Sunday, December 7, 2014

මම නුඹට ආදරෙයි-03




 මම නුඹට ආදරෙයි-01
 මම නුඹට ආදරෙයි-02

"හෙලෝ"
"කොහේද අප්පා මෙච්චර වෙලා ගිහින් හිටියේ.....?කී පාරක් ගත්තද?"
"තාත්තගේ වැඩක් කර කර හිටියේ සුදූ.....,කියන්නකො ඉතින්"
"අයියේ.....අපි පොල්හේනෙ යනව....බාප්පල එක්ක.....මම ගිහින් එන්නම් හොඳේ...?"
"අම්මෝ....ඇති යන්තම්.අදවත් නාගන්නව."
"යනව යන්න මෝඩයා.....මේ..ගිහින් එනකම් මට කතා කරන්න බැරිවෙයි අයියේ....ඔක්කොම කට්ටිය යනවනේ"
"හ්ම්ම්....කමක් නෑ.හැබැයි පරිස්සමෙන්.බීච් එකට එන කොල්ලෝ දිහා බල බල ඉන්නේ නැතුව සිහියෙන් ඉන්න "
"බය වෙන්න එපා...මට පීනන්න පුළුවන්,වතුරේ පාවෙන්නත් පුළුවන්.......මොකද හිනා වෙන්නේ....?"
"නෑ ....මට මැවිලා පෙනුනා උඹ මුහුදේ පාවෙනකොට......කිරි මෝරෙක් මැරිල ගොඩගහල වගේ ඇති...."
"යනව යන්න ඌරා....එහෙනම් මම ගිහින් එන්නම් අයියේ.....කට්ටිය යන්න ලෑස්ති වෙලා"
"හරි සුදූ....පරිස්සමෙන් ගිහින් එන්න"
"බුදු සරණයි අයියේ...."
"බායි"
***********************************************************************************
"හෙලෝ"
"මොකද බන්...මෙච්චර ඉක්මනට ගිහිනුත් ආවද...?"
"නෑ...තාම නාන්න පටන් ගත්තෙත් නෑ...දන්නවද කොහේද ඉන්නේ කියලා...?"
"මම කොහොමද දන්නේ"
"බාප්පගේ යළුවෙක් මාතර ඇවිත්.පොල්හේනේ නැවතිලා ඉන්නේ.එයාගේ පවුලේ අයත් ආවා.ඉතින් ගෑණු අයට ඇදුම් මාරුකරගන්නත් එක්ක එයා මෙතන හොටෙල් එකක රූම් එකක් බුක් කරල.ඒ අපි එදා ආපු හොටෙල් එක...."
"හුටා....කවුරුත් ඔයාව අදුරගත්තේ නෑනේ?"
"එහෙම දෙයක් නෑ...මමත් බයෙන් ආවේ.මෙතන්ට එනකම් දන්නේ නෑ,එන්නේ මෙතන්ටයි කියල....ඒක නෙමෙයි...අහන්නකෝ...."
"කියන්නකො ඉතින්"
"බුක් කරල තියන රූම් එක එදා අපි ගියපු එකමයි...."
"මාරයිනෙ..."
"ඒක තමයි......මටත් පුදුම හිතුනා.....අයියේ,මම යන්නම්.මම මේක කියන්නමයි කතාකලේ...."
"හරි සුදූ...පරිස්සමෙන් යන්න"
"බායි"
***********************************************************************************
"දෙයක් අහන්නම්...උත්තරයක් ඕනෙ"
"අහන්න,උත්තර දෙන්න පුළුවන්නම් මම කියන්නම්"
"මම ඔයාට ආදරෙයි....මම කැමතියි ඔයාව මැරි කරන්න.මාත් එක්ක එනවද?"
"............................."
"නන්ගෝ.....?"
"ම...මම....ඉන්නවා"
"ඔයාට උත්තරයක් දෙන්න පුළුවන්ද?"
