Monday, July 11, 2016

සියල්ල අවසන ඈ...



අඩෝ බලපං උඹේ අක්කා 
කරන දේ මේ කාමරේ
පට්ට බඩුවක් වගේමයිනේ
එළම කිරි මේ ක්ලිප් එකේ 
ගමේ ආවොත් ශොට් එකක් 
මට ඉල්ලලා දීපන් පනේ 
කියූ නලියගේ දත් තුනක් 
බිම වැටී තිබුනා හංදියේ..

මතකයක් නැති අම්මා පෙරදින
පිටවගියේ සෙනෙහස සොයන් 
එදා සිට ලඟ අක්කේ නුඹමයි 
හිටියේ හොක්කේ මා හොවන් 
දර ඉපල් වෙනි නුඹේ අත මත 
මගේ දිවියම හිරකරන් 
ගෙවා දැමුවේ නුඹ ළමාවිය
මගේ කුස පුරවනු රිසින්.. 

මතකයක් තිබුනේම නෑ මට 
වේල් තුන ලිප තැබු දිනක් 
දරාගනු බැරි තැනදි කුසගිනි 
අඬගැසුව කම්හල් දොරක්
සිරුර ඇට මස් ලේ අමතකව 
මැෂිම හා සමවුන ලොවක් 
ඇතුලේ ගල්වී නොතිබුනාදෝ 
පණ ගැහෙන මුදු හදවතක්.. 

උඹේ හිතටත් දැනෙන්නැති පෙම් 
කුරුල්ලන් සැරි සැරු බිමේ 
ඒ කුරුල්ලෙක් ගී කියන්නැති 
කනට ලංවී නිදහසේ 
ඌත් සමගින් එකට පියඹා 
කැදලි තනනට හෙට දිනේ 
මවන්නැති උඹ සිහින මාළිග 
අයිති නැතිවුන උඹ ලොවේ..

උඹට වැඩියෙන් උඹ සිතුවමුත් 
ඔහු සතුට ගැන හදවතින් 
සළු උනන්නට ඔහු ඉදිරිපිට 
කෙරුවමුත් ආදරේ ගොඩක් 
හැඟීමක් නැති ගැහැණියක් ලෙස 
නොයිපඳුනු පෙර කරුමයෙන් 
අක්කේ උඹ අද පට්ට බඩුවකි 
ගමේ රට හැම දෙනට දැන් ..

උඹව රැවටූ කුරුල්ලා හෙට 
ගී කියයි සෙයිලමෙ ඉදන් 
ඌත් සමගින් පියාඹන්නට 
නොහැක උඹහට ලේ පෙරන් 
මගේ තටු සවි දිනක් එනතුරු 
අක්කේ ඩිංගක් ඉවසපන් 
නේක මල් මැද පිපුණු 
පරසතු කුසුම නුඹ මට ඉස්තරම්..

38 comments:

  1. සියල්ල අවසානයේ කිව්වට කෙනෙකුට සියල්ල ආරම්භ වෙන්නෙ මෙතනින්.. හරිම සවුත්තුම දෙයක්.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට දැන් සමාජෙට මේක මහා වීරකමක් බං.....
      ජයවේවා උඹට.

      Delete
  2. තවත් ජීවිතයක පැතිකඩක්. අගෙයි කටුසු.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමියා අමාරුම කාලෙක මාත් එක්ක ඉන්නවාට

      Delete
  3. මේ වගේ කතා කොච්චර ඇද්ද????

    කටුක ඇත්තක් ලස්සන වචන වලින් කියලා....

    ReplyDelete
    Replies
    1. මිනිස්සු මිනිස්සු විදිහට නොහිතනතාක් කල් මේවගේ කතා හැමදාම බිහිවේවි නිර්මාණි....

      Delete
    2. මිනිස්සු මිනිස්සු විදිහට නොහිතනතාක් කල් මේවගේ කතා හැමදාම බිහිවේවි නිර්මාණි....

      Delete
  4. හිතට දැනුනු පද පේලි ටිකක්...

    ReplyDelete
  5. සුපිරියි බං,හරිම කාලකන්නි කතාවක්.

    ReplyDelete
    Replies
    1. ඕවා දකින්න ,අහන්න අපිත් හරිම කාලකන්නියි අයියේ...

      Delete
  6. සුපිරියි.

    ගම් වල මේ වගේ කතා බොහොම තියෙන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ගම් නගර කියලා නෑ බං.... රටේ හැමතැනම ඔය කතා වැහි වැහලා...

