Friday, August 26, 2016

පාට වෙනස් නොවන කටුස්සාගේ ගීත 16- Katussa's 16 choices counted by Mrs. GK

කලකට පස්සේ වෙලකට බැස්සේ කියලා යන්තම් බ්ලොග් පැත්තේ කරපෙවුවහම මෙන්න යකෝ මුන් ඔක්කොම සිංදු කියනවා.... ඊරිසියාවේ බෑ...ඉයන් තමයි ගින්න අවුලවලා තියෙන්නේ.බැලුවේ කමියගේ පෝස්ට් එක විතරයි.අනික්වා බැළුවොත් හිත වෙනස්වෙනවා.ඒ නිසා ගේමටම බැස්සා, කාමරේ අල්ලලා දාලා. වැඩකරන සේවකයෙක් අතින් ගඩොල් කැටයක් බිමට වැටුනත් අක්කර ගනන් රිපෝර්ට් ලියන්න සිද්දවෙලා තියන අළුත් රස්සාවේ බොසාට හොරෙන් කැමතිම සිංදු ටික ෆෝන් කට්ටෙන් ටයිප් කරන එකත් අමුතුම ජොලි වැඩක්. මාස ගානකින් මේ පැත්තේ එන්න බැරිවුන නිසා, කමෙන්ටුවක් කොටන්න බැරිවුන නිසා මේ ලිපිය ගොඩදෙනෙක් අතරට යන එකක් නෑ.ඒත් සිංදු වලට තියන පෙරේතකම නිසාම මේක ලියනවා. ලැබෙන කමෙන්ට් වලට පිළිතුරු ලියන්න, අළුත් කමෙන්ටු කොටන්න ඉඩ නොලබෙන එකට සමා අවසර. නවාතැනේ වයිෆයි තාවකාලිකව අත් හිටවලා අළුත්වැඩියාවක් නිසා.රාජකාරී ස්තානය පුස්තකාලයක් ඇතුලේ නිසා හරි පරිස්සමෙන් තාක්ශනික් උපකරණ භාවිතාකරන්න වෙලා තියෙන්නේ. පෞද්ගලික ඉන්ටර්නෙට් සම්බන්දතාවක් ලබාගන්න ගියා.10gb මාසික ගාස්තුව ලංකාවේ මුදලින් රු.15000ත් පනිනවා. හරියට උන් ගෙදරින් ගෙනල්ලා දෙනවා වගේ.ගොඩක් දුරට තව මාසෙකින් විතර වැඩේ ගොඩදාගන්න පුළුවන්වෙයි. කොච්චර අපහසුතා තිබුනත් සිංදු වලට තියන පෙරේතකම නැතිකරගන්නේ කොහොමද?


ජීවිතේ එක එක කාලවලදී අහන සිංදු ඉබේම වෙනස්වෙනවා.ඒත් කටුස්සගේ ජීවිතේ කවදාවත්ම කැමැත්ත වෙනස්වෙන්නේ නැති ගීත 4ක් තියනවා.මේ තියෙන්නේ ඒවායෙන් පළවෙනි එක. මම වනාහි සුට්ටන් කාලයේ සෑහෙන්න ලැජ්ජාශීලී දරුවෙක්.කොටින්ම කිවුවොත් ගෙයි ගෙම්බෙක්. සිංදුවක්වත් කියන්නේ නෑ කාටහරි ඇහෙයි කියලා. ඔහොම ඉන්න කොට 7 වසරෙදි වගේ රූපවාහිණියේ සිංදුවක් යනවා ප්‍රදීපාගාරයක් පසුබිම් දර්ශනය කරගන. ඒ කටහඬට, ඒ සංගීතයට කොච්චරනම් හිත ගියාද කියනවනම් අදටත් කටුස්සාගේ ලෝකයේ ප්‍රියතම ගායකයා ඔහුයි. ඒ ගීතය එදාම පාඩනුත් හිටියා. ගොඩක්ම මේ පද දෙක.... "දහසක් මල් මැද එකම මලයි පැතුවේ එමල කිමද සරදම්කර සැගව ගියේ... "
අදටත් ඔහුගේ එක එක යුගවල ඔහු ගායනාකරපු ගීත ඇහුවත් මම තාම කැමති "එක්ටැම්ගේ" චිත්‍රපටයේ "උන්මාද සිතුවම්" ගීතය ගායනාකරන ඔහුගේ කටහඬටමයි.ඒ මූසල කටහඬට මිනිහෙක්ගේ ජීවිතයක් වෙනස්කරන්න පුළුවන් කියන එක මම තාම පිළිගන්නවා. අන්න ඒ නිසාම තමයි ගුනදාස කපුගේ ශූරීන් තාමත් මගේ ලෝකයේ නොනැසී ජීවත් වෙන්නේ.
කටුස්සා ගෙයි ගෙම්බා වගේ හැදුනට කටුස්සගේ අක්කනම් එහෙම කෙනෙක් නෙමයි.සෑහෙන්න සමාජශීලී චරිතයක්. කාලෙන් කාලෙට එන රැලිවලට බය නැතුව ඔළුව දාන ,ටික කාලෙකින් ආපහු එයාගේ ට්‍රැක් එකට වැටෙන අමුතුම චරිතයක්.දැන් මම මේ කියනකාලේ එයාගේ රැල්ලවුනේ නාමල් උඩුගම. ඔයකාලෙත් කටුස්සා 6-7 වසරවල වගේ ඇති.අක්කා දවසක් නාමල්ගේ සිංදුවගයක් යාලුවෙක් රෙකෝර්ඩ් කරලා දුන්නා කියලා කොහෙන්දෝ කැසට් පටියක් ගෙනල්ලා මහ හයියෙන් දාගන අහනවා.ඒ රෙකෝර්ඩ් කරපු ගීත අහවරවෙලා එකපාරටම ඒ කැසට්පටියේ තිබුන මුල් ගීතයක් වාදනයවුනා.
"හදවිල ඉපදුන කැකුලක් නොකලට නටුවෙන් ගලවා දුරක යවා....."
අන්න ඉතින් කටුස්සා ෆෝර්ම් වෙලා මුළු සිංදුවම අහන්නගත්තා.මගේ කැමැත්ත කවමදාවත් වෙනස්නොවෙන ගීත 4 ඇතුලට සුනිල් එදිරිසිංහයන් ගායනාකරන "සඳකඩ පහනක" ගීතය ඇතුලත්වුනේ අන්න ඒ විදිහට. ගීතයේ පදරචකයා පවා තේරුමක් ඇත්තේ නෑ කියන මේ ගීතයට පස්සේකාලෙක බිහිවන පණ්ඩිතයෝ මාර මාර තේරුම් දුන්නත් කටුස්සා කැමතිම ගීත 4 ඇතුලේ මේ තේරුමක් නැති ගීතය දෙවනිතැන වැජඹෙනවා තාමත්.