"අයියේ...මම හරි කාළකණ්නි ගෑනියෙක්.අඩුම ගානේ මගේ අම්මා කියන විදිහටවත්.මට කවුරුත් ආදරේ නෑ.අඩුම ගානේ මගේ අම්මා තාත්තවත්.අම්මා ආදරේ මල්ලිට විතරයි.තාත්තා මට ආදරේ උනත් එයා මට වඩා අම්මට ආදරේ නිසා ඒ ආදරේ අම්මා ඉස්සරහ පෙන්නන්නේ නෑ.අම්ම බනින වෙලාවට කටවහන් ඉදලා පස්සේ අම්මට හොරෙන් ඇවිත් කියනවා ඕවා ගනන් ගන්න එපා කියලා.මට ආදරෙයි කියල ලන්වුන අයත් මට ආදරේකලේ ඇත්තට නෙමෙයි.මම ඔයාට කියල තියන විදිහට මම ඒ වැරදි සම්බන්ද පටන් ගත්තෙත් මට ගෙදරින් ආදරේ ලැබුනේ නැති නිසා.ඒත් ඒ අයත් මට කලේ බොරුවක්.ඒකෙන් උනේ මේ ගදරදී මම තවත් තනිවුන එකයි.එහෙම කෙල්ලෙක් එක්ක යාලුවුනොත් ඔයාගෙ ජීවිතෙත් කාළකණ්නි වෙයි අයියේ."
"නන්ගෝ....මම ආදරේ කරන්නේ ඔයාගේ පවුලේ අයට නෙමෙයි.ඔයාටයි.ඔයා නිසා මගේ ජීවිතේ සිද්දවෙන දේවල් වෙන්නෙ මම නිසයි.ඒවට ඔයා වගකියන්න ඕන නෑ.ඔයා කැමතිද අකමැතිද කියල විතරක් කියන්නකෝ මට.ඉතුරුවා මම බලාගන්නම්"
"අයියේ....මම කිසිම වැඩකට නැති කෙල්ලෙක්.අඩුමගානේ මට A/Lවත් පාස් වෙන්න බැරිවුනා.එහෙම කෙල්ලෙක් එක්ක යාලුවෙලා ඔයාගේ ජීවිතේ විනාශකරගන්න එපා"
"මම කිවුවනේ දරුවෝ....මට ඔය කිසිම දෙයක් වැඩක් නෑ....මට ඕන ඔයාව විතරයි.ඒ නිසා මට ඔයාගේ උත්තරේ කියන්නකො...."
"අනේ මන්දා අයියේ.....මට හිතාගන්න බෑ..."
"ඒ කියන්නේ මට කැමතියි කියල නේද.....?කියනවා මෝඩයො......කියනවකෝ....."
"ඔවු"
"හොඳ ළමයා..."
"කවදාවත් ඇහැටවත් දැකලනැති අපි දෙන්නා කොහොමද මෙච්චර ලන්වුනේ අයියේ....."
"මටත් හිතාගන්න බැරි ඒකයි නන්ගෝ....මම එන්නද ඔයාව බලන්න මාතර...?"
"අනේ....මම කොහොමද මාතර එහේමෙහේ යන්නේ.....තාත්තා අදුරන අය ගොඩයිනෙ මෙහේ..."
"ඒකත් එහෙමද....එතකොට අපිට හම්බෙන්න වෙන්නෙ නැද්ද කවදාවත්....?"
"අනේ මන්දා අයියේ....මට හරි බයයි...පළවෙනි දවසෙම ගෙදරට ආරන්චි වුනොත්?"
"මාව විශ්වාසද...?"
"ඇයි එහෙම ඇහුවේ?....ඔවු...ගොඩක් විශ්වාසයි"
"මම දෙයක් කියන්නම්.වරදවා තේරුම් ගන්න එපා.මේකට කැමති නැත්තම් මම කියන දේ අමතක කරල දාන්න"
"කියන්නකො ඉස්සල්ල"
"අපි රූම් එකකට යමුද...?මම පොරොන්දු වෙනවා කිසිම කරදරයක් වෙන්නේ නෑ කියල මගෙන්"
"...................................."
"නන්ගී....කතා කරන්නකො....හරි හරි...ඒ කතාව අමතක කරල දාන්න.මට ඕන උනේ ඔයාව හම්බ වෙන්න.ඒකයි මම එහෙම කිවුවේ......අතැරල දාන්න ඒ කතාව"
"නෑ අයියේ....අපියමු.....මට ඔයාව විශ්වාසයි"
"..........................................................."
"..........................................................."
"එහෙනම් මේ සිකුරාදා මම එනවා හොඳේ...."

