Wednesday, January 6, 2016

එනවාද හෙටත් නුඹ....




එනවාද හෙටත් නුඹ අද මෙන්ම
හිනහෙමින්....
බැසයන්න වෙර දරන හිරු රැසට පිටුපාලා
විවර නෙතු ලෝකයේ සිතින් අමතකකරලා
දිලිසෙනා සසල නෙතු අගින් වත සරසාලා
අපි දෙන්න විතරක්ම ඉන්න අපෙ ලෝකයට
එනවාද හෙටත් නුඹ....
හිනහෙමින් මගෙ ලඟට

මගේවුන පෙර දිනක නොතිබුනා කඩොළු මැද
වටා රැකවල් සදන සිත් නොමැති මුර අතර
නුඹට මට නොලැබිච්ච ආදරය දැකගන්න
ලෝකයට නොතේරෙන අපෙ හැඟුම් විඳගන්න
එනවාද හෙටත් නුඹ....
අපේ'යැයි කියන්නට කිසිදෙයක් නොමැති ලොව
අපේවුන සුසුම් මැද අපෙ පැතුම් කියවන්න
එනවාද හෙටත් නුඹ....
හිනහෙමින් මගෙ ලඟට

අහේතුක හේතුවට පැළන්දුව රන් මුදුව
මොනවා කිවුවත් අපිට ඇහෙන්නැති වෙලාවට
හිස තියන් පපුව මත කියන්නට මට නුඹට
රාගයේ සුළඟවත් නොතැවරුන අපෙ කවිය
එනවාද හෙටත් නුඹ....
නුඹේ ළය පිස හමන සුළඟ වත සිඹින කල
සිහිනයෙන් මෙන් දැනෙන සිත නිවන කිරි සුවඳ
දැමුව තහනම අතර අසරණව ගිය හිතට
සැනසුමක්වුන නුඹේ සිත නිවන වදනකට
ඉඩදෙන්න සවනතේ නිම්නාද නගන්නට
එනවාද හෙටත් නුඹ....
හිනහෙමින් මගෙ ලඟට

කෙළවරක් නොමදකින කිසිදිනක නොමතිබුන
සසරෙදිම නිම නොවන ආදරය අහුලන්න
ඇහැල මල් පියස යට අපේ ලොව සරසන්න
එනවාද හෙටත් නුඹ....
කිසිදිනක වෙර නොකර කිසි දිනක ගතු නොකිය
සිහිනයේ පමණක්ම අපේවුන අපි අතර
කඳුලකට සිනහපොද වෙන්න  හෙට අපි අපිට
අපෙ නොවුන ලෝකයක අපේවුන නිමේශෙක
රවටගන අපේ හිත හිනහෙන්න මට නුඹට
කල්පයක් තරමටම වටින හෝරාවකට
එනවාද හෙටත් නුඹ....
හිනහෙමින් මගෙ ලඟට



කටුස්සා....

31 comments:

  1. ආයිත් කියන්න වෙලා.. මේ වගේ දේවල් ලියල ටික වෙලාවක් ඉදල ආයි දෙතුන් පාරක් කියවල බලහං. ඒත් මදිනං දවසක් පරක්කු කරල කියවහං.. මේවාට කවි, නිසදැස් කියල කියන්න අමාරුයි. සිතුවිලි ගොන්නක් මුදා හැරිය වගේයි.. පොඩඩක් හැදියං කියල තමා කියන්න වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. පිළිගනිමි.හොඳ වගේම අඩුපාඩු පෙන්නලා දීම ගැනත් සතුටුයි දේශෝ.

      Delete
  2. ඇය යළිත් එනවා නම් වසන්තයත් ඒවි යළි මගෙ ලොවට
    අතිශය ලස්සනයි කටුස්සයියේ!
    ජයවේ කටුසු හදවත!

    ReplyDelete
    Replies
    1. වසන්තයක්ද කුණාටුවක්ද?

