Monday, December 15, 2014

සිහිනය





තරු සළකුණු නැති ඝනදුරු මාවත
එළිය කෙරූ ඒ නුඹෙ මුදු සෙනෙහස
වැළඳ ගන්නෙමි තුරුළුකරන් අද
ලෝකයටත් වැඩි සත්කුළු සෙනෙහස.....


ඉපදුණු බවයක මේ මිනිස් ලොව
ඔබමද ලඟ හිටියේ
ඒ හැම බවයෙම මගෙ හිස පිරිමැද
ඔබමද දුක නිවුවේ
නිවැරදි මාවත පෙන්වා සැමවිට
ඔබමයි මග කිවුවේ
හැරදා යන්නට ඉඩ නැති තරමට
කොහොමද පෙම් කෙරුවේ.....

දෙවිවරු දහසක් දුටුවෙමි ඔබගේ
සසල නොවු දෙනෙතින්
සමනළ ගිරගේ නැග එන හිරු රැස්
වින්දෙමි ඔබෙ පහසින්
කඳුලට ඉඩ නැති කරවූ ඔබගේ
බැතිබර කුළුණු සිතින්
අයදිමි මියෙන්න අවසර දෙනවද
දිනයක ඔබේ ලඟින්......



කටුස්සා....

14 comments:

  1. බොහොම ලස්සන නිසඳැසක්

    ReplyDelete
    Replies
    1. මේ විදිහට දිරිගන්වලා අදහස් දැක්වීමට බොහොමත් ස්තූතියි අජිත්.....

      Delete
  2. "තරු සළකුණු නැති ඝනදුරු මාවත
    එළිය කෙරූ ඒ නුඹෙ මුදු සෙනෙහස"

    අඩෝ පට්ට බන්....මාර වදන් ටික..

    ReplyDelete
    Replies
    1. එදා ඉදන් හැමදාම මෙතන්ට ඇවිත් මොනවමහරි කියල දෙන 'කික්' එකට මොනවා කියන්නද මම....

      Delete
  3. සිරා
    කියන්නෙ
    සිරාගෙත් සිරා
    ජයෙන් ජයමෙ වේවා

    ReplyDelete
    Replies
    1. මම ලියන දේ උඹලගේ හිතට වදිනවනම් එච්චරයි.ජය වේවා....

      Delete
  4. 'හැරදා යන්නට බැරිවෙන තරමට' පෙම් කරන්න එපා මචං.. එහෙම උනාම වෙන් වෙන්න උනොත් ඒක උන් දෙන්නට විතරක් නෙවෙයි අහන දකින හැමෝටම දුකක්.. හරියටම මේ කවි ටික වගේ.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. මුකුත් කියන්නේ නෑ මම......
      ජය වේවා.....

      Delete
  5. ගීතයක් වෙනවනම්... විකටර් රත්නායකයන්ගේ හඬින් අහන්නට තිබුනනම්..

    විශිෂ්ඨයි..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්....මේක ලියන කොට මගේ හිතටත් ලාවට රිදම් එකක් ආවා.....

      Delete
  6. ලස්සනට ලියල තියෙනව. සුපිරි :).ජය වේවා!!!

    ReplyDelete
  7. නියමෙට ලියලා තිනවා එල එකක්.......

    ReplyDelete