Tuesday, December 16, 2014

ජ.වි.පෙ. සහෝදරවරුනි.....මේ මල් වට්ටියට අත ගසනු





"අපි ජාතිවාදීන් නොවෙමු.සින්හළ ජනයාගේ අයිතිය උදුරා නොගනිමු.අපි,අපේ සටනේදී සින්හළ ජනතාව ආදරයෙන් සිහිකරමු.ඔවුන්ගේ සාධාරණ සටන් වලදී අපගේ සහයෝගය පළ කරමු.එලෙසම අපගේ විමුක්ති සටනට ඔවුන් සහය දියයුතුය.අනෙකාගේ නිදහස ගැන උනන්දු නොවන පුද්ගලයා තමන්ගේ නිදහසද වළලාගනී.
අපට අත්වූ ඉරණම ශ්‍රිලන්කා ජනතාවටද මතු දිනක අත්වනු ඇත.එදාට අලිමන්කඩ වද කඳවුර හම්බන්තොටට ගෙනයනු ඇත.ගුරුනගර් වද කඳවුර කුරුණෑගලට ගෙනයනු ඇත.අද ද්‍රවිඩ තරුණයන් වෙනුවට එදාට සින්හල තරුණයන් ඒවායෙහි වධ විඳිනු ඇත"
   -සෙල්වරාජ් යෝගචන්ද්‍රන් (කුට්ටුමනී ) 1982 ,උසාවියේදී.

1982 දී ඔහු පැවසූ දෙයින් සැබෑ නොවුනේ කුමක්ද?සැබෑවක් ලෙසින් ක්‍රියාත්මකව නොපවතින්නේ කුමක්ද?සරදම වන්නේ ඒ සැබෑවට සෘජුලෙස මුහුන දුන්නන්ගෙන් ප්‍රධාන කොට්ඨාශය වන්නේද උඹලාම වන නිසාය.උඹලා අලුමතින් නැගිට්ටෝ වෙති.එම අදුරු අතීතයේ පැල්ලම් මකාදමා ගැනීමට සමත්වුවෝ වෙති.එහෙත් අද උඹලා,උඹලාගෙන්ම ප්‍රශ්ණ කරගත යුතු තරම් වූ නිශ්ෂබ්දතාවයකින් පෙළෙන්නෝද වෙති.ලාන්කීය සමාජය පීඩනයෙන් මිරිකාදැමීමට සමත්වී ඇති,ග්‍රාම සේවක මහත්වරුන්ගේ සිට ඇමතිවරු දක්වා වූ  මුලු මහත් සමාජ පාලන පද්ධතියම දූශනයේ අඳුරු සෙවනැල්ළෙන් වසා දැමීමට සමත් වූ,නීතියේ දෙවඟන ගණිකා වෘතියේ යෙදවූ,පෑනේ බලය ;උන්මන්තක වූ පවුල් බලයෙන් යටපත් කල අදුරු පාලනය වෙනස්කිරීමට උදාවූ අවස්තාව ඉදිරියේ උඹලාගේ මෙම පතෝල හැසිරීම නිසා වන්දි ගෙවීමට සිදුවන්නේ සමස්ථ පුරවැසියන්ටම විය හැකිය.

