Sunday, June 12, 2016
Here is my heart you can teke it.....
දැන්නම් ඇති ඕනෙම නෑ
කවදාවත් ආපහුනම්
බඳිනවා ලොකු තාප්පයක්
සුළඟක්වත් නොම එන්නට
නාරිලතා මල් පොකුරක....
මංගල කිංකිණි, මංගල සීනුව
කපු ඇන්ටිලා , කපු මාමලා
ඒ මදිවට...
නුමුහුන් පෙලපත, නැට්ට කපා ඇති
පනුවොත් හලලා කෑමට හුරු ඇති...
මොන ලැජ්ජාවක්ද ඒක
මටනම් බෑ....මල ජරාව....
බුලත් ගන්න හෙප්පුවකින්
ඇඹරි ඇඹරි එනකොට ඇය
හීනෙන්වත් හිතුවද මම
ඒ කාලේ ඔය විදිහට...
බඳින්නේ නෑ තාප්පයක්
එනවානම් වරෙන් උඹලා
හැබැයි ඔන්න මටනම් බෑ
මල් කඩන්න හැම තිස්සෙම
කවි ලියන්න ඔය මුහුනට
අත අල්ලන් රට වටේට....උඹත් එක්ක ඇවිද යන්න
උඹ ඇවිදින් මල් කඩපන්
පෑණ අරන් කවි ලියපන්
රට වටේට නොයා හිටං....තුරුල්වෙලා ලඟ හිටපං....
කියන්නෙපා ආයෙත් මට
නොකිවුවාය කියලා ඔන්න
රෙද්ද අස්සේ රිංගාගන
හැන්ගුනොතින් තවත් ඔන්න
දුක හිතේවි ගොඩක් උඹට
මහනවුනොත් මම හෙට දින....
කටුස්සා....
Subscribe to:
Post Comments (Atom)
මහන උනොත් මූ දවසක
ReplyDeleteසාසනයත් ඉවර කරයි
ඒ හින්දා රෙදි ගලෝන
එන එකියක් වර හනිකට
අගෙයි කවි ටික.
එළ කොමෙන්ට් එක
Deleteමල් කඩන්නෙ නෑ කියුවට
ReplyDeleteමල් කඩාවි හොය හොය හරි
කවි ලියන්නෙ නෑ කියුවට
නිකන්ම කවි ලියවෙනකොට
එපා කියා නවත්තයිද
අත් අල්ලන් රට වටේට යන්නට බෑ මූ කියුවට
රට වටේට නෙවෙයි මේකා
ලෝකෙ වටේ රව්ම් යාවි.....
මොකෝ නාමෙ කටුස්සානෙ පාට මාරු වේවි සැනින්
වෙනද වගේමයි....කියල වැඩක් නෑ අපූරුයි....
එළ කොමෙන්ට් එක x 2
Deleteමං බදින වයස තවම දන්නෙ නැද්ද මවුපියෝ
ReplyDeleteමගෙ රූපෙ දැකලා කෙළ ගිලීවි මේ ගමේ ලියෝ
අම්මපා මේ ගමේ ලියෝ
බෝ ඔමරි ගොමරි දාපි ලියෝ අල්ල ගන්ඩ මං
මගෙ රූපෙ දැකලා උන්
තව කිව් එකේ ඉදන් පොරකයි තරුණ මැද්දියෝ
නැතිදා මැරෙයි වළේ හැපීලා මේ ගමේ ලියෝ
මැරේවි මෙ ගමේ ලියෝ
උන්ගේ දැලේ වැටෙන්නෙ නැහෑ මේ වැලන්ටිනෝ
මේ රූඩොල්ෆ් වැලන්ටිනෝ
අනුකම්පා නැද්ද චූටි බබෝ මේ බලන්ඩකෝ
නැතිදා මැරෙයි වළේ හැපීලා මේ ගමේ ලියෝ
මැරේවි මෙ ගමේ ලියෝ
ආසා හිතෙන්ඩ දාගෙන යමු ලව් කතන්දරේ
මගෙ අහස් යන්තරේ
අපි පාක් එකේ වෝක් කරමු රත්තරන් කොටෝ
නැතිදා මැරෙයි වළේ හැපීලා මේ ගමේ ලියෝ
මැරේවි මෙ ගමේ ලියෝ
මං බදින වයස තවම දන්නෙ නැද්ද මවු පියෝ
මගෙ රූපෙ දැකලා කෙළ ගිලීවි මේ ගමේ ලියෝ
අම්මපා මේ ගමේ ලියෝ
ගායනය – බර්ට්රම් ප්රනාන්දු
ගීත පද – පී. එල්. ජේ. නන්දනකීර්ති
සංගීතය – බී. එස්. පෙරේරා
මහන වෙන්න නම් එපා සහෝ
ReplyDeleteමචං කටුසු ඔය ඇත්තමද ?
ReplyDeleteලස්සනයි.
ජයවෙවා!!!
පපු කැවුත්ත කීං ගෑවා...මෙව්වා අපට හොඳ පාඩම්..hikz
ReplyDeleteමුකුත්ම නොකියමි...
ReplyDeleteදැං ඉතිං ඇරබික් වලිං කවි ලියන්න පුරුදුවෙයං ....
ReplyDeleteකටුසු තෙමේ ලියන්ට කියන්ට නිදහස් වෙලා වගේ.. ඔහෙ හොඳයිද ඉතිං.
ReplyDeleteඅයියෝ... මක්කැයි මේ කියන්නෙ. ඉන්ට ඉන්ට.... මහ බබා කොටපු කෙනාම හම්බෙන්නත් එපැයි දෙයියනේ
හපොයි...
ReplyDeleteජයවේවා..!!
අනේ උඹ මහණ වෙන්න එපා මචං........ අට පිරිකර දෙක දෙක තමා පූජා කරන්න වෙන්නේ...... හැක්
ReplyDeleteනම පිරිකර. ඇඩ් රොකට් විත් මාතලං. හැක්..
Deleteමුට නායක පදවියක් නම් ගන්ඩ පුලුවන් වෙයි එකෙම්ම.....:D
Deleteවිදෙස් ගතවී කටුස්සා කෙලින පිස්සු .........යකෝ උඹව ආපහු හරවල එවයි බොල...හැක් හැක්..
ReplyDeleteහපොයි කටුස්සෝ අපි වගේම අරාබියටද ආවේ...
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමොකක්හරි සීන් එකක් වෙලා තියෙනවා....
ReplyDeletetake it කියල ලිව්වා නම්.
ReplyDeleteමං හිතුවේ ඉංග්රීසි කවියක් ලියල කියල title එක දැක්කම. ඔන්නොහේ බැඳපන් මල්ලි.
ReplyDeleteනිර්මාණි කියන්න ඕන දේ කියලා තියෙන්නේ ....
ReplyDeleteනියම පදපෙළ කටුසු !