Monday, December 29, 2014

සැලකීම.....


වැටමාර පොළු පාර
ඔච්චරම රිදෙනවද
කළාකරුවන්ද තොපි
ගුටියක්වත් කන්න බැරි
ඔහේ සිටියට බැරී
වරෙන් මගෙ සමනළී....


මගුලටද වර්ජනය
මෙහෙම සන්වර්ධනය
දැක තියනවද තොපිල
සුදු චීන දෙවියෝ රැල
අනේ තොපෙ වර්ජනෙන්
නවතීද ගන්න ණය....


වෙන රටක පාරක්ය
මන්තීරු අටක් වෙති
අපි හැදුවේ හතරයිනෙ
බාගයක් දුරින් අඩු
එකක්වත් නොතිබු තොට
මෙහෙමවත් දුන්නාට
යස පාඩම්ය මට
අමන නරි හිවල්කැල....

පොඩි පුතා උඩ යැවුවේ
මහා ලොකු සැටලයිට්ය
මද්දුමයා කිමිදුනේ
50-60 වට කොටය
ලැම්බොගිනි ගෙනාවේ
ලොකු පුතා පඩියෙන්ය
ඉතින් තොපිලට මොකද
මගේ උන් එහෙමයිය....

CTB එක මගෙය
අදින්නේ මගෙ උන්ය
යුද්දේ මම දිනු නිසා
රටේ පිට්ටනි මගෙය
ලයිට් කණු වට කරන්
හිනහෙන්නෙ දැන් මමය
බලා ඉන්නට බැරිව
කියවන්නේ පිස්සන්ය....

ඇලඩින්ගෙ රඟපාපු
කෙල්ල ආවට කිචිද
වන්ශොට්ගේ  මොන බොඩිද
සල්මන්නේ ෆිට් බොඩිය
එලියන්ත වයිට්ලට
පඩි දුන්නේ ගෙදරින්ය
මට ඡන්දෙ දුන්නාට
සළකන්නේ කළගුණය...

වරායක් තැනුව කල
නැවක් පැමිණිය යුතුද
නැවක් නැති වරායක්
තොපිට සිතාගනු බැරිද
සූගාල සෙනග එන
මම හදපු මත්තලය
දකිනු රිසි නොවුන ඇස්
මට ගහන්නේ මඩය...

රට රැකපු වීර කැල
කානු හැදුවට දුකද
මට උදවු නොකරනා
සියල්ලෝ ද්‍රෝහින්ය
මගේ පා පිරි මදින
කරුණාලා දෙවියන්ය
විපක්ශෙට  _ක දෙන්නෙ
මේ රටේ ද්‍රෝහින්ය...

සලකන්න කෙළෙහිගුණ
තොපිට මේ ටික මදිද
ඇයි යකුනේ හිතපන්කො
පැරදුනොත් කොහි යමිද...

 කටුස්සා....

16 comments:

  1. කලගුණ සලකමු
    ආපහු වැලලෙමු

    ReplyDelete
    Replies
    1. වැළලිල නිදියමු
      එතනදි සැප ගමු

      Delete
  2. බලා ඉන්නට බැරිව
    කියවන්නේ පිස්සන්ය....///
    අම්මප සහතික ඇත්ත
    හිහිහිහිහිහිහිහි

    ReplyDelete
    Replies
    1. හුකෑස්....මමත් දා ගන පිස්සන්ට කියවන්න ලියනවා....

      Delete
    2. පිස්සොයි ප්ස්සොයි මිසක් පිස්සොයි බව්වොයි එක්කහු වනවැයි බං
      කසුට්ටත් මාර සීන් කියන්නෙ හිහි

      Delete
  3. එල ද බ්‍රා...උඔගේ හැකියාව..

    ReplyDelete
    Replies
    1. බ්‍රා නම් බ්‍රා....සලකපන් හොඳේ...

      Delete
  4. සින්දුවාට දපු කොමෙන්ට් එකක් බුල ගහල මෙතන වැටුනා.. එකාතකට බුල වදින එකේ අරුමෙකුත් නෑ මේ සැලකෙන සැලකිල්ලට.. නිවෙන්න කිට්ටුවෙනකොට පහන සෑහෙන ලොකුවට දැල්ලෙනවලු.. ඔහොම යං ඔහොම යං..

    ReplyDelete
    Replies
    1. හැමදාම උන් එහෙම්මම යනව කමියො.අපි බලාගන ඉන්නව

      Delete
  5. ඔක්කෝම කරපු මට
    මඩ ගහන අලුත්ක්‍රම
    ඒ පාර නිසඳැසුත්
    ලියන්නට ගත්තාද
    මා කියන හැමදේට
    මගෙ ඇමැති කැල මෙන්ම
    ඔලුව වනනව මිසක
    කටුස්සට මඤ්ඤංද

    ReplyDelete
    Replies
    1. ඔළුව නොව කුට්ටමම
      වනන්නම් හැමදාම
      මෙහෙම සැප දෙනවාට
      මොකක් වැනුවම මොකද

      Delete
  6. අම්මපා හැබෑව.. මේ පුත්තිගෙ හුතාලට ඕවා මතක නෑ නේ.. හෑස වෙත්ත...

    ReplyDelete
  7. ගුටිකාපු එකත් තවත් නාට්ටියක් උනා එහෙනම්?
    කලින් කොමෙන්ට් දාන්ඩ බැරි වෙච්චි එක හොදට ගියා!!

    ReplyDelete