උඹලාගේ දැක්ම අනූව මෙම ලිපිය ලිවීමට මා හට කිසිඳු අයිතියක් නොමැතිවීමට හැකිය.අවුරුදු 29ක් වන ජීවිතයේ,  කිසිදු දිනයක මා උඹලාට කතිරය ගසා නැත.එහෙත් මා ඡන්දය ප්‍රකාශ කල අවස්තා 2කෙහිදිම එම ඡන්දය ප්‍රකාශකලේ උඹලා සහය දුන් අපේක්ශකයාටය.2005 දී නව යොවුන් වියේ සිටින්නෙකු ලෙස එදා මම නුඹලාගේ කතාවලට වශීවී සිටියෙමි.නුබලා සුනාමි විපතේදී හැසිරුන ආකාරය ගැන පැහැදුනෙමි.උඹලාගේ රැස්වීම් අවසානයේ එම රැස්වීම් භුමිය අස්කරනා සාමාජිකයන් දැක ගෞරව කෙරුවෙමි.ජාතික ප්‍රශ්නයේදී නුඹලාගේ මතය හා සමාන මතයක සිට සිහින දුටුවෙමි.මේ සියල්ලේ ප්‍රතිඵලය වූයේ ,කැපුවත් කොළ පවුලක ඉපදුන බාලම සාමාජිකයාගේ පළමු ඡන්දය මහින්ද රාජපක්ශයන් හට හිමිවීමය.ඒ ගැන අදද කිසිඳු කණගාටුවක් හිතේ නොමැත. හමුදා සාමාජිකයන් සටන් කරනා අයුරු බලා සිටියෙමි.ඒ ගැන සෑහීමකට පත්විමි.නිමල රාජන් ,ලසන්ත,සම්පත්,දේවුකුමාරන්ලා මහපාරේ මැරෙන හැටි බලා සිටීමට සිදු වුනෙමි.මාධ‍ය්‍ය ආයතන වලට පහර දී විනාශ කරනා ආකාරය බලා සිටියෙමි.පාතාල මර්ධනය මුවාවෙන් ගෙනවිත්, මිනිසුන්ගේ කටවල් වසා පසුව එයම යොදාගනිමින් ගෙවල් වල නිදා සිටිනා තරුණයන් ආයුධ පෙන්වීමට රැගෙනයන ආකාරය බලා සිටියෙමි.යාපනයේ මෙන්ම කොළඹ ජනතාවද ආඥාදායකයේ සපත්තුවට පෑගෙන ආකාරය බලාසිටියෙමි.ඔවුන් සමග එකට පෑගී මිරිකුණෙමි.මේ නිසා මමද උඹලා සමගම ෆොන්සේකා උදෙසා මාගේ දෙවනි ඡන්දය ලබා දුනිමි.ඒ මැතිවරන වේදිකාවේ පවා උඹලා හැසිරුන ආකාරය දෙස පැහැදුන සිතින් බලා සිටියෙමි.විවාදයක් නැත.උඹලාගේ දේශපාලන අදහස්,මාගේ දේශපාලන අදහස් සමග සමපාත වන අයුරු දෙස මම කැමත්තෙන් බලා සිටියෙමි.


එහෙත් සොයුරනි,අද උදාවී ඇත්තේ අතිශ‍ය්‍ය තීරණාත්මක අවස්තාවකි.මේ උදාවී ඇත්තේ මේ සොඳුරු මිණිමරුවා ප්‍රජාත්‍රන්තවාදී ලෙස, අනිවාර්යය නිවාඩු ගැන්වීමට උදාවන අවසාන අවස්තාව වේ.ඔහු කිසිඳු දිනයක  නැවත මෙම අවස්තාව ලාන්කීය සමාජය වෙත තිලිණ නොකරනු ඇත.මෙවර ඔහු අපේක්ශා නොකල ආකාරයෙන් සිදු වූ ඔහුගේ මහලේකම් කරණම හරහා  ඔහු විශාල පාඩමක් ඉගනගන ඇතිබවට කිසිඳු සැකයක් නැත.දැනට විපක්ශයෙන් කිසිදු තරගකාරී නායකත්වයක් බිහිවීමට ඉඩනොදෙන ඔහු,මෙතැන් සිට තමන්ගේ අත යට සිටිනා චරිත ගැනද සෝදිසියෙන් සිටිනා බවටද කිසිදු සැකයක් නොමැත.මීට පෙර අවස්තාවක ඔබලා පවසා තිබුනේ "එක්සත් ජාතීන්ගේ සන්විධානය විසින් ලාන්කිකයන් හට ආයුධ අතට ගැනීම හැර වෙන විකල්පයක් නොමැති බවට පිළිගන්නා තෙක් අපි නැවත ආයුධ අතට නොගනිමුයි" කියාය.එහෙත් ඔබලාගේ නිහඬතාව, මේ අවස්තාව උදාවන තෙක් බලාසිටින්නක් ලෙස මම පිළිනොගන්නෙමු.එහෙත් ඔබලාගේ මැදිහත්වීම අන්කවරදාකටත් වඩා මෙම අවස්තාවේදී අවශ්‍ය වී ඇත.ඒ මෙම ලිපිය ලියන අවස්තාව වන විට පොදු අපේක්ශකයාගේ මැතිවරණ සටන දරුණු ලෙස පසුබෑමකට ලක්වී ඇති නිසාය.

එයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඔවුන්ගේ ව්‍යාපාරය මෙහෙය වීමේදී ගම් මට්ටමේ ජනතාව පිළිබඳ ඔවුන් තබා ඇති අඩු තක්සේරුවයි.පොදු අපේක්ශක ප්‍රධාන ආධාරකරුවන් වන එජාපය මෙන්ම චම්පකලා,රාජිතලා ආදීහූන්ද මෙම ගැමි චින්තනය ගැන වටහාගැනීමට අසමත් වූවන් වෙති.අවුරුදු 27ක් තිස්සේ කොළඹ නාගරික සමාජයේ ජීවත් වී දැනට අවුරුදු 2ක් තිස්සේ අනුරාධපුර ප්‍රදේශයේ ජීවත්වන මා හට එම අඩුපාඩුව මහා ලොකුවට පෙනෙන්නකි.මාගේ පෞද්ගලික මතය අනූවනම් ගැමි මනසට ආමන්ත්‍රනය කිරීමේ 'ඔස්ථාර්ලා' වන්නේ උඹලාය.උඹලාගේ සහය පොදු අපේක්ශකට අවැසිවන්නේ මෙතනදීය.ගොවියන් වෙනුවෙන්,ගාර්මන්ට් යන ගමේ කෙල්ලන් වෙනුවෙන් ,තේ,රබර්,පොල් වතු වල සේවකයන් වෙනුවෙන් අනිකුත් සෑම පක්ශෙකටම වඩා කෑගැසුවේ උඹලාය.ගමේ මිනිසුන්ගේ හදගැස්ම ඔක්කොමලටම වඩා හදුනාගත්තේ උඹලාය.ඒත් ඒ ගමෙන්ම උඹලාට ඡන්ද වැටෙන්නේද නැත.එසේ වන්නේ වෙන කිසිම හේතුවක් නිසා නොව එම ගැමියන්ගේ දුප්පත්කම නිසාමය.මෙම අවුරුදු දෙකට මේ ප්‍රදේශයේ වාසය කරන අහින්සක එදාවේල සොයා වෙහෙසෙන මිනිසුන් ගැන වටහා ගත් ආකාරයට ,ඔවුන්ට හෙට දවසට වඩා ජීවත්වන අද දවස ගතකිරීම ප්‍රශ්නයක් වී ඇත.මේ අවස්තාවෙන් ප්‍රයෝජන ගන්නේ කොමිස් කුට්ටි මගින් මඩි තර කරගත් දේශපාලකයන්මය.සාරි,කමිස,හෑන්ඩ් ෆෝන්,මුදල් වෙනි වරදාන මගින් මේ අහින්සකයන් රවටා ගැනීමට ඔවුන්ට මහ ලොකු දෙයක් වන්නේද නැත.මහජනයා උඹලාගේ කතා වලට කොතරම් කැමති උනද,කොතරම් තේරුම් ගත්තද උන්ගේ මුදල් ඉදිරිපිට හැමදාමත් උඹලා පරදින්නේය.ඒත් මීට පෙර උඹලා සන්ධානගත වූ අවස්තාවක උඹලා මන්ත්‍රී දූර 30 ගනනක් ගත්තේය.එම අවස්තාවේදී උඹලා කතා කලෝය.උන් වියදම් කලෝය.උන්ගෙන් බඩ පුරවාගත් එම ගැමියන් ,උඹලාට මනාපය ලබා දුනි.