හැමෝම කියනවිදිහට කටුස්සාගේ පියාගේ ප්‍රියතම ගායකයා වෙලා තිබුනේ වික්ටර් රත්නායකයන්. ඒත් ගෙයි ගෙම්බා කාලේ ඔහුව මුනගැහෙන්න ටිකක් පරක්කුවෙනවා. ඒ ඔහුගේ "දෛවයෝගයකින්" කියන ගීතය අහනකම් විතරයි.එයින් පසුව වික්ටර් රත්නායකයන්ට වහ වැටුන මම ඔහුගේ ගීත කොපමණ ඇහුවත් කිසිදා නොනැසෙන ගී 4 නාමාවලියට ඇතුලත්වුනේ දෛවයෝගයකින් විතරයි.
කටුස්සගේ ලෝකයේ සදාකාලික ගීත 4න් අන්තිම ගීතය. ප්‍රියතම ගායකයන් අතුරින් සුනිල් එදිරිසිංහයන්ට වඩා කපුගේ, වික්ටර් රත්නායකයන් ඉදිරියෙන් සිටියත් මේ ලැයිස්තුව සෑදීමේදී "සියල්ල ඉදිරී ගරා වැටුන දා" සහ "මගේ සෙනෙහස" කියන ගීත ඉවත්කලේ පුදුම අමාරුවෙන්. ඒ එකම ගායකයෙක්ට එච්චර ඉඩක් වෙන්කරන්න බැරිනිසා. මැරෙන වෙලාවෙදී පිරිත් වෙනුවට මේ ගීත 4 ඇහෙන්න සලස්වනවානම් කටුස්සාට වෙන කිසිමදෙයක් ඕනේ නැතිවෙයි.
පාසලේ 8-9වසර වල කටුස්සා පාසල්ගියේ මාමාත් සමග ඔහුගේ වෑන් රථයේ.දවසක් ඔහු ඒ කාලයේ නවක ගායිකාවක් වුන නිරෝශා විරාජිනිගේ පළමු කැසට්පටය වන "නාඳුනන සිහිනය" කියන අලුපාට කැසට්පටය වාදනය කලා. "කෝ මගේ යෙහෙළියෝ", "සියොතුනේ උතුරින්", "විහඟ තුඩින්" "ආගන්තුක ආදරයේ" "සිත ඔබට මුලාවී" වගේ මාරම ගීත රාශියක් අතුරින් කටුස්සාගේ හිත ගොඩක්ම ඇඳ බැඳගන්න සමත්වුනේ ඒ කැසට්පටයේ 15 වන ගීතයවුන "සිහිනෙන්" කියන ගීතයයි. නාඳුනන සිහිනය කියන කැසට්පටය අනිකුත් කැසට්පට හා සාපේක්ශව බලනකොට හොද මට්ටමක තිබුන එකක්. තමන්ගේ ජනප්‍රියවන ගීත එකක් දෙකක් සමගින් කොහෙන් හෝ අහුලගත්තු ගීත රාශියක් ඔබ්බලා ගී තැටියක් කරනවා වෙනුවට නිරෝශා එතනදී හොදින් තෝරා බේරාගත්තු ගීත 16ක් ප්‍රේක්ශකයන්ට තිළිණ කරනවා. පසුකාලීනව කටුස්සා ඇසූ ගී තැටි අතුරින් එවැනි තත්වයකට ගොඩක්ම කිට්ටුවුනේ සංගීත්ගේ "සැවන්දරී" ගී තැටිය විතරයි. ඒ කාලය හා සැසදීමේදී සිහිනෙන් හෝ කියන ගීතය අමුතුම ආරක් ගන්නවා. කටුස්සා හිතන විදිහට ඒකට ප්‍රධානතම වග උත්තරකරු වන්නේ ඒ ගීතයේ සංගීත අධ්‍යක්ශක වුන හර්ශ බුලත්සිංහලයන්. මොන හේතුවක් නිසා ඔහු සංගීතයෙන් ඈත්වෙලා ඉන්නවාද කියලා කටුස්සට හිතාගන්න බෑ. අනික් සුවිශේශී කරුණ තමයි මේ ගීතයේ පදරචකයා ලූශන් බුලත්සිංහලයන් වීම. ඒ තාත්තගෙයි පුතාගෙයි ගීතය නිරෝශා තමන්ගේම කරගන ගායනාකරනවා ඔවුන් දෙදෙනාට ඊරිසියා හිතෙන තරමටම.

