Sunday, March 1, 2020

මගේ අරුම පෙම් අංගනා....



උඹ දැකපු හීනවල
හැමදාම උඹ හිටියේ 
තනියෙන්ම....
හුළඟ, තරු, හඳ
මුහුදු රළ හඬ
උන් නුඹේ තනි මැකුවා
නුඹ උන්ගේ තනි මැකුවා
නිහඬවම

මම දැකපු හීනවල
හිටියේම උඹ එක්ක
බලාගන....
තරු දිලෙන නුඹ දෙනෙත
සිසි සිනා පිරි උවන
මම උඹේ තනි මැකුවා
උඹ උන්ගේ තනි මැකුවා
නිහඬවම

හිතවතිය....

දෙවුර පටලන් සිනාසෙන්නට
සවන පුරවා අසා ඉන්නට
පෙරුම්පිරු හදවතක්...
දකුනු උරයට මදක් පසුපස
හුස්ම දැනෙනා නොදැනෙනා දුර
හැමදිනම තප්පරෙම
රැඳීහුන්වග නොදන්නා නුඹ

උඹ දකින හීනවල
තවම නුඹ ඉන්නේම
තනියෙන්ම....
මම දකින හීනවල
දැනුත් මම ඉන්නේම
උඹ එක්ක...
හිතුනොතින් දකින්නට
හීනයම මා එක්ක
ඉඩතියන් මගේ ලඟම


කටුස්සා....





6 comments:

  1. මම උඹේ තනි මැකුවා...
    උඹ උන්ගේ තනි මැකුවා....😢

    ReplyDelete
  2. ආයෙත් ඇවිත් වගේ. නියමයි කවිය , පාළුවෙන් හිටියේ කටුසු හදවත නැතිව

    ReplyDelete
  3. නෞකාවකි ඔබ ඈත සමුදුරේ
    මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ.......
    විචාරක දියණිය

    ReplyDelete