මෛත්‍රී දින්නායින් පසුව ඔහුගැන වගකීමට නොහැකි නිසා උදවු නොකරමී'යි පවසා මෙම අවස්තාවේ පැත්තකට වීම උඹලාමෙන් පක්ශයකට තරම් නොවේයයි මා සිතමි.ඒ වෙන කිසිවක් නිසා නොව මේ රට තවත් සිම්බාබ්වයක් කිරීමට අප කිසිකෙනෙකුට අවශ‍ය්‍ය නොවන නිසාමය.ඒ නිසාම උඹලා මෙම වේදිකාවට ගොඩවිය යුතුමය.මැතිවරණය සඳහා උන්ට මුදල් ඇත.නොදන්නේ ඒ මුදල් බාවිතා කරමින් ජනතාවට ආමන්ත්‍රනය කිරීමටය.උඹලා මෙයට ගොඩවිය යුත්තේද එයටමය.මේ වේදිකාවේදී උඹලා 'මාර්කට්' කල යුත්තේ උඹලා කෙරෙහි මිනිසුන්ගේ ඇති විශ්වාසයයි.එය කිසිසේත්ම කඩේ යාමක් නොවන්නේ,මේ අවස්තාවේ රටේ අවශ්‍යතාව ආඥාදායකය පැරදවීමම වන නිසාය,නීතියේ සමානාත්මතාව නැවත ඇතිකල යුතු නිසාමමය.උඹලාගේ මැදිහත්වීම මගින් ඇතිවන අනිකුත් ප්‍රතිඵලය වන්නේ යම් හෙයකින් මෛත්‍රී ජයග්‍රහනය කලහොත් එම පාලනයට මැදිහත් වීමට උඹලාට අවස්තාව ලැබෙනා නිසාය.අපි පිටින් ඉදන් සහය ලබා දෙනවා කියා තවුසන්ඩ් ටෝක් දුන්නාට,පිටින් සිට කිරීමට හැකි ලබ්බක් නැති බව මා මෙන්ම උඹලාද හොඳාකාරව දනී. උඹලා සෑම විටම කියනා නිශ්පාදන ආර්ථිකය ඇතිකිරීමට,යහ පාලනය ඇතිකිරීමට මේ මල් වට්ටියට අත ගැසීම අනිවාර්යය වන්නකි.ඒ මහින්ද එලවීමට උදවුකිරීමක් ලෙස ලඝුකොට නොසලකා ,හෙට උපදින එවුන් බේබිලාගේ වහළුන් වීමට ඇති ඉඩකඩ අහුරා,අධ‍ය්‍යාපනයට නිසි ඇගයුමක් ලබාදෙන ,නීතිය සැමටම එක සමාන ලෙස ක්‍රියාත්මක වන,රජයේ රස්සා ලැබෙන තෙක් කට ඇරන්බලා නොසිටින තාරුණ‍ය්‍යක් බිහිකිරීම උදෙසා කරන කැපකිරීමක් ලෙස හෝ සලකා කල යුත්තක්ම වන බැවිනි.එවිට උඹලාගේ මැදිහත් වීමෙන් පසුව  මෛත්‍රි පරාද වූවද ,උඹලාට හිතේ නිදහසින් යුතුකම් ඉටුකලෝ ලෙස සමාජයේ පෙනීසිටිය හැක.

කටුස්සා.....

18 comments:

  1. හත්තිලවුවයි හැම තැනම දේශ පාලනය නේ..
    හිටුකෝ මමත් ලියනවා දේශපාලනේ ගැන..

    ReplyDelete
    Replies
    1. දේශපාළනේ නෙමෙයි.වේසපාළනේ.......

      Delete
  2. එතකොට මේ දෙගොල්ලම හරි නැහැ , වෙන විසඳුමක් හෙවත් ක්‍රමය වෙනස් වීමක් අවශ්‍යයි කියන කටහ්වට් මොකද කියන්නේ?

    ReplyDelete
    Replies
    1. අජිත්,මමත් ඉන්නේ ඒ මතේම තමයි.සිස්ටම් චේන්ජ් එකක් ගැන මගේ තියෙන්නෙත් ලොකු හීනයක්.ඒත් මේ පාළනයෙන් කවදාවත් ඒ වගේ වෙනසක් ඇතිකරන මතවාදී වෙනසකට ඉඩ දෙන්නේ නෑ.සමහර විට උන් ආවත් මේවිදිහටම වැඩ කරයි.ඒත් එහෙමයිකියල මේලැබුන අවස්තාවෙන් ප්‍රයෝජන නොගෙන ඉන්න එකනම් ලොකු මෝඩ වැඩක්.