මේ ගීතයනම් කටුස්සාගේ දෙවන පෙම්වතියගෙන් කටුස්සාට ලැබුන තෑග්ගක්. ඒ කියන්නේ මේ ගීතය කටුස්සා පළමුවරට අහන්නේ ඇයගේ බලකිරීම මත. අහපුගමන්ම උන්හිටි තැන් අමතක කර දමන්නට සමත්වුන ගීතයක්. මෘදුව ගලාගන යන සංගීතයත් එක්ක මුසුවුන කසුන්ගේ කටහඬ දිව්‍යලෝකයක් මවනවා මනස ඇතුලේ.
මේක ජීවිතේට වැදගත්වන ගීතයක් වුනෙ කෙල්ලෙක් නැතුව වේලි වෙලී හිටිය කටුස්සාට පළවෙනි පෙම්වතිය හොයාගන්න උදවුකලේ මේ ගීතය වීමයි. යෙහෙළියෙක් විදිහට ඇසුරුකරපු ඇයව පෙම්වතිය කරගැනීම දක්වා දුර ගිය කතාවේදී මේ ගීතයට සුවිශේශී තැනක් හිමිවෙනවා. අපිට සමහර මිනිස්සුන්ව දැකපුගමන් ලැදියාවක්, ආදරයක් ඇතිවෙනවා. හිතාගන්න බැරි හේතුවක් නිසා.ඒ වගේ හැඟීමක් කටුස්සාගේ හිතේ ඇතිකරපු කලාකරුවෙක් තමයි ලක්ශ්මන් විජේසේකරයන් , මේ ගීතයේ ගායකයා. අනිත් කරුනනම් මේ ගීතයේ සංගීතය. කනට වදයක් නැති මෘදුව ගලාගන යන ආදරය වෑස්සෙන සංගීතයක්. ඒ මදිවට මේ ටෙලියේ පසුබිම් දර්ශනය. මොන මගුලක්ද මන්දා පොඩිකාලේ ඉදන්ම කටුස්සා රබර්වතු වලට පුදුම විදිහට කැමතියි. මේ ටෙලියේත් බහුතරයක් දර්ශන වලට පසුබිම් වන්නේ රබර් වත්තක්. ඉතින් තවත් හේතු ඕනෙද මේ ගීතය මේ ලැයිස්තුවට ඇතුලත්වෙන්න.
නිසල සිතුවිලි සසල තුරු ලිය අතර තනිවෙමි ඔබ නිසා සතුටින් අහස සමුදුර වැළඳ සැනසෙන තැනක සගවමි හද සෙනේ සුසුමන්...
අමුතුම ආරේ කතාවක් ගැන කියවෙන ගීතයක්.ඒ කටහඬ ගැන ආයෙත් කියන්න දෙයක් නෑනේ.මේකත් ඉස්ස ඉස්සල්ලාම දැක්කේ රූපවාහිනියේ, රවින්ද්‍ර හා මාලනී එක්ක.ඒ කාලේ මාලනී ෆොන්සේකාට එච්චර කැමත්තක්නම් තිබුනේ නෑ. ඒත් පස්සේ කාලෙක ඇය රගපාපු බඹරු ඇවිත් චිත්‍රපටය බැළුවහමනේ වැඩේ පත්තුවුනේ....අම්මට සිරි මාලනී....පුහ්. ඒ රඟපෑම, ඒ රූපය..... කිසි බයක් නැතුව මේ ගීතයේ කටහඬත් එක්ක සම තැන තියන්න පුළුවන්.මේ ගීතයට මෙච්චර කැමතිවෙන්න මාලනියත් හේතුවක් වෙන්න ඇති.ඔක්කොටම වඩා මේ ගීතය ආරම්බයේදී "ආරාධනා......." කියලා අමරදේව මාස්ටර් අදින ඇදිල්ල....ඒකනේ ඇදිල්ල. ඒ වචනේ ඉවරවෙන තැනක් හොයාගන්න නැතුව ඉබේම මැකිලා යනවා. අපේ භාශාවෙන් කියනවනම් අලුවත් ඉතිරි නොකර.