      Delete
  3. මටත් දේශකය කිවුව දේමයි කියන්න තියෙන්නෙ. මෙයිට වඩා හොදට උඹට ලියන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද අයියන්ඩි මේ දවස්වල මොලේ වර්ජනයේ.හැඟීම් විතරක් වැඩ.

      Delete
  4. සුන්දරයි කසුට්ටෝ...............

    ReplyDelete
  5. ඔය වගේ ඇලවෙලා ඉන්නව දන්න එක්කෙනෙක් පාටියක අවසානයේ

    ReplyDelete
    Replies
    1. ඔය යටින් ඉන්න නේවි කාරයා නේද?

      Delete
  6. I know you can write Better than this.. but this is typical katussa we know.. don't try to alter your course much.. this is good for me.

    ReplyDelete
    Replies
    1. i think you remember this story.i just wanted to write my feelings about that ,@ this time.
      other thing is this my favorite poem among my other poems.

      Delete
  7. මේක තව ටිකක් සුද්ද කරල ලියපං බං.බොට මීට වඩා කොච්චර ලස්සනට ලියන්න පුලුවන්ද.

    ReplyDelete
    Replies
    1. හිතන තරම් හොඳ නැතිවුනත් තව හොඳ වෙන්න ට්‍රයිකරන්නම් ඉතින්.

      Delete
  8. //රාගයේ සුළඟවත් නොතැවරුන අපෙ කවිය//
    හෑ........එහෙම එව්වත් තියේද?

    ReplyDelete
    Replies
    1. ප්‍රේමය නං රාගයෙන් තොර සද එලිය සේ
      බ්ලා බ්ලා ජාතියෙ එකක් ලු හිහි

      Delete
    2. //සිහිනයෙන් මෙන් දැනෙන සිත නිවන කිරි සුවඳ//
      ඕක ටිකක් බලපන්කෝ.එතකොට තේරෙයි උඹට.

      මයියා-
      ඔය සිංදුව අහලා එක මහාචාර්යය කෙනෙක් කිවුවළු "උදේට උදේට වැල් පෙනෙළ කැඳ එකක් බිවුවනම් හරියයි" කියලා.

      Delete
  9. ඔහොම ඉවසලා ඉදින්, ඒවි.

    ReplyDelete
  10. ඩිසැපොයින්ටිං මචං
    තරහ ගන්න එපා දැනුන දේ තමා කිවෙ

    ReplyDelete
    Replies
    1. මම කවද්ද සුදූ තරහගත්තේ.හොඳ වගේම නරකත් මට ඕනේ.

      Delete
  11. මේ පැත්තට ආවමයි.
    මට බැරිම වැඩේ කවි නිසදැස් ලිවිල්ලනේ.

    ReplyDelete
    Replies
    1. උඹ හිතන්නේ මට පුළුවන් කියලද..?මටත් බෑ බං.ඔය පේන්නේ නැද්ද උඩ කියල තියන ඒවා.

      පළමු ගොඩවැදුමට වල්කම් කිවුවා මනෝ.....

      Delete
    2. අනං මනං කිව්වා කියා තරහ ගන්ට අවසර නැහැ.. උඹල හදාගන්න පුලුවන් ඒකනේ අපි බනින්නේ..

      Delete
    3. පිස්සුද සුදූ....ඕවට තරහවෙන්න තරම් පියරු බබෙක් නෙමෙයි මං.හොඳ කියනවට වඩා බනිනවට මම කැමතියි.

      Delete
  12. ඔය රාගය නැතුව පරමය කියන එක හරිම අවිනිශ්චිත දෙයක් කටුස්සෝ. පුලුවන්නම් දෙකම කරන එක තමා හොඳම. කවිය නම් සුපිරිය.

    ReplyDelete
    Replies
    1. හැක්...කෙස්ස පැහුන මනුස්සයෙක් මමවගේ චූටි මල් කැකුලකට දෙන අවවාදයක්ද මේ....?

      ස්තූතියි අජිත් අයියේ

      Delete
  13. එනවාද හෙටත් නුඹ..
    එන්නේ නෑ කසුටු....

    සබරේ

    ReplyDelete