මට ඇතිවුන සතුට.අම්මෝ...කෙල්ලෝ මේ තරම් මෝඩද?වරකො උඹ එදාට...මම පෙන්නන්නම් මගේ විශ්වාසේ....උඹල ඔක්කොම එකයි.ඔක්කොමල්ලා හිතන් ඉන්නේ කොල්ලෝ කියන්නේ මෝඩයෝ කියල.ඒකනේ අරකිත් මට කිවුවේ,මාව දාල යන කොට.වරෙන්කො උඹත් එදාට.උඹලගෙ ජාතියටම මම පෙන්නන්නම් කොල්ලෝ මෝඩයිද කියල.
***********************************************************************
"කොහේද ඔයා ඉන්නේ?"
"මම ආසිරි එක ඉස්සරහ ඉන්නේ,දුඹුරු පාට වෑන් එකේ....ඔයා කොහේද ඉන්නේ....?පාර පුරා ළමයි ගොඩයි"
"මට ඔයාව පේනවා.ඉන්න ටිකක්.මම පයින් එන්නේ....මම පිටිපස්සෙන් නගින්නම් හොඳේ...."
"හරි....එන්නෙකො ඉස්සල්ල"
වෑන් එකේ දොර ඇරුනා.ඔයා පිටිපස්සේ ඉදගන.දෙයියනේ......මේ මොකද්ද මට වෙන්නේ.....?මම ගල් ගැහිල වගේ ඔයා දිහා බලාගන හිටියා....
"මොකද බයවෙලා වගේ.....අපි මෙතනින් යමු ඉක්මනට"
"පොල්හේන පැත්තේ අද එච්චර කට්ටිය නෑනේ,අපි එතන්ට යමු.කමක් නෑනේ?"
ඔයා ඔළුව වැනුවා.වෑන් එක ඉස්සරහට යන කොට මගේ ඔළුව යකාගේ කම්මල වගේ.මම දැන් මොකද කරන්නේ?
"දැන් උඹ හදන්නේ උඹ හිතාගන ඉන්න සේරම වතුරේ දාන්නද මෝඩයෝ.....?"මගේ හිත මට කෑගහනවා.ඒත් මම කොහොමද ඔයාව........................................................................................................