ඇත්ත කිවුවොත් මිල්ටන් පෙරේරා කියන්නේ කටුස්සාගේ පරම්පරාවේ ගායකයෙක් නෙමෙයි. ඔහු මියයන විට කටුස්සා අවුරුදු 3-4ක චූ කොල්ලෙක්. ඒ නිසාම ඔහුගේ ජනප්‍රියයැයි කියන ගීත අතලොස්සක් හැරුනවිට මහාගොඩක් ගීත අහලා නෑ.ඒත් විප්‍රවාසී වන්න ආසන්නයේ සිහිනයකි රෑ කියන රූපවාහිනි සංගීත වැඩසටහනට ලකී ඩයස් මහතා පැමිනෙනවා.ගීත ගායනා කරන්නේ නුවන් පෙරේරා මහතා. එතනදී ලකී ඩයස් මහතාගේ තේරීමක් විදිහට මේ ගීතය ගායනා කරනවා. ඒ තමයි මේ ගීතය අහපු පළමු වතාව.එතනදී දුටු දා ඉඳලා පෙම් බැන්දා වගේ මේ ගීතයට හිත ඇදිලා යනවා. මා එක්ක ඒ වැඩසටහන බලපු අම්මාගෙන් අහලා ආපහු පද ටිකත් හොයාගන්නවා.මහා ලොකු තේරුම් නැතිවුනත් ඒ සරල ගීතය එදා ඉදන් අද වෙනකන් ප්‍රියතම ලැයිස්තුවේ තියනවා.
මේ ගීතය ඉස්සල්ලම අහන්නේ 7වසරේ ඉන්නකොට ලොකු මාමලාගේ ගෙදරදි. ඒ කැසට් පටයෙම නන්දා මාලනී සහ කපුගේ ශූරීන් ගායනාකරන "ඝාතකයා" කියන ගීතයත් තිබුනා කියලා මතකයි. දේශීය ජන සංගීතයට හුරුකම් කියන සංගිතයත් එක්ක අපූරු කටහඬවල් දෙකක සම්මිස්‍රනයක්.කටුස්සාට තේරෙන විදිහටනම් හෙන ජොලි සිංදුවක්. ආදර ගීතයක් වුනත් මොකද්දෝ නොතේරෙන උපහාසයක් මුලු ගීතය පුරාම ගැබ්වෙලා.
කිසිම කලබලයක් නැති ගායකයෙක්ගේ කිසිම කලබලයක් නැති ගීතයක්.ජීවිතේ මේ ගෙවන කාල වකවානුවට ගැලපෙනම , හරියට කටුස්සටම හදලා කියනවා වගේ හිතෙන ගීතයක්.මේ දවස්වල නිතරම ඇහෙනවා.නිතරම කියවෙනවා , හැබැයි "අනේ...ඕකේ තියන විදිහටනම් වෙන්න එපා..."යි දෙවියන්ට වැඳ වැඳ.

අමුතුම ආරක කටහඬක් තියන ගායකයෙක්. ඔබේ මගේ බහුතරයකගේ කටහඬ අවසානයේදී හීනිවෙලා ගිහින් නැත්තටම නැතිවෙනවා.ඒත් මොහුට තියෙන්නේ අවසානයේදී උච්ච ස්වරයට ගිහින් නැතිවෙලා යන කටහඬක්. ඇත්තටම ඒක ඔහුට දෙවියන්ගෙන් ලැබුන තෑග්ගක්.වැඩිය කලබලයක් නැති පුදුමාකාර ලස්සන ගීත ගොන්නකට හිමිකම් කියන්නෙක්.
හැම හමුවීමකටම....නියමිත අවසානය ඇත්නම්.... සේරුන් උව ගයනා ගීයට විරාමයක් දේනම්.... මට මොකටද තව පෙරවදනක් ඔබගෙන්
කවුරු මොන විදිහකට කිවුවත් ඔහු විශිෂ්ඨයෙක්. දාහක් විවේචන මැද්දේ තමන්ගේ ආර නිර්මාණය කරගනිමින් නොසැලී තමන්ගේ ගමන යන්නෙක්. ඉස්සරනම් කටුස්සා ගොඩක්ම කැමතිවුනේ ඔහුගේ "සඳේ ඔබ" හා "උදා හිරු එළියේ" කියන ගීත දෙකට. ඒත් දැන්නම් මේකට. ගීතයේ පද වලටත් වඩා මේ ගීතයේ ඔහුගේ කටහඬට.
ඉස්සල්ලම ඇහුවේ වාහනේ පදවන ගමන් ,දැනය අවුරුදු 5-6ට විතර ඉස්සර.

