කියනවනෙ. හිතේ දුකට නුඹ නාඩං කටුස්සෝ...
ReplyDeleteඅපි අඩන්නේ නෑ දැන්.අපි දැන් 'හන්ටින්'.
Deleteලස්සනයි කසුට්ටෝ...............
ReplyDeleteහැබැයි ඉත්න් උඩ මළුවේ ............. පහන් තියනව විතරනේ බං
සබරේ ඇනෝ
දහම්පාසලේදී ලවු කරපු එකෙක්ගෙන් අහපන්කෝ උඩමලුවෙදි කලේ පහන් පත්තුකරපු එක විතරද කියලා......D
Deleteවෙල්කම් කිවුවා පළමු ගොඩවැදුමට....
මෙතැනදි බුදුහාමුදුරුවො
ReplyDeleteනැත්නම් ආගම
ඕනම ආගමක්
ගාව ගත්තම
කවියක තියෙන
නිවහල් ගතිය නැතිවෙනව කියල හිතෙනව
පිළිගන්නවා....ඒත් මේක ආදරය ගැන ලියපු සරළ කවි පන්තියක් විතරයි.දහම් පාසල්කාලේ මතක්වෙලා අතිනුත් දේවල් දාලා ලියපු.මම පෞද්ගලිකව විශ්වාස කරන පරිදී ආදරයට කිසිම සීමාවක් නෑ.උඩමළුව හෝ වේවා අල්තාරය මත හෝ වේවා,හමුවීමට පෙරුම්පුරන ආදරවන්තයන්ට ඒ තවත් තැනක් විතරයි.ඒ ආදරය ගැන.ඒත් කවිය ගැන ඔබ දුන්න නිර්වචනය නිවැරදියි.මම ඒදෙක මැද්දේ අතරමන්වෙලා ඔබේ කමෙන්ට් එකෙන් පස්සේ.....
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඋඹ දැන් මාර කවිනේ බොල කසුට්ටෝ ලියන්නේ............. පට්ටයි හරිද හිටං
ReplyDeleteඋබලා ඔහොම කියනකොට නිකන් ලැජ්ජයි ලැජ්ජයි වගේ.මම තාම ඇගිල්ලෙන් පොලව හාරනවා.
Deleteඅර සජ්ජගේ කමෙන්ට් එකේ උඹලගේ නම් ගම් වැරදුනාට සමාවියන්.මිනිස්සු කාපු බීපු වෙලාවට කියන කරන දේවල් දනිස්සෙන් උඩට ගන්න එපා කියල තමයි අම්මා කියලා තියෙන්නේ.