දෙයියනේ....මම දැන් මොකද කරන්නේ....ඒ මූණ...ඒ හිනාව.....
"ගොනෙක් වෙන්න එපා විහඟ....ඔය මූණ පිටිපස්සේ හැන්ගිල ඉන්නේ යක්ශනියෙක්.මතකනේ අනුත්තරා උඹට කරපු දේ?උඹ තවත් හරකෙක් වෙන්නද හදන්නේ....?"
"මොනවද අයියේ කල්පනා කරන්නේ...?කියන්නකො මටත්."ඇඳේ වාඩිවෙලා උන්න ඔයා මගෙන් ඇහුවා.
"මුකුත් නෑ නන්ගෝ...ඔයා දිහා බලන් හිටියේ"
"මොනවද මගේ දිහා බලාගන කල්පනා කරන්නේ?"
"ඔයා වගේ බට්ටෙක් කොහොමද මම වගේ ගෝරිල්ලෙක්ට කැමති වුනේ?"
"ඔයා ගෝරිල්ලෙක් ඈ....කොල්ලෙක් ටිකක් කලු වුනාට මොකද වෙන්නේ.....ඒක තමයි පිරිම පාට...."
"අපි දෙන්නා පාරේ යනකොට තැඹිලි ගෙඩියයි කාක්කයි වගේ ඉඳියි නේද?"
"මෝඩකතා...අනිත් අය කොහොම හිතුවත් අපිට මොකද?මට ඔයාව ලස්සනයිනේ...."
"නන්ගී....මට පොරොන්දුවක් වෙනවද....?"මම පුටුවෙන් නැගිටල ලගට ඇවිත් ඔයාගේ අත අල්ලගන ඇහුවා.
"කවුරු විරුද්ද වුනත්,කවුරු අකමැති වුනත් මගේ ලඟට එනවද?මාව බඳිනවද?"
"මම පොරොන්දු වෙනවා අයියේ....මොනවා වුනත් මම ඔයා ගාවට එනවා....මට ඉන්නේ ඔයා විතරමයි කියල හිතාගන මාව බලාගන්න අයියේ...කවදාවත් මාව රිද්දන්න එපා...."
"නෑ නන්ගි...කවදාවත්ම නෑ....මම මේ අත අල්ල ගත්තේ ආපහු අත් අරින්න නෙමෙයි..."
"අනිත් අය වගේ බොරු කරනවා නෙමෙයි නේද?"
"මට ඔයාගේ අතීතෙන් වැඩක් නෑ නන්ගෝ...ඔයා කාත් එක්ක මොනවා කලත් මට වැඩක් නෑ.ඒත් අද ඉදන් ඔයා මගේ විතරමයි කියල හිතාගන වැඩ කරන්න.ඔයා කැමතිනම් මට නොකීපු ඔයගේ අතීත විස්තර තියනවනම් මට කියන්න.මොකද,ඒ අතීතේ ඉස්සරහට කවදහරි ඔයාට ප්‍රශ්නයක් උනෝතින් ඔයාට උදවු කරන්න මම ඒක දැනගන ඉන්න ඕන නිසා.ඒත් ඔයා ඒවා කිවුවේ නැතිවුනත් මම තරහ නෑ"
"මට දැන් රහස් නෑ අයියේ....ඒ ඔක්කොම මම ඔයාට කියන්නම්"
"ඒත් දැන් නෙමෙයි.දැන් මේ විදිහට මට තුරුල් වෙලා ඉන්න.....මේ වෙලාව නාස්තිකරගන්න මට ඕන නෑ"මම හිටගනම ඔයාව තුරුල් කරගත්තා.ඒ උණුසුම,සුවඳ මගේ ආත්මය පුරාම පැතිරිල යනවා මට දැනුනා.
හිමින් ඔයාගේ මූණට පහත්වුන මම ඔයාගේ නළල ඉම්බා,කිසිම කිළුටක් නැති හිතකින්.
"උඹ මේ පාරත් ඇන්දුනා විහඟ....උඹ මෝඩයෙක්.දැන් ඕකිත් උඹට කෙළවලා යනකම් උඹ දන්නේ නෑ.ඕකිත් එහෙම ගියාට පස්සේ අත උඩ තියාගන පිඹ පිඹ හිටපන්."
"අනේ පලයන් හු.....යන්න.උඹ දන්න කෙන්ගෙඩිය"
මගේ හිත පරාදවුනා.මගේ ආත්මය දිනුවා.
"මම හරි කොටයි නේද අයියේ ඔයා ලඟදි....මේ...ඔයාගේ උරහිසටත් වඩා කොටයි...."
"මම ඒකනේ උඹට බට්ට කියල කිවුවේ....දැන් මට ලේසියි...කේන්ති ගිය වෙලාවට ටක්ගාලා උස්සල පොලේ ගහන්න පුළුවන්"
"ආ...ඇත්තද?බලමුකො පොලේ ගහන හැටි....අපි කොට උනාට හරි දරුණුයි.....හූනෝ,කැරපොත්තෝ වගේ"
"ටක්....ටක්....ටක්..."
"නන්ගෝ....කෑම ගෙනල්ලා...ඉන්න මම දොර ඇරල ගන්නම්"