ගෙයිගෙම්බා සිංදු අහන්න පුරුදුවෙලා ටිකක් කල් ගියා. ඇබ්බැහිය කොච්චර දරුණුද කියනවනම් නිදනකාමරයේ තැටි ධාවන යන්ත්‍රයකුත් තියනවා.පාඩම් කරන්නෙත් සිංදුවක් ලාවට අහගන.ඔන්න ඔයකාලේ නිලාර් එම් කාසීම් මහත්මයාගේ ගී පද ඇතුලත් නිල්පාට කැසට් පටයක් හම්බුනා.මල් වැහි සේ , ඔබ මැවූ තරම්, සදුඳ අවදියෙන්, ඉරි තැලුන වලා, ජීවිතේට අරුණ උදාවීලා, විහඟ ගීතය, කුරවි කිරිල්ලී වගේ ගීත ගොඩයි. එහෙන් මෙහෙන් අහලා තිබුනාට අමරසිරි පීරිස් කියන ගායකයාගේ කටහඬට සිත ඇදිලා ගියේ ඒ කැසට් පටය ඇහුවට පස්සේ තමයි.ඉතින් ඒ කාලේ වෙළඳපොලේ තිබුන ඔහුගේ ගීත ඇල්බමයත් හොයාගත්තා. ඇහුවා. වැඩියෙන්ම හිතගියේ මේ ගීතයට. ලඟ හිටිය තැනත්තිය ලඟින් නැතිවුනහම තියන පාළුව, කාන්සිය ලස්සනට ඒ ගීතයේ අකුරුවෙලා. ඒ කැමත්ත කොච්චර දුර ගියාද කියනවනම් ඒ ගීතය මේ ගීත 16 ඇතුලටත් රිංගගන.
අපි උසස්පෙල කරන කාලේදී තරුණ තරුණියන් අතර පිස්සුවක්වුන චිත්‍රපටියක් තමයි සෙනේශ් දිසානායකයන් නිර්මාණය කරපු ආදරණීය වස්සානය. අනිත් එවුන් එක්ක ක්ලාස් කට් කරලා බලන්න ගියාට මොකද තාමත් ඉදලා හිටලා කරනවා වගේම හෝල් එකේ ලයිට් ඕෆ් කරපු ගමන් නින්ද ගියා. විවේකයේදී ඇහැරිලා අයිස් චොක් එකක් කාලා ආපහු නිදා ගත්තා. අනිත් එවුන් ඒ චිත්‍රපටය ගැන අදහස් කියද්දී මම උඩ බලාගන හිටිය හැටි තාම මතකයි.ඒ චිත්‍රපටය ගැන ඒ තරම් කතාබහක් ඇතිවුනේ නිර්මාණයට පාදකවුන උපුල් ශාන්තයන්ගේ පොත නිසාම වෙන්න ඇති. ඒ චිත්‍රපටයෙන් පස්සේ උපුල් ශාන්තයන් අතින් ඒ කතාව ලියද්දී ලියවුනු ගීත සමූහයක් ඇල්බමයක් ලෙස එලිදක්වනවා. ඉන්දිකා උපමාලි ගායනා කරන "සඳ පහන් රැයේ", මරියසෙල් ගුණතිලකයන් ගායනා කරන "කුමරානනේ", අතුල-සමිතා ගායනා කරන "සඳ එබෙන්නෙපා" වගේ ලස්සන ගීත ගොඩයි ඒකේ. ඒ අතරින් මගේ හිත වැඩියෙන්ම ඇදිලා ගියේ මොරිස් විජේසිංහයන් ගායනාකරන මේ ගීතයට. බටහිර ආරකට හුරු කටහඬක් තියන මොරිස් විජේසිංහයන් "දුහුවිල්ලෙන් වත්සුනු තවරා" හරහා විඳලා තිබුනත් ඒ කටහඬ මට හරියටම දැනුනේ මේ ගීතය හරහායි.
අවිවාදයෙන්ම ඔහු සිංහල සංගීතයේ ලෙජන්ඩ් එකක්. සරල සංගීතය, සරල පද රචනා එක්ක ඔහු ඇරඹුව විප්ලවයට කොච්චර චෝදනා ආවත් "මම කියන ඒවා සාමාන්‍ය මනුශ්‍යාට නොතේරෙනවනම් ඇති වැඩේ මොකද්දැ"යි අසමින් ඔහු සංගීතයට ආදරය කරන සාමාන්‍ය මිනිසුන් වෙනුවෙන් දිගින් දිගටම නිර්මාණකරනයේ යෙදුනා. ක්ලැරාට ඉස්ස ඉස්සල්ලාම පිස්සු වැටුනේ "ක්ලැරන්ස් සිහිවටන -04" ඇහුවට පස්සේ. මතක විදිහට සාමාන්‍ය පෙල අවදියේ. එතනින් පස්සේ ක්ලැරාව හොය හොයා ඒ ගීත අහන මට්ටමකටම ගියා. ඒ පිස්සුවේ ප්‍රතිඵලය තමයි මේ ගීතය කැමතිම ගීත 16 ගොන්නට ඇතුලත්වීම.