      Delete
  3. උන් කලත් මේ රටට නරකය. උන් නොකලත් මේ රටට නරකය. ජනතාව ජවිපේ බුලත් විටක් සේ ආසාවෙන් අනුභව කොට ආතල් වූ පසු හපයක් ලෙස විසිකර දමයි. ජනතාව යථාර්තය හරි හැටි වටහාගනු ඇත නුදුරේදීම. එවිට තවකෙකුට සහය දෙන ලෙස නොව උඹලාම බලයට වරෙල්ලා යැයි හඬ නගනු ඇත.

    ReplyDelete
    Replies
    1. ජවිපෙ ගැන මගේ හිතේ තියෙන්නෙ ප්‍රතිපත්ති දේශපාළනය නිසා ඇතිවුන ගෞරවයක්.ඒත් මේ තියන සිස්ටම් එක වෙනස් නොකර ඔවුන්ට කවදාවත් රටේ පාළනයට එන්න අවස්තාවකුත් නෑ.මේ ලැබුන අවස්තාව ක්‍රමය වෙනස් කිරීමක් දක්වා යන එකක් නොවෙන්න පුළුවන්.ඒත් අඩුමගානේ ඒ ගැන මිනිස්සුන්ගේ හිතේ ලියවෙන පළවෙනි පාඩම හරි කියල දෙන්න පුළුවන්.මේක කොහෙන් හරි පටන් ගන්න ඕන.මේ පාළනය ඇතුලේ ඔය ගැන කතාකරනව කියන්නේ ජීවිතාන්තය දක්වා හිර දඩුවම් විඳින මිනිහෙක්ට ලින්ගික විද‍ය්‍යාව උගන්නනව වගේ වැඩක්.

      Delete
    2. මේ බලන්න, මාත් එහෙම හිතුවා,

      http://masandumal.blogspot.com/2014/11/blog-post_24.html

      Delete
  4. නව්
    අය්
    හේට්
    පොලිික්ස්

    ReplyDelete
  5. එදා සිටි සහෝදරවරුන් දැන් නැත...අද සිටින්නේ පාක්ෂිකයන් පමණී...

    ReplyDelete
    Replies
    1. හැම දෙයක්ම මහ ජරා විදිහට වෙනස් වෙන රටක උන්ගෙන් විතරක් යහපත් දේශපාළනයක් බලාපොරොත්තු වෙන්නේ කොහොමද?කරන්න ඉතුරුවෙලා තියෙන්නේ සන්සන්ධනාත්මක තෝරා ගැනීමක් විතරයි.

      Delete
  6. ජවිපෙ කාඩර් එක තමයි උන්ට හැම දේටම ඉන්නේ. උන් ඇවිල්ලා පෙත්තප්පුලා සෙට් එකක්. දැකලා තියෙනවනේ ගෙවල් වලට ආවම දෙන දේශණය. ඕක ලංකාවේ කොහේදි අහුවත්, පිට රටකදි ඇහුවත්. එකම පොටෝකොපිය. ඒ නිසා උන්ගේ ඡන්ද ටික අනිවාර්යයෙන්, මෛත්‍රීට වැටෙනවා. උන් කියන දේ "හරි පැහැදිලියි" නේ. එකම පාඩුව උන් පොද්දගේ ඉස්ටේජ් එකේ එකට නැති එක. එහෙම ආවා නම් ඒක ළොකු බැක් එකක් වෙනවා. කොහොම නමුත් උන්ගේ තීරණය හරි කියන මතයේ මම ඉන්නවා. උන් වගේ සෙට් එකක් මේ රට අවශ්‍යමයි. අනික ලාල් කාන්ත කියනවා වගේ ආයේත් නාන්න ඕන නෑ නේ. අපි හිතමු මෛත්‍රී දිණුවා කියලා. එයා කවදාවත් ජනපති ක්‍රමේ නැති කරන්නේ නෑ. ඕන නම් 18 අයින් කරයි. එච්චරයි. එහෙම උනාම ජෙප්පෝ නේද ආයෙත් නාන්නේ. ඉතින් උන්ගේ තීරණේ හරියටම හරි.