".............................................."
"මට කවනවද?"
"ඇයි?"
"ආස හින්දනේ"
ඔයා හරි ආදරෙන් පොඩ්ඩ පොඩ්ඩ මට කැවුවා,තොරතෝන්චියක් නැති කියවිල්ලත් එක්ක.වෙනදට විනාඩි 5න් කෑම කාලා ඉවර වෙන මට ඒක හෙන විකාරයක් වගේ වුනත් එකෙත් අමුතු ගතියක් තිබුනා.
"මොකද බස්සෙක් වගේ හූම්...හූම්...ගාන්නේ?කතා කරනවකො..."
"මම මොනව කතා කරන්නද?ඔය රේඩියෝ එක දැම්ම වගේ කියවන්නේ"
"යනව යන්න මෝඩයා....ඉන්න...මම අත හෝදන් එන්නම්"
ඔයා අත හෝදන්න බාත් රූම් එකට ගිය වෙලාවේ මම කල්පණාකලේ ඔයාට මම කරන්න හදපු දේ ගැන.මට හිතාගන්න බෑ...ඔයා වගේ අහින්සක හුරතල් කෙල්ලෙක්ට මම ඒදේ කලානම්......මැරෙනකම් මම විඳවයි.ඒක මතක් වෙන කොටත් මාව හිරිවැටිල ගියා.
"අයියේ...යන්න වෙලාව හරි නේද?අම්ම ඉස්කෝලෙ ඉවරවෙලා එන්න කලින් මම යන්න ඕනෙනෙ"
"යන්නම ඕන නේද?....අපි ඔහොම්මම යමු අපේ ගෙදරට"
"දැන්ම බෑ.අපි ඉස්සල්ලම ගෙවල් වලින් කැමත්ත ගන්න බලමු.බැරිම වුනොත් ඒ විදිහට යමු"
මම ආපහු ඔයාව තුරුල් කරගත්තා.
"හ්ම්...මටත් ඕන ඔයාව මනමාලියෙක් විදිහට අපේ ගෙදරට එක්කන් යන්න,කාගෙන්වත් වචනයක් අහන්න දෙන්න බැරිවෙන විදිහට.බලමුකො ,කරන්න පුළුවන් දේවල් ඔක්කොම කරල"මම ආයිමත් ඔයාගේ නළල ඉම්බා,ඒ නිරාමිස සතුට ආපහු ලබාගන්න ,මගේ ආත්මෙට.
"යමු සුදූ එහෙනම්....අම්මා එන්න කලින් යන්න බැරිවුනොත් එතනත් අවුලක්නේ"
"පොඩ්ඩක් ඉන්න අයියේ"
නැගිටල හිටපු මම ඔයා දිහා බලන් හිටියා,
මම හිතුවෙවත් නැති විදිහට ඔයා මගේ ලඟට ඇවිත් මට වැන්දා.පිට මනුස්සයෙක් මට වැන්දමයි.....ඒකත් ඔයා.
"අනේ ඇයි නන්ගි මේ.....මොකටද මට වදින්නේ?"
"ඒ ඔයා මගේ මහත්තය නිසා....අනික් හේතුව තමයි මේවගේ තැනකට ඇවිල්ලත් මාව මේ විදිහට බලාගත්
තු නිසා"
මාව මරල දැම්මනම් හොඳයි කියල හිතුනේ ඒ වෙලාවේ තමයි මට.මම මෙතන්ට ආවේ මොකක් හිතේ තියාගනද කියල ඔයා දන්නවනම්.....
"ඇයි ගල් ගැහිල වගේ ඉන්නේ....?අනේ ඔහොම ඉන්න එපා ඉතින්"
"දෙයක් ඉල්ළුවොත් දෙනවද?"
"හා"
"කවදාවත් මට වදින්න එපා"
"බෑ....කවදාවත්ම බෑ.ඔයා මගේ ලෝකයේ දෙවි කෙනෙක්.ආදරේ නැතුව පාවෙවී හිටිය මට ඔයා ගොඩක් වටිනවා.ඒ නිසා ඔයාට වැන්දට මට පවු නෑ"
"මම එච්චර වටින මිනිහෙක් නෙමෙයි"
ඒ නළල උඩට ආයෙමත් මගේ තොල්.
"මට තව පොරොන්දුවක් ඕන"
"....................................."
"මොන දේ වුනත් මගේ ලඟට එනවා කියපු පොරොන්දුව කඩන්න එපා"
"නෑ අයියේ....කවදාවත්ම නෑ.මම මැරුනත් මම ඒක රකිනවා"
"ආපහු කවදාවත්ම මම ඒක ඔයාගෙන් අහන්නේ නෑ.අද ඉදන් මම මගේ හීන ඔක්කොම ගොඩනගන්නේ ඔයා දුන්න ඔය පොරොන්දුව වටේ.ඒක හිතෙ තියාගන වැඩ කරන්න නන්ගී"
"මම ඔයත් එක්ක හැමදාම ඉන්නව.මාව එලවල දානකම්"
මේ පාරනම් බදාගන ඉඹ ගත්තෙ ඔයා.
"යමු....පරක්කු වෙනවා ඔයාට"
"හ්ම්ම්.....යමු."

කරන්න දේවල් ගොඩක් හිතේ තියාගන ෆන් එකක් ගන්න මාතර ගියපු මම මාලබේට ආවේ ලොකූ බරක් හිතෙ තියාගන.හැබැයි ඒ බර හරිම සැහැල්ලු බරක් වුනා ඒ දවස්වල ,මගේ ජීවිතේට.



 කටුස්සා.....

16 comments:

  1. පට්ට බන්....සුපිරි කතාව....
    කියවපු පොතකවත් තිබුනේ නෑ මෙහෙම කතාවක්...
    දිගටම ලියපන් මචං....නියමයි!!!

    ReplyDelete
    Replies
    1. මම මොනවා ලිවුවත් ඇවිල්ල කියවන උඹට හැමදාම එකම දේ කියවන්නත් මට බෑනේ.ඒ නිසා මම කිවුවයි කියල උඹ හිතාගනින්.
      අර පත්තරේ ගිය සීයට පස්සේ මුකුත් කියෙවුවේ නෑ.ගිහින් ලියපන්.

      Delete
  2. හුටා එකයි දෙකයි මිස් වෙලා..

    ReplyDelete
  3. නන්ගෝ....මම ආදරේ කරන්නේ ඔයාගේ පවුලේ අයට නෙමෙයි.ඔයාටයි.ඔයා නිසා මගේ ජීවිතේ සිද්දවෙන දේවල් වෙන්නෙ මම නිසයි.///
    මේක කොච්චර කෙල්ලන්ට කීවත් තේරෙන්නෙම නැති දෙයක්
    වැඩය ඕන නෑ මං සැට්ටෙලා හිටපු එකට නං මේක කෝමත් තේරුන්නෑ...
    උන්නෙ කරුමෙද අපේ වාසනාවද කියන්න මං දන්නෙ නං නෑ...
    අපූරුයි මචෝ
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. "එළදෙනගේ කන කුණුවුනාට එරෙන කිරි නරක්වෙන්නේ නෑ"ලු මචෝ.ඒවා එහෙම වෙන්නේ අපේ වාසනාවට කියල හිත හදාගමු.
      ජය වේවා......