සම්පාදක සටහන- ගීත 16 නම් මෙතනින් අවසන්විය යුතු බවත් එහෙත් මෙහි ඉහතින් සඳහන් 8 වන ගීතය රචකයා විසින් අංකයක් නොමැතිව එකතු කර තිබීම නිසා ලැයිස්තුව ගීත 17ක් ලෙස සංසෝධනය විය යුතු බව කරුණාවෙන් සළකන්න.
මේ දවස්වල ප්‍රියතම ගීතය.මොකක් නිසාද මන්දා. හිරු ගුවන්විදුලියේ ගිය නාට්‍යක තේමා ගීතයක්.කොහොමත් ඉස්සර ඉදන්ම ඔහුගේ කටහඬට ප්‍රියයි.වැඩිය කලබලයක් නැති ගැඹුරු සංයමය ඒ කටහඬ පුරාම පැතිරිලා. අයිතිකරගන්න ඕනේ උනත් අයිතිකරගන්න බැරිකම නිසාම හිතක උපදින වේදනාව මුළු ගීතය පුරාම. මේ ගීතය ප්‍රමුක තවත් ගීත 4ක් නිසා රසවත් සිද්දවීමකුත් උනා ලගඳී. දැන් රැකියාව කරන ආයතනයේ ලංකාවේ රියදුරුමහතුන් 3දෙනෙක් සහ වෙනත් රැකියාවල් කරන 4 දෙනෙක් ඉන්නවා. ඔවුන් නවාතැන් ගන්නේ ආයතනය කිට්ටුවම ඇති නවාතැනකයි. අවිවාහක පුද්ගලයන් හට ආයතනය තුල ඇති නවාතැන් පහසුකම් නොදීමේ මෝඩ තීරණය නිසා රැකියාව හමාර වී පැයකට වඩා මහපාරේ ඉන්නවෙනවා නවාතැනට යන්න. බොහෝ වෙලාවට මම රැකියාව නිමකරන වෙලාවට මාව නවාතැන්පොලට ගෙනයාම බාර වන්නේ ජයන්ත කියන ලාංකීය රියදුරාට. මේ දවස් වල නිතරම අහන ගීත 4ක් තියනවා.
01.ලියූ කවිපද 02.වෙඬරු හොරා 03. තොටුපල අයිනට - සමන් ලෙනින් (සමපාදක සටහන්- සචිනි නිසංසලා සමඟ). 04. මම මලක රොනට- සමන් ලෙනින්.
වාහනේට නැග්ග ගමන් මගේ දුරදිගුබනුව වාහනේට සම්බන්ධකරලා ඉස්සල්ලම ඔය ගීත හතර අහලා පස්සේ අනිත් ඒවා අහන එක තමයි හැමදාම කරන්නේ.ඇත්තම කිවුවොත් ජයන්තගේ රුචිකත්වය ගැන හිතන්නෙම නෑ. දවසක් ජයන්ත නැතුව වෙන රියදුරු මහත්මයෙක් පැමිනියා. ඔහුහෙන් ජයන්ත පිළිබඳ විමසූවිට ජයන්තට නවාතැනේ සිටි අයකු පහරදීම නිසා වැඩට එදින නිවාඩුදමා ඇතිබව පැවසූවා. සිද්දිය පිළිබඳ හාරා ඇවිස්සීමේදී
"නෑ මහත්තයා, ඊයේ නිවාඩු දවසේ අපි සෙට්වුනා.සිංදු කියනකොට මූට එපා කියන්න කියන්න මූ පැල්කවියක් වගේ සිංදුවක් කියනවා තොටුපලට එන්න එපා කිය කිය,අපි කවදාවත් අහලා නැති. බැරිම තැන වික්‍රම අයියා එකක් දුන්නා අත පුරවලා......"
මම අහක බලාගත්තා.තනියෙන් හිනාවෙන එක මූට පෙනුනොත් හරිනැති නිසා...
****************************************************************************