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. නියමයි බං... ඔහොම කතා අපමණක් ඇති මේ රටේ.. ගෑණියෙක් වේසකමේ ගිහිං සල්ලි හොයාගෙන අම්මට තාත්තට සලකනවා නං, නංගිලා මල්ලිලට ඉගෙනගන්න උදව් කරනව නං, උන්ට කන්න බොන්න අරන් දෙනව නං ඒ ගෑණි දේවතාවියක් බං. උඹ කියවල තියනවද චන්ද්‍රකුමාර වික්‍රමරත්න ගැන? චන්දරේ නම් කවියා .. චන්දරේගේ අම්ම අබිසරුලියක්. ඒ බව චන්දරේ දැනගෙන හිටිය. තමන්ගේ දරුවාව හදාවඩාගන්න දරුවාගේ කුස ගින්දර නිවන්න ඒ කාන්තාව මිනිස්සු එක්ක ගියා. ඒ බව දැනගෙනමැ චන්දරේ අම්මට අසීමිතව ආදරේ කළා. ලිංගිකත්වය කියනදේ මිනිස්සු සළු වලින් වහල වසන් කරගෙන හිටියට අපි හැමෝම සත්තු බං. මිනිස්සුයි සත්තුයි වෙන් වෙන්නෙ මනුස්සකම් නිසා. මනුස්සකම තියනවා නම් එච්චරයි..

    ReplyDelete
    Replies
    1. මම චන්දරේ ගැන අහලා තිබුනට ඔය කතාව අහලා තිබුනේ නෑ බං. මටත් මාර ගැටළුවක් තමයි ඔය ලිංගිකත්වය... මේක මාර මැජික් එකක් වෙලා තියෙන්නේ මේ රටේ එවුන්ට.කෙල්ලෙක් එක්ක නිදියගන්න බලාපොරොත්තුවෙන් කතානොකරන එකෙක් නැති තරමටම. කරුමේ උන්ගෙද අපේද කියලා හිතාගන්න බෑ බං. ඔය වේසියෝ කියලා කියන කාන්තාවන්ට මමත් ගොඩක් ගරු කරනවා. ඒ උන් වෙන මිනිහෙක් එක්ක නිදියන්නේ බඩගින්න නිසා හින්දා.

      Delete
  9. හාර්ට් පියර්සින්.....පසාරු කරන් ගියා හිත​...

    ReplyDelete
    Replies
    1. මම නෙමෙයිනම් කවුරු පසාරු කරන්නද ඔය හිත.....අතරමන්වෙමු වසන්‍ත මල් ගොමුවේ.....

      Delete
  10. හරිම කාලකණ්ණි හැගීමක් හිතට එනවා.. උඹ ලෙසටම ලියලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. මොන විදිහට ලිවුවත් දැන් වෙලා තියෙන්නේ පබ්ලිශ් කරගන්න බැරි අවුලක්. රූපයා නැත්තන් මේකටත් සොරි. ඔය අවුල නිසා ලියන්න හිතෙන්නෙත් නෑ දැන්.

      Delete
  11. හරිම කාලකණ්ණි හැගීමක් හිතට එනවා.. උඹ ලෙසටම ලියලා තියෙනවා

    ReplyDelete
  12. උඹ කවියෙක් ...බ්ලොග් වලින් එලියට යන්න ඕන

    ReplyDelete
    Replies
    1. ඉදලා ඉදලා අටවගත්තු බ්ලොගෙනුත් එලවලා දාපන්කෝ දැන් පුළුවන්නම්...

      කමෙන්ට් බලාගන ලියන එකෙක්ට කමෙන්ට් අඩුවෙනකොට ඇතිවන හැඟීම උඹට අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නෑනේ.වැඩ ඉවරවෙලා ඇද බලාගන එන මටත් අනිතෙවුන්ගේ බ්ලොග් වලට කමෙන්ට් කරන්න බැරිවෙන නිසාම මේකටත් කමෙන්ට් නෑ.එහෙම තියන වෙලාවේ මේ කමෙන්ට් එක ලොකු හයියක් ලොකු අයියේ...

      Delete
  13. කාලකණ්ණි කතාවක් හදවතට දැනෙන්න ලියලා...

    ReplyDelete
  14. කාලකණ්ණි කතාවක් හදවතට දැනෙන්න ලියලා...

    ReplyDelete
  15. ''උඹව රැවටූ කුරුල්ලා හෙට
    ගී කියයි සෙයිලමෙ ඉදන්
    ඌත් සමගින් පියාඹන්නට
    නොහැක උඹහට ලේ පෙරන්''

    ඉවසපන් අක්කේ නුබ ලේ පෙරන්
    උගේ ලේ සිදිනමි හැකි තරම්
    කූඩු කරනෙමි විලංගු ලෑ
    තටු කඩන් ..........

    ReplyDelete
  16. ලස්සනම ලස්සන නිර්මානයක්. මේවිදියට හිතන්න පුලුවන් මිනිස්සු ඉන්නව කියන්නෙත් වාසනාවක. ජයවේවා.

    ReplyDelete