      Delete
  4. කසුට්ටෝ නියමයි ..1 , 2 මිස්වෙලා .....


    චන්ද්‍ර බිම්බයුරු ඔබෙ වත පවසයි
    මෘදු හදවතක තතු..
    ඉන්ද්‍රනීල මිණි සේම දෙනෙත් යුග
    නොකරමි දිනක රතු..//

    අන්ද මන්ද දැඩි චන්ඩ සිතුම් ඇති
    ඉදුරන් මැද දෙරණේ..
    ඉන්ද්‍රඛීලයක් සේ මම ඉන්නෙමි
    නිරතුරු ඔබ සෙවනේ...

    චන්ද්‍ර බිම්බයුරු...//

    අදත් සිනාසී හමුවන අයුරින්
    භින්න රුචික මෙලොවේ...
    හෙටත් උදෑසන පිබිදෙන දෑසින්
    අප හමුවිය යුතු වේ...

    චන්ද්‍ර බිම්බයුරු...//

    ගායනය : නාරද දිසාසේකර
    සංගීතය : නාරද දිසාසේකර
    ගී පද : කරුණාරත්න අබේසේකර

    ReplyDelete
    Replies
    1. ඔබේ හදවත ගැහෙන රාවය
      පවා මසිතට දැනුන මොහොතක
      හදවතින් තෙපලූ කතා
      කිසිඳු දිනයක ගොළු නොවේවා......

      1,2 කියවලම වරෙන්......හැමදාම වගේ ඇවිත් කියවලා ලබලාදෙන දිරියට ස්තූතියි මචෝ.....

      Delete
  5. අලුත බැඳපු ජෝඩුවක් හනිමූන් ගිය ගමං මනමාලය බාත්රූම් එකට යන්න හදනකොට මනමාලි කිව්වලු “බලාගෙන, ඕකෙ ටයිල් කැඩිල තියෙන්නෙ“ කියල. මනමාලය කීවලු “අපෝ, ගිය සතියෙ අලුතින් ටයිල් කලා“ කියල.
    මොකුත් අදහස් කියන්න කලිං අනික්ව කියෝල ඉන්න ඕනි. ජය!

    ReplyDelete
    Replies
    1. වැඩේ ඉවරවෙලා සල්ලී නොදී එහෙම විතරක් කිවුවා මදැයි....
      පළවෙනි වතාවට මේ පැත්තට ආවට වැල්කම් කිවුවා.....

      Delete
  6. මේ කතාවෙ කොටස් තුනම එක දිගටම කියවල ඉවර කලා. නියමයි මචන්.හරි ලස්සනට කතාව ලියල තියෙනවා. කිසිම වෙලාවක අවධානය නැති උනේ නෑ. දිගටම ලියහන්. මට මේ කතාව ලියල තියෙන ස්ටයිල් එක දැක්කම හිස් අහස බ්ලොග් එක මතක් උනා. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. හිතට එන අදහස්වලට ඔහේ ලියවෙන්න දීල ලියන කතා ,මහාලොකුවට හිතල ලියන ඒවට වඩා රහයි වගේකියල මටත් දැන් තේරිල තියෙන්නේ.....
      හිස් අහස,සඳරු.....බ්ලොග් ලියන්න හිතලවත් නැති,කියවන එක විතරක් කරන කාලේ වරද්දන්නේ නැතුව කියවපු බ්ලොග් එකක්.සඳරු කියන්නේ මේකේ legendary එකක්....

      Delete
  7. අද තමා මේ පැත්තට මුලින්ම ආවේ ආපු ගමන් තිබ්බේ මේක තමා ඉතින් කලින් කොටස් දෙකත් කියෝලම ආවා සුපිරිම කතාව මචෝ ආයේ වචන නැති තරම්....... සමහර දේවල් බොක්කටම වැදුනා... එල එකක් ජය වේවා !!!!!!

