Sunday, August 9, 2020

හෙලන වැහිකැට ගණිනු හැකිනම් ආදරෙයි එපමනකි මං....

 


රැයත් හරියට නුඹ වගේමයි....

සුවහසක් දිදුලණා තරුකැට

ගලන දොල දිය නගන සර හඬ

විඳින්නට හැකි සිත් පුරා

බැඳෙන්නට හැකි දිවිතුරා

රැයත් හරියට නුඹ වගේමයි....


සඳත් හරියට නුඹ වගේමයි....

දුරින් හිඳ ලොව එකලු කරවන

විටින් විට මට පෙනී නොපෙනෙන

නොදකිනා දින හඬවනා

තනිවෙනා සිත සනසනා

සඳත් හරියට නුඹ වගේමයි....


සිතත් හරියට නුඹ වගේමයි....

එක තැනක නොනවතින සිතුවිළි

හැරනොයා තනි මකන සෙවනැළි

මතක පොත පිටු පුරවනා

සරන හැම තැන හිනහෙනා

සිතත් හරියට නුඹ වෙගේමයි....



කටුස්සා....

2 comments:

  1. ඈත් හරියට උඹ වගේමයි..

    කතාවට කවියට තමයි සිත
    වෙන මෙලෝ මගුලක වගක් නැත
    පිස්සු කෙළ කෙළ පසුවෙනා
    ඒවා ඇහුවම හිනැහෙනා

    ඈත් හරියට උඹ වගේමයි!

    - ක.මි. (කියුව කියල කියපං)

    ReplyDelete
  2. Betfred | casino online | Goyang FC
    Betfred is a casino 승인전화없는토토꽁머니 in Europe that 토토 배당 we provide 안전사설토토사이트 for online gambling, as well as in 크롬 번역기 betting. We are established in 2003, in 2004 and currently offer over 실시간 바카라 사이트 400

    ReplyDelete