දැන් ඔයා ඕකේ අඩුපාඩු හදලා වචන, අකුරු දාලා පබ්ලිශ් කරපිය හොදේ (සම්පාදක සටහන්- &*^%$#@#$^&&*)

xxxxxxxxxxxx8@gmail.com xxxxxx561 xxxxxx561450 xxxxxx561 xxxxxx561450

Ooken ekak thamayi paswrd eka

(සමපාදක සටහන- ඊයේ රාත්‍රියේ ෆේස්බුක් මැසේජ් එකක් හරහා ලැබුණු මේ සටහන කල්‍යාණ මිත්‍ර වන මා විසින් අද උදේම අධික රාජකාරි මධ්‍යයේ පුළු පුළුවන් විදියට සම්පාදනය කොට මෙසේ පලකරන ලද බව ගෞරව බහුමානයෙන් යුතුව දන්වා සිටිමි)

28 comments:

  1. තවත් එකතුවක්. කැමති කීපයක්ම තියෙනවා. ඒ අතරින් 16ට වඩාත්ම කැමතියි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. 16 මාර සිංදුවක් නේද?උසස්පෙල කාලේ මගේ කටේම තිබුනේ ඔය ගීතය තමයි

      Delete
  2. 1, 2, 6 කියන්නෙ මගෙත් ආසම සින්දු තුනක්.
    වෙඬරු සොරා කාලෙකින් ඇහුවෙ.

    ඈ බොල පාස්වර්ඩ් දෙනකොට කමිය හඳේ ද හිටියෙ.

    ReplyDelete
    Replies
    1. මම සිහියෙන් හිටිය.. ඌ තමයි අසිහියෙන්.. බලපන් එක මේල් ඇඩ්රස් එකට පාස්වර්ඩ් කියක් දීලද කියල..අහිංසක මං ඉතින් මාරුවෙන් මාරුවට ට්‍රයි කරලා පාස්වර්ඩ් එක හොයා ගත්ත..

      Delete
    2. ඕකා බේබද්දා වගේ බොනවා ප්‍රසන්න අයියේ.දැන් බලන්න මෙතන සිංදු 18ක් තියනවා.ඕකා සිහියෙන් හිටියනම් ඒක අහුවෙනවනේ.ඒක අහුවෙලත් නෑ. ස්පෙලින්ග්ස් මිස්ටේක්ස් ම කීයක්ද?වැඩක් කරන්න බාරගත්තනම් හරියට කරන්න ඕනේ.බැරිනම් නිකා ඉන්න ඕනේ.අර පාස්වර්ඩ් සීන් එකත් හරියට යැවුවහම විකාර නටලා.ඕකා දැන් කුඩුත් ගහනවද කොහේද

      Delete
    3. මේවගේ වැඩනිසා මගේ ස්ටේටස්නේ බහින්නේ...

      Delete
    4. අනික බලපන් අර 13 ගීතයේ විස්තරය නෑ. ඒක ගිලලා.
      ඉක්කොටම ඉස්සල්ලා කියපිය Mrs.gk කියන්නේ කවුද කියලා?

      Delete
    5. අම්මප තමයි මෙතන 05 ඒව දෙකක් තියෙනවනෙ.
      ‍මේකනං උඹ කමියව හිතා මතාම අමාරුවෙ දාන්න කරපු එකක්ද කොහෙද මල්ලි.

      Mrs.gk නෙමෙයි Mrs.kg වෙන්න ඇති. සැර වැඩිකමට කමියට අකුරු දෙක මාරු වෙලා. හැක්..

      Delete
    6. මට සීනි දාපු තුවක්කුවකිං වෙඩි තියපං කූඹි කාලා මැරෙන්න මේ කොන්ත්‍රාත් බාර ගන්නවට.. යකෝ GK දන්නේ නැද්ද පාද යාත්‍රාවේ සෙනඟ ගැනපු.. හයියූ ..

      Delete
  3. “දහසක් මල් මැද එකම මලයි පැතුවේ, එමල කිමද සරදම් කර සැඟව ගියේ, දැනේ තවම මට, මලේ සුවඳ පොඳ"
    මාත් මේ සිංදුවේ කැමතිම කොටස ඒක....

    කැමති සිංදුව තවත් කීපයක්ම තියනවා...
    මේ එකතුවත් මරු...

    ReplyDelete
    Replies
    1. ඔය 70-80 දශකයේ ගීතවල තියන සුවිශේෂී ලක්ශනයක් තමයි ඕක නිර්මාණි.
      ඔබ පැමිනී ඔබම ගියා....නැවතුන තැන මම ඉන්නම්....

      දසක් මල් මැද එකම මලයි පැතුවේ....

      කියවා හැඬුවත් මටනම් කම් නෑ.....

      මුලදී.උනේ මුලාවයි.... වැරදීම මා අතේමයි...

      ඔන්න ඔයවගේ ගොඩක් මතක හිටින, සමහරවිට මුළු ගීතයටම වඩා ඒ වචන මතකහිටින පදයක් ඒ කාලේ බොහෝ ගීතවල තිබුනා.

      Delete
  4. සිරස විකාශනය පටන්ගන්න කලින් , අත්හදා බලමින් සිටින කාලෙ තමයි මම සිංදු අහන්න පෙලබුනේ . නියම අමරසිරි පීරිස් ගෙ සිංදු මුලින්ම ඇහුවෙ ඒ කාලෙ තමයි.