    ReplyDelete
    Replies
    1. බොක්කටම වැදෙන්නේ ඒවා ජීවිතේට ලන්වුනහමනෙ සොනා.....මේ විදිහටම නැතත් ආදරේ කියන 'පොදු සතුරට' මූණදෙන කොට ඔයවගේම අත්දැකීම් ගොඩ දෙනෙකුට ලැබෙනව ඇති.
      පළවෙනි වතාවට ආවට වල්කම් කියන ගමන්ම ඉඩක්ලැබුන වෙලාවට ඔළුවදාල යන්න කියල ආරාදනයකුත් තියනව......

      Delete
  8. දෙවෙනි කොටස කියවලා මාසයයි දවස් 7ක් මදැයි ගත්ත කල්.. ඒකෙන් උනේ කොමෙන්ට් කරන්න දවස් තුනක් කල් ගිය එක..ඇයි මුල් ටික ආයෙ අයෙ මතක් කරගන්න කියවන්න එපැයි.. හ්ම්ම්..
    \\"ඔයා ගෝරිල්ලෙක් ඈ....කොල්ලෙක් ටිකක් කලු වුනාට මොකද වෙන්නේ.....ඒක තමයි පිරිම පාට...."
    "අපි දෙන්නා පාරේ යනකොට තැඹිලි ගෙඩියයි කාක්කයි වගේ ඉඳියි නේද?"//
    \\ඔයා හරි ආදරෙන් පොඩ්ඩ පොඩ්ඩ මට කැවුවා,තොරතෝන්චියක් නැති කියවිල්ලත් එක්ක.වෙනදට විනාඩි 5න් කෑම කාලා ඉවර වෙන මට ඒක හෙන විකාරයක් වගේ වුනත් එකෙත් අමුතු ගතියක් තිබුනා.//
    \\මොකටද මට වදින්නේ?"
    "ඒ ඔයා මගේ මහත්තය නිසා....අනික් හේතුව තමයි මේවගේ තැනකට ඇවිල්ලත් මාව මේ විදිහට බලාගත්තු නිසා"\\
    මේවා ඔක්කොම මගේ ජීවිතේට හරිම සමීපයි මචන්.. බොක්කටම වැදුනා..
    \\මම මේ අත අල්ල ගත්තේ ආපහු අත් අරින්න නෙමෙයි...//
    ඔය වචන ටික මං ඔය විදියටම අපේ ගෙදර උන්දැට කිව්වා මාතර බීච් එකේදි.. ඉතින් තව මොනවද?

    ReplyDelete
    Replies
    1. මේකේ අනිත් කොටසුත් මේ විදිහටම පරක්කු වෙයි කමියෝ.ඒ කවුරි පිළිනොගත්තත් මේ කතාවේ 90% විතරම ඇත්ත,තාමත් සිද්දවෙන කතාවක් නිසා.මේක තාමත් කියවෙන කතාවක්.හැබැයි මගේ අතින් ලියවෙනකොට විහඟගෙ පැත්තට බරවෙයි.ඒvමට ගොඩක් ලඟ විහඟගෙ චරිතේ නිසා.ඒත් ඕනෑවට වඩා එකම විදිහට ඇදුනොත් මේක ඉවරකරමු වෙන්න තියන දේ අනුමාන කරල.
      කපුටයි තැඹිලිගෙඩියෙයි සීන් එකනම් ඉතින් සුදු චීස් බෝල පස්සෙන් යන එවුන්ට පොදු ඛේදවාචකයක්ද කොහේද......D
      ඔය කතාවේ කෙල්ල වඳින සීන් එක තමයි කලින් ලිවුව "අහින්සකයි" පෝස්ට් එකේදි // සමුගන්නා විට මාගේ
      දෙකකුල් වැද නොඉම්බාට// කියල දැම්මේ.
      උඹ අර කතාව කිවුවේ මාතර බීච් එකේදි.විහඟ ඒ කතාව කිවුවේ පොල්හේන බීච් එකේදි....

      Delete