    ReplyDelete
    Replies
    1. උන්ගේ තීරණය හරි කියන මතේ මමත් හිටිය.ඒත් දැන් තියන තත්වේ අනූව ඔවුන්ට මේ විදිහට ඉන්න බෑ කියන එකයි මමකියන්නේ.මේක මරාගන මැරනසටනක් වෙලා ඉවරයි.පොද්දා මේකෙන් පරාද උනොත් උන් එක්ක පැන්න එවුන් විතරක් නෙමෙයි.අනික් හැමදෙනාටම වෙන්නෙත් හරාකිරි කරගන්න එක විතරමයි.නාගරික සමාජය ගැන මෙතන ගැටළුවක් ඇත්තේනෑ.ප්‍රශ්නෙ තියෙන්නේ මරාගේ රැවුලට ආදරේ කරන ගෑණු එක්කෙයි. ජවිපෙ උදවු ඕනෙ එතන්ටයි.

      Delete
  7. ජවිපෙ සන්නද්ධ මාවතට ඇද දමල ඊට පස්සෙ ජවිපෙ අපරාධ කරන්න ගත්තහම ජේවීපී විතරක් නොවෙයි යූඇන්පී නොවන විශාල පිරිසක් මරල රට අමු සොහොනක් කළේ එජාපයයි.එදා නිස්කාරනේ ජවිපෙ තහනම් කළා.1977 දි එජාපය බලයට ආවෙ පොලීසියට සතියක් නිවාඩු දීලලා අයි.එජාප පාලනය අවසන් වුනේ 60,000 ක් පමන මරා දාලයි.මේ කිසිවකට එජාපය ස්වයං විවේචනයක් කර නැහැ.එජාප නායකයන් හා සැසදීමේදී මරා උපාසකයෙක්.

    මරා මේ තත්වයට වැටුනෙ යුධ ජයෙන් පසු ඇති වූ මානසිකත්වය නිසයි.මේ රටේ ජනතාව මෝඩයන් ය කියන හැඟීම ඔහුටත් ඇතිවුනා.තමන් පෙරලා ජනතාවට වගකිව යුතු නැති බවට වූ හැඟීමක් ඔහුටත් ඇතිවුනා.ඊට අමතරව මිත්යාව එආජ්‍ය අනුග්‍රහයෙන් සමාජගත වුනා.රටම ගොනාට ඇන්දුව.ඒ අතරෙ ජාතිවාදය අවුස්සන්න බොදු බලේ වගෙ ඒව ආව.එක පැත්තක ජාතිවාදය,ආගම්වාදය අනෙක් පැත්තෙ කේන්දර.හාමුදුරුවරු හැම තැනක්ම වටලනව.මේව මොළේ තියන අයට තේරුනා.මේවගෙන් ආණ්ඩුවෙ ඡන්ද අඩුවුනා.

    ඒත් තීරණාත්මක වෙලාවෙ මේ එකක්වත් වැඩක් වුනේ නෑ.ජනතාව ඔය කිසිම කෙනෙක් හිතන තරම් මෝඩයන් නොවෙයි.අද තියෙන ගැටළුව විපක්ෂයෙ අය ගැන විශ්වාසයක් තියන්න බැරිකම.චන්ද්‍රිකා ආව කියන්නෙම මොකක් හරි නැවුම් බලාපොරොත්තුවක් තිබුනනම් ඒක නැති වෙන එක.
    වෙලාවට වැඩ නොකරන,පාතාලෙ එක්ක සමබන්ධ,යුද්ධෙ පැරදුන,ආර්ථිකය ඍන වුන ඒ වගෙ යුගයක් අප්‍රසන්නයි.ආර්ථිකය ඍන වීම නම් අහන්න දෙයක්යැ සැළැස්මක් පිළිවෙලක් නැතිව නායකය වැඩකරන කොට.

    රටට අද විකල්පයක් නැති එකයි ප්‍රශ්නෙ.මරා ආයෙ දිනුවත් මර්වින්ලගෙ පුත්තු නයිට් ක්ලබ් වල පිස්සු නටනව.ගුටිකාපු අය තමන් ගහගත්ත කියල කියනව.කෙනෙක් හිතන්න පුළුවන් මේවට කැමති අයටත් ඉන්නව කියල.ඒක වැරදියි.උගත් මධ්‍යම පාන්තික ජාන්තාවට මරා තිත්ත වුනෙත් ඒ වැඩනිසයි.නීතිය යහපාලනය ඕන වුනේ ඒකයි.