    ReplyDelete
    Replies
    1. මට මතකයි මොට්ටසෝරි, එකවසර වගේ කාල්වලදී මධුරසාංග, විචිත්‍ර ගීත, කලාරසාංග කියලා වැඩසටහන් තුනක් ගියා.ආආආආ..... ඩේන්ටි රසපැනත් ගියා.

      ඔය සිරස මුල්කාලේ ගිය සිංදුවලින් මට තාම මතකයි මල් මල් විලේ කියන ගීතය. චන්ද්‍රසේන හෙට්ටිආරච්චි පාර්ක් එකජට වෙලා තමයි ඒක කියන්නේ

      Delete
  5. mamath asama sindu kihipayak thiyenawa methana.wedaru sora.. meedum dumaraye.. aradana.. a atharin visheshai.habai kapugege man asama sinduwa ninda nathi raye.. a wagema oba sandahan kara thibunu sitha obata muwa wee.. kalekin ahune nathi,amathaka vela thibunu mihiri geethayak

    ReplyDelete
  6. සුපිරිම ගීත එකතුවක්..!
    අලුත් අයගෙන් මං ගොඩක් කැමති ගායකයෙක් සමන් ලෙනින්.පාඩම් කරද්දි අඩු ශබ්දයකින් සිංදු ඇහෙන්න දාපු එක මාත් කලා :)

    ගායකයෙක් තෝරපු ගීත කිහිපයක් අහල බලන්න L

    ReplyDelete
  7. මචං කටුස්සෝ...බොට කියන්න කාලෙකින් අදයි මාත් බ්ලොග් කියවන්න ආවේ. උඹලා මෙහෙම සිංදු දාලා ඇයි බං අපි වගේ ලියාගන්න වෙලාවක් නැති උන්ගේ හිත්වලට කහඹිලියා විසික් කරන්නේ??
    ඔතනින් මං ආසම සිංදු ටිකක් තියෙනවා..ඒවාට හේතුත් අපි දෙන්නගෙම සමානයි.
    1. උන්මාද සිතුවම්
    2. සඳකඩ පහණක
    3. දෛවයෝගයකින් නොවේදෝ
    4. සිනා පිපෙනා මේ වසන්තය
    5. මල් පිපිලා
    6. පෙර වදනක් නැතී

    දැන් ඉතින් මටත් ඔක්කොම වැඩ පැත්තකට දාල මෙහෙම එකක් ලියන්න හිතෙනව මචෝ.

    ReplyDelete
  8. ඉයන් තුමාගේ මෙවුවා එක තවත් ඉදිරියට ඇදගෙන යාම ගැන කටුසුතුමා ට සරස තුමා ගේ බලවත් අහවල් එක!

    ReplyDelete
  9. සෝක් සිංදු ටික මචන්...
    ජයවේවා..!!

    ReplyDelete
  10. පළමු ගීත හතරට අමතරව, ආරාධනා, මල් පිපිලා, තරුද අවදියෙන්, ලියු කවි පද, සඳ පිණි දියේ, සිනා පිපෙනා, ඈත එපිට යන ගීත සියල්ලම බොහොම ප්‍රිය කරන ගීත...මල් පිපිලා ගීතය ඇසුවේ නම් බොහොම කාලෙකින්...ඒ වගේමයි වෙඬරු සොරා ගීයත්...මිල්ටන් පෙරේරාගේ ගීතය කලින් අසා නොතිබුනත් එය හරිම මිහිරි ගීතයක්....

    සොඳුරු ගි එකතුවක් කටුසු...

    ReplyDelete
  11. අඩේ උඹෙත් ප්‍රියතම ගායකයා කපුගේද ...??? මගෙත් එමමයි ..
    දැං කමියද උඹද මිසිස් GK ට කියල සිංදු ගනං කරෝ ගත්තෙ ...??
    ඒක නෙමේ මිසිස් GK කියන්නෙ අර අරයද ..??

    ReplyDelete
  12. මම මෙතනින් ආසම "සඳ පිණිදියේ - හිම කුමරියේ", සහ "ඈත එපිට හිමකන්දෙන් - කලු වළාව සමඟින් ආ" සින්දු දෙකට.. "ආරාධනා" නම් කියන්න බැරි තරමේ හැඟිමක් දෙන ගීතයක්..

    ReplyDelete
  13. THANk YOU වේවා මෙච්චර කරදර වෙලා සිංදු ටික දැම්මට

    ReplyDelete
  14. දැං මේ සේරම අරගෙන කපල කොටල මාත් සිංදු 10 ක ලිස්ට් එකක් හදල උඹගේ ඩ්‍රයිවර් මහත්තයට දෙන්න කියලා තඩි නේවි කාරයට දෙනවා. හැක්..

    ReplyDelete
  15. ඇවිල්ල ඇවිල්ලා.. කාලෙකින්. ගීත තුන හතරක් ඇරෙන්න අනිත් හැම එකක්ම වගේ මාත් බොහොම ආසවෙන් අහන ගීත

    ReplyDelete
  16. තවත් ලස්සන ගීත ටිකක්...

    ReplyDelete