    මරා පාඩමක් ඉගෙන ගන්නවනම් හොඳයි.බොදුබලේ රාවණ බලය,සිංහල රාවය වගෙ ඒව ඒවටවත් කෙන්දරකාරයන්ටවත් තීරණාත්මක අවස්ථාවෙ යමක් කරන්න බෑ කියන එක ඔප්පු වුනා.මේ රටේ සාක්ෂරතාවය ඉහළයි .ඉදිරියෙදි පරිගනක සාක්ෂරතාවය ඉහල යනකොට ජනතාව තවත් ප්‍රබුද්ධ වෙයි.

    විපක්ෂයෙ ඉන්න අය දෙමළ ජාතිවාදයට අනුකම්පා කරන පිරිසක්ය කියන කාරනේ විද්‍යාත්මාකව දැකල මිස විදුලි පුටුකතාවට රැවටිල චන්දෙ දෙන මෝඩයොත් නෑ.

    විපක්ෂෙන් දැන් අලුත් සෙල්ලමක් පටන් අරන්.මාධ්‍ය සාකච්ඡාවලදි අඩනව.අඩන ගෑනුන්ට රටක් දීමේ අතීතය සිහිවෙන්න ඇති.මේ 1956 නෙමේ.ජනතාව ඒ හරක් විකුණලා.

    මට නම් හිතෙන්නෙ හැම දෙයක්ම කාලය පිළිබඳ ප්‍රශ්න ලෙසයි.රට යන්නෙ ඉස්සරහට.අද ඇතිවෙන කතිකාවතත් එක්ක රට යහපාලනය දෙසට යොමුවෙලා.
    විපක්ෂය මුලින්ම කළ යුත්තෙ මන්ත්‍රීවරු මුදලට විකිණීම වළකවන එක.පක්ෂ මාරු කරන විට මන්ත්‍රීදූරය අහෝසිවෙන්න නීති හදන එක.දැන් නම් පනින එවුන් සල්ලි අරන් පනින බව ජනතාව කියනව ඒක හොඳ ප්‍රවනතාවයක්.

    මරා ආන්ඩුව දිනුවත් ලොකු දෙදරීමක් වෙලා.නැවත රට වැඩවසම් යුගයට ගෙනයන්නවත් මිත්‍යා මතවලින් ගිල්වල රට මුග්ධයන්ගෙ දේශයක් කරන්නවත් බැරිබව ඒ වගේම බොදුබල මෙගා නාට්‍ය වලිනුත් කිසි වැඩක් නැති බව තේරෙන්න ඇති.ඒක ලොකු දෙයක්.

    ReplyDelete
  8. ඔය සමාජවාදී පක්‍ෂවලට හැමදාම කෙල වුනේ ධනපති පක්‍ෂ සමග සභාගයට ගිය නිසයි!

    ReplyDelete
  9. හදවතට එකඟව උඹත් එක්ක... බුද්ධියට එකඟව ජේ.වී.පී තීරණයත් එක්ක.. සෝ ඉට් ඉස් රියලි ඩල් අවුට් හියර් මචන් කසුට්ටෝ..
    ඒයි..උඹ පුරේද ඉන්නේ.. මං ඇවිත් වැඳල ගියා පවුලත් එක්ක ගිය වීක් එන්ඩ් එකේ..

    ReplyDelete
  10. මචං..ඇඩෙන්න ලියලා..
    එල ද බ්‍රා

    ReplyDelete
  11. උඹේ පණිවිඩය වටිනවා. උන්ට දෙපාරක් හිතන්න දෙයක් තියෙනවා. පෞද්ගලිකව උන්ට ගරු කරනවා. උන් පරිපූර්ණ නිසා නෙමෙයි, සාපේක්ෂව පිරිසිදු සහ ප්‍රතිපත්ති ගරුක නිසා. ඒ නිසාම රෙදි ගැලවෙන්න දෙන නිසා.

